05.06.22    Avyakt Bapdada      Sinhala Murli     17.03.91    Om Shanti    Madhuban


තෘප්තියේ මැණිකක් ලෙස ශ්‍රේෂ්ඨ ආසනයේ අසුන් ගැනීම සඳහා තෘප්තිමත් සහ සැහැල්ලු ජීවාත්මයක් වන්න.


අද දින බාප්දාදා සෑම තැනකින් පැමිණි ඔහුගේ තෘප්තිමත් මැණික් දකිනවා. සංගම යුගය, තෘප්තිමත්ව රැඳී සිට අන් අයව තෘප්තිමත් කිරීමේ යුගයයි. බ්‍රහ්මිණ් දිවියේ විශේෂතාවය වන්නේ තෘප්තිමත් බවයි. ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ තෘප්තියයි. බ්‍රහ්මිණ් දිවියේ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය වන්නේ තෘප්තිමත් බවයි. මෙම පෞරුෂත්වයෙන් ඔබ පහසුවෙන්ම විශේෂ ජීවාත්මයක් වෙයි. තෘප්තියේ පෞරුෂත්වය නොමැති නම් ඔබ විශේෂ ජීවාත්මයක් ලෙස හැඳින්විය නොහැක. මෙකල ආකාර දෙකක පෞරුෂත්ව ප්‍රශංසා කෙරෙනවා. එකක් භෞතික ශරීරයක පෞරුෂත්වය වන අතර අනෙක තත්ත්වයක පෞරුෂත්වයයි. බ්‍රහ්මිණ් දිවිය තුළ තම බ්‍රහ්මිණ් දිවියේ තෘප්තියේ ශ්‍රේෂ්ඨත්වය ඇති බ්‍රහ්මිණ් ජීවාත්මයකගේ මුහුණේ සහ භාව ප්‍රකාශනයේ, තෘප්තියේ පෞරුෂත්වය දිස්වන අතර ශ්‍රේෂ්ඨ ස්ථීතියේ තත්ත්වයේ පෞරුෂත්වය දිස්වෙයි. තෘප්තියේ පදනම වන්නේ පරම පියාගෙන් හිමි කරගෙන ඇති සියලු ලැබීම් වලින් පිරිපුන්ව සිටීමයි, එනම්, ජීවාත්මය තෘප්තිමත්ය. අතෘප්තියට හේතු වන්නේ ලැබීම් වල අඩුවක් වන අතර තෘප්තියට හේතුව සියලු ලැබීම් තිබීමයි. මේ නිසයි ඔබ බ්‍රහ්මිණ් උපත ගත් සැනින් බාප්දාදා සියලුම බ්‍රහ්මිණ් දරුවන්ට සම්පූර්ණ උරුමය ලබා දුන්නේ. එසේ නැත්නම් බාබා ඇතැමුන්ට අඩුවෙන් සහ ඇතැමුන්ට වැඩියෙන් දුන්නද? බාප්දාදා සෑම විටම සියලුම දරුවන්ට පවසන්නේ පරම පියාව සහ උරුමය සිහි කරගන්න. උරුමය වන්නේ සියලු ලැබීම්ය. සියලු බල මෙහි ඇතුලත්ය. සියලු ගුණදම් ඇතුලත් වන අතර ඥානයද ඇතුලත්ය සියලු බල, සියලු ගුණධර්ම සහ සම්පූර්ණ ඥානය. එය නිකම්ම ඥානය නොවෙයි නමුත් සම්පූර්ණ ඥානයයි. එය නිකම් බල සහ ගුණදම් නොවෙයි, නමුත් සියලු බල සහ සියලු ගුණදම්ය. උරුමය සියලු දෙයින් පිරිපුන්ය, එනම් එය සම්පූර්ණයි කිසිම අඩුවක් නැත. සෑම බ්‍රහ්මිණ් දරුවෙකුටම භාගයක් නොව, සම්පූර්ණ උරුමය ලැබෙයි. සියලු ගුණධර්ම වලින් ඔබට ලැබෙන්නේ ගුණදම් දෙකක් වන අතර තව කෙනෙකුට තව ගුණදම් දෙකක් ලැබෙනවා නොවෙයි. සම්පූර්ණ උරුමය යනු එය පරිසමාප්තයි, අංග සම්පූර්ණයි. සෑම කෙනෙකුටම සම්පූර්ණ උරුමය ලැබෙන නිසා සියලු ලැබීම් ඇති තැන තෘප්තිය තිබෙයි. බාප්දාදා සියලුම බ්‍රහ්මිණ්වරුන්ගේ තෘප්තියේ පෞරුෂත්වය දෙස බලමින් සිටි අතර එක් එක් කෙනා කෙතරම් ප්‍රමාණයකට මෙම පෞරුෂත්වය වර්ධනය කරගෙන තිබෙනවාද කියා බැලුවා. බ්‍රහ්මිණ් දිවියේ අතෘප්තියේ නමක් හෝ සලකුණක් නොමැත. මෙය හැඳින්වෙන්නේ මෙම පෞරුෂත්වය තුළින් බ්‍රහ්මිණ් දිවියේ ප්‍රීතිය අත්විඳීම ලෙසයි. බ්‍රහ්මිණ් දිවියේ ප්‍රීතිය තිබෙන්නේ මෙම පෞරුෂත්වයේය. මෙය ප්‍රීතිමත් ජීවිතයක් සහ විනෝදජනක දිවියකි.

තපස්යාවේ අරුත යනු, ඔබගේ ඇස්වල, ඔබගේ මුහුණේ, ඔබගේ භාව ප්‍රකාශනයේ සහ ක්‍රියාකාරකම් වල තෘප්තියේ පෞරුෂත්වය දිස්වීමය. බාබා එවන් තෘප්තියේ මැණික් වල මාලාව නිර්මාණය කරමින් සිටියා. මාලාවෙන් කෙතරම් ප්‍රමාණයක් නිර්මාණය කර ඇද්ද? තෘප්තිමත් මැණිකක් යනු පලුදු නොමැති මැණිකකි. තෘප්තියේ ලක‍ෂණය වන්නේ, තෘප්තිමත් ජීවාත්මයක් තමන් සමග සෑහීමට පත්ව සිටීම අත්විඳින අතර අන් අය එම ජීවාත්මය සමග සෑහිමට පත්ව සිටියි. තෘප්තිමත්ව සිටීමේ ස්ථීතිය තුළ හදවත ප්‍රශ්න අසන්නේ නැත. එකක් තෘප්තිමත් හදවතක් (ප්‍රසන්න) වන අතර අනෙක ප්‍රශ්න අසන හදවතක්ය. ප්‍රශ්න යනු ප්‍රශ්න ඇසීමය. තෘප්තිමත් හදවතක් ඇති කෙනෙක් නාටකය ගැන දැනුමින් පිරිපුන්ව සිටින නිසා තෘප්තිමත්ව රැඳී සිටින අතර ප්‍රශ්න නොඅසයි. තමන් පිළිබඳව හෝ අන් අය ගැන තමා තුළ කුමන ප්‍රශ්නයක් පැන නැඟුනත් පළමුවෙන් තමන්ට එයට පිළිතුරක් ලැබෙයි. ඔබට පෙරද පවසන ලද්දේ මොකක්ද? හෝ ඇයි? යන ප්‍රශ්න නොඅසා, නැවතීමේ තිතක් තබන ලෙසයි. මොකක්ද? හෝ ඇයි? නොවෙයි, නමුත් නැවතීමේ ලකුණක් එනම්, තිතක්. එක තත්පරයකදි ව්‍යාප්තියට යන්න එක තත්පරයකදි සාරයට යන්න. එතරම් ප්‍රමාණයකින් තෘප්තිමත්ව සිටින කෙනෙක් නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සිටියි. එබැවින් පරීක‍ෂා කරන්න තෘප්තියේ මැණිකක් වන මා තුළ, මෙම ලක‍ෂණ තිබෙනවාද? බාප්දාදා සෑම කෙනෙකුටම තෘප්තියේ මැණික යන නම්බු නාමය ලබා දී ඇත. එබැවින් බාප්දාදා විමසන්නේ අහෝ තෘප්තියේ මැණික්, ඔබ තෘප්තිමත්ද? ඔබ සෑම විටම තමන් සමග තෘප්තිමත්ද, එනම්, ඔබගේ උත්සාහයන් සමග, සංස්කාර පරිවර්ථනය කිරීමේ උත්සාහ සමග, ඔබගේ උත්සාහ වල ප්‍රතිශතය සහ ඔබගේ මනෝ ස්ථීතිය සමග? හොඳයි, දෙවන ප්‍රශ්නය ඔබ සෑම විටම තම මනස, වචන සහ ක්‍රියා සමග, එනම්, නෑ සබඳතා තුළින් සිදුවන සේවය ගැන තෘප්තිමත්ද? එක මාදිලියක සේවය ගැන පමණක් නොව, තුනෙන්ම, ඔබ කරන සෑම ආකාරයකම සේවය ගැන ඔබ සෑම විටම තෘප්තිමත්ද? ඔබ කෙතරම් ප්‍රමාණයකට තෘප්තිමත්ද කියා ඔබ පරීක‍ෂා කර බලනවාද? හොඳයි තුන්වන ප්‍රශ්නය සියලුම ජීවාත්ම සමග නෑ සබඳතාවයක් ඇති කර ගැනීමේදි ඔබ තමන් සමග සහ අන් අය සමග සෑම විටම තෘප්තිමත්ද? මන්ද, තපස්යාවේ වර්ෂය තුළ ඔබ ලබා ගත යුතු තපස්යාවේ සාර්ථකත්වයේ ඵලය මෙයයි. තමන් සමග, සේවය ගැන සහ අන් අය ගැන - සෑම දෙයක් ගැනම තෘප්තිමත් බව තිබිය යුතුයි. ඔබ පැය සතරක් යෝගාවේ යෙදී සිටියා එයත් හොඳයි. යෝගාව තුළින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න. ක්‍රමවේදය, යෝගාවයි, නමුත් මෙම ක්‍රමවේදය තුළින් ඔබ අත්කරගත් සාර්ථකත්වය කුමක්ද? ඔබගේ යෝගාව සම්බන්ධ කිරීම, ක්‍රමවේදයයි, එමෙන්ම යෝගාවේ සිටීම තුළින් අත්කර ගන්නා ලැබීම්, සාර්ථකත්වයයි. පැය අටක් යෝගාවේ සිටීමේ අරමුණ ඔබ ඇති කරගත් සේම, මෙම තුන් ආකාරයේ තෘප්තිමත්භාවයේ ප්‍රතිඵලය අත්කර ගැනීමට පැහැදිලි සහ ශ්‍රේෂ්ඨ අරමුණක් ඇති කර ගන්න. තමන්ගේම දක‍ෂතාවය නිසා තමන් තෘප්තිමත් බව සමහර දරුවන් සලකයි. ඒ අන්දමින් තෘප්තිමත් නොවන්න. එකක් ඔබගේ හදවත පිළිගන්නා විට වන අතර අනෙක ඔබගේ හිස පිළිගන්නා විටයි. ඔබගේ හිස මෙසේ සිතන විට ඔබ තෘප්තියට පත් වෙයි අපට තිබෙන්නේ කුමන කණස්සලුද? අපි සැහැල්ලුයි. ඔබගේ ඔලුවෙන් තෘප්තිමත් කියා සැලකීම, තෘප්තිය නොවෙයි. ඔබ මෙය නිවැරදිව වටහා ගත යුතුයි. තමන් තුළ තෘප්තියේ ලක‍ෂණ අත්විඳින්න. ඔබගේ හදවත සෑම විටම සෑහීමට පත්ව තිබිය යුතුය එම පෞරුෂත්වය ඇති කර ගන්න. ඔබට එම පෞරුෂත්වය ඇති බව ඔබ සලකන නමුත් ඔබට එම පෞරුෂත්වය ඇති බව අන් අය නොසිතන්නේ නම්, ඉන් අදහස් වන්නේ, ඔබ කරන්නේ තමන්ව සතුටු කිරීම පමණක් බවයි. එබැවින් ඒ ආකාරයේ තෘප්තිය නොතිබිය යුතුයි, නමුත් නිවැරදි අත්දැකීම සමග ඔබ තෘප්තිමත් ජීවාත්මයක් විය යුතුයි. තෘප්තිමත්කම යනු, ඔබගේ හදවත සහ ඔලුව සෑම විටම විවේකිව තිබෙන බවයි ඒවා සැනසීම සහ සතුටේ ස්ථීතියේ තිබෙයි ඒවාට අසහනයක් නොමැති වෙයි ඒවා සතුටින් සහ සැනසීමෙන් තිබෙයි. එවන් තෘප්තිමත් මැණික් සෑම විටම පියාගේ නළලේ මැණික් ලෙස දිදුලයි. තමන්ව පරීක‍ෂා කරන්න. තෘප්තිය, ඔබට පරම පියා සහ අන් සියලු දෙනාගෙන් ආශිර්වාද ලබා ගැනීමට මඟපාදයි. තෘප්තිමත් ජීවාත්මයක් පරම පියා සහ අන් සියලු ජීවාත්මයන්ගේ ආශිර්වාද විමානයේ විටින් විට පියාසර කරන බව අත්විඳියි. මෙම ආශිර්වාද, එවන් ජීවාත්මයන්ට පියාඹන වාහනයයි. තමන් පියාඹන වාහනයක පියාසර කරන බව ඔවුන් නිරතුරුවම අත්විඳියි. එවන් ජීවාත්ම ආශිර්වාද ඉල්ලා සිටින්නේ නැත, නමුත් ආශිර්වාද ඔවුන් වෙතට ඉබේටම පැමිණෙයි. එවන් තෘප්තියේ මැණිකක් වීම යනු, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන තපස්වි කෙනෙක් වීමයි. එය තාවකාලික සාර්ථකත්වයක් නොවෙයි එය සදාකාලික සහ ආධ්‍යාත්මික සාර්ථකත්වයයි. බාබා එවන් තෘප්තිමත් මැණික් දෙස බලමින් සිටියා. ඔබ සෑම කෙනෙක්ම තමන් ගෙන් මෙසේ විමසිය යුතුයි මම කවුද?

තපස්යා වර්ෂය වෙනුවෙන් ඔබට ඉතා හොඳ උනන්දුවක් සහ උද්යෝගයක් තිබේ. ඔය සෑම කෙනෙක්ම තම ධාරිතාවයට අනුව එය සිදු කරන අතර අනාගතය වෙනුවෙන් උදයෝගයද තිබේ. මෙම උද්යෝගය ඉතා හොඳයි. තපස්යාවේ සිටීමෙන් ඔබගේ ජීවිතයේ සහ අන් සියලු දෙනා සමග ඔබගේ නෑ සබඳතාවන් වලදි ඔබ හිමි කරගෙන ඇති ලැබීම් දැන් හෙළිදරව් කරන්න. තම අභ්‍යන්තරයෙන් ඔබ මෙය අත්විඳිනවා, නමුත් ඔබගේ අත්දැකීම් ඔබගේ මනස සහ බුද්ධිය තුළ පමණක් ඔබ තබා නොසිටිය යුතුයි. ඒවා ඔබගේ හැසීරීම සහ මුහුණට පැමිණිය යුතුයි. ඒවා ඔබගේ නෑ සම්බන්ධතා තුළට දමන්න. එවිට ඒවා ප්‍රථමයෙන් ඔබ තුළ හෙළිදරව් වෙයි, පසුව ඒවා ඔබගේ සම්බන්ධතා තුළ හෙළිදරව් වෙයි, ඉන්පසුව ඒවා ලෝක වේදිකාව මත හෙළිදරව් වෙයි. එවිට හෙළිදරව්වේ බෙර හඬ වාදනය වෙයි. ශාස්ත්‍රවල ඇති ඔබගේ සිහිවටන පවසන්නේ, ශංකර් ඔහුගේ තෙවන ඇස විවර කළ බවත් එවිට විනාශය සිදු වූ බවයි. ශංකර් යනු අශාරීරික ස්ථීතියයි, තපස්වි ස්වරූපයයි. මින් අදහස් වන්නේ පාපයන්ගේ සර්පයා ඔබගේ ගෙල වටා මාලයක් බවට පත්කරගෙන නිරන්තරයෙන් උසස් මනෝ ස්ථීතියක් අත්විඳිමින් ශ්‍රේෂ්ඨ ආසනයක අසුන්ගෙන සිටීමයි. තෙවන ඇස යනු අංගසම්පූර්ණත්වයට පත් වීමේ ඇසයි, පරිපූර්ණ වීමේ ඇසයි. ඔය තපස්වීන් ඔබගේ අංග සම්පූර්ණ මනෝ ස්ථීතියේ සිටින විට සහ ලෝක පරිවර්ථනයේ සිතිවිල්ල ඇති කරගත් විට, මෙම සොබා දහම සම්පූර්ණ කැලඹීමේ නර්ථනය නටයි. එය ව්‍යසන නිර්මාණය කිරීමේ නර්ථනය නටනු ඇත. ඔබ නොසැලී සිටින අතර එය කැලඹිලි ඇති කරයි. එසේ වන්නේ ඇයි? මුලු ලෝකයම පිරිසිදු කරන්නේ කවුද? මනුෂ්‍ය ජීවාත්මයන්ට එය කළ හැකිද? එබැවින් මෙම වාතය, මෙම මහ පොළව, සහ සාගර ජලය, සියල්ල පිරිසිදු කරයි. ඔබ මෙම තපස්යාවෙන් එවන් සම්පූර්ණ ස්ථීතියක් නිර්මාණය කළ යුතුයි. ඔබගේ නිරන්තර සහයෝගී පහසුකම් - මනස, බුද්ධිය සහ සංස්කාර - ප්‍රථමයෙන් ඔබගේ නියෝග පිළිගත් විට, සොබා දහම ඔබගේ සිතිවිලි තුළින් එන ඔබගේ නියෝග පිළිගනිවි. ඔබගේ නිරන්තර සහයෝගී ඉන්ද්‍රියන් ඔබගේ නියෝග පිළිනොගන්නේ නම්, සොබාදහම ඔබගේ නියෝග පිළිගන්නේ කෙසේද? සියලු දෙනාටම එකවර එකම සිතිවිල්ල ඇති වන සේ, බොහෝ උසස්, බලවත්, තපස්යා ස්ථීතියක් තිබිය යුතුයි. තත්පරයක සිතිවිල්ල -පරිවර්ථනය - එවිට සොබාදහම පෙනී සිටිය යුතුයි. ලොවෙහි ඔය බ්‍රහ්මිණ් ජීවාත්ම, එකම වෙලාවේ ලෝක-සාමයේ යෝගාව පවත්වනවා සියලු දෙනා තුළම එකම වෙලාවේ එක් සිහි කිරීමේ සිතිවිල්ල තිබේ. මේ අන්දමින් සියලු දෙනාගේ සිතිවිලි මගින් සොබා දහම කැලඹිල්ලේ නර්ථනය අරඹයි. ස්ව-පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනය සිදුවෙයි කියා ඔබ කියන්නේ මේ නිසයි. මෙම පැරණි ලෝකය පරිවර්ථනය වී අලුත් වන්නේ කෙසේද? ඔබ සියලු දෙනාගේ බලවත් සිතිවිල්ල තුළින්. සියලු දෙනාටම එකවර සිතිවිල්ල ඇති වූ විට, පරිවර්ථනය සිදුවෙයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? තපස්යාව ලෙස හැඳින්වෙන්නේ මෙයයි. අච්චා.

ද්විත්ව විදේශික දරුවන් දැකීමෙන් බාප්දාදා සෑම විටම සතුටු වනවා. මින් අදහස් වන්නේ ඔහු භාරත වැසියන් දැකීමෙන් සතුටු නොවනවා නොවෙයි. මේ මොහොතේ එය ද්විත්ව විදේශිකයන්ගේ වාරයයි. පරම පියා සෑම විටම භාරතය සමග සතුටට පත් වනවා, මේ නිසයි ඔහු භාරතයේ පැමිණ, ඔබ සියලු දෙනාව භාරත වැසියන් බවට පත් කළේ. එබැවින් මේ වෙලාවේ ඔබ සියලු දෙනා විදේශිකයන්ද නැත්නම් භාරත වැසියන්ද? භාරත වැසියන් වීමෙන් ඔබ මධුබාන් වැසියන්ද වෙයි. ඔබ මධුබාන් නිවැසියන් වීමට කැමතියි නේද? දැන් විගසින් සේවය නිම කරන්න එවිට ඔබට මධුබාන් නිවැසියන් විය හැක. මුලු ලෝකයටම ඔබ පණිවිඩය ලබා දී අවසන් කර, මෙහි පැමිණි විට, ඔබව මෙහි සිට පිටමං නොකරනු ඇත. ඒ වන විට මෙම ස්ථානයද සූදානම්ව තිබෙයි. බලන්න මෙහි භූමිය ඉතා විශාලයි (සාම උද්‍යානය). කල්තියා එය පිළියෙල කරනු ඇත, එවිට ඔබට කිසිදු අපහසුතාවයක් ඇති නොවෙයි. කෙසේවෙතත්, කාලය පැමිණි විට, ඔබ ඔබගේ ගමන්මලුවල උඩ පවා නිදා ගනීවි ඔබට ඇඳක් නොලැබෙයි. සම්පූර්ණයෙන් වෙනස් කාලයක් තිබෙයි. ඒ කාලය, මෙකලට වඩා වෙනස් වෙයි. දැන් ඔබගේ මනස, වචන සහ ක්‍රියා තුළින් සිදුකරන සේවයෙන් ලබා දෙන පණිවිඩය එකම විය යුතුයි සේවයේ වේගය, වේගවත් වන්නේ එවිටයි. ඔබගේ මනසින් බලවත් වන්න, ඔබගේ වදන් වලින් ඥානයෙන් පිරිපුන් වන්න, එමෙන්ම ඔබගේ නෑ සබඳතා තුළින්, එනම්, ඔබගේ ක්‍රියා තුළින් සෙනෙහසින්-පිරිපුන් වන්න. මේ තුනම එකවර අත්විඳිය යුතුයි මෙය සීඝ්‍ර වේගයකින් සේවය කිරීම ලෙස හැඳින්වෙයි. අච්චා. ඔබ සියලු දෙනාම ඔබගේ සිරුරු සහ මනසින් හොඳින් සිටිනවාද? ඔබ පැමිණෙන්නේ බොහෝ ඈත සිටයි, එබැවින් දුර ඈත සිට පැමිණි සතුටින් සිටින දරුවන්ව දැකීමට බාප්දාදා සතුටු වනවා. කෙසේවෙතත්, ඔබ දුර ඈත සිට මෙහි පැමිණියත්, ඔබ අහස්යානාවෙන් පැමිණෙන නිසා ඔබ හොඳින් සිටිනවා. අච්චා.

මේ චක්‍රයේ ප්‍රථම වතාවට පැමිණි අයට බාප්දාදා විශේෂ සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. කලින් මෙහි පැමිණ, නැවත පැමිණි අය, ඔබගේ අත් ඔසවන්න` කෙසේවෙතත්, ඔබට හොඳ එඩිතරකමක් තිබේ. ඔබගේ ටිකට් පතට මුදල් උපයාගැනීමට ඔබ ආපසු ගොස් නැවත පැමිණෙයි. මෙයත් සිහිකිරීමේ සිටීමට ක්‍රමයකි අප යා යුතුයි, අප යා යුතුයි` ඔබ මෙහි පැමිණි විට, ඔබ ආපසු විදෙස් රට වලට යා යුතු බව ඔබ සිතයි, නමුත් පිටව ගිය සැනින්, ඔබ නැවත මෙහි පැමිණීම ගැන සිතයි. ඔබ මෙහි ළඟා වූ පසු, ආපසු යාම ගැන සිතයි. මෙම බ්‍රහ්මිණ් ජීවාත්ම, අබූහි සුන්දරත්වය බව, එම රජය සිතන කාලයක් පැමිණෙයි. අච්චා.

සතර දිසාවේම සිටින සියලුම ශ්‍රේෂ්ඨ තෘප්තිමත් ජීවාත්මයන්ට, නිරතුරුවම තෘප්තිමත් හදවත් ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සැහැල්ලුවෙන් රැඳී සිටින අයට, සේවාධාරීන් වන ජීවයන්ට සහ එකවර තුන් ආකාරයේම සේවය සීඝ්‍ර වේගයකින් සිදුකරන අයට, ශ්‍රේෂ්ඨ ස්ථීතියක ආසනයේ අසුන්ගෙන සිටින එම තපස්වි ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

අව්‍යක්ත බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්

ඔය සියලු දෙනාම තමන් පූජනීය හංසයන් බව සලකනවාද? පූජනීය හංසයෙකුගේ විශේෂ කාර්යය කුමක්ද? (සියලු දෙනා තම තමන්ගේ අදහස් ලබා දුන්නා). ඔබ පැවසූ සියලු විශේෂතා ඔබගේ ප්‍රායෝගික ක්‍රියා තුළ තිබෙනවාද? ඔය බ්‍රහ්මිණ්වරු හැරෙන්නට පූජනීය හංසයන් විය හැක්කේ වෙන කාටද? පරම පියා සෑම විටම සදා පිවිතුරු වන අතර ඔහු සෑම විටම සියලු බල ක්‍රියාවට නංවන සේම, ඔය පූජනීය හංසයන් සෑම විටම සියලු බල ප්‍රායෝගික ස්වරූපයකට දමන අතර ඔබ නිරන්තරයෙන් පිවිතුරුව රැඳී සිටින බව ආධ්‍යාත්මික කුල්මත් බවින් පවසන්න. ඔබ එය වී සිටි අතර ඔබ සෑම විටම ඒ ආකාරයෙන් රැඳී සිටිවි. ඔබට තුන් කාලය මතකයි නේද? මින් පෙර බොහෝ වාර ගණනක් රඟ දක්වා ඇති, දරුවන්ගේ චරිත කොටස් දැකීමට බාප්දාදා සතුටු වනවා. එය අපහසු බව ඔබට නොදැනෙන්නේ මේ නිසයි, එහෙම නේද? මාස්ටර් සර්ව බලධාරීන් වන අයගේ සිහින වලට වත් අපහසුයි යන වචනය ඇතුලු විය නොහැක. බ්‍රහ්මිණ්වරුන්ගේ ශබ්දකෝශයේ අපහසුයි යන වචනය තිබෙනවාද? එය කුඩා අකුරු වලින් කොහේ හෝ තැනක මුද්‍රණය වී නැහැ නේද? ඔබ මායා පිළිබඳවත් දැනුමින්-පිරිපුන් නේද? ඔබ පිරිපුන් වන විට ඔබට අසමත් විය නොහැක. අසමත් වීමට හේතුව කුමක්ද? ඔබ කල් තියා එය දැන සිටින බැවින් ඔබ අසමත් වන්නේ ඇයි? කෙනෙක් කල් තියා දැනගෙනත් ඉන්පසුව අසමත් වන්නේ නම් ඒ කෙනාව ඔබ හඳුන්වන්නේ කෙසේද? යමක් සිදු වන විට, ඔබ අසමත් වීමට හේතුව වන්නේ ඔබට එක හෝ තව දෙයක් ගැන හැඟීම් ඇති වීමය. ඔබට හැඟීම්වල උණ ගැනෙයි. උණ සිදු කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? එය ඔබව දුර්වල කරවයි. ඔබට උණ වැළඳුණු විට, යමක් සුලු දෙයක් විය හැක, නමුත් ඔබ එය විශාල කරයි. එබැවින් පිරිපුන් වන්න` ඔබ අසමත් නොවිය යුතුයි ඔබ සමත් විය යුතුයි. කුමන සිදුවීමක් පැන නැඟුනත්, නොකඩවා එය තුළින් ගමන් කරන්න, එවිට ඔබ සම්මාන ඇතිව සමත් වෙයි. ඉතිං ඔබ සමත් විය (අභිබවා යා) යුතුයි. ඔබ සමත් (පාස්) විය යුතු අතර ඔබ පාස්ව (සමීපව) සිටිය යුතුයි. බාප්දාදා කෙරෙහි ඔබ තරම් සෙනෙහසක් වෙන කිසිවෙකුට නොමැති බව, ඔබ කුල්මත් බවින් පවසන බැවින්, ඔබ තුළ සෙනෙහස ඇති නිසා, ඔබට අවශ්‍ය, ළඟින් සිටීමටද ඈතින් සිටීමටද? එබැවින් ඔබ ළඟින් හිඳිමින් සමත් විය යුතුයි. බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අය, ඔබ බාප්දාදාගේ සියලු බලාපොරොත්තු ඉටු කරනවා නේද? පියාගේ අංක එකේ පිවිතුරු ආශාව කුමක්ද? බාප්දාදා විශේෂයෙන් විමසන්නේ බ්‍රිතාන්‍යයෙන් පැමිණි අයගෙන්. පරම පියාව හෙළිදරව් කිරීමට උපකරණ විය හැකි ලොකු මයික් ඔබ ගෙන ආ යුතු අතර ඔවුන් පියා සමීපයට පැමිණිය යුතුයි. දැන් බ්‍රිතාන්‍යයෙන්, අමරිකාවෙන් සහ වෙනත් රටවලින් අනිවාර්යෙන් මයික් මතුවිය යුතු අතර එක කොටසක් සහයෝගී වන අය වන අතර අනෙක් අය සමීප මෙන්ම සහයෝගි අයයි. ඉතිං එවන් මයික් සූදානම් කරන්න. සාමාන්‍යයෙන් සේවයේ හොඳ වර්ධනයක් තිබෙන අතර එය අඛණ්ඩව වර්ධනය වෙයි. රුසියාවේ දරුවන් තරුණයි, නමුත් ඔවුන් වාසනාවන්තයි. පියා කෙරෙහි ඔබ තුළ කෙතරම් සෙනෙහස තිබෙනවාද? එය හොඳයි. දරුවන්ගේ එඩිතරකම ගැන බාප්දාදා සතුටු වනවා. වෙහෙස වන්නේ කෙසේද කියා ඔබට දැන් අමතක වී තිබේ. අච්චා.

වරදානය:
ඔබගේ සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවකින්ම පුණ්‍ය ක්‍රියා කිරීමෙන්, ආශිර්වාද ලැබීමට ඔබට අයිතියක් තිබේවා.

තමන් තුළ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න - දවස පුරාම ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් ඔබ පුණ්‍යාත්මයක් වී නොකඩවා පුණ්‍යකර්ම සිදු කරන බව. පුණ්‍යකර්ම කිරීමේ ක‍ෂණික ඵලය වන්නේ සෑම ජීවාත්මයකගෙන්ම ආශිර්වාද ලැබීමයි. එබැවින් ඔබගේ සෑම සිතිවිල්ලකින් සහ වචනයකින්ම ආශිර්වාද රැස් කරගන්න. ඔබ සමග නෑ සබඳතා පවත්වන අයගේ හදවත් වලින් සහයෝගයේ තුති පිදුම් ඉස්මතු විය යුතුයි. තිළිණයක් ලැබෙන්නේ එවන් ජීවාත්මයන්ට පමණයි.

පාඨය:
නිරන්තරයෙන් ඒකායන පියාගේ ඇසුරේ හිඳිමින් පියාව ඔබගේ සහකරු කරගන්න. ශ්‍රේෂ්ඨත්වය මෙයයි.