04.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පාරිශුද්ධත්වයට පත් වන්න. එවිට ඔබ ධර්මරාජ්ගේ දඬුවම් සියල්ලෙන් නිදහස් වේ. දියමන්තියක් බවට පත් වීම උදෙසා, දැනුම නම් වූ අමෘතය පානය කරමින් විෂ සියල්ල අතහැර දමන්න.

ප්‍රශ්නය:
සත්යුගී තත්ත්තවයක් පදනම් වන්නේ කුමක් මතද?

පිළිතුර:
එය පදනම් වන්නේ පාරිශුද්ධත්වය මතයි. ස්මරණයෙහි යෙදී අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්න. පාරිශුද්ධත්වයට පත් වීමෙන් පමණයි ඔබ විමුක්තිය ලබන්නේ. පාරිශුද්ධත්වයට පත් නොවන අය දඬුවම් ලබන අතර ඔවුන් තම තමන්ගේ ආගම් වෙත යනු ඇත. ඔබට ඔබගේ පවුල් ජීවිතය ගත කළ හැකියි. නමුත් මනුෂ්‍යයෙක්ව සිහි කරන්න එපා. පාරිශුද්ධත්වය රකිමින් උසස් තත්ත්වයක් හිමි කර ගන්න.

ගීතය:
ඔබ හමු වීමෙන් අප සැම දෙයක්ම සොයා ගත්තා. මිහිකත හා ආකාශය සියල්ල අයිති අපටයි...

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි. වෙන කිසිම කෙනෙක් දෙවියන් ලෙස හැඳින්විය නොහැකියි. ඒ එකම එක අශරීරික වූ උත්තරීතර පියා, උත්තරීතර ජිවය පමණයි ශිව බාබා ලෙස හැඳින්වෙන්නේ. සෑම ජීවයකම පියා වන්නේ ඔහුයි. පළමුවෙන්ම, අප අනිවාර්යෙන්ම ශිව බාබාගේ දරුවන්ය යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුය. දුකින් පිරි අවස්ථාවකදී, මිනිස්සු මෙසේ කන්නලව් කරනවා: අහෝ උත්තරීතර ජීවය, අපව ආරක්‍ෂා කරන්න. අපට අනුකම්පා කරන්න. තම ජීවය ඒ උත්තරීතර ජීවය සිහිපත් කරනා බව ඔවුන්ට වැටහෙන්නේවත් නැහැ. ජීව වන අපගේ පියා ඔහුයි. මේ කාලයේ මුළු ලෝකයම අපිරිසිඳු ජීවයන්ගෙන් පිරිලා. ඔවුන් ගායනා කරනවා: අප පරිහාණියට පත් වූ පාපකාරීන් වන නමුත් ඔබ සියලු පාපයන්ගෙන් තොර වූ තැනැත්තායි. එහෙත් තමා පාපතරයෙක් ලෙස ඔවුන් සළකන්නේ නැහැ. බාබා විස්තර කරනවා: දෙවියන් යනු ඒ එකම එක තැනැත්තායි කියා ඔබ කියනවා නම්, ඔබ සෑම කෙනෙක්ම සහෝදරයින්. පසුව, ශරීර වශයෙන් ගත් කළ ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් වනවා. ඔබ ශිව බාබාගේ දරුවන් වන අතර ප්‍රජාපිතා බ්‍රහ්මාගේත් දරුවන් වනවා. බාබා ඔබගේ අසීමිත පියා, ගුරුවරයා හා සත්ගුරුයි. ඔහු කියනවා: මා ඔබව අපිරිසිඳු බවට පත් කරන්නේ නැහැ. මා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයට පත් කිරීමටයි. නමුත් ඒ ඔබ මගේ උපදෙස් අනුගමනය කළහොත් පමණයි. මෙහිදී, සෑම මනුෂ්‍යයෙක්ම අනුගමනය කරන්නේ රාවණ්ගේ වැරදි උපදෙස්. සෑම කෙනෙක්ම තුළ පාප පහ තිබෙනවා. බාබා කියනවා: දරුවනි, දැන් පාපයෙන් තොර තත්ත්වයට පත් වන්න. ශ්‍රීමත් අනුගමනය කරන්න. කොහොමනමුත්, ඔවුන් තවමත් පාප අත්හැර දමා නැහැ. එමනිසා, ඔවුන් දිව්‍යලෝකයේ පාලකයන් බවට පත් වන්නේත් නැහැ. සෑම කෙනෙක්ම අජාමිල් වැනි වූ පාපතරයින් බවට පත් වී සිටිනවා. මෙය රාවණ්ගේ සමාජයයි. දුකින් පිරි පැල්පතයි. සෑම කෙනෙක්ම ඉන්නේ දැඩි අසතුටින්. බාබා පැමිණ රාමාගේ රාජ්‍යය නිර්මාණය කරනවා. ඉතින්, නියම සටන් බිම වන්නේ මෙය බව දරුවන් වටහා ගන්නවා. ගීතාවේ දෙවියන් මෙසේ පවසනවා: ඔබගේ ලොකුම සතුරා රාගයයි. එය පරදා ජයගන්න. කොහොමනමුත්, ඔවුන් එය පරාජය කරන්නේ නැහැ. බාබා දැන් මෙහි අසුන්ගෙන ඔබට විස්තර කරනවා. ජිව වන ඔබ ඉන්ද්‍රිය මාර්ගයෙන් සවන් දී පසුව අන් අයටත් එය පවසනවා. මෙහිදී ක්‍රියා කරන්නේ ජීවයයි. මා ජීවයක් වන අතර මා විසින් ශරීරයක් ලැබගෙන කොටසක් රඟදක්වනවා. කොහොමනමුත්, ජීව අවධානයට පත් වෙනවා වෙනුවට මිනිස්සු ශරීර අවධානයට පත් වී සිටිනවා. බාබා කියනවා: දැන් ජීව අවධානයට පත්වන්න. සත් යුගයේදී ඔබ ජීව අවධානයෙන් සිටියා. නමුත්, ඔබ උත්තරීතර ජීවය ගැන දැන සිටියේ නැහැ. මෙහිදී, ඔබ ඉන්නේ ශරීර අවධානයෙන්. ඒ වගේම ඔබ උත්තරීතර ජීවය ගැන දන්නේත් නැහැ. මේ නිසා තමයි ඔබ පරිහාණික තත්ත්වයට පත් වී සිටින්නේ. පරිහාණිය යනු කුමක්ද යන්න ගැනවත් මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. බොහෝ ධනය තිබෙනා අය තමා ඉන්නේ දිව්‍යලෝකයේ කියා සිතනවා. පියා කියනවා: විනාශය සිදුවිය යුතුම නිසා ඒ සෑම කෙනෙක්ම දිළින්දන් බවට පත් වෙනවා. විනාශය සිදු වීම හොඳයි. මන්ද, අපට එවිට විමුක්ති දේශය වෙත යාමට හැකි වන නිසයි. එමනිසා, ඔබ මේ ගැන සතුටු විය යුතුයි. ඔබ මිය යාම සඳහා සූදානම් වනවා. මනුෂ්‍යයින් මියයාම ගැන බයයි. පියා ඔබව පාරාදීසය වෙත යාම උදෙසා සුදුස්සන් බවට පත් කරවනවා. අපිරිසිඳු අය දිගින් දිගටම අපිරිසිඳු ලෝකයේ උපත ලබනවා. ඒ කිසිම කෙනෙක් දිව්‍යලෝකයේ වැසියන් බවට පත් වන්නේ නැහැ. බාබා කියනවා: ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයට පත් වීමයි. පාරිශුද්ධත්වයට පත් වීමෙන් තොරව ඔබට පිරිසිඳු ලෝකය වෙත යා නොහැකියි. පාරිශුද්ධත්වය හේතුවෙන් තමයි අහිංසකයින් බැට කන්නේ. ඔවුන් විෂ සලකන්නේ අමෘතය ලෙසයි. පියා කියනවා: මා දැනුම නම් වූ අමෘතයෙන් ඔබව දියමන්ති වැනි තත්ත්වයට පත් කරවනවා. ඉතින් ඇයි ඔබ විෂ පානය කර කිසිම වටිනාකමක් නැති බෙලි කටු බවට පත් වන්නේ? කල්ප බාගයක් පුරා ඔබ විෂම පානය කරමින් සිටියා. දැන් මගේ උපදෙස් අනුගමනය කරන්න. නැතිනම් ඔබට ධර්මරාජ්ගෙන් දඬුවම් ලැබීමට සිදු වෙනවා. භෞතික පියෙක් පවා මෙසේ කියනවා: දරුවනි, ඔබගේ පවුලේ නමට නිග්‍රහයක් වන ආකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා. ඒ අසීමිත වූ පියා කියනවා: ශ්‍රීමත් අනුගමනය කර පාරිශුද්ධත්වයට පත් වන්න. ඔබ රාගයේ ගින්න මත අසුන්ගතහොත් ඔබ දැන් සිටිනවාටත් වඩා අවලස්සන වෙනවා. ඔබ දැන් දැනුම නම් වූ යාගය මත අසුන් ගන්නා අතර ලස්සන වෙනවා. රාගයේ ගින්න මත අසුන් ගැනීම නිසා ඔබට දිව්‍යලෝකයේ මුහුණ දැකගත නොහැකි වනවා. මේ නිසා තමයි පියා කියන්නේ: දැන් ශ්‍රීමත් අනුගමනය කරන්න! පියා කතා කරන්නේ දරුවන්ට පමණයි. දිව්‍යලෝකයේ උරුමය ලබා දීමට පියා පැමිණ සිටිනා බව දන්නේ දරුවන් වන ඔබ පමණයි. කලි යුගය දැන් අවසන් වීමටයි යන්නේ. ශ්‍රීමත් අනුගමනය කරනා අය පමණයි විමුක්තිය ලබන්නේ. ඔබ පාරිශුද්ධත්වයට පත් නොවුණහොත් ඔබට දඬුවම් ලබා ඔබගේම ආගම වෙත යාමට සිදු වෙනවා. භාරතයේ වැසියන් තමයි දිව්‍යලෝකයේත් වැසියන් වූයේ. ඔවුන් දැන් අපිරිසිඳු වී සිටිනවා. ඔවුන් දිව්‍යලෝකය ගැන දන්නේවත් නැහැ. පියා කියනවා: ඔබ මගේ උපදෙස් අනුගමනය නොකර, ඒ වෙනුවට අනෙක් අයගේ වැරදි උපදෙස් අනුගමනය කරමින් පාපයෙහි ගැලුණොත්, ඔබ මිය යනවා. එවිට අවසානයේ දී ඔබ දිව්‍යලෝකය වෙත ගියා වුවත් ඔබ ලබනා තත්ත්වය ඉතාමත් පහත් තත්ත්වයක් බවට පත් වනවා. දැන් ධනවත්ව සිටිනා අය පසුව දිළින්දන් බවට පත්වෙනවා. මෙහිදී දිළිඳු අය එහිදී ධනවතුන් වනවා. දිළින්දන්ගේ ස්වාමියා වන්නේ පියාය. සෑම දෙයක්ම තීරණය වන්නේ පාරිශුද්ධත්වය මතයි. පියා සමඟ යෝගා කිරීමෙන් ඔබ පාරිශුද්ධත්වයට පත් වෙනවා. බාබා දරුවන්ට විස්තර කරනවා: මා ඔබට රාජයෝගා උගන්වනවා. මා ඔබට ඔබගේ පවුල හා නිවස අත් හැර දමා යාමට කියන්නේ නැහැ. පවුලේ අයත් සමඟ ජීවත් වන්න. නමුත් පාපයෙහි ගැලෙමින් මනුෂ්‍යයින් සිහිකරමින් ඉන්න එපා. මේ වන විට සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. නමුත් සත් යුගයේ පිරිසිඳු දේවතාවන් සිටියා. දැන් ඔවුනුත් නැවත නැවත උපත් ගැනීමෙන් අපිරිසිඳු බවට පත් ව සිටිනවා. මේ ඔවුන්ගේ අවසාන උපතයි. ඔබ සෑම කෙනෙක්ම පාර්වතීන්. දැන් පියා ඒ අමරණීයත්වයේ ස්වාමියා. ඔබට අමරණීයත්වයේ කතන්දරය කියමින් ඔබව අමරණීයත්වයේ දේශයෙහි පාලකයින් බවට පත් කරවනවා. එමනිසා, දැන් ඒ අමරණීයත්වයේ ස්වාමියා වූ පියාව සිහිපත් කරන්න. ස්මරණයෙන්ම පමණයි ඔබට පාප ඉවත් කර දැමිය හැක්කේ. ශිවා, ශංකර් හෝ පාර්වතී කඳු මුදුනේ අසුන්ගෙන සිටිනවා කියා දෙයක් නැහැ. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගය තුළ අඳුරේ අතපතගාමින් සිටීමක් වැනිය. කල්ප බාගයක් පුරාම ඔබ බොහෝ සෙයින් අතන මෙතන යමින් සිටියා. දැන් බාබා කියනවා: මා ඔබව දිව්‍යලෝකය වෙත ගෙන යනවා. සත් යුගයේ සතුට හැර වෙන කිසිවක් නැහැ. ඔබ අතන මෙතන යන්නේත් නැහැ. වැටෙන්නේත් නැහැ. ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයයි. මෙහි බොහෝ සෙයින් සැහැසි ක්‍රියා තිබෙනා විට පාපයන්ගේ බඳුන පිරී යන අතර විනාශය සිදුවෙනවා. දැන් මේ එකම එක උපත තුළ පාරිශුද්ධත්වයට පත් වී ඒ පිරිසිඳු ලෝකයේ පාලකයින් බවට පත් වන්න. කොහොමනමුත්, මෙය අදාළ වන්නේ ශ්‍රීමත් අනුගමනය කරන්නන්ට පමණයි. මීට ඉහත කල්පයේදී ශ්‍රීමත් අනුගමනය නොකළ අය දැනුදු ඒවා අනුගමනය නොකරන අතර ඔවුන් උසස් තත්ත්වයක් ලබන්නේ ද නැත. ඔබ සියලු දෙනාම ඒ එකම එක පියාගේ දරුවන්. ඔබ සියල්ලන්ම සහෝදර සහෝදරියන්. කොහොමනමුත් පියාට අයිති වීමෙන් පසුවත් ඔබ වැටුණහොත් ඔබ අපායේ ආගාධය තුළට යන අතර සිටියාටත් වඩා පාපකාරී ජීවයක් බවට පත් වෙනවා. මෙය දෙවියන්ගේ ආණ්ඩුවයි. මගේ උපදෙස් අනුගමනය කර ඔබ පාරිශුද්ධත්වයට පත් නොවුණහොත් ඔබට ධර්මරාජ්ගෙන් සෑහෙන දඬුවම් ලැබීමට සිදු වෙනවා. ඔබ උපතක් උපතක් පාසා සිදු කරන ලද සෑම පාපයකටම ඔබට දඬුවම් ලැබීමට සිදුවන අතර මේ ආකාරයෙන් ඔබගේ ගිණුම ගෙවී යනවා. ඔබ යෝගා බලයෙන් පාප විනාශ කර දමනවා නැතිනම් දැඩි සේ දඬුවම් ලැබීමට සිදු වෙනවා. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් බොහොමයක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ම පාරිශුද්ධත්වය රකිනවා. ශිව ශක්ති පාණ්ඩව හමුදාව. ගොපළු ගොපළියන් වන්නේ ඔබයි. දෙදෙනාම මෙහි අඩංඟු වනවා. පරමාත්ම දෙවියන් ඔබට උගන්වනවා. ලක්ෂ්මි හා නාරායන හැඳින්වෙන්නේ දේවතාවියක් හා දේවතා‍වෙක් ලෙසයි. දෙවියන් අනිවාර්යෙන්ම ඔවුන්ට උරුමයක් ලබා දුන්නා විය යුතුයි. දෙවියන්ම පමණයි ඔබව දේවතාවන් බවට පත් කරවන්නේ. සත් යුගයේ රජ, රැජිණ හා සේවකයන් සෑම කෙනෙක්ම සිටියා. ඔවුන් සෑම කෙනෙක්ම උසස් තත්ත්වයක සිටියා. මේ රාවණ්ගේ රාජ්‍යයයි. ඔබට රාමාගේ දේශය වෙත යාමට අවශ්‍ය නම් පාරිශුද්ධත්වයට පත් වී රාමාගේ උපදෙස් අනුගමනය කරන්න. රාවණ්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබ බොහෝ පරිහාණියට පත් ව සිටිනවා. මෙහිදී මෙවැනි දෙයක් සිහිපත් වනවා: සමහර මිනිසුන්ගේ ධනය පොළොව යට වැළලී යන අතර, සමහරුන්ගේ ධනය කොල්ල කා ගනු ලැබෙනවා. මිනිස්සු පොළොව යට හෝ තම බිත්ති තුළ රත්රන් සඟවනවා. ඔවුන් එක පාරටම මිය ගිය හොත් ඒවා ඒ තිබූ තැන් වලම තිබෙනවා. විනාශය සිදු විය යුතුමයි. භූමිකම්පා ආදිය සිදුවන විට සොර සතුරන් බොහොමයක් එහි රොක් වෙනවා. බාබා ඒ ස්වාමියා හා පාලකයා දැන් ඔබව ඔහුට අයිති කර ගැනීමටත් ඔබව ලෝක පාලකයින් බවට පත් කිරීමටත් පැමිණ සිටිනවා. අද විශ්‍රාම ගිය අයට පවා පාපයෙන් තොරව ජීවත් විය නොහැකියි. ඔවුන් සම්පූර්ණයෙන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් ව සිටිනවා. ඔවුන් පියාව හඳුනා ගන්නේත් නැහැ. පියා කියනවා: මා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයට පත් කිරීමටයි. ඔබ පාපයෙහි ගැළුණහොත් ඔබට දැඩි ලෙස දඬුවම් ලැබීමට සිදුවෙනවා. මා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයට පත් කොට ඒ පිරිසිඳු ලෝකය ස්ථාපනය කිරීම උදෙසාය. පසුව ඔබ අපිරිසිඳු බවට පත් වී බාධක ගෙන එනවා. දිව්‍යලෝකය නිර්මාණය කිරීමට ඔබ බාධක එල්ල කරනවා. මා පැමිණ සිටින්නේ ඔබව දිව්‍යලෝකයේ වැසියන් බවට පත් කිරීමටයි. ඔබ පාපය අත් නොහළහොත් ධර්මරාජ්ගෙන් සෑහෙන දඬුවම් ලැබීමට සිදුවෙනවා. පසුව ඔබ පීඩාවෙන් අඬන්නට පටන් ගන්නවා. මෙය ඉන්ද්‍රාගේ නඩු සබයයි. දැනුමෙහි ඉෂ්ඨ දේවතාවන් පිළිබඳ වූ කතන්තරයක් තිබෙනවා. මෙම සමූහයට අපිරිසිඳු පුද්ගලයෙක්ව ගෙනෙනා විට එම කම්පනය දැනෙන්නට පටන් ගන්නවා. කිසිම අපිරිසිඳු පුද්ගලයෙකුට මෙම රැස්වීමට පැමිණිය නොහැකියි. කිසිම කෙනෙක්ට පාරිශුද්ධත්වයේ පොරොන්දුවක් නොදී මෙහි අසුන්ගත නොහැකියි. එසේ නැත්නම්, එවන් අයෙක් ගෙන ආ කෙනාටත් දොස් නඟනවා. පියා සෑම දේම දන්නවා. එබැවින්, තවමත් එහෙම අයව ගෙනෙන අයට ඔහු උගන්වනවා. ශිව බාබා සිහිපත් කිරීමෙන් ජීවය පිරිසිඳු වී පාරිශුද්ධත්වයට පත් වන අතර වාතාවරණයත් නිහඬත්වයට පත් වනවා. බාබා මෙහි අසුන්ගෙන තම හැඳින්වීම ලබා දෙනවා: මා ඔබගේ පියාය. මා මීට අවුරුදු 5000කට ප්‍රථම කළ ආකාරයෙන් ම ඔබව සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවන් බවට පත් කිරීමට පැමිණ සිටිනවා. ඒ අසීමිත වූ පියාගෙන් ඔබගේ අසීමිත වූ සතුටෙහි උරුමය ලබා ගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. යෝගා බලයෙන් ඔබගේ සියලු කර්ම ගෙවා දමා ජීවය පාරිශුද්ධත්වයට පත් කොට වාතාවරණය සාමකාමී තත්ත්වයට පත් කරන්න.

2. පියාගේ ශ්‍රීමත් අනුගමනය කර සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වීමට පොරොන්දුවක් වන්න. පාපයන්ට ගොදුරු වීමෙන් දිව්‍යලෝකය නිර්මාණය කිරීමේ කාර්යයට බාධක ගෙන එන්න එපා.

වරදානය:
ඔබ ඔබේ මනසේ සහ බුද්ධියේ පිරිසිඳුකමෙන් නිරවද්‍ය තීරණ ගන්නා අතර ඔබ සාර්ථකත්වයෙන් පිරේවා.

ඔබ නියම වෙලාවට නියම තීරණය ගනීද එවිට ඕනෑම කාර්යයකින් සාර්ථකත්වය අත්කර ගැනීමට ඔබට හැකි වේ. කොහොම වෙතත්, තීරණය කිරීමේ බලය ක්‍රියාත්මක වන්නේ ඔබේ මනස සහ බුද්ධිය පිරිසිඳුව තිබෙද්දී සහ එහි වල්පල් කිසිවක් නොතිබෙද්දී ය. ඕනෑම කුණු කසළ ඔබ යෝග ගින්නෙන් පුළුස්සා දමා ඔබේ බුද්ධිය පිරිසිඳු කළ යුතු වන්නේ මේ නිසාවෙනි. ඕනෑම වර්ගයේ දුර්වලතාවයක් කුණු කසළ යැයි සැලකේ. යාන්තමින් වූ අපත සිතිවිලි පවා කුණු කසළ වන අතර මෙම කුණු කසළ විනාශ කළ විට ඔබට සැහැල්ලු විය හැක. එයින් පසුව, පිරිසිඳු බුද්ධියක් තිබෙන නිසා ඔබට සෑම කාර්යයෙහිම සාර්ථකත්වය ලැබෙනවා ඇත.

පාඨය:
ඔබ තුළ පිරිසිඳු උසස් සිතිවිලි නිරන්තරව ඉස්මතු වූ කල සියලු අපතයන් නිරායාසයෙන් ගිලී යනවා ඇත.

මාතේෂ්වරීජීගේ අමිල උසස් වදන්

මේ යකඩ යුගී ලොවට මොනම සරුවක් (ශක්තියක්) වත් නොමැති ලොවක් යැයි කියා තිබෙන්නේ ඇයි? හේතුව, මේ ලොවේ සරු බවක් නැත. එනම්, කොයියම් දෙයකට වත් මොනම ශක්තියක් වත් නොතිබෙන නිසාවෙනි. මොනයම් සතුටක්, සාමයක් හෝ පාරිශුද්ධතාවයක් එහි නොතිබේ. එක් අවදියක සතුට, සාමය සහ පාරිශුද්ධිය මේ පොළොව මත තිබූ නමුත් දැන් ඒවා නොතිබෙයි, මන්ද, සැමදෙනා තුළම දුර්ගුණ ශක්ති පහක් තිබෙයි. මේ නිසා තමයි මේ ලෝකයට භීතියේ සයුර කියා කියන්නේ එනම්, කර්ම බැඳීම් වල සාගරයක්, මේ ලොවේ සිටින සියල්ලන්ම පාහේ දුකෙන් සිටින නිසා ඔවුන් දෙවියන්ට කතා කරනවා: අහෝ දෙවියනේ මේ සයුරෙන් අපව පිටතට ගන්න. මෙයින් පෙනීයන්නේ නියතවම භීතියෙන් තොර ලොවක් තිබෙන බවයි. ඔවුන්ට යාමට උවමනා වූ බියෙන් තොර වූ ලොවක් ඇති බව පෙනේ. මෙන්න මේ නිසායි මෙලොවට පාපයේ ලෝකය යනුවෙන් කියන්නේත්, එතෙර වී පින්වත් ජීවාත්මයන් සිටින ලෝකයට යාමට ඔවුන්ට අවැසි වන්නේත්. ඉතින්, ලෝක දෙකක් තිබෙනවා: සාරවත් ස්වර්ණම යුග ලෝකය, අනෙක නිසරු යකඩ යුග ලෝකය. පෘතුවිය මත මේ දෙලොවම තිබේ.

මිනිසුන් කියන්නේ: අහෝ දෙවියනි, අපව මේ සයුරෙන් එතෙරට අරන් යන්න. "එතෙර" යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? මිනිසුන් එතෙර යනුවෙන් අදහස් කරන්නේ, උපත විපත චක්‍රයට ඇතුල් නොවී ගැලවී යාමට එතෙර වීම කියා සිතයි. මිනිසුන්ගේ කතාව එයයි. එහෙත් දෙවියන් කියන්නේ දරුවනි, සත්‍ය වශයෙන්ම, දුක අසාමය ඉක්ම වූ, සතුට සහ සාමය තිබෙන්නා වූ එම ලොවට මා ඔබලාව අරන් යනවා. ඔබට සතුට උවමනා නිසා අනිවාර්යයෙන් ඔබ මේ ජීවිතයෙහි සිටිය යුතු වෙනවා. එය ස්වර්ණමය යුග පාරාදීසියයි, දේවතාවරුන්ගේ අඛණ්ඩ සතුටු දිවියක් තිබූ ලෝකයයි. එම දෙවි දේවතාවරුන් හඳුන්වා ඇත්තේ අමරණීය වූවන් කියායි. අමරණීය යැයි කීමෙහි තේරුමක් නැත. එම දේවතාවරුන් ගේ ආයු කාලය ඉතා දිර්ඝයි ඔවුන් කිසිදා නොමැරෙන අය යැයි කීම වැරැදියි. මන්ද, එය එවැන්නක් නොවෙන නිසායි එය වැරැදියි කියන්නේ. ඔවුන්ගේ ආයු කාලය රන් රිදී යුගයන් පවතින තාක් දිගුව නොතිබේ. දෙවි දේවතාවරුන් රන් සහ රිදී යුගයන් ඔස්සේ උපත් ගණනාවක් ගෙන ඇත. ඔවුන් උපත් 21ක් ඉතා හොඳින් අධිරාජ්‍යය පාලනය කළා. අනතුරුව තඹ යුගයේ පටන් යකඩ යුගයේ අන්තය දක්වා ඔවුන් උපත් 63ක් ගෙන ඇත. එවිට සම්පූර්ණ ගණන, ආරෝහණ තත්වයෙන් උපත් 21ක් සහ අවරෝහණ තත්වයෙන් උපත් 63ක් ගෙන ඇත. මනුෂ්‍ය ජීවාත්ම සම්පුර්ණයෙන් උපත් සංඛ්‍යා 84ක් ගන්නවා. උපත් මිලියන 8.4ක් සත්ව භේද තුළින් මනුෂ්‍ය ජීවාත්ම ගමන් කරයි කියා විශ්වාස කිරීම වැරැද්දකි. ඔවුන්ට මනුෂ්‍යයන් වශයෙන් සතුට සහ දුක යන චරිත දෙකම අත්විඳින්නට පුළුවන් නම්, එවිට තිරිසන් සතුන් තුළ යමක් අත්විඳීමට කුමන අවශ්‍යතාවයක් තිබේද? මුළුමනින්ම, මිලියන 8.4ක් සතුන් පක්‍ෂීන් ආදිය සිටිය හැකියි. හේතුව බොහෝ වර්ගයේ නිර්මාණයන් ඇත. මානව ජීවාත්මයන් ඔවුන්ගේ පව් පින් මනුෂ්‍යයන් වශයෙන් නිරූපණය කරන නමුත් සතුන් සියල්ල ඔවුන්ට අදාළ වර්ගය තුළම අත්විඳිති. මනුෂ්‍ය වර්ගයා තිරිසන් වර්ගය තුළට යන්නේ හෝ සත්වයින් මනුෂ්‍ය වර්ගයා තුළට යන්නේ නැත. මනුෂ්‍යයන් තමන්ට අදාළ වර්ගය තුළම සියල්ල අත්විඳිය යුතුයි. එමනිසායි, මනුෂ්‍ය ජීවිතයෙහි ඔවුන් සතුට සහ දුකයි අත්විඳින්නේ. කෙසේවෙතත් සතුන්ට, ඔවුන් විඳවන්නේ කිනම් ක්‍රියාවක් නිසාද යැයි තේරුම් ගැනීමට බුද්ධිය නොතිබේ. මනුෂ්‍යයන්ට තමන් දුක් විඳින්නේ ඇයිද කියා දැනෙනවා, ඒ ඔවුන් බුද්ධිමත් නිසායි. ඒ වුණත් මනුෂ්‍යයන් අත්විඳින්නේ නැහැ මිලියන 8.4ක සත්ව භේද තුළ. මෙසේ කියා ඇත්තේ, වැරැදි ක්‍රියාවක් කළොත් ඔබ සත්ව සංහතියෙහි ඉපදේවි යනුවෙන් බිය ගැන්වීමටයි. අප මේ මේ සංගම යුග කාලයේදී අපගේ ජීවිතය පරිවර්ථනය කරමින් පාපතර ජීවාත්ම බවෙත් පුණ්‍ය ජීවාත්ම බවට වෙනස් කරමින් සිටිනවා. අච්චා.