04.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පාරිශුද්ධත්වයට පත් වී විමුක්තිය සහ ජීවන මුක්තිය ලැබීමට වටිනා බවට පත්
වන්න. කිලිටි වූ ජීවයන් විමුක්තිය සහ ජීවන මුක්තිය ලැබීමට නොවටී. අසීමිත පියා
අසීමිත ආකාරයකට ඔබව වටිනා බවට පත් කරවයි.
ප්‍රශ්නය:
පියාට
විශ්වාසනීයයන් බව කියන්නේ කාටද? ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණ විස්තර කරන්න.
පිළිතුර:
පියාගේ ශ්‍රීමත් අකුරටම පිළිපදින, අශරීරිකත්වය පුහුණු කරන සහ නොකිලිටි ස්මරණයෙන්
යුතු වූවන් පියාට විශ්වාසනීයයන් වේ. සියල්ල ග්‍රහණය කරගත හැක්කේ එවන් වටිනා දරුවන්ට
පමණයි. ඔවුන් නිරන්තරයෙන් සේවය පිළිබඳව සිතයි. ඔවුන්ගේ බුද්ධිය නැමති කෙන්ඩිය
නිරන්තරයෙන් පාරිශුද්ධත්වයට පත් වේ. ඔවුන් කිසිදා පියාව හැර නොයයි.
ගීතය:
හදවත තුති
පුදයි එයට උදව් දෙන කෙනා හට!
ඕම් ශාන්ති.
දරුවන් ස්තූති කරයි. අනුපිළිවෙලට ඔවුන්ගේ උත්සාහයේ ප්‍රමාණයට, සියල්ලෝම එකම
ප්‍රමාණයට ස්තූති නොකරයි. බුද්ධිය පිළිබඳ ඉතා හොඳ විශ්වාසයෙන් යුතු ජීවයන් සහ
තමන්ගේ හදවතින් පියාගේ සේවයේ නිරතව සිටින්නන් සහ ඉතා සෙනෙහසින් යුක්ත වූවන්
අභ්‍යන්තරයෙන්ම ස්තූතිය පුද කරයි. බාබා, එය ඔබේ අරුමයකි. අප කිසි දෙයක් දැන සිටියේ
නැත. අප ඔබව හමු වීමට වටිනා තත්ත්වයේ සිටියේ නැත. එය සත්‍යයකි. මායා සියල්ලන්වම
නොවටිනා බවට පත් කර තිබුණා. ඔබ ස්වර්ගයට වටිනා බවට පත් කළේ කවුද සහ ඔබ අපායට වටිනා
බවට පත් කළේ කවුද කියා ඔවුන් දන්නේ නැහැ. විමුක්තිය සහ ජීවන මුක්තිය යන දෙකටම වටිනා
බවට පත් කළේ පියාණන් බව ඔවුන් විශ්වාස කරනවා. එසේ නොවන්නට කිසිවෙකු ඊට වටින්නේ නැත.
තමන් අපිරිසිඳු බව ඔවුන්ම පවසයි. මේ ලෝකය අපිරිසිඳුයි. සාන්තුවරු සහ ශුද්ධෝත්තමවරු
ආදී අය පියාව හඳුනන්නේ නැත. පියා දැන් දරුවන් වන ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දී තිබේ.
නීතිය වන්නේ තමන්ගේ හඳුන්වාදීම සඳහා පියා විසින්ම පැමිණ හඳුන්වාදීම කළ යුතු බවයි.
ඔහු මෙහි පැමිණ ඔබව වටිනා සහ පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. එහි සිට ඔබව
පාරිශුද්ධත්වයට පත් කිරීමට ඔහුට පුළුවන්කම තිබුණා නම්, ඔබ මෙතරම් නොවටින්නේ ඇයි? මේ
දරුවන් අතරේ පවා, විශ්වාසය ඇති වන්නේ උත්සාහය දක්වන තරමට අනුපිළිවෙලට තමයි. පියාගේ
හැඳින්වීම ලබා දිය යුත්තේ කෙසේද යන ප්‍රඥා ඥානය ඔබ සතු විය යුතුයි. අනිවාර්යෙන්ම
මෙහෙම කියනවා ශිවාට නමස්කාර වේවා. මව හා පියා වන්නේ ඔහු පමණයි, උත්තරීතර තැනැත්තා.
බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් කියන්නේ නිර්මාණ. ඒවා අනිවාර්යෙන්ම පියාගේ නිර්මාණ වේ.
මවක් ද සිටිනවා. දෙවියන්, සියල්ලන්ගේම පියා, අනිවාර්යෙන්ම එක් අයෙකි. අශරීරික කෙනා
තමයි දෙවියන් කියන්නේ. නිර්මාණකරු සැම විටම එක් අයෙක් පමණයි. පළමුවෙන්ම, ඇල්ෆා
පිළිබඳ හැඳින්වීම ලබා දිය යුතුයි. හැඳින්වීම උපක්‍රමශීලීව ලබා දීමට ද ඔබ තේරුම් ගත
යුතුයි. නැණ සයුර වන්නේ දෙවියන් පමණයි. රාජයෝග, පැමිණ උගන්වන්නේ ඔහු පමණයි. ඒ
දෙවියා කවුද? පළමුවෙන්ම ඇල්ෆාගේ හැඳින්වීම ලබා දෙන්න. පියා අශරීරිකයි, ඒ වගේම
දරුවන්ද අශරීරිකයි. ඒ අශරීරික පියා පැමිණ මේ දරුවන්ට උරුමය ලබා දෙනවා. ඔහු පැහැදිලි
කර දිය යුත්තේ යම් කෙනෙක් හරහාය. ඔහු වෙන කොහොමද ඔබව රජුන්ගෙත් රජුන් බවට පත්
කරවන්නේ? ස්වර්ණමය යුග රාජධානිය ගොඩනැගුවේ කවුද? ස්වර්ගයේ නිර්මාණකරු කවුද? එය
අනිවාර්යෙන්ම සත්යුග දෙවියන් වන පියා විසින්ය. එය අශරීරික අයකු විසින් කළ යුත්තකි.
පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණා, බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්
යන අය පියාණන් නොවේ. ඒවා නිර්මිතයන්. සූක්ෂම ලෝක වාසීන් නිර්මාණය කළා වූ අය නම්,
ඔවුන් ද නිර්මාණයන් වේ. කියමන නම් ශිවාට නමස්කාර වේවා. ප්‍රධාන වන්නේ මෙයයි.
ප්‍රදර්ශනයක එකම දෙය නැවත නැවත කියන්නේ නැහැ. මෙහි, සෑම කෙනාටම හොඳින් කියා දිය
යුතු අතර ඔවුන්ට විශ්වාසය ඇති කිරීමට දිරි ගැන්විය යුතුයි. කවුරු ආවත් පළමුව කියන්න
එන්න අපට පුළුවනි ඔබට පියාගේ දැක්ම ලබා දීමට. ඔබ ඇවිත් සිටින්නේ පියාගෙන් උරුමය ලබා
ගැනීමටයි. ගීතාවේ රාජයෝග උගන්වා ඇත්තේ ක්‍රිෂ්ණා නොව පියාණන්ය. ගීතාවේ දෙවියන්
වන්නේ පියාමයි. පළමු කාරණය මෙයයි. ක්‍රිෂ්ණා දෙවියන් කතා කරනවා නොවේ. මෙහෙම කියනවා
රුද්‍රා දෙවියන් කතා කරනවා හෝ සෝමනාථ දෙවියන් කතා කරනවා හෝ ශිව දෙවියන් කතා කරනවා.
සෑම මිනිසකුගේම ජීවිත කතාව පුද්ගලිකයි. කෙනෙකුට තවත් කෙනෙකුට සමාන වන්න බැහැ. කවුරු
ආවත්, පළමුව මේ කාරණය ඔවුනට පැහැදිලි කර දෙන්න. මෙය ප්‍රධාන දෙයයි. මේ උත්තරිතර
පියා වන උත්තරීතර ජීවයේ වැඩ කොටසයි. ඔහු පියා වන අතර මේ දරුවාය. ඔහු දිව්‍යමය පියා
ද මොහු දෙව්ලොව කුමාරයා ද වේ. මෙය පැහැදිලිව තේරුම් කළ යුතුයි. අනෙක් සියලු ආගමික
ලේඛණ ගීතාව මත පදනම්ව ඇති හෙයින් එය ප්‍රධාන වේ. භගවත් ගීතාව සියලු ආගමික
ග්‍රන්ථයන්ගේ මව යැයි කියැවේ. ඔබ වේද ග්‍රන්ථ විශ්වාස කරනවාදැයි මිනිසුන් අසති. ඔව්
ඉතින්, කවුරුත් තම ආගමික ග්‍රන්ථය විශ්වාස කරනවා. ඔවුන් සියලුම ග්‍රන්ථ විශ්වාස
නොකරයි. ඔව් සියලු ග්‍රන්ථ පවතියි. නමුත් ඒ සියල්ල දැනගන්නවා වෙනුවට ප්‍රධාන දේ
නම්, ඔබට උරුමය ලබා දීමට මුල් වන පියාව දැන ගැනීමයි. ග්‍රන්ථ වලින් ඔබට උරුමයක්
නොලැබේ. ඔබට උරුමය ලැබෙන්නේ පියාගෙනි. පියා විසින් දෙන ලද දැනුම සහ උරුමය ගැන ඔවුන්
ආගමික පොත් සකස් කර ඇත. පළමුවෙන්ම ගීතාව සලකා බැලිය යුතුයි. ගීතාවේ දෙවියන් කවුද ඒ
රාජයෝගය සඳහන්ව ඇත්තේ එහිය. රාජයෝගය නම්, නව ලෝකය සඳහා විය යුතුයි. දෙවියන්
කිසිවෙකු අපිරිසිඳු නොකරයි. පළමුවෙන්ම පියා හඳුන්වා දී ඔවුන් ලවා මෙසේ ලියවන්න ‘මේ
මගේ පියා බව මා හොඳාකාරවම නොසැලෙන ශ්‍රද්ධාවෙන් සත්‍ය ලෙස දනිමි.‘ පළමුවෙන්ම
පැහැදිලි කළ යුතුයි ශිවාට නමස්කාර වේවා. ඔබ මවද පියාද වේ. පියාගේ වරුණ, එම පියා
ගැනයි. පියා පැමිණ ඇත්තේ භක්තියේ ඵලය ලබා දීමටයි. භක්තියේ ඵලය යන්න ඔබ දැන් තේරුම්
ගෙන ඇත. බොහෝ සේ භක්ති කළ අයට පමණක් ඵලය ලැබෙනු ඇත. මේවා ආගමික ලේඛණ වල සඳහන්ව නැත.
ඔබ අතරිනුත් මෙය දන්නේ ඔබ දරනා උත්සාහයේ අනුපිළිවෙලටයි. ඔහු ඔබේ අසීමිත මව හා පියා
බව තේරුම් කර දී ඇත. ජගදම්බා සහ ජගත් පියා ගැන ද සිහිපත් කර ඇත. ආදම් සහ ඊව් ව
මනුෂ්‍යයින් බව දැනුවත් කර ඇත. ඊව් මව යැයි කියැවේ. හරියටම ඊව් කවුද යන්න කිසිවෙක්
නොදනී. පියා පැමිණ තේරුම් කර දෙයි. එහෙත් එය ක්ෂණිකවම තේරුම් කරගන්නා කෙනෙක් නැත.
අධ්‍යයනයට කාලය ගත වේ. අධ්‍යයනය තුළින් බැරිස්ටර් ලා බිහිවේ. එහිදී නිෂ්චිත අරමුණක්
හා ඉලක්කයක් ඇත. ඔබට ඇත්තේ දෙව් දේවතාවන් බවට පත් වීමටයි. ඉතින් පළමුවෙන්ම පියා
හඳුන්වාදීම කළ යුතුයි. මවත් පියත් ඔබ යැයි මිනිස්සු ගී ගයති. ඊළඟට ඔවුන් කියන්නේ
පාරිශුද්ධකරුවාණනි, එන්න! ඉතින් අපිරිසිඳු ලෝකය සහ පිරිසිඳු ලෝකය යනුවෙන්
කියැවෙන්නේ කුමක්ද? කළියුගය තව අවුරුදු 40,000 ක් පවතීද? හොඳයි එසේ නම් ඔබ
පාරිශුද්ධත්වයට පත් කරන්නා පියා නොවේද? දෙව් ලොව සදන්නේ පියා වන දෙවියන්ය. ඒ
ක්‍රිෂ්ණා විය නොහැකියි. ඔහු ඔහුගේ උරුමය ලබා ගත්තා. ඒ ක්‍රිෂ්ණා යනු දෙව් ලොව
කුමාරයා වන අතර ශිව බාබා දෙව් ලොව නිමැවුම්කරුය. එය නිර්මාණයකි, පළමු කුමරාය. ඔබ
මෙය පැහැදිලිවම ලියාගත යුතුය. ලොකු අකුරින් ලියාගත යුතුය. එවිට එය තේරුම් කර දීම
පහසුය. එවිට ඔවුන් නිර්මාණකයෙක් සහ නිර්මාණය ගැන දැනුවත් වේ. නිමැවුම්කරු ඥාන
පූර්ණයි. ඔබට රාජයෝග උගන්වන්නේ ඔහුය. ඔහු රජෙක් නොවේ. නමුත් ඔබ රජුන්ගෙත් රජ
කරවන්නට ඔහු උගන්වයි. දෙව් පියා රාජයෝග ඉගැන්වූ අතර ශ්‍රී ක්‍රිෂ්ණා රාජකීය බව
ලැබීය. ඔහුට එය නැති වී ගිය අතර නැවත ලබා ගත යුතුව ඇත. පිංතූර මඟින් මෙය පැහැදිලි
කර දිය හැකියි. මෙහිදි පියාගේ කාර්යය නිෂ්චිතවම අවශ්‍යය. ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම
ගැනීම නිසා භාරතය බෙලිකටුවක් සේ නොවටිනා බවට පත් විය. ශිව බාබා ගැන දැනුවත් වීමෙන්
භාරතය දියමන්තියක් සේ බැබළීමට පත් වේ. කොහොමනමුත්, පළමුව ඔහු ඔබේ පියා බව බුද්ධියට
ඇතුල් විය යුතුයි. පළමුවෙන්ම නව දෙව්ලොව නිර්මාණය කළේ පියාය. දැන් එය ජරාජීර්ණ වූ
ලෝකයයි. ගීතාවේ රාජයෝග ගැන සඳහන්ව ඇත. පිටරටවල අයට ද රාජයෝග හැදෑරීමට අවශ්‍යව ඇත.
ඔවුන් එය හැදෑරුවේ ගීතා පොතෙනි. දැන් ඔබ මෙය දැන, ඔබම පියා කවුදැයි අන් අයට තේරුම්
කර දීමට උත්සාහ කරයි. ඔහු සර්ව ව්‍යාප්ති නොවේ. සෑම තැනම නැත. ඔහු එසේ වූයේ නම්
රාජයෝග උගන්වන්නේ කෙසේද? මෙම වරද ගැන ඔබ බොහෝ සෙයින් සලකා බැලිය යුතුයි. සේවයේ නිරත
වන්නන් පමණක් මේ ගැන සලකා බලනු ඇත. ඔබට මේ ඥානය ලැබෙනු ඇත්තේ බාබාගේ ශ්‍රීමත්
අනුගමනය කරන විටයි. ඔබ අශරීරික වූ විටයි. මන්මනභව් වන්න. බාබා ස්මෘතියම තබා ගන්න.
පියා ගැන ශ්‍රද්ධාවෙන්, පැහැදීමෙන් අවංක මනාලියක් වන්න. එනම්, ඔබ හොඳ වටිනා දරුවකු
වූ විටයි. පියාගේ අණ වන්නේ හැකිතාක් ස්මෘතිය නොකඩවා දියුණු කරන්න. ශරීර අවධානයට පත්
වීමෙන් මා සිහි කිරීමද නොකෙරෙයි. ඔබේ බුද්ධියද පිරිසිඳු නොවේ. සිංහ කිරි දැමීමට රන්
කෙණ්ඩියක්ම අවශ්‍ය යැයි කියැවේ. මෙහිදී පියාට නොසැලෙන ප්‍රසාදයෙන් සිටීමට අවශ්‍ය
වේ. එසේ අදූෂිතව පියා ගැන ප්‍රසාදයෙන් ඇත්තේ ඉතා සුළු දෙනෙකි. සමහරු කිසිවක් නොදනී,
ළදරුවන් මෙනි. ඔවුන් මෙහි වාඩිගෙන සිටියද කිසිවක් තේරුම් නොගනී. එය හරියට ළදරු
වයසේදී විවාහ කර දෙනවා මෙනි. දෙමව්පියන් ඔවුන් ඉක්මනින් විවාහ කර දෙන්නේ, මහත්
සෙනෙහසින් යහපතක් කරනවා මෙනි. මෙහිදී ද සිදුවන්නේ එවැනි දෙයකි. ඔවුන්ට අවශ්‍ය වුවත්
කිසිවක් නොතේරේ. අපි මමාටත් බාබාටත් අයිති අතර උරුමය ලබා ගත යුත්තේ පියාගෙනි. ඔවුන්
කිසිවක් නොදනී. විශ්මය ජනකය. ඔවුන් මෙහි වසර පහ හයක් සිට පියාව, ස්වාමියාව හැර යයි.
මායා එතරම්ම ඔවුන්ට හිරිහැර කරයි. එනිසා පළමුව ම ඔවුන්ට කිව යුත්තේ පියාට නමස්කාර
වේවා. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්ගේ නිර්මාණකයා ද ඔහුය. ශිවා වූ කලී ඥාන සාගරයයි.
ඉතින් දැන් ඔබ කළ යුත්තේ කුමක්ද? ත්‍රිමූර්ති පිංතූරයේ ඇති ඉඩෙහි මෙසේ ලියන්න ශිව
බාබාගේ සහ ක්‍රිෂ්ණාගේ කාර්යයන් එකිනෙකට වෙනස්ය. මෙය පළමුව තෝරන විට ඔවුන්ගේ නළල්
තලය විවෘත වනු ඇත. මෙම හැදෑරීම අනාගතය සඳහාය. මෙවැනි වෙනත් හැදෑරීමක් තවත් නැත.
ආගමික ලේඛණ වලින් මෙවැනි පැහැදිලි බවක් ඔබට ලැබිය නොහැකිය. ඔබේ බුද්ධිය තුළ ඇත්තේ
ඔබ සත් යුගයේ ආරම්භය සඳහා හැදෑරීම කරන බවය. ඉගෙනීම අවසන් කර අවසාන විභාගය ලියමු.
අපි එහි පාලකයෝ වෙමු. ගීතාව කියවන අයට මෙවැනි දේ තේරුම් කළ නොහැක. පළමුව පියා
පිළිබඳ ඥානය අවශ්‍යය. ඔබ පියාගෙන්ම උරුමය ලබාගත යුතුව ඇත. ත්‍රිකාලදර්ශී වන්නේ පියා
පමණි. ලෝකයේ කිසිඳු මනුෂ්‍යයෙක් ත්‍රිකාලදර්ශී නොවේ. ඇත්ත වශයෙන් නම්, වන්දනාවට
සුදුසු වූ අය ඉනික්බිතිව වන්දනාකරුවන් බවට පත් වේ. භක්ති කළ අය වන්නේ ඔබයි. මෙය
කිසිවෙක් නොදනියි. භක්ති කළ අය අංක 1 ට එයි. ඔවුන් වූ කලී බ්‍රහ්මා සහ බ්‍රහ්මාගේ
මුවින් උපදින අයයි. වන්දනාවට සුදුසු වන්නේ මොහුම වෙයි. ඔහු නොම්බර එකේ වන්දනාවට
සුදුසු කෙනා මෙන්ම ඉනික්බිතිව නොම්බර එකේ වන්දනාකරුවාද බවට පත්වේ. නැවත ඔහු වන්දනීය
බවට පත් වේ. භක්තියේ ඵලය ලබන පළමුවැන්නා ඔහුය. බ්‍රහමින්වරු, හැදෑරීමෙන් දෙවි
දේවතාවුන් බවට පත්වේ. මෙය කොහේවත් ලියැවී නැත. දුන්න විදීමට පොළඹවන්නේ කවුරුන්දැයි
බිෂම්පිතමයි ආදීන් දනියි. එහි යම් බලයක් ඇතැයි ඔවුන් නිෂ්චිතවම තේරුම් ගනියි. ඔහුට
උගන්වන අය යම් බලවත් කෙනෙක් යැයි ඔවුන් දැනුදු දනී. බාබා මෙසේ දකී මේ සියලු දෙනා
මගේ දරුවන්. ඔහු (ශිව බාබා) මේ සියල්ල දකින්නේ මෙම දෑසිනි (බ්‍රහ්ම බාබාගේ). අප හැර
ගිය අයට ආහාර පූජා කරන විට එම ජීවය මෙසේ දකී මේ අහවලාය. ඔහු කෑම ගන්නා විට ඔහුගේ
ඇස් ආරාධිත කෙනාගේ ඇස් හා සමාන වේ. තාවකාලික ණයට ගත් ඇස් දෙකක් මෙනි. මෙය භාරතයේ
පමණක් සිදුවන්නකි. පුරාණ භාරතයේ ප්‍රමුඛ ස්ථානය රාධේ හා ක්‍රිෂ්ණාටය. ඔවුන්ට උපත
දෙන්නෝ උසස් සේ නොසලකති. ඔවුන්ගේ සමත්භාවය අඩුය. වර්ණනාව පළමුව ආරම්භ වන්නේ
ක්‍රිෂ්ණාගෙනි. රාධේ සහ ක්‍රිෂ්ණා යන දෙදෙනාම ඔවුන්ගේම රාජධානි තුළම පැමිණේ. මෙහිදී
දෙමව්පියන්ට වඩා ඉහළ නමක් දරුවන්ට ලැබේ. මෙම කරුණු ඉතා විශ්මිතය! එහි සැඟවුණු
සතුටක් ඇත. පියා කියන්නේ මම ඇතුල් වන්නේ සාමාන්‍ය සිරුරකටය. ඔහු මව්වරු විශාල
සංඛ්‍යාවක් රැකබලා ගත් අතර ඒ සියලු වියදම් දැරීමට හැකි වන සේ සාමාන්‍ය ශරීරයක් යොදා
ගනියි. මෙය ශිව බාබාගේ භාණ්ඩාගාරය වේ. ඔහු ඥානය නම් වූ අවිනාශී මැණික් භාරකරු වන
අතර හදාගන්නා ළමුන් වන ඔබ ද බලා ගනී. මෙය දන්නේ මේ දරුවන් පමණි. ඔබ ද පළමුව මෙසේ
පටන් ගන්න ශිව බාබා කතා කරයි. ඔහු සියල්ලේ නිර්මාතෘය. දැන් මෙසේ අසන්න ක්‍රිෂ්ණා
ඥාන සාගරය වන පියා හෝ දෙවියන් යැයි කිව හැක්කේ කෙසේද? මෙය කියවූ තරමින් හොඳින්
බුද්ධියට යන ලෙස මෙම වාක්‍ය පැහැදිලි විය යුතුයි. සමහරුන්ට මෙය තේරුම් ගැනීමට
අවුරුදු දෙක තුනක් අවශ්‍ය වේ. භක්තියේ ඵලය දීමට දෙවියන් පැමිණිය යුතුයි. පියා මේ
යාගය නිර්මාණය කළේ බ්‍රහ්මා මඟිනි. ඔහු බ්‍රහ්මින්වරුන්ට උගන්වා ඔවුන්ව දෙවි
දේවතාවන් බවට පත් කළේය. නමුත් ඉන් පසු ඔබට පිරිහීමට සිදු විය. මෙය හොඳ පැහැදිලි
කිරීමකි. පළමුවෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණා දිව්‍යලෝක කුමාරයා බව ඔප්පු කළ යුතුයි. ඔහු
ඉහළම දෙවියා වන පියා නොවේ. සර්ව ව්‍යාප්ති මතය තුළ මිනිසුන් සම්පූර්ණ තමෝප්‍රධාන්
බවට පත් විය. ඔවුන්ට ස්වාධිපත්‍යය දුන් කෙනාද අමතක විය. පියා හැම චක්‍රයකදීම අපට
රජදහන ලබා දෙන අතර අපට පියාව අමතක වෙයි. මෙය පුදුම සහගතයි. ඔබ මුළු දවස පුරාම
සතුටින් විනෝද විය යුතුයි. බාබා අපව මුළු ලොව හිමිකරුවන් බවට පත් කරයි! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. නොකිලිටි
ලෙසින් පියාට විශ්වාසනීය වන්න. වැඩියෙන් ස්මරණය කර බුද්ධිය පිවිතුරු කරන්න.
2. පියාගේ හැඳින්වීම
උපායශීලීව ලබා දීමට මං සොයන්න. නැණ සයුර කලතා ඇල්ෆා කවුදැයි සැක හැර දැන ගන්න.
වරදානය:
ස්ව-පරිවර්ථනය
සිදු කිරීමෙන් ඔබ ලෝක පරිවර්ථනයට උපකරණයක් වන ශ්‍රේෂ්ඨ සේවාධාරියෙක් වේවා.
තමන්ගේ ස්ව-පරිවර්ථනය
තුළින් ලෝක පරිවර්ථනය ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ඔය දරුවන් ගෙන තිබේ. ලෝක පරිවර්ථනයේ
පදනම, ස්ව-පරිවර්ථනයයි. තමා පරිවර්ථනය නොවී, ඔබ ජීවාත්මයක් වෙනුවෙන් කෙතරම් උත්සාහ
දැරුවත්, එම ජීවාත්මය තුළ පරිවර්ථනයක් සිදු නොවෙයි. මෙයට හේතුව වන්නේ වත්මන් ලෝකයේ
මිනිසුන් වෙනස් වන්නේ යම් දේකට සවන් දීමෙන් පමණක් නොවෙයි, නමුත් ඔවුන් වෙනස් වන්නේ
වෙනසක් දැකීමෙනි. ඔබගේ ජීවිතයේ පරිවර්ථනය දැක, ඔබට යම් බන්දනයක් සිදු කරන බොහෝ
දෙනා, තමන්ව පරිවර්ථනය කරගනී. එබැවින් මෙය ක්‍රියාවට නංවා පෙන්වීම, තමන්ව පරිවර්ථනය
කර පෙන්වීම යනු, ශ්‍රේෂ්ඨ සේවාධාරියෙක් වීමය.
පාඨය:
ඔබගේ කාලයේ,
සිතිවිලි සහ වචන වල ශක්තිය, නිෂ්ඵලත්වයෙන්, හොඳම බවට වෙනස් කරන්න, එවිට ඔබ බලවත්
වෙයි.