04.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ රාජකීය වංශයේ රාජකීය ශිෂ්‍යයන්ය. ඔබගේ හැසිරීම ඉතාමත් රාජකීය විය යුතුයි. පියාව හෙළිදරව් කිරිමට ඔබට හැකි වන්නේ එවිට පමණයි.

ප්‍රශ්නය:
විනාශ කාලයෙදී අවසන් ප්‍රශ්න පත්‍රය සමත් වීමට හැකි වන්නේ කාටද ? මේ සඳහා ඔබ දැරිය යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
මේ පැරණි ලෝකය ගැන කිසිම දෙයක් සිහි නොකර, අන් කිසිවෙකු නොව පියා පමණක් සිහිකරන අයට අවසන් ප්‍රශ්න පත්‍රය සමත් වීමට හැකි වෙයි. ඔබ අන් කිසිවක් සිහි කරන්නේ නම්, ඔබ අසමත් වෙයි. මේ සඳහා ඔබ මේ මුළුමහත් අසීමිත ලෝකයේ ඇති සෑම දේකින්ම ඔබගේ සියලු බැඳීම් ඉවත් කර ගත යුතුයි. සහෝදරත්වයේ සවිමත් අවධානය තිබිය යුතුයි. ශරිර අවධානය ඉවත් කර ගන්න.

ඕම් ශාන්ති.
ඔබ දරුවන් රාජකීය ශිෂ්‍යයන් වීමේ කුල්මත්භාවය සෑම විටෙකම තිබිය යුතුයි. අසීමිත මාස්ටර් අපට උගන්වනවා. ඔබ, ඉතාමත් ශ්‍රේෂ්ඨ වංශයක රාජකීය ශිෂ්‍යයන්, එබැවින් රාජකීය ශිෂ්‍යන්ගේ හැසිරීම ද රාජකීය විය යුතුයි. ඔබට පියාව හෙළිදරව් කිරිමට හැකි වන්නේ එවිට පමණයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ලෝකයේ සාමය ස්ථාපනය කිරිම සඳහා උපකරණ බවට පත් වී තිබේ. ඔබට සාම ත්‍යාගයක් ලැබෙයි. මෙම ත්‍යාගය ඔබට ලැබෙන්නේ එක් උපතකට නොව බොහෝ උපත් ගණනාවකටය. පියාම ඔහුගේ අත්ල මත තබා දිව්‍යලෝකය දෙන බැවින් ඔය දරුවන් පියාට ස්තුති කරන්නේ කෙසේද ? පියා පැමිණ මෙය ලබා දෙන බව, ඔය දරුවන් දැන සිටියාද? පියා දැන් පවසන්නේ : සුමිහිරි දරුවනි, මා සිහි කරන්න ! ඔබට සිහිපත් කිරිමේ සිටිමට කියා කියන්නේ ඇයි? මන්ද, ඔබගේ පාපයන් දුරුවන්නේ මෙම සිහිපත් කිරීම තුළින් බැවිනි. අසීමිත පියාගේ හැඳින්වීම ලැබුණු සැනින්ම ඔබට විශ්වාසය ඇති විය. අපහසුකමක් ගැන කිසිම ප්‍රශ්නයක් නැත. භක්ති මාර්ගයේ ඔවුන් කියන්නේ : බාබා, බාබා කියාය. සැබැවින්ම, පියාගෙන් යම් උරුමයක් ලැබිය යුතුයි. ඔබට උත්සාහ දැරීමට මායිමක් තිබේ. ශ්‍රීමත් අනුසාරයෙන් ඔබ වැඩියෙන් උත්සාහ දරන තරමට අනුව, ඔබට වඩාත් උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබට තිදෙනාගේම ශ්‍රීමත් ලැබෙයි : පියා, ගුරුවරයා සහ සත්ගුරු. ඔබ ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි. මායාගේ පළමුවන බාධකය වන්නේ ශරිර අවධානයයි. පියා පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සලකන්න. එසේ නම් ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ ඇයි? දරුවන් කියන්නේ අප උත්සාහ දරනවා. නමුත් මායා අපට මෙය කිරිමට ඉඩ නොදෙයි. මෙම ඉගෙනුමේදි ඔබ විශේෂ උත්සාහයක් දැරිය යුතු බව ඔය දරුවන්ට වැටහෙනවා. ඔබ හොඳ දරුවන් අනුගමනය කළ යුතුයි. සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ පියාගෙන් වඩාත් උසස්ම වූ උරුමය ඔවුන්ට හිමිකර ගැනිමට උවමනා නිසාය. ඔබට කටුවකින් මලක් බවට වෙනස් වීම සඳහා සිහිපත් කිරිම අත්‍යාවශ්‍යයි. කටු, දුර්ගුණ පහ ඉවත් කළ පසු ඔබට මල් වීමට පුළුවන. ඒවා ඉවත් කළ හැක්කේ යෝගා බලයෙන් පමණයි. මේ මේ කෙනා ශරිරය අත්හල නිසා තමන්ද ශරිරය අත්හරියි කියා සමහර දරුවන් සිතනවා. කෙසේවෙතත්, ඒ කෙනා දැකීමෙන් ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ඔබගේ ශරිරය අත්හරින විට, එය පියාගේ සිහිපත් කිරීමෙන් සිදු විය යුතුයි. ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් සහ මනස හසුරුවන මන්ත්‍රය සිහි කරන්න. පියා හැර අන් කිසිවෙකු සිහිපත් නොකරන්න. එවිට ජීවාත්මය (ජීව ශක්තිය) ශරිරය හැර යා යුත්තේ ’බාබා, මම දැන් ඔබ වෙතට එනවා'. මේ අන්දමින් ඔබ බාබා සිහි කිරිමෙන් ඔබගේ පිරී ඇති සියලු කුණු කන්දල් පිළිස්සී යනු ඇත. කුණු කන්දල් ජීවාත්මයේ තිබේ නම්, එය ශරිරයේ ද තිබිය යුතුයි. උපතින් උපතේ කුණු කසල තිබේ. ඒ සියල්ලක්ම පුළුස්සා දැමිය යුතුයි. ඔබගේ සියලු කුණු කසල පිළිස්සුණු විට පමණයි, ඉන් පසුව ලෝකය පිරිසිදු වන්නේ. ඔබ වෙනුවෙන් ලෝකයේ ඇති සියලුම කුණු කන්දල් ඉවත් කර දැමිය යුතුයි. තමන්ගේ කුණු පමණක් නොවෙයි, ඔබ අන් සෑම කෙනෙකුගේම කුණු ද ඉවත් කළ යුතුයි. ඔබ බාබාට කන්නලව් කරන්නේ : බාබා, පැමිණ මෙම ලෝකයේ කුණු කන්දල් පිරිසිදු කොට, මුළු මහත් ලෝකයම පිවිතුරු කරන්න. කවුරු වෙනුවෙන්ද ? එම පිවිතුරු ලෝකය පාලනය කිරිමට පළමුවෙන්ම යන්නේ ඔය දරුවන්ය. එබැවින් පියා ඔබ වෙනුවෙන් ඔබගේ දේශයට පැමිණ සිටියි. භක්තිය සහ ඥානය අතර විශාල වෙනසක් තිබේ. ඔවුන් භක්ති මාර්ගයේ ලස්සන ගීත බොහොමයක් ගායනා කරන නමුත් කිසි කෙනෙකුට එයින් සෙතක් වෙන්නේ නැහැ. ඔබ තමන්ගේ ආදිතම ධර්මයේ ස්ථාවර වී පියාව සිහිපත් කරන විට පමණයි යහපතක් සිදුවන්නේ. ඔබගේ සිහිපත් කිරිම බ්‍රමණය වන ප්‍රදීපාගාරයක් මෙනි. ස්ව අවබෝධයට, ප්‍රදීපාගාරයක් වීම යැයි කියයි. ඔය දරුවන්ට තමන්ගේ හදවතින් වැටහෙනවා ඔබගේ දිව්‍යලෝකයේ උරුමය බාප්දාදාගෙන් හිමිවීමට යන බව. නාරායන වීමේ සත්‍ය කතා පුවත මෙයයි; සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීම. පියා විස්තර කරන්නේ : තමෝප්‍රධාන් වී ඇති ඔය ජීවාත්ම සතෝප්‍රධාන් කළ යුතුය. ඔබ ස්වර්ණමය යුගයේ සතෝප්‍රධාන්ව සිටි අතර පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ ඔබව නැවතත් සතෝප්‍රධාන් කරවීමටයි. පියා පවසන්නේ : මා සිහිපත් කිරීමෙනුයි ඔබ සතෝප්‍රධාන් වන්නේ. ගීතාව පැවසුවේ පියා වන නමුත් දැන් එය කියා දෙන්නේ මනුෂ්‍යයින්ය. එබැවින් එහි විශාල වෙනසක් තිබේ. දෙවියන්, පරමාත්ම දෙවියන්ය. මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කරන්නේ ඔහුයි. නව ලෝකයේ පිවිතුරු දේවතාවන් සිටියි. ඔබට නව ලෝකයේ උරුමය ලබා දෙන්නේ අසීමිත පියාය. දිගින් දිගටම පියා සිහිපත් කරන්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. ඔබව වඩාත් ශ්‍රේෂ්ඨ අය බවට පත් කිරිමට පරම පියා සංගම යුගයේ පැමිණෙන බව ඔබට වැටහෙනවා. මෙම උපත් 84හි චක්‍රය අවසන් වීමට ඉතාමත් ආසන්නයි. ඉන් පසුව එය නැවතත් ආරම්භ වෙයි. ඔබට මෙම සතුට තිබිය යුතුය. මිනිසුන් ප්‍රදර්ශන වලට පැමිණෙන විට, පළමුවෙන්ම ඔවුන්ව ශිව බාබාගේ පින්තූරය ඉදිරියට ගෙනැවිත් පියා මෙසේ පවසන බව ඔවුන්ට කියන්න : මා සිහිපත් කිරිමෙන් ඔබ මෙය බවට පත් වෙයි. ස්වර්ණමය යුගයේ උරුමය ඔබට හිමිවන්නේ පියාගෙන්ය. භාරතය ස්වර්ණමය යුගය වීය, එය දැන් එසේ නොවෙයි. එය නැවතත් එසේ වෙයි. එබැවින් පියා සහ ඔබගේ රාජධානිය සිහිපත් කරන්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. මේ සත්‍ය පියායි. එමෙන්ම ඔහුගේ දරුවන් වීමෙන් ඔබ සත්‍ය දේශයේ අධිපතියන් බවට පත් වෙයි. පළමුවෙන්ම ඔවුන්ට ඇල්ෆා, පරමාත්ම දෙවියන්ව ස්ථිරව තේරුම් කරවන්න. ඇල්ෆා, බාබා වන අතර බීටා රාජධානියයි. පියා සිහිපත් කරන්න. එවිට ඔබගේ පාපයන් දුරු වී ඔබට දිව්‍යලෝකයට යාමට හැකි වෙයි. එය ඉතා පහසුයි! උපතින් උපතට භක්ති මාර්ගයේ දේවල් වලට සවන් දීමෙන් මායා විසින් ඔබගේ බුද්ධියට අගුල් දමා තිබේ. පියා පැමිණ, ඔහුගේ යතුරු වලින් අගුල් විවර කරයි. මෙකල සෑම කෙනෙකුගේම කන් වැසී ඇති සේය. ඔවුන් ගල් වැනි බුද්ධිය ඇති අය බවට පත් වී තිබේ. ඔබ මෙසේද ලියයි : ඔබ ශිව බාබාව සිහිපත් කරන්නේද ? ඔබ ඔබගේ දිව්‍යලෝකයේ උරුමය සිහි කරනවාද ? ඔබගේ රාජධානිය සිහි කිරිමෙන් ඔබගේ මුව, මිහිරි වෙයි. පියා පවසන්නේ : දරුවනි, ඔබ බොහෝ සේ මට අපහාස කළ මුත් මම බොහෝ සෙයින් ඔබව ඉහළ නංවමි. මෙයත් නාටකයේ නියම වී තිබේ. එය කාගේවත් වරදක් නොවෙයි. ගල් වැනි බුද්ධි, දිව්‍යමය බුද්ධි බවට පරිවර්ථනය කිරිම ඔය දරුවන්ගේ දූත මෙහෙයයි. එනම්, කටු මල් බවට පරිවර්ථනය කිරිමයි. ඔබගේ දූත මෙහෙය පැවැත්වෙනවා. ඔබ සෑම කෙනෙක්ම එකිනෙකාව කටු වලින් මල් බවට පත් කරවනවා. නිසැකයෙන්ම ඔවුන්ව එසේ කරවන්නේ රාජ මල විය යුතුයි. එක් පියා පමණයි දිව්‍යලෝකය ස්ථාපනය කරන්නේ. එනම්, මල් උයන නිර්මාණය කරන්නේ එක් අයෙක් පමණයි. ඔබ දෙවියන්ගේ උදව්කරුවන්ය. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට වෙනස් වීමට උදව් දීමයි. ඔහු ඔබට වෙන කිසිම අපහසුතාවයක් නොදෙයි. මෙය විස්තර කිරිම ඉතාමත්ම පහසුයි. කලි යුගයේ සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්ය. ඔවුන් කලි යුගයේ කාලය තවත් දීර්ඝ කළේ නම් ඔවුන් ඊටත් වඩා තමෝප්‍රධාන් වෙයි. අපව මල් බවට පත් කරවන පරමාත්ම පියා දැන් පැමිණ ඇති බව ඔබට වැටහෙනවා. රාවන්ගේ කාර්යය වන්නේ ඔබව කටු බවට පත් කරවීම වන අතර පියා ඔබව මල් බවට පත් කරවයි. ශිව බාබා සිහි කරන අය අනිවාර්යෙන්ම දිව්‍යලෝකයත් සිහි කරයි. ඔබ සාම පෙළපාලියක් පවත්වන විට ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරීන් වන අප මෙහි භාරතයේ ලක්ෂ්මී හා නාරායන රාජධානිය ස්ථාපනය කරන බව ඔබට පෙන්විය හැක. බ්‍රහමින්වරුන් වන අප දේවතාවන් බවට පත් වෙනවා. දේවතාවන් ඉන් පසු සටන්කාමීන්, වෙළෙන්දන් ආදී වශයෙන් වෙයි. මෙය කරණමකි. ඕනෑම කෙනෙක්ට තේරුම් කර දීමට ඉතා පහසුයි. අප බ්‍රහමින්වරුන්ය. බ්‍රහමින්වරුන්ට මුදුන් ගැටයක් තිබෙයි. ඔබ උපත් 84හි චක්‍රය අවසන් කර ඇති බව ද ඔබට වැටහෙනවා. ඔය දරුවන්ට ඉතාමත් හොඳ දැනුමක් ලැබෙනවා. ඉතිරි සියල්ලම භක්තියයි. එක් පියා පමණයි දැනුම ලබා දෙන්නේ. සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නේ එක් පියා පමණක් වන අතර, ඇත්තේ එක් වඩාත්ම සුබදායක වු සංගම යුගය පමණයි. පරම පියා උගන්වන්නේ මේ කාලයේය; මෙහි සිහිවටනය ඉන්පසුව භක්ති මාර්ගයේ දිගින් දිගටම පැවතෙයි. පියා ඔබට මාර්ගය පෙන්වා ඇත; මෙම උත්සාහය දැරිමෙන් ඔබ උරුමය දිනා ගන්නේ කෙසේද කියා. මෙම ඉගෙනුම ඉතාමත් පහසුයි. සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරයන බවට පරිවර්ථනය වීමට ඇති ඉගෙනුම මෙයයි. එයට ආගමික කතා පුවතක් යැයි කීම වැරදිය. මන්ද, එම කතා පුවත්වල අරමුණක් හෝ ඉලක්කයක් නොමැති බැවින්ය. කෙසේවෙතත්, අධ්‍යයනයක ඉලක්කයක් සහ අරමුණක් තිබෙයි. ඔබට උගන්වන්නේ කවුද ? ඥාන සාගරයයි! පියා පවසන්නේ : මම එන්නේ ඔබගේ ඒප්‍රනය මුතු මැණික් වලින් පුරවන්නයි. ඔබ අසීමිත පියාගෙන් කුමන ප්‍රශ්නයක්ද අසන්නේ ? මෙකල සෑම කෙනෙකුටම ඇත්තේ ගල් බුද්ධියක්ය. රාවන් කියන්නේ කාවද කියා ඔවුන් දන්නේ නැත. ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට ඔබට දැන් නුවණ ලැබෙයි. මිනිසුන්ගෙන් අසන්න රාවන් කියන්නේ කවුද ? ඔහු උපන්නේ කවදාද ? ඔබ ඔහුව පිළිස්සීම ආරම්භ කළේ කවදාද ? ඔවුන් කියයි : එය සදාතනිකව පැවතුණා. ඔබට ඔවුන්ගෙන් බොහෝ විවිධ මාදිලියේ ප්‍රශ්න ඇසිය හැක. ඔබ එවන් ප්‍රශ්න අසන කාලයක්ද පැමිණෙයි. කෙසේවෙතත්, කිසි කෙනෙකුට ප්‍රතිචාරයක් දීමට නොහැකි වනු ඇත. ඔය ජීවාත්ම, නිරන්තරයෙන් සිහිපත් කිරිමේ වන්දනාවේ සිටියි. දැන් ඔබගෙන් විමසන්න මම සතෝප්‍රධාන් වී තිබේද ? මගේ හදවත මෙය ස්ථිර කරනවාද ? ඔබ තවමත් ඔබගේ කර්මාතීට් තත්ත්වයට පත් වී නොමැත; එය සිදු වෙයි. මෙකල ඇත්තේ ඔබලා ඉතා සුළු පිරිසකි. මේ නිසයි කිසි කෙනෙක් ඔබලාට ඇහුම්කන් නොදෙන්නේ. ඔබ කියන දේවල් අසහායයි. පළමුවෙන්ම ඔවුන්ට කියන්න, පියා පැමිණෙන්නේ සංගම යුගයේ බව. ඔවුන් එක් දෙයක් වටහා ගත් පසු පමණයි ඉන් පසු ඔබ වැඩිදුර විස්තර කළ යුත්තේ. බොහෝ ඉවසීමෙන් සහ සෙනෙහසින් ඔවුන්ට විස්තර කරන්න : ඔබට පියවරුන් දෙදෙනෙක් සිටියි; ඔබගේ භෞතික පියා හා පාරලෞකික පියා. ඔබ සතේප්‍රධාන් වූ විට පමණයි, පියාගෙන් ඔබට ඔබගේ අසීමිත උරුමය හිමිකර ගැනීමට හැකි වන්නේ. ඔබ පියා සිහිපත් කරන විට ඔබගේ සතුටේ අංශක ප්‍රමාණය ඉහළ නගී. ඔය දරුවන් බොහෝ ගුණධර්ම වලින් පුරවනු ලබනවා. පියා පැමිණ ඔබට සුදුසුකම් උගන්වනවා. ඔහු ඔබට නිරෝගීකම, ධනය ලබාදී ඔබගේ චරිතය ප්‍රතිසංස්කරණය කරනවා. ඔහු ඔබට අධ්‍යාපනයක්ද ලබා දෙනවා. ඔහු ඔබව සිරමැදිරියක දඬුවම් විඳීමෙන්ද නිදහස් කරනවා. ඔබට රජයේ මැති ඇමතිවරුන් ආදීන්ට මේ සියලු දේවල් ඉතා පැහැදිලිව විස්තර කළ හැක. ඔවුන් මොළොක් වී යන, එවන් ආකාරයට ඔබ විස්තර කළ යුතුයි. ඔබගේ දැනුම ඉතාමත් සුමධුරය. ඔවුන් ඉඳගෙන සෙනෙහසින් සවන් දුන්නේ නම්, ඔවුන්ට සෙනෙහසේ කඳුළු මතුවේවි. ඔබගේ සහෝදරයන්ට මාර්ගය පෙන්වා දෙන දැක්ම සෑම විටෙකම තබා ගන්න. ඔවුන්ට කියන්න : ශ්‍රීමත් අනුසාරයෙන් අපි සැබැවින්ම භාරතයට සේවය කරනවා. භරතයට සේවය කිරිමට අපි අපගේ ධනය භාවිත කරනවා. බාබා පවසන්නේ : ව්‍යාප්තිය සිදුවීමට දිල්ලිය සේවයෙන් වට කරන්න. කෙසේවෙතත්, තවමත් කිසිවෙකුට ඊතලය වැදී නොමැත. ඉලක්කයට වැදීමට ඔබට යෝගාවේ බලය අවශ්‍යයි. ඔබ යෝගා බලයෙන් ලෝකයේ අධිපතියන් බවට පත්වෙනවා. ඔබට දැනුම තිබේ. ඔබට අන් අය ආකර්ෂණය කිරිමට හැකි වන්නේ යෝගාවේ සිටීමෙනි. ඔය දරුවන් හොඳ දේශන දෙන නමුත් යෝගා බලයේ ආකර්ෂණය අඩුවකි. ප්‍රධානම දෙය යෝගාවයි. ඔය දරුවන් යෝගාවෙන් තමන්ව පිවිතුරු කරගන්නවා. මහා පරිමාණයේ යෝගා බලයක අවශ්‍යතාවයක් ඇත; එය විශාල වශයෙන් අඩුය. ඇතුලාන්තයේ ඔබ සතුටින් නර්තනය කළ යුතුයි. මෙය සතුටේ නර්තනයයි. මෙම දැනුම සහ යෝගාවෙන් ඔබ ඇතුලතින් නර්තනය කරයි. පියාගේ සිහිපත් කිරීමේ සිටින අතර, ඔබ අශාරිරික වෙයි. ඔබ මෙම දැනුමෙන් අශාරිරික විය යුතුයි. අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව සහ ඉන් අනතුරුව ඔබ ඔබගේ රාජධානියට යනවා, යන දැනුම ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. පියා ඔබට විනාශයේ සහ ස්ථාපනයේ දර්ශන ලබා දී තිබේ. මේ මුළු මහත් ලෝකයම දැනටමත් පිළිස්සී ගොසින්ය. එමෙන්ම ඔබ නව ලෝකයට යෑමට සුදුසු අය බවට පත්වෙමින් සිටිනවා. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ඒ නිසයි ඔබ, ඔබගේ ශරිරයට කිසිම බැඳීමක් ඇති නොකර ගත යුත්තේ. ඔබගේ ශරිරයේ සහ මෙම ලෝකයේ අවධානයෙන් ඔබ්බෙන් සිටින්න. ඔබගේ නිවස සහ රාජධානිය පමණක් සිහිකරන්න. ඔබ කිසිම දේකට ආකර්ෂණය නොවිය යුතුයි. විශාල විනාශයක් සිදුවෙයි. විනාශය ආරම්භ වු විට ඔබ මාරු වී යාමට ඉතාමත් ආසන්නයි යන සතුට ඔබට ඇති වෙයි. කෙසේවෙතත්, පැරණි ලෝකයේ කිසිවක් ඔබට සිහිවන්නේ නම් ඔබ අසමත් වෙයි. ඔය දරුවන්ට කිසි දෙයක් නොමැති නම් ඔබ සිහිකරන්නේ මොනවාද ? මෙම මුළු මහත් අසීමිත ලෝකයෙන් ඔබගේ සියලු බැඳිම් මකා දැමීමට උත්සාහ දැරිම අවශ්‍යයි. ඔබගේ ශරීර අවධානය ඔබ සම්පූර්ණයෙන්ම බිඳ දැමු විට පමණයි, ඔබට සහෝදරත්වයේ ස්ථිර තත්ත්වයක් රඳවා ගැනීමට හැකි වන්නේ. ශරිර අවධානයට පැමිණීමෙන් එක් හෝ තව අන්දමකින් පාඩු සිදු වෙයි. මෙම සවිමත් පුරුද්ද වර්ධනය කර ගන්න මම මගේ සහෝදරයාට උගන්වන්නෙමි, මම මගේ සහෝදරයාට කතා කරමි. ඔබට ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙතරම් උත්සාහයක් දැරිය යුතුයි. ඔබ ඕනෑම කෙනෙකුට විස්තර කරන විට ඔබ සියලු දෙනාම සහෝදරයන් බව මතක තබා ගන්න. සියලුම ජිවාත්ම එකම පියාගේ දරුවන්ය. පියාගෙන් තම උරුමය හිමිකර ගැනීමට සියලුම සහෝදරයන්ට අයිතියක් තිබේ. සහෝදරියකගේ අවධානය නොතිබිය යුතුයි. මෙයට කියන්නේ ’ජීවාත්ම අවධානයෙන්' සිටීමය. ජීවාත්මයට මෙම ශරිරය ලැබී තිබේ. සමහරුන්ට පිරිමි නමක්ද, සමහරුන්ට ස්ත්‍රී නාමයක්ද තිබේ. මෙයට ඔබ්බෙන් ඇත්තේ ජීවාත්මය පමණයි. ඔබ සිතිය යුත්තේ බාබා ඔබට පෙන්වා ඇති මාර්ගය සම්පුර්ණයෙන්ම නිවැරදියි. ඔය දරුවන් මෙහි එන්නේ මෙම දේවල් පුහුණු වන්නයි. ඕනෑම නෙනෙකුට දුම්රියක් තුළදී විස්තර කිරිමට ඔබට ඔබගේ බැජය පාවිච්චි කළ හැක. අසුන්ගෙන එකිනෙකාගෙන් විමසන්න ඔබට පියවරු කී දෙනෙක් සිටිනවාද ? ඉන්පසුව, පිළිතුර දෙන්න. මෙය ඔවුන්ගේ අවධානය ඇද ගැනීමේ ක්‍රමයකි. ’ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින්නේ නම්, මට තිදෙනෙක් සිටිනවා. අපට අපගේ උරුමය හිමිවන්නේ මෙම අලෞකික පියාගේ මාර්ගයෙනි'. ඔබට පළමු පෙළේ අරමුණක් තිබේ. මෙහි ඇති යහපත කුමක්ද කියා සමහරුන් විමසනවා. ඔවුන්ට කියන්න අන්ධයින්ට මඟ පෙන්වීම, අන්ධයින්ට සැරයටි වීම අපගේ වගකීමයි. මෙහෙණින් සේවය කරන්නා සේ, ඔබටත් සේවය කළ හැක. ඔබ බොහෝ පුරවැසියන් බිහි කළ යුතුයි. ඔබ උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ සෑම කෙනෙකුටම ඉහළ නැඟීමේ මාර්ගය පෙන්වයි. අඛණ්ඩව පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී ඔබට විශාල වශයෙන් සතුට ඇති වෙයි. පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගැනීම ඉතාමත් පහසුයි. කෙසේවෙතත්, බොහෝ දරුවන් තවමත් බොහෝ වැරදීම් සිදු කරයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අවසාන මොහෙතේදී සමත් වීම සඳහා ඔබගේ ශරිරය සහ මේ ලෝකයෙන් ඔබ්බට යාම, පුහුණු වන්න. කිසිම දේකට ආකර්ෂණය හෝ පෙළඹෙන්න එපා. ඔබ මාරු වී යන්නට ඉතාමත් ආසන්න බව ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි.

2. බොහෝ සෙනෙහසින් සහ ඉවසීමෙන් යුතුව පියවරුන් දෙදෙනාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දෙන්න. ඔබගේ ඒප්‍රනය දැනුමේ මිණිමුතු වලින් පුරවා, ඒවා දන් දෙන්න. අනිවාර්යෙන්ම කටු මල් බවට පරිවර්ථනය කිරිමේ සේවයේ යෙදෙන්න.

වරදානය:
පරමාත්ම පියා හා සේවය තුළම ගිලී සිටිමින් ඔබ බාධක වලින් මිදුණු නිරන්තර සේවාදායකයෙක් වේවා.

සේවය කිරීම සඳහා උද්යෝගය ඇති විට. ඔබට සෑම සිදුවිමකින්ම බෙිරී සිටිය හැකි වේවි. පරමාත්ම පියා හා සේවය තුළම ගිලී සිටිනා විට ඉතාමත් පහසුවෙන් ඔබ නිරන්තර සේවාදායකයෙක් හා බාධක වලින් මිදුණු, මායා දමනය කළ අයෙක් වනු ඇත. සේවය සෑම කලටම විටින් ඔ විට තම ස්වරූපය වෙනස් කරයි. වැඩි යමක් කීමට ඔබට ඉඩ නොතබාම මිනිසුන් මෙය ඉතාමත් හොඳ උතුම් කාර්යභාරයක් යැයි පවසා එයට සහයෝගය දැක්විමට තමන්ට ඉඩ දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටීවි. මෙය කාලයේ සමීප බවෙහි සලකුණකි. ඉතින් එමනිසා, නොනවත්වාම උනන්දුවෙන් හා උද්යෝගයෙන් සේවය කරමින් දිගටම ඉදිරියටම යන්න.

පාඨය:
පුර්ණත්වය තුළ ස්ථාවර වුණු විට ස්වභාවධර්මයේ ඕනෑම කලබලයක් පාවෙන වලාකුළක් ලෙසින් ඔබට දැනෙනු ඇත.