05.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, වඩාත්ම ආදරණීය, අහිංසක ස්වාමියා පෞද්ගලිකවම ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. ඔහුව සෙනෙහසින් සිහිපත් කරන්න, එවිට එම සෙනෙහස වර්ධනය වී සියලු බාධක අවසන් වෙයි.

ප්‍රශ්නය:
ඔබ කිසිම විටෙක පාපකාරී ක්‍රියා සිදු නොකිරීම සඳහා, ඔබ සෑම විටෙකම සිහියේ තබාගත යුත්තේ කුමක්ද?

පිළිතුර:
මා කුමන ක්‍රියාවක් සිදුකළත්, මා දකින අය, එයම කරයි. ඔබ මෙය මතක තබාගත් විට, ඔබ පාපකාරී ක්‍රියා නොකරයි. රහසින් පාප ක්‍රියාවන් සිදුකරන ඕනෑම කෙනෙකුට ධර්මරාජ්ගෙන් සැඟවී සිටිය නොහැක ඔවුන්ට ඒ සඳහා සැනෙකින් දඬුවම් ලැබෙයි. ඔබ තව තවත් දියුණුවත්ම, යුධ නීතිය ක්‍රියාත්මක වෙයි. කිසිම අපවිත්‍ර ජීවාත්මයකට රහසින් මෙම ඉන්ද්‍රාගේ සභාවේ අසුන් ගත නොහැක.

ගීතය:
අහිංසක ස්වාමියා මෙන් අසහාය කෙනෙක් නැත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ඔබට දැන් ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා දෙන බව, ඔය මිහිරි, ආධ්‍යාත්මික දරුවන් දන්නවා. ඔහුගේ නම, අහිංසක ස්වාමියාය. පියෙක් හරිම අහිංසකයි. ඔහුගේ දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීමට සහ ඔවුන් රැක බලාගැනීමට ඔහු බොහෝ අපහසුතාවයන් විඳ දරාගනී. ඉන්පසුව ඔවුන් වැඩුණු පසු, සෑම දෙයක්ම ඔවුනට දී, ඔහු විශ්‍රාම ගනී. ඔහුගේ වගකීම් දැන් අවසන් බවත් එය දැන් තිබෙන්නේ දරුවන්ගේ අතේ බවත් ඔහු විශ්වාස කරයි. එබැවින් පියෙක් අහිංසකයි. ඔහුද අහිංසක ස්වාමියා බැවින්, පියා ඔබට දැන් විස්තර කරයි. සීමිත පියවරුන් අහිංසක වන්නේ කෙසේද කියාත් ඔහු ඔබට විස්තර කරයි. එය සීමිත අහිංසකත්වයයි. එම කෙනා අසීමිත පියා, අහිංසක ස්වාමියාය. ඔහු උත්තරීතර දේශයේ සිට පැරණි ලෝකයට සහ පැරණි සිරුරක් තුළට පැමිණෙයි. ඔහු පැරණි ලෝකයට සහ පැරණි සිරුරකට ඇතුළු වන්නේ කෙසේද කියා මිනිසුන්ට නොවැටහෙන බැවින්, මෙම නොවැටහීම නිසා ඔවුන් පිවිතුරු සිරුරක් ඇති ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබේ. එම ගීතාව, වේද සහ ග්‍රන්ථ නැවතත් නිර්මාණය වෙයි. බලන්න ශිව බාබා කෙතරම් අහිංසකද කියා! පැමිණි විට ඔහු කෙබඳු හැඟීමක් ලබා දෙන්නේද යත්, පියා මෙහි අසුන් ගෙන සිටිනවා මෙනි. මෙම භෞතික බාබාද අහිංසකයි. ඔහුට පූජනීය සළුවක් (චුන්නි) හෝ තිලකයක් ආදිය නැත, මන්ද මෙම සාමාන්‍ය බාබා, බාබා පමණයි. මෙම සියලු දැනුම ශිව බාබා පමණක් ලබා දෙන බව, ඔය දරුවන් දන්නවා. වෙනත් කිසිවෙකුට එය ලබා දීමට ශක්තියක් නැත. දවසින් දවස, දරුවන්ගේ සෙනෙහස වැඩිවෙයි. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබගේ සෙනෙහස වැඩිවෙයි. පියා වඩාත්ම ආදරණීයයි මෙකල පමණක් නොව, භක්ති මාර්ගයේ පවා ඔබ සැලකුවේ, ඔහු වඩාත්ම ආදරණීය කෙනා බවයි. ඔබ මෙසේ කියූහ බාබා, ඔබ පැමිණි විට, අප සෑම කෙනෙකුගෙන්ම අපගේ සෙනෙහස බිඳ දමා, ඔබට පමණක් සෙනෙහස පාන්නෙමු. ඔබට දැන් මෙය වැටහෙන නමුත් මායා ඔබට එතරම් සෙනෙහසක් ඇතිකර ගැනීමට ඉඩ නොදෙයි. ඇයව ගණන් නොගෙන, ඒ වෙනුවට පියාව සිහිපත් කරනවාට මායා කැමති නැත. ඇයට උවමනා වන්නේ ඔබ ශරීර අවධානයට පත් වී ඇයට සෙනෙහස පෑමයි. මායාට අවශ්‍ය වන්නේ එයයි, ඇය මෙතරම් බාධා ඇති කරන්නේ මේ නිසාය. ඔබ බාධා ඉක්මවා යා යුතුයි. ඔය දරුවන් අඩුම තරමේ යම් උත්සාහයක්වත් දැරිය යුතුයි! ඔබගේ ප්‍රතිලාභය ලැබෙන්නේ උත්සාහ දැරීමෙන් පමණයි. උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔබ කෙතරම් උත්සාහ දැරිය යුතුද කියා ඔබ දන්නවා. පළමුව පාපයන් දන් දෙන්න, දෙවනුව ඔබට පියාගෙන් ලැබෙන දැනුමේ අවිනාශී ධනයේ මාණික්‍ය දන් දෙන්න. ඔබ එතරම් ධනවත් වන්නේ මෙම අවිනාශී ධනයෙනි. දැනුම, ඔබගේ ආදායම් මාර්ගයයි. එය ග්‍රන්ථයන්ගේ දර්ශනවාදය වන අතර, මෙය ආධ්‍යාත්මික දැනුමයි. මිනිසුන් ග්‍රන්ථ ආදිය කියවා බොහෝ උපයයි. ඔවුන් කුඩාා කුටියක් තුළ ග්‍රාන්ත් නමැති පොත තබා, ඉන් ටිකක් කියවන අතර, එය ඔවුන්ට ආදායමක් ගෙන දෙයි. එය නිවැරදි දැනුම නොවෙයි. ඔබට නිවැරදි දැනුම ලබා දෙන්නේ ඒකායන පියා පමණයි. ඔවුන්ට මෙම දැනුම ලැබෙන තුරු, ඔවුන්ගේ බුද්ධියේ තිබෙන්නේ, ග්‍රන්ථ වල දර්ශන වාදය පමණයි. ඔවුන් ඔබට ඇහුම් කන් නොදෙයි. ඔබලාගෙන් සිටින්නේ ඉතා ටික දෙනෙක් පමණයි. ඔය දරුවන්ට මෙම ආධ්‍යාත්මික දැනුම ලැබෙන්නේ ආධ්‍යාත්මික පියාගෙන් බව, 100% සහතිකයි. ඔබගේ ආදායම් මාර්ගය, දැනුමයි. ඔබට බොහෝ ධනය ලැබෙයි. යෝගාව, ඔබගේ නිරෝගීභාවයට මාර්ගයයි, එනම්, ඔබට රෝග වලින් නිදහස් සිරුරක් ලැබෙයි. දැනුම තුළින් ඔබට ධනය ලැබෙයි. ප්‍රධාන විෂයයන් දෙක මේවාය. ඇතමුන් ඉතා හොඳින් දැනුම ධාරණය කරගන්නා අතර තවත් සමහරෙක් එය අඩුවෙන් ධාරණය කරගනී. එබැවින් අංක පිළිවෙලට ධනයද අඩුවෙන් ලැබෙයි. ඔවුන් දඬුවම් විඳ, ඉන්පසුව ඔවුන්ගේ තත්ත්වය හිමි වෙයි. ඔවුන් සම්පූර්ණයෙන් සිහිපත් කිරීමේ නොසිටීම නිසා, ඔවුන්ගේ පාපයන් දුරු වන්නේ නැත. එවිට දඬුවම් විඳින්නට සිදුවන අතර, පාසැලකදී මෙන්, තත්ත්වයද විනාශ වෙයි. මෙය අසීමිත දැනුමයි. ඔබගේ ඔරුව එතෙරට යන්නේ මෙම දැනුම තුළිනි. එම දැනුමෙන් මිනිසුන්, නීතිඥයන්, වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් වීමට ඉගෙන ගනී. මෙහි තිබෙන්නේ එක් ඉගෙනුම පමණයි. යෝගාව සහ දැනුම තුළින් ඔබ සදා නිරෝගී සහ ධනවත් වෙයි ඔබ රාජකුමාරයන් වෙයි. එහි, ස්වර්ණමය යුගයේ නීතිඥයන් හෝ විනිශ්චයකරුවන් ආදීන් නැත. එහි ධර්මරාජ්ටවත් අවශ්‍යතාවයක් නැත. මව් කුසක සිරමැදිරියේ හෝ ධර්මරාජ්ගේ දේශයේ දඬුවම් නැත. ඔබ මව් කුසක මාලිගාවේ ඉතා සතුටින් සිටියි. මෙහි මව් කුසක සිරමැදිරියේ දඬුවම් විඳීමට සිදුවෙයි. මේ සියලු දේ වැටහෙන්නේ දැන් ඔය දරුවන්ට පමණයි. ග්‍රන්ථවල ඇති සංස්කෘත ස්ලෝක ආදිය නිර්මාණය කළේ මනුෂ්‍යයන්ය. ඇතමුන් විමසන්නේ ස්වර්ණමය යුගයේ භාෂාව කුමක් වෙයිද? පියා විස්තර කර දෙන්නේ දේවතාවන්ගේ භාෂාව කුමක් වුවත්, එය එහි තිබෙයි. එහි ඇති භාෂාව, වෙනත් කිසිම තැනක පැවතිය නොහැක. එහි සංස්කෘත භාෂාව තිබිම සිදුවිය නොහැකි දෙයකි. දේවතාවන්ට සහ අපවිත්‍ර මනුෂ්‍යයන්ට එකම භාෂාව තිබිය නොහැක. එම ස්ථානයේ භාෂාව කුමක් වුවත්, එය එහි තිබෙයි. මේ ගැන විමසීමට අවශ්‍ය නැත. පළමුවෙන්ම අඩු තරමින් පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්න. පෙර චක්‍රයේ කුමක් සිදුවුවත්, එය නැවත වතාවක් සිදුවෙයි. පළමුව ඔබගේ උරුමය හිමි කරගන්න! වෙනත් කිසිවක් ගැන විමසන්න එපා! අච්චා, උපත් 84ක් නොව, 80ක් හෝ 82ක් පමණක් තිබෙන්නේ නම්, එයට කම් නැත. එම දේවල් පසෙකට දමන්න එපමණයි. පියා පවසන්නේ ඇල්ෆා සිහි කරන්න! ඔබට නිසැකයෙන්ම දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය හිමි වෙනවා, එහෙම නේද? ඔබ අනේක වාරයක් දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය හිමිකරගෙන තිබෙනවා. ඔබ ඉහළම සිට පහළට බැසිය යුතුද වනවා. ඔබ දැන් අධිපති දැනුමේ මහා සාගර සහ අධිපති සතුටේ මහා සාගර වනවා. ඔබ උත්සාහ දරනවා. බාබා සම්පූර්ණයි. පියාට කුමන හෝ දැනුමක් තිබෙන්නේද, දරුවන්ටද එය තිබෙයි. කෙසේවෙතත්, ඔබට මහා සාගර කියා නොකියයි. සිටින්නේ එක් මහා සාගරයක් පමණක් වුවත්, ඔවුන් ඔහුට බොහෝ නම් දී තිබේ. ඔබ දැනුමේ මහා සාගරයෙන් මතු වුණු ගංඟාවන්ය. ඔබ මන්සරෝවර්, ගංඟාවන්ය. ගංඟාවන්ට නම් තබා ඇත. බ්‍රහ්මපුත්‍ර ගඟ ඉතා විශාලය. ගංඟාවන් සහ මහා සයුර අතර හමුව (සංගමය), කල්කටාවේ සිදුවෙයි. එයට දියමන්ති වරාය යැයි කියයි. බ්‍රහ්මගේ මුඛයෙන් උපන් ඔය දරුවන්, දියමන්ති මෙන් වෙයි. විශාල හමුවක් සිදුවෙයි. බාබා, බ්‍රහ්මගේ සිරුරට ඇතුළු වී, දරුවන් හමුවෙයි. මේ සියලුම කාරණා වටහා ගත යුතුයි. කෙසේවෙතත්, බාබා පවසන්නේ මන්මනාභව! දිගින් දිගටම බාබාව සිහි කරන්න! ඔහු වඩාත්ම ආදරණීයයි, සියලුම සම්බන්ධතාවයන්ගේ මිහිරියාවයි. ඉතිරි සියලුම සම්බන්ධතා පදනම් වන්නේ පාපයන් මතයි. ඒවා තුළින් දුක හටගනී. බාබා ඔබට සෑම දෙයකටම ආපසු ගෙවීමක් කරයි. ඔහු ඔබට සියලුම සම්බන්ධතාවයන්ගේ සෙනෙහස ලබා දෙයි. ඔහු ඔබට බොහෝ සතුට දෙයි! වෙනත් කිසිවෙකුට ඔබට එතරම් සතුට ලබා දිය නොහැක. කෙනෙක් එය ඔබට ලබා දුන්නත් එය තාවකාලික කාලයකට පමණයි. සන්යාසීන් සතුට හඳුන්වන්නේ, කපුටෙකුගේ අසූචි මෙන් බවයි. දුක් දේශයේ නිසැකයෙන්ම තිබෙන්නේ දුක පමණයි. කෙසේවෙතත්, ඔබ එම චරිත කොටස් අසංඛේය වාර ගණනක් රඟපා ඇති බව, ඔය දරුවන් දනී. ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නේ කෙසේද, යන සැලකිල්ලද තිබිය යුතුයි. ඔබ අසමත් නොවන සේ බොහෝ උත්සාහ දරන්න. ඔබ හොඳ අංකයක් සමඟ සමත් වුවහොත්, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගත හැකි වන අතර, සතුට අත්විඳීමටද හැකි වෙයි. පියාව කිසිදාක හමුවී නොමැති ගෝපිකාවන් බොහෝ සිටියි ශිව බාබා මුණ ගැසීමට ඔවුන් විශාල ආශාවකින් සිටියි. මෙය ආශ්චර්යමත් දෙයකි. ඔබ නිවසේ අසුන්ගෙන පියාව සිහි කරයි ශිව බාබා, මා ඔබගේ දරුවාය. ජීවයට සෑම දෙයක්ම සිහි වෙයි. ඔබ සෑම චක්‍රයකදීම ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බව ඔය දරුවන් දන්නවා. එම පියාම චක්‍රයකට පසුව නැවත පැමිණ ඇත. එබැවින් ඔබට ඔහුව නොදැක සිටිය නොහැක. බාබා පැමිණ ඇති බව, ජීවාත්මය දන්නවා. මිනිසුන් ශිව බාබාගේ ජන්ම දිනය සමරන නමුත් ඔවුන්ට කිසි දෙයක් නොවැටහෙයි. ශිව බාබා පැමිණ, උගන්වන්නේ කෙසේද කියා ඔවුන්ට කිසිදෙයක් නොවැටහෙයි. ඔවුන් ශිව බාබාගේ උපන් දිනය නිකමට කරනවා වෙනුවට සමරයි. ඔවුන්ට ඒ වෙනුවෙන් නිවාඩු දිනයක්වත් නැත ඔබට ඔබගේ උරුමය ලබා දුන් කෙනාට, ඔවුන් වැදගත්කමක් නොදෙයි. ඒ වෙනුවට, උරුමය ලැබුණු කෙනා (ක්‍රිෂ්ණා)ගේ නම ඔවුන් කීර්තිමත් කර ඇත. ඔහු විශේෂයෙන් පැමිණ, භාරතය දිව්‍ය ලෝකය බවට පත් කළා. අන් සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙයි. සෑම කෙනෙකුටම එය අවශ්‍ය වී ඇත. විමුක්තියට පසුව, ඔබට ජීවන-මුක්තිය ලැබෙන බව ඔබ දන්නවා. පියා පැමිණ ඔබව මායාගේ බන්දන වලින් මුදවා ගනී. පරමාත්ම පියාට, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා, යැයි කියයි. ඔවුන් දරන උත්සාහයට අනුව, සෑම කෙනෙකුටම අංක පිළිවෙලට, ජීවන-මුක්තිය ලැබෙයි. පියා පවසන්නේ මෙම ලෝකය අපවිත්‍රයි, දුක් දේශයයි. ස්වර්ණමය යුගයේ ඔබට බොහෝ සතුට ලැබෙයි! එයට බාහිස්ත් (දිව්‍ය ලෝකය) යැයි කියයි. අල්ලා, බාහිස්ත් නිර්මාණය කළේ ඇයි? ඔහු එය නිර්මාණය කළේ ඉස්ලාමිකයන්ට පමණක්ද? ඔවුන්ගේ භාෂාවට අනුව, ඇතමුන් එයට බාහිස්ත් යැයිද ඇතමුන් එයට දෙව්ලොව යැයිද කියයි. ඔබ දන්නවා දිව්‍ය ලෝකයේ තිබෙන්නේ, භාරතය පමණක් බව. මේ සියලුම දේවල් ඔබ දරන උත්සාහයට අනුව ඔය දරුවන්ගේ බුද්ධිය තුළ සනිටුහන් වෙයි. ඔහු අල්ලාගේ උද්‍යානයට ගිය බව, මුස්ලිම්වරයෙක් කීහ. ඒ සියල්ල දර්ශන විය. ඒවා සියල්ල පෙර සිටම නාටකයේ නියමිත වී ඇත. නාටකයේ කුමක් සිදුවුවත්, තත්පරයක් ගෙවී ගිය සැනින්, එය පෙර චක්‍රයේද සිදු වූ බව පැවසෙයි. හෙට දිනයේ සිදුවීමට යන්නේ කුමක්ද කියා ඔබ නොදනී. නාටකය පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුයි, එවිට කිසි දෙයක් ගැන කණස්සලු වීමට අවශ්‍ය නොවෙයි. බාබා අපට නියෝග කර ඇත්තේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එමෙන්ම ඔබගේ උරුමයද සිහි කරන්න. සෑම කෙනෙක්ම මිය යා යුතුයි. හැඬීමට, කිසිවෙකු ඉතිරි වන්නේ නැත. මරණය පැමිණ, ජීවාත්මය පිටව යයි අඬන්නට කාලයක් නොතිබෙයි. කිසිම හඬක් මතු නොවෙයි. මෙකල, මළ මිණියක අළු ගෙන මිනිසුන් පූජාවිදි සිදුකරයි ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් තිබේ. ඒ සියල්ල කාලය අපතේ හැරීමකි. එහි ඇත්තේ මොනවාද? දුහුවිලි, නැවත දුහිවිලි බවට පත්වෙයි. එය තුළින් භාරතය පිවිතුරු වෙයිද? අපවිත්‍ර ලෝකයේ මිනිසුන් කුමක් සිදුකළත්, එය ඔවුන්ව අපවිත්‍ර කරවයි. මිනිසුන් බොහෝ සේ දන් දෙමින් පුණ්‍ය කර්ම ආදිය සිදුකරමින් සිට ඇති නමුත්, භාරතය පිවිතුරු වුණාද? ඔබට ඉනිමඟ දිගේ පහළට පැමිණීමට තිබුණා. ස්වර්ණමය යුගයේ ඔබ සූර්ය වංශය බවට පත් වූ අතර ඉන්පසුව ඔබට ඉනිමඟ දිගේ පහළට පැමිණීමට තිබුණා. ඔබ ක්‍රම-ක්‍රමයෙන් ඉනිමඟ දිගේ පහළට පැමිණෙයි. කුමන යාගහෝම හෝ තපස්යා ආදිය මිනිසුන් විසින් සිදුකළත්, ඔවුන්ගේ මතු උපතෙදී එහි තාවකාලික ඵලය ඔවුන්ට ලැබෙයි. වැරදි ක්‍රියා සිදුකරන කෙනෙකුට වුවද, එහි ඵලය ලැබෙයි. දරුවන්ට ඉගැන්වීමට ඔහු පැමිණිය යුතු බව අසීමිත පියා දනී. ඔහු සාමාන්‍ය සිරුරක් ගෙන තිබේ. තිලකයක් ආදිය තැබීමට අවශ්‍ය නැත. බැතිමතුන් විශාල තිලකයක් තබන නමුත් ඔවුන් බොහෝ රැවටිලි සිදුකරයි! බාබා සාමාන්‍ය සිරුරකට ඇතුළු වී දරුවන්ට උගන්වන බව පවසා තිබේ. ඔහු සිටින්නේ විශ්‍රාමික අවදියේය. මිනිසුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කළේ මන්ද? ඔවුන්ට මෙය විනිශ්චය කිරීමට තරම් බුද්ධියක් නැත. ඔබට නිවැරදි දේ සහ වැරදි දේ විනිශ්චය කිරීමට, බාබා ඔබට දැන් බුද්ධිය ලබා දී තිබේ. පියා පවසන්නේ ඔබ යාගහෝම පවත්වමින්, තපස් රකිමින්, දන් දෙමින්, පුණ්‍ය කර්ම සිදුකරමින්, ආගමික ග්‍රන්ථද කියවමින් සිටියේය. එම ග්‍රන්ථ වල යමක් තිබේද? ඔබට මම රාජයෝගාව උගන්වා, ලෝකයේ ආධිපත්‍යය ලබා දුන්නාද, එසේ නැත්නම් එය ඔබට ලබා දුන්නේ ක්‍රිෂ්ණාද? මෙය විනිශ්චය කරන්න! ඔබ පවසන්නේ බාබා, ඔබ මෙම දැනුම පවසයි. ක්‍රිෂ්ණා කුඩා රජ කුමරෙකි ඔහු මෙම දැනුම පවසන්නේ කෙසේද? බාබා, අප මෙය බවට පත්වන්නේ, ඔබගේ රාජයෝගාව තුළින්ය. පියා පවසන්නේ ශරීරයට සහතිකයක් නැත. බොහෝ උත්සාහ දැරිය යුතු වනවා. ඇතැම් වෙලාවට බාබාට මෙවැනි පුවත් අසන්නට ලැබෙයි, අහවල් කෙනාට ඉතා හොඳ සහ විශ්වාසවන්ත බුද්ධියක් තිබෙන බවට. මා පවසන්නේ ඔහුට සුළු විශ්වාසයක්වත් නැත. බොහෝ සෙනෙහස ලැබුණු අය, අද මෙහි නොමැත. බාබා සෑම කෙනෙක් සමගින්ම බොහෝ සෙනෙහසින් යුතුව කටයුතු කරයි. මා කුමන ක්‍රියා සිදුකළත්, මා දකින අන් අය, එම ක්‍රියාම සිදුකරයි. සමහර මිනිසුන් රහසේ පාපයේ ගැලී, ඉන්පසුව විත් මෙහි අසුන් ගනී. බාබා විගසින් ධ්‍යානගතව පණිවිඩ ගෙනෙන කෙනාට මෙය පවසයි. එවන් ක්‍රියා සිදුකරන අය, දිගින් දිගටම බොහෝ සංවේදී වෙයි. ඔවුන්ට අනාගතයෙදී මෙහි සිටීමට නොහැකි වෙයි. අවසානයේ ඇතිවන සංවේදී කාල වලදි, කෙනෙක් යම් වරදක් සිදු කළ විට, ඔවුන්ට යුධ නීතිය තිබෙයි. ඔබ තව දියුණුවත්ම බාබා සිදුකරන තව බොහෝ දේ ඔබට දැක ගැනීමට හැකි වෙයි. බාබා කිසි කෙනෙකුට දඬුවම් නොදෙයි. ඔහු එය සිදුකරන්නේ ධර්මරාජ් මගින්ය. දැනුමෙහි, සිතිවිලි වලින් දිරිගැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. සියලුම මනුෂ්‍යයන් දෙවියන්ට පවසන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! සියලුම ජීවාත්ම ඔවුන්ගේ ඉන්ද්‍රියන් මඟින් කන්නලව් කරයි. පියා, දැනුමේ මහා සාගරයයි. ඔහුට විශාල විවිධාකාර තොග තිබේ. එවන් තොග වෙනත් කිසිවෙකුට තිබිය නොහැක. ක්‍රිෂ්ණාගේ වර්ණනාව සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔවුන් (ලක‍්ෂ්මි සහ නාරායන) එසේ වූයේ කෙසේද? පියාගේ ඉගැන්වීම් තුළින්. ඔබව එය බවට පත් කරවන්නේ පරමාත්ම පියාය. පියා පැමිණ ඔබට ක්‍රියා, පාපකාරී ක්‍රියා සහ උදාසීන ක්‍රියාවන්ගේ න්‍යාය පිළිබඳව විස්තර කර දෙයි. ඔබගේ තෙවැනි ඇස් දැන් විවෘත වී තිබේ. එය වසර 5000ක කාරණාවක් බව ඔබ දන්නවා. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ඔබ තම චරිත කොටස් රඟපෑ යුතුයි. මෙය ස්ව දර්ශන චක්‍රයයි. ඔබගේ නාමය වන්නේ ස්ව-දර්ශන චක්‍රධාරීන්, ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන්, බ්‍රහ්මණ වංශයේ සැරසිල්ලයි. ඔබගෙන් සිය දහස් ගණනක් ස්ව දර්ශන චක්‍ර ධාරීන් වෙයි. ඔබ බොහෝ සේ දැනුම ඉගෙන ගනිමින් සිටිනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම කාල බොහෝ සංවේදීය, එබැවින් ඔබ කිසිම වැරදි ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. ක්‍රියා, පාපකාරී ක්‍රියා සහ උදාසීන ක්‍රියාවන්ගේ න්‍යාය ඔබගේ අවධානයේ තබාගෙන, නිරන්තරයෙන් උසස් ක්‍රියා සිදුකරන්න.

2. යෝගාව තුළින් සෑම කලටම ඔබගේ ශරීරය රෝග වලින් නිදහස්ව තබාගන්න. බොහෝ ආදරණීය පියාව සිහිපත් කරන්න. පියාගෙන් ඔබට ලැබෙන අවිනාශී දැනුමේ මිණි මුතු දන් දෙන්න.

වරදානය:
ඔබ ඔබගේ ස්ව-අභිමානයේ ස්ථාවරව රැඳී සිටිමෙන් ශරීර අවධානයෙන් මිදි, මුළු ලෝකයේම ගෞරවය ලබා ගනිත්වා.

මෙම ඉගෙනුමේ ප්‍රධාන අරමුණ වන්නේ ශරීර අවධානයෙන් වෙන්වී ජීව අවධානයට පත් වීමයි, එමෙන්ම නොබැඳී සිට ශරීර අවධානයෙන් මිදීමට ඇති ක්‍රමවේදය වන්නේ ඔබගේ ස්ව-අභිමානයේ නිරන්තරයෙන් ස්ථාවරව සිටීමයි. සංගම යුගයේ සහ අනාගතයේ ඇති බොහෝ විවිධ අන්දමේ ස්ව-අභිමන්වල ස්ථාවරව රැඳී සිටීමෙන් ඔබගේ ශරීර අවධානය නොකඩවා අවසන් වෙයි. තම ස්ව-අභිමානයේ නිරතුරුව ස්ථාවරව රැඳී සිටින අයට ඉබේටම සියලු දෙනාගේ ගෞරවය හිමි වෙයි. ඔවුන්ගේ ස්ව-අභිමානයේ නිරන්තරයෙන් ස්ථාවරව රැඳී සිටින අය ලෝක අධිරාජවරුන් වන අතර ඔවුන්ට මුළු ලෝකයේම ගෞරවය හිමිවෙයි.

පාඨය:
කාලයට අනුව තමන්ව හැඩ ගසා ගැනීමට හැකි වීම, සැබෑ රත්රං බවට පත් වීමය.