04.10.20    Avyakt Bapdada      Sinhala Murli     29.03.86    Om Shanti    Madhuban


ද්විත්ව විදේශික දරුවන් සමඟ බාප්දාදාගේ හදවතට සමීප කතාබහ.


අද බාප්දාදා සෑම තැනකින්ම ද්විත්ව විදේශික දරුවන් සියලු දෙනාව සූක‍්ෂම දේශයේ මතුකර, සියලුම දරුවන්ගේ විශේෂතා දෙස බැලුවා. ඔය සියලුම දරුවන් විශේෂ ජීවාත්මයි, ඔබ පරම පියාට අයත් වන්නේ ඒ නිසයි, එනම්, ඔබ ශ්‍රේෂ්ඨ භාග්‍යයක් ඇති අය බවට පත් වී ඇත. ඔබ සියලු දෙනාම විශේෂයි එනමුත් ඔබ අංකානුරූප බව කියයි. ඉතිං, අද දින බාප්දාදා විශේෂයෙන්ම බැලුවේ ද්විත්ව විදේශික දරුවන් දෙසයි. විවිධ චාරිත්‍ර වාරිත්‍ර, ක්‍රමවේද සහ විශ්වාස අතරින් පැමිණියත්, ඔබ කෙටි කාලයකදි එක් විශ්වාසයක් පිළිගැනීමට සහ ඒකායන කෙනාගේ උපදෙස් පිළිපැදීමට පැමිණ ඇත. බාප්දාදා විශේෂයෙන් ඔය දරුවන් වැඩි දෙනෙක් තුළ විශේෂතා දෙකක් දකිනවා. පළමුවැන්න ඔබ ඉතා විගසින් සෙනෙහස් සබැඳියාවෙන් බැඳුණු බවය. සෙනෙහසේ සම්බන්ධතාවය, ඔබට දේවමය පවුලට සහ පරම පියාට අයත් වීමට බොහෝ උපකාර වී ඇත. එබැවින් ප්‍රථමයෙන් ඇත්තේ ආදරණීය වීමේ විශේෂත්වය වන අතර දෙවනුව, සෙනෙහස නිසා, ඔබ පහසුවෙන්ම පරිවර්ථනය වීමේ බලය ඔබගේ ප්‍රායෝගික දිවියට එකතු කරගනී. ස්ව-පරිවර්ථනයට සහ ඔබ වැනි අන් අයගේ පරිවර්ථනයට ඇලුම් කරමින්, ඔබ ඉතා හොඳින් ඉදිරියට ගමන් කරයි. සෙනෙහසේ බලය සහ පරිවර්ථනයේ බලය යන දෙකම ඔබ එඩිතරව ධාරණය කරගෙන ඇති අතර එහි සාක‍්ෂිය ඉතා හොඳින් පෙන්වනවා.

අද දින, දරුවන්ගේ විශේෂතා ගැන, බාප් සහ දාදා අතරේ සූක‍්ෂම කලාපයේ සාකච්ඡාවක් පැවතුනි. දැන් මේ වසරේ ව්‍යක්ත ස්වරූපයේ (ශාරීරික) අව්‍යක්ත හමුවීම් සහ මේලා (හමුවීම්) වාරය අවසන් වනවා. එබැවින් බාප්දාදා සෑම කෙනෙකුගේම ප්‍රතිඵලය දකිනවා. සාමාන්‍යයෙන්, අව්‍යක්ත මනෝ ස්ථීතිය තුළින්, අව්‍යක්ත ස්වරූපය සමඟ නිරන්තර හමුවීමක් තිබෙන අතර එය සෑම විටම තිබෙයි. කෙසේවෙතත්, ශාරීරික ස්වරූපයෙන් හමුවීමේ වෙලාව නියම කරගත යුතු අතර මේ සඳහා කාලයේ සීමාවන් සැලකිල්ලට ගත යුතුයි. අව්‍යක්ත ස්වරූපයේ හමුවීමට කාලයේ සීමා නැත. ඔබ සෑම සියලු කෙනෙකුටම, ඔබට අවශ්‍ය තරම් වේලාවක් හමුවක් සැමරිය හැක. අව්‍යක්ත බලය අත්විඳීමෙන් ඔබට තමන්ව සහ සේවය නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරවිය හැක. කෙසේවෙතත්, නියමිත කාලයට අනුව, දැන් මෙම වසරේ වාරය අවසන් වන නමුත්, ඔබ අවසන් වන්නේ නැහැ, ඒ වෙනුවට ඔබ පරිපූර්ණ වනවා. හමුවීම යනු පරිසමාප්ත වීමය. ඔබ සමාන වනවා නේද? එබැවින් එය අවසානය නොවෙයි. වාරයේ කාලය අවසන් වන නමුත්, ඔබ සමාන සහ පරිපූර්ණ වී සිටියි, මේ නිසයි සෑම තැනකින්ම ද්විත්ව විදේශික දරුවන්ව සූක‍්ෂම දේශයට ගෙන ඒමට බාප්දාදා බොහෝ සතුටු වුනේ ඇතැමුන්ට ශාරීරික ස්වරූපයෙන් පැමිණිය හැකි වුවත් සමහරෙකුට නොහැක. මේ නිසයි ඔබ ඔබගේ ඡායාරූප හෝ ලිපි එවන්නේ. කෙසේවෙතත්, බාප්දාදාට පහසුවෙන්ම සෑම තැනකින්ම සමූහයක් අව්‍යක්ත ස්වරූපයෙන් මතු කරගත හැක. සියලු දෙනාටම මෙහි පැමිණ නවාතැන් ගැනීමට ආරාධනා කළේ නම්, සියලු දෙනාට මෙහි නවාතැන් ගැනීමට පහසුකම් අවශ්‍ය වෙයි. අව්‍යක්ත කලාපයේ ඒ සියලු භෞතික පහසුකම් වල අවශ්‍යතාවයක් නැත. එහි, ද්විත්ව විදේශික දරුවන් පමණක් නොව, මුළු භාරතයෙන්ම දරුවන් රැස් කළත්, එය අසීමිත අව්‍යක්ත කලාපයක් ලෙස දැනෙයි. එහි සිය දහස් ගණනක් සිටියත්, ඔබ එය දකින්නේ කුඩා සමූහයක් මෙනි. ඉතිං, අද දින බාබා සූක‍්ෂම කලාපයේ මතු කළේ ද්විත්ව විදේශික දරුවන්ව පමණයි.

ඔබට විවිධ චාරිත්‍ර වාරිත්‍ර තිබුණත් ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වලින් ඔබ ඉතා හොඳින් ප්‍රගතිය ලබා ඇති බව බාප්දාදා දුටුවා. ඔබගෙන් වැඩි දෙනෙක් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ගමන් කරනවා. ඔව් සැබවින්ම සෑම විටම තම ක්‍රීඩා පෙන්වන ඇතැම් අය තවමත් සිටින නමුත් බාබා දුටු ප්‍රතිඵලය වුනේ, පසුගිය වසර තෙක්, ඔබ බොහෝ ව්‍යාකූලත්වයෙන් සිටි බවයි. කෙසේවෙතත්, මේ වසරේ ප්‍රතිඵලයේ බාබා දුටුවේ බොහෝ දරුවන් පසුගිය වසරට වඩා දැන් ශක්තිමත් බවයි. තවමත් ඔවුන්ගේ ක්‍රීඩා ඔහුට පෙන්වන සමහර දරුවන් සිටින බව බාබා දුටුවා. ඔබ තවමත් අවුලට පත්වීමේ ක්‍රීඩාව සෙල්ලම් කරනවා නේද? ඒ වෙලාවේ වීඩියෝවක් ගෙන පසුව අසුන්ගෙන එය නරඹන්නේ නම්, එය නාටකයක් බව ඔබට හැඟෙයි. කෙසේවෙතත්, පෙරට වඩා එය වෙනස්ය. දැන් අත්දැකීම් ඇති අය, පරිණත වෙමින්ද සිටිනවා. එබැවින් බාබා ප්‍රතිඵලයේ දුටුවේ, ඉගෙනුමට ඇති ඔබගේ කැමැත්ත සහ සිහිපත් කිරීමට ඇති උද්යෝගය, විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහ විශ්වාස පහසුවෙන් පරිවර්ථනය කරන බවයි. භාරතයේ ජනතාවට පරිවර්ථනය පහසුයි. ඔවුන් දේවතාවන්ව හඳුනන අතර ඔවුන්ට ආගමික ග්‍රන්ථ ගැන මිශ්‍ර දැනුමක් තිබේ, එබැවින් භාරතයේ ජනතාවට විශ්වාස එතරම් අළුත් නැත. මුළුමනින් ගත් කල, සෑම තැනකම සිටින සියලුම දරුවන් අතරින්, බුද්ධියේ බොහෝ විශ්වාසය ඇති, නොසැලී, අචලව සිටින ජීවාත්මයන්ව බාබා දුටුවා. බුද්ධියේ එවන් විශ්වාසයක් ඇති අය, අන් අයටත් එවන් විශ්වාසනීය බුද්ධි ඇති අය වීමට මඟ පාදයි. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, බලවත් සිතිවිලි වලින් ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ආකල්පය ඔබ පරිවර්ථනය කරයි. බාබා එවන් විශේෂ මාණික්‍ය දුටුවා. පෙර, ඔවුන්ගේ චාරිත්‍ර ආදියට අනුව, තාවකාලික පහසුකම් සහ තාවකාලික සතුටෙහි සම්පූර්ණයෙන්ම නියැලී සිටි දරුවන්ද, දැන් තීව්‍ර උත්සාහ දරන්නන්ගේ පෝලිමේ ගමන් කරන අතර නිරන්තරයෙන් දිවා රෑ පරිවර්ථනය ගෙන එනවා. බොහෝ අය නොසිටින නමුත්, ඒ වුවද ඔවුන් හොඳයි. බාප්දාදා ජාත්කු (එක පහරකින් බිල්ලක් දෙන අය) ගේ නිදසුන ලබා දෙයි. ඒ ආකාරයෙන්ම, අත්හැරීම පිළිබඳ සිතිවිලි ඔබගේ මනසට ඇතුළු වූ පසුව, ඔබගේ දැක්ම පසු බසින්නේ නැහැ එවන් අය තවමත් සිටිනවා. අද බාබා සම්පූර්ණ ප්‍රතිඵලය දෙස බලමින් සිටියා. බලවත් ජීවාත්ම දෙස බලන අතර, බාප් සහ දාදා සිනහමුසුව හදවතට සමීප කතා බහක යෙදුනේ, බ්‍රහ්මාගේ දෙයාකාරයක නිර්මාණයක් පිළිබඳව සිහිකර තිබීම ගැනයි. ප්‍රථමයෙන් සිටින්නේ බ්‍රහ්මාගේ මුඛයෙන් මතු වූ බ්‍රහ්මණයන්ය. දෙවන නිර්මාණය, බ්‍රහ්මා ඔහුගේ සිතිවිලි වලින් නිර්මාණය කළ ලෝකයයි. බ්‍රහ්ම පියා තුළ බොහෝ දීර්ඝ කාලයක් ශ්‍රේෂ්ඨ, බලවත් සිතිවිලි තිබුණි. බාප් සහ දාදා යන දෙදෙනාම සිටින නමුත් නිර්මාණය, ශිවාගේ නිර්මාණය බව නොකියයි. ඔබ, ශිවාගේ පෙළපත ලෙස හැඳින්වෙයි. ඔබව, ශිව කුමාර් සහ ශිව කුමාරීන් ලෙස හඳුන්වන්නේ නැත. ඔබව හඳුන්වන්නේ බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්ම කුමාරීන් ලෙසයි. එබැවින්, බ්‍රහ්මා විශේෂයෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින් ඔබව කැඳවූවා, එනම්, ඔහු නිර්මාණය නිමවූවා. එබැවින් ඔබ ශාරීරික ස්වරූපයෙන් මෙහි ලඟා වී ඇත්තේ, බ්‍රහ්ම පියාගේ ශක්තිමත් සිතිවිලි වල කැඳවීම තුළින්ය.

සිතිවිලි වල නිර්මාණයද අඩු නැහැ. සිතිවිලි, බලවත් විය යුතුව තිබුණා, මන්ද විවිධ තිර පිටුපස සිටි දරුවන්ව දුර සිට ඔහුගේ පවුල තුළට ගෙන ආ යුතු විය. එවන් ශ්‍රේෂ්ඨ, බලවත් සිතිවිලි ඔබව කැඳවා, ඔබව සමීපයට ගෙන ආවා. එබැවින් බලවත් සිතිවිලි තුළින් සැදුණු මෙම නිර්මාණයද බලවත්ය. යම් කෙනෙක් විශේෂයෙන් ඔබගේ බුද්ධියට කැඳවීමක් කර ඔබව සමීපයට ගෙන ඒමේ අත්දැකීම, ඔබගෙන් බොහෝ දෙනෙකුට ඇති විය. බ්‍රහ්මාගේ බලවත් සිතිවිලි නිසා, ඔබ බ්‍රහ්මාගේ පිංතූරය දුටු සැනින්, එය ජීවමාන බව ඔබ අත්දකියි. ඔබ ඉදිරියට ගමන් කරන්නේ, ජීවමාන සබැඳියාවක අත්දැකීමක් විඳිමින්ය. එබැවින් නිර්මාණය දැකීමට බාප්දාදා සතුටු විය. ඔබ දැන් එයටත් වඩා බලවත් නිර්මාණයක ප්‍රායෝගික සාක‍්ෂිය නොකඩවා ලබා දෙයි. ද්විත්ව විදේශික සේවා කාලය පිළිබඳව බලන විට, ළමා වියේ කාලය දැන් අවසන්ය. එය දැන් අත්දැකීම් ඇත්තන් වීමට සහ අන් අයව නොසැලෙන අචල අය බවට පත් කරවීමට සහ අන් අයට අත්දැකීමක් ලබා දීමට ඇති කාලයයි. ක්‍රීඩා කිරීමේ කාලය දැන් අවසන්. දැන් නිරන්තරයෙන් ශක්තිමත් වී, දුර්වල ජීවයන්ව නොකඩවා ශක්තිමත් කරන්න. ඔබට දුර්වලතාවයේ සංස්කාර තිබෙයි නම්, ඔබ අන් අයවත් දුර්වල කරවයි. තිබෙන්නේ සුළු කාලයක් පමණක් වන අතර උපරිම නිර්මාණය පැමිණීමට යනවා. දැන් බොහෝ දෙනෙක් සිටිනවා යැයි සිතා, මෙම සංඛ්‍යාවෙන් පමණක් සතුටු නොවන්න. දැන් සංඛ්‍යාව වැඩි වීමටයි යන්නේ. කෙසේවෙතත්, ඔබ ගෙන ඇති කාලය සහ ඔබගේ පෝෂණයේ ක්‍රමවේදය දැන් වෙනස් වීමටයි යන්නේ.

වසර 50 තුළදි, ස්වර්ණ ජුබිලියේ අය සහ රිදී ජුබිලියේ අය, ලද පෝෂණයේ වෙනසක් තිබුණි. ඒ ආකාරයෙන්ම පසුව පැමිණෙන අයට අඛණ්ඩව වෙනසක් තිබෙයි. එබැවින් කෙටි කාලයකදී ඔවුන්ව බලවත් කරවන්න. ඔව් සැබවින්ම ඔවුන්ගේම ශ්‍රේෂ්ඨ හැඟීම් කොහොමත් තිබෙයි. කෙසේවෙතත්, කෙටි කාලයකදි ඔබගේ නෑ සම්බන්ධතා තුළින් ඔවුන්ට ඉදිරියට යාමට ඔබ සියලු දෙනා උපකාර කළ යුතුයි, එවිට ඔවුන්ට පහසුවෙන් ඉදිරියට යාමට උද්යෝගය සහ එඩිතරකම ඇති වෙයි. මෙම සේවය දැන් බොහෝ සේ වැඩි වීමට යනවා. දැන් ඔබට පමණක් බලය රැස් කරගැනීමට තව දුරටත් කාලය නොවෙයි, මන්ද තමන් වෙනුවෙන් බලය සමඟම ඔවුන්ට සහයෝගය ලබා දීමට හැකි වන අන්දමින් ඔබ බොහෝ බලය අන් අය වෙනුවෙන්ද රැස් කළ යුතුයි. ඔබ සහයෝගය ලබා ගන්නා අය පමණක් නොව, නමුත් සහයෝගය ලබා දෙන අයද විය යුතුයි. මෙහි දැනටමත් වසර දෙකක් සිට ඇති අයට, එම වසර දෙක වුවද සුළු දෙයක් නොවෙයි. ඔබ සෑම දෙයක්ම කෙටි කලකදි අත්දැකිය යුතුයි. ගසේ පිංතූරයේ ඔබ පෙන්වන්නේ, අවසානයේ පැමිණෙන ජීවාත්ම වුවද, අනිවාර්යෙන් අවස්ථා සතර පසු කර යා යුතු බවත් ඔවුන් උපත් 10 සිට 12 දක්වා ගත්තත් කොපමණ උපත් ගත්තද එයට කම් නැත. එබැවින් අවසානයේ පැමිණෙන අයද කෙටි කාලයකදි සියලු බල අත්විඳිය යුතුයි. ඔබ ශිෂ්‍ය ජීවිතයක් අත්දැකිය යුතු අතර සේවාධාරීයෙක්ද විය යුතුයි. සේවාධාරීන්ට තිබෙන්නේ පාඨමාලාව දීම සහ දේශන පැවැත්වීම පමණක් නොවෙයි. සේවාධාරියෙක් යනු, නිරන්තරයෙන් උනන්දුව සහ උදයෝගයේ සහයෝගය ලබා දීමය, අන් අයව ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දීමය. ඔබ කෙටි කාලයකදි විෂයන් සතරෙන්ම සමත් විය යුතුයි. ඔබ සෑම දෙයක්ම එවැනි සීඝ්‍ර වේගයකින් කළ විට පමණයි, ඔබට ඔබගේ ගමනාන්තයට ලඟා වීමට හැකි වන්නේ. එබැවින් ඔබ එකිනෙකා සමඟ සහයෝගී විය යුතුයි. ඔබ එකිනෙකා සමඟ යෝගාවේ නොසිටිය යුතුයි. එකිනෙකා සමඟ යෝගාවේ සිටීම ආරම්භ නොකරන්න. නිරන්තර සහයෝගය ලබා දීමෙන්, සහයෝගී ජීවාත්මයක් අන් අයව පරම පියාගේ සමීපයට ගෙනැවිත් ඔවුන්ව සමාන අය බවට පත් කරවයි. ඔබ අන් අයව ඔබට සමාන අය නොකළ යුතුයි, නමුත් පරම පියාට සමාන අය කළ යුතුයි. ඔබගේ සියලු දුර්වලතා මෙහි දමා යන්න. ඒවා ඔබත් සමඟ විදේශයන්ට ගෙන නොයන්න. ඔබ බලවත් ජීවාත්ම වී, අන් අයව බලවත් කළ යුතුයි. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල නිරතුරුවම ඔබගේ අවධානයේ තබාගන්න. අච්චා.

බාබා විශේෂයෙන් සෑම තැනකම සිටින සියලුම දරුවන්ට සෙනෙහස පිරි සිහි කිරීම ලබා දෙනවා. නිරන්තරයෙන් ආදරණීය, සහයෝගී සහ බලවත් ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

විවිධත්වයක් තිබුණත් ඔබ සියලු දෙනාම දැන් අයත් වන්නේ ඒකායන කෙනාට යන සතුට ඔබට තිබෙනවා, එහෙම නේද? දැන් තව දුරටත් විවිධ උපදෙස් නොමැත. ඔබ පරමාත්ම දෙවියන්ගේ උපදෙස් පිළිපදින ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. බ්‍රහ්මණයන්ගේ භාෂාව එකයි. ඔබ අයත් වන්නේ ඒකායන පියාට වන අතර ඔබ සියලු දෙනාටම ඒකායන පරම පියාගේ ඥාන මිණි මුතු ලබා දී, ඔවුන්ව පියාට අයත් කරවිය යුතුයි. මෙය බොහෝ විශාල සහ ශ්‍රේෂ්ඨ පවුලක්. ඔබ කොහේ ගියත්, ඔබ කුමන රටකට ගියත්, ඔබ එහිදි සිටින්නේ තම නිවසේ යන කුල්මත් බව ඔබට තිබේ. සේවා මධ්‍යාස්ථානයක් යනු තම නිවසයි. මෙතරම් නිවෙස් ප්‍රමාණයක් තිබෙන වෙනත් කිසිවෙක් සිටිය නොහැක. ඔබ දන්නා හඳුනන මිනිස්සු සිටින්නේ කොහේද කියා, ඔබගෙන් කෙනෙක් විමසන්නේ නම්, ඔවුන් ලෝකය පුරාම සිටින බව ඔබ කියයි. ඔබ කොහේ ගියත්, ඔබගේ පවුලේ අය සිටියි. ඔබට අසීමිතභාවයට අයිතියක් තිබේ. ඔබ සේවාධාරීන් බවට පත් වී ඇත. සේවාධාරියෙක් වීම යනු, සියලු අයිතීන් ඇති කෙනෙක් වීමයි. ඔබට මෙම අසීමිත ආධ්‍යාත්මික සතුට තිබේ. දැන් සෑම ස්ථානයක්ම එහි බලවත් ස්ථීතියෙන් වර්ධනය වනවා. මුලදි සුළු උත්සාහයක් අවශ්‍යයි. ඉන්පසුව නිදසුන් කිහිපයක් නිර්මාණය වූ පසු, ඔවුන්ව දකින අන් අය පහසුවෙන් නොකඩවා ඉදිරියට ගමන් කරයි.

බාප්දාදා ඔබ සියලු දෙනාට නැවත නැවතත් මෙම ශ්‍රේෂ්ඨ සිතිවිල්ල ගැන සිහිපත් කර දෙයි. තමන් නිරන්තරයෙන් සිහිපත් කිරීමේ සිටීමට සහ සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය පවත්වා ගෙන සතුටින් සීඝ්‍ර වේගයකින් නොකඩවා ඉදිරියට ගමන් කළ යුතු අතර ඒ ආකාරයෙන්ම අන් අයටත් උනන්දුව සහ උදයෝගය ඇතිව ඉදිරියට ගමන් කිරීමට මඟ පෑදිය යුතුයි. ශාරීරිකව මෙහි පැමිණීමට නොහැකි වූ සෑම තැනකම සිටින සියලුම දරුවන්ගෙන් බාබාට ලිපි සහ ඡායාරූප ලැබී තිබේ. සියලු දෙනාට ප්‍රතිචාරයක් ලෙස බාප්දාදා සියලු දෙනාටම කෝටි ප්‍රකෝටි සෙනෙහස සහ සිහි කිරීම හදවතින් ලබා දෙනවා. ඔබට දැන් කෙතරම් උනන්දුව සහ උද්යෝගය තිබෙන්නේද, එය කෝටි ගුණයකින් වැඩි කරන්න. සමහරු තම දුර්වලතා ගැන පවා ලියා තිබේ, එබැවින් බාප්දාදා ඔවුන්ට පවසන්නේ බාබාට ලිවීම යනු, ඒවා බාබාට දීමය. එබැවින් ඔබ දී ඇති කිසිවක් ඔබ ලඟ තබා නොගන්න. වරක් ඔබගේ දුර්වලතා දීමෙන් පසුව, ඔබගේ සිතිවිලි වලින්වත් ඒවා නැවත කැඳවන්න එපා. තුන්වනුව, කිසිම විටෙක තමන්ගේම සංස්කාර නිසා, සමූහයේ සංස්කාර නිසා හෝ වාතාවරණයේ යම් කැලඹීමකින්, අධෛර්යයට පත් නොවන්න. පරම පියා ඔබ සමඟ ඒකාබද්ධ වී සිටීම සෑම විටම අත්දකින්න. අධෛර්යමත්කම අතහැර, බලවත් වී, නොකඩවා ඉදිරියෙන් පියාසර කරන්න. කර්ම ගිණුම් පියවන විට, ඉන් කියැවෙන්නේ බරක් ඉවත් වී ඇති බවයි. අඛණ්ඩව අතීතයේ බර සතුටින් පුළුස්සා දමන්න. බාප්දාදා සෑම විටම ඔය දරුවන්ට සහයෝගය ලබා දෙනවා. වැඩිපුර නොසිතන්න. නිෂ්ඵල සිතිවිලි ද ඔබව දුර්වල කරවයි. ඔබට නිෂ්ඵල සිතිවිලි බොහොමයක් තිබේ නම්, මුරලියක් දෙතුන් වරක් කියවන්න. එය ආවර්ජනය කර නොකඩවා එය හදාරන්න, එවිට එක හෝ තව කරුණක් ඔබගේ බුද්ධියේ සනිටුහන් වෙයි. පිවිතුරු සිතිවිලි ඇති කර නොකඩවා බලය රැස් කරගන්න, එවිට නිෂ්ඵලත්වය අවසන් වෙයි. ඔබට වැටහෙනවාද?

බාප්දාදාගෙන් විශේෂ දිරිගැන්වීම්

සෑම තැනකම, විදේශයන්හි හෝ මේ දේශයේ බොහෝ කුඩා ස්ථාන තිබේ. වත්මන් කාලයට අනුව, ඒවා සාමාන්‍ය වන නමුත් දරුවන් සියලු සම්පත් වලින් පිරි ඇත. දීර්ඝ කාලයක් පුරා, උපකරණ දරුවන්ව, එහි සංචාරයක ගෙන යාමේ බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් සිටින නමුත්, ඔවුන්ගේ ආශාව ඉටු වී නැත. බාප්දාදා එම ආශාව ඉටු කරනවා. එහි ගොස් අන් අයගේ බලාපොරොත්තුවේ පහන් දැල්විය හැකි වන සේ, මහාරතී දරුවන්ට විශේෂ සැලසුම් සාදන්න. බලාපොරොත්තුවේ පහන් අවදි කිරීම සඳහා බාප්දාදා විශේෂ කාලයක් ලබා දෙනවා. කාලය නිසා මෙහි පැමිණිය නොහැකි, ගම්බද සිටින දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට, ඔය සියලුම මහාරතී දරුවන් එකතු වී, විවිධ ප්‍රදේශ බෙදාගෙන එහි යා යුතුයි. ඔවුන් එහි විශාල වැඩසටහන් පවත්වන නිසා, ඔබ ප්‍රධාන ස්ථාන වලට යන නමුත්, කුඩා ස්ථාන වල ඔවුන්ගේ හැකියාවට අනුව පවත්වන වැඩසටහන්, ඔවුන්ගේ විශාල වැඩසටහන්ය. ඔවුන්ගේ විශාලතම ක්‍රියාකාරකම, ඔවුන්ගේ භාවනාවය (සෙනෙහසේ හැඟීම). දීර්ඝ කාලයක සිට එවන් බොහෝ දරුවන්ගේ ඉල්ලීම්, බාප්දාදාගේ ලිපි ගොනුවක තිබෙන අතර බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙම ලිපි ගොනුව අවසන් කිරීමටයි. මහාරතී දරුවන්ට ලෝකයේ පාලකයන් වීමට, බාබා විශේෂ අවස්ථාවක් ලබා දෙනවා. එබැවින් මෙසේ නොකියන්න දාදී සියලු ස්ථාන වලට යා යුතුයි. නැහැ. එක දාදී කෙනෙක් සියලු ස්ථාන වලට යන්නේ නම් එයට වසර පහක් ගත වෙයි. බාප්දාදා වසර පහක් නොපැමිණෙන්නේ නම් එවිට ඔබ එය පිළිගන්නවාද? බාප්දාදාගේ හමුවීම මෙහි (මධුබාන් වල) පැවැත්වෙන අතර දාදී සංචාරයක ගොස් සිටින්නේ නම් එය හොඳ නැහැ. එබැවින් මහාරතීන්ට වැඩසටහනක් සාදන්න. කිසිවෙක් තවමත් ගොස් නොමැති ස්ථාන වලට යාමට වැඩසටහනක් සාදන්න. මේ වසරේ, ඔබ කොහේ ගියත් විශේෂයෙන් පොදු ජනතාවට එක් දිනක් සේවය කර, වෙනත් දිනයක බ්‍රහ්මණයන්ට තපස්යා වැඩසටහනක් පවත්වන්න - පොදු ජනතාවගේ වැඩසටහන් වලට පමණක් ගොස් ආපසු දිව නොඑන්න - හැකි පමණින් ඔවුන්ට විශේෂ නැවුම් බවක් සිදුවන වැඩසටහන් නිර්මාණය කරන්න. මේ සමඟම ඔබට ප්‍රභූවරුන් සමඟ සම්බන්ධ විය හැකි වැඩසටහන්ද තිබිය යුතුයි, නමුත් ඒවා කෙටි වැඩසටහන් විය යුතුයි. බ්‍රහ්මණයින්ට, උනන්දුව සහ උදයෝගයේ බලය ලැබිය හැකි මෙන්ම, බාධක වලින් නිදහස් වීමට, එඩිතරකම සහ උද්යෝගයෙන් ඔවුන්ව පිරවිය හැකි එවන් වැඩසටහන් සාදන්න. එබැවින් සෑම තැනකම සංචාරයක යාම සඳහා ඔබට වැඩසටහනක් සෑදීමට බාබා කාලය ලබා දෙනවා, මන්ද කාලයට අනුව, සිදුවීම්ද වෙනස් වන අතර එය නොකඩවා වෙනස් වෙයි. එබැවින් දැන් ලිපි ගොනුව සම්පූර්ණ කරන්න. අච්චා.

වරදානය:
ඔබ, ඔබගේ ආධ්‍යාත්මිකත්වයේ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථීතිය තුළින්, වාතාවරණය ආධ්‍යාත්මික කරවන, පහසු උත්සාහ දරන්නෙක් වේවා.

ඔබට සහ පැමිණීමට සිටින ජීවාත්මයන්ට පහසු ප්‍රගතියක් ඇති වන සේ, ඔබගේ ආධ්‍යාත්මික ස්ථීතියෙන්, ඔබගේ සේවා ස්ථානයේ වාතාවරණය ආධ්‍යාත්මික කරවන්න. මෙයට හේතුව, පැමිණෙන සියලු දෙනාම, පිටත වාතාවරණයෙන් වෙහෙසට පත් වී ඇති බැවින්, ඔවුන්ට අතිරික්ත සහයෝගයක් අවශ්‍යයි. එබැවින් ඔවුන්ට ආධ්‍යාත්මික වාතාවරණයක සහයෝගය ලබා දෙන්න. පැමිණෙන සෑම ජීවාත්මයක්ම අත්විඳිය යුත්තේ, මෙය, ඔවුන්ට පහසුවෙන් ප්‍රගතියක් ලැබිය හැකි ස්ථානයක් බවයි.

පාඨය:
ආශිර්වාද දානපතියෙක් වී, නොකඩවා සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වල ආශිර්වාද ලබා දෙන්න.