05.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඔබේ ශරීරය ඇතුළු සියලු දේ කෙරෙහි ඇති ඇලීම ඉවතලන්න. ඔබට ආපසු නිවසට යාමට හැකි වන්නේ ජීවාත්මයන් වූ ඔබ කර්මාථිත් වුවහොත් පමණයි.

ප්‍රශ්නය:
ජීවාත්මය තුළ මහත් බියක් ඇත්තේ ඇයි සහ එතරම් බිය ඇතිවීමේ කාරණාව කුමක්ද?

පිළිතුර:
ජීවාත්මයන්ට ඇති විශාලතම බිය තමයි තමන්ගේ ශරීර අත්හැරීම. මන්ද, ඔවුන් ඔවුන්ගේ ශරීරයට ඇලිලයි සිටින්නේ. ජීවාත්මයකට දුකක් හේතු කොට ගෙන තම ශරීරය අත්හැර දැමීමට අවැසි වුවත් ඔහුගේ පව් වලට දඬුවම අත්විඳීමට සිදුවේ. ඔය දරුවන්ට සංගම් යුගයේ දී බියක් ඇති නොවේ. ඔබට ඇතිවන්නේ ඉමහත් සතුටකි. ඒ ඔබ ශරීරය අත්හැර යන්නේ පරම පියා වෙතටයි.

ඕම් ශාන්ති.
සුමිහිරිතම දරුවනි, ඔබට පැහැදිළි කර තිබෙන දෙයක් තමයි. පළමුවෙන්, දැනුම තිබීම. දෙවනුවට භක්තිය තිබීම. මෙය නාටකයේ නියම වූවකි. නාටකයේ මුල, මැද සහ අග පිළිබඳව දත් කිසිවෙකු නැත. ඔය දරුවන් දන්නවා ස්වර්ණම යුගයෙහි මරණ බියක් නොමැති බව. එකක් අත්හැර තව එකක් අරගත යුතු බව ඔවුන් දන්නවා. එහිදී ඇඬීම හෝ ශෝකයට පත්වීම වැනි දේ නොමැත. මෙහි තමයි මරණ බිය ඇත්තේ. ජීවාත්ම තම දේහය අත්හරින විට දුක් විඳී. එම බිය ඇතිවන්නේ තවත් දේහයක් ගෙන දුක් විඳීමට තිබෙන නිසාවෙනි. ඔබ දැන් සංගම යුගයේය. පරම පියා ඔබට පහදා දී තිබෙනවා ඔබ දැන් ආපසු යාමට සිටින බව. ආපසු කොහාට ද? නිවහනට! එය දෙවියන්ගේ නිවහනයි. මෙය ඔබේ නිවහන නොවේ. පරමාත්ම දෙවියන් සහ ඔබ ජීවාත්ම වාසය කරන තැනටයි නිවහන කියන්නේ. ශරීර එහි නොමැත. මිනිස්සු කියයි අප භාරත වැසියන් එයයි අපගේ නිවහන කියා. ඒ ආකාරයෙන්, අප, එනම්, අප ජීවාත්මයන් වසන්නේ එහි, අපගේ නිවහනේය කියා ඔබ කියයි. එය ජීවාත්මයන්ගේ නිවහනයි. මෙය මනුෂ්‍යයන්ගේ නිවහනයි. එයට මුක්ති දාමය කියනවා. මිනිස්සු එහි ගොස් දෙවියන් හමුවීමට උත්සාහ දරනවා. දෙවියන් හමුවීමෙහි ඉමහත් සතුටක් තිබිය යුතුයි. ජීවාත්මයට ශරීරයක් අයිති වූ කල එයට ජීවාත්මය විශාල ඇල්මක් වඩවා ගනී. මේ නිසායි. සුළු ලෙඩක් ඇතිවූවත් ජීවාත්මය එය අත්හරින්නට සිදුවේ දෝ කියා බියට පත්වන්නේ, බිය ඇත්තේ අඥාන මාර්ගයේයි. මෙය සංගම යුගයයි. දැන් නිවසට, පියා වෙතට යාමට සිටින බව ඔබ වටහාගෙන සිටිනවා. එමනිසා, බිය වීමට හේතුවක් නැත. ඉතාමත් හොඳම ක්‍රමයක් තමයි පරම පියා ඔබට පෙන්වා තිබෙන්නේ. අපවිත්‍ර ජීවාත්මයන්ට මා වෙත, මුක්ති දේශයට පැමිණීය නොහැකියි. එය පාරිශුද්ධ ජීවාත්මයන්ගේ නිවහනයි. මෙය මනුෂ්‍යයන්ගේ නිවහනයි. මේ ශරීරය සැදී ඇත්තේ පංච මහා භූතයන්ගෙනි. වාතය, ජලය, ගින්න අවකාශය සහ භූමිය වන පංචමහා භූතයන් එහි (ජීවාත්ම ලෝකයේ) නොතිබෙයි. ඥාන සාගරය කලඹන්නේ මේ නිසාවෙනි. ජීවාත්ම මේ දේපළ, ශරීර; භාරගන්නවා. එමනිසායි ඒවාට ඇලුම් කරන්නේ. කෙසේවෙතත්, ඔබ ජීවාත්ම එම දේශයේ වැසියන්ය. ඔබ ජීවාත්ම නැවත වරක් නිවහනට යාමට දැන් උත්සාහ දරමින් සිටින්නේ. ඔබ ජීවාත්ම පාරිශුද්ධ වූ කල ඔබට සතුට ලැබේ. එහි දුකක් නොමැත. මෙකල. මෙය දුක් දේශයයි. ඉතින්, ඔබේ චරිත කොටස කිරීමට ඔබව පංච මහාභූතයන් ඇද ගනී. පදාර්ථ වල ආධාරය අනිවාර්යෙන්ම අරගත යුතුයි. මෙම නාටකය සතුට සහ දුක සහිත එකකි. ඔබ සතුටින් සිටින විට ඔබට පංච මහාභූතයන්ගෙන් සැදි ඔබේ ශරීරයට ඇල්මක් නොතිබේ. එහිදී, ඔබ පාරිශුද්ධව සිටී; ඔබට ඔබේ ශරීරයට ඇල්මක් නොතිබේ. ඔබ දැන් පදාර්ථයන් වූ පංච මහාභූතයන්ට තිබෙන සියලු ඇල්ම ඉවත් කළ යුතුයි. ඔබ පාරිශුද්ධ බවට පත් වේවි. අනතුරුව ඔබේ ශරීර යෝග බලය තුළින් නිර්මාණය වේවි. අන්න ඒ නිසායි ඔබව ඇදීමට මායා එහි නොමැති වන්නේ. ඔබේ එම ශරීරයත් යෝග බලයෙන් නිර්මාණය වන නිසාවෙන් එහි ඔබට දුකක් නොතිබෙනවා ඇත. මෙම නාටකය එවන් අපූරු අයුරින් නිර්මිත වී ඇත. මේවා වටහාගත යුතු ඉතාමත් සූක්ෂම කාරණාවන් වේ. ඉතා දක්ෂ සහ සේවයට ඉදිරිපත්වන අයට ඉතා හොඳින් පැහැදිලි කිරීමට හැකිවේ. පරම පියා පැවසුවා : ඔබේ ධනය දානය කිරීම මගින් කිසිසේත් එය අඩු වන්නේ නැත. එය නොකඩවා දානය කළොත් ඔබට ධාරණය කිරීමට ද හැකිවේවි. නැතිනම්, එය ධාරණය කිරීම අපහසු වනවා ඇත. එය සටහන් කර ගැනීමෙන් සරළව ධාරණය කිරීම කළ හැකි යැයි නොසිතන්න. ඔව්, කරුණු සටහන් කළ හැකියි. එහෙත් ඒවා අන් අයගේ යහපතට යවන්න: එය වෙනම කාරණාවක්. ඉන් ඔබට පලක් ඇති නොවේ. සමහරුන් ඒවා ලියාගෙන කොල නාස්ති කරනවා. මෙයද ඇතුලාන්තයෙන් වටහාගත යුතු දෙයක්: මා එය ලියාගත් නමුත් ඉන්පසු මා එය භාවිතයට ගන්නේ කෙසේ ද? එසේ ලියාගත් දෙයක් පසුව අහක දැම්මා නම්. ඉන් ඇතිවන වාසිය කුමක් ද? මෙය ජීවාත්ම තමන්ව රවටා ගන්නා අන්දමකි. මේ කාරණා ධාරණය කරගත යුතු වේ. මේ පියා ලියා ගත් දෙයක් නොවෙයි සිතට ගන්නේ. පියා නොකඩවා දිනපතාම පැහැදිලි කරනවා. පළමුවෙන්ම, ඔබ පරම පියා සමඟ සම්බන්ධයක් ඇතිකරගත යුතුයි. පරම පියාගේ ස්මරණය තිබීමෙන් පමණයි ඔබ ජීවාත්මයන්ට පාරිශුද්ධ විය හැක්කේ. අනතුරුව ඔබ එහි ගිය විට ඔබ පාරිශුද්ධව ඉඳීවි. එහි ජීවාත්ම සහ ශරීර යන දෙකම පාරිශුද්ධව තිබේවි. එම බලය අහවර වූවායින් පසුව පංච මහාභූතයන්ගේ බලය ඔබව අඳී. ඔබ ජීවාත්මයන් දැන්, ඔබේ ශරීර අත්හැර නිවහනට යාමට ආශාවෙන් සිටින්නේ. ඔබ දැන් පාරිශුද්ධ වෙමින් සිටිනවා. ඉන් අනතුරව බටර් වලින් කෙස් ගසක් අරන් දමනා ලෙසින් ඔබ ඔබේ ශරීරයන් අත්හැර දමනවා. ඔබේ ශරීරය ඇතුළු සෑම දෙයින්ම ඔබේ ඇලීම අත්හළ යුතුයි. ඔබ අශාරීරකව පැමිණියේ. එවිට ඔබ පාරිශුද්ධයි. මේ ලොවට ඇලීමක් ඔබට නොතිබුණී. එහිදී, ජීවාත්මයක් සිය ශරීරය අත්හැර යනවිට කිසිවකු අඬන්නේ නැත. එහි අපහසුතා හෝ ලෙඩරෝග නොතිබේ. එහි ශරීරයකට ඇල්ම නොදක්වයි. හරියටම ජීවාත්මයන් ම තම චරිත කොටස් රඟපානවා සේය. ජීවාත්මයකගේ ශරීරයක් වියපත් වූ විට ඔහු තම ඊලඟ චරිත කොටස කිරීමට තවත් ශරීරයක් අරගනී. එහි රාවණ රාජ්‍යය නොතිබෙයි. මෙවෙලෙහි බාබා වෙත යාමේ ආශාව තිබෙයි. බාබා කියයි : මා සිහිපත් කරන්න. මේ දැනුම ඔබේ බුද්ධියේ තිබෙයි. පරම පියා කියයි : ඔබ පවිත්‍ර වී මා වෙත ආ යුතුයි. සැවොම දැන් අපවිත්‍රයි. මේ නිසායි. පංච මහාභූතයන්ගේ මේ රූකඩයට ඇල්ම නිසා, එය අත්හැරීමට කිසිවකුටත් නොවුවමනා වන්නේ. නැතිනම්. හේතු කාරණා කියයි. අප ශරීරය අත්හැරියොත් එවිට අපට පරම පියා වෙතට යා හැකි වේ. ඔබ දැන් පාරිශුද්ධ වී පරම පියා වෙත ආපසු යාමට උත්සාහ දරමින් සිටිනවා. පරම පියා කියයි : ඔබ මට අයිති වී සිටියේ. ඔබ ජීවාත්ම දැන් මා සිහිපත් කර නැවත වරක් පාරිශුද්ධ විය යුතුයි, එහි අළුත් ශරීරයක් ගැනීම අපහසු නොවේ. මෙහි තමයි මිනිස්සු දොස්තරවරුන්ට කතා කරන්නේ, මන්ද, ඔවුන්ට ශරීරයට ඇලීම ඇත. ඔබ දැන් බාබා වෙතට ආපසු යාමට සිටිනවා යන කුල්මත් බව ඔබට තිබිය යුතුයි. ඔබේ ශරීරයත් සමඟ ඔබට තව දුරටත් කිසිම සම්බන්ධතාවයක් නොතිබෙයි. ශරීරයන් ඔබට ලැබී ඇත්තේ ඔබේ චරිත කොටස රඟපෑමටයි. එහිදී, ජීවාත්ම සහ ශරීර දෙකම ඉතා සුවයෙන් තිබෙයි. එහි දුකක සලකුණක් වත් නොතිබෙයි. එබැවින්, ඔය දරුවන් විශාල වශයෙන් උත්සාහ දැරිය යුතුයි. ඔබ දැන් සිටින්නේ බාබා වෙත යාමටයි. ඉතින් ඔබේ ශරීර අත්හැර නොයන්නේ ඇයි? කෙසේවෙතත්, ඔබ යෝගාවෙන් පාරිශුද්ධ වී ඔබේ කර්මාතීත් තත්ත්වයට යන තෙක්ම ඔබට පියා වෙත යාමට නොහැකි වේවි. මෙම දැනුමෙන් තොර මිනිසුන්ට එවැනි සිතිවිලි ඇතිවිය නොහැකියි. එවැනි සිතිවිලි ඇතිවිය හැක්කේ ඔය දරුවන්ටයි. ඔබ දැන් ආපසු යාමට ඇත. මුලදී. ජීවාත්මයන්ට බලය තිබුණා; ඔවුන් සතුටින් සිටියේ. කිසිදා ඔවුන්ට කිසිම බියක් නොතිබුණී. මෙහි දුක තිබෙන නිසායි මිනිස්සු භක්ති ආදිය කරන්නේ. එහෙත් ආපසු නිවසට යාමට මාර්ගය ඔවුන් නොදනී. ආපසු යාමට මාර්ගය ඔබට පෙන්වා දිය හැක්කේ ඒකායන පියාට පමණයි. ඔබ බාබා වෙත යාමට සිටිනවා යන සතුට ඔබට තිබෙනවා. ඔබට මෙහි ඔබේ ශරීර වලට ඇලීම තිබෙනවා. ඉතින්, එම ඇල්ම ඔබ ඉවත් කළ යුතුය කියා පරම පියා පැහැදිලි කරයි. මේ ශරීර පංච මහා භූතයන්ට අයත් ඒවායි. මේ සියල්ලක්ම මායා වේ. ඔබේ දෑසින් දකිනා සියල්ලක්ම පාහේ මායාම වේ. මෙහි සෑම දෙයක් තුළම දුක තිබෙනවා. බොහෝම කිළිටියී. දිව්‍යලෝකයේ ශරීර නොම්මර එකේ ඒවායි. එසේම එහි ඔබට නොම්මර එකේ මාලිඟා ද තිබේවි. එහි දුක යැයි කිසිවක්ම නොතිබෙයි. මෙම නාටකය කල්තියා නියම කරන ලද්දක්. ඔබේ සිතිවිල්ලට මේ දේවල් ඇතුල් විය යුතුයි. පරම පියා කියයි : ඔවුන්ට කිසිවක් නොවැටහේ නම් ඔවුන්ට කියන්න: අඩු තරමින් පරම පියාව සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් ක්ෂය වී යන අතර ඔබට දිව්‍ය ලෝකයට යා හැකි වේ. ඔබ සෑම කෙනෙක්ම ජීවාත්මයක්ය. අනතුරුවයි ශරීරය නම් වූ දිගු වලිගය ඔබට ලැබෙන්නේ. ඉතින්, අප එහි හිරවෙන්නේ කුමකට ද? පරම පියා පැහැදිලි කරනවා: මෙයට කියන්නේ රාවණ රාජ්‍යය කියායි. රාවණ රාජ්‍යයේ තිබෙන්නේ දුක මිස අන් දෙයක් නොවේ. ස්වර්ණම යුගයෙහි දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. එබැවින්, අප දුර්වල බවට පත්ව සිටින හේතුවෙන් අප පරම පියාගෙන් දැන් බලය ගනිමින් සිටිනවා. ශරීර අවධානය ඔබව සම්පූර්ණයෙන් දුර්වල කරනවා. පරම පියා කියනවා : මෙම කල්තියා නියම වූ නාටකය කිසිදා නිමා නොවේ. සදාතනික මුක්තිය ආදිය නොමැත. මෙම නාටකය කල්තියා නියම වූවකි. මෙසේ කියා තිබෙනවා : නියමිත පරිදි සිද්ධ වන දෙයට ඇයි දුකක් ? ඉකුත්ව ගිය දෙය නැවතත් සිදුවේවි. මෙයට දුක් වෙන්න කාරණාවක් නැත. ස්වර්ණම යුගයේ නරක දෙයක් සිදු නොවේ. මෙහි දුක ඇත. පරම පියා කියයි : මෙය නාටකයයි. පරම පියා ඔබට ඔහු වෙත පැමිණීමට මග පෙන්වා දුන්නා. මේ අයුරින් ඔබ මා වෙත පැමිණේවි. එය බටර් වලින් කෙස් ගසක් අදින්නාක් සේ පහසු වේ. ඔබ ජීවාත්මයන් සරළව මා සිහිපත් කර පාරිශුද්ධ විය යුතුයි. පාරිශුද්ධ වීමට අන් ක්‍රමයක් නැත. ඔබ රාවණ රජදහනේ සිටිනවා යන්න ඔබට දැන් වැටහේ. එහි, එය දෙවියන්ගේ රජදහනය වේ. මෙය දෙවියන්ගේ රජදහන සහ යක්ෂ රජදහත පිළිබඳ නාටකයයි. පරමාත්ම දෙවියන් පැමිණ ස්ථාපන කටයුතු කරන බව කිසිවකුත් වටහා නොගනී. පරම පියාට ඥාන සාගරය කියති. ඔහුට පමණයි ඇවිත් සියල්ල පැහැදිලි කළ හැක්කේ. දැන් මුළු දැනුමම ඔබට වැටහෙනවා. අනතුරුව ඔබ මේ සියලු දැනුම අමතක කරනවා ඇත. මෙම දැනුම තුළින් ඔබේ තත්ත්වයන් ඔබ ලබාගත් අන්දම පවා ඔබට අමතක වේවි. ඔබ දිව්‍යලෝකයට ගිය විට. මේ සියලු දැනුම අතුරුදහන් වේවි. දෙවියන් ඔබව ද්විත්ව කිරුළු ඇත්තන් කළේ කෙසේද යන්න එහිදී ඔබ නොදන්නවා ඇත. මොහුම කිසිම දෙයක් නොදත් කොට පොත් පත් ආදිය උගත් අන් අය කෙසේ දැනගන්න ද? ඔවුන්ට මෙම දැනුම ස්පර්ශ වන්නේ පවා නැත. ඔබ මෙහි පැමිණ සවන් දුන්නා එමනිසායි, ඔබට එය එසැනින් ස්පර්ශ වූයේ. මේ සියලු දේවල් අදෘශ්‍යමානයි. පරම පියා ඔබට කතා කරනවා. එහෙත් කුමක් හෝ පෙනෙනවා ද? එය වටහාගත් දෙයක්. ඔබ ජීවාත්මයක් දැක තිබේ ද? ජීවාත්ම ඇති බව වටහාගෙන ඇත. එය දිව්‍ය දසුනෙන් දැක ගත හැකියි. පරම පියා කියයි : එය දැක ගත්තා කියා ඔබ ඉන් කුමක් වටහා ගන්න ද? ජීවාත්ම ඉතා කුඩා තිත් වේ. අසංඛ්‍යය ජීවාත්මයන් සිටිනවා. ජීවාත්ම 10–20ක් පමණ දර්ශනය ඔබ දැක තිබේවි. හුදෙක් ජීවාත්මයක් දැකීම මගින් ඔබට වැටහීමක් ඇති වන්නේ නැත. වෙනස නොවැටහේ. ඔබ ඉඳිමින් සිටින අතරේ ඉතා කුඩා ජීවාත්මයක් දකී. නමුත් එය ජීවාත්මයද හෝ පරමාත්මයද යන්න ඔබට වටහා ගැනීමට නොහැකි වනු ඇත. ඔබට දැන් වැටහෙනවා එවන් වූ කුඩා ජීවාත්මයක් තුළ මාහැඟි බලයක් තිබෙන බව. මෙය සොබාදහමේ අසිරිමත් බවයි. යම් කෙනෙකුට රෝගයක් හෝ මහත් අලාභයක් සිදුවුව හොත් ඔහුට දිවිනසා ගැනීම හොඳම දෙය ලෙස හැඟේ. එනම්, ජීවාත්මය ශරීරය අත්හැරියොත් ඔහු දුකෙන් මිදෙනු ඇතැයි කියා. කෙසේවෙතත්, ඔහු හිසමත තිබෙන පව් බර ඉවත් විය හැක්කේ කෙසේ ද? ඔබේ පාපයන් ක්ෂය වී යාමට, ස්මරණය කිරීමට උත්සාහ කළ යුතු වෙනවා. රාවණ නිසා විශාල වශයෙන් පාපයන් සිදු කර තිබෙනවා, එවිට පරම පියා ඔබට ඉන් නිදහස් වීමට මාර්ගය පෙන්වනවා. ඔහු සරළව කියයි: නොකඩවාම මා සිහිපත් කරන්න. ඔබ ස්මරණයෙහි ඉඳිමින් ඔබේ ශරීරය අත්හැරිය යුතුයි. එවිට ඔබේ පාපයන් සියල්ල අහවර වනවා ඇත. ස්මරණයෙහි ඉඳීම යනු ඔබේ නැන්දාගේ ගෙදර යනවා තරම් ලෙහෙසි දෙයක් නොවේ! ඔබ මා ස්මරණය කිරීමට වෑයම් කරන විට මායා ඔබට ඉමහත් පීඩාවක් ඇති කරවයි. ඇය නැවත නැවත ඔබට මා අමතක කරවයි. බාබා ඔහුගේම අත්දැකීම් කියනවා: මා දැඩි ලෙස උත්සාහ දැරූ නමුත් මා ස්මරණය කරන ආකාරයෙහි මායා බාධා හෙලමිනුයි සිටියේ. අප දෙදෙනාම එකට සිටියදී පවා, අප දෙදෙනාම එකට සිටියත් මා ඔහුව යළි යළි අමතක කළා; එය හරිම අපහසුයි. නැවත නැවත යම් කෙනෙක් හෝ යම් දෙයක් මතක් වෙනවා. ඔබ ඉතාමත් හොඳින් උත්සාහ දරනවා. ඇතැම් අය බොරු කතන්දර කියනවා. ඔවුන් දින 10 – 15ක් පමණ වාර්තා සටහන ලියා පසුව අත්හරි. ඔබ මේ ගැන ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. ඔබ සියලු දෙනාම පාරිශුද්ධ වී ඔබේ කර්මාථීත් තත්ත්වයට පැමිණී විට තමන් ජය ගත් බව වැටහේ. මෙයයි දේව ලොතරැයිය. බාබා සිහිපත් කරනවාට ස්මරණ නූල්පට කියති. එය වටහාගැනීමට ඔබේ බුද්ධි භාවිත කරන කාරණාවකි. ඇතැම් අය කියන්නේ ඔවුන් බාබා සිහිපත් කරනවා කියා. නමුත් බාබා කියනවා : ඔහුව සිහිපත් කළ යුත්තේ කෙසේද කියාවත් ඔවුන් නොදනී. තත්ත්ව වල මට්ටමෙහි වෙනසක් තිබෙනවා. කෙසේද රාජධානියක් ස්ථාපනය වන්නේ? ඔබ බොහෝ වාරයක් රාජධානිය පාලනය කර නැවත අහිමි කර ඇත. සෑම වසර 5000ක දීම බාබා පැමිණ ඔබට උගන්වයි. ඉන්පසු රාවණ රාජ්‍යයේ ඔබ පාප මාර්ගයට වැටෙයි. දේවතාවරු වී සිටි අයයි පාප මාර්ගයට ඇද වැටෙන්නේ. ඉතින් පරම පියාව සිහිපත් කිරීම සඳහා අනේක විද ගැඹුරු කරුණු ඔබට පියා පැහැදිලි කරනවා. එය පහසුය. ඔබ ඔබේ ශරීර අත්හැර ඔබ පරම පියා වෙත යනවා. ඔබ මා දැන හඳුනා ගත් විටයි, එම යෝග බලයෙන් ඔබේ පාපයන් ක්ෂය වී යන්නේ. අවසානයේ දී එය සිදුවිය හැකියි. දැනට නිවසට හරවා යෑම කිසිම කෙනෙකුට ඔවුන් කුමක් කළත් යා නොහැක. මා පමණයි පැමිණ ඔබට නිරවද්‍ය යෝගාව උගන්වන්නේ. අනතුරුව යෝග බලය කල්ප භාගයක් පවතීවි. එහිදී ඔබ අසීමිත සතුට අත්විඳීවි. මිනිස්සු භක්ති මාර්ගයේ බොහෝ දේවල් කරති. පරම පියා ඇවිත් දැනුම දුන් පසු භක්තිය නොතිබේ. දැනුමෙන් දවස උදාවේ. අනතුරුව තවදුරටත් අපහසුතා නොතිබෙයි. භක්තිය නම් පැකිලෙන රාත්‍රී කාලයයි. එහි දුක කියා දෙයක් නැත. මේ සියලු කාරණා මෙහි සිටින ළපටි පැළයන් හී බුද්ධියෙහි රැඳේවි. මේවා ඉතාමත් සියුම් කාරණාවන්ය. දැනුම අසිරිමත් දෙයක්. එය පරම පියාට මිස අන් කිසිවකුට පහදා දිය නොහැකියි. මෙය වටහා ගන්නේ ඉතාමත් සුළු දෙනෙකි. මෙයද නාටකයේ නියම වී තිබෙන්නකි: එහි වෙනසක් විය නොහැකියි. මිනිස්සු සිතන්නේ: දෙවියන්ට කළ නොහැකි දේ කුමක් ද? කෙසේ හෝ දෙවියන් එන්නේ එක්වරකි. ඔහු පැමිණ දිව්‍යලෝකයට මාර්ගය පෙන්වයි. දැන්, ඔය දරුවන්ගේ බුද්ධි ඉතාමත් පුළුල් වී ඇත. අප දෙදෙනා එකටයි සිටින්නේ. මොහු (බ්‍රහ්මා) යම් කෙනෙක් දෙස බලයි ද, එම ජීවාත්මයට සාමය දානය කිරීමේ විඥානය ඔහු සතුව ඇත. යම් කෙනෙක් දෙස බැලීමෙන් ඔහු අපට අයත් කෙනෙක් ද නොවේද යන්න ඔහුට වටහාගත හැකියි. ඔබ සේවාධාරි දරුවන්ගේ කාර්යය ඔවුන්ගේ නාඩි ඇල්ලීමයි; ඔවුන් ඔබේ කුලයට අයිති අය නම් ඔවුන් නිහඬ වී සිටීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පාරිශුද්ධ වී පියා සමඟ නිවස වෙතට යාම සඳහා, පංච මහා භූතයන් ගේ රූකඩයට (ශරීරයට) තිබෙන ඇල්ම අත්හරින්න. ඔබේ ශරීරය අතහැර යාමේ සියලු බිය ඉවත් කරගන්න.

2. ඔබේ ස්මරණ වන්දනාවේ වාර්තාව බොහෝ සැලකිලිමත්ව වැඩි කරගන්න. යෝග බලයෙන් ජීවාත්මය පාරිශුද්ධ කරන්න. කර්මාථිත් බවට පත්ව මෙම දේවමය ලොතරැයිය දිනාගන්න.

වරදානය:
සාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, එය සාක්ෂි සහිතවම ඔප්පු කර පෙන්වන බලගතු ජීවාත්මයක් බවට ඔබ පත් වේවා.

ඔබ සෑම කෙනෙකුගේම සාර්ථකත්වයේ පතිඵල දැන් විද්‍යමාන වනු ඇත. ඔබගේ දෘශ්ටියෙන් හා සහයෝගයෙන්, වැරදුණු ඕනෑම කාර්යයක් ඉතාමත් පහසුවෙන් නිවැරදි කළ හැකි වනු ඇත. සාර්ථකත්වය සඳහා -ඔව් එය සිදුවේවි- කියා ඔබට කීමට සිදු නොවේ. නමුත් ඔබගේ උපදෙස් සාර්ථකත්වයම ගෙන එනු ඇත. එමඟින් ඉතාමත් පහසුවෙන් පුරවැසියන් බිහි වනු ඇත. සෑම තැනින්ම මිනිසුන් ඔබ වෙතට ඇදී එනු ඇත. සාර්ථකත්වයේ මෙම කොටස දැන් එළිදරව් විමට ආසන්නයි. නමුත් එයට පෙර ඔබ ඉතාමත් බලගතු අයෙක් වි එම සාර්ථකත්වය පිළිනොගන්නා අයෙක් විය යුතුයි. එවිට හෙළිදරව්ව සිදු වනු ඇත.

පාඨය:
අව්යක්ත තත්ත්වයේ ස්ථාවරව සිටිමින් හමුවක් සමරන්න. එවිට සෑම ධන නිධානයක්ම විවර වනු ඇත.