05.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙහි ඔබේ සියලු දේ අප්‍රකට වන අතර, මේ නිසාම ඔබ බාහිර පෙනුමක් නොසැලකිය යුතුය. ඔබේ නව රජදහන ගැන කුල්මත්භාවය පවත්වා ගන්න.

ප්‍රශ්නය:
ඔබේ උසස් ධර්මය සහ දිව්‍ය ක්‍රියා ස්ථාපනය කරගැනීම සඳහා ඔබ දරුවන් කළ යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
හැම කෙනෙක්ම දූෂණය වී ඇත්තේ පාප පහ නිසා බැවින් ඔය දරුවන් පාප පහ අත්හැරීමට උත්සාහ ගත යුතුයි. ඔබ දන්නවා මෙකල, සියලු දෙනා දූෂිත බවට පත් වී ඔවුන්ගේ දිව්‍ය ධර්ම සහ ක්‍රියා වලින් බැහැරව සිටින බව. පරම පියා ඔබට ශ්‍රීමත් දී උසස් ආගම සහ උසස් දිව්‍ය ක්‍රියා ස්ථාපනය කරයි. ඔබ ශ්‍රීමත් පිළිපදිමින් පියා සිහිකරමින් පව් පරදා ජයගනී. මෙම අධ්‍යයනය තුළින් ඔබට ස්වාධිපත්‍ය නම් වූ තිලකය ලබා දෙයි.

ගීතය:
ඔබ හමුවීමෙන්, අපට මුළු ලොවම හමුවිය, පොළොවත් අහසත් සියල්ල අපට අයිතිය.

ඕම් ශාන්ති.
ඔබ සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන් ගීතය අසුවා. ආධ්‍යාත්මික දරුවන් පමණි මෙසේ කියන්නේ බාබා. ඔය දරුවන් දන්නවා ඔහු අසීමිත පියා බවත් අසීමිත සතුට දෙන කෙනා එනම්, සියලු දෙනාගේ පියා බවත්. සියලු අසීමිත දරුවන්, ජීවාත්ම සත්තාවන් දිගටම ඔහුව සිහිකරයි. ඔවුන් යම් ආකාරයකින් හෝ තවෙකකින් ඔහු සිහි කරයි. කොහොමනමුත්, ඔවුන් නොදන්නේ පරම පියා පරමාත්මාගෙන් ලෝකයේ ආධිපත්‍යය ලැබෙන බවයි. ඔබ දන්නවා පරමාත්ම පියා ඔබට ලබා දෙන සත්යුග ලෝක ආධිපත්‍යය නිරතුරුවම අචලවම නොසැලී ලැබෙන බව. අපේ පරමාධිපත්‍යය උපත් 21 ක් පුරාම පවතී. ඒ මුලු ලොව පුරා අපේ රජදහන කිසිවෙකුට ජයගත නොහැක. කිසිවෙකුට සොරාගත නොහැක. අපේ රජ දහන නොසැලී තිබෙන්නේ එහි ඇත්තේ එකම ධර්මයක් නිසාය. එහි ද්විත්වයක් නැත. එය වූ කලී නොබෙදුනු රජදහනකි. ඔය දරුවන් මේ ගීතය අසන විට ඔබේ රජදහන ගැන කුල්මත් බවක් දැනිය යුතුය. ඔබේ නිවහන තුළ එවැනි ගීත තිබිය යුතුය. වැදගත් මිනිසුන්ට බොහෝ බාහිර පෙනුමක් තිබුණත් ඔබේ හැම දෙයක්ම අප්‍රකටය. ඔබට කිසිඳු බාහිර ආකර්ෂණයක් නැත. ඔබට පේනවා බාබා ඇතුළු වුණු කෙනා ඉතා සාමාන්‍යය බව. ඔය දරුවන් තේරුම් ගන්නවා මෙහි සියලු මනුෂ්‍යයින් අයුක්ති සහගත නරක ක්‍රියා කරන අතර ඒ නිසාම ඔවුන් තේරුමක් නැති අය සේ සැලකේ. ඔවුන්ගේ බුද්ධි සම්පූර්ණයෙන්ම අගුල්වැටී ඇත. ඔබ ඉතා හොඳ තේරුමක් ඇති මුළු ලොව හිමිකරුවන් විය. මායා දැන් හැම කෙනෙක්ම තේරුමක් නැති අය බවට පත් කරවා තව දුරටත් වැඩකට නැති අය බවට පත්වේ. මිනිසුන් දෙවියන් සෙවීම සඳහා බොහෝ විවිධාකාර වන්දනා යාගහෝම ආදිය පවත්වන නමුත් ලබා ගන්නා දෙයක් නැත. ඔවුන් නිකම්ම අතපතගාමින් දිගටම සිටී. දිනෙන් දින දිගින් දිගටම ඔවුන් අවාසනාවන්ත බවට පත්වේ. මනුෂ්‍යයින් තමෝප්‍රධාන් වූ තරමට ඔවුන් අවාසනාවන්තද වෙයි. ඍෂිවරු සහ මුණිවරු පිරිසිඳුව සිටියහ. ඔවුන් කීවේ, නේති, නේති (එයත් නොවේ, මෙයත් නොවේ) දැන් නම් ඔවුන් තමෝප්‍රධාන් වී ඇති අතර මෙසේ කියයි මා ශිවා ඔබටද එසේමය. (ශිවෝහම්, තත්ත්වම්) නැතහොත් ඔහු සර්ව ව්‍යාපී සහ හැම කෙනෙක් තුළම ඇතැයි කියයි. ඒ මිනිසුන් නිකම්ම කියන්නේ පරමාත්මා කියාය. කෙලෙසකින්වත් පරමපිතා යැයි නොකියයි. පරම පිතා හැම තැනම ඇතැයි කීම වැරදිය. එම නිසයි ඔවුන් කියන්නේ ඊශ්වර හෝ පරමාත්මා කියා. පියා යන වචනය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු නොවේ. සමහරුන් එය කීවත් නමට පමණි. ඔවුන් සත්‍ය ලෙසම ඔහු පරම පිතා යැයි විශ්වාස කළා නම් ඔවුන්ගේ බුද්ධිය බබලනු ඇත. පරමාත්ම පියා ඔබට දෙව්ලොව උරුමය ලබා දෙයි. ඔහු වූ කලී දෙව්ලොව දෙවියන්, වන පරම පියාය. ඉතින් අප තවම අපායේ ඉන්නේ ඇයි? දැන් අපට විමුක්තිය ලබා ගත හැක්කේ කෙසේද? මෙය කිසිවෙකුගේ බුද්ධියට නොවැටේ. ජීවාත්ම සත්තාවන් අපිරිසිඳුය. පළමුව, ජිවාත්ම සත්තාවන් සතෝප්‍රධාන් හා තේරුමක් ඇති ලෙස පැවතුනි. ඉන්පසු ජිවාත්ම සත්තාවන් සතෝ, රජෝ හා තමෝ යන අවස්ථා පසුකර තේරුමක් නැති තත්ත්වයට පත් වී ඇත. ඔබ දැන් තේරුමක් ඇති අය බවට පත් වී ඇත. බාබා ඔබට දැන් සිහිපත් කර දී තිබෙනවා, භාරතය නව ලෝකය ලෙස තිබෙන කළ, ඒ ඔබේ රජදහන බව. එහි එකම උපදෙසක්, එකම භාෂාවක් හා එකම ආගමක් ඇති අතර එය අධිරාජ්‍යයා හා අධිරාජීණියගේ රජ දහනයි. ඉන්පසු, ද්වෝපූර් යුගයේ දී පාප මාර්ගය ආරම්භ වේ. පසුව කෙනෙකුගේම හැම දෙයක්ම කර්මය බවට පත් වේ. ඔබ එක ශරීරයක් හලා දමා කර්මානුරූපව තව ශරීරයක් ලබා ගනී. පරම පියා මෙසේ කියයි මා දැන් ඔබට උගන්වන්නේ උපත් 21 කට ස්වාධිපත්‍ය ලැබෙන ක්‍රියාය. මෙහි ඔබට සීමිත පියෙක් සිටියත්, ඔබට අසීමිත පියාගෙන් ලැබුණ රජදහනේ උරුමය ගැන දැනීමක් නැත. ඉන්පසු ද්වෝපූර් යුගයේ දී, රාවණ් රාජ්‍යය ආරම්භ වූ අතර සබඳකම් පාපකාරී බවට පත් වේ. ඔබට උපත ලැබෙන්නේ කර්මානුරූපවය. භාරතයේ, වන්දනාවට සුදුසු රජවරුන් මෙන්ම වන්දනා කළ රජවරුන්ද විය. සත් යුගයේ දී සහ ත්‍රේත යුගයේ දී සියලු දෙනා වන්දනාවට සුදුසු විය. වන්දනා හෝ භක්ති එහි නොතිබුණි. ද්වෝපූර් යුගයේ භක්ති මාර්ගය පටන් ගන්නා විට රජත් රැජිණියත් භක්තිවන්තයින් හා වන්දනා කරුවන් වන අතර යටත් වැසියන්ද එසේම වෙයි. සූර්ය වංශයේ දී සියලුම රජවරුන්ගේ ඉහළම තත්ත්වයේ සිටි අය වන්දනා කරුවන් බවට පත් විය. ඔබ පාපයෙන් තොරව සිටීමේ ත්‍යාගය උපත් 21 ක් පුරා ලැබුණි. ඉන්පසු භක්ති මාර්ගය ආරම්භ විය. ඔවුන් දෙවි දේවතාවුන්ට සිද්ධස්ථාන හදමින් වන්දනා කළෝය. මෙය සිදුවන්නේ භාරතයේ පමණි. අනෙක් ආගම් වල අය පැමිණියේ ඉන් පසුවය. ජනගහනය වැඩි වන විට ඔවුන් බොහෝ සිටියහ. විවිධාකාර ආගම් වල ගති ලක‍්ෂණ හැම අතින්ම එකිනෙකට වෙනස්ය. ඔවුන්ගේ සිරිත් විරිත් ද වෙනස්ය. භක්ති මාර්ගයේ දී ඒ සියලු උත්සව අවශ්‍ය වන්නේ කුඩා බීජයකින් මහා ගසක් බිහිවනවා මෙනි. ගහක පත්‍ර ගණන් කළ නොහැකිවාසේම භක්ති මාර්ගයද ඉතා විශාල වේ. ඔවුන් බොහෝ ආගමික ලේඛණ සාදයි. දැන් දරුවන්ට පියා මෙසේ කියයි දැන් භක්ති මාර්ගයේ සියලු කතන්දර අවසන් කළ යුතු වේ. දැන් පරමාත්ම පියා වන මා සිහිකරන්න. භක්තියේ බලපෑම බොහෝ ඇත. එහි බොහෝ නැටුම්, ගැයුම්, වියදම් හා බාහිර ඔපය ඉතා සුන්දරයි. පරම පියා මෙසේ කියයි දැන් මා සමඟම ඔබේ උරුමය ද සිහිකරන්න. ඔබේ ආදී සනාතන දේවි දේවතා ධර්මය සිහිකරන්න. ඔබ උපතෙන් උපත බොහෝ වර්ග වල භක්ති කර තිබේ. සන්‍යාසීන් සලකන්නේ ආලෝක ධාතුව ජීව සත්තාවන්ගේ නිවහනත් දෙවියනුත් ලෙසයි. ඔවුන් සිහිකරන්නේ බ්‍රහ්ම ධාතුවයි. ඇත්තෙන්ම, සන්‍යාසීන් සතෝප්‍රධාන් වන විට, ඔවුන් කැලෑ වලට ගොස් සාමයෙන් දිවි ගෙවයි. ඔවුන් බ්‍රහ්ම ධාතුවට ගිලී නොයයි. ඔවුන් විශ්වාස කරන්නේ බ්‍රහ්ම ධාතුව සිහි කරමින් ශරීරය අතහැරි විට ඔවුන් එහි ගිලී යන බවයි. පරම පියා මෙසේ කියයි කිසිවෙකුට බ්‍රහ්ම ධාතුවේ ගිලී යා නොහැකියි, ජීවාත්ම සත්තාවන් අවිනාශීය. ජිවාත්ම සත්තාවන් කුමක හෝ ගිලී යන්නේ කෙසේද? ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ මහන්සි වෙන විට, සමහරු කියන්නේ දෙවියන් කුමන හෝ ස්වරූපයකින් පැමිණෙන බවයි. දැන්, නිවැරදි කවුද? ඔවුන් කියන්නේ ඔවුන් බ්‍රහ්ම් ධාතුව හා යෝගා වන අතර එහි ගිලී යන බවයි. ගෘහස්ථ ධර්ම මාර්ගයේ අය කියන්නේ නියතයෙන්ම දෙවියන් කුමන හෝ මාර්ගයකින් පැමිණ අපිරිසිඳු අය පිරිසිඳු කරන බවය. කොහොමනමුත්, ඔහු ඉහළ සිට දිරිමත් කිරීම තුළින් ඉගැන්වීම නොකරයි. ගුරුවරයෙක් ගෙදර සිට අන් අයට බලපෑම් හා දිරිමත් කරනවාද? දිරිමත් කිරීම නමින් කිසිවක් නැත! එයින් කිසිවක් සිදු නොවේ. ශංකර්ගේ දිරිමත් කිරීම මඟින් විනාශය සිදුවන බව පැවසුවත් ඇත්තෙන්ම එය නාටකයේ නියමිත දෙයකි. ඔවුන් මිසයිල ආදිය නිපදවිය යුතුමය. කිසිවක් දිරිමත් කිරීම මඟින් නොසිදුවේ. කිසිවෙක් මුතුන් මිත්තන්ගේ පැසසුම ගැන නොදනී. ඔවුන් ආගම් කර්තෘවරුන්ටද ගුරු නමින් හඳුන්වයි. කොහොමනමුත්, ඔවුන් ඔවුන්ගේ ආගම් ස්ථාපනය කරගනී. ගුරු යනුවෙන් හඳුන්වන්නේ විමුක්තිය ලබා දෙන කෙනෙකි. ආගම් කර්තෘන් ඔවුන්ගේ ආගම් ස්ථාපනය කර ඔවුන්ගේ අනුගාමිකයින් ඉන්පසු එය බාරගනී. ඔවුන්, කිසිවෙකුට විමුක්තිය දානය කරන්නේ නැත. ඒ නිසා ඔවුන්ට ගුරු යැයි කියන්නේ මක් නිසාද? ඇත්තේ සියලු දෙනාට විමුක්තිය දානය කරන එකම ගුරු පමණි. පියාණන් වන පරමාත්ම දෙවියන් පැමිණ හැම කෙනෙකුටම විමුක්තිය දානය කරයි. ඔහු විමුක්තියත් ජීවන්මුක්තියත් ලබාදෙයි. කිසිවෙකුට ඔහු සිහිකිරීම නැවැත්විය නොහැකියි. ස්වාමිපුරුෂයත් බිරිඳත් කොපමණ ආදරයෙන් සිටියත් ඇය අඬගසන්නේ ඕ දෙවියනි, ඕ ඊශ්වර කියාය. ඒ ඔහු සැවොමගේ ගැලවුම්කාරයා නිසාය. පරමාත්ම පියා මෙහි සිට විස්තර කරන්නේ ඒ සියල්ල නිර්මාණය බවත් පියා වන ඔහු නිර්මාණකරුවා බවත්ය. සැම කෙනෙකුටම සතුට ලබා දෙන්නේ පරම පියා පමණි. සොයුරෙකුට තවත් සොයුරෙකුට උරුමයක් ලබා දිය නොහැකියි. සැම විට උරුමයක් ලැබෙන්නේ පියෙකුගෙනි. මම ඔබ සැම අසීමිත දරුවන්ට ඔබේ අසීමිත උරුමය ලබා දෙමි. හැම කෙනෙක්ම ඕ පරම පියාණනි, මට සමාවන්න! මට අනුකම්පා කරන්න! යැයි සිහිකරන්නේ එහෙයිනි. ඔවුන් කිසිවක් තේරුම් ගන්නේ නැත. භක්ති මාර්ගයේ දී, ඔවුන් විවිධාකාරයෙන් පසසයි! ඔහුද ඔහුගේ චරිත කොටස ඉටු කරන්නේ නාටකයට අනූවයි. පරම පියා මෙසේ කියයි මම ඔවුන් කතාකරන විට නොඑමි. මෙම නාටකය පූර්ව නියමිතය. මගේ පැමිණීමේ කොටස නාටකය තුළ නියමිතය. මා එකම ආගම ස්ථාපනයට මුල්වන අතර බොහෝ ආගම් විනාශයට ලක්කර කලියුගය අවසාන කරන අතර සත් යුගය ඇති වෙයි. මා මගේ ම වේලාවට මා විසින්ම පැමිණෙයි. භක්ති මාර්ගයේ කොටසද නාටකයට ඇතුළත්ය. භක්ති මාර්ගයේ කොටස අවසානයට ලඟා වී ඇති හෙයින් මගේ පැමිණීම සිදුවුණි. දරුවන් මෙසේ කියයි මම තේරුම් ගෙන සිටිනවා නැවතත් අවුරුදු 5000 කින් ඔබව හමු වූ බව. බාබා, ඔබ බ්‍රහ්මාගේ ශරීරයට පසුගිය චක්‍රයේද ඇතුළු වුණා. ඔබ මේ ඥානය ලබන්නේ මෙකල පමණි. නැවත ලබන්නේ නැත. මෙය ඥානය වන අතර එය භක්තියයි. ආරෝහණ තත්ත්වය ඥානයෙන් ලැබෙන ත්‍යාගයයි. ජීවනමුක්තිය තත්ත්පරයක ඇසිල්ලකින් ලැබේ යැයි පවසා ඇත. ජනක් ඇසිල්ලකින් ජීවනමුක්තිය ලැබුවා. මෙසේ ප්‍රකාශයක් ද ඇත. රාධේ ඊලඟට අනුරාධේ (අනාගතයේ දී එසේ වන අය) වේ. මෙම ඥානයෙන් ජනක් පසුව සීතාගේ පියා වන අනුජනක් බවට පත් වේ. ඔවුන් කිසිවක් නොදැනත් එම උදාහරණය දී ඇත. එසේ වූයේ ජනක් පමණද? ජීවන්මුක්තිය යනු මෙම රාවණ් රාජ්‍යයෙන් නිදහස් වීමයි. සියලු දරුවන් පිරිහීමට ලක් වී ඇති බව පරම පියා දනී. දැන් ඔවුන්ට මුක්තිය ලැබිය යුතුව ඇත. පිරිහීමේ සිට, ඉහළ තත්ත්වයක් වන මුක්තිය සහ ජීවන්මුක්තිය ලැබේ. පළමුව ඔබ මුක්තියට යන අතර ඉන්පසුව ජීවන්මුක්තියට යයි. සාම දේශයේ සිට ඔබ සතුටු දේශයට යනු ඇත. පරම පියා මුළු චක්‍රයේ ම රහස් විස්තර කරයි. ඔබට පසු අනෙක් ආගම් ද පැමිණෙන අතර, ලෝක ජනගහනය දිගටම වැඩි වේ. පරම පියා මෙසේ කියයි මෙකල, ලෝක මිනිස් ගස තමෝප්‍රධාන් වී ඇති අතර දිරාපත් තත්ත්වයට පැමිණ ඇත. ආදි සනාතන දේවි දේවතා වෘක‍්ෂයේ මුළු අත්තිවාරමම දිරාපත් වී ඇත. අනෙක් ආගම් තවමත් පවතී. භාරතයේ කිසිවෙක් ඔවුන් ආදී සනාතන දේවි දේවතා ආගමට අයත් යැයි නොකියයි. ඔවුන් දෙවි දේවතා ධර්මයට අයිති වූ නමුත් මේ කාලයේ දී ඔවුන් ඊට අයිති යැයි විශ්වාස නොකරන්නේ දෙවි දේවතාවන් පිරිසිඳු නිසාය. ඔවුන් ම දන්නවා ඔවුන් පිරිසිඳු නැත කියා. අපිරිසිඳු වූ අපට දෙවි දේවතාවුන් කියන්නේ කෙසේද? නාටකයේ සැලැස්ම අනූව හින්දුන් යැයි ඔවුන්ම හඳුන්වා ගන්නා ක්‍රමය බිහි වේ. ජන සංඛ්‍යා ලේඛණයේ ද අපව දමන්නේ හින්දු ආගම යටතේය. ඔවුන් ගුජරාතීන් වුවද ඇතුළු කරන්නේ හින්දු ගුජරාතී කොටසටයි. හින්දු ආගම ආවේ කොහෙන්දැයි ඇසුවහොත් කිසිවෙක් එය නොදනී. ඔවුන් නිකම්ම කියන්නේ ඔවුන්ගේ ආගම ක්‍රිෂ්ණා සෑදුවා කියාය. කවදාද? ද්වෝපූර් යුගයේ දීය. ද්වෝපූර් යුගයේ දී ඔවුන්ගේ ආගම අමතක කර ඔවුන් හින්දුන් යැයි හැඳින්වීමට පටන් ගත්තා. මේ නිසයි ඔවුන්ගේ දිව්‍යමය ආගම හා ක්‍රියා දූෂණයට පත් වූවා යැයි කියැවෙන්නේ. එය නැවතත් ස්ථාපනය වෙයි. මේ නිසයි ඔබට කියන්නේ දිගටම පාප පහ අතහරින්න කියා. ඒ පාප පහ චක්‍ර භාගයක්ම තිබී ඇත. දැන් ඔබ එක උපතකට එය අත්හැර දැමිය යුතුය. ඒ සඳහා උත්සාහය අවශ්‍යය. ඔබට ලෝක ආධිපත්‍යය ලැබිය නොහැකියි යම් උත්සාහයක් නැතිව. ඔබ පියා සිහිකළ විට පමණක් ඔබට ස්වාධිපත්‍ය තිලකය ලැබී රජ දහනට වටිනා බවට පත් වේ. ශ්‍රීමත් පිළිපදිමින් ස්මෘතියේ සිටි තරමට ඔබ මනුෂ්‍යයෙකුව සිට රජවරුන්ගෙත් රජෙකු බවට පත් වේ. ගුරුතුමා ඉගැන්වීමට පැමිණ ඇත. මේ පාසල මනුෂ්‍යයෙකුගෙන් වෙනස් වී දෙවි දේවතාවන් බවට පත් වන ස්ථානයක්. ඔහු ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සිට නාරායන බවට වෙනස්වීමේ කතාන්දරය කියයි. මේ කතන්දරය ඉතා ප්‍රසිද්ධය. එයට අමරණියත්වයේ කතන්දරය. සත්‍ය නාරායන කතන්දරය සහ තෙවැනි ඇසේ කතන්දරය යනුවෙන්ද හැඳින්වේ. මේ තුනේම අදහස පරම පියා විස්තර කරයි. භක්ති මාර්ගයේ ද බොහෝ කතා ඇත. ඉතින් බලන්න මේ ගීතය කොතරම් ලස්සන ද කියා! බාබා අපව මුළු ලොව හිමිකරු බවට පත් කරවන්නේ එය කිසිවෙකුට ඩැහැගත නොහැකි ලෙසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සැම විට සිහිතබා ගන්න ඔබ එකම උපදෙසක්, එකම රජදහනක් සහ එකම ආගමක් ස්ථාපනය කරන බව. එමනිසා, ඔබ එක්සත් වී එකම උපදේශය පිළිපදින්න.

2. ඔබට ආධිපත්‍යයේ තිලකය ලැබීමට නම්, පාප අතහැරීමට උත්සාහ කරන්න. සම්පූර්ණ අවධානය අධ්‍යයනය වෙත යොමු කරන්න.

වරදානය:
ඔබගේ ත්‍රිකාලදර්ශී මනෝ ස්ථීතියෙන්, අතීන්ද්‍රීය සුඛයට අයිතියක් සහ මායාගේ පහර දීමෙන් ආරක‍්ෂිත වීමට ඔබට අයිතියක් ලැබේවා.

සංගම යුගයේ විශේෂ ආශිර්වාදය සහ බ්‍රහ්මණ දිවියේ විශේෂත්වය වන්නේ අතීන්ද්‍රීය සුඛයයි. වෙනත් කිසිම යුගයක මෙය අත්දැකිය නොහැක. කෙසේවෙතත්, මෙම සතුට අත්විඳීම සඳහා, ඔබගේ ත්‍රිකාලදර්ශී ස්ථීතියෙන් ඔබ මායාගේ පහර දීමෙන් ආරක‍්ෂිතව සිටිය යුතුයි. ඔබ නැවත නැවතත් මායාගේ පහරදීමට ලක් වන්නේ නම්, ඔබට අවශ්‍ය වුණත්, අතීන්ද්‍රීය සුඛය අත්විඳීමට නොහැකි වෙයි. අතීන්ද්‍රීය සුඛය අත්විඳින අයට, ඉන්ද්‍රියන්ගේ සැපයට ආකර්ෂණය විය නොහැක දැනුමින් පිරිපුන් වීම නිසා, එය බොහෝ නීරස බව ඔවුන්ට දැනෙයි.

පාඨය:
කර්මය තුළින් සහ සිතිවිලි තුළින් සිදුකරන සේවයේ සමබරතාවයක් තිබෙන විට, ඔබට වාතාවරණය ශක්තිමත් කිරීමට හැකි වෙයි.