04.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබත් පරම පියා මෙන්ම රූප් බසාන්ට් (ඥානය වස්සවන්නා වූ යෝගාහී ප්‍රතිමූර්තියක්) තත්ත්වයට පත්විය යුතුයි. ඥානය හා යෝගා හොඳින් ධාරණය කර ගනිමින් පුද්ගලයාගේ පෞරුෂත්වය අනුව එය ඔහු වෙත දානය කරන්න.

ප්‍රශ්නය:
පරම පියා විසින් සංගම් යුගයේ දී නවත්වාලන්නා වූ, තඹ යුගයේ සිට පැවත එන්නා වූ ක්‍රමය කුමක්ද?

පිළිතුර:
යමෙකුට වැඳීම තඹ යුගයේ සිටම පැවත එන ක්‍රියාවකි. බාබා කියනවා: මෙහිදී, ඔබ කිසිම කෙනෙකුට වැඳිය යුතු වන්නේ නැහැ. මම අභෝග්තා (අත්දැකීමෙන් ඔබ්බෙහි), අසෝච්තා (සිතිවිලි වලින් නිදහස් වූ තැනැත්තා) සහ අකර්තා (කිසිම දෙයක් නොකරන තැනැත්තා) වෙමි. දරුවන් පියාටත් වඩා ශ්‍රේෂ්ටයි. මන්ද, පියාගේ දේපළ අයත් වන්නේ දරුවන්ට වන නිසයි. එමනිසා, පරම පියා වන මම ඒ අයිතිකරුවන් වන ඔබට ආචාර දක්වනවා. ඔබ කිසිම විටෙක අන් අයට වැඳිය යුතු වන්නේ නැහැ. ඔව්, බාල මහලු අයට ගෞරව කළ යුතුයි.

ගීතය:
ඥානයේ වර්ෂාව ආදරවන්තයා සමග සිටින්නන්ටයි...

ඕම් ශාන්ති.
සෑම අවුරුද්දකම වැසි වසිනවා. ඒ වැසි වැසීම වන අතර, මෙය සෑම චක්‍රයකදීම සිදුවන්නා වූ ඥානයේ වර්ෂාවයි. මෙය තමයි අපිරිසිඳු ලෝකය, අපාය. එය විෂ සාගරය ලෙසත් හඳුන්වනවා. මෙම විෂ නිසා තමයි, එනම්, රාගයේ ගින්න නිසා තමයි භාරතය අවලස්සන වී තිබෙන්නේ. පරම පියා කියනවා: මා වන ඥානයේ සාගරය ඥානයේ වර්ෂාවෙන් ඔබව ලස්සන කරවනවා. රාවන්ගේ රාජ්‍යයේ සෑම කෙනෙක්ම අවලස්සන වී තිබෙනවා. මා දැන් නැවතත් සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත් කරවනවා. කිසිම අපිරිසිඳු ජීවාත්මයක් අශාරීරික ලෝකයේ නැහැ. අපිරිසිඳු වූ කිසිම කෙනෙක් සත් යුගයේ නැහැ. මේ, දැන් තිබෙන්නේ අපිරිසිඳු ලෝකයයි. ඉතින් දැන් සෑම කෙනෙක් මතම ඥානයේ වර්ෂාව වැසිය යුතුයි. මුළු ලෝකයම පාරිශුද්ධත්වයට පත්වන්නේ ඥානයේ වර්ෂාව මගිනි. ලෝකයේ කිසිම කෙනෙක් තමා අවලස්සන, අපිරිසිඳු බවට පත්වී තිබෙනවා යන්න ගැන දන්නේ නැහැ. සත් යුගයේ අපිරිසිඳු වූ කිසිවෙක් ඇත්තේ නැහැ. එහිදී මුළු ලෝකයම පිරිසිඳුයි. එහි කිසිවෙක් අපිරිසිඳුයි කියා, නාමයක් වත් නැහැ. මේ නිසා තමයි ඔවුන් විෂ්ණුව කිරි සයුරක් තුළ පෙන්වන්නේ. මිනිසුන්ට එහි අර්ථය වැටහෙන්නේ නැහැ. විෂ්ණු වූ කලී ලක්ෂ්මී හා නාරායනගේ ද්විත්ව ස්වරූපය බව ඔබ දන්නවා. එහිදී ගිතෙල් ගංගා ගලනවා කියා ඔවුන් කියනවා. එමනිසා, එහි කිරි සයුරක් ද අනිවාර්යෙන්ම තිබුණා විය යුතුයි. මිනිස්සු විෂ්ණු දෙවියන් ගැන කතා කරනවා. ඔබ විෂ්ණු දෙවියන් ලෙස හඳුන්වන්නේ නැහැ. කියමනක් තිබෙනවා: විෂ්ණු දේවතාවට ආචාර, බ්‍රහ්ම දේවතාවට ආචාර යනුවෙන්. ඔබ නොකියයි: විෂ්ණු දෙවියන්ට ආචාර කියා. මෙසේ කීම නිවැරදියි: උත්තරීතර ජීවාත්මය, ශිවාහට ආචාර. ඔබට දැන් අවබෝධය ලැබී තිබෙනවා. ඒ උසස්ම උසස් මල් දාමය රුද්‍රාගේ ශ්‍රී ශ්‍රී 108 බව කියනු ලබයි. උඩින්ම තිබෙන්නේ පුෂ්පයයි (ටසල්). පසුව ලක්ෂ්මී හා නාරායනව පෙන්නුම් කරනා ද්විත්ව මුතු ඇටය තිබෙනවා. බ්‍රහ්මා හා සරස්වතී ජෝඩුවක් ලෙස හැඳින්විය නොහැකියි. මෙය පිරිසිඳු මල් මාලයකි. ද්විත්ව මුතු ඇටය වන්නේ ලක්ෂ්මී හා නාරායනයි. එය ගෘහ ජීවිත මාර්ගයයි. විෂ්ණු යනු ලක්ෂ්මී හා නාරායනගේ වංශයයි. ඔවුන් නිකම්ම ලක්ෂ්මී හා නාරායන ගැන කතා කරනවා. නමුත් ඔවුන්ටත් තම තමන්ගේ දරුවන් ඉන්නවා. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. දරුවන් දැන් විෂ සාගරයෙන් එපිටට පැමිණ සිටිනවා. එය කාලිදා (සාගරය පතුලේ ජීවත් වූ විෂ සහිත නාග රාජයෙක් ගැන එක් කතාවක්) ලෙසත් හැඳින්වෙනවා. ස්වර්ණමය යුගයේදී එවන් වූ දෙයක් සිදුවන්නේ නැහැ. ඔවුන් කියනවා: ඔහු නාගයෙකු මත නැටුම් නටමින් නොයෙක් දේ කළ බව! ඒ සියල්ල බොරු කතා. ඔවුන් දිගින් දිගටම අන්ධ විශ්වාසයෙන් යුතුව බෝනික්කන් (පිළිම) වන්දනා කරමින් ඉන්නවා. ඔවුන් දේවතාවන්ගේ නොයෙකුත් පිළිම තනනවා. ඒ දේවතාවන් අලංකාර කිරීමට සිය දහස් ගණන් වියදම් කරනවා. සමහරු, ඒවා නියම රත්රන් ආභරණවලින් පවා අලංකාර කරනවා. මන්ද, ඔවුන් පසුව ඒවා බ්‍රහමින් පූජකවරුන්ට පූජා කරනා නිසයි. බ්‍රහමින් පූජකවරුන් තමයි වන්දනා කිරීම් දිගින් දිගටම ගෙන යන්නේ. මිනිසුන් මගින් ඔවුන් බොහෝ වියදම් සිදු කරනවා. ඔවුන් බොහෝ අලංකාර ලෙස දේවතාවරුන්ගේ පාවෙන නිර්මාණයන් කරනවා. මිනිසුන්ද දේවතාවරුන්ගේ පිළිම සාදා, ඒවා නඩත්තු කරමින්, අලංකාර කරමින් සිට පසුව පාකර හරිනවා. එය හඳුන්වන්නේ බෝනික්කන්ට වන්දනා කිරීමක් ලෙසයි. එම වන්දනාව අන්ධ විශ්වාසයක් වන්නේ කෙසේද යන්න ගැන ඔබට ඔබගේ දේශන වලදී විස්තර කර දෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ගනේෂ්ගේත් ඉතාමත් හොඳ පිළිම තනනවා. හොඬවැලකින් යුතු වූ මනුෂ්‍යයෙක් සිටිය නොහැකියි. ඔවුන් නොයෙකුත් ආකාරයේ පිළිම තනනවා. ඒ වෙනුවෙන් බොහෝ මුදල් වැය කරනවා. පරම පියා දරුවන් වන ඔබට විස්තර කර දෙනවා: මා ඔබව බොහෝ ධනවත් බවට පත්කොට ලෝක පාලකයන් බවට පත් කරවනවා. උත්තරීතර ජීවාත්මය මෙහි අසුන්ගෙන ජීවාත්ම වන ඔබට විස්තර කර දෙනවා. මීට ඉහත කල්පයේදීත් මේවා අධ්‍යයනය කරමින් ශ්‍රීමත් ද අනුගමනය කළ අය නැවතත් වතාවක් එසේ කරනා බවත් ඔබ දන්නවා. ඉගෙන ගන්නේ නැතිව දිගින් දිගටම අතන මෙතන යමින් පමණක්ම සිටියහොත් ඔබ නරක් වනවා. සේවක සේවිකාවන් ලබන්නේ පහත් තත්ත්වයක් පමණයි. මා දැන් ඔබව මේ අවිනාශී ඥාන මිණිමුතුවලින් ධනවත් කරවනවා. මිනිස්සු ශිවා හා ශංකර් යන්නෙහි අර්ථය දන්නේ නැහැ. ඔවුන් ශංකර් ඉදිරියට ගොස් මෙසේ කියනවා: මගේ පින් මඩිස්සලය පුරවාලන්න. කොහොමනමුත්, ශංකර් කිසිම කෙනෙකුගේ මඩිස්සල පුරවන්නට යන්නේ නැහැ. පියා දැන් ඔබට මේ අවිනාශී වූ ඥාන මිණිමුතු ලබා දෙනවා. ඔබ ඒවා එකතු කරගත යුතුයි. සෑම මිණිමුතුවක්ම රුපියල් සිය දහස් ගණනක් වටිනවා. ඔබ මේවා හොඳින් එක් කොටගෙන අන් අයටත් එසේ කිරීමට දිරිගැන්විය යුතුයි. ඒවා දානය කළ යුතුයි. බාබා විස්තර කර තිබෙනවා: ඔබ ඉදිරියේ සිටින පුද්ගලයාට අනුව දානය කරන්න. ඔබට සවන් දීමට කිසිම කැමැත්තක් නොදක්වන අයට විස්තර කර දීමට යාමෙන් ඔබගේ කාලය අපතේ හරින්න එපා. ශිවාගේත් දේවතාවන්ගේත් භක්තිවන්තයින්ට විස්තර කර දීමට උත්සාහ කරන්න. එය ඔබගේ කාලය අපතේ හැරීමක් නොවේ. බාබා, රූප් හා බසාන්ට් වන්නා සේම ඔබ සෑම කෙනෙක්මත් රූප් හා බසාන්ට් තත්ත්වයට පත්විය යුතුයි. ඔහුගේ ස්වරූපය අණ්ඩාකාර එළියක් (ජෝති ලිංගමයක්) නොවේ. ඔහු තාරකාවක් වැනියි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වාසය කරන්නේ ඒ උත්තරීතර දනව්වේයි. උත්තරීතර දනව්ව වන්නේ මෙලොවින් ඔබ්බෙහි තිබෙන්නා වූ දේශයයි. ජීවාත්ම, උත්තරීතර ජීවාත්මය ලෙස හැඳින්විය නොහැකියි. එම ඒකායන කෙනා උත්තරීතර ජීවාත්මයයි. මෙහි අසතුටින් සිටිනා ජීවාත්ම උත්තරීතර පියාට කන්නලව් කරනවා. ඔහු උත්තරීතර ජීවාත්මය ලෙස හැදින්වේ. ඔහු තිතක් පමණි. ඒ ඔහුට නමක් හෝ ස්වරූපයක් නැතැයි යන්න නොවේ. ඔහු ඥාන සාගරය, පාරිශුද්ධකරුවාය. ලෝකයා මේ ගැන දන්නේ නැහැ. ඔවුන්ගෙන් අහන්න: උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ඉන්නේ කොහේද? ඔහු සෑම තැනකම ඉන්නවා කියා ඔවුන් කියයි. ඔහෝ! ඔබ ඔහු පාරිශුද්ධකරුවා ලෙස හඳුන්වනවා. ඉතින්, ඔහු කොහොමද සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත් කරන්නේ? ඔවුන් කිසිම දෙයක් වටහා ගන්නේ නැහැ. මෙය හඳුන්වන්නේ අන්ධකාරයේ නගරය ලෙසයි. බාබා ඔබව සියලු දෙයින් නිදහස් කොට තිබෙනවා. බාබා අභෝග්තා, අකර්තා (කිසිම දෙයක් නොකරන තැනැත්තා) සහ අසෝච්තා (සිතිවිලි වලින් නිදහස් වූ තැනැත්තා) වනවා. ඔහු කිසිම විටෙක ඔබට තම දෙපා ඉදිරියේ දණ ගසන්නට ඉඩ දෙන්නේ නැහැ. කෙසේවෙතත්, තඹ යුගයේ සිට එය එසේ පැවත එනවා. බාල අය වැඩිමහල් අයට ගෞරවය දක්වනවා. ඇත්තෙන්ම දරුවන් තම පියාගේ දේපළ සඳහා උරුමක්කරුවන් බවට පත්වනවා. පරම පියා කියනවා: මගේ දේපළ අයිතිකරුවන් ඔබයි. පාලකයන් වන ඔබට ඔහු ආචාර කරනවා. පියා පාලකයා වුවත්, සියලු දේපළෙහි නියම පාලකයන් වන්නේ දරුවන්ය. ඔහු ඔබට තමා ඉදිරියේ දණින් වැටෙන්නටවත්, මේ මේ දේ කරන්නට කියාවත් කියන්නේ නැහැ. දරුවන් ඔහුව හමුවීමට පැමිණෙන විට බාබා කියනවා: ශිව බාබා සිහිපත් කොට පසුව ඔහුව හමුවීමට පැමිණෙන්න. ජිවාත්මය මෙසේ පවසනවා: මා ශිව බාබා විසින් දරුවෙක් ලෙස හදා ගැනීමට ගෙන තිබෙනවා. මිනිස්සු මේ කරුණු ගැන පටලැවිල්ලට පත්වෙනවා. ශිව බාබා ඔබව ලබා ගන්නේ බ්‍රහ්මාගේ ශරීරය මාර්ගයෙනි. එමනිසා, මව වන්නේ මොහුයි. තමා පැමිණ සිටින්නේ තම මව හා පියා මුණගැසීමට බව ඔබට වැටහෙනවා. ඔබ ශිව බාබා සිහිපත් කළ යුතුමයි. එමනිසා, පළවනම මාතාව මොහුයි. ශිව බාබාගෙන් ඔබ උරුමයක් ලබා ගන්නවා. මොහු ද ඔහුගේ සිහියෙහි ඉන්නවා. පියා ඔබට විස්තර කරනා සියලු දේ හොඳින් ධාරණය කර ගන්න. රුප් හා බසාන්ට් තත්ත්වයට පත්වන්න. ඔබ යෝගාහී යෙදුනහොත්, ඥානය ධාරණය කරගෙන අන් අයවත් ඒ සඳහා දිරිගැන්වුවහොත්, ඔබත් මා මෙන්ම රුප් හා බසාන්ට් තත්ත්වයට පත්වනු ඇත. පසුව ඔබ මාත් සමගම යනවා ඇත. ඔබ බුද්ධිය තුළ දැන් මෙම දැනුම තිබෙනවා. පසුව, ඔබ ස්වර්ණම යුගයට ගිය කල මෙම දැනුම සම්පූර්ණ වනවා. පසුව තිළිණය ලැබීමට ආරම්භ වන අතර දැනුමේ කොටස අවසන් වනවා. මෙම කරුණු ඉතාමත් සූක්ෂමයි. කිසිම කෙනෙක් මේවා තේරුම් ගන්නේ නැහැ. පියා, මහලු මව්වරුන්ටත් විස්තර කර දෙනවා: වෙන කිසිම කෙනෙක් නොව, ඒ ඒකායන කෙනා පමණක් සිහිපත් කරන්න. ඔබ පරම පියා වෙතට ගොස්, පසුව ක්‍රිෂ්ණාගේ දේශයට යනු ඇත. මෙය කාන්ස්ලාගේ (යක්ෂයින්ගේ) දේශයයි. ක්‍රිෂ්ණාගේ දේශයේ කාන්ස්ලා සිටියේ නැහැ. ඒ සියල්ල බොරු කතා. ක්‍රිෂ්ණාගේ මවට දරුවන් අට දෙනෙකු සිටි බව ඔවුන් පෙන්නුම් කරනවා. එය නිග්‍රහයක්. ක්‍රිෂ්ණාව බඳුනක බහා ගංගාවක් හරහා ගෙන යන අයුරුත්, එවිට එම ගංගාව වූ යමුණා නදිය පහළට බැස ගිය බවත් ඔවුන් පෙන්නුම් කර තිබෙනවා. මෙවැනි දේ එහි ඇත්තේ නැහැ. දරුවන් දැන් ආලෝකය ලබා තිබෙනවා. පරම පියා කියනවා: මේ වන විට ඔබ අසා ඇති සියලු දේ අමතක කර දමන්න. පරම පියා කියනවා: යාගහෝම කිරීමෙන් හෝ තපස්යා කිරීමෙන් කිසිම කෙනෙක්ට මා හමුවිය නොහැකියි. ජීවාත්මයක් තමෝප්‍රධාන් තත්ත්වයට පත්වූ විට, එහි පියාපත් කැපී යනවා. මුළු ලෝකයම දැන් ගිනි ගැනීමටයි තිබෙන්නේ. ඔවුන් හෝලිකාව (හෝලී ගින්න) නිර්මාණය කරනා විට, ඒ මත පැණි රස චපාති හදනවා. ඉන් සංකේතවත් වන්නේ ජීවාත්මය හා ශරීරය යන දෙකයි. සෑම කෙනෙකුගේම ශරීරය පිළිස්සී යන නමුත්, ජීවාත්මය අමරණීය ලෙස සිටිනවා. ස්වර්ණමය යුගයේ මෙතරම් මිනිසුන් හෝ ආගම් ප්‍රමාණයක් නොතිබුණු බව දරුවන්ට දැන් වැටහෙනවා. එහි තිබුණේ එකම එක ආදී සනාතන දේවී දේවතා ධර්මයක් පමණයි. භාරතය සියල්ලටම වඩා ශ්‍රේෂ්ට වූ පූජනීය ස්ථානයයි. බොහෝ දෙනා කාශී වෙත ගොස් තමා දැන් දිගටම කාශී වැසියෙක් ලෙස වාසය කරයි කියා සිතනවා. ඔවුන්ට අවශ්‍ය ශිවා සිටිනා තැන තම ශරීරය අත්හැර යාමටයි. බොහෝ ශාන්තුවරුන් එහි ගොස් ඉන්නවා. දවස පුරාම ඔවුන් මෙම ගීතය ගායනා කරනවා: විශ්වයේ ස්වාමියා (විශ්වනාත් ගංගා) හට ජය. ශිවා තුළින් ජල ගංගා මතුවිය නොහැකියි. මිනිස්සු ශිවාගේ දොරකඩ අභියස මිය යාමටත් කැමතියි. ඔබ දැන් ප්‍රායෝගික ලෙසම මෙම දොරකඩ ඉදිරිපිට ඉන්නවා. ඔබ කොහේ සිටියත් දිගින් දිගටම ශිව බාබා සිහිපත් කරන්න. ශිව බාබා තම පියා බව ඔබ දන්නවා. ඔහු සිහිපත් කරමින් සිටිනා අතර අප ඔහු වෙත යනවා. ඉතින් ඔබ තුළ ශිව බාබා වෙත එවන් වූ සෙනෙහසක් තිබිය යුතුයි. ඔහුට තමාටම කියා පියෙක් හෝ ගුරුවරයෙක් හෝ ඇත්තේ නැහැ. අනෙක් සෑම කෙනෙකුටම ඉන්නවා. ඒ පරම පියා, බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර්ගේත් නිර්මාණකරුවායි. නිර්මාණයකට තවත් නිර්මාණයකින්ම උරුමය ලබාගත නොහැකියි. සෑම විටම උරුමයක් ලැබෙන්නේ දරුවන්ට තම පියාගෙනි. තමා දැන් ඒ ඥානයේ සාගරය, පරම පියා ලඟට පැමිණ සිටිනා බව දරුවන් දන්නවා. පියා දැන් ඔබ මත ඥානයේ වර්ෂාව වස්සවනවා. ඔබ දැන් පාරිශුද්ධත්වයට පත්වෙමින් සිටිනවා. අනෙක් සෑම කෙනෙක්ම තම කර්ම ගෙවා දමා තම දේශය වෙත යනවා. ඒ අශාරීරික ලෝකයේ ජීවාත්මයන්ගේ ජීවාත්ම වෘක්ෂයක් තිබෙනවා. මෙහි තිබෙන්නේ භෞතික වෘක්ෂයයි. එහි රුද්‍රාගේ මාලය තිබෙනා අතර, මෙහි තිබෙන්නේ විශ්ණුගේ මාලයයි. පසුව පුංචි පුංචි අතු (වංශ) නොකඩවාම මතුවනවා. එසේ අතු මතුවනවාත් සමගම වෘක්ෂය විශාල වනවා. දැන් සෑම කෙනෙක්ම නිවස වෙත යා යුතුයි. පසුව දේවතා ධර්මය මෙහි පාලනය ගෙන යා යුතු වනවා. ඔබ දැන් මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට, ලෝක පාලකයන් බවට පත්වනවා. එමනිසා, පරමාත්ම දෙවියන් අපට උගන්වනවා යන්න ගැන සිතීමෙන් ඔබ බොහෝ සතුටට පත්විය යුතුයි. ඔහු රාජයෝගා හා ඥානය මාර්ගයෙන් ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. ඔහු සාමාන්‍ය කාන්තාවකගෙන් ඔබව ලක්ෂ්මී බවටත්, සාමාන්‍ය පුරුෂයෙකුගෙන් නාරායන බවටත් වෙනස් කරනවා. සූර්ය වංශය පසුව චන්ද්‍ර වංශය වෙත යනවා. බාබා සෑම දිනකම ඔබට විස්තර කර දෙමින් මෙය ඔබට අවබෝධ කරවනවා. වළාකුළු වන ඔබ, ඔබව පුරවාගැනීම උදෙසා සාගරය වෙත එනවා. ඔබ තමාව පුරවාගෙන පසුව, ගිහින් එය වැස්සවිය යුතුයි. ඔබ තමාව පුරවා නොගතහොත්, ඔබ උසස් තත්ත්වයක් නොලබන අතර සේවකයන් අතර කොටස්කරුවෙක් බවට පත්වනු ඇත. හැකි උපරිම අයුරින් පියා සිහිපත් කිරීමට උත්සාහ කරන්න. මෙහි සමහරු දිගින් දිගටම කවුරු හෝ කෙනෙක් සිහිකරමින් සිටිනා අතර, තවත් සමහරෙක් තව කවුරුන් හෝ සිහිකරමින් ඉන්නවා; නම් බොහොමයක් තිබෙනවා. පරම පියා පැමිණ මෙසේ කියනවා: මව්වරුන්ට ආචාර. ඒ වගේම ඔවුන්, දෙවියන් දෘපතීගේ දෙපා සම්බාහනය කරනා අයුරු පවා පෙන්වා තිබෙනවා. මහලු මව්වරුන් බාබා ළඟට පැමිණි විට, බාබා අහනවා: දරුව, ඔබට වෙහෙසද? තවත් ටික දිනක් පමණයි දැන් ඉතිරි වී තිබෙන්නේ. නිවසෙහි සිටිනා ගමන් ඔබට ශිව බාබාවත්, ඔහුගේ උරුමයත් සිහිපත් කළ හැකියි. ඔබ කෙතරම් දුරට ඔහුව සිහිපත් කරනවාද, ඒ තරමටම ඔබ පාප පරාජය කළ අයෙක් බවට පත්වනු ඇත. ඔබ අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත් නොකළහොත්, සේවකයන් නිර්මාණය වන්නේ කෙසේද? ඔබ සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. ඔබ මෙය හොඳින් ධාරණය කරගෙන, අන් අයවත් ඔබට සමාන කරවන්න ඕන. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම කරුණකදීම ඔබගේ කාලය ප්‍රයෝජනවත් ලෙස යොදවන්න. සුදුස්සන්ට දානය දෙන්න. ඔබට සවන් දීමට සූදානම් නැති අය පසුපස යමින් ඔබගේ කාලය අපතේ හරින්න එපා. පරම පියාගේත්, දේවතාවන්ගේත් භක්තිවන්තයින් හට ඥානය දානය කරන්න.

2. අවිනාශී වූ ඥාන මිණිමුතු ධාරණය කරගෙන ධනවත් වන්න. අනිවාර්යෙන්ම ඔබ ඉගෙන ගත යුතුයි. සෑම මිණිමුතුවක්ම රුපියල් සිය දහස් ගණන් වටිනවා. එමනිසා, ඒවා හොඳින් ධාරණය කරගෙන අන් අයවත් එසේ කිරීමට දිරි ගන්වන්න.

වරදානය:
ඔබ විසින් කරනා සෑම කාර්යයෙහිම පරම පියාගේ ආශ්‍රය මිත‍්‍රයෙකුගේ ස්වරූපයෙන් අත්විඳිමින් ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

පහසුතම සහ නිරන්තර ස්මෘතියෙහි ඉඳීමට ඇති මාර්ගය නම් අඛණ්ඩව පරම පියාගේ මිත්‍රත්වය අත්විඳීම ය. ඔහුගේ ඇසුරේ වින්දනය ඔබව මහන්සි වී වැඩ කිරීමෙත් නිදහස් කරයි. ඔහුගේ ඇසුර තිබෙන විට ඔබට ස්මෘතිය තිබේවි එහෙත් මෙම ඇසුර හුදෙක් ඔබ ළඟින් ඉඳීම නොවෙයි. මෙම මිත්‍රත්වය යනු ඔබේ සහායකයා වීමයි. ඔබ සමඟ සිටින කෙනෙක්ව ඇතැම්විට ඔබට අමතක විය හැකියි. නමුත් මේ මිත්‍රයාව අමතක කළ නොහැක. එමනිසා, ඔබ විසින් කරන සෑම ක්‍රියාවෙහි ම පරම පියා එවන් වූ සහකරුවා වේ. ඔහු අපහසු දේවල් පහසු කරවයි. ඔබ නිරන්තරව නොකඩවා මේ සහකරුවාගේ ඇසුර අත්විඳින්නේ නම්, ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වනවා ඇත.

පාඨය:
විශේෂ ජීවාත්මයක් වීම සඳහා, විශේෂතා පමණක් දකින්න සහ කතාකරනන්න.

මාතේෂ්වරීජීගේ අමිලවූ උසස් වදන්.

අපගේ පියවි ඇසින් කුමක් දුටුවත් අප දන්නවා දැන් මේ යකඩ යුගය අවසානය සහ ස්වර්ණමය යුගී දේවතා ලෝකය ස්ථාපනය වෙමින් තිබෙන බව. අපගේ දෑසෙහි, මේ යකඩ යුග ලෝකය දැනටමත් අවසන් වී ඇත්තේ. ගීතාවේ දෙවියන්ගේ උසස් වදන්නම්: දරුවනි, ඔබ දුටු එම සියලු ගුරුන් සහ සාන්තුවරු ආදින් කලින්ම අපවත් වූවා. ඇත්තෙන්ම, අප වටහාගත්තා මේ මුළු මහත් මානව සංහතියම යකඩ යුගයට ළඟා වී ඇති නිසායි පරමාත්ම දෙවියන්ගේ උපත්: මා මේ අධර්මිෂ්ඨ ලොවේ විනාශය පොළඹවා, දේවතා ලොව ස්ථාපනය කරනවා. මේ නිසයි, අපට කිව හැක්කේ සියල්ල දැනටමත් මිය ගොස් ඇතැයි කියා. මේ ලෝකය සමඟ අපට කිසිම සම්බන්ධයක් නැත. මේ පරණ ලොව පණ ඇති දෙයක් ලෙස නොදකින්න. නව ලොව සඳහා සත්දිත පාඨමාලාව කරන්න, මන්ද, නව ලොව ස්ථාපනය වී ඔබ සැවොම එහි දිගටම ජීවත් වනවා ඇත. ඉතින්, මේ ලෝකය අපගේ නොවෙයි. මිනිසුන් මෙසේ, තමන් හොඳ ක්‍රියාවන් කිරිමෙන්, දානමාන සහ පිංකම් කිරීමෙන් පසුව නැවත මේ ලොවටම පැමිණ සියල්ල අත්විඳිනවා යැයි සිතුවා වුවත්, අප දන්නවා මේ ලොව දැන් අවසන් වීමටයි යන්නේ කියා. ඉතින්, මේ නැසෙන සුළු ලොවේ ඵලයත් නැසෙන සුළුයි. තවදුරටත් පුනරුත්පත්ති නොතිබේවි. දැන් බලන්න. අපගේ දර්ශනය සහ එම ලොවත් අතර කොපමණ වෙනසක් තිබේද කියා. අපට මෙම විශ්වාසය තිබෙතොත් පමණයි අපට උගන්වන ඒකායන කෙනා කෙරෙහි විශ්වාසය ඇති වන්නේ. අච්චා.