04.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ලෝකය, දැන් බලාපොරොත්තු තැබිය නොහැකි රෝගියෙකි. සෑම කෙනෙක්ම මිය යා යුතුයි, එය කෙරෙහි ඇති ඔබගේ බැඳීම, අවසන් කළ යුත්තේ ඒ නිසාය. නිරතුරුවම මා පමණක් සිහි කරන්න!

ප්‍රශ්නය:
සේවය කෙරෙහි උද්යෝගයක් නොමැති වීමට හේතුව කුමක්ද?

පිළිතුර:
1) ඔබගේ චරිතය අයහපත් නම් එමෙන්ම ඔබ පරමාත්ම පියා සිහි නොකරන්නේ නම්, ඔබට සේවය කෙරෙහි උද්යෝගයක් ඇති නොවෙයි. ඔබ දිගින් දිගටම එක් හෝ තව වැරදි ක්‍රියාවක් කරයි, එබැවින් සේවය කිරීමට නොහැකි වෙයි. 2) පියාගේ පළමුවන උපදේශය වන්නේ ඔබ මිය යන විට, ලෝකය ඔබට මිය ගිහින්ය. ඔබ මෙම උපදෙස ප්‍රායෝගික බවට පත් නොකරයි. ඔබට සේවය කළ නොහැක්කේ, බුද්ධිය, ශරීර සහ ශාරීරික නෑදෑයින් තුළ සිර වී ඇති නිසාය.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
ඔබ භක්ති මාර්ගයේ ගීතය ඇසුවා. මිනිසුන් ශිවාට නමස්කාර වේවා යැයි කියයි. ඔවුන් නැවත නැවතත් ශිවාගේ නම පවසයි. ඔවුන් දිනපතාම ශිව දේවාලයකට ගොස්, සෑම වසරකම ඇති කුමන හෝ උත්සව සමරයි. වඩාත් උසස් වූ, පුණ්‍යවන්ත මාසය (අධික මාසය) මෙන්ම වඩාත් උසස් පුණ්‍යවන්ත වසර තිබේ. ඔවුන් දිගින් දිගටම දිනපතාම ශිවාට නමස්කාර වේවායැයි පවසයි. බොහෝ දෙනෙක් ශිවාගේ වන්දනා කරුවන්ය. නිර්මාණකරු වන්නේ ශිවා, පරමාත්ම දෙවියන්, උසස්ම උසස් කෙනාය. ඔවුන් පවසන්නේ පාරිශුද්ධකරු වන්නේ පරම පියා, පරමාත්ම ජීවය වන ශිවාය. ඔවුන් දිනපතාම ඔහුව වන්දනා කරයි. මෙය සංගම යුගය බව, වඩාත් උසස් වීමට ඇති යුගය බව, ඔය දරුවන් දන්නවා. මිනිසුන් ලෞකික ඉගෙනුමකින් එක් හෝ තව උසස් තත්ත්වයක් හිමි කරගනී. ලක‍්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ තත්ත්වය හිමි කරගත්තේ කෙසේද? ඔවුන් ලෝකයේ අධිපතියන් වූයේ කෙසේද? කිසි කෙනෙක් මෙය නොදනී. ඔවුන් ශිවාට නමස්කාර වේවා. මවත් ඔබයි, පියාත් ඔබයි කියා පවසයි. ඔවුන් දිනපතාම මෙම ප්‍රශංසාව ගයන නමුත්, ඔහු කවදා පැමිණ, මව සහ පියා වී, අපට අපගේ උරුමය ලබා දෙන්නේද කියා, ඔවුන් නොදනී. ලෝකයේ මිනිසුන් කිසිවක් නොදන්නා බව, ඔබ දන්නවා. ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ වැටි වැටි රවුමේ ඇවිදියි. බොහෝ මිනිස් කණ්ඩායම් අමරනාථවලට යයි ඔවුන් බොහෝ සෙයින් වැටි වැටි ගමන් කරයි! ඔබ ඔවුන්ට මෙය පැවසුවේ නම්, ඔවුන් සිත් පීඩාවට පත් වනු ඇත. ඔබගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබෙන්නේ, ඔය දරුවන්ගෙන් ටික දෙනෙකුට පමණයි. ඇතමුන් දිගින් දිගටම ලියන්නේ බාබා, මා ඔබව හඳුනාගත් මොහොතේ සිට, මගේ සතුටට සීමාවක් නොවීය. අපහසුතාවයන් ඇති විට පවා, ඔබ සතුටින් සිටිය යුතුයි. ඔබ දැන් අයත් වන්නේ පරම පියාට බව, ඔබ කිසිවිටෙක අමතක නොකළ යුතුයි. ඔබට ශිව බාබාව ලැබී ඇති බව ඔය දරුවන් දැන් දන්නා බැවින්, ඔබගේ සතුටට සීමාවක් නොවිය යුතුයි. මායා නැවත නැවතත් ඔබට අමතක කරවයි. ඔබට විශ්වාසය ඇති බව සහ ඔබ පියාව හඳුනන බව ඔබ ලියුවත්, ඉදිරියට යන අතර ඔබ මන්දගාමී වෙයි. ඇතැමුන් මාස 6ක් හෝ 8ක්, හෝ වසර දෙක තුනක් නොපැමිණෙන විට, ඔවුන්ගේ බුද්ධියේ සම්පූර්ණ විශ්වාසය නොමැති බව සහ ඔවුන් සම්පූර්ණයෙන් කුල්මත්භාවයට පත්වී නොමැති බව, බාබා වටහාගනී. ඔහු කෙතරම් අසීමිත පියෙක්ද යත්, ඔහු උපත් 21කට ඔබට උරුමයක් ලබා දෙයි. ඔබට මෙම විශ්වාසය තිබුණේ නම්, එවිට ඔබට බොහෝ සතුට සහ කුල්මත්භාවය තිබෙයි. රජෙකුට දරුවෙක් හදාගැනීමට අවශ්‍ය වූ විට, සහ රජුට ඔහුව හදාගැනීමට සහ තමාව ඔහුගේ උරුමකරුවා කිරීමට අවශ්‍ය බව කතාවක් පැතිර යන බව, දරුවා දැන ගත් විට, එම දරුවාට බොහෝ සතුටක් ඇති වෙයි. ඔහුට මෙසේ හැඟෙයි මම රජතුමාගේ දරුවෙක් වෙන්නට යනවා! එසේ නැතහොත් දුගී දරුවෙක්ව, ධනවත් පුද්ගලයෙක් දරුකමට හදාගත් විට, ඔහුට බොහෝ සතුටක් ඇති වෙයි. අහවල් කෙනා ඔහුව දරුකමට හදාගැනීමට යන බව, ඔහුට අවබෝධ වුණු විට, ඔහු දුප්පතෙක්ය යන හැඟීම අතුරුදහන්ව යයි. එය එක් උපතක් පමණක් පිළිබඳ කාරණාවකි. මෙහි, උපත් 21කට උරුමයක් හිමි කරගැනීමේ සතුට ඔය දරුවන්ට තිබේ. අසීමිත පියාව සිහිපත් කරන්න, එමෙන්ම අන් අයටද මාර්ගය පෙන්වන්න. පාරිශුද්ධකරු වන ශිව බාබා පැමිණ සිටියි. ඔහු ඔබගේ පියා බව, ඔහු පහදා දෙයි. කිසිම මනුෂ්‍යයෙකුට මා ඔබගේ අසීමිත පියා යැයි කිව නොහැක. ඔහු වසර 5000කට පෙර පැමිණි බව, විස්තර කරන්නේ පරම පියා පමණයි. ඔහු එම වදන්ම පැවසීය නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. පාරිශුද්ධකරු පියා වන මා සිහිකිරීමෙන් පමණයි, ඔබ පිවිතුරු වන්නේ. අපවිත්‍ර බවින් පිවිතුරු වීමට වෙනත් මඟක් නැත. පාරිශුද්ධකරු වන්නේ ඒකායන පියා පමණයි. ක්‍රිෂ්ණාට පරමාත්ම දෙවියන් යැයි කිව නොහැක. ගීතාවේ දෙවියන් වන්නේ පාරිශුද්ධකරු වන අතර, ඔහු උපත සහ මරණය ඉක්මවා සිටියි. ඔබ, මිනිසුන් ලවා ලිවිය යුතු පළමුවන දෙය මෙයයි. ප්‍රභූන් මෙසේ ලියා ඇති බව වෙනත් අය දකින විට, මෙය නිවැරදි බව ඔවුන්ට හැඟෙයි. මෙය සාමාන්‍ය කෙනෙක් ලියා ඇති බව ඔවුන් දුටු විට, බ්‍රහ්මකුමරියන් ඔහුට සූනියමක් සිදු කර ඇති බවත්, ඔහු එය ලියා ඇත්තේ එමනිසා බවත් ඔවුන් පවසයි. එය ප්‍රභූවරයෙක් ලියුවේ නම් ඔවුන් එසේ නොකියයි. ඔබ යමක් පැවසූ විට ඔවුන් කියන්නේ, ඔබට කුඩා කටක් ඇති නමුත්, දෙවියන් පැමිණ ඇති බව, ලොකුකම් පවසන බවයි. පරමාත්ම දෙවියන් පැමිණ ඇති බව පමණක් ඔය දරුවන් නොකිව යුතුයි. කිසිවෙකුට එය නොවැටහෙන අතර ඇතමුන් ඔබව හාස්‍යයට ලක් කරනු ඇත. පියවරුන් දෙදෙනෙක් සිටින බව පහදා දෙන්න. ප්‍රථමයෙන්, සැනෙකින් දෙවියන් පැමිණ ඇති බව ඔවුන්ට ඍජුවම නොකියන්න, මන්ද, මෙකල, තමන් දෙවියන් බව කියාගන්නා බොහෝ දෙනෙක් ලෝකයේ සිටියි. එබැවින් උපක්‍රමශීලීව පියවරුන් දෙදෙනාගේ රහස ඔවුන්ට විස්තර කරන්න. එක්කෙනෙක් සීමිත පියා වන අතර අනෙකා අසීමිත පියාය. පියාගේ නම, ශිවාය. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියාය, එබැවින් ඔහු නිසැකයෙන්ම ඔහුගේ දරුවන්ට උරුමයක් දෙනවා ඇති. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරති. ඔහු පැමිණ, දෙව්ලොව ස්ථාපිත කරයි. එබැවින් අපාය නියත වශයෙන්ම විනාශ විය යුතුයි. එහි සළකුණ වන්නේ මහාභාරත යුද්ධයයි. ඔබ දෙවියන් පැමිණ ඇති බව පමණක් පැවසූ විට, කිසිවෙකුට කිසිවක් නොවැටහෙයි. ඔබ අඛණ්ඩව බෙර ගසයි. ඔබ ඒ ආකාරයෙන් වැරදි ලෙස සේවය කරන විට, සේවය තව වැඩියෙන් මන්දගාමී වෙයි. එක් අතකින් දෙවියන් පැමිණ, ඔබට උගන්වන බව ඔබ පවසන අතර, ඉන්පසුව ඔබ ගොස් විවාහ වෙයි! එවිට මිනිසුන් මෙසේ විමසනු ඇත, ඔබට සිදුවූයේ කුමක්ද? ඔබ පැවසුවේ දෙවියන් ඔබට උගන්වන බවයි! එවිට ඔවුන් මෙසේ පිළිතුරු දෙනු ඇත, අප ඔබට පැවසුවේ අප ඇසූ දේ පමණයි. මගේම දරුවන්ගෙන්, බොහෝ විවිධ ආකාරයේ බාධා ඇති වෙයි. නිදසුනක් ලෙස, හින්දූන් තමන්ටම පහර එල්ල කර ගනී. ඇත්ත වශයෙන්ම ඔවුන් දේවතා ධර්මයට අයත් වන නමුත්, ඔවුන් පවසන්නේ තමන් හින්දූන් බවයි. මේ ආකාරයෙන් ඔවුන් තමන්ටම පහර දී තිබේ. ඔබ පිදුම් ලබන්නට සුදුසුව සිටි කල්හි, ඔබට ශ්‍රේෂ්ඨ ධර්මයක් සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් තිබුණු බව, ඔබ දැන් දන්නවා. රකුසු උපදෙස් පිළිපැදීමෙන්, ඔබගේ ධර්මයේ සහ ක්‍රියාවේ ඔබ දූෂිත විය. මායාගේ රකුසු උපදෙස් පිළිපැදීමෙන්, අපගේම ධර්මයට අපහාස කිරීම ආරම්භ කරන්නේ අපයි. බාබා මෙසේ පැවසුවේ මේ නිසාය එය රකුසු සමාජයයි. මේ, මා රාජයෝගාව උගන්වන දිව්‍යමය සමාජයයි. එය දැන් කලි යුගයයි. පැමිණ මෙම ඥානයට සවන් දෙන අය, රකුසන්ගෙන් දේවතාවන් බවට පත් වෙයි. මෙම ඥානය, දේවතාවන් වීමටයි. ඔබ දේවතාවන් වන්නේ පාපයන් පහ පරාජය කිරීමෙනි. රකුසන් සහ දේවතාවන් අතර කිසිම යුද්ධයක් තිබුණේ නැත. ඔවුන් මෙම වැරැද්ද සිදුකළ නමුත් දෙවියන් සිටි පිල, ජය ගත් බව ඔවුන් පෙන්වා ඇත. ඔවුන් ක්‍රිෂ්ණාගේ නම එහි සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔබගේ යුද්ධය තිබෙන්නේ මායා සමඟයි. පරම පියා මෙහි අසුන්ගෙන ඔබට බොහෝ දේ විස්තර කරදෙන නමුත්, ඇතැම් අය බොහෝ තමෝප්‍රධාන් බැවින්, ඔවුන්ට කිසිවක් නොවැටහෙයි. ඔවුන්ට පරමාත්ම පියා සිහි කළ නොහැක. ඔවුන්ගේ බුද්ධි තමෝප්‍රධාන් බවත්, එබැවින් ඔවුන්ට පියා සිහි කළ නොහැකි බවත්, ඔවුන්ට වැටහෙයි, ඔවුන් දිගින් දිගටම වැරදි ක්‍රියා සිදු කරන්නේ මේ නිසාය. ඉතා හොඳ දරුවන් පවා පියාව කොහෙත්ම සිහි නොකරයි. ඔවුන්ගේ චරිතය ඔවුන් කිසිසේත් නිවැරදි නොකරගනී! සේවයට උද්යෝගයක් නොමැත්තේ මේ නිසාය. පියා පවසන්නේ සිරුර සහ සියලුම ශාරීරික නෑදෑයින් මරා දමන්න! එනම්, ඒ සියලු දෙනා අමතක කර දමන්න! මරා දමන්න යන වචනය සැබවින්ම නොකියයි කියැවෙන්නේ ඔබ මිය ගිය විට, ලෝකය ඔබට මිය ගොසින්ය. පරම පියා මෙහි අසුන්ගෙන, මෙය පහදා දෙයි. ඔබගේ බුද්ධියෙන් ඔවුන්ව ඉවත් කරගන්න. දැන් ඔබ මා සතු බැවින්, ඔවුන් සියලු දෙනා අමතක කර දමන්න. ඒකායන පියාව සිහි කරන්න. ඔහුගේ රෝගය සම්බන්ධයෙන්, කෙනෙක්, බලාපොරොත්තු තැබිය නොහැකි රෝගියෙක් නම්, අන් අයට එම කෙනා සමඟ ඇති සියලුම බැඳීම් බිඳ දමන්නට සිදුවෙයි. එවිට ඔහුට රාමා (දෙවියන්) සිහි කරන්නට යැයි පවසයි. පියාද පවසන්නේ මෙම ලෝකය මුළුමනින්ම බලාපොරොත්තු තැබිය නොහැකි රෝගියෙකි. ලෝකය විනාශ වීමට තිබේ. සියලු දෙනාම මිය යාමට තිබේ, ඔබගේ බැඳීම ඉන් ඉවත් කළ යුත්තේ ඒ නිසාය. ඔවුන් දිගින් දිගටම රාමාගේ නාමය ජප කරයි. මෙහි, එය එක්කෙනෙක් පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මුළු ලෝකයම විනාශ වීමට ඇත. මා ඔබට එක් මන්ත්‍රයක් පමණක් ලබා දෙන්නේ මේ නිසාය නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! ඔහු බොහෝ විවිධ ආකාරයන්ගෙන් දිගින් දිගටම විස්තර කරයි. පුණ්‍ය මාසය දැන් පැමිණ තිබේ, එබැවින් ඔබ වඩාත්ම උසස් ජීවයන් බවට පත්වන, වඩාත්ම ශුභදායක යුගය ගැන, ඔහු ඔබට දිගින් දිගටම විස්තර කරයි. මෙම දේවල් විස්තර කිරීමේදී ඔබ ඉතා දක්ෂ විය යුතුයි. ඔබ විසින් දිව්‍යමය ගුණදම් ඉතා හොඳින් ධාරණය කරගත යුතුයි. ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. අවසර නොමැතිව යමක් අහුලා ගැනීම හෝ අවසර නොමැතිව යමක් කෑමද අදෘෂ්‍යමාන පාපයකි. නීති ඉතා තදයි. යමෙක් පාපයක් සිදුකර, බාබාට එය පිළිබඳව නොකියන විට, එම පාපය දිගටම වැඩි වෙයි. මෙහි, ඔය දරුවන් පුණ්‍ය ආත්ම විය යුතුයි. මා පුණ්‍ය ආත්මයන්ට ආදරය කරන අතර, පාප ආත්මයන්ට අකමැතිය. භක්ති මාර්ගයේ පවා, යහපත් ක්‍රියා සිදු කිරීමෙන් ඔවුන්ට යහපත් ඵල ලැබෙන බව, ඔවුන්ගේ අවධානයේ තිබේ. මේ නිසයි ඔවුන් දන් දීමේ සහ පුණ්‍ය කටයුතු කිරීමේ යහපත් ක්‍රියාවන් සිදු කරන්නේ. මෙය නාටකයකි, ඒ වුවද, දෙවියන් යහපත් ක්‍රියාවන්ට යහපත් ඵල ලබා දෙන බව, ඔවුන් පවසයි. පියා පවසන්නේ මා නිකම් අසුන්ගෙන, එම ව්‍යාපාරයේ යෙදෙන්නේ නැත. ඒ සියල්ල නාටකයේ නියම වී තිබේ. පරම පියා නාටකයට අනුව නියත වශයෙන්ම පැමිණිය යුතුයි. පියා පවසන්නේ මා පැමිණ සෑම කෙනෙකුටම මාර්ගය පෙන්විය යුතුයි. මෙහිදී අනුකම්පාව පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඇතැම් අය ලියන්නේ බාබා, අපට ඔබගේ ආශිර්වාදය ලැබෙන්නේ නම්, අප කිසිදා ඔබව අමතක කරන්නේ නැහැ. පියා පවසන්නේ මා ඒ අන්දමින් ආශිර්වාද ලබා දෙන්නේ හෝ අනුකම්පා කරන්නේ නැත. ඒ දේවල් අයත් වන්නේ භක්ති මාර්ගයටයි. තමන්ට අනුකම්පා කරන්න! පරමාත්ම පියා සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. භක්ති මාර්ගයේ දේවල්, ඥාන මාර්ගයේ දිගටම පැවතෙන්නේ නැත. ඥාන මාවත, ඉගෙනුමකි. ගුරුවරයෙකුට කිසි කෙනෙක් කෙරෙහි අනුකම්පාවක් ඇති වන්නේ නැත. සෑම කෙනෙක්ම ඉගෙන ගත යුතුයි. පරම පියා, ශ්‍රීමත් ලබා දෙයි. එබැවින් ඔබ එය අනුගමනය කළ යුතුයි, එහෙම නේද? කෙසේවෙතත්, තමන්ගේම මත පිළිපැදීම නිසා, ඔබ කිසිම සේවයක් නොකරයි. දරුවන් සම්පූර්ණයෙන්ම පුණ්‍යවන්ත ජීව විය යුතුයි. සුළු පාපයක්වත් සිදු නොකළ යුතුයි. ඇතැම් දරුවන්, ඔවුන් සිදු කර ඇති පාපයන් ගැන කිසිදා පවසන්නේ නැත. පියා පවසන්නේ ඔවුන්ට කිසිදා උසස් තත්ත්වයක් හිමි වන්නේ නැත. මෙසේ සිහි කර ඇත ඉහළ නඟින අය, දෙව්ලොව මිහිරියාව රස විඳිනු ඇත. තත්ත්වය ඉතාමත්ම උසස් බව ඔය දරුවන් දන්නවා. ඔබ ඇද වැටෙන්නේ නම්, ඔබගෙන් කිසි ඵලක් නැත. අංක එකට තිබෙන්නේ අපවිත්‍ර අහංකාරකමයි. රාගය, කෝපය සහ බැඳීම්ද අඩු නැත. තන්හාව සහ බැඳීම්ද, සියලු දේ විනාශ කර දමයි. ඔබගේ දරුවන් කෙරෙහි ඔබට බැඳීම් තිබෙන විට, ඔබට දිගින් දිගටම ඔවුන්ව සිහි වෙයි. ජීවාත්මය පවසන්නේ මගේ වන්නේ එක් ශිව බාබාය, වෙනත් කිසිවෙක් නොව. වෙනත් කිසිවෙක් සිහි නොවන ආකාරයේ එවන් උත්සාහ දරන්න. ඒ සියලු දේම අවසන් විය යුතුයි. විනාශය අත ලඟය. ඉන්පසුව ඔබට ඔබගේ උරුමය හිමි කරගැනීමට නොහැකි වනු ඇත. මෙම ලෝකයට ඔබ තුළ බැඳීමක් තිබෙන්නේ ඇයි? මේ ආකාරයෙන් තමන්ටම කතා කරන්න. මුළු ලොවම ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගන්න. ඒ සියල්ල විනාශ වීමටයි යන්නේ. සියලු දේම අවසන් කර දමන, එවන් කුණාටු පැමිණෙයි. යම් තැනක ගින්නක් හටගෙන එවිට තද සුළං තිබෙන විට, සෑම දෙයක්ම විගසින් විනාශ වෙයි. පැය භාගයකදි පැල්පත් 100 හෝ 150 විනාශ වී යයි. පිදුරු ගොඩ ගිණි ගත යුතු බව ඔබ දන්නවා. එසේ නැත්නම් මේ සියලුම මනුෂ්‍යයන් මිය යන්නේ කෙසේද? යහපත් චරිත ඇති යහපත් දරුවන් හොඳින් සේවය කරනු ඇත. ඔය දරුවන්ට කුල්මත්භාවය තිබිය යුතුයි. අවසානයේදී ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට, ඔබට සම්පූර්ණ කුල්මත්භාවය තිබෙයි. කෙසේවෙතත්, එතෙක් ඔබ දිගින් දිගටම උත්සාහ දැරිය යුතුයි. බොහෝ ජනයා බරණැසෙහි ශිව දේවාලයට යන්නේ, ඔහු දෙවියන්, උසස්ම-උසස් කෙනා බැවින්ය. ඔවුන් එහිදි බොහෝ සෙයින් ඔහුට වන්දනා කරයි. එහි ගොස්, ඔවුන්ට මෙසේ පහදා දෙන ලෙස, බාබා ඔබට දිගින් දිගටම පවසයි ලක‍්ෂ්මි සහ නාරායනට මෙම උරුමය ලබා දෙන්නේ ශිව දෙවියන්ය. ඔවුන්ට ඔහුගෙන් උරුමය හිමි වූයේ සංගම යුගයෙදීය. ඔබ ඔවුන්ට මෙය විස්තර කරන විට, බ්‍රහ්ම සහ සරස්වතීගේ විස්තර කිරීමද ඔබ එයට ඇතුලත් කරයි. ඔවුන්ට, ඔවුන්ගේ රාජධානිය හිමි වූයේ කෙසේද කියා, ඔබට ඉතා පැහැදිලිව පිංතූර භාවිත කරමින් විස්තර කළ හැක. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානියේ, භක්ති මාර්ගය පැවතුනේ නැත. ඔවුන් පවසන්නේ, භක්තිය, සදාතනිකව පැවතුණු බවයි. ඔබට දැන් බොහෝ ඥානය ලැබී ඇති බැවින් ඔබ කුල්මත් විය යුතුයි අපට උපත් 21කට අපගේ රාජධානියේ භාග්‍යය ලබා දීම සඳහා, පරමාත්ම දෙවියන් අපට උගන්වනවා! ඔබ ශිෂ්‍යයන්ය. විශ්වාසය තිබෙන අය සිතන්නේ බ්‍රහ්මකුමාරීන් ඔහුගෙන් සියලු දේ අසා දැනගන්නා, එමෙන්ම අප තුළ එම විශ්වාසය ජනිත කරන, ඒකායන කෙනා, කුමක් වැනිද? ඔවුන්ට, පළමුව පැමිණ, එවන් පියාව මුණගැසීමට, උවමනාවක් ඇති වෙයි! සම්පූර්ණ විශ්වාසය තිබෙන තුරු, ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වනු ඇත. විශ්වාසය තිබෙන අය, විගසින් දිව යනු ඇත. අප ගොස් එම පියාව මුණ ගැසෙනවා අප ඔහුව අත් නොහරින්නෙමු. බාබා, මා දැන් අයත් වන්නේ ඔබටයි. මම දැන් වෙන කොහෙවත් නොයමි. මෙවැනි ගීතයකි ඔබ මට ආදරය කළත්, ඔබ මා ප්‍රතික්ෂේප කළත්, ඔබට උමතුවෙන් ආදරය කරන මෙම කෙනා, ඔබගේ දොරකඩ දමා නොයන්නේය. සෑම කෙනෙකුටම මෙහි සිටිය නොහැක. ඔබව සේවය සඳහා යැවිය යුතුයි. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් රැඳෙන්න. ඇතැමුන් මෙය ලිඛිතව දක්වන නමුත්, ඔවුන් පිටතට ගිය විට, මායාගේ බ්‍රමණයේ හසුවෙයි. මායා බොහෝ සෙයින් බලවත්ය! මායා බොහෝ බාධා ගෙනෙයි. මෙතරම් කුඩා පහනකට, මායාගේ බොහෝ කුණාටු ඇතිවෙයි! බාබා පැමිණ, ඔබට මෙම ගීතවල සාරය විස්තර කර දෙයි. මෙය ඔබගේ වඩාත් ශුභ වූ සංගම යුගයයි. බැතිමතුන්ගේ පුණ්‍යවන්ත මාසය ගෙවී ගොසින්ය. පරමාත්ම පියා පවසන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමට, මා පැමිණෙන්නේ, සංගම යුගයෙදි පමණයි. මෙම විස්තර කිරීම ඉතාමත් හොඳයි! අච්චා. දිනෙන් දින, සේවයේ ප්‍රගතිය වෙනුවෙන් නව ක්‍රමවේද ඉස්මතු වෙයි. ඉතා හොඳ පිංතූර අඛණ්ඩව නිර්මාණය වෙයි. මෙවැනි කියමනකි යම් කාර්යයක් සිදු වීමට කල් ගත වුවද, එය හොඳින් ඉටු වෙයි. ඕනෑම කෙනෙකුට සැනෙකින් වැටහෙන, නිම වූ භාණ්ඩ ඔබට ලැබෙනවා. ඉනිමගේ පිංතූරය ඉතා හොඳයි. ඔවුන් පිවිතුරු බව, මෙකල කිසිවෙකුට කිව නොහැක. පිවිතුරු ලෝකය යැයි කියන්නේ, ස්වර්ණමය යුගයට පමණයි. පිවිතුරු ලෝකයේ අධිපතියන් වන්නේ, ලක‍්ෂ්මි සහ නාරායනය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සියුම් හෝ දළ පාපයක්, සුළුවෙන්වත් සිදු නොවීමට, බොහෝ අවධානය යොමු කරන්න. කිසිවක් රහසින් නොගන්න. තන්හාව සහ බැඳීම් ගැන ප්‍රවේසම් වන්න.

2. ඔබව මුළුමනින්ම අවසන් කරන, අපවිත්‍ර අහංකාරකම අත්හරින්න. වෙනින් කිසිවෙකු නොව, ඒකායන පියාව සිහි කිරීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ සිතිවිලි වල ඇති සියලු සූක්ෂම බන්දන වලින් නිදහස් වීමෙන්, බන්දන වලින් නිදහස් වී, ඉහළ මනෝ ස්ථීතියක් අත්විඳිත්වා.

දරුවන් බන්දන වලින් නිදහස් වන තරමට, ඔවුන්ට ඉහළ මනෝ ස්ථීතියක ස්ථාවරව රැඳී සිටිය හැක. එබැවින් පරීක‍්ෂා කර බලන්න මගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළ සූක්ෂම අන්දමකින් හෝ තවමත් යම් රැහැනක් බැඳී තිබෙනවාද? ඒකායන පියා හැර වෙනත් කිසිවෙක් සිහි නොකරන්න. ඔබට තම සිරුර හෝ සිහි වන්නේ නම්, එවිට, ඔබගේ සිරුර සමඟම ඔබගේ සිරුරේ නෑදෑයන්, ඔබගේ භෞතික දේපළ සහ ලෝකය, එකින් එක එය පසුපස එයි. මා බන්දන වලින් නිදහස්ය. මෙම ආශිර්වාදය ඔබගේ අවධානයේ තබා ගෙන මුළු ලෝකයම මායාගේ උගුලෙන් මුදවා ගැනීමේ සේවය සිදු කරන්න.

පාඨය:
ජීව අවධාන ස්ථීතියකින් තම සිරුරු වල හෝ මනසේ ඇති කරදර, අවසන් කරන අයට නොසැලී සිටිය හැක.