04.12.18       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ ආධ්‍යාත්මික යෝගාව සදා පාරිශුද්ධත්වයට පත් වීම සඳහායි. මක් නිසාද යත් පාරිශුද්ධ ලෝකය ස්ථාපනය කිරීම සඳහා වූ ඔබේ යෝගාව පාරිශුද්ධියේ සාගරය හා සමඟයි.

ප්‍රශ්නය:
සියල්ලට පළමු බුද්ධියේ තදබල පැහැදිලි ශ්‍රද්ධාව ඇති දරුවන් තුළ තිබිය යුතු ශ්‍රද්ධාව කුමක් ද? එහි ලකුණු මොනවාද?

පිළිතුර:
ඉදිරියෙන්ම පළමුව ඇත්තේ, ඔබ එකම පියාගේ දරුවන්ය යන සුපැහැදිලි බව වන අතර, ඔහුගෙන් ඔබට දේවතා ආධිපත්‍යය ලැබෙන බවත්ය. එසේ වූ කල එසැණින් ම ඔබේ බුද්ධියට ඇතුළු වන්නේ ඔබ නිරතව සිටි භක්තිය දැන් අවසන් බවත්, ඔබට දෙවියන්ම මුණගැසුණු බවත්ය. එසේ බුද්ධියේ ශ්‍රද්ධාව ඇති දරුවන් පමණි උරුමක්කාරයන් වන්නේ.

ගීතය:
ඈත දුර දේශයේ සිට එන මඟියාණනි...

ඕම් ශාන්ති.
පියා මෙහි සිට, සියල්ලෝම ඈත දනව්වේ සිට පැමිණි අය බව විස්තර කරයි. සියලුම ජීවාත්ම සත්තාවන් ඈත ඈත උත්තරීතර දනව්වේ වැසියන්ය. ආගමික ලේඛණ වල ද මෙය සඳහන් වේ. හිරුගේ හෝ සඳුගේ වත් ආලෝකය නොමැති, ඈත දනව්වේ ජීවාත්ම සත්තාවන් වාසය කරති. අශරීරික ලෝකයේ හෝ සූක්ෂම කළාපයේ නාටකයක් නොමැත. මනුෂ්‍ය ලොව යනුවෙන් හැඳින්වෙන ශාරීරික ලෝකයේ නාටකය ඇත. සූක්ෂම කළාපයේ හෝ අශරීරික ලෝකයේ උපත් 84ක චක්‍රය ද නොමැත. චක්‍රය දක්වා ඇත්තේ මානව ලෝකයේය. මානව ලෝකය යනු කුමක්ද සහ මනුෂ්‍යයින් සාදා ඇත්තේ කුමකින්ද? මනුෂ්‍යයෙක් සෑදී ඇත්තේ ජීවාත්ම සත්තාවෙන් සහ ශරීර එකතුවෙනි. මහාභූත 5 න් නිර්මාණය වන රූකඩයක් (ශරීරය) ඇති අතර ජීවාත්ම සත්තාව ඊට ඇතුළු වී තම කොටස රඟපායි. ඉතින් සියලුම දෙනා ඈත දනව්වේ වැසියන්ය. කොහොමනමුත්, ඔබද එම පැහැදිලි බව ශ්‍රද්ධාවෙන් පිළිගනී. මනුෂ්‍යයින්ට එම ශ්‍රද්ධාව නැත. පියා මෙසේ විස්තර කරයි. ඔබ මට ඈත දනව්වේ නිවැසියා යැයි කිව්වත්, ඔබ සියලු ජීවාත්ම සත්තාවන්ගේ නිවහන එකමයි. අනික් නාට්‍ය වල රඟපාන නළුවන්ට නිවෙස් ඇත. එහි සිට ඔවුන් ඔවුන්ගේ කොටස රඟපෑමට එයි. මෙහිදී ඔබ සැම එකම පියාගේ දරුවන් බවත්, ඔබ සැම උත්තරීතර දනව්ව වන එකම නිවසේ නිවැසියන් බවත් ඔබ දරුවන් දනී. එය මහා බ්‍රහ්ම භූතය වන අතර මෙය ආකාශ භූතයයි. ඔබ මෙහිදී ඔබේ කොටස රඟපායි. මෙහි රැය සහ දවාල ඇති අතර ඉර සහ සඳ ඇත්තේ ඒ නිසාය. අශරීරික ලෝකයේ රැයක් දවාලක් නැත. ඉරයි හඳයි දේවතාවන් නොවේ ඒවා කරළිය ආලෝකමත් කරන ආලෝකයන්ය. සූර්යයා දහවල ආලෝකය දෙන අතර, රාත්‍රියට සඳ එළිය ඇත. දැන්, සියලු මනුෂ්‍යයින්ට විමුක්ති දේශයට යාමට උවමනා වී ඇත. ඔබ දන්නවා දෙවියන් ඉහළ වසනා බව. මිනිසුන් දෙවියන් සිහිකර 'ඕ පරම පිතා පරමාත්මා' යැයි සිහිකරන විට ඔවුන්ගේ බුද්ධිය ඉහළට යයි. ඔබ ජීවාත්ම සත්තාවන් මෙය තේරුම් ගත්තත් සෑම තැනම ඇත්තේ අවිද්‍යාවයි. ඔබ දන්නවා ඔබ මෙම ස්ථානයේ වැසියන් නොවන බව. ඔහු අපේ පියාය. ඔවුන් මුඛයෙන් 'ඕ දෙවියනි, පියාණනි' කියන අතර ඊළඟට කියන්නේ, 'සියලු දෙනා පියාය දෙවියන් සර්ව ව්‍යාපීය' ඔබ දරුවන්ට විස්තර කර දී තිබෙනවා සියලු දෙනා පියා නොවන බව. සියලු ජීවාත්ම සත්තාවන් එකිනෙකාගේ සහෝදරයින්ය. මෙය නොදැනීම නිසා ඔවුන් එකිනෙකා දිගටම රණ්ඩු සරුවල් කරයි. ඔබ ජීවාත්ම සත්තාවන් සහෝදරයින් වන අතර එකම පියාගේ දරුවන් බවට පත් වී ඇත. බුද්ධිය පිළිබඳ විශ්වාසය ඇති අය ද අනුපිළිවළිනි. ලෞකික සබඳකම් තුළ ඔබට සැමවිට පැහැදිලියි, ඔබ උරුමය ලබා ගන්නේ ඔබේ පියාගෙන් බව. මෙහිදී, මායා දිගින් දිගටම ඔබේ මුහුණ පියාගෙන් වෙනතකට හරවයි. ඔබ සර්ව බලධාරී පියාට අයිති වන අතර මායා ද සර්ව බල ගෙන ඔබ හා සටන් කරයි. මෙය වූ කළී පාප 5න් ජයගන්නා සටනකි. මේ සටන බොහෝ ප්‍රසිද්ධ අතර ආගමික ග්‍රන්ථ වල සඳහන්, කෞරවයින් සහ පාණ්වයින් වැනි අය නොමැත. රාවණ් සමඟ වූ මෙම යුද්ධය ඉතා බිහිසුණුය. අප ජීවාත්ම සත්තාවන්ට අවශ්‍ය පියා ස්මෘතියේ තබාගෙන පූර්ණත්වයට සහ පාරිශුද්ධත්වයට පත් වීමයි. යෝගා හැර වෙනත් මඟක් නොමැත. යෝගා හදාරණ අන් සියලු අය පාරිශුද්ධිය රැකීම සඳහා එය නොකරයි. ඒ සියලු දේ භෞතික යෝගා සඳහා වන තාවකාලික කාලයකට වන අතර මෙය සදාකාලික පාරිශුද්ධත්වයට පත් වන ආධ්‍යාත්මික යෝගාවයි. පාරිශුද්ධි සාගරයෙන් යෝගා තබා ගැනීමෙන් අපි පාරිශුද්ධත්වයට පත් වෙමු. මෙම යෝගා ගින්නෙන් ඔබේ බොහෝ උපත් වල පාප පිළිස්සී යයි. ඔබේ බුද්ධිය ද කියන්නේ මෙම ලෝකය අපිරිසිඳු බවයි. ඕනෑම කෙනෙක්ගෙන් අසන්න, මෙය ස්වර්ණමය යුගයද, කළි යුගයද? කිසිවෙක් මෙය ස්වර්ණමය යුගය යැයි නොකියනු ඇත. ස්වර්ණමය යුගය ඇත්තේ නව ලෝකයේය. එය ස්වර්ණමය යුගය වන අතර, මෙය කළි යුගයයි. ජරාජීර්ණ ලෝකය කළි යුගය වන අතර, නව යුගය ස්වර්ණමය ලෝකය ලෙස හැඳින්වේ. මෙය කළි යුගය සේම ස්වර්ණමය යුගය යැයි ඔබට කිව නොහැකියි නැත. අපාය වැසියන් යනු අපායේම වැසියෙකි. ජරාජීර්ණ ලෝකය අපිරිසිඳු ලෝකය යනුවෙන්ද, නව ලෝකය පිරිසිඳු ලෝකය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම විස්තරය මනුෂ්‍යයින් සඳහාය. සතුන් මෙසේ නොකියයි ඕ පාරිශුද්ධ කරුවාණනි, එන්න! ඕනෑම කෙනෙකුගෙන් ඇසුවොත් ඔවුන් කියාවි මෙය අපාය බව. භාරතය දිව්‍යලෝකය ලෙස නව ලෝකයේ තිබුණු අතර භාරතය දැන් ජරාජීර්ණ වන අපායයි. භාරතය ගැන විශේෂයෙන් දිගටම සඳහන් කරන්න. අන් සියල්ල එන්නේ මධ්‍යකාලීනවය. අපට ඒවා හා සම්බන්ධකමක් නැත. දැනට අතුරුදන් වී ඇති අපේ ආගම දහම වෙනම එකකි. ඔබ දැන් බුද්ධියේ පැහැදිලි ශ්‍රද්ධාව ඇති අය බවට පත්ව සිටී. ඔබ දන්නවා ඔබ සැම එකම පියාගේ දරුවන් බව. ඔබ පියාගෙන් ස්වාධිපත්‍යය ලබයි. සියල්ලට පළමු මෙම නොසැලෙන ප්‍රසන්න ශ්‍රද්ධාව ඔබට තිබිය යුතුයි. ඔබ ඥානයට ඇහුම්කන් දෙන එක ඉතා හොඳයි යටත් වැසියන් නිර්මාණය වේ. කොහොමනමුත් ඔබට, ඔබ දරුවන් අසීමිත පියාගේ දරුවන් බව පැහැදිලි ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ඔබ තේරුම් ගන්නවා භක්තිය කරන්නේ දෙවියන් හමු වීම සඳහා බව. එම භක්තිය දැන් අවසන් වී ඇත. දැන් දෙවියන් පැමිණ අප හමුවී සිටී. අපි ඔහුගෙන් සූර්ය වංශ තත්ත්වයෙන් ස්වාධිපත්‍ය ලබමු. ඉතා උසස් තත්ත්වයක් ලබමු. පෝසත් මිනිසුන් එකම දරුවෙක් සාදාගන්නා අතර, මෙහි අසීමිත පියාට නොගිනිය හැකි ගණනක් දරුවන් අවශ්‍යය. ඔබ මෙසේ කියයි මගේ දරුවන් බවට පත් වන අයට දෙව්ලොව උරුමය ලැබේ. මට අයත් නොවන අයට උරුමයක් ඉල්ලිය නොහැක. ඔවුන් ශ්‍රීමත් වත් පිළිපදින්නේ නැත. ශ්‍රද්ධාව ඇති අය මෙසේ කියයි බාබා, ඔබ නැවත වතාවක් පැමිණ ඇති අතර අපි ඔබේ අත කෙදිනකවත් අත් නොහරින්නෙමු. පියා දරුවන්ට විස්තර කරයි. අනතුරුව දරුවන් අන් අයට ඔවුන් පාරලෞකික පියාගේ දරුවන් බවට පත් වී ඇති බව විස්තර කර දෙයි. අපි ඔහුගේ ශ්‍රීමත් පිළිපදින්නෙමු. පරම පියා පරමාත්මා අපට මෙය උගන්වයි. බොහෝ අය බීකේ බවට පත් වී ඇති අතර ඔවුන් නියතයෙන්ම ශ්‍රද්ධාවත් නිසා අප එසේ නොවන්නේ ඇයි? ඔබ මෙසේ ලියන්න මා දැන් ඔබට අයිතියි, මෙය බාබාට යවන්න. පියා මෙසේ කියයි මම සිටින්නේ ඈත නොවේ, මෙහි ප්‍රායෝගික ලෙසම සිටිමි. ජනාධිපති ගැන ද කියැවෙන්නේ ඔහු මේ පොළෝ තළයේ සිටින බවයි. එයින් ජනාධිපති සර්ව ව්‍යාපී බව අදහස් නොවේ. එසේ ම පරම පිතා පරමාත්මා දුක් නැති කරන්නා සහ සතුට දානය කරන්නා යැයි කියැවෙන අතර ඔහු සර්ව ව්‍යාපී නොවේ. දෙව්ලොව දී පියා නැතුවත් කිසිවෙක් අසතුටින් නොමැති වෙද්දී ඔහු මෙහි සිටින විට අසතුටින් වන්නේ කෙසේද? පියා ඔබ දරුවන්ට කැදැල්ලක් තනයි. කුරුල්ලන් ඔවුන්ගේ පැටවුන්ට කූඩුවක් සාදන්නා සේ පියා ද ඔබ දරුවන්ට කැදැල්ලක් සාදයි. ඔහු ඔබ මඟින්ම එය තනයි. දෙව්ලොව නම් වූ කැදැල්ල ඔබට සිටින්නට තැනේ. පියා මෙසේ කියයි ඔබ මගේ උපදෙස් පිළිපැද්දොත්, ඔබට දෙව්ලොව පාලනය හිමි වේ. ඔබට මේ පිළිබඳ පැහැදිලි ශ්‍රද්ධාව ඇත්නම් ඔබ මෙය තදින්ම අල්ලා ගනී. ඔබ මෙහි නිකම්ම වාඩි වී සිටිනවා නොවේ. ඔබ ඔබේ ගෙදරත් පවුලත් අත් නොහැරිය යුතුයි. ඔවුන් ඔවුන්ගේ ගෙවලුත් පවුලුත් අත්හරී. ඔවුන් ඔවුන්ගේ ගුරු, දෙවියන් යැයි සිතයි. ඔවුන් ජීව මරණයට පත් නොවේ. ඔබ ජීව මරණයට පත් වී ඇති අතර අනතුරුව සත් යුගයේ ජීවත්විය යුතුය. ඔබ පියාගෙන් ඔබේ අසීමිත උරුමය ලබයි. අසීමිත පියා ඔබට උගන්වා උපත් 21 ක උරුමය දෙන බව පැහැදිලි නිසා ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුය. ඔබ පියාගේ දරුවන් වූ කළ ඔහු ඔබට උපදෙස් දෙයි. සියල්ලටම පළමු සතියක භතියකට වාඩි වෙන්න. ඔබ සෑම දිනකම ඥානය දිගටම ලබයි. හැම කෙනෙක් ම එකම තරමින් තේරුම් නොගනී. එක එක්කෙනා ඔහුගේ හෝ ඇයගේ උත්සාහය හා වාසනාව අනූව ලබා ගනී. ඒ මත සියල්ල රඳා පවතී. ඔබ කොතෙක් එසේ වන්නේ දැයි ඔබට කිව හැකියි. පියාට අයත් වූ පසු ද, ඔබ ඔබේ පවුල සමඟ ගෙදර ජීවත් විය යුතුයි. අච්චා. ඔබට ගෙයක් නැත්නම් අන්ධයින්ට සැරයටියක් වන්න. ඔබ නියතයෙන්ම සත්‍ය නාරායන්ගේ කතාන්තරය කීමට යා යුතුයි. බලන්න ප්‍රේම් දුව සේවයට ගොස් ඇති සැටි. ඇයට ආරාධනා කළ අය බොහෝ අයට ඇයව හඳුන්වා දුන් විට ඔවුන් බොහෝ සතුටු විය. කෙසේ නමුත් පියා මෙසේ කියයි ඒ කිසිවෙකුට බුද්ධියේ අසීමිත පියා ඔබට උගන්වන බවට ඇති ශ්‍රද්ධාවවත් නැති අතර උපත් 21 ක උරුමය ලබා ගත්තේ ඔහුගෙන්ය යන ශ්‍රද්ධාවත් නැත. ඔවුන් සතුටට පත් වුවත් පියා ඥාන සාගරය බවත් ඔහු ඔවුන්ට උගන්වන බවත් ඔහු සත්‍යයම පියා බවත් ඔවුන්ට පැහැදිලි ශ්‍රද්ධාවක් නැත. ඔව්, ඔවුන් මෙය හරි හොඳයි කීවත් පිටවූ කළ සියල්ල අහවර වේ. සැබෑ උත්සාහය දරන්නේ කලාතුරකින් කෙනෙකි. ඔවුන් ආධ්‍යාත්මිකව රැස්වුණත් ඔවුන්ට බුද්ධියේ ශ්‍රද්ධාව එකට නැත. ඔවුන්ට කියන්නේ අඩු කුළ මට්ටමේ අය කියායි. ශ්‍රද්ධාවත් සැකයත් යන දෙකම ඇත. එක මිනිත්තුවකදී, ඔවුන් පියා උගන්වනවා යැයි කියන අතර තව වරෙක එසේ වන්නේ කෙසේ දැයි අසයි. ඔව්, පිරිසිඳු වීම හොඳයි දිගටම එසේ සිටීම එතරම් ලේසි නැත. සියල්ලට පළමු පැහැදිලි ශ්‍රද්ධාවක් තිබිය යුතු අතර ඔවුන් ඇතුළාන්ත සතුටින් ලියා තැබිය යුතුය. බන්ධනයන් තුළ සිටින ගෝපිකාවන් ලියන ලියුම් තරම් නිදහස් අය නොලියයි. බාබා මෙසේ ලියයි ඔබ එක්කෙනෙක්ගේවත් බුද්ධියේ ශ්‍රද්ධාව ඇති කර නැහැනේ. ඔව්, ඔබ සාමාන්‍ය වැසියන් නිමවා ඇතත් උරුමක්කාරයන් නිමවා නැත. සමහර අය තුළ බුද්ධියේ ශ්‍රද්ධාව තිබුණත් හරි හැටි ඥානය නොලබා එම වංශයේ ම සේවක සේවිකාවන් බවට පත් වේ. ඔබ ඉදිරියට යන විට නිවැරදි දසුන් ලැබේ. ඔබට කිව හැකියි කුමන අංකයේ සේවකයන් සේවිකාවන් බවට පත් වේද කියා. එවිට ඔබ මහා පසු තැවිල්ලකට පත් වේ. 'මා ශ්‍රීමත් නොපිළිපැදි නිසා මේ තත්ත්වයට පත් විය.' කොහොමවුනත්, හැම අවස්ථාවකම එය නාටකය යැයි කියැවේ. චක්‍රයෙන් චක්‍රය මේ කොටස මෙයාට හිමි වේ. ඔබට නියතයෙන්ම දර්ශන ලැබේ. ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වන්නේ අවසානයේය. එවිට එය ඉරණම යැයි කියයි. මේ මගේ වාසනා මට්ටමයි. ඔබේ අධ්‍යයනයේ ප්‍රතිඵලය ප්‍රකාශ වේ. මෙය ඉතා ඉහළ පාසලකි. මෙහි උගන්වන කෙනා ඒ එකම කෙනාය. එකම අධ්‍යයනයක් ඇති අතර එකම විභාගයක් පමණි ඇත්තේ. සිසුන් කෙබඳු දැයි ගුරුවරයා දනී. හැම කෙනෙක් ම වේගයෙන් දුවයි. ඔබ ඉදිරියට යන විට ඔබට මහත් දේ දැන ගත හැකිය. ආරම්භයේ දී මෙන් ඔබ නැවත නැවත ධ්‍යානගත වෙයි. ඔබ දිගටම තේරුම් ගන්නා අතර පියා දිගටම විස්තර කරයි. ඔබ ශ්‍රීමත් නොපිළිපැදීමෙන් වරදේ බැඳේ. එසේ හැසිරීමෙන් ඔබට එය පුරුද්දක් වේ. ඔබට මෙසේ ඇසිය හැකියි ශිව බාබා, මම ඔබේ ශ්‍රීමත් පිළිපදිනවාද? බාබා ඔබට මෙසේ කියයි ඔබ එසේ නොකළ නිසයි වාසනාව මෙසේ වී ඇත්තේ. මේ මොහොතේ ඔබට අපල බව හැඟේ. කොහොමනමුත්, ඔබ ඉදිරියට යන විට ඒවා දුරුවේ. සමහරු කාමරාගයෙන් සුළු වශයෙන් මත් වීමට වැටේ. භාරතය උසස් ලෙස පිරිසිඳු වූ අතර දැන් දූෂිතය. උසස් දේවි දේවතාවන් ගැන ප්‍රශංසාව ඇත. පියා මෙසේ කියයි මේ යක්ෂ ප්‍රජාවයි. මා පැමිණියේ දේවතා ප්‍රජාව ස්ථාපනය කිරීමටයි. මෙම දේවි දේවතා ධර්මය සියල්ලට ම වඩා ඉහළයි. පාරිශුද්ධකරුවා වන්නේ පියා පමණක් ම වන අතර මිනිසුන්ට කිසිවක් නොතේරේ. ආගමක් ස්ථාපනය කරන්න පැමිණෙන අය නියතවම පිරිසිඳුයි. හැම අවස්ථාවකම හොඳත් නරකත් යන දෙක තිබේ. වාසනාව අඩු අය හා හොඳ වාසනාවත් අය සිටිති. දැන් මේ රාවණ් රාජ්‍යය අවසන් වේ. රාවණ් නගරය දැන් ගිණිබත් වේ. රාමාගේ හමුදාව වන ඔබ මෙහි සිටී. මෙම ධර්මයට අයත් අයට දිගටම මෙය වැටහේ. එය තේරුම් ගන්නේ අනුපිළිවළටය. සමහරු ජනක් රජුසේ එක ඊතලයකින් කැපවීම සිදු කරගනී. ඔවුන් සමාවට කරුණු කියන්නේ නැත. මෙහිදී සමාවට කරුණු ක්‍රියාත්මක නොවේ. කොහොමනමුත්, මායාගේ කුණාටු ද බොහෝ ඇත. ඇය ඔබේ වංශය අමතක කරවන අතර ඔබ දෙවියන්ගේ දරුවන් යන්න ද අමතක කරවයි. ඒ නිසා, ඔබ දරුවන් බොහෝ මිහිරි විය යුතුයි. කාමරාගයේ කුල්මත් බවක් සුළු වශයෙන් හෝ නොතිබිය යුතුයි. කාමරාගය ලොකුම හතුරාය. මෙය වැදගත් ම පරීක්ෂණයයි. බාබා මෙසේ කියයි දරුවනි, එකට ජීවත් වන අතර පිරිසිඳු ව සිට මෙය පෙන්වා දෙන්න. පියා දරුවන්ගේ තත්ත්වය දනී. බුද්ධියේ ශ්‍රද්ධාව ඇති අය පියාට තොරතුරු මෙසේ ලියයි බාබා මා ඔබ ස්මෘතියේ තබාගෙන සේවය ද කරමි. ඔවුන් මට සේවා තොරතුරු ලියූ විට පමණක් මට ඔවුන් ගැන පැහැදිලි ශ්‍රද්ධාව ඇති වේ. ඔවුන් සේවය කර ඔප්පු කළ විට බාබාට ඔවුන් ගැන බොහෝ බලාපොරොත්තු ඇති වේ. එවිට බාබා තනියෙන් බවත් අප දරුවන් බොහෝ දෙනෙක් සිටින බවත් තේරුම් යයි. බාබා ඔබට සෑම දිනකම ප්‍රතිචාර දක්වයි යැයි නොසිතන්න පියා දුප්පතුන්ගේ ස්වාමියාය. දන් දෙන්නේ දුප්පතුන්ටය. මෙම භාරත් දේශය දුප්පත්ය. පෝසත්ව සිට, භාරතය දුප්පත් බවට පත් වී ඇත. මෙය කිසිවෙක් නොදනී. මේ භාරතය වූ කලී දෙවියන්ගේ අවතාරය පහළ වන අවිනාශී ප්‍රදේශයයි. භාරතය රන් ගේ කුරුල්ලාය, එනම්, සතුටේ නිධානය වන අතර අප සියලු දෙනා උත්සාහ ගන්නේ එම සතුටු දේශයට යාමටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1. සමාවට කරුණු නොකියා දිගටම පියාගේ ශ්‍රීමත් පිළිපදින්න. සේවය කර ඔප්පු කරන්න.

2. ඔබ දෙවියන්ගේ දරුවන් බවත් ඔබේ වංශය සියල්ලටම වඩා ඉහළම එක බවත් අමතක නොකරන්න. බුද්ධියේ ශ්‍රද්ධාව පැහැදිලි විශ්වාසයට ගෙන අන් අයද එසේම පොළඹවන්න.

වරදානය:
බ්‍රාහ්මණ උපතේ විශේෂත්වය සහ අසහාය බව, ඔබගේ අවධානයේ තබා ගනිමින්, ඔබ නොබැඳි නිරීක්ෂකයෙක් ලෙස සේවය කරත්වා.

මෙම බ්‍රාහ්මණ උපත, දිව්‍යමය උපතකි. සාමාන්‍ය ජීවාත්ම, ඔවුන්ගේ උපන් දින, විවාහ දින සහ යහළුවන්ගේ දිනය, වෙන් වෙන්ව සමරන නමුත්, ඔබගේ උපන් දිනය, විවාහ දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, විවාහ ගිවිස ගැනීමේ දිනය සියල්ලම එකයි, මන්ද, ඔබ සියලු දෙනාම, එක් පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවීමට පොරොන්දු වී තිබේ. එබැවින් මෙම උපතේ විශේෂත්වය සහ අසහාය බව ඔබගේ අවධානයේ තබා ගනිමින්, සේවයේ ඔබගේ කොටස රඟපාන්න. සේවයේදී එකිනෙකාගේ සහකරුවන් වන්න, නමුත් නොබැඳි නිරීක්ෂකයෙක් වශයෙන් සිටිමින් සහකරුවෙක් වන්න. කිසිම කෙනෙක් කෙරෙහි සුළු හෝ ගැති කමක් නොතිබිය යුතුයි.

පාඨය:
සැහැල්ලු අධිරාජයෙක් යනු, ඔහුගේ දිවියේ නිරහංකාරකම සහ අධිකාරිත්වයේ සමබරතාවයක් ඇති කෙනෙකි.