04.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා සිහිපත් කිරීම සඳහා වෙනස් ආකාරයේ ක්‍රම නිර්මාණය කර ගන්න. උත්සාහයෙන් යුතුව ඔබගේ වාර්තාව තබා ගන්න. වෙහෙසට පත්වන්න එපා. කුණාටු අභියස නොසැලී සිටින්න.

ප්‍රශ්නය:
දරුවන් ඔබ එකිනෙකා අතර බෙදා හදාගත යුතුවන අත්දැකීම කුමක්ද?

පිළිතුර:
1. ඔබ කෙතරම් වේලාවක් පියාව සිහි කරනවාද, ඔබ ඔහුව සිහි කරන්නේ කෙසේද? කෑම ගන්නා විට ඔබ පියාව සිහි කරනවාද, නැතිනම් ඔබ තුළ වෙන වෙන සිතිවිලි බොහොමයක් තිබෙනවාද? බාබා කියනවා දරුවනි, මෙසේ කර බලන්න. කෑම ගන්නා විට පියා හැර ඔබ වෙන කවුරු හෝ සිහි කරනවාද? පසුව ඔබ එකිනෙකා අතරම ඔබගේ අත්දැකීම පවසන්න. 2. යම්කිසි බිය සුළු දෙයක් දකින විට ඔබගේ තත්ත්වය කුමන ආකාර ද යන්න ගැනත් ඔබ අත්දැකීම් පැවසිය යුතුයි.

ගීතය:
ලෝකයේ සිටින දහස් ගණන් මිනිසුන් මොනවා කිව්වත්...

ඕම් ශාන්ති.
සුමිහිරි දරුවන් වන ඔබ ඔබට ඒ අසීමිත උරුමයක් දෙන, ඔබ කල්ප භාගයක සිට සිහි කරමින් සිටි අසීමිත පියාව අමතක කරන්නේ කෙසේද? මනුෂ්‍යයන් කිසිම විටෙක දෙවියන් ලෙස හැඳින්විය නොහැකි බව ඔබට විස්තර කර තිබෙනවා. ඔබට දැන් ඒ අසීමිත පියාව හමු වී තිබෙනවා. ඉතින් ඔහුව සිහිකිරීමේ වටිනාකම කියා නිම කළ නොහැකියි. ඔබ කෙතරම් දුරට ඒ පාරිශුද්ධකරු වන පියාව සිහි කරනවාද, ඒ තරමටම ඔබ පාරිශුද්ධත්වයට පත් වනවා. මුලදී ඔබ පාරිශුද්ධත්වයෙන් සිටියා කියා ඔබට කියන්න බැහැ. අවසානය වන තෙක් ඔබට මෙය දකින්න බැහැ. ඔබ සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වූ කල, ඔබ තම ශරීරය අතහැර ගොස් සම්පූර්ණ පිරිසිඳු වූ ශරීරයක් ලබා ගන්නවා. ස්වර්ණම යුගයේදී ඔබ අලුත් ශරීරයක් ලබා ගත් කල, ඔබ පරිපූර්ණ අයෙක් ලෙස හැඳින්වෙනවා. එවිට රාවණ් විනාශ වී යනවා. ස්වර්ණම යුගයේදී රාවණ්ගේ පඹයෙක් හදන්නේ නැහැ. දරුවන් අසුන්ගෙන සිටින විට හෝ ඇවිදින විටත් තමා උපත් 84හි චක්‍රය සම්පූර්ණ කර ඇති බවත්, දැන් අලුත් කල්පය ඇරඹීමට තිබෙනවා යන්න ගැනත් ඔබ බුද්ධිය තුළ තිබිය යුතුයි. එය තමයි පිරිසිඳු නව ලෝකය, නව භාරතය හා නවදිල්ලිය. දරුවන් දන්නවා මුලදී එම සුරදූතිකාවන්ගේ දේශය නිර්මාණය වී තිබුණේ යමුනා නදිය අසබඩ බව. ප්‍රථමයෙන්ම දරුවන් පියාව සිහිපත් කළ යුතු බව ඔබට ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කර තිබෙනවා. පරමාත්ම දෙවියන්, පරම පියා තමයි ඔබට උගන්වන්නේ. පියා, ගුරුවරයා හා ගුරු වන්නේ ඔහුයි. ඔබ මෙය සිහි කළ යුතුමයි. ඔබ පිණුම් ගැසීමක් කරන බවත් බාබා විස්තර කර දී තිබෙනවා. වෙනස් වෙනස් වංශ පෙන්නුම් කර තිබෙන පින්තූරයත් අවශ්‍යම එකක්. උසස්ම කෙනා ශිව බාබායි. එය පෙන්නුම් කිරීම සඳහා බ්‍රහමින්වරුන් කොණ්ඩය උඩට කර බඳිනවා. බාබා මෙය කියන්නේ ඔබට විස්තර කිරීම සඳහායි. හොඳයි ඔබ උපත් 84ක පිණුම් ගැසීමක් කරනවා යන්න ගැන ඔබ බුද්ධිය තුළ තබා ගන්න. මේ සංගම් යුගයයි. පියා බොහෝ කාලයක් මෙහෙ ඉන්නේ නැහැ. කෙසේවෙතත්, ඒ සඳහා අවරුදු 100ක් පමණ ගත වනවා. සියලු බාධක අවසානයකට පැමිණි කල රාජ්‍යය ඇරඹෙනවා. ඒ එකම මහා භාරත යුද්ධය නිසා තමයි අනෙක් සියලුම ආගම් බිඳ වැටී, ආදී සනාතන දෙවි දේවතා ධර්මය පමණක් මෙහි ස්ථාපනය වන්නේ. ඔබේ හැකියා පුදුම සහගතයි. ආගමික සිඟන්නන් වන්දනා ගමන් යමින් ඔවුන්ගේ හැකියා (පිණුම් ගැසීම්) පෙන්නුම් කරන ආකාරය ඔබ දන්නවා. මිනිස්සු ඔවුන්ව විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන්ට මොනවා හෝ දෙනවා. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට ඉන්න දෙනවා. මන්ද, නැතිනම් ඔවුන් තම ජීවිකාව ගෙන යන්නේ කෙසේද? බාබා මේ සෑම දෙයක්ම අත්දැක තිබෙනවා. බාබා ගෙන තිබෙන්නේ අත්දැකීම් බහුල වාහනයක්. මොහුට ගුරූන් බොහොමයක් සිටියා. ඔහු බොහෝ දේ දැක තිබෙන අතර බොහෝ වන්දනා ගමන්වලත් යෙදී තිබෙනවා. බාබා කියනවා ඔබට පිණුම් ගැසීම මතකයි. දැන් අප බ්‍රහමින් දරුවන්. පසුව අප දේවතාවන් බවටත්, ඉන්පසු වෛශ්‍ය තත්ත්වයටත් පත්වනවා. මේ සෑම දෙයක්ම අදාල වන්නේ භාරතයටයි. අනෙක් සෑම ආගමක්ම ඇවිත් යන ඒවා බව බාබා විස්තර කර තිබෙනවා. පියා ඔබට ඔබගේ උපත් 84හි කතාව පවසා තිබෙනවා. සිහි බුද්ධියෙන් යුතු අයට පුළුවන් මුස්ලිම් මිනිසුන් පැමිණි කල ඔවුන් උපත් කීයක් ගන්නවාද කියා ගණන් කර බලා තේරුම් ගන්න. නිවැරදිම සංගණනයක් අවශ්‍ය වන්නේ නැහැ. මේවා ගැන කරදර විය යුතු වන්නේ නැහැ. ඔබට තිබෙන ලොකුම දෙය තමයි නොකඩවාම බාබා සිහි කිරීම. මෙය තමයි ඔබට තිබෙන ලොකුම කරදරය ඒ ඒකායන තැනැත්තා පමණක් සිහි කිරීම. මායා දිගින් දිගටම ඔබ වෙත නොයෙකුත් ආකාරයේ කරදර ගෙන එනවා. මෙහිදී, මායා ඔබට නොයෙකුත් ආකාරයේ කරදර ඇති කරනවා. දරුවන් තුළ අනිවාර්යෙන්ම ස්මරණය තිබිය යුතුයි. අප දැන් ගෙදර යා යුතුමයි. තමන්ගේ සුමිහිරි නිවහන සිහි නොකරන්නේ කවුද? සාමය ලබා දෙන්නාගෙන් ඔවුන් සාමය ඉල්ලනවා. ඔවුන් දෙවියන්ගෙන් සාමය ඉල්ලනවා. මේ පැරණි ලෝකය විනාශ වී යා යුතු බව දරුවන් දන්නවා. ඔබ බුද්ධිය තුළ මෙය තිබුණා වුවත්, අනෙක් සෑම මිනිසෙක්ම ඉන්නේ අන්ත අඳුරේයි. සාමය තිබෙන්නේ ස්වර්ණම යුගයේ පමණයි. එහි තිබෙන්නේ එකම ආගමයි. එකම එක භාෂාවයි. එකම ක්‍රමයයි. එය තමයි සාමයේ රාජ්‍යය. එහි, වෙන් කිරිමක් ගැන ප්‍රශ්නයක් නැහැ. එහි තිබෙන්නේ එකම රාජ්‍යයයි. එය සතෝප්‍රධාන්. එහි යුද්ධයක් හට ගැනීමට රාවණ්ගේ රාජ්‍යයක් ස්ථාපනය වන්නේ නැහැ. එමනිසා, දරුවන්ගේ සතුට දැන් බොහෝ ඉහළ යා යුතුයි. ආගමික ග්‍රන්ථවල මෙවැනි දෙයක් සිහිපත් කර තිබෙනවා. ගොපලු ගොපලියන්ගෙන් අතීන්ද්‍රිය සතුට ගැන අහන්න. ඒ ගොපලු ගොපලියන් ඔබයි. ඔබ මෙහිදී මුහුණට මුහුණ ලා අසුන්ගෙන සිටිනවා. බාබා, අපගේ බාබා, ගුරුවරයා මෙන්ම ගුරූ ද වන බව ඔබ සිහි කරන්නේ ඔබ දරණා උත්සාහයට අනුව අනුපිළිවෙලටයි. මෙය පුදුමයක්. ඔබගේ ජීවිතයේ සහකරුවා ඔහුයි. ඔහු ඔබව ඔහුගේ ඇකයට ගත් සැණින් මෙම අධ්‍යාපනය ඇරඹෙනවා. මෙපමණක්ම පමණක් සිහි කිරීමෙන් ඔබ විශාල සතුටක් අත්දකිනු ඇත. කොහොමනමුත්, මායා ඔබට මෙය අමතක කරවනවා. මිනිස්සුන්ට මෙය ද විස්තර කර දිය යුතුයි. මිනිස්සු අහනවා තව ඉතාමත් කෙටි කාලයක් ඉතිරි වී තිබෙනවා යන්න ඔබ ඔප්පු කරන්නේ කෙසේද කියා. ඔවුන්ට කියන්න බලන්න, මෙහි එය ලියා තිබෙනවා මේ දෙවියන්ගේ වචනයි. මෙහිදී ගිනි යාගයක් ද නිර්මාණය වී තිබෙනවා. මෙය තමයි ඥානය නම් වූ ගිනි යාගය. ක්‍රිෂ්ණාට ගිනි යාගයක් නිර්මාණය කළ නොහැකියි. අප මෙම අසීමිත ගිනි යාගයේ බ්‍රහමින් දරුවන් වන බව දරුවන්ගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. බාබා අපව උපකරණ බවට පත්කොට තිබෙනවා. ඔබ ඉතා හොඳින් ඥානය හා යෝගා ධාරණය කර ගත් විට, ජීවය සම්පූර්ණ හා පරිපූර්ණත්වයට පත් වූ කල මෙම පිදුරු ගොඩට ගිනි තැබෙනවා. මෙය සෑම කෙනෙක්ම පැමිණ තම චරිත කොටස රඟපාන්නා වු කර්ම ක්ෂේත්‍ර්‍රය බව මිනිස්සු දන්නවා. මීට කලින් තීරණය වී තිබුණු දෙය දැන් නැවතත් ඒ අයුරින්ම සිදු වනවා. බාබා කියනවා දරුවනි, ඔබ කරදර විය යුත්තේ දැනට සිදු වී නැති දේ ගැනයි. දැනට සිදු වී ඇති සියලු දේ නාටකයට අනුව සිදු වූවා. ඉතින් ඒ ගැන කරදර විය යුත්තේ ඇයි? මිනිස්සු නාට්‍යවල (චිත්‍රපටවල) කුමක් හෝ භයානක දුටු විට බයෙන් කෑ ගහනවා. එය කෘත්‍රිම නාට්‍යයක් වන අතර මෙය තමයි නියම නාට්‍යය වන්නේ. මිනිස්සු දිගින් දිගටම මෙසේ කියනවා එය තමයි සත්‍යය. එය තමයි සත්‍යය. කොහොමනමුත්, ඔබ තුළ කිසිම දුක් කඳුලක් නොතිබිය යුතුයි. සෑම දෙයක්ම ඔබ දැකිය යුත්තේ එයින් ඉවත් වී ප්‍රේක්ෂකයෙකු ලෙසිනි. මෙය නාට්‍යයක් බව ඔබ දන්නවා. ඉතින් ඊට ඔබ අඬන්නේ කුමටද? ගිය දේ ගියා. ඒ ගැන සිතන්නවත් හොඳ නැහැ. දිගින් දිගටම ඉදරියටම යමින්, පියාව සිහි කරමින් සෑම කෙනෙකුටම මෙම මාර්ගය පෙන්වා දෙන්න. බාබා නොකඩවාම ඔබට උපදෙස් දෙනවා. ත්‍රිමූර්තියෙහි පින්තූර බොහොමයක් ඔබ ළඟ තිබෙනවා. ඒ ශිව බාබා බවත් එය ඔබ ඔහුගෙන් ලබන උරුමය බවත් එහි පැහැදිලිව ලියා තිබෙනවා. මේ පින්තූර දකින විට දරුවන් තුළ විශාල සතුටක් ඇති විය යුතුයි. අප, බාබාගෙන් විශ්ණුගේ දේශයෙහි උරුමය ලැබ ගන්නවා. පැරණි ලෝකය විනාශයට පත්විය යුතුමයි. මේ පින්තූර ඔබ ඉදිරියෙහි තබාගෙන සිටියත් ඇති. ඊට වියදමක් යන්නේ නැහැ. වෘක්ෂයෙහි පින්තූරයත් ඉතාමත් හොඳයි. උදේ පාන්දරින්ම අවදී වී ඥාන සාගරය නැවත නැවතත් ආවර්ජනය කරන්න. ඔබ ඔබගේම ගුරුවරයා බවට පත් වී ඉගෙන ගන්න. සෑම කෙනෙකුටම බුද්ධියක් තිබෙනවා. මේ පින්තූර ඔබගේ ගෙදර තියා ගන්න. සෑම පින්තූරයකම පළවන පන්තියේ දැනුමක් තිබෙනවා. එහිදී කියැවෙනවා විනාශය සිදුවනු ඇත. කොහොමනමුත්, ඔබට දැනටමත් පියා ගැන ආදරයක් තිබෙනවා, නොවේද? ශිව බාබා නියෝජිතයා වී අපව එහි නිරත කරවා තිබෙනවා. ඔබ දැන් නියෝජිතයෙකුගේ (බ්‍රහ්මා) ස්වරූපයෙන් සත්ගුරුව හමු වී තිබෙනවා. ඒ වගේම තේරුම් ගැනීම සඳහාත්, අන් අයට විස්තර කර දීම සඳහාත් ඔබ හොඳ දේවල් බොහොමයක් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වුණත්, මායාගේ විච්චූරණ නම් තවමත් තිබෙනවා. අවුරුදු 100ට ප්‍රථම මේ විදුලිය හෝ ගෑස් තිබුණේ නැහැ. ඉස්සර ප්‍රතිරාජවරුන් ආදී අය අශ්වයන් 4ක් හෝ 8ක් බැඳි කරත්ත වලින් ගමන් යනවා. මුලදී ධනවත් මිනිස්සු ගමන් ගියේ කාර් එකෙන්. දැන් ගුවන් යානා ආදිය තිබෙනවා. මුලදී මේ කිසිවක් තිබුණේ නැහැ. පසුගිය අවුරුදු 100ක කාලය තුළ කෙතරම් දේ සිදු වි තිබෙනවා ද බලන්න. මිනිස්සු හිතනවා මෙය දිව්‍ය ලෝකයක් කියලා. දරුවන්ට දැන් වැටහෙනවා. දිව්‍ය ලෝකය දිව්‍ය ලෝකයයි. නමුත් මෙහි තිබෙන කිසිම දෙයක් සතයක් හෝ වටින්නේ නැහැ. මේ සෑම දෙයක්ම හඳුන්වන්නේ කෘත්‍රිම සැරසිලි ලෙසයි. දරුවන් තුළ දැන් තිබිය යුතු එකම සැළකිල්ල තමයි ඒ එකම එක පියා පමණක් සිහිපත් කිරීම. මෙහිදී තමයි මායා බාධක ගෙන එන්නේ. බාබා තම ආහාර ගන්නා විට තමා ලබන අත්දැකීම කියනවා මම බාබාගේ ස්මරණයේ සිට ආහාර ගැනීමට බොහෝ උත්සාහ දරනවා. නමුත් ඒ වෙනුවට මා බාබාව අමතක කරනවා. එමනිසා, මට තේරෙනවා දරුවන් කෙතරම් උත්සාහ දැරිය යුතුද කියා. හොඳයි, දරුවනි, ඔබත් උත්සාහ කර බලන්න! බාබාගේ ස්මරණයෙහි යෙදෙන්න උත්සාහ කරන්න. සෑම විටම බාබාගේ ස්මරණයෙහි යෙදීමට ඔබට පුළුවන් ද කියා උත්සාහ කර බලන්න. ඔබ ඔබගේ අත්දැකීම් පැවසිය යුතුයි. බාබා ඇතුළුවූ තැනැත්තාත් උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ඔහුට නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. වැදගත් කෙනෙක් ලෙස ප්‍රසිද්ධ වනවා යනු බොහෝ සෙයින් දුක් ගැනීමකි. බාබාට බොහෝ ආරංචි ලැබෙනවා. පාපය නිසා ඔවුන් කාන්තාවන්ව බොහෝ අපහසුතාවයනට ලක් කරනවා. ඔවුන්ව ගෙදරින් පවා පන්නා දමනවා. දූවරුන් කියනවා මා දෙවියන් ළඟ ආරක්ෂාව පතා පැමිණ සිටිනවා. ඔවුන්ට බොහෝ බාධා තිබෙනවා. කිසිම කෙනෙක් ළඟ කිසිම සාමයක් නැහැ. දැන් උත්සාහ දරා ශ්‍රීමත් අනුගමනය කළේනම්, සාමයෙන් සිටිය හැකි බව, දරුවන් සහතිකවම දන්නවා. එකිනෙකා හා බොහෝ සහයෝගශීලී ලෙස වාසය කරන එවන් බොහෝ පවුල් මෙම බාබා දැක තිබෙනවා. ඒ සෑම කෙනෙක්ම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් පිළිපදිනවා. ඔවුන් කියනවා අපි හරියට දිව්‍ය ලෝකයේ ඉන්නවා වගෙයි. බාබා දැන් සෑම ආකාරයේම සතුට තිබෙන, එවන් දිව්‍ය ලෝකයක් වෙත ඔබව ගෙන යනවා. දේවතාවන්ට 36 ආකාරයක ආහාර පිළිගැන්වෙන බව සිහි වනවා. දැන් පවා, රජවරුන් තමන් සඳහා 36 ආකාරයක ආහාර පිළියෙල කරවනවා. ඒ ක්‍රම සහ විධි සියල්ල පැමිණ තිබෙන්නේ දිව්‍ය ලෝකයෙන් (ස්වර්ණමය යුගයෙන්). ඔබ දැන් පියාගෙන් ඔබගේ ඒ දිව්‍ය ලෝකයේ උරුමය ලබා ගන්නවා. එහිදී ඔබ බොහෝ රසවත් ආහාර ගන්නා අතර පාරිශුද්ධත්වයෙන් යුතුව වාසය කරනවා. ඔබ දැන් මෙම ලෝකයේ පාලකයන් බවට පත්වනවා. රජත් රැජිනත් සේවකයිනුත් අතර වෙනසක් තිබිය හැකියි. මුලදී, රාජකීය මිනිස්සු විශාල ඔපයක් ඇතිව සිටියා. කොහොමනමුත්, ඔවුන් අපිරිසිඳු වූවා. ඒ වගේම රාවණ්ගේ රාජ්‍යයේ තමයි හිටියේ. ඉතින් එමනිසා, ඔවුන් ස්වර්ණම යුගයේ සිටියේ කෙසේද කියා මඳක් සිතා බලන්න. ඔබ ඉදිරියේ ලක්ෂ්මි හා නාරායනගේ පින්තූරය තබා තිබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණා ගැන වැරදි දේ ලියා ඔහුට නිග්‍රහ කර තිබෙනවා. බොරුවක් කියන්නේ බොරුවක් එහි ධාන්‍ය ඇටයක් තරම් හෝ වූ සත්‍යයක් ඇත්තේ නැහැ. ඔබ දිව්‍ය ලෝකයේ පාලකයන්ව සිටි බවත්, පසුව උපත් 84ක් ගන්නා අතර ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම ශුද්‍ර තත්ත්වයට පත් වූ බවත් ඔබ දැන් තේරුම් ගන්නවා. ඔබගේ තත්ත්වය දැන් කුමන තත්ත්වයකට පත් වී තිබෙනවාද කියා බලන්න. එම උත්සාහයෙහි යෙදීමෙන් පසු ඔබ දැන් පත්වන තත්ත්වය කුමක්ද? ඔබ පත්වන තත්ත්වය කුමක්ද කියා පියා අහනවා. ඔබ සැවොම අත් ඔසවන්නේ සූර්ය වංශයේ කොටස්කරුවෙක් බවට පත්වීමටයි අප මව සහ පියාව සම්පූර්ණයෙන්ම අනුගමනය කරනවා. අප මීට වඩා අඩු උත්සාහයක් කරන්නේ නැහැ. සෑම උත්සාහයක්ම දැරිය යුතු වන්නේ ස්මරණය සඳහාත්, අන් අයවත් ඔබ වැනිම තත්ත්වයට පත් කිරීම සඳහාත්ය. මේ නිසා තමයි පියා කියන්නේ හැකි උපරිම අයුරින් සේවයෙහි යෙදීමට ඉගෙන ගන්න. එය ඉතාමත් පහසුයි. මේ ශිව බාබායි. මෙය තමයි ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය බවට පත්වන විශ්ණුගේ දේශය. මොහු බොහෝ අත්දැකීම් බහුල කෙනෙක්. ඔබට ඉනිමගෙහි පින්තූරය විස්තර කළ හැකියි. කල්ප වෘක්ෂයෙහි හා නාටක චක්‍රයෙහි පින්තූර දෙක දැක්ක විගස දරුවන්ගේ බුද්ධිය තුළට සම්පූර්ණ දැනුම පැමිණිය යුතුයි. ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යයන්ට මොකද වුණේ? සටන් කළේ කවුද, පැරදුනේ කවුද? එම රාජ්‍යය දැන් මෙහි ඇත්තේ නැහැ. ඔවුන් මේ සත්‍යයේ කරුණු කිසිවක් දන්නේ නැහැ! ගල්ගුහා වලින් හා ආකර වලින් රන් හා දියමන්ති ගෙන ආ ආකාරය ගැන දරුවන් දර්ශන දැක තිබෙනවා. මෙම විද්‍යාව තිබෙන්නේ ඔබගේ සතුට සඳහායි. මෙහිදී, එය තිබෙන්නේ ඔබගේ දුක සඳහායි. එහිදී ගුවන් යානා වැඩි ප්‍රවේසමකින් තොරව පාවිච්චි කළත් නරක් වන්නේ නැහැ (foolproof). මුලදී මේ සෑම දෙයක්ම ගැන ඔබ දර්ශන දැක්කා. අවසානයේදීත් ඔබ බොහෝ දර්ශන දකිනවා. සොරුන් මේ සියලු දේ පැහැරගෙන යෑමට පැමිණි කල ඔබගේ ශක්ති ස්වරූපය දැක දුව යන ආකාරය ගැනත් ඔබ දර්ශන දැක තිබෙනවා. මේ සෑම දෙයක්ම අදාල වන්නේ අවසන් මොහොතටයි. සොරුන් ඔබව සොරා ගෙන යෑමට එනවා. නමුත් ඔබ පියාගේ ස්මරණයෙහි ඉන්නවානම්, ඔවුන් දුව යනවා. පියා කියනවා දරුවනි, දැන් බොහෝ සෙයින් උත්සාහයෙහි යෙදෙන්න. ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයයි. එක් උපතක් සඳහා පමණක් පාරිශුද්ධත්වයට පත් වන්න. මරණය දැන් ඔබ ඉදිරියේමයි. සෑම දෙයක්ම විනාශ වී යන ආකාරයේ නොයෙකුත් ස්වභාවික වියසන බොහොමයක් හට ගන්නවා. ශිව බාබා මොහු මාර්ගයෙන් ඔබට විස්තර කරනවා. මොහුගේ ජීවයත් මීට සවන් දෙනවා. මේ බාබා ඔබට සියලුම දේ පවසනවා. ශිව බාබාට මේ කිසිම දෙයක් ගැන අත්දැකීමක් නැහැ. මායාගේ කුණාටු එන ආකාරය ගැන අත්දකින්නේ දරුවන්. පළමුවනම තැනැත්තා මොහුයි. ඉතින් එමනිසා, ඔහු සෑම දෙයක්ම අත්දකිනවා. මේ ගැන කිසිම ලෙසකින් බිය විය යුතු වන්නේ නැහැ. නොසැලී ඉන්න. පියාගේ ස්මරණයෙහි යෙදීමෙන් ඔබ බලය ලබනවා. සමහර දරුවන් තම වාර්තාව ලියනවා, නමුත් ඉදිරියට යන විට ඔවුන් එය නවතා දමනවා. බාබා එවිට, ඔවුන් වෙහෙසට පත්ව ඇති බව තේරුම් ගන්නවා. ඔවුන් පියාට, ඔබට එතරම් වූ උසස් උරුමයක් ලබා දෙන ආධ්‍යාත්මික පියාට ලියමනක් හෝ ලියන්නේ නැහැ. ඔබ ඔහුව සිහිකරන්නේවත් නැහැ. එවන් වූ පියෙක් ඔබට සෑම විටම සිහි විය යුතුයි ශිව බාබා, මා ඔබව බොහෝ සෙයින් සිහිපත් කරනවා! බාබා, මා ඔබව සිහිපත් කරන්නේ නැතිව ඉන්නේ කොහොමද! ඔබට ඒ ලෝක අධිකාරීත්වය ලබාදෙන පියාව ඔබ අමතක කරන්නේ කෙසේද? ඔබ ඔහුට කාඩ් එකක් ලියූවත්, එයද පියාව සිහි කිරීමකි. භෞතික පියෙක් පවා තම දරුවාට ලියුම් ලියනවා මගේ ඇස් දෙකේ ආලෝකය වන මගේ දරුවා... භාර්යාවක් තම ස්වාමිපුරුෂයාට ලියුම් ලියන්නේ කෙසේද? මෙහිදී ඔබට ඒ සබඳතා දෙකම තිබෙනවා. මෙයද පියාව සිහි කිරීමේ මාර්ගයක්. බාබා බොහෝ මිහිරියි! අපගෙන් ඔහු ඉල්ලන්නේ මොනවාද? කිසිම දෙයක් නැහැ! දානය කරන්නා ඔහුයි. දෙන තැනැත්තා ඔහුයි. ඔහු කිසිම දෙයක් ගන්නේ නැහැ. ඔහු කියනවා සුමිහිරි දරුවනි, මා පැමිණ සිටිනවා. ඉතින් භාරතය සුවඳ හමන මල් උයනක් බවට පත් කිරීමෙන් පසු මා නැවතත් යනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සූර්ය වංශයේ කොටස්කරුවෙක් බවට පත් වීමට නම් නිවැරදි ලෙස මව හා පියාව අනුගමනය කරන්න. ස්මරණයෙහි යෙදීමට උත්සාහ කර අන් අයවත් ඔබ වැනිම තත්ත්වයට පත් කරන්න.

2. උත්සාහ දරන්න. ශ්‍රීමත් අනුගමනය කරන්න. සාමකාමීව ඉන්න. ජ්‍යෙෂ්ඨයන්ගේ අණට කීකරු වන්න.

වරදානය:
තමා සේවාධාරියෙක් බව සලකා නිරහංකාරී හදවතක් ඇති උපකරණයක් ලෙස ඔබ හිස නමා අන් අයගේ හිස නම්මවන්න.

තම සෑම සිතිවිල්ලක් සහ ක්‍රියාවක්ම පියාට පුද කරන කෙනෙක් උපකරණයක් බව කියයි. උපකරණයක් වීම යනු තමාව පුද කිරීමයි, එමෙන්ම හිස නමන කෙනෙක් නිරහංකාර හදවත් ඇත්තෙක් බව කියයි. ඔබගේ සංස්කාර සහ සිතිවිලි වලින් ඔබ වැඩියෙන් හිස නමන තරමට, ලෝකය ඔබ ඉදිරියේ වඩාත් හිස නමයි. හිස නැමීම යනු, අන් අයව ඔබ ඉදිරියේ හිස නැම්මවීමයි. මෙම සිතිවිල්ල නොතිබිය යුතුයි හොඳයි, අන් අය මා ඉදිරියේ හිස නැමිය යුතුයි. සැබෑ සේවාධාරීන් වන අය, සෑම විටම තම හිස නමයි. ඔවුන් කිසිම විටෙක ලොකුකම් පෙන්වන්නේ නැත.

පාඨය:
දැන් ප්‍රශ්න වල ප්‍රතිරුවක් නොවන්න, විසඳුම් වල ප්‍රතිරුවක් වන්න.