04.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ නිරන්තරයෙන් සිහිපත් කිරීමේ එල්ලුම් ගසේ සිටිය යුතුයි. ජීවාත්මය සැබෑ රත්තරං වන්නේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි.

ප්‍රශ්නය:
ඔබගේ සාපරාදී දෑස් සැනෙකින් පරිවර්ථනය වන්නේ කුමන බලයෙන්ද?

පිළිතුර:
ජීවාත්මයට ඥානයේ තෙවැනි ඇසේ බලය ලැබුණු විට සියලු සාපරාදිකම් අවසන් වෙයි. පරම පියාගේ ශ්‍රීමත් වන්නේ දරුවනි, ඔබ සෑම කෙනෙක්ම සහෝදරයන් මෙන්ම සහෝදරයන් සහ සහෝදරියන්ය, ඔබගේ දෑස් කිසිම විටෙක සාපරාදී නොවිය යුතුයි. ඔබ සෑම විටෙකම සිහිපත් කිරීමේ කුල්මත්භාවයේ සිටිය යුතුයි. ආශ්චර්යමත්, ආශ්චර්යමත් වාසනාව! පරමාත්ම දෙවියන් අපට උගන්වනවා. මේ අන්දමින් සිතන්න, එවිට ඔබ කුල්මත්ව සිටිවි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන, සුමිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරනවා. ඔහුද ජීවයක් වන ආධ්‍යාත්මික පියා, අංගසම්පූර්ණ මෙන්ම, ඔහු මත කිසිදාක මළ නොබැඳෙන බව, ඔය දරුවන් දන්නවා. ඔහු මත මළකඩ ඇති බව, ශිව බාබා කියයිද? කොහෙත්ම නැහැ! මෙම දාදා සම්පූර්ණයෙන්ම මළකඩ වලින් වැසී සිටියා. පරම පියා ඔහු තුළට ඇතුළු වී ඇත, එබැවින් ඔහුට එම උපකාරය ලැබෙයි. ප්‍රධානතම දෙය වන්නේ, පාපයන් පහේ මළකඩ ඔවුන් මත තිබීම නිසා, ජීවාත්ම අපවිත්‍ර වී ඇති බවයි. ඔබ පරම පියාව සිහි කරන තරමට අනුව, මළකඩ අඛණ්ඩව ගැලවී යයි. ඔබ උපතින් උපතට භක්ති මාර්ගයේ කතන්දර වලට සවන් දෙමින් සිටියා. ඔබට දැන් ඇසෙන දේවල් අසහායයි. ඔබට දැන් ඥාන මහා සාගරයෙන් ඥානය ලැබෙනවා. ඔබගේ බුද්ධිය තුළ, අරමුණක් සහ ඉලක්කයක් තිබේ. වෙනත් කිසිම ආධ්‍යාත්මික හමුවක, අරමුණක් සහ ඉලක්කයක් නැත. නාටකයේ සැලසුමට අනුව, දෙවියන් සෑම තැනකම සිටින බව කියමින් ඔවුන් දිගටම ඔහුට අපහාස කරයි. මෙය නාටකයක් බවත්, නිර්මාණකරු සහ අධ්‍යක‍්ෂකද නාටකයෙන් බැඳී සිටින බව, ඔවුන්ට වැටහෙන්නේ නැත. සර්ව බලධාරියා ලෙසින් ඔහුව සිහි කර ඇති නමුත්, ඔහුද නාටකයේ රේල් පීලී මත ගමන් කරන බව ඔබ දන්නවා. බාබාම පැමිණ ඔය දරුවන්ට පහදා දෙයි. ඔහු පවසන්නේ ජීවාත්මය වන මා තුළ, පටිගත වී ඇති අවිනාශී චරිත කොටසට අනුව, මා ඔබට උගන්වනවා. මා ඔබට විස්තර කර දෙන කුමක් වුවත්, නාටකයේ නියම වී ඇත. ඔබ දැන් මෙම ඉතාමත්ම උසස් වූ සංගම යුගයෙදී වඩාත්ම උසස් මනුෂ්‍යයන් බවට පත් විය යුතුයි. මේවා පරමාත්ම දෙවියන්ගේ වදන්ය. පරම පියා පවසන්නේ ඔය දරුවන් උත්සාහ දරා, මෙම ලක‍්ෂ්මි සහ නාරායන් මෙන් විය යුතුයි. ඔබ ලෝකයේ අධිපතියන් විය යුතු බව කිසිම මනුෂ්‍යයෙකුට කිව නොහැක. ඔබ මෙහි පැමිණ ඇත්තේ, ලෝකයේ අධිපතියන් බවට පත් වීමට, සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් නාරායන් බවට පරිවර්ථනය වීමට බව ඔබ දන්නවා. ඔබ භක්ති මාර්ගයේදී උපතින් උපතට කතන්දර වලට සවන් දුන් නමුත්, ඔබට කිසි දෙයක් වැටහුණේ නැත. ඔබට දැන් වැටහෙනවා, දිව්‍යලෝකයේ එය සැබවින්ම ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය වූ බව. එය දැන් නොපවති. ඔය දරුවන්ට ත්‍රිමූර්තියද විස්තර කර දී ඇත. ආදි සනාතන දෙවි දේවතා ධර්මය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපනය වෙයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මයක් පමණයි වෙනත් ආගම් තිබුණේ නැත. එම ධර්මය දැන් නොපවතින නමුත් එය නැවත වරක් ස්ථාපිත කෙරෙනවා. පරම පියා පවසන්නේ මම සෑම චක්‍රයකම සංගම යුගයේ පැමිණෙන්නේ ඔය දරුවන්ට ඉගැන්වීමටයි. මෙය විශ්ව විද්‍යාලයකි. ඔය දරුවන් ඔබගේ චරිත හැඩ ගැන්විය යුත්තේ මෙහිදීය. පාපයන් පහ ඉවත් කළ යුතුයි. ඔබ දේවතාවන් ඉදිරියට ගොස් මෙසේ ගායනා කළා ඔබ සියලුම ගුණධර්ම වලින් පිරී සිටින අතර අපි පවුකාරයන්ය. භාරතයේ ජනතාව, දේවතාවන් විය. ස්වර්ණමය යුගයෙදී, ලක‍්ෂ්මි සහ නාරායන් වැඳුම් ලබන්නට සුදුසුව සිටි අතර, දැන් කලි යුගයේ ඔවුන් වඳින්නන් බවට පත්ව ඇත. ඔවුන් දැන් වැඳුම් ලබන්නට සුදුසු අය බවට පත් වෙමින් සිටිනවා. ඔවුන් වැඳුම් ලබන්නට සුදුසු, සතෝප්‍රධාන් ජීවාත්ම විය. ඔවුන්ගේ ශරීරද සතෝප්‍රධාන් විය. ජීවයක් කෙසේද, ආභරණද එසේය. රත්තරං වලට වෙනත් ලෝහ මිශ්‍ර කළ විට, එහි වටිනාකම බොහෝ අඩු වෙයි. ඔබගේ වටිනාකම ඉතා අධික විය. දැන් ඔබගේ වටිනාකම බොහෝ අඩු වී තිබේ! ඔබ පිදුම් ලබන්නට සුදුසු අයව සිට දැන් වඳින්නන් බවට පත්ව සිටියි. ඔබ වැඩියෙන් යෝගාවේ සිටින තරමට වැඩියෙන් මළකඩ ඉවත් වෙයි පරම පියා කෙරෙහි ඔබ තුළ ඇති සෙනෙහස දිගටම වැඩි වී, ඔබ සතුට අත්විඳිනු ඇත. බාබා ඔබට පැහැදිලිවම පවසන්නේ දරුවනි, ඔබ දවස පුරාවට කෙතරම් සිහිපත් කිරීමේ සිටිනවාද කියා වාර්තාවක් තබාගන්න. සිහිපත් කිරීමේ වන්දනාව යන ව්‍යවහාරය නිවැරදිය. සිහිපත් කිරීමේ සිටීමෙන් සහ ඒ අනුව ඔබගේ මළකඩ ඉවත් කර ගැනීමෙන්, ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. එම මාර්ගෝපදේශකයන්, භෞතිකව ඔබව වන්දනා ගමනක රැගෙන යයි. මෙහිදී, ඔය ජීවාත්මයම වන්දනාවක යයි. නාටක චක්‍රය දැන් අවසානයකට පැමිණෙන බැවින් ඔබ පරම දනව්වට යා යුතුයි. මෙම ලෝකය ඉතාමත්ම අපිරිසිදු බව ඔබ දන්නවා. කිසි කෙනෙක් පරමාත්ම දෙවියන්ව හඳුනන්නේ නැති අතර, ඔවුන් මතුවටද ඔහුව හඳුනන්නේ නැත. මේ නිසයි මෙවන් කියමනක් තිබෙන්නේ විනාශ කාලයෙදී සමහරුන්ට සෙනෙහස නැති බුද්ධි තිබෙයි. ඔවුන්ට මෙම අපාය, දිව්‍යලෝකය මෙනි. මෙම දේවල් ඔවුන්ගේ බුද්ධිය තුළ සනිටුහන් වන්නේ නැත. මෙම ඥානය ආවර්ජනය කිරීම සඳහා ඔය දරුවන්ට බොහෝ සේ හුදෙකලාව අවශ්‍යයි. මෙහිදී ඔබට ඉතා හොඳින් හුදෙකලාව තිබෙන නිසයි, මධුබාන් වර්ණනා කර තිබෙන්නේ. ඔය දරුවන් බොහෝ සතුට අත්විඳිය යුතුයි. පරමාත්ම දෙවියන්, ශාරීරික ජීව වන අපට උගන්වනවා. ඔහු මේ අන්දමින්ම අපට පෙර චක්‍රයේද ඉගැන්වූවා. මෙය ක්‍රිෂ්ණා පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි ඔහු කුඩා දරුවෙක් විය. ඔහු ජීවාත්මයක් වූ අතර, මෙම කෙනා පරමාත්ම ජීවයයි. අංක එකේ ජීවාත්මය වූ ශ්‍රී ක්‍රිෂ්ණා, ඉන්පසුව අවසන් අංකය විය, ඔහුගේ නම වෙනස් වුණේ මේ නිසාය. ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපතෙදී, ඔහුගේ නම නිසැකයෙන්ම වෙනස් වනු ඇත. මෙම කෙනාව ඇමතුවේ දාදා ලේක්රාජ් කියාය. ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපත මෙයයි. පරම පියා පවසන්නේ මම මෙම කෙනා තුළට ඇතුළු වී ඔබට රාජ යෝගාව උගන්වනවා. පරම පියා නිසැකයෙන්ම කවුරුන් හෝ තුළට ඇතුළු විය යුතුයි. මෙම දේවල් ග්‍රන්ථ වල සඳහන් කර නැත. පරම පියා ඔය දරුවන්ට උගන්වයි මෙය හදාරන්නේ ඔබ පමණයි. මෙම ඥානය ස්වර්ණමය යුගයේ නොපවති. එහි තිබෙන්නේ ප්‍රතිලාභය පමණයි. පරම පියා සංගම යුගයේ පැමිණ, ඔබට මෙම ඥානය ලබා දෙන අතර, ඉන්පසුව ඔබ ඔබගේ තත්ත්වය ලබයි. අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය හිමි කර ගැනීමට තිබෙන කාලය මෙයයි. එබැවින් ඔය දරුවන් නොසැලකිලිමත් නොවිය යුතුයි. මායා ඔබව බොහෝ නොසැලකිලිමත් කරවන විට, මෙය ඔබගේ වාසනාව නොවන බව, වැටහෙයි. පරම පියා ඔබව උත්සාහ දැරීමට දිරිමත් කරයි. එවිට ඔබගේ වාසනාවේ බොහෝ වෙනසක් ඇතිවෙයි. ඇතමුන් සමත් වන අතර ඇතමුන් අසමත් වෙයි. ද්විත්ව කිරුළු පළන් අය වීමට, ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි. පරම පියා පවසන්නේ ඔබට තම පවුලේ අය සමඟ නිවසේ සිටිය හැක. ඔය දරුවන්, තම භෞතික පියා සමඟ ඇති ණය පියවිය යුතුයි. ඔබ බොහෝ නීත්‍යානුකූල විය යුතුයි. මෙම ලෝකයේ සෑම දෙයක්ම නීතියට පටහැනිය. ඔබ බොහෝ ශ්‍රේෂ්ඨව සිටි බවත් පසුව ඔබ දිගටම පහළට පැමිණි බවත් ඔබ දන්නවා. ඔබ දැන් පිවිතුරු විය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය ඔබ බීකේවරුන්ය. එබැවින්, ඔබ සහෝදර සහෝදරියන් නිසා, කිසිම සාපරාදී බැල්මක් නොතිබිය යුතුයි. පරම පියා ඔබට මෙම උපාය පෙන්වයි. ඔබ සෑම කෙනෙක්ම අඛණ්ඩව බාබා, බාබා කියයි. එබැවින් ඔබලා සහෝදර සහෝදරියන්ය. ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ට බාබා කියා අමතයි. ජීවාත්ම පවසන්නේ, ඔවුන් ශිව බාබාගේ දරුවන් කියාය. එසේනම්, සිරුරු තුළ සිටින විට, ඔවුන් සහෝදර සහෝදරියන්ය. එබැවින් සාපරාදී බැල්මක් තිබිය යුත්තේ මන්ද? ඔබට විශාල රැස්වීම් වල මෙය විස්තර කළ හැක. ඔබ සියලු දෙනාම සහෝදරයන්ය. ඉන්පසුව ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය ඇති කරන බැවින්, ඔබ සියලු දෙනාම සහෝදර සහෝදරියන්ය. වෙනත් නෑදෑකමක් නැත. අප සියලු දෙනාම එක් පියාගේ දරුවන්ය. අපි එක් පියාගේ දරුවන් බැවින්, අප පාපයේ ගැලෙන්නේ කෙසේද? අප සියලු දෙනාම සහෝදරයන් වන අතර, සහෝදර සහෝදරියන්ද වෙයි. මෙම දෑස් ඔබව බොහෝ මුලා කරන බව, පරම පියා විස්තර කර ඇත. හොඳ යමක් දුටු වහාම, එය ලබා ගැනීමට හදවතට අවශ්‍ය වෙයි. දෑස කිසිවක් නොදකින්නේ නම්, ආශාවන් නොමැති වෙයි. සාපරාදී බැල්ම වෙනස් කළ යුතුයි. සහෝදර සහෝදරියන් පාපයේ නොගැලිය යුතුයි. එම බැල්ම ඉවත් කළ යුතුයි. ඥානයේ තෙවැනි ඇසේ බලය තිබිය යුතුයි. ඔබ චක්‍රයෙන් භාගයක් සෑම දෙයක්ම සිදුකර තිබෙන්නේ ඔබගේ දෑසින්ය. දැන් පරම පියා විමසන්නේ සියලුම මළකඩ ඉවත් කර දමන්නේ කෙසේද? පිවිතුරුව සිටි අප ජීවාත්ම මත, මළ බැඳී තිබේ. ඔබ පරම වැඩියෙන් සිහි කරන තරමට ඔහු කෙරෙහි ඔබගේ සෙනෙහස වැඩි වනු ඇත. සෙනෙහසින් බැඳෙන්නේ සිහිපත් කිරීම තුළින්ය, ඉගෙන ගැනීමෙන් නොවෙයි. ඔය ජීවාත්ම පිවිතුරු වී ආපසු නිවහනට යන, පෞරාණික භාරතයේ යෝගාව මෙයයි. සියලුම සහෝදරයන්ට ඔවුන්ගේ පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. දෙවියන් සෑම තැනකම සිටිනවාය යන මතය නිසා, සෑම කෙනෙක්ම ඉතා වේගයෙන් පහතට ඇද වැටී ඇත. පරම පියා පවසන්නේ, නාටකයට අනුව, දැන් ඔබගේ චරිත කොටස මෙයයි. රාජධානිය අනිවාර්යෙන්ම ස්ථාපිත විය යුතුයි. පෙර චක්‍රයේදී ඔබ එක් එක් කෙනා කුමන උත්සාහයක් දැරුවාද, ඔබ නිසැකයෙන්ම නැවතත් එයම කරනවා ඇත. ඔබ දිගටම නොබැඳි නිරීක‍්ෂකයන් මෙන් නරඹනවා. ඔබගේ ප්‍රදර්ශන බැලීමට බොහෝ දෙනෙක් පැමිණෙයි. ඔබගේ දේවමය දූත මෙහෙය මෙයයි. මෙය අශාරීරික දෙවි පියාණන්ගේ දූත මෙහෙයයි. ඒ මිනිසුන්ට ක්‍රිස්තියානි දූත මෙහෙය සහ බෞද්ධ දූත මෙහෙය තිබෙන අතර, මෙය අශාරීරික පරමාත්ම දෙවියන්ගේ දූත මෙහෙයයි. අශාරීරික කෙනා අනිවාර්යෙන්ම සිරුරකට ඇතුළු වෙයි. අශාරීරික ජීවාත්ම වන ඔබලා වාසය කළේ මා සමඟයි. මෙම නාටකය කුමක් වැනිද කියා, කිසිවෙකුගේ බුද්ධිය තුළ නැත. රාවනගේ රාජධානියේ සිටින සෑම කෙනෙකුටම තිබෙන්නේ සෙනෙහස නොමැති බුද්ධියක්ය. ඔබ තුළ දැන් පරම පියා කෙරෙහි සෙනෙහස තිබිය යුතුයි. මගේ වන්නේ එක් කෙනා මිස වෙනත් කිසිවෙකු නොවෙයි කියා ඔබ පොරොන්දු විය. ඔබ බැඳීම් ජය ගත්තන් විය යුතුයි. මෙයට විශාල උත්සාහයක් අවශ්‍යයි. මෙය එල්ලුම් ගසට නඟින්නාක් මෙනි. පරම පියා සිහිකිරීම යනු, එල්ලුම් ගසට නැඟීමය. සිහිපත් කිරීම තිබීමෙන් ඔය ජීවාත්ම, ඔබගේ ශරීර අමතක කර, පරමාත්ම පියා වෙතට යා යුතුයි. පරම පියාගේ සිහි කිරීම ඉතාමත්ම අවශ්‍යයි. එසේ නැත්නම් මළකඩ ඉවත් වන්නේ කෙසේද? ඔබට ශිව බාබා උගන්වනවාය, යන සතුට, ඔය දරුවන්ගේ ඇතුලාන්තයේ තිබිය යුතුයි. පිටත කෙනෙකුට මෙය ඇසුණහොත් ඔබ මේ කියන්නේ මොනවාද? කියා ඔහු විමසනවා ඇති, මන්ද ඔවුන් විශ්වාස කරන්නේ දෙවියන් වන්නේ ක්‍රිෂ්ණා බවයි. ඔබ දැන් ක්‍රිෂ්ණාගේ රාජධානියට යෑම ගැන ඔය දරුවන් බොහෝ සතුටින් සිටිනවා. ඔබටද රජකුමර කුමරියන් විය හැක. පළමුවන රජකුමරා ඔහුයි. ඔහු වාසය කරන්නේ නව නිවසේය. පසුව උපත ලබන දරුවන් සියලු දෙනාම පැමිණ ඇත්තේ පසුවීය. කෙසේවෙතත්, ඔවුන් දෙව්ලොව ඉපදෙයි. ඔබටත් දිව්‍යලෝකයේ රජකුමරෙක් විය හැක. සෑම කෙනෙකුටම පළමුවන අංකය හිමි කරගත නොහැක. මාලාව, අංක පිළිවෙලට නිර්මාණය කෙරෙයි. පරම පියා පවසන්නේ දරුවනි, සම්පූර්ණ උත්සාහ දරන්න! ඔබ මෙහි පැමිණ ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් නාරායන් බවට පරිවර්ථනය වීමටයි. කතා පුවත, සත්‍ය නාරායනගේය. එය සත්‍ය ලක‍්ෂ්මිගේ කතා පුවතයි කියා කිසි කෙනෙක් පවසනවා ඔබ අසා නැත. සෑම කෙනෙක්ම ආදරය කරන්නේ ක්‍රිෂ්ණාටයි ඔවුන් ක්‍රිෂ්ණාව තොටිල්ලක නලවයි. රාධේට එසේ නොකරන්නේ ඇයි? නාටකයේ සැලසුමට අනුව, සිහිකර තිබෙන්නේ ඔහුගේ නමයි. රාධේ ඔහුට සමානයි, එසේ නම් ක්‍රිෂ්ණාට මෙතරම් වැඩි ආදරයක් තිබෙන්නේ ඇයි? නාටකයේ ඔහුගේ චරිත කොටස එයයි! සෑම විටෙකම පුතුන් වැඩි සෙනෙහස ලබයි. පියෙක් පුත්‍රයින් දැකීමට බොහෝ සතුටු වෙයි. කෙනෙකුට පුතෙක් ලැබුණු විට, ඔහු බොහෝ සතුටු වෙයි. ඔහුට දියණියක් ලැබුණේ නම් ඔහුගේ හුස්ම සිර වෙයි. සමහරුන් ඇයව මරා දමයි. රාවනගේ රාජධානියේ චරිත බොහෝ වෙනස් වී ඇත. ඔබ ගයන්නේ ඔබ සියලු ගුණධර්ම වලින් පිරිපුන්ය... අපට ගුණදම් නැත. පරම පියා පවසන්නේ දැන් නැවතත් ගුණධර්ම ඇත්තන් වන්න! ඔබ බොහෝ වාර ගණනක් ලොවෙහි අධිපතියන් වී ඇති බව, ඔබට දැන් වැටහෙයි. ඔබ දැන් නැවතත් එය විය යුතුයි. ඔය දරුවන් බොහෝ සතුටට පත් විය යුතුයි. අහා! අපට උගන්වන්නේ ශිව බාබාය! අසුන් ගෙන මේ ගැන සිතන්න. පරමාත්ම දෙවියන් අපට උගන්වනවා! ආශ්චර්යමත් භාග්‍යයකි! ආශ්චර්යයකි! මේ අන්දමින් සිතීමෙන් ඔබ බොහෝ සේ කුල්මත් විය යුතුයි. ආශ්චර්යමත්, ආශ්චර්යමත් වාසනාවක්! අපට අසීමිත පියාව මුණගැසී ඇති අතර, අපි බාබාව පමණක් සිහි කරන්නෙමු. අපි පාරිශුද්ධත්වය ධාරණය කර ගත යුතුයි. අප මෙය බවට පත් වනවා, එබැවින් අපි දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්නවා. මෙයද මන්මනභවයි. බාබා අපව මෙය බවට පත් කරවනවා. මෙය ප්‍රායෝගික අත්දැකීම පිළිබඳ කාරණාවක්. පරම පියා ඔය මිහිරිතම දරුවන්ට අවවාද කරයි ඔබගේ දින වාර්තාව ලියන්න! තනිව අසුන්ගෙන තමන්ටම කතා කරන්න. මෙම බැජය ඔබගේ හදවතට උඩින් පළඳින්න. පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් පිළිපැදීමෙන් අප මෙය බවට පත් වනවා. එය දෙස බලා දිගටම ඔවුන්ට සෙනෙහස පාන්න. බාබාව සිහිපත් කිරීමෙන් අපි මෙය බවට පත් වනවා. බාබා, එය ඔබගේ විශ්මයයි! බාබා, ඔබ අපව ලොකයේ අධිපතියන් බවට පත් කරයි කියා, අප පෙර දැන සිටියේ නැත. දැඩි භක්තියේ යෙදෙන මිනිසුන්, දර්ශනයක් ලැබීම සඳහා, ඔවුන්ගේ ගෙල කපා දැමීමට හෝ ජීවිතය පුදන්නට වුවත් සූදානම්ය. එසේ කිරීමෙන් පමණයි, ඔවුන්ට දර්ශනයක් ලැබෙන්නේ. බැතිමතුන්ගේ මාලාව සැදෙන්නේ, එවන් බැතිමතුන්ගෙන් පමණයි. බැතිමතුන්ටද ගෞරවයක් ඇත. කලි යුගයේ බැතිමතුන් අධිරාජවරුන් මෙනි. ඔය දරුවන් දැන් ආදරය කරන්නේ අසීමිත පියාටයි. ඔබ සිහි කළ යුත්තේ අන් කිසිවෙක් නොව, ඒකායන පියා පමණයි. ඔබගේ රේඛාව බොහෝ සේ පැහැදිලි විය යුතුයි. අපගේ උපත් 84 දැන් අවසන් වී ඇත. අප දැන් පරම පියාගේ අණ සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්නෙමු. විශාලතම සතුරා වන්නේ රාගයයි. අපි රාගයෙන් පරාජය නොවිය යුතුයි. ඔබ පරාජය වන්නේ නම්, ඔබට පසුතැවිලි වන්නට සිදු වෙයි, එවිට ඔබ කුමක් කරන්නද? ඔබගේ අස්ථී සම්පූර්ණයෙන්ම බිඳී යයි. ඉතා දැඩි දඬුවම් ලැබෙයි. ඔබගේ මළකඩ ඉවත් වනවා වෙනුවට, ඔබ තව තව මළකඩින් වැසී යයි. ඔබට යෝගාවේ සිටීමට නොහැකි වෙයි. සිහිපත් කිරීමේ සිටීමට බොහෝ අපහසු වෙයි. බොහෝ දෙනෙක් ඔවුන් සෑම විටෙකම බාබාගේ සිහිපත් කිරීමේ සිටින බව, බොරු ගොතා කියයි. කෙසේවෙතත්, ඔවුන්ට එසේ කිරීමට නොහැකි බව, බාබා දන්නවා. මායා මෙහි බොහෝ කුණාටු ඇති කරයි. සමහරුන්ට කරදර ගෙන දෙන සිහින පවා පෙනෙයි. ඥානය ඉතාමත්ම සරළයි. කුඩා දරුවෙකුට වුවත් එය විස්තර කළ හැක. කෙසේවෙතත්, සිහිපත් කිරීමේ වන්දනාවේ ගැටළු ඇති වෙයි. ඔබ බොහෝ සේවය කරනවා කියා සිතමින්, ඔබ සතුටු නොවිය යුතුයි. ඔබ අඛණ්ඩව සිහිපත් කිරීමේ සිටින නොපෙනෙන සේවයේ යෙදී සිටිය යුතුයි. ශිව බාබාගේ එකම පුත්‍රයා වීමේ කුල්මත් බව මෙම කෙනාට තිබේ. ලෝකයේ නිර්මාණකරු ශිව බාබාය, එබැවින් මා අනිවාර්යෙන්ම දිව්‍යලෝකයේ අධිපති වෙමි. ඇතුලාන්තයේ සතුට තිබිය යුතුයි. මම රජකුමරෙක් වන්නට යනවා. කෙසේවෙතත්, ඔය දරුවන්ට තරම් සිහිපත් කිරීමේ සිටීමට මට නොහැක. බාබාට බොහෝ දේවල් ගැන සිතීමට තිබේ. බාබා, වැදගත් මිනිසුන්ට වැඩියෙන් සළකනවාය කියා, ඔය දරුවන් කිසි විටෙක ඊර්ෂ්‍යා නොකළ යුතුයි. පරම පියා එක් එක් කෙනාගේ නාඩි බලා, එම කෙනාට යහපතක් සැලසීමට ඔහුත් සමඟ ඒ අනුව ගනුදෙනු කරයි. සෑම ශිෂ්‍යයෙක්ම හසුරුවාගන්නේ කෙසේද කියා ගුරුවරයා දන්නවා. ඔය දරුවන් තුළ මේ ගැන කිසිම සැකයක් ඇති විය යුතු නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. හුදෙකලාව අසුන් ගෙන, තමාටම කතා කරන්න. ජීවාත්මයෙන් මළකඩ ඉවත් කරගැනීම සඳහා, සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින්න.

2. කිසිම දෙයක් ගැන සැක හෝ ඊර්ෂ්‍යා ඇති කර නොගන්න. ඔබගේ අභ්‍යන්තර සතුට පවත්වා ගන්න. ඔබගේ නොපෙනෙන සේවය දිගටම කරගෙන යන්න.

වරදානය:
ඔබ යෝග්යුක්ත සහ යුක්තියුක්ත සේවාධාරීවරයෙක් වී, සේවය කරන අතර, එපිට සිටිත්වා.

යෝග්යුක්ත සහ යුක්තියුක්ත සේවාධාරීවරුන් වන අය, සේවය කරන අතර සෑම විටම ඉන්නේ එපිටයි. ඔවුන්ට කිරීමට බොහෝ සේවය ඇති නිසා, ඔවුන්ට අශාරීරික වීමට නොහැකි වනවා නොවෙයි. එය ඔබගේ සේවය නොවන අතර පරම පියා එය ඔබට ලබා දී ඇති බව ඔබ සිහි කරන විට, ඔබ බන්දන වලින් නිදහස්ව සිටියි. පුහුණු වන්න මම භාරකරුවෙක්මි, මා බන්දන වලින් නිදහස්ය. තීරණාත්මක අවස්ථාවන්හි කර්මතීට් ස්ථීතිය, ඔබගේ අවසන් ස්ථීතිය, පුහුණු වන්න. ඔබ විටින් විට ඔබගේ සිතිවිලි වල වාහන පෙළ, පාලනය කරගන්නා සේම, තීරණාත්මක කාලයන්හිදී අවසන් ස්ථීතිය අත්විඳින්න, එවිට ඔබට අවසන් මොහොතේ සම්මාන ඇතිව සමත් වීමට හැකි වෙයි.

පාඨය:
සුබ පැතුම් මඟින් නිදහසට කාරණා, විසඳුම් බවට පරිවර්ථනය වෙයි.