04.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මල් බවට පත් වන විට, මෙම භාරතය, කටු කැලයකින් පරිවර්ථනය වී, සම්පූර්ණ මල් උයනක් බවට පත් වෙයි. බාබා පැමිණ සිටින්නේ ඔබව මල් බවට පත් කරවීමටයි.

ප්‍රශ්නය:
දේවාලයක හිඳුවීමට සුදුසු වීම සඳහා, ඔබ අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා මොනවාද?

පිළිතුර:
දේවාලයක හිඳුවීමට සුදුසු වීම සඳහා, ඔබගේ හැසිරීමට විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබගේ හැසිරීම ඉතාමත්ම මිහිරි මෙන්ම රාජකීය විය යුතුයි. කෙතරම් මිහිරි බවක් තිබිය යුතුද යත්, අන් අයට ඔබගේ මිහිරියාව දැනෙන්නට ඕනේ. බොහෝ දෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දෙන්න. තමන්ට යහපතක් සිදු කරගැනීම සඳහා, ඉතා හොඳින් උත්සාහ දරා, සේවයේ නියැලී සිටින්න.

ගීතය:
ලෝකය වෙනස් වුවත්, අප කිසිදා වෙනස් නොවන්නේය.

ඕම් ශාන්ති.
පියා අපට බ්‍රහ්මා හරහා විස්තර කරන බව ඔය ආධ්‍යාත්මික දරුවන් දන්නවා. ඔහු දිගින් දිගටම බ්‍රහ්මාගේ රථය මඟින් විස්තර කරයි. අප ශ්‍රීමත් අනුගමනය කර, භාරතයේ මෙම අපවිත්‍ර භූමිය පරිවර්ථනය කරන බවට, අප ඔහුට පොරොන්දු වී තිබේ. විශේෂයෙන්ම භාරතයත්, පොදුවේ ලෝකයත්, අපවිත්‍ර බවින් පිවිතුරු කරන මාවත, අප සෑම කෙනෙකුටම පෙන්වන්නෙමු. ඔබ සෑම කෙනෙක්ම මෙම සියලුම සැලකිලිමත්කම් ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. පියා පවසන්නේ නාටකයට අනුව, කාලය පැමිණෙන විට සහ ඔබ මල් බවට පත් වී ඇති විට, ඔබගේ උයන සම්පූර්ණයෙන්ම සුදානම් වී තිබෙයි. උයනේ අධිපති, උයන්පල්ලා, ශාරීරික කෙනා නොව, අශාරීරික කෙනාය. උයන් පල්ලා ශරීරයක් නොව, ජීවාත්මයකි. උයනේ අධිපති, ජීවාත්මයක්. පියා අනිවාර්යෙන්ම සිරුරක් තුළින් විස්තර කළ යුතුයි. ඔහු මෙම සිරුර තුළ සිටින විටයි, ඔහුට උයන්පල්ලා සහ උයනේ අධිපති යැයි අමතන්නේ, මන්ද ඔහු මෙම ලෝකය, මල් උයනක් බවට පත් කරවන බැවින්. එම දේවතාවන් වාසය කළ උයනක් තිබුණා එහි දුකක් තිබුණේ නැත. මෙම කටු කැලයේ දුක තිබේ. මෙය රාවණගේ රාජධානියයි, කටු කැලයයි. කිසි කෙනෙක් සැනෙකින් මලක් වන්නේ නැත. ඔවුන් දේවතා පිළිම ඉදිරියට ගොස් මෙසේ ගයති අප උපතින් උපතට පාපතරයන් වී තිබේ. අප අජාමිල් (මහා පාපතරයෙක්) වැනිය. පැමිණ, ඔවුන්ව පුණ්‍යවන්ත ජීව බවට පත් කරන මෙන් ඔවුන් දෙවියන්ට අයදියි. ඔවුන් වර්තමානයේ පාපතර ජීව බවත්, යම් කලකදී පුණ්‍යවන්ත ජීවයන්ව සිටි බවත්, ඔවුන්ට වැටහෙයි. දැන් මෙම පැරණි ලෝකයේ තිබෙන්නේ, පුණ්‍යවන්ත ජීවයන්ගේ ප්‍රතිමා පමණයි. රාජධානි වල නායකයන්ගේ ප්‍රතිමා තිබේ. ඔවුන්ව එය බවට පත් කළේ, අශාරීරික ශිවාය. තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිමා පමණයි, අන් කෙනෙකුගේ නොව. ඉන්පසුව ඔවුන් ශිවාව නියෝජනය කිරීමට, විශාල ලිංගමයක් නිර්මාණය කළා. ජීවාත්මයක්, තරුවක් වැනි බව ඔවුන් කියයි. එබැවින් පියාද නිසැකයෙන්ම එවැනි වනු ඇත. කෙසේවෙතත්, ඔවුන්ට ඔහුගේ සම්පූර්ණ හැඳින්වීම නැත. මුළු ලොව පුරාම ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය පැවතුණි. මිනිසුන් ලක‍්ෂ්මි සහ නාරායන් ගැන අපහාසාත්මක කිසිවක් කොහේවත් ලියන්නේ නැත. කෙසේවෙතත්, ක්‍රිෂ්ණාට, ඔවුන් විටෙක ඔහුව තඹ යුගයේ පෙන්නුම් කරන අතර තවත් විටෙක වෙනත් තැනක පෙන්වයි. ලක‍්ෂ්මි සහ නාරායන් දිව්‍ය ලෝකයේ අධිපතියන්ව සිටි බව සෑම කෙනෙක්ම කියති. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. රාධේ සහ ක්‍රිෂ්ණා යනු කවරෙක්ද? දුප්පත් අසරණ මිනිසුන් සම්පූර්ණයෙන්ම අවුලට පත්ව සිටියි ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. පියාගෙන් මෙය වටහාගැනීමට පැමිණෙන අයට, වෙනත් අයටද විස්තර කළ හැක. එසේ නොමැතිනම්, ඔබ ඔවුන්ට කොතරම් පැහැදිලි කළද, ඔවුන් වටිනා අය නොවන අතර, ඔවුන්ට දිව්‍යමය ගුණදම් ධාරණය කරගැනීමට නොහැක. කෙසේවෙතත් නාටකයට අනුව, එය එසේ සිදුවිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම පියාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතු බවත්, ඔබගේ සිරුරු, මනස සහ ධනයෙන් භාරතයට ආධ්‍යාත්මික සේවය කළ යුතු බවත් ඔය දරුවන්ට වටහා ගැනීමට පුළුවනි. ඔබගේ ප්‍රදර්ශන වලදී, ඔබ භාරතයට සේවය කරන්නේ කෙසේද කියා මිනිසුන් ඔබගෙන් විමසයි. එය වනාන්තරයකින්, උයනක් බවට පරිවර්ථනය කිරීමෙන් ඔබ භාරතයට හොඳින් සේවය කරන බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගය, උයනක් වන අතර මෙය, සෑම කෙනෙක්ම එකිනෙකාට දිගින් දිගටම දුක් දෙන, කටු වනාන්තරයකි. ඔබට මෙය ඉතා හොඳින් විස්තර කළ හැක. ඔබ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ ඉතා හොඳ පිංතූරයක් නිර්මාණය කළ යුතුයි. ඔවුන්ගේ බොහෝ සේ අලංකාර පිංතූර නිර්මාණය කර, දේවාල වල පෙන්වා ඇත. විටෙක පිංතූර බොහෝ ලස්සන වන අතර විටෙක ඒවා තද නිල් පැහැයක් ගනී, නමුත් මිනිසුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. ඔය දරුවන්ට දැන් මේ සියලුම දැනුම තිබේ. පියා පවසන්නේ ඔබ සෑම කෙනෙක්ම දේවාලයක සිටීමට සුදුසු අය බවට පත් කිරීමට මා පැමිණ ඇත. කෙසේවෙතත්, සෑම කෙනෙක්ම දේවාලයක සිටින්නට තරම් සුදුසු වන්නේ නැත. පුරවැසියන්ට දේවාලයක සිටින්නට සුදුසු අය යැයි නොකියයි. උත්සාහ දරා, බොහෝ සේවය කරන අයට පමණයි, පුරවැසියන් සිටින්නේ. ඔය දරුවන් ආධ්‍යාත්මික සමාජ සේවයද කළ යුතුයි. මෙම සේවයේ, ඔබගේ ජීවිතය වටිනා එකක් බවට පත් කරගන්න. අන් අයට මිහිරියාවෙන් යුතුව විස්තර කිරීමට හැකි වන පරිදි ඔබගේ හැසිරීම බොහෝ මිහිරි සහ ආදරණීය විය යුතුයි. ඔබම කටුවක් නම්, ඔබ අන් අයව මල් බවට පත් කරවන්නේ කෙසේද? ඔබගේ ඊතලය, ඉලක්කයට නොවදිනු ඇත. ඔබ පියාව සිහිපත් නොකරන්නේ නම්, ඊතලය, ඉලක්කයේ වදින්නේ කෙසේද? තමන්ට යහපතක් සිදු කරගැනීම සඳහා, ඉතා හොඳින් උත්සාහ දරා, සේවයේ නියුතු වන්න. පියාද සේවයේ සිටිනවා, එසේ නොවේද? ඔය දරුවන්ද දිවා, රාත්‍රියේ සේවයේ යෙදී සිටිය යුතුයි. දෙවනුව, බාබා විස්තර කරනවා, ශිව ජයන්තියට බොහෝ දරුවන් විදුලි පණිවුඩ යවන බව. ඒවා කියවන ඕනෑම කෙනෙකුට ශිව ජයන්තිහි අරුත වැටහෙන අන්දමින් ඒවායේ ඉතා හොඳ පැහැදිලි කිරීමක් තිබිය යුතුයි. අනාගතය වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. බොහෝ දෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දීමට කළ යුත්තේ කුමනාකාරයක සේවයක්ද කියා තීරණය කිරීමට සම්මන්ත්‍රණද පැවැත්වෙයි. මෙහි විදුලි පණිවිඩවල බොහෝ නිදසුන් තිබේ ඔබට ඒවාගෙන් බොහෝ ප්‍රයෝජන ගත හැක. ලියා ඇති ලිපිනය වන්නේ, බ්‍රහ්මා බාරේ, ශිව බාබා. ප්‍රජාපිතා බ්‍රහ්මා (ප්‍රජාවගේ පියා) ද සිටියි. එම කෙනා, ආධ්‍යාත්මික පියා වන අතර මෙම කෙනා, භෞතික පියාය. භෞතික නිර්මාණය නිමවන්නේ මෙම කෙනා මඟිනි. පියා, මනුෂ්‍ය ලෝකයේ නිර්මාපකයාය. ඔහු නිර්මාණය, නිමවන්නේ කෙසේද කියා, ලෝකයේ කිසිවෙක් නොදනී. පියා දැන් බ්‍රහ්ම ගේ මාර්ගයෙන් නව නිර්මාණය බිහි කරනවා. බ්‍රහ්මිණ්වරුන් මුදුන් මල්කඩයි. පළමුවෙන්ම, අනිවාර්යෙන්ම බ්‍රහ්මිණ්වරු අවශ්‍යයි. බහුරූපී පිළිරුවේ, මුදුන් මල් කඩ ඔවුන්ය බ්‍රහ්මිණ්වරු, දේවතාවන්, ක‍්ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන්. ශුද්‍රයින්ට පළමුව සිටිය නොහැක. පියා, බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රහ්මිණ්වරු නිර්මාණය කරයි. ඔහු කවුරු මාර්ගයෙන්ද එමෙන්ම කෙසේද ශුද්‍රයින් නිර්මාණය කරන්නේ? නව නිර්මාණය නිමවන්නේ කෙසේද කියා ඔය දරුවන්ට වැටහෙනවා. මෙය සිදු කරන්නේ පියා, ඔය දරුවන්ව දරුකමට හදාගැනීමෙනි. පියා ඔබව ශුද්‍රයින්ගෙන්, බ්‍රහ්මණයන් බවට පරිවර්ථනය කිරීමට, සෑම චක්‍රයකදීම පැමිණෙයි. ඉන්පසුව බ්‍රහ්මිණ්වරුන්ගෙන් ඔහු ඔබව දේවතාවන් බවට පත් කරවයි. බ්‍රහ්මිණ්වරුන්ගේ සේවය බොහෝ ශ්‍රේෂ්ඨයි. අර බ්‍රහ්මිණ්වරුන් පිවිතුරු නොමැති බැවින්, ඔවුන් වෙනත් කෙනෙක්ව පිවිතුරු කරන්නේ කෙසේද? බ්‍රහ්මණ පූජකයෙක්, සන්යාසී කෙනෙකුට රාඛියක් බඳින්නේ නැත. එවිට සන්යාසී මෙසේ කියනු ඇත මා කොහොමත් පිවිතුරුයි! පළමුව ඔබගේම මුහුණ දෙස බලන්න! ඔය දරුවන්ද වෙනත් කෙනෙක් ලවා ඔබට රාඛියක් නොබැඳිය යුතුයි. බාහිර ලෝකයේ, ඔවුන් එකිනෙකාට රාඛි බැඳගනී. සහෝදරියක් ඇගේ සහෝදරයාට රාඛියක් බැඳීම මතු වී තිබෙන්නේ මෑතකය. ඔබ දැන් ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මිණ්වරුන් වීමට උත්සාහ දරමින් සිටියි. පිරිමි සහ ගැහැණු යන දෙකොටසම පාරිශුද්ධත්වයේ පොරොන්දුවක් වන බව, ඔබ විස්තර කළ යුතුයි. පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔවුන් පාරිශුද්ධව සිටින අන්දම ගැන ඔවුන් දෙදෙනාටම විස්තර කළ හැක. පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත්වීම සඳහා, අවසානය දක්වාම අපි රාගය නමැති පාපය පරාජය කරන්නෙමු. ස්වර්ණමය යුගයට පිවිතුරු ලෝකය යැයි කියනු ලබයි, එය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. ඔබ සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. පාපයට වැටී ඇති අයට රාඛි බැඳිය හැක. කෙනෙක් පොරොන්දුවක් වී, ඉන්පසුව අපවිත්‍ර වූවොත්, මෙසේ කියනු ලබයි ඔබ පැමිණ, රාඛියක් බැඳ ගත්තේය. ඉතිං සිදුවූයේ කුමක්ද? ඔහු මෙසේ කියනු ඇත මායා මාව පරාජය කළා. මෙය සටන් බිමක්. රාගය විශාල සතුරෙක්. ඔබ ලෝකය ජයගන්නා අය, එනම්, රජවරුන් සහ රැජිණියන් වන්නේ, මෙම පාපය ජයගැනීමෙනි. පුරවැසියන්ට, ලෝකය ජයගන්නා අය යැයි නොකියයි රජවරුන් සහ රැජිණියන් වන අයයි, දැන් උත්සාහ දරන්නේ. ඇතැම් අය කියන්නේ, ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන් මෙන් වන බවයි. එවන් අය, ඉන්පසුව රාමා සහ සීතා මෙන් වෙයි. පැමිණ, ඔවුන්ගේ සිහසුන හිමිකරගන්නේ, ලක‍්ෂ්මි සහ නාරායන්ගේ දරුවන්ය. ලක‍්ෂ්මි සහ නාරායන් ඔවුන්ගේ මතු උපතෙදී එවිට, ඊට වඩා අඩු වෙයි. ඔවුන්ගේ දරුවන්, වෙනත් නමක් සහ ස්වරූපයකින් සිහසුන ලබා ගනී. එබැවින් ඔවුන්ගේ අංකය (තත්ත්වය) ඊට වඩා උසස් බව කියයි. ඔවුන් පුනරුත්පත්ති ගනී. ඔවුන්ගේ පුතණුවන්, සිහසුනේ අසුන් ගන්නා විට, ඔවුන් දෙවෙනි පංතිය බවට පත්වෙයි. උසස්ව සිටි අය, පහළට පැමිණෙන අතර, පහළ සිටි අය, ඔවුන්ට වඩා උසස් වෙයි. ඔය දරුවන්ට ඒ හා සමානව උසස් වීමට අවශ්‍ය නම්, ඔබ සේවයේ නියැලී සිටිය යුතුයි. පිවිතුරු වීම, අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්. පියා පවසන්නේ මා ලෝකය පිවිතුරු කරන්නෙම්. ඉතා හොඳින් උත්සාහ දරන්නේ ඉතාමත්ම ටික දෙනෙකි. කෙසේවෙතත්, මුළු ලෝකයම කොහොමත් පිවිතුරු වනවා. දිව්‍ය ලෝකය ඔබ වෙනුවෙන් ස්ථාපිත වෙනවා. නාටකයට අනුව, මෙය සිදු විය යුතුයි. මෙම නාටකය, කල් තියා නියම වූ එකක්. ඔබ පාරිශුද්ධ වූ විට, විනාශය ආරම්භ වී, ස්වර්ණමය යුගය ස්ථාපනය වෙයි. ඔබට නාටකය වටහා ගත හැක. ස්වර්ණමය යුගයේ, එය දේවතාවන්ගේ රාජධානිය විය. එය දැන් නොපවතින නමුත්, එය නැවතත් පවතිනු ඇත. ආධ්‍යාත්මික මිලිටරිය ඔබයි. ඔබ, පාපයන් පහ ජයගැනීමෙන්, ලෝකය ජයගැනීමට යනවා. ඔබගේ බොහෝ උපත් ගණනාවක පාපයන්, ඉවත් කරගන්නා ක්‍රම, පියා ඔබට දිගින් දිගටම පෙන්වා දෙයි. මෙම ක්‍රම ගැන ඔබට පැවසීමට පියා පැමිණෙන්නේ එක් වරක් පමණයි. රාජධානිය ස්ථාපනය වන තුරු, විනාශය සිදු වන්නේ නැත. ඔය සටන්කාමීන් බොහෝ අප්‍රසිද්ධයි. කලි යුගයට පසුව, ස්වර්ණමය යුගය පවති. ස්වර්ණමය යුගයේ කිසිම සටනක් නොතිබෙයි. සෑම ජීවාත්මයක්ම රඟපාන චරිත කොටස, නාටකයේ ස්ථීරවම නියම වී ඇති බව, ඔය දරුවන් දන්නවා. ජීවාත්ම දිගින් දිගටම රූකඩ මෙන් නටයි. මෙයද නාටකයයි. සෑම කෙනෙකුටම මෙම නාටකයේ චරිත කොටසක් තිබේ. ඔබගේ චරිත කොටස් රඟපාන අතර, ඔබ තමෝප්‍රධාන් වී ඇත. ඔබ දැන් ඉහළ යනවා, සතෝප්‍රධාන් වෙමින් පවතිනවා. දැනුම, තත්පරයක එකක් පමණයි. ඔබ සතෝප්‍රධාන් වී, ඉන්පසුව ඔබ ඇද වැටී, තමෝප්‍රධාන් වෙයි. එවිට, පියා ඔබව නැවතත් ආපසු ඉහළට ගෙන යයි. ඇත්ත වශයෙන්ම නූලක එල්ලී සිටින එම මාළු (සෙල්ලම් බඩුවක්) වෙනුවට, එම නූලේ එල්ලී සිටිය යුත්තේ, මනුෂ්‍යයන්ය. පහත බසින තත්ත්වය සහ ඉහළ නඟින තත්ත්වය, ඒ ආකාරයට පෙන්නුම් කර ඇත. ඔබත් ඉහළ නඟින අතර, ඉන්පසුව ඔබ ක්‍රම ක්‍රමයෙන් පහළට පැමිණෙයි. ඔබ ඉහළ ගිය පසු, ඔබට නැවතත් පහළට පැමිණීමට වසර 5000 ක් ගත වෙයි. මෙම උපත් 84 හි චක්‍රය ඔබගේ බුද්ධියේ තිබේ. ඉහළ නඟින තත්ත්වයේ සහ පහළ බසින තත්ත්වයේ වැදගත්කම, පියා ඔබට විස්තර කර ඇත. ඔබ අතරින්ද, මෙය වටහාගන්නේ අංක පිළිවෙලට වන අතර, ඔබ එයට අනුරූපීව උත්සාහ දරයි. පියාව සිහිපත් කරන අය, විගසින් ඉහළ යයි. මෙය ගෘහස්ත මාවතයි. දෙදෙනෙකුගේ එක් පාදයක් බැගින් එකට කර බැඳ, ඉන්පසුව ඔවුන් දිව යන, පාද තුනේ තරඟ ඔවුන් පවත්වයි. මෙයද ඔබගේ තරඟයයි. කෙනෙකුට එම පුහුණුව නොමැති විට, ඔහු ඇද වැටෙයි. මෙහිද එයම සිදුවෙයි. කෙනෙක් ඉදිරියෙන් දිව යන අතර, අනෙකා ඔහුව නවත්වයි. විටෙක ඔවුන් දෙදෙනාම ඇද වැටෙයි. බාබා, විශ්මයට පත්වෙයි! මහළු මිනිසුන් පවා, රාග ගින්නේ බලපෑමට ලක් වෙයි, එබැවින් ඔවුන් ඇද වැටෙයි. තව කෙනෙක් ඔබව වැට්ටු බව, ඔබට කිව නොහැක. ඔබ වැටෙන්නේද නැද්ද යන්න, ඔබගේ අතේ ඇති දෙයක්. කවුරුවත් ඔබව තල්ලු කරන්නේ නැහැ එබැවින් ඔබ වැටෙන්නේ ඇයි? ඔබ මෙසේ සිතිය යුතුයි කුමක් සිදු වුවත්, මා නොවැටී සිටින්නෙමි. ඔබ වැටෙන්නේ නම්, සෑම දෙයක්ම විනාශ වන අතර, ඔබ ඉතා තද කම්මුල් පහරක් කයි. ඉන්පසුව ඔබ පසුතැවිලි වෙයි. ඔබගේ සියලුම අස්ථී බිඳෙයි ඔබ බොහෝ සෙයින් පීඩාවට පත්වෙයි. බාබා බොහෝ විවිධ ක්‍රම මඟින් ඔබට දිගින් දිගටම විස්තර කරයි. තවද, ඔවුන් එය කියවූ සැනින්, වටහා ගන්නා අන්දමේ එවන් විදුලි පණිවිඩ, ශිව ජයන්තියට යැවිය යුතු බවද ඔබට විස්තර කර දී තිබේ. බාබා ඔබට දැනුමේ මහා සයුර මතගෑමට කාලය දී තිබේ. මිනිසුන් මේවා දකින විට, විශ්මයට පත් වෙයි. බාබාට බොහෝ ලිපි ලැබෙයි. ඒ සෑම එකකම බාප්දාදා කියා ලියා තිබේ. ශිව බාබා, බාප් වන අතර, බ්‍රහ්මා, දාදා වන බව, ඔබට විස්තර කළ හැක. එක් ජීවාත්මයකට පමණක් බාප්දාදා කියා අමතයිද? මෙය ආශ්චර්යමත් දෙයකි! එහි සත්‍ය දැනුම අඩංගුය (ඒකාබද්ධ ස්වරූපය). කෙසේවෙතත්, ඊතලය කෙනෙකු පසාරු කරන්නේ, ඔබ සිහිපත් කිරීමේ සිටින විට පමණයි. සමහරු ඉතා විගසින් ශරීර අවධානයට පත් වනවා. පියා පවසන්නේ ජීවාත්ම අවධානයට පත් වන්න! සිරුරු ගෙන, තම චරිත කොටස් රඟපාන්නේ, ජීවාත්මයි. යමෙක් මිය යන්නේ නම්, ඔබ ඒ ගැන කිසිවක් නොසිතිය යුතුයි. එම ජීවාත්මයට නියම වී ඇති එම චරිත කොටස දෙස, අපි නොබැඳි නීරීක‍්ෂකයන් ලෙසින්, නිරීක‍්ෂණය කරන්නෙමු. ජීවය තම සිරුර අතහැර, ඔහුගේ චරිත කොටස රඟපෑමට, වෙනත් සිරුරක් ගත යුතුයි. ඒ ගැන අපට කළ හැක්කේ කුමක්ද? මෙම දැනුම ඔබගේ බුද්ධිය තුළ තිබේ. මෙයද අංකානූරූපිතයී එය ඇතැම් අයගේ බුද්ධියේ රැඳෙන්නේ නැත. ඔවුන්ට වෙනත් අයට විස්තර කළ නොහැක්කේ මේ නිසයි. එවන් ජීව, රත් වූ යකඩයක් මෙනි, සම්පූර්ණයෙන්ම අපවිත්‍ර මෙන්ම පහත්ය. දැනුමේ අමෘතය, එවන් ජීවයන්ට දුන් විට, එය රැඳෙන්නේ නැත. ඊතලය පසාරු කරන්නේ, බොහෝ භක්තිය කර ඇති අයව පමණයි. ඔවුන්ට ඉතා ඉක්මණින් මෙය ධාරණය කරගැනීමට හැකි වෙයි. එය ආශ්චර්යමත් ගිණුමකි. අංක එකට පාරිශුද්ධ වූ ජීවාත්මය, ඉන්පසුව වඩාත්ම අපවිත්‍ර කෙනා වෙයි. මෙම කාරණා වටහා ගත යුතුයි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන් ඉගෙන ගැනීම නවතයි. ඔවුන් ළදරු වියේ සිටම දැනුමේ නියැලී සිටින විට, ඔවුන් අඛණ්ඩව සෑම දෙයක්ම ධාරණය කරගනී. එවිට, ඔවුන් බොහෝ භක්තියේ යෙදී ඇති බවත් ඔවුන් දක‍්ෂ වන බවත් වටහා ගත හැක, මන්ද, ඔවුන් වැඩි වියට පත් වන විට, ඔවුන්ගේ ඉන්ද්‍රියයන්ද වැඩෙන අතර, ඔවුන්ට වැඩියෙන් වටහා ගැනීමට හැකි වෙයි. භෞතික මෙන්ම ආධ්‍යාත්මික දේටද අවධානය යොමු කිරීමෙන්, ඇතිවන යම් ඍණාත්මක බලපෑමක් ඉවත් වනු ඇත. මෙය දෙවියන්ගේ ඉගෙනුමයි. එහි වෙනසක් තිබේ. කෙසේවෙතත්, පළමුව එම ගැඹුරු සෙනෙහස තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ආධ්‍යාත්මික මිලිටරිය බවට පත් වී, පාපයන් පහ පරාජය කරන්න, එමෙන්ම අනිවාර්යෙන්ම පිවිතුරු වන්න. භාරතය පිවිතුරු කිරීමට, ශ්‍රීමත් වලට අනුව සේවය කරන්න.

2. මෙම අසීමිත නාටකයේ සෑම චරිත කොටසක්ම, ජීව අවධානයෙන් සිටිමින් රඟපාන්න. කිසිම විටෙක ශරීර අවධානයට පත් නොවන්න. නොබැඳි නිරීක‍්ෂකයෙක් වී, සෑම නළුවෙකුගේම චරිත කොටස නරඹන්න.

වරදානය:
ඔබේ ආත්ම ගෞරවයෙන් සදා නිහතමානීව අහංකාරය අවසන් කළ කෙනෙක් වේවා.

තම ආත්ම ගෞරවය රැකගත් දරුවන් හට කිසි විටත් උඩඟු විය නොහැක: ඔවුන් සෑම විටම නිහතමානීව සිටිති. ඔවුන් කෙතරම් ප්‍රමාණයකට ආත්ම ගෞරවයෙන් යුතුව සිටී ද ඒ අනූව නිහතමානීව හා ජී යැයි කියති. බාල හෝ මහළු, ඥානවන්ත හෝ ඥානය නොමැති, මායා ජයගත් හෝ මායාට වහල් වූ, ගුණාත්මක හෝ යම් අඩු පාඩු ඇති එනම් ගුණාත්මක වීමට උත්සාහ දරන්නන් වේවා. එසේ තම ආත්ම ගෞරවයෙහි ඉඳිනා සියල්ලන්ම පාහේ සැම විටම සැමටම ගරු කරන පිරිනමන්නන් වේ. මෙහි අරුත, ඔවුන්ම පිරී සිටිනා හේතුවෙන් ඔවුන් සදා කරුණාබරිත අය වෙති.

පාඨය:
සෙනෙහස පහසු ස්මරණය සඳහා වූ ක්‍රමයකි. එමනිසා, නිරන්තරව සෙනෙහසින් ඉඳිමින් අන් අයව සෙනෙහෙවත් කරවන්න.