04.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අභ්‍යන්තර ගත වී, තමන්ට යහපතක් කර ගැනීමට සිතන්න. ඔබ සංචාරය කරන විට, හුදෙකලාව අසුන් ගෙන, ඥාන සාගරය කලතන්න. තමන්ගෙන් විමසන්න මම සෑම විටෙකම ප්‍රබෝදමත්ව සිටිනවාද?

ප්‍රශ්නය:
දයාවෙන් පිරුණු පියාගේ ඔය දරුවන්, තමන්ට දයාවක් දැක්විය යුත්තේ කුමන කාරණාවකදීද?

පිළිතුර:
තම දරුවන්ව, කටු වලින් මල් බවට පරිවර්ථනය කිරීමට අවශ්‍ය වීමේ දයාව, පියාට තිබෙන සේම, එමෙන්ම ඔය දරුවන්ව ලස්සන කරවීමට ඔහු බොහෝ උත්සාහ දරන සේම, ඔය දරුවන්ද තමන්ට දයාවන්ත විය යුතුයි. අප බාබාට අඬ ගසන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව මල් බවට පත් කරන්න, කියාය. ඔහු දැන් පැමිණ සිටියි, ඉතිං අපි මල් නොවන්නෙමුද? ඔබ තමන් කෙරෙහි දයාවක් දක්වන්නේ නම්, ඔබ ජීව අවධානයට පත් වී, පියා ඔබට කියන සෑම දෙයක්ම ධාරණය කරගනු ඇත.

ඕම් ශාන්ති.
එම කෙනා, පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරු ද බව ඔය දරුවන්ට වැටහෙනවා. ඉතිං, පියා ඔය දරුවන්ගෙන් අසනවා ඔය දරුවන් මෙහි පැමිණෙන විට, ඔබ එම ලක‍ෂ්මී සහ නාරායන් මෙන්ම ඉනිමගේ පිංතූරය දෙසත් බලනවාද? ඔබ එම දෙදෙනා දෙස බලන විට, ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ දකිනවා. ඔබ දේවතාවන් වුණු අන්දම සහ ඉන්පසුව මෙම ඉනිමග දිගේ අඛණ්ඩව පහළට පැමිණූනේ කෙසේද යන මුළු චක්‍රයම ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. මෙම දැනුම ලැබෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔබ ශිෂ්‍යයින්ය. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ ඇත. යම් කෙනෙක් ඔබ ඉදිරියට පැමිණි විට, ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙය බව, ඔහුට විස්තර කර දෙන්න. මෙම ඉගෙනුම තුළින් ඔබ දේවතාවන් බවට පත්වනවා. ඉන්පසුව ඔබ උපත් 84හි ඉනිමග දිගේ පහළට පැමිණ, ඔබගේ කොටස් නැවතත් රඟා පෑ යුතුයි. මෙම දැනුම ඉතාමත්ම පහසුය, එනමුදු ගමන් කරන අතර, මිනිසුන් අසමත් වන්නේ ඇයි? ලෞකික අධ්‍යාපනයක් සමග සැසඳීමේදී මෙම දේවමය අධ්‍යාපනය අතිශයින්ම පහසුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙන්ම උපත් 84හි චක්‍රය, ඔබ ඉදිරිපිටම තිබේ. මෙම පිංතූර දෙකම අමුත්තන්ගේ කාමරයේද එල්ලා තැබිය යුතුයි. සේවය කිරීම සඳහා, ඔබට සේවය කිරීමේ කලමනාද අවශ්‍යයි. සියලුම දැනුම මේවායේ අඩංගුයි. අපි මෙම කාලයේදී මෙම උත්සාහය දරන්නෙමු. සතෝප්‍රධාන් වීමට අපි බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ අභ්‍යන්තර ගත වී ඥාන සාගරය කැලතිය යුතුයි. ඔබ සංචාරය කරන විට, ඔබගේ බුද්ධියේ තිබිය යුත්තේ මෙයයි. මෙය අංකානුරූප බව බාබා දන්නවා. සමහරුන්ට මෙය ඉතාමත්ම හොඳින් වැටහෙන අතර, එබැවින් ඔවුන්ගේම යහපත වෙනුවෙන් ඔවුන් නිසැකයෙන්ම උත්සාහ දරනවා ඇති. මේ මේ කෙනා ඉතා හොඳින් ඉගෙන ගන්නා බව, සෑම ශිෂ්‍යයෙකුටම වැටහෙනවා. ඔබ ඉගෙන ගන්නේ නැත්නම්, ඔබ තමන්ටම පාඩුවක් කර ගන්නවා. ඔබ යම් තරමකට තම තමන්ව වටිනා බවට පත් කර ගත යුතුයි. ඔබද අසීමිත පියාගේ ශිෂ්‍යයින්. මෙම බ්‍රහ්මා ද ඉගෙන ගන්නවා. එම ලක‍ෂ්මී සහ නාරායන්, තත්ත්වය වන අතර, ඉනිමග, උපත් 84හි චක්‍රයයි. එය අංක එකේ උපත වන අතර, මෙය අවසන් අංකයේ උපතයි. ඔබ දේවතාවන් බවට පත් වනවා. මිනිසුන් ඇතුලට එන විට, ඔවුන්ට ඔබගේ අරමුණ සහ ඉලක්කයේ පිංතූරය මෙන්ම, ඉනිමගේ පිංතූරය ද විස්තර කරන්න. දිනපතාම පැමිණ මේවා ඉදිරියේ අසුන් ගන්න, එවිට ඔබට මෙය සිහිපත් වෙයි. අසීමිත පියා ඔබට විස්තර කරන බව, ඔබගේ බුද්ධියේ ඇත. මුළු චක්‍රය පිළිබඳ සම්පූර්ණ දැනුමම ඔබට තිබේ, එබැවින් ඔබ බොහෝ ප්‍රබෝදමත් ව සිටිය යුතුයි. තමන්ගෙන් විමසන්න මට එම ස්ථීතිය පවත්වා ගැනීමට නොහැකි වන්නේ මන්ද? ඔවුන්ගේ අනාගත තත්ත්වය එය බවත්, ඔවුන්ගේ අරමුණ සහ ඉලක්කය සහ උපත් 84හි චක්‍රය එය බවත් මෙම පිංතූර නිර්මාණය කරන අයගේ බුද්ධිය තුළ තිබේ. මෙය පහසු රාජ යෝගාව බව සිහිපත් කර තිබේ. බාබා දිගින් දිගටම ඔබට දිනපතාම විස්තර කරනවා ඔබ අසීමිත පියාගේ දරුවන්ය, එබැවින් ඔබ නිසැකයෙන්ම දිව්‍යලෝකයේ උරුමය හිමි කර ගත යුතුයි, එමෙන්ම මුළු චක්‍රයේම රහස් ඔබට විස්තර කර දී ඇති බැවින්, ඔබ අනිවාර්යෙන්ම ඒවා සිහි කළ යුතුයි. ඔබ මිනිසුන්ට කතා කරන විට, ඔබට හොඳ ආචාර ධර්ම ද තිබිය යුතුයි. ඔබගේ හැසිරීම ඉතාමත්ම යහපත් විය යුතුයි. ඔබ ගමන් කරන විට සහ ඔබගේ සියලු ක්‍රියා කරන විට, ඔබ ඉගෙන ගැනීම සඳහා පියා වෙතට පැමිණ ඇති බව ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. ඔබට ඇත්තේ මෙම ඥානය, ඔබත් සමග රැගෙන යාම පමණයි. ඉගෙනුම පහසුයි. ශිෂ්‍යයින් හොඳින් ඉගෙන ගන්නේ නැති නම්, ඔහුගේ පංතියේ බොහෝ මෝඩ දරුවන් සිටින බවත්, ඔහුගේ නමට නින්දාවක් සිදු වී, ඔහුට ත්‍යාගයක් නොලැබෙනු ඇතැයි, ඔවුන්ගේ ගුරුවරයා සිතයි. රජය ද ඔහුට කිසි දෙයක් නොදෙනු ඇත. මෙයද පාසැලකි. මෙහි, ත්‍යාග ආදිය ලැබීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. කෙසේවෙතත් උත්සාහ දැරීමට ඔබව දිරිගන්වනු ඇත. ඔබගේ හැසිරීම නිවැරදි කරගෙන, දිව්‍යමය ගුණධර්ම ධාරණය කර, එමෙන්ම ඔබට හොඳ චරිතයක් ද තිබිය යුතුයි. පියා පැමිණ සිටින්නේ ඔබට යහපතක් සිදු කිරීමටයි, එහෙත් ඔබට පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමට නොහැක. ඔබට කොහේ හෝ යෑමට ශ්‍රීමත් ලබා දෙන්නේ නම්, ඔබ එහි නොයයි. ඔබ කියයි එහි බොහෝ ඌෂ්ණයි. හෝ එහි සීතලයි. ඔබට මෙසේ කියන්නේ පියා බව ඔබ නොහඳුනයි. ඔබගේ බුද්ධියේ ඇත්තේ මෙම සාමාන්‍ය රථය පමණයි. එම පියා, ඔබගේ බුද්ධියට ඇතුළු වෙන්නේම නැත. මහා රජවරුන්ට සෑම කෙනෙක්ම බොහෝ සේ බිය වෙයි ඔවුන්ට විශාල අධිකාරිත්වයක් තිබේ. මෙහි, පියා පවසන්නේ මම දුප්පතුන්ගේ ස්වාමියාය. කිසි කෙනෙක් නිර්මාණකරු වන මාව, හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන නොදනී. මිනිසුන් බොහෝ දෙනෙක් සිටියි. බලන්න ඔවුන් කුමක් ගැනද කතා කරන්නේ කියා! දෙවියන් යනු කවුරුන්ද කියාවත් ඔවුන් නොදනී. එය විශ්මයක්. පියා පවසන්නේ මම සාමාන්‍ය ශරීරයකට ඇතුළු වී, මගේ හැඳීන්වීම සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ හැඳින්වීම ඔබට ලබා දෙනවා. මෙම උපත් 84හි ඉනිමග බොහෝ සේ පැහැදිලිය. පියා පවසන්නේ මම ඔබව එය බවට පත් කළ අතර, දැන් මම නැවත වතාවක් ඔබව එම තත්ත්වයට පත් කරනවා. ඔබට දිව්‍යමය බුද්ධි තිබුණා. එසේ නම්, ඔබව ගල් වැනි බුද්ධි ඇති අය බවට පත් කළේ කවුද? චක්‍රයෙන් භාගයක්, රාවනගේ රාජධානියේ ඔබ අඛණ්ඩව වැටුණා. ඔබ දැන් අනිවාර්යෙන්ම තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. පියා සත්‍යය බව, විඥාණය ද කියයි. ඔහු නිසැකයෙන්ම ඔබට සත්‍යය පමණක් පවසනු ඇත. මෙම බ්‍රහ්මා ඉගෙන ගන්නා අතර, ඔබද ඉගෙන ගන්නවා. ඔහු පවසන්නේ මමද ශිෂ්‍යයෙක් වන අතර, මමද ඉගෙනුමට අවධානය යොමු කරනවා. මම තවමත් නිවැරදි කර්මතීට් තත්ත්වයට පත් වී නොමැත. මෙතරම් උසස් තත්ත්වයක් හිමි කර ගන්නා, මෙවන් ඉගෙනුමකට, කවුරුන් අවධානය යොමු නොකරයිද? සෑම කෙනෙක්ම මෙසේ කියයි අපි අනිවාර්යෙන්ම එවන් තත්ත්වයක් හිමි කර ගත යුතුයි. අපි පියාගේ දරුවන්ය, එබැවින් අපි අනිවාර්යෙන්ම අධිපතියන් විය යුතුයි. කෙසේවෙතත්, ඉගෙනුමකදී සෑම විටෙකම නැගීමක් සහ බැස්මක් තිබේ. ඔබට දැන් ඥානයේ සාරයම ලැබී තිබේ. මුලදී තිබුණේ පැරණි දැනුම පමණයි. ක්‍රම ක්‍රමයෙන් ඔබට අඛණ්ඩව වැටහුණා. ඔබට සැබවින්ම ඥානය ලැබෙන්නේ දැන් පමණක් බව ඔබ දන්නවා. පියා මෙසේද පවසනවා අද මම ඔබට ගැඹුරුම දේවල් කියනවා. කිසිම කෙනෙකකුට ක‍්ෂණයකින් ජීවන මුක්තිය ලබා ගැනීමට නොහැක. ඔවුන්ට සියලුම දැනුම ලබා ගැනීමට නොහැක. මුලදී ඔබට මෙම ඉනිමගේ පිංතූරය තිබුණේ නැත. ඔබ සැබවින්ම එම ආකාරයට චක්‍රය වටා යන බව ඔබට දැන් වැටහෙනවා. අපි ස්ව දර්ශන චක්‍රධාරීන්ය. බාබා, ජීව වන අපට මුළු චක්‍රයේම රහස් පහදා දී තිබෙනවා. පියා පවසන්නේ ඔබගේ ධර්මය බොහෝ සතුට ලබා දෙන එකකි. පියාම පැමිණ ඔබව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කරනවා. මරණය අත ළඟ තිබෙන මෙකළ, අන් අයට සතුටු කාලයකි. පෙර, අහස් යානා, විදුලිය ආදිය තිබුණේ නැත. ඒ මිනිසුන්ට දැන් දිව්‍යලෝකය වගෙයි. ඔවුන් විශාල මාලිගා බොහෝ තනයි. ඔවුන් සිතන්නේ ඔවුන්ට දැන් බොහෝ සතුට තිබෙනවා කියායි. ඔවුන්ට ඉතාමත්ම වේගයෙන් ලන්ඩනයට යෑමට හැක. ඔවුන් සිතන්නේ මෙය දිව්‍යලෝකය කියාය. දිව්‍යලෝකය කියන්නේ ස්වර්ණමය යුගය බව කවුරු හෝ කෙනෙක් ඔවුන්ට පහදා දිය යුතුයි. කලි යුගයට දිව්‍යලෝකය යැයි නොකියයි. යම් කෙනෙක් ඔහුගේ ශරීරය අපායෙදී අත්හළේ නම්, ඔහු නිසැකයෙන්ම නැවත උපදින්නේද අපායේමයි. පෙර කළ ඔබද මෙම දේවල් වටහා නොගත්තේය. ඔබට දැන් මේවා වැටහෙයි. රාවනගේ රාජධානිය ආරම්භ වන විට, අපගේ වැටීම ආරම්භ වනවා, ඉන්පසුව අපට සියලුම දුර්ගුණ ද ඇතිවනවා. ඔබට දැන් සියලුම දැනුම ලැබී තිබෙනවා, එබැවින් ඔබගේ හැසිරීම ආදිය ද ඉතාමත්ම රාජකීය විය යුතුයි. ඔබ ස්වර්ණමය යුගයේ සිටිනවාටත් වඩා දැන් වටිනවාය. ඥාන සාගරය වන පියා, මෙකළ ඔබට සියලුම දැනුම ලබා දෙනවා. කිසිම මනුෂ්‍යයෙකුට දැනුම සහ භක්තිය වටහා ගත නොහැක. ඔවුන් දෙක මිශ්‍ර කර ගෙන තිබේ. ඔවුන් සිතන්නේ ආගමික ග්‍රන්ථ කියවීම දැනුම වන බවත්, වන්දනා කිරිම භක්තිය බවත්ය. ඉතිං පියා දැන් ඔබව ලස්සණ කරවීමට බොහෝ උත්සාහ දරනවා. ඔය දරුවන්ටද දැන් අනුකම්පාවක් ඇති විය යුතුයි, මන්ද ඔබ ඔහුට පැමිණ, අපවිත්‍ර අයව පිවිතුරු සහ මල් බවට පත් කරන ලෙස, පියාට කන්නලව් කරන බැවින්ය. පියා දැන් පැමිණ සිටියි, එබැවින් ඔබ තමන්ට දයාව දැක්විය යුතුයි. අපට එවන් මල් වීමට නොහැකිද? අප තවමත් බාබාගේ හදවත් සිහසුන මතට නැඟ නොමැත්තේ ඇයි? ඔබ අවධානය යොමු කරන්නේ නැත. පියා බොහෝ දයාවන්තයි. ඔබ පියාට අපවිත්‍ර ලොවට පැමිණ ඔබව පිවිතුරු කරන්නට කියා කන්නලව් කරයි. එබැවින් පියා තුළ අනුකම්පාවක් ඇති වන සේම, ඔය දරුවන් තුළද අනුකම්පාවක් ඇති විය යුතුයි. එසේ නොමැති නම්, සත්ගුරුට අපහාස කරන අයට, උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. සත්ගුරු යනු කවරෙක්ද කියා කිසිම කෙනෙක් සිහිනෙන් වත් නොසිතන්නට ඇති. මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ ගුරු ඔවුන්ට සාප කර, පාඩු ඇති වෙයි කියාය. ඔවුන්ට දරුවෙක් ලැබුණු විට, ඔවුන් සිතන්නේ එය ගුරුගේ ආශිර්වාදය නිසා ලැබුණු බවය. එය තාවකාලික සතුට පිළිබඳ කාරණාවකි. පියා පවසන්නේ දරුවනි, දැන් තමන්ට අනුකම්පා කරන්න. ජීව අවධානයට පත් වන්න, එවිට ඔබට ධාරණය කිරීමටද හැකි වනු ඇත. සෑම දෙයක්ම කරන්නේ ජීවයයි. මම උගන්වන්නේ ඔය ජීවයන්ටයි. තමන් ජීව බවත් සලකන්න. මෙය ස්ථීර කරගෙන, පියාවත් සිහි කරන්න. ඔබ පියාව සිහිපත් නොකරන්නේ නම්, ඔබගේ පාපයන් දුරු වන්නේ කෙසේද? භක්ති මාර්ගයේ මිනිසුන්ද ඔහුව සිහි කරයි ඕ දෙවියනි, අනුකම්පා කරනු මැනවි! පියා විමුක්තිය ලබා දෙන්නා මෙන්ම මාර්ගෝපදේශකයාය. මෙයත් ඔහුගේ අප්‍රසිද්ධ ප්‍රශංසාවයි. පියා පැමිණ ඔබට සෑම දෙයක්ම කියයි ඔබ භක්ති මාර්ගයේදී මාව සිහිපත් කළා. මා පැමිණෙන විට, මා නිසැකයෙන්ම පැමිණෙන්නේ මා පැමිණිය යුතු වෙලාවටයි. මට අවශ්‍ය ඕනෑම වෙලාවක පැමිණෙනවා නොවෙයි. නාටකයේ මගේ පැමිණීම නියත වී ඇති කාලයේදී මා පැමිණෙනවා. කෙසේවෙතත් මට එවන් සිතිවිලි ඇති වන්නේ නැත. ඔබට උගන්වන්නේ එම පියායි. මෙම කෙනාද ඔහුත් සමග ඉගෙනගන්නවා. ඒ කෙනා කිසිම අතපසු කිරීමක් සිදු කරන්නේවත්, කිසිම කෙනෙකුට දුකක් දෙන්නෙවත් නැත. සියලුම ගුරුවරුන් අංකානුරූපයි. සත්‍ය පියා ඔබට සත්‍යය උගන්වනවා. සත්‍යයේ දරුවන්, සත්‍යයි. ඉන්පසුව, අසත්‍ය කෙනාගේ දරුවන් වීමෙන්, ඔබ චක්‍රයෙන් භාගයක් අසත්‍ය වනවා. ඔබ සත්‍ය පියාවත් අමතක කර දමනවා. මෙය, ස්වර්ණමය යුගයේ අළුත් ලොවද, නැත්නම් පැරණි ලොවද කියා, පළමුවෙන්ම අසන්න. එවිට ඔබ ඉතා හොඳ ප්‍රශ්න අසන බව මිනිසුන් සිතයි. මෙකළ සියලු දෙනා තුළම දුර්ගුණ පහ තිබේ. එහි, දුර්ගුණ පහ නොමැත. මෙය වටහා ගැනීමට ඉතාමත් පහසු දෙයකි. කෙසේවෙතත් ඔබගෙන් සමහරුන්ට මෙය නොවැටහෙයි නම්, ඔබ ප්‍රදර්ශන වලදී විස්තර කරන්නේ කෙසේද? සේවය කරනවා වෙනුවට, ඔබ සේවයට අපහාසයක් කර ආපසු යනු ඇත. පිටතට ගොස් සේවය කිරීම, ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ නොවෙයි! විශාල වශයෙන් වටහාගෙන තිබීම අවශ්‍ය වනවා. සෑම කෙනෙකුගේම ක්‍රියාකලාපයෙන්, බාබා වටහාගන්නවා. පියා, පියාම වන අතර, ඉන්පසුව පියා මෙසේද කියනු ඇත මෙය නාටකයේ නියම වී තිබුණා. ඕනෑම කෙනෙක් පැමිණෙන විට, බ්‍රහ්ම කුමාරි කෙනෙක් විස්තර කර දීම හොඳයි. එහි නම වන්නේද බ්‍රහ්ම කුමාරී ඓශ්වර්ය විශ්ව විද්‍යාලයයි. බ්‍රහ්ම කුමාරින්ලාගේ නාමයයි කීර්තිමත් වන්නේ. මෙකල සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම දුර්ගුණ පහ තුළ නිරත වී සිටියි. ගොසින්, ඔවුන්ට වටහා දීම බොහෝ සේ අපහසුය. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. දැනුම ඉතාමත් හොඳ බව ඔවුන් නිකම් කියයි. ඔවුන්ටම කිසි දෙයක් වැටහෙන්නේ නැත. බාධක පිට බාධක දිගින් දිගටම තිබේ. තවද ඔබ එම උපායන් ද ඇති කළ යුතුයි. පොලිසිය, ආරක‍්ෂකයන් ලෙස තබා ගෙන, පිංතූර රක‍්ෂණය කර තබා ගන්න. මෙය යාග ගින්නකි, එබැවින් නිසැකයෙන්ම මෙහි බාධක තිබෙයි. මුළු මහත් පැරණි ලෝකයම එයට බිලි වන්නයි යන්නේ. එසේ නොමැති නම්, එය යාග ගින්නක් ලෙස හඳුන්වන්නේ ඇයි? යාග ගින්නට සෑම දෙයක්ම බිලි විය යුතුයි. මෙය රුද්‍රාගේ දැනුමේ යාග ගින්න ලෙස හැඳින්වෙයි. දැනුමට, ඉගෙනුමක් කියාද කියයි. මෙය පාඨශාලාවක් (ඉගෙනගන්නා ස්ථානයක්) මෙන්ම යාග ගින්නක්ද වෙයි. ඔබ පාඨශාලාවේ (අධ්‍යාපන ආයතනය) ඉගෙනගෙන, දේවතාවන් බවට පත් වෙයි, ඉන්පසුව සෑම දෙයක්ම මෙම යාග ගින්නට බිලි වනු ඇත. මෙය දිනපතාම අඛණ්ඩව පුහුණු වන අයට පමණයි විස්තර කිරීමට හැකි වන්නේ. කෙනෙකුට මෙම පුහුණුව නොමැති නම්, ඔහුට කුමක් විස්තර කිරීමට හැකි වෙයිද? ලෝකයේ මිනිසුන්ට එය දැන් තාවකාලික කාල සීමාවකට දිව්‍යලෝකයයි. ඔබට, චක්‍රයෙන් භාගයකට දිව්‍යලෝකය තිබෙයි. මෙම නාටකය කල් තියා නියම වූවකි. ඔබ ඒ ගැන සිතන විට, ඔබ විශ්මයට පත්වනවා. රාවනගේ රාජධානිය දැන් අවසන් වන අතර, රාමාගේ රාජධානිය ස්ථාපනය වෙනවා. මෙහි, සටනක් පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. මෙම ඉනිමගේ පිංතූරය මිනිසුන් දකින විට, පියා ඔබට විස්තර කර දී ඇති දේවල් ගැන ඔවුන් පුදුම වනු ඇත. මෙම බ්‍රහ්මාද පියාගෙන් ඉගෙනගෙන ඇති නිසා, ඔහු අඛණ්ඩව වෙන අයට විස්තර කරනවා. දියණියන්ද විස්තර කරනවා. බොහෝ දෙනෙකුට යහපතක් සලසන අයට අනිවාර්යෙන්ම වැඩි ඵල ලැබෙයි. ඉගෙනගෙන නොමැති අයට, ඉගෙන ගත් අය ඉදිරියේ හිස නමන්නට සිදුවෙයි. පියා ඔබට දිනපතාම පවසන්නේ තමන්ට යහපතක් කර ගන්න. ඔබ මෙම පිංතූර ඔබ ඉදිරියේ තබා ගත් විට, ඔබ කුල්මත් වනවා. මේ නිසයි බාබා මෙම පිංතූර කාමර වල තබා ඇත්තේ. අරමුණ සහ ඉලක්කය බොහෝ සේ පහසුයි. මේ සඳහා ඉතාමත්ම හොඳ චරිතයක් අවශ්‍යයි. ඔබගේ හදවත පිරිසිදු නම් ඔබගේ ආශාවන් ඉටුකර ගත හැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ අසීමිත පියාගේ ශිෂ්‍යයින් බවත්, දෙවියන් ඔබට උගන්වන බවත්, එමනිසා ඔබ හොඳින් ඉගෙනගෙන පියාගේ නම කීර්තිමත් කළ යුතුයි, යන අවධානය සෑම විටෙකම තබා ගන්න. ඔබගේ හැසිරීම ඉතාමත්ම රාජකීය කරගන්න.

2. පියා මෙන් දයාවෙන් පිරුණු අය වී, තමන්ව කටු බවින් මල් බවට පත් කොට, අන් අයවත් මල් බවට පත් කරන්න. අභ්‍යන්තරගත වී, තමන්ට සහ අන් අයට යහපතක් සිදු කිරීමට සිතන්න.

වරදානය:
ඔබ පාපයන්ගේ විෂ සර්පයා ගෙල වටා මාලය බවට පත් කර, ශංකර් මෙන් තපස්යාවේ පිළිරුවක් වේවා.

මිනිසුන්ට පංච පාපයන් සර්පයෙක් මෙන් වන නමුත්, යෝගාව සමග පර්යේෂණ කරන ඔය යෝගී ජීවාත්මයන්ගේ ගෙල වටා ඇති මාලය බවට සර්පයා පත් වෙයි. ශංකර්ගේ අශාරීරික තපස්වි ස්වරූපයෙන් පෙන්වා ඇති ඔය බ්‍රහ්මනයන් සහ බ්‍රහ්ම පියාගේ සිහිවටනය, අද පවා වන්දනා කෙරෙයි. දෙවනුව, මෙම සර්පයා ඔබට සතුටින් නර්ථනය කිරීමට වේදිකාවක් වෙයි. මෙම ආධ්‍යාත්මික ස්ථීතිය, භෞතික වේදිකාවක ස්වරූපයෙන් පෙන්වයි. එබැවින්, ඔබ පාපයන් මත එවන් ජයක් ලබන විට, ඔබ යෝගාව සමග පර්යේෂණය කරන ජීවාත්මයක් සහ තපස්යාවේ පිළිරුවක් බව කියයි.

පාඨය:
මිහිරි සහ ශාන්ත ස්වභාවයක් ඇති අයට, කෝපය නමැති නපුරු භූතයාගේ පහර කෑමට හසු විය නොහැක.