05.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා කටු මල් බවට වෙනස් කිරීමට පැමිණ ඇත. පියා මල්වලට පමණක් නොව කටු වලටද සෙනෙහස ඇත. ඔහු කටු මල් බවට වෙනස් කිරීමට උත්සාහ ගනී.

ප්‍රශ්නය:
ඥානය ධාරණය කරගත් දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන් ආශ්චඔවුන් ආශ්චර්ය දේ කරයි. ඔවුනට සහ අන් අයට ද යහපතක් නොකර සිටීමට ඔවුනට නොහැකිය. ඔවුනට හීය වැදුණු විට ඔවුන් ඇලීම විනාශ කර ආධ්‍යාත්මික සේවය කරයි. ඔවුන්ගේ මානසික ස්ථීතිය නිත්‍ය, ස්ථාවර, නොසෙල් වෙන සහ වෙනස් නොවේ. ඔවුන් කිසිවිටෙක අනුවණ ක්‍රියා නොකරයි. ඔවුන් කිසිවිටෙක, කිසිවෙකුට දුක නොදෙයි. ඔවුන් නොකඩවා කටු වැනි දෝෂ ඉවත් කරයි.

ඕම් ශාන්ති.
පියා විශාල ලීවර්' ඔරලෝසුවක් බව ඔය දරුවන් දනී. ඔහු කටු මල් බවට පත් කිරීමට නියම වේලාවට පැමිණේ. එය එක් තත්පරයකින්වත් අඩු හෝ වැඩි නැත. යන්තමින්වත් වෙනසක් විය නොහැක. මේ කාලයේ දී මෙය යකඩ යුගයේ කටු කැලය බව ද ඔය සුමිහිරි දරුවන් දනී. එමනිසා, මල් වීමට යන අයට ඔවුන් මල් වෙමින් සිටින බව දැනිය යුතුය. මීට ප්‍රථම අප සියලු දෙනාම කටු විය, සමහරු කුඩා විය, සමහරු විශාල විය. සමහරු බොහෝ දුක දේ, අන් අය ස්වල්පයක් දුක දෙයි. පියාට සියලු දෙනාටම සෙනෙහස ඇත. මම මල්වලට සහ කටුවලට ද සෙනෙහස ඇත යැයි ගීතයක් ඇත. ඔහු පළමුවෙන්ම සෙනෙහස දක්වන්නේ කා හටද? ඔහු නිසැකවම කටුවලට ආදරෙයි. ඔහුට බොහෝ සෙනෙහස ඇත. එමනිසා, ඔහු ඔවුන් වෙනුවෙන් උත්සාහ දරා, ඔවුන්ව මල් බවට වෙනස් කරයි. සැබැවින්ම ඔහු කටු ලොවට පැමිණේ. මෙහි සර්ව ව්‍යාප්ති යන අදහස තිබිය නොහැක. ඇත්තේ එක්කෙනාගේ ප්‍රශංසාව පමණි. ජීවයකගේ ප්‍රශංසාව ගයන්නේ එම ජීවය ශරීරයක් ගෙන ඔහුගේ කොටස රඟ පෑ විටය. උසස් වන්නේ ජීවයයි, දූෂණය වන්නේත් ජීවය වේ. ජීවයක් ශරීරයක් ගෙන ක්‍රියා කරන විට ඒ අනුව එම ජීවය පව්කාර ක්‍රියා කරන හෝ පාරිශුද්ධ ක්‍රියා කරන කෙනෙක් වේ. හොඳ හෝ නරක ක්‍රියා කරන්නේ ජීවය වේ. මම ස්වර්ණමය යුගයේ දිව්‍යමය මලක් ද හෝ යකඩ යුගයේ යක්ෂ කටුවක් ද? යැයි තමාගෙන්ම අසාගන්න. ස්වර්ණමය යුගය සහ යකඩ යුගය අතර විශාල වෙනසක් ඇත. දේවතාවරුන් සහ යක්ෂයන් අතරත් බොහෝ වෙනසක් ඇත. කටු වැනි අයට ඔවුනට මල් යැයි කියා ගත නොහැක. ස්වර්ණමය යුගයේ මල් ඇත, ඒවා යකඩ යුගයේ නොමැත. ඔබලා කටු බවින් මල් බවට පත් වන සංගම් යුගය දැන් වේ. ගුරුවරයා ඔබට පාඩමක් දුන් විට දරුවන්ගේ වගකීම එය පිරිපහදු කර ගුරුවරයාට පෙන්වීමය. ඔබට මලක් වීමට උවමනා නම් ඔබව ජීවයක් යැයි සලකා ඔබව මල් බවට පත්කරන උත්තරිතර ජීවය උත්තරිතර පියා සිහිකරන්න යැයිද ඔබ එහි ලිවිය යුතුය. එහි ඔබගේ දෝෂ ඉවත් වී ඔබ සතෝප්‍රධාන් වනවා ඇත. බාබා ඔබට රචනාවක් දෙයි. එවිට ඔබගේ යුතුකම විය යුත්තේ සියලුම ජනයාට ඒ ගැන සිතිමට එය නිවැරදි කර මුද්‍රණය කිරිමය. මෙය ඉගෙනීමකි. බාබා ඔබට අසීමිත ඉතිහාසය සහ භුගෝලය උගන්වයි. අන්‍ය පාසැල්වල උගන්වන්නේ පරණ ඉතිහාසය හා භුගෝලය වේ. නව ලොව ඉතිහාසය හා භුගෝලය කිසිවකු නොදනි. එමනිසා, මෙය ඉගනීමක් සේම විස්තර කිරිමකි. කිලිටි ක්‍රියාවක් කිරීම අනුවණ කමකි. එවිට ඔබ දුක දෙන නපුරු ක්‍රියා නොකළ යුතු බව කියා දෙයි. දුක ඉවත් කරන්නා සහ සතුට පිරිනමන්නා වන පියාගේ ප්‍රශංසාව ඇත. ඔබ කිසිවකුට දුක නොදිය යුතු බව ඔබ මෙහිදි උගනි. සැම විට නොකඩවාම සතුට දෙන්න යැයි පියා ඔබට උගන්වයි. මෙම තත්ත්වය ඉතා ඉක්මණින් ගත නොහැකිය. එවිට එක් තත්පරයකින් පියාගෙන් ඔබේ උරුමයේ අයිතිය ලබා ගත හැක. එහෙත් වටිනා වීමට කාලයක් ගත වේ. අසීමිත පියාගෙන් ලැබෙන උරුමය දෙව්ලොව අධිරාජ්‍යය බව වටහා ගනු ඇත. පරලොව පියාගෙන් ලොව අධිරාජ්‍යය භාරතය ලබා ගත් බව ඔබ විශ්වාස කරයි. ඔබ සියලු දෙනාම ලොව පාලකයන් විය. ඔබ දරුවන්ගේ අභ්‍යන්තරයේ මෙම සතුට තිබිය යුතුය. ඔබ ලොව පාලකයන්ව සිටීම ඊයේ වාගේ කරුණකි. ජනයා සිය දහස් වර්ෂ ගැන කථා කරයි. සෑම යුගයකම කාලසීමාව සිය දහස් ගණනක් වර්ෂ යැයි ඔවුන් කියයි. මුළු චක්‍රයේම කාලසීමාව වර්ෂ 5000ක් බව ඔබලා කියයි. මෙහි බොහෝ වෙනසක් ඇත. ඥාන සාගරය වන්නේ එකම පියා පමණි. ඔබ ඔහුගෙන් දිව්‍යමය ගුණ උකහා ගත යුතුය. දිනෙන් දින ලොව ජනයා නොකඩවා තමෝප්‍රධාන් වේ. ඔවුන් නොකඩවා තව තවත් දෝෂ ඉගන ගනියි. මීට ප්‍රථම මෙවැනි දුෂණයක් හෝ කලකිරිමක් නොවීය. එය දැන් වැඩි වේ. ඔබ දැන් පියා සිහි කිරිමේ බලයෙන් නොකඩවා සතෝප්‍රධාන් වේ. ඔබ පහළට පැමිණිය ලෙසම ඔබ නැවත යා යුතුය. පළමුවෙන්ම ඔබට පියා හමුවීම ගැන සතුට ඇත. ඔබගේ සම්බන්ධය ක්‍රමයෙන් ඉදිරියට යන අතර සහ සිහි කිරිමේ වන්දනාවද ඇත. භක්තිය කළ අයට බෙහෝ සිහි කරිමේ වන්දනාවද ඇත. බාබා මට සිහි කිරීම නොකළ හැකි යැයි බොහෝ දරුවන් කියයි. භක්ති මාර්ගයේදි ඒ දෙයම සිදුවේ. ඔවුන් ආගමික කථාවකට සවන්දිමට අසුන් ගත් විට ඔවුන්ගේ බුද්ධිය වෙන පැතිවලට යයි. කථාව කියන්නා ඔවුන් දෙස බලමින්, මම දැන් ඔබගෙන් ඇසුවේ කුමක්දැයි එක පාරටම අසයි. එවිට ඔවුන් ව්‍යාකුල වේ. එහෙත් අන් අයට, සැණෙකින් පිළිතුරක් දිමට හැකි වේ. මෙතැන සැවොම අසුන්ගෙන සිටින නමුත් සියලු දෙනාම එක සමාන නොවේ. සමහරුන්ට කිසිවක් ධාරණය කර ගැනීමට නොහැකි වේ. ඔවුන්ට ඥානය ධාරණය කර ගත්තේ නම්, ඔවුන් පුදුම වන දේ පෙන්වනවා ඇත. ඔවුන්ට තමන්ට සහ අන් අයට යහපතක් නොකර සිටීමට නොහැකි වනවා ඇත. සමහරුන්ට මන්දිරයක්, කාර් එකක් ආදී දේ තිබෙන නිසා ඔවුන්ගේ ගෙදරදී බොහෝ සතුට තිබුණ ද ඔවුන්ට හීය වැදුණු විට එපමණක්ම පමණක් ඇත. ඇය මට ආධ්‍යාත්මික සේවය කිරීමට වුවමනා යැයි තම ස්වාමිපුරුෂයාට කියනු ඇත. කෙසේ වෙතත් මායා ඉතා බලවත් වේ. ඇය එසේ කිරීමට ඇයට ඉඩ නොදේ, බැඳීම ඇත. ඇය එම සියලුම මන්දිර සහ සියලුම සතුට අත් හරින්නේ කෙසේද? ආහ්! එහෙත් පළමුවෙන්ම අත්වින්ද බොහෝ සතුට කොහොම වෙයිද? සමහරු කෝටිපති සහ කෝටි ප්‍රකෝටිපති විශාල පවුල් වලට අයිති විය, ඔවුන් ඒ සියලු දේම අත්හැර මෙතැනට පැමිණියේය. සමහරුන්ගේ වාසනාවෙන් පෙන්වන්නේ ඔවුන්ට සියලු දේම අත්හැරීමට ධෛර්යය නොමැති බවය. ඔවුන් රාවන්ගේ දම්වැල්වලට හසු වී ඇත එම දම්වැල් බුද්ධියේ ඒවා වේ. ආහා! එහෙත් ඔබ වැඳීමට සුදුසු වන ලෝක පාලකයන් වනවා ඇත, යැයි පියා විස්තර කරයි. ඔබ උපත් 21ට කිසිවිටෙක ලෙඩ නොවේයැයි පියා සහතික වෙයි. ඔබ උපත් 21ට සදා නිරෝගීව සිටියි. ඔබට ඔබගේ ස්වාමිපුරුෂයා සමඟ ජීවත් විය හැක, එහෙත් පාරිශුද්ධව සිටීමට ඔහුගෙන් අවසර ගෙන අන් අයව ද පාරිශුද්ධ කරන්න. ඔබ අසීමිත සතුටක් ලබාගත් පියා සිහි කිරීම ඔබගේ රාජකාරිය වේ. ඔහු සිහිකිරීමෙන් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වනවා ඇත. මෙය ඉතා උසස් වටහා ගැනීමක කරුණකි. ශරීරය ගැන සහතික කළ නොහැක. අවම තරමින් පියාට අයිති වන්න! ඔහු තරම් ඉතා සුන්දර කිසිවක් නැත. පියා ඔබව ලෝක පාලකයන් කරවනා අතර, ඔහු කියයි ඔබට උවමනා ලෙස සතෝප්‍රධාන් වන්න. ඔබට අසීමිත සතුට දැකීමට හැකි වේ. බාබා මව්වරුන් තුළින් දෙව්ලොව දොරටු විවෘත කර ඇත. ඔහු ඥානය නැමැති පුන් කළස මව්වරුන් මත තබා ඇත. බාබා මව්වරුන් භාරකරුවන් කරවූවා සියලු දේම ඔය මව්වරුන් බලාගනිත්වා. ඔහු මොහු තුළින් ඔවුන් මත පුන් කළස තැබීය, ඉන් පසු එම මිනිසුන් සාගරය මතගා ලක්ෂ්මීට අමෘතයේ පුන් කළස දුන් බව එහි ලිවීය. බාබා දෙව්ලොව දොරටු විවෘත කරන බව ඔබ දැන් දනී. එමනිසා, බාබාගෙන් අපගේ උරුමයේ අයිතිය නොලබා ගන්නේ මන්ද? අසීමිත පියා ඔබ දරුවන්ව ඔහුගේ උකුලට ගනී, කුමක් සඳහාද? ඔබලා දෙව්ලොව පාලකයන් කිරීමටය. ඔහු මෙතැන අසුන් ගෙන සම්පූර්ණයෙන්ම කටු වැනි අයට ඥානය දෙයි. එහෙත් ඔහුට කටු වලට ද සෙනෙහස ඇත. ඔහු ඔවුන්ව මල් බවට පත් කරන්නේ එමනිසාය. ඔබ පියාට අපවිත්‍ර ශරීරයකට, අපවිත්‍ර ලොවට එන්නට යැයි යදී ඔබගේ නිර්වාණ දේශය අතහැර මෙහි පැමිණෙන්න. නාටකයට අනුව මම කටු ලොවට පැමිණිය යුතු යැයි පියා පවසයි. එසේ ඔහුට සත්‍යයෙන්ම ඔබලාට සෙනෙහස ඇත. සෙනෙහසක් නොමැතිව ඔබලා මල් බවට පත් කරන්නේ කෙසේද? ඔබලා දැන් යකඩ යුගයේ කටුවලින් ස්වර්ණම යුගයේ සතෝප්‍රධාන් ලොව පාලකයන් විය යුතුය. බොහෝ සෙනෙහසින් යුතුව ඔබට එය විස්තර කරයි. කුමාරි කෙනෙක් මලකි. සියලු දෙනාම ඇයගේ පාද නමස්කාර කරන්නේ එමනිසාය. ඇය කටුවක් (අපවිත්‍ර) වූ විට, සියලු දෙනාටම ඇය අචාර කළ යුතු වෙයි. එසේනම්, ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ (ever flower) සුමුදු මලක් වීමට, මලක් ලෙස සිටිය යුතුය. කුමාරි කෙනෙකු දුර්ගුණයෙන් උපත ලැබූ නමුත් ඇය දුර්ගුණයෙන් තොරයි. එය දුර්ගුණයෙන් උපත ලබන සන්යාසීන් වැනිය. ඔවුන් විවාහ වී ඉන්පසු ගෙදර සහ පවුල් අතහැර යයි. මිනිසුන් ඔවුන්ට උසස් ජීවයන් යැයි කියයි. ස්වර්ණම යුගයේ ලොව පාලකයන් අතර හා යකඩ යුගයේ උසස් ජීවයන් අතර විශාල වෙනසක් ඇත. ඔබ යකඩ යුගයේ කටුවක්ද හෝ ස්වර්ණම යුගයේ මලක්ද යන ප්‍රශ්නය අසන්න යැයි බාබා කියන්නේ මේ නිසාය. ඔබ දූෂණය වීද හෝ ඔබ උසස් වේද? එය රාවන්ගේ රාජධානිය වූ නිසා එය දූෂණය වූ ලොවකි. එය යකඩ රාජධානියක්, යක්ෂයන්ගේ රාජධානියක් යැයි කියති. එහෙත් කිසිවකු ඔවුන් එසේයැයි වටහාගෙන නොමැත. ඔබ දරුවන් මෙම ප්‍රශ්න උපක්‍රමශීලීව ඇසූ විට ඔවුන් රාගාධික, කෝපය සහ කෑදරකම ඇති අය බව ඔවුන් වටහා ගන්නවා ඇත. ප්‍රදර්ශන වලදී මේවා ලියන්න. එවිට ඔවුන් යකඩ යුගයේ කටු බව ඔවුනට හැඟී යනවා ඇත. ඔබලා දැන් මල් බවට පත් වෙමින් සිටියි. බාබා නිරන්තරයෙන්ම මලකි. ඔහු කිසි දා කටුවක් නොවෙයි. කෙසේ වෙතත් අන් සියලු දෙනාම කටු බවට පත් වේ. එමනිසා, මල කියයි මම ඔබලා කටුවලින් මල් බවට පරිවර්ථනය කරමි. එමනිසා, මා සිහි කරන්න. මායා ඉතා බලවත්ය. ඔබට මායාට අයිති වීමට වුවමනාද? බාබා ඔබව ඔහු වෙත ඇද ගනී, මායා ඔබව ඇය වෙත ඇද ගනී. මෙය පරණ සපත්තුවකි. පළමුව ජීවය නව සපත්තුවක්ද, පසුව පරණ සපත්තුවක්ද ගනී. මේ කාලයේ දී සියලුම සපත්තු තමෝප්‍රධාන් වේ. මම ඔබව වෙල්වට් වැනි කරයි. එහි දී ජීවයන් පාරිශුද්ධ වන හෙයින් ඔවුන් වෙල්වට් වැනි ශරීරයක් ලබයි. දෝෂ නොමැත. බලන්න එහි හැඩරුව කොපමණ ලස්සනද? එවැනි හැඩරුව මෙහි කිසිවෙකුට නිර්මාණය කළ නොහැක. පියාම පවසයි මම ඔබව බොහෝ උසස් කළෙමි. ඔබගේ පවුලේ අය සමඟ ගෙදර ජීවත් වෙමින් පාරිශුද්ධ වන්න. උපතක් උපතක් පාසා ඔබ රැස් කරගෙන ඇති මලකඩ ඉවත්කිරීමට ඔබට ඉතා හොඳ ක්‍රමයක් දෙයි නිතරම මා පමණක් සිහි කරන්න. ඔබගේ බුද්ධියේ මෙම ඥානය ඇත ජීවය ඉතාමත්ම කුඩාය. ඔහු ඊට වඩා ලොකු වූයේ නම් ඔහුට ඇතුල් විය නොහැකි වනවා ඇත. ඔහු ඇතුළුවන්නේ කෙසේද? වෛද්‍යවරු ජීවයක් දැක ගැනීමට බොහෝ වෙහෙස වේ. එහෙත් ඔවුන්ට දැකගත නොහැක. ඔබට දර්ශනයක් දැකිය හැක, එහෙත් දර්ශන දැකීමෙන් කිසිම යහපතක් නොමැත. උදාහරණයක් වශයෙන් ඔබ වෛකුන්ත් (දෙව්ලොව) දර්ශනයක් ලැබුවේනම් එයින් ඇති යහපත කුමක්ද? ඔබට පාරාදීසයේ පුරවැසියකු වීමට හැකිවන්නේ පරණ ලොව අවසන් වූ විට පමණි. ඒ සඳහා ඔබ යෝගා පුහුණු කළ යුතුය. දරුවෙනි, මට පළමුවෙන්ම කටුවලට සෙනෙහස ඇත. පියා ඉතා මහත් අන්දමට සෙනෙහස් සාගරය වේ. ඔබ දරුවන් ද නොකඩවා සුමිහිරි වීගෙන යති. ඔබව ජීවයක් යැයි සලකා, අන් අයව සහෝදරයන් ලෙස දකින්න, එවිට සියලුම සාපරාදී සිතිවිලි අවසන් වනවා ඇත යැයි පියා පවසයි. සහෝදර, සහෝදරියන් යන නෑකම අතර ද බුද්ධිය පීඩාවක් ඇති කරන නිසා සියලු දෙනාම දෙස සහෝදරයන් ලෙස බලන්න. මෙවැනි අවධානයක් හෝ ඇලීමක් ඇති වීමට, එහි දී ශරීර අවධානයක් නොමැත. පියා ජීවයන්ට පමණක් උගන්වයි. එමනිසා, ඔබලා ජීවයන් ලෙස සලකා ගත යුතු වේ. එම ශරීරය විනාශ වනවා ඇත. එමනිසා, ඔබගේ ශරීරයෙන් ඊට නොඇලෙන්න. ස්වර්ණම යුගයේ දී ඔබට ඊට සෙනෙහසක් නොමැත. ඇලීම ජයගත් රජ කෙනෙකුගේ කතාන්දරය ඔබ අසා ඇත. ජීවය එක් ශරීරයක් අතහැර ගොස් තවත් ශරීරයක් ගනියි යැයි කියයි. ඔහුට ඔහුගේ කොටස ලැබී ඇත, එමනිසා, ඔබ ඇලීමක් ඇති කර ගන්නේ මන්ද? ප්‍රවේසම් වන්න යැයි බාබා පවසන්නේ මේ නිසාය. ඔබගේ මව මැරුණත්, ඔබගේ භාර්යාව මැරුණත් හල්වා කන්න. කවුරු මැරුණත් ඔබ නොහඬන බව පොරොන්දු වන්න. ඔබගේ පියා සිහි කර සතෝප්‍රධාන් වන්න, සතෝප්‍රධාන් වීමට වෙන කිසිම මඟක් නැත. ඔබට ජයග්‍රාහී ජපමාලයේ පබළුවක් වීමට හැකි වන්නේ උත්සාහ ගැනීමෙන් පමණි. උත්සාහ ගැනීමෙන් ඔබට උවමනා කෙනෙකු විය හැක. ඔබ පසුගිය චක්‍රයේ කළ උත්සාහයම ඔබ කරනවා ඇතැයි පියා තේරුම් ගනී. පියා දුප්පතුන්ගේ ස්වාමියා වේ. පරිත්‍යාග කරන්නේ දුප්පතුන්ටය. මම දුප්පත් හෝ ධනවත් හෝ නොවන සාමාන්‍ය ශරීරයකට ඇතුළු වෙමි යැයි පියාම පවසයි. ඔබ දරුවන් පමණක් පියාව හඳුනයි, ලොව අන් සියලු දෙනාම ඔහු සර්ව ව්‍යාප්තී යැයි කියයි. එහි කිසිම දුකක්, මතක් වත් නොකරන ආගමක් පියා ස්ථාපනය කරයි. භක්ති මාර්ගයේ ජනයා ආශීර්වාද ඉල්ලයි, මෙහි අනුකම්පාව ලබා ගැනීමක් නොමැත. ඔබ හිස නමා ආචාර කරන්නේ කා හටද? ඔහු තිතකි. ඔහු විශාල දෙයක් නම් ඔබට හිස නමා ආචාර කිරීමට හැකියි. ඉතා කුඩා දෙයකට ඔබට හිස නමා ආචාර කළ නොහැක. ඔබ යාඥා කරන විට දොහොත් නඟන්නේ කාටද? භක්ති මාර්ගයේ මෙම සියලුම සංඥා අන්තර්ධාන වේ. දොහොත් නැඟීම භක්ති මාර්ගය වේ. ගෙදර දී සහෝදර සහෝදරියන් එකිනෙකා ඉදිරිපිට දොහොත් නඟයිද? ජනයා පුතෙකු ඉල්ලන්නේ ඔහුව ඔවුන්ගේ උරුමකරු කිරීමටය. පියා ඔය දරුවන්ට නමස්තේ කියන්නේ දරුවා මාස්ටර් බැවිනි. පියා දරුවන්ගේ සේවකයා වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
 
ධාරණය සඳහා සාරාංශය:
1. දිරාපත්වන ශරීර වලට ඔබගේ හදවතින් නොඇලෙන්න. ඇලීම ජය ගත්තෙකු වන්න. කවුරුන් ශරීර අතහැර ගියත්, ඔබ නොහඬන බවට පොරොන්දු වන්න.

2. පියා මෙන් සුමිහිරි වන්න. සියලු දෙනාටම සතුට දෙන්න. කිසිවකුට දුක නොදෙන්න. කටු මල් බවට වෙනස් කිරීමේ සේවය කරන්න. ඔබට සහ අන් අයට යහපතක් කර ගන්න.

වරදානය:
ශරීරය පිළිබඳ සියලු අවධානයෙන් දුරස්ථව සිටීමෙන්, ඔබ නෙළුම් මල් අසුනක හිඳ දෙවියන්ගේ සෙනහස අත්විඳිත්වා.

නෙළුම් මල් අසුන, බ්‍රාහ්මන ජීවාත්මයන්ගේ ශ්‍රේෂ්ඨ ස්ථීතියේ සංඛේතයක්. එවන් නෙළුම් මල් අසුනක අසුන්ගෙන සිටින ජීවාත්ම, සිරුර පිළිබඳ සියලු අවධානයෙන් ඉබේටම දුරස්ථ වෙයි සිරුර පිළිබඳ කිසිදු අවධානයක් ඔවුන්ව ඇද ගන්නේ නැත. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, බ්‍රහ්ම පියාගේ අවධානයේ සෑම විටම තිබුණේ, සුරඟන ස්වරූපය සහ දේවතා ස්වරූපයයි. ඒ ආකාරයෙන්ම ඔබට ස්වභාවික, ජීව අවධාන ස්ථීතියක් තිබෙන විට ඔබ සිරුර පිළිබඳ සෑම අවධානයකින්ම දුරස්ථ බව කියයි. සිරුර පිළිබඳ සියලු අවධාන ඉක්මවා සිටින අය, දෙවියන්ගේ සෙනෙහස ලබයි.

පාඨය:
ඔබගේ විශේෂත්ව සහ ගුණධර්ම, ප්‍රභූ ප්‍රසාද් ලෙසින් දෙවියන් විසින් ලබා දී තිබේ, එබැවින් ඒවා තමන්ගේ යැයි සැලකීම, සිරුර පිළිබඳ අහංකාරකමයි.