04.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට උසස් තත්ත්වයට පත් වීමට අවශ්‍ය නම් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබව රවටා නැතිද කියා දිනපතා වාර්තාව දෙස බලන්න. දෙඇස් ඉතා රැවටිලි සහගතයි. එමනිසා, ඔවුන්ගෙන් ඉතාමත් පරිස්සම් වන්න.

ප්‍රශ්නය:
සියලුම දේ වලින් ඉතාමත් නරක පුරුද්ද කුමක්ද? ඉන් ප්‍රවේශම් විය හැකි ක්‍රමය කුමක්ද?

පිළිතුර:
ඉතාම නරක පුරුද්ද රස නහර පිනවීමට ඇති ආශාවයි. කෙනෙක් රසවත් දෙයක් දුටු විට එය හොරෙන් කනවා. කුමන හෝ දෙයක් සඟවනවා යනු සොරකමක්ය. මායා සොරකම් කරවීමෙන් බොහෝ අයව ඔවුන්ගේ නහයෙන් හා කනෙන් අල්ලා ගන්නවා. මෙම නරක පුරුද්දෙන් ආරක්ෂාකාරිව සිටීමට නම් එලෙස තම සිහිය වෙන දෙයකට ඇදී ගිය විටෙකදී තමාම තමාට දඬුවම් දී ගත යුතුයි. ඔබගේ නරක පුරුදු අතහැරිම සඳහා ඔබ මහත් වෙහෙසක් දැරිය යුතුයි.

ඕම් ශාන්ති.
ඔබ මෙහි අසුන් ගෙන සිටින්නේ ජීව අවධානයෙන්ද? හැම දෙයක්ම ඔබ ඔබගෙන්ම ඇසිය යුතුයි. මම මෙහි අසුන් ගෙන සිටින්නේ ජීව අවධානයෙන් හා පියාව සිහිපත් කරමින්ද? පාණ්ඩව ශිව ශක්ති හමුදාව සිහිපත් කරනවා. මෙහි අසුන්ගෙන සිටින නුඹලා ශිව බාබාගේ හමුදාවයි. භෞතික හමුදාවල සිටින ම්නිසුන් තරුණයි. වයසක අය හා දරුවන් එහි නැහැ. නමුත් මෙම හමුදාවේ තරුණ, මහළු, දරුවන් පවා සිටිනවා. ඒ හැම කෙනෙක්ම මෙහි අසුන් ගෙන සිටිනවා. මෙම හමුදාව මායා ජය ගැනීම සඳහායි. ඔබ හැම කෙනෙක්ම මායා ජය ගෙන ඔබගේ අසීමිත උරුමය පියාගෙන් ලබා ගත යුතුයි. දරුවනි, ඔබලා දන්නවා මායා ඉතා බලවත් බව. ඔබව බෙහෙවින් රවටන්නේ ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ය. අද ඔබව රවටනු ලැබුවේ කුමන භෞතික ඉන්ද්‍රියද කියා ඔබගේ වාර්තාවේ ලියන්න. අද මම කෙනෙක්ව දැක්කා. ඇයව ඇල්ලීමට ආසා හිතුණා. බොහෝ පාඩු සිදු කරන්නේ ඇස් දෙකයි. එකින් එක භෞතික ඉන්ද්‍රියන් දෙස බලන්න. වැඩිපුරම පාඩු සිදුකරන්නේ කුමන ඉන්ද්‍රියද? උදාහරණයක් ලෙස ගතහොත් සර්දාශ් මෙම පදනම මත අන්ධ භාවයට පත් වුණා. ඔබ ඔබ ගැනම පරික්ෂාකාරී විය යුතුයි. ඇස් වලට ඔබව රැවටිය හැකිද? මායා ඉතාමත් හොඳ දරුවන්ව පවා රවටනවා. ඔවුන් ඉතාමත් හොඳ සේවාවන් කර තිබුණද ඔවුන්ගේ ඇස් ඔවුන්ව බොහෝ සේ රවටනවා. ඔවුන් ඔබගේ හතුරන් නිසා මහත් අවධානයක් තබා ගත යුතුයි. ඔවුන් ඔබගේ තත්ත්වයන් විනාශ කර දමනවා. නුවණැති දරුවන් මෙම කරුණ ඉතා හොඳින් ලියා ගත යුතුයි. දිනපතා සටහන් ලියන පොත ඔබගේ පොකට්ටුවේ තබා ගන්න. භක්ති මාර්ගයේ භක්තිවන්තයෝ ඔවුන්ගේ බුද්ධිය වැරදි මාර්ගයක ගියේ නම් ඔවුන් ඔවුන්වම කොනිත්තා ගන්නවා. ඔබත් ඔබ විසින්ම එවැනි දඬුවම් ලබාගත යුතුයි. ඔබ ඉතාමත් පරික්ෂාකාරී විය යුතුයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබව රවටනවාද නැතිද කියා නිරීක්ෂණය කරන්න. එම දේවල් කරන කෙනෙක් නම් ඔහු දෙස බලා නොසිට ඉන් ඉවත් වන්න. ගැහැණුන් හා පිරිමින් අතර බොහෝ සේ ආරවුල් හටගන්නවා. බොහෝ ඉක්මණින්ම පාපකාරී දර්ශනයකින් ඔවුන් එකිනෙකා දෙස බලනවා. සන්යාසීවරුන් එවැනි අය ඉදිරියේදී ඇස් වසාගෙන සිටින්නේ මේ නිසාවෙනි. සමහර සන්යාසිවරු ගැහැණුන්ගේ දෙසට පිටුපස හරවා ගෙන සිටින්නේ එබැවිනි. එවන් සන්යාසිවරු ලබන්නේ කුමක්ද? ඔවුන්ට අවශ්‍ය ලක්ෂයක් හෝ දස ලක්ෂයක් එකතු කර ගැනීමටයි. ඔවුන් මියගිය විට ඒ සියල්ල අවසන්. ඊට පසු ඔවුන් ඊලඟ උපතේදීත් නැවතත් මුදල් එකතු කරනවා. දරුවනි, ඔබලා දැන් ලබා ගන්නා අවිනාශී උරුමය කුමක් වුවද එහිදී ඔබ එම ධනයට ගිජුවන්නේ නැහැ. ස්වර්ණම යුගයේ ආරම්භයත් කලි යුගයේ අවසානයත් අතර රෑ දවල් හා සමාන වූ වෙනසක් තිබෙනවා. බාබා හැම විටම කියනවා බොහෝ උසස් යන වචන, සංගම යන වචනය සමඟ ස්ථීර වශයෙන්ම ලියන්න. මෙම වචන ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ නම් පැහැදිලි කර දීමද ඉතා පහසුය. සාමාන්‍ය මිනිසුන් දේවතාවරුන් බවට පත්ව සිටියා කියා කියන්නේ මේ නිසාවෙනි. එමනිසා, අපායේ නිවැසියන්ව සිටින අයව දිව්‍යලෝකයේ නිවැසියන් වන දේවතාවරුන් බවට පරිවර්ථනය කිරීම සඳහා ඔහු ඇත්ත වශයෙන්ම සංගම් යුගයෙදී ස්ථීර වශයෙන්ම පැමිණිය යුතුව ඇත. අනෙක් ආගම් වල අයට දිව්‍ය ලෝකය දැකීමට පවා නොහැක. මේ නිසයි බාබා කියන්නේ ඔබගේ එකම ආගම බොහෝ සේ සතුට ගෙන දෙන්නක් කියා. එම ස්ථානය හඳුන්වන්නේ දිව්‍යලෝකය නමිනි. කෙසේනමුත්, ඔවුන්ටත් දිව්‍යලෝකයට යා හැකි බව ඔවුන් අවබෝධ කර ගන්නේ නැහැ. මෙය දන්නා කිසිම කෙනෙක් නැහැ. භාරතයේ මිනිසුන්ට මෙය අමතක වෙලා. දිව්‍යලෝකය මීට වසර දහස් ගණනකට පෙර තිබූ බව ඔවුන් කියනවා. ක්‍රිස්තියානුවන් කියනවා යේසුස් පැමිණීමට වසර 3000 කට පෙර දිව්‍යලෝකය තිබුණු බව. ලක්‍ෂ්මී සහ නාරායන් හඳුන්වන්නේ දේවී දේවතාවන් ලෙසයි. ස්ථිර වශයෙන්ම බාබා ඔවුන්ව නිර්මාණය කර ඇත. ඉතින් දැන් ඔබ උත්සාහ ගත යුතුයි. ඔබගේ වාර්තාව දිනපතා පරීක්ෂා කරන්න. මාව රවටා ඇත්තේ කුමන ඉන්ද්‍රියද? ඔබගේ දිවත් කිසිම අඩුවක් නැත. කෙනෙක් හොඳ දෙයක් දුටුව ද හොරෙන් හෝ කනවා. එය පාපයක් බවත්, එසේම හොරකමක් බවත්, ශිව බාබාගේ යගියාවෙන් සොරා ගැනීම ඉතා නරකම දෙයක් බවවත් ඔබ අවබෝධ කර ගෙන නැත. පිදුරු ගහක් හොරකම් කළ අයෙක් දහසක් සොරකම් කරන්න පුරුදු වෙනවා. මායා බොහෝ දෙනාගේ නහයෙන්ම අල්ලා ගන්නවා. ඒ සියලුම නරක පුරුදු දැන් අත්හල යුතුයි. ඔබ ඔබවම පරීක්ෂා කර හඳුනා ගත යුතුයි. කාලයක් පුරා තිබූ නරක පුරුදු තවමත් තිබේ නම් ඔබට උසස් තත්ත්වයක් ලබා ගත නොහැකියි. දිව්‍යලෝකයට යෑම එතරම් ලොකු දෙයක් නොවේ. කෙසේනමුත්, රජ, රැජින සහ පුරවැසියන් අතර ඉතා විශාල වෙනසක් තිබෙනවා. එමනිසා, පියා කියනවා ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පරීක්ෂාකාරීව තබා ගන්න. කුමන භෞතික ඉන්ද්‍රියද ඔබව රවටන්නේ ? මෙයද ව්‍යාපාරයක් නිසා වාර්තාවක් තබා ගන්න. පියා පැහැදිලි කරනවා මා සමඟ මෙම ව්‍යාපාරය කරන්න අවශ්‍ය නම්, ඔබට උසස් තත්ත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රීමත් අනුගමනය කරන්න. පියා ඔබට උපදෙස් ලබා දෙනවා, නමුත් මායා ඔබට බාධක ඇති කරනවා. මායා ඔබට උපදෙස් අනුගමනය කිරීමට ඉඩදෙන්නේ නැහැ. පියා කියනවා ඔබ වරදක් කළ විට, ඔබට බොහෝ පසුතැවීමට සිදු වන අතර උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට කෙසේවත් නොහැකි වන වග අමතක කරන්න එපා. මේ මොහොතේ ඔබ සතුටෙන් කියනවා ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙන් නාරායන් වන බව. කොහොමනමුත්, ඔබ දිගටම තමාගෙන්ම අහන්න මගේ භෞතික ඉන්ද්‍රියන් මා රවටනවාද? ඔබට දියුණු වීමට අවශ්‍ය නම් පියා ඔබට දෙන උපදෙස් නිරතුරු පුහුණුවට යොදන්න. මුළු දවසෙහිම ඔබේ වාර්තාව දෙස බලන්න. බොහෝ වැරදීම් දිගටම සිදුවෙනවා. ඔබගේ දෙඇස් ඔබව බොහෝ සෙයින් රවටනවා. සමහර වෙලාවට කෙනෙක් ගැන අනුකම්පා සහගත හැඟීමක් ඇති වී එම කෙනාට අහර ටිකක් හෝ යම් තිළිණයක් වැනි යමක් දීමට ඔබට උවමනා වෙයි. එයට බොහෝ සෙයින් කාලය අපතේ යයි. මාලාවේ මුතු ඇටයක් වීමට බොහෝ උත්සාහ ගත යුතුය. ප්‍රධානම වන්නේ මිණි මුතු අටයි. මිණිමුතු නවයක් ගැන කතා කරනවා. එකක් බාබා වන අතර එහි පසුව අනෙක් මිණිමුතු අට වෙයි. මැද පෙන්නුම් කරන්නේ බාබායි. මිනිසුන් නරක ග්‍රහයන්ගේ අපල ලැබූ විට නවරත්න මුදුවක් පළඳින්නට දෙයි. බොහෝ උත්සාහ දරන්නන්ගෙන් ගෞරවයෙන් සමත් වන අට දෙනෙක් මතු වෙයි. ඉතා උසස් ප්‍රශංසාව ඇත්තේ මිණිමුතු අට වෙතටයි. ඔබ ශරීර අවධානයට පත් වු විට භෞතික ඉන්ද්‍රියන් ඔබව රවටනවා. එම දුක ඔවුන්ට භක්ති මාර්ගයේදී පවා තිබුණා. බොහෝ පාප බරක් ඔවුන්ගේ හිස මත තිබෙනවා. දාන දීමෙන් හෝ පුන්‍ය ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ පාප මැකිය හැකි බව ඔවුන්ගේ හැඟීමයි. රාවණ් ස්වර්ණම යුගයේදි නැති නිසා ඒ ගැන කනස්සල්ලක් ඇති කර ගත යුතු නැහැ. එහිදීත් මෙහි සිදුවන එම දේම සිදුවූයේනම් දෙව්ලොව සහ අපායෙහි වෙනසක් නොතිබෙනු ඇත. එවැනි උසස් තත්ත්වයක් ලබා ගන්නේ කෙසේද කියා දෙවියන් මෙහි අසුන් ගෙන ඔබට උගන්වනවා. ඔබට බාබා සිහි කිරිමට අපහසු නම් ඔබට උගන්වන ගුරුවරයා සිහි කරන්න. එලෙසම එකම සත්ගුරු වන බාබා සිහිපත් කරන්න. යක්ෂ අණ පිළිපදින මිනිසුන් බොහෝ සෙයින් බාබාට අගෞරව කරනවා. පියා දැන් සැවොම ඉහළ නංවනවා. ඔය දරුවනුත් සියලු දෙනාම ඉහළ නැංවිය යුතුයි. කිසිවකුට අපහාසයක් කිරීම හෝ කෙනෙකු වෙත අපිරිසිඳු බැල්මක් හෙලීම නොකළ යුතුයි. එසේ නොවූ විට ඔබ විසින්ම ඔබට අහිමි කර ගනී. එවිට එහි කම්පන අන් අයටද බලපායි. පියා කියනවා ගමනාන්තය ඉතා උසස්ය. සෑම දිනකම ඔබගේ වාර්තාව දෙස බලන්න මම මොනයම් හෝ පාප ක්‍රියාවක් කර තිබේද? මෙය පාප ක්‍රියා සිදු කරන ලෝකයයි, පාප ක්‍රියා සිදු කරන යුගයයි. පාප ක්‍රියා ජය ගත් දේවතාවන්ගේ යුගය ගැන කිසිවෙක්ම නොදනී. පාප ජයගත් යුගයේ පටන් අවුරුදු 5000 ගැන බාබා පැහැදිලි කරනවා. පසුව, පාප යුගය ඇරඹෙනවා. මෙහි රජවරුන් පවා කරනුයේ පාප ක්‍රියාවන්ය. ඒ නිසා බාබා කියනවා මම ඔබට ක්‍රියා, සාමාන්‍ය ක්‍රියා හා පාපකාරි ක්‍රියාවල දර්ශනවාදය පැහැදිලි කරනවා. රාවණ්ගේ රාජ්‍යය තුළ ඔබගේ ක්‍රියාවන් පාපකාරීය. ස්වර්ණම යුගය තුළදි කරනුයේ අකර්ම වන අතර එහිදි පාප ක්‍රියාවන් නැත. පාප ගැන සඳහනක්වත් නැත. ඔබලා දැන් තුන්වන ඇසේ දැනුම ලබා ඇත. දරුවනි, පියා දැන් ඔබලා ත්‍රිනේත්‍රී හා ත්‍රිකාලදර්ශී කරවා ඇත. පියාගෙන් පමණක් ලබා ගත හැකි මෙය කිසිම මිනිසෙකුගෙන් ලබා ගත නොහැක. ඔබ පළමුව දේවවාදී වන අතර පසුව ත්‍රිනෙත්‍රී හා ත්‍රිකාලදර්ශී බවට පත් වනවා. අශාරිරික ලෝකය, සූක්‍ෂම දේශය, චක්‍රයේ උපත් 84 යනාදී මූළු නාටකය පුරාම ඇති රහස් සියල්ලම දැන් ඔබ බුද්ධියේ තිබෙනවා. අනෙක් සියලුම ආගම් පසුව එන අතර ඔවුන් ආගම් පතුරුවා හරිනවා. එම ආගම් ස්ථාපනය කරනා අය ගුරු නමින් හැඳින්විය නොහැකිය. කිසිම අයෙකුට තවත් කෙනෙකුට ගැලවීම ලබා දිය නොහැකියි. ගැලවීම ලබා දිය හැක්කේ එකම එක සත්ගුරුට පමණයි. ආගම් ස්ථාපනය කරනා කෙනෙක් වන යේසුස් වහන්සේ අනුගමනය කර පව් පුළුස්සා ගැනීම හෝ විමුක්තිය ලබා ගත් කෙනෙක් නැත. කොහෙත්ම නැත. ඔවුන් සියල්ලන්ම භක්ති මාර්ගයේ වන අතර ඔබලා දැනුම මාර්ගයේය. ඔබ මඟ පෙන්වන්නන්ය. සාමයේ හා සතුටේ දේශය හැම කෙනෙකුටම පෙන්විය යුතුයි. ගැලවීම ලබා දෙන්නා හා එයට මඟ පෙන්වන්නා බාබාම පමණි. ඔබගේ පව් පිළිස්සෙන්නේ මෙම පියා සිහිපත් කිරිමෙන් පමණි. දරුවනි, දැන් ඔබලා ඒ සඳහා උත්සාහ ගත යුතුයි. එමනිසා, ඔබලා එක් අතකින් ගත යුතු උත්සාහය ගැනත් අනෙක් අතින් කිසිම පාප ක්‍රියාවක් නොකිරිම ගැනත් විශේෂ අවධානයක් තබා ගත යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබට ලක්ෂ වාරයක් දඬුවම් විඳීමට සිදුවේ. කිසිම පාපයක් සිදු නොකිරීමට උත්සාහ ගන්න. එසේ නොමැති නම් තවත් පාප එකතු වී ඔබගේ නාමය තවත් නින්දාවට ලක් වේ. ඔබට උගන්වන්නේ දෙවියන්ය. එනිසාම ඔබ පාප නොකළ යුතුයි. කුඩා දෙයක් වුවද විශාල දෙයක් වුවද සොරකම් කිරීම පාපයකි. මෙම දෙඇස් ඔබව රවටනවා. දරුවන්ගේ හැසිරීම පියාට අවබෝධ කර ගත හැක. මේ මගේ භාර්යාවයි යන සිතිවිල්ල කිසිම විටෙක ඇති නොවිය යුතුයි. බ්‍රහ්ම කුමර කුමරියන් වන අප ශිව බාබාගේ මුණුබුරන්ය. රාඛි බැඳීමේදී අපි බාබාට පොරොන්දු වී තිබෙනවා. එමනිසා, ඇයි අපේ ඇස් අපව රවටන්නේ ? සිහිපත් කිරිමේ බලයෙන් ඕනෑම භෞතික ඉන්ද්‍රියකින් රැවටීමෙන් ගැලවිය හැකියි. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයි. පියාගේ උපදෙස් අනුගමනය කරමින් ඔබගේ වාර්තාව ලියන්න. ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර වුවද මෙවැනි දේ කතා කළ යුතුයි. උසස්ම ගුරුවරයාගෙන් සම්පූර්ණ ඉගෙනුම ලබා පියාගෙන් සම්පූර්ණ උරුමයම ස්ථීර වශයෙන්ම ලබා ගනිමි. මෙවැනි අසීමිත දැනුමක් ලබා දෙන එවැනි උසස් ගුරුවරයෙකු කිසිම තැනකින් කිසිම දිනෙක ඔබට නොලැබෙනු ඇත. ලක්‍ෂ්මී නාරායන්ගේ පටන්ගැන්මේ සිටම මෙම දැනුම නැත. එනිසා ඊට පසුව එන අයට දැනුම ලැබෙන්නේ කෙසේද? බාබා කියනවා මෙම ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ දැනුම ඔබට පමණක්ම ලැබුණද එයද ඔබට ලැබෙන්නේ සංගම් යුගයේදී පමණයි. බාබා ඔබට බොහෝ සෙයින් පැහැදිලි කරනවා මොනවද කළ යුතු, කෙසේද කළ යුතු, නමුත් මින් ඉවත් වූයේ නම් සියල්ල අවසන්. ඔබට කතා කරන්නේ ශිව බාබාය යන්න ඔබ අවබෝධ කරගන්නේ නැහැ. හැම විටම, ඔබට කතා කරන්නේ ශිව බාබායි යන්න අවබෝධ කර ගන්න. මෙම කෙනාගේ ඡායාරූපයක්වත් තබා ගන්න එපා. මෙම රථය ලබා ගන්නේ ද ණයටයි. මොහුත් උත්සාහ දරන්නෙක්. ඔහුත් කියනවා ඔහුගේ උරුමය ලබන්නෙත් ශිව බාබාගෙන්ය කියා. ඔහුත් ඔබ වගේම ශිෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔබ තව දුරටත් දියුණු වන විට ඔබ ප්‍රශංසාවට පත් වේවි. ඔබ දැන් ඉගෙන ගන්නේ වැඳුම් ලැබීමට සුදුසු දේවතාවන් බවට පත් වීමටයි. ඉන්පසු ඔබ සත් යුගයේ දී දේවතාවන් බවට පත් වනවා. මෙම කරුණු පියාට හැර වෙන කිසිවකුටත් පැහැදිලි කිරීමට නොහැකිය. සමහර අයකුට මේ සඳහා වාසනාව නැතිනම් ශිව බාබා කොහොමද උගන්වන්නේ යන සැකය ඇති වනවා. මම නම් මෙය විශ්වාස කරන්නේ නැහැ. ඔහු මෙය විශ්වාස කරන්නේ නැත්නම් ශිව බාබා සිහිකිරීම පවා කරන්නේ කෙසේද? එමනිසා, ඔහුගේ පාප පිළිස්සෙන්නේ නැහැ. අංක අනුපිළිවලට ඇති රාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. මෙහෙකාර මෙහෙකාරියොත් අවශ්‍යයි. රජවරුන්ට දායාද වශයෙන් මෙහෙකාරයින්ව දෙනවා. මෙහෙ මිනිසුන්ට මෙහෙකාර මෙහෙකාරියන් බොහෝ සිටිති. ඉතින් ඔබට දැන් සිතාගත හැකියි රන් යුගයේ කොහොමද කියා. එහෙ දාස දාසියන් වීම සඳහා එතරම් දුර්වල වූ උත්සාහයක් ඔබ නොදැරිය යුතුයි. ඔබ බාබාගෙන් මෙසේ ඇසුවහොත්, බාබා මා දැන් මිය ගියොත් ඔබගෙන් මට ලැබෙන උරුමය කමක්ද? බාබා එම මොහොතේම ඔබට කියාවි, ඔබ ඔබගේම වාර්තාව දෙස බලන්න කියා. අන්තිම මොහොතේදි ඔබ සියලු දෙනාම අංක අනුපිළිවලට කර්ම අවසන් මොහොතට ලඟා වේ. මේ තමා සත්‍ය ආදායම. මිනිසුන් අනෙක් ආදායම් ඉපයීම සඳහා රෑ දවල් දෙකම බොහෝ සෙයින් වෙහෙසෙනවා. වෙළඳ ව්‍යාපාරයන්හි යෙදෙන්නන් එක් අතකින් කෑම ගන්නා අතර අනෙක් අතින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දුරකථනයෙන් කරගෙන යති. දැන් මට කියන්න එවැනි අය දැනුමේ මාර්ගය අනුගමනය කරන්නේ කෙසේද? ඔහු කියාවි මට වෙලාව නැහැ. ආහ් ! නමුත් ඔබ මෙහිදී සත්‍යයේ රාජ්‍යය ලබා ගනීවි. සරලව බාබා සිහිකරන්න. ඔබගේ පාප සිඳී යාවි. මිනිසුන් විශේෂ දේවතාවන් අට දෙනෙක් සිහිකරනවා. ඔවුන් එම සිහිපත් කිරීමෙන් ලබා ගන්නා වූ දෙයක් නැත. බාබා නිරන්තරයෙන්ම නැවත නැවතත් සෑම දේම පැහැදිලි කළත් ඔබලා කිසිවකුත් ඒවා සිහි නොකරයි. දරුවනි, ඔබලා හැම කෙනෙකුටම මෙම පණිවිඩය දිය යුතුයි. ඔබලා අහස්යානා වලින් හඳුන්වා දීමේ පත්‍රිකා බිමට හෙලීමට උත්සාහ කළ යුතුයි. එම පත්‍රිකා වල මෙසේ ලියන්න. ශිව බාබා මෙසේ කියයි. බ්‍රහ්මාත් ශිව බාබාගේ දරුවෙකි. ආරම්භයේදි ඔහු ප්‍රජාපිතාය. ඔහුත් පියෙක්, අර කෙනාත් පියෙක්ය. සමහර දරුවන් ශිව බාබා යන්න කියන විටම සෙනහසේ කඳුළු උතුරා යනවා. ඔවුන් බාබාව දැකලාවත් නැති දරුවන්ය. මෙසේ ලියනවා බාබා, ඔයාව හමුවන්න මට හැකිවන්නේ කවදාද? බාබා, ඔයා මාව මේ බැඳීම් වලින් ගලවා ගත්තා. බොහෝ අය කුමාරයින්ගේ දර්ශන දැක තිබෙනවා. ඔබ තව තවත් ඉදිරියට දියුණු වන විට බොහෝ දර්ශන ලැබේවි. නමුත් ඔබ උත්සාහ ගත යුතුයි. කෙනෙක් මිය යන මොහොතට ඔහුට දෙවියන් සිහි කරන්න කියා කියනවා. හැම කෙනෙක්ම අන්තිමේදී කෙතරම් උත්සාහයක් ගන්නේද කියා දැක ගැනීමට ඔබට පුළුවන් වේවි. ඒ හැම දෙනාම ඔහුව සිහිපත් කිරීමට පටන් ගන්නවා. පියා ඔබට අවවාද කරනවා දරුවනි, ඔබට හැකි කුමන වේලාවක වුවද උත්සාහය ගන්න. නැවුම් බවට පත් වන්න. ඔබගේ පව් පුළුස්සා ගැනීමට පියා සිහිපත් කිරිමේ සිටින්න. ඔබ ප්‍රමාද වී පැමිණි කෙනෙක් වුවද ඔබට ඉදිරියටම යා හැකි වෙනවා. කෝච්චියක් ටිකක් ප්‍රමාද වුවද ඒ අඩු වූ වේලාව ඉත්මණින් ගොස් සම්පූර්ණ කර ගත හැකියි. ඒනිසා, මෙහි පවා එහි අඩු වෙලාව ඔබට පුරවා ගත හැකියි. මෙහි පැමිණ ඔබගේ ආදායම උපයා ගැනීමට සම්බන්ධ වන්න. ඔබගේ යහපත සඳහා කුමක් කළ යුතුද කියා උපදෙස් දෙනවා. පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. හැඳින්වීමේ පත්‍රිකා අහස් යානා වලින් බිමට හෙලන්න. එවිට ඔබ දෙන නිවැරදි පණිවිඩය මිනිසුන්ට අවබෝධ කර ගත හැකි වේවි. භාරතය ඉතා විශාලයි. මෙය දැනගැනීම සඳහා හැම කෙනෙක්ම පැමිණිය යුතුයි. බාබා මා මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ යන්න කිසිවකුගෙන් පිටවිය නොයුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමැති දරුවෙක් බවට පත්ව ඔබගේ දෙඇස් ඔබව රවටා නැතිද කියා නිරීක්ෂණය කරන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට යටත් වී කිසිම වැරදි ක්‍රියාවක් කරන්න එපා. ඔබගේ සිහිපත් කිරිමේ බලයෙන් භෞතික ඉන්ද්‍රියන්ට රැවටීමේ මුලාවෙන් ඔබටම ගැලවීම ලබා ගත හැකිය.

2. මෙම සත්‍ය ආදායම උපයා ගැනීම සඳහා වෙලාව ලබා ගන්න. ඔබ ප්‍රමාද වී පැමිණි කෙනෙක් වුවද තවමත් උත්සාහ කිරීමට වෙලාව ලබා ගත හැකියි. ඔබගේ පව් පුළුස්සා ගැනීමට තිබෙන වේලාව මෙයයි. එමනිසා, කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා.

වරදානය:
ඔබ සෑම අවස්ථාවකදීම ආරක‍්ෂිතව සිටීමෙන්, වායු සමීකරණය කරන ලද ටිකට් පතකට අයිතියක් හිමි කරගනිත්වා.

වායු සමීකරණය කරන ලද ටිකට් පතක් ලැබෙන්නේ, මෙහිදි සෑම අවස්ථාවකදීම ආරක‍්ෂිතව සිටින දරුවන්ටය. කුමන සිදුවීමක් පැන නැඟුනත්, කුමන ප්‍රශ්නයක් පැමිණියත්, තත්පරයකදි සියලු ගැටළු අභිබවා යාමට ඔබට සහතිකයක් තිබිය යුතුයි. එම ටිකට් පතට ඔබ මුදල් ගෙවිය යුතු ආකාරයෙන්ම, ඔබට මෙහිදි ටිකට් පතක් ලබා ගැනීම සඳහා, නිරන්තරයෙන් ජයග්‍රහණය කිරීමේ මුදල් තිබිය යුතුයි. මෙම මුදල් ඉපයීමට, වෙහෙස වී වැඩ කිරීමට අවශ්‍ය නොවෙයි, නමුත් සෑම විටම පරම පියා සමඟ එකට සිටීමෙන් ඔබ නොගිණිය හැකි ප්‍රමාණයක ආදායමක් නොකඩවා රැස් කරගනියි.

පාඨය:
සිදුවීම කුමක් වුවත්, එයට යන්න ඉඩ දෙන්න, නමුත් කිසි විටෙක ඔබගේ සතුටට යෑමට ඉඩ නොදෙන්න.