05.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තව ඉතාමත් කෙටි කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. එමනිසා, ආධ්‍යාත්මික ව්‍යාපාරයෙහි නිරත වන්න. හොඳම ව්‍යාපාරය වන්නේ පියා සිහි කිරීමත් ඔබගේ උරුමය සිහිපත් කිරීමත්ය. අනෙක් සියල්ලම ව්‍යාජ ව්‍යාපාර පමණයි.

ප්‍රශ්නය:
දරුවන් සැලකිල්ල දැක්විය යුත්තේ කුමක් ගැනද?

පිළිතුර:
අපිරිසිඳුව සිටිනා ජීවාත්ම නිවැරදි කරන්නේ කෙසේද? සෑම කෙනෙක්වම දුකින් මුදවා උපත් 21ක් පුරා වූ සතුට වෙත වූ මාර්ගය පෙන්වා දීසෑම කෙනෙකුටම පරම පියාගේ නියම හැඳින්වීම ලබා දීම කෙරෙහියි. මේ සෑම දෙයක්ම ගැන දරුවන් අවධානයෙන් සිටිය යුතුයි.

ගීතය:
ඒ අවිහිංසකත්වයේ ස්වාමියා තරම් අසහාය වූ වෙනත් කෙනෙක් නොමැත...

ඕම් ශාන්ති.
ඒ අවිහිංසකත්වයේ ස්වාමියා දරුවන් වන ඔබට ඕම් ශාන්ති යන්නෙහි අර්ථය වටහා දෙනවා. ඔහුම ඕම් ශාන්ති කියා කියනවා. ඒ වගේම දරුවන් වන ඔබත් ඕම් ශාන්ති කියා කියනවා. මෙය ඔබගේම හැඳින්වීම ලබා දීමකි. එනම්, මා වන ජීවාත්මය සාමයේ ප්‍රතිමූර්තියකි. සාම දේශයේ වැසියෙක්මි. අපගේ පියාද එම ස්ථානයේ වැසියෙකි. භක්ති මාර්ගයේදීත් ඔවුන් බාබා, බාබා කියා කියනවා. මිනිස්සු මෙය ගායනා කළා වුවත්, ඔවුන් අනුගමනය කරන්නේ රාවණ්ගේ උපදෙස් වේ. රාවණ්ගේ වැරදි උපදෙස් මිනිසුන්ව නරක් කරනවා. පරම පියා පැමිණ ඒ අපිරිසිඳු වී තිබෙනා සියලු දේ නැවතත් නිවැරදි කරනවා. මෙහි ඉන්නේ එකම රාමා කෙනෙකි. එකම, රාවණ් කෙනෙකි. පාප පහම එකට ගත් කල ඒ රාවණ්ය. රාවණ් විසින් තමාගේම රාජ්‍යය ස්ථාපනය කරනවා. එනම්, දුකින් පිරි පැල්පත මත අසුන් ගැනීමයි. ඔහු සැවොම නරක් කර දමනා අතර මොහු සෑම කෙනෙක්වම නිවැරදි කරනවා. රාවණ් මනුෂ්‍යයෙක් නොවේ. කොහොමනමුත්, ඔහුව පෙන්නුම් කර තිබෙන්නේ පුරුෂයාගේ පාප පහත් ස්ත්‍රියගේ පාප පහත් සමඟයි. රාවණ්ගේ රාජ්‍යයේ, දෙගොල්ලන් තුළම පාප තිබෙනවා. ඔබ තුළත් පාප පහ තිබුණු බව ඔබ දන්නවා. අප දැන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පාපයෙන් තොර තත්ත්වයට පත් වෙනවා. අප දැන් ඒ අපිරිසිඳුභාවය පාරිශුද්ධත්වයට පත් කරනවා, නිරවද්‍ය කරනවා. පරම පියා සැමගේම සියලු දේ නිවැරදි කර දෙන්නා සේ, දරුවනුත් නරක් වූ දේ නැවතත් නිවැරදි කරගන්නේ කෙසේද යන්න ගැන උද්‍යෝගිමත් විය යුතු වෙනවා. සෑම මනුෂ්‍යයෙක්ම දිගින් දිගටම එකිනෙකාව නරක් කරනවා. නරක අතට හැරී තිබෙනා සෑම දෙයක්ම නිවැරදි කරන්නේ ඒ එකම එක පියා පමණයි. ඔබ මෙසේ නිරවද්‍යභාවයට පත්ව තිබෙන්නා සේම, අසතුටට පත්ව ඇති ජීවාත්මයන්ට උදව් කිරීම පිළිබඳවත් ඔබ සලකා බැලිය යුතු වෙනවා. පරම පියා සතුව ඇති එම සැලකිලිමත්භාවය ඉටු කරලිය හැක්කේ වටිනා වූ දරුවන් වන ඔබට පමණයි. ඒ නරක් වී තිබෙනා අය නිවැරදි කරන්නේ කෙසේද යන්න ගැන දරුවන් සැලකිලිමත් විය යුතුයි. ඔබ ඔබගේ නෑ හිතමිතුරන් හටත් මෙය විස්තර කර දිය යුතුයි. ඒ වගේම ඔවුන්ට මෙම මාර්ගය පෙන්වා දෙන්න. අසතුටින් සිටිනා ජීවාත්ම උපත් 21ක් සඳහාම සතුටට පත් කරන්න. මන්ද, ඔවුන් ඔබගේ සහෝදර සහෝදරියන් වන නිසයි. ඔවුන් දැඩි අසතුටින් හා සාමයෙන් තොර තත්ත්වයට පත්ව සිටිනවා. අප පරම පියාගෙන් අපගේ උරුමය හිමිකර ගන්නවා. එමනිසා, අන් අයටත් ගිහින් මෙය විස්තර කර දෙන ආකාරය ගැන සිතන්න. සෑම නිවසකටමත් සෑම පූජනීය ස්ථානයකටමත් යන්න. පරම පියා ඔබට උපදෙස් දෙනවා : පූජනීය ස්ථාන වල ඔබට විශාල සේවයක් කරන්න පුළුවන්. එහි භක්තිවන්තයින් බොහොමයක් ඉන්නවා. බොහෝ මිනිසුන් අන්ධ විශ්වාසයෙන් යුතුව ශිව කෝවිල වෙත යනවා. ඔවුන් තමා තුළ කුමන හෝ ආශාවක් තබාගෙන එය ඉටු කර ගැනීම සඳහා යනවා. ශිවා, තම පරම පියා බව ඔවුන් වටහා ගන්නේ නැහැ. ඔහුව බොහෝ සෙයින් ප්‍රශංසාවට ලක් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහු නැවත යාමට පෙර යමක් අප වෙනුවෙන් කර තිබෙනවා. ඔවුන් ශිව කෝවිල වෙත යන්නේ ඇයි? ඔවුන් අමරනාත් වෙත වන්දනා ගමන් යන්නේ ඇයි? බ්‍රහමින් පූජකවරුන් හා සන්‍යාසීන් බොහෝ වන්දනා කරුවන්ව එහි ගෙන යනවා. භක්ති මාර්ගයේ ව්‍යාපාරය මෙයයි: එමඟින් ඔවුන් නිරවද්‍ය වන්නේ නැහැ. පරම පියා, අවිහිංසකත්වයේ ස්වාමියා විසින් පමණක් නරක අතට හැරී තිබෙනා සෑම දෙයක්ම නිරවද්‍ය කරනවා. නිර්මාණකරුවා, ලෝක පාලකයා වන්නෙ ඔහුයි නමුත් ඔහු තමා විසින්ම එම තත්ත්වයට පත්වන්නේ නැහැ. ඔහු දරුවන් වන ඔබව පාලකයන් බවට පත් කරවනවා. කොහොමනමුත්, උසස්ම වූ තැනැත්තා ඔහුයි, ඒ වගේම ඔබ ඔහුගෙන් උරුමයක් හිමිකර ගන්නවා. ඔබගේ සහෝදර සහෝදරියන්ටත් මෙම මාර්ගය පෙන්වා දෙන්නේ කෙසේද යන්න ගැන ඔබගේ හදවත තුළට ඇතුලු විය යුතුයි. යමෙක් අසතුටින් හෝ අසනීපයෙන් සිටිනා විට ඔබට අනුකම්පාවක් දැනෙනවා. පරම පියා කියනවා : මා දැන් ඔබව ඉතාමත් සතුටට පත් කරවන අතර කල්ප බාගයක් පුරා ඔබට කිසිමාකාරයක අසනීපයක් නොවැළඳෙනු ඇත. දරුවන් අන් අයටත් ඒ සතුටේ දේශය වෙත වූ මාර්ගය පෙන්වා දිය යුතුයි. සේවයෙහි යෙදීම කෙරෙහි සැලකිල්ල දක්වන්නන්ට එක තැනක ඉඳගෙන ඉන්නට බැහැ. ඔවුන්ට තමා තවත් කාට හෝ මේ සතුටේ දේශය වෙත වූ මාර්ගය පෙන්වා දිය යුතුයි යන හැඟීම ඇති වෙනවා. බාබා ඔබට බොහෝ අභියෝග කරනවා. ඒ අවිනාශී වූ ඥාන මිණිමුතු සම්පූර්ණයෙන්ම ධාරණය කරගෙන තිබෙනවා නම්, ඔබට තවත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් විය හැකියි. මෙම රාජ්‍යය ස්ථාපනය කිරීමෙහි ලා ඔබට මුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඒ මිනිස්සු රාවණ්ගේ බොරු උපදෙස් පිළිපැදීමෙන් දිගින් දිගටම සටන් කරමින් ඉන්නවා. අප නැවතත් රාවණ්ගෙන් අපගේ රාජ්‍යය උදුරා ගන්නවා. රාමාගේ රාජ්‍යය හිමිකර ගත හැක්කේ රාමාගෙන්ම පමණයි. රාමාගේ රාජ්‍යය ඇරඹෙන්නේ සත් යුගයෙනි. රාමාගේ රාජ්‍යය කොහොමද මේ කලි යුගයේ ස්ථාපිත වන්නේ? මෙය රාවණ්ගේ රාජ්‍යය වන අතර, මෙහි සිටිනා සෑම කෙනෙක්ම ඉන්නේ දුකින්. සෑම කෙනෙක්ටම මෙය විස්තර කර දෙන්න ඔබට පුළුවන්. පළමුවෙන්ම දිළිඳු අයටත් ව්‍යාපාරිකයන්ටත් මෙය විස්තර කර දෙන්න. වැදගත් මිනිසුන් කියන්නේ තමා බොහෝ කාර්ය බහුල බවත් කාල වෙලාව නොමැති බවත්ය. ඔවුන්, තමා විසින් භාරතය දිව්‍යලෝකයක් බවට පත් කෙරෙනවා කියා විශ්වාස කරමින්, දිගින් දිගටම නොයෙකුත් සැළසුම් නිර්මාණය කරනවා. කොහොමනමුත්, ශිව බාබා හැර වෙන කිසිම කෙනෙකුට දිව්‍යලෝකය නිර්මාණය කළ නොහැකි බව ඔබ දන්නවා. දැන් ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. රාමාගේ රාජ්‍යය ස්ථාපනය කිරීමෙහිදී ඔබ නොසැලකිලිමත් බවට පත් නොවිය යුතුයි. කෙනෙක් දුකින් මුදවා ගන්නේ කෙසේද යන්න ගැන දිවා රෑ ඔබ සිතිය යුතුයි. තම සහෝදර සහෝදරියන්ට මෙම මාර්ගය පෙන්වා දෙන්නේ කෙසේද යන්න ගැන දරුවන්ගේ හදවත් තුළට ඇතුළු විය යුතුයි. දැන් සෑම කෙනෙක්ම අනුගමනය කරන්නේ රාවණ්ගේ ව්‍යාජ උපදෙස්. පියා වූ කලී පියායි. ඒ වගේම ඔහු පැමිණ දරුවන් වන ඔබට ඔබගේ උරුමය ලබා දෙනවා. මිනිස්සු අධිකරණයට ගොස් මෙසේ කියනවා: දෙවියන් සෑම තැනකම සිටිනවා යන සැලකිල්ලෙන් යුතුව මා සත්‍යය පවසන්නම්. කොහොමනමුත්, ඔහු සෑම තැනකම සිටිනවා නම්, ඔවුන් යාඥා කරන්නේ කාටද? ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. පරම පියා නැවත නැවතත් ඔබට විස්තර කර දෙනවා : ඔබගේ නෑ හිතමිතුරාදීන් අවදි කරන්න. දරුවන් ඉතාමත් මිහිරි විය යුතුයි. සූක්‍ෂම ලෙසකින් හෝ කෝපයක් ඇති කර ගන්න එපා. කොහොමනමුත්, සෑම දරුවෙක්ටම මෙම තත්ත්වයට පත් විය නොහැකියි. මායා බොහෝ දරුවන්ගේ නාසයෙන්ම අල්ලා ගන්නවා. ඔබ කොතරම් විස්තර කර දුන්නත්, ඔවුන් සවන් දෙන්නේ නැහැ. පියාත් විස්තර කරනවා : සෑම කෙනෙක්ම ඉතාමත් හොඳින් සේවයෙහි නිරත වීමට යම් කාලයක් ගතවෙයි. ඒ වගේම බාබා ළඟට ගොස් මෙසේ පැවසීමටත් යමෙක් තුළ ආශාව තිබිය යුතුයි: බාබා, මාව සේවය සඳහා යවන්න. මම ගිහින් අන් අයටත් ප්‍රයෝජනයක් වන්නම්. කොහොමනමුත්, ඔවුන් කිසිවක් කියන්නේ නැහැ. දරුවන්ගේ ව්‍යාපාරය වන්නේ නියම ගීතාව අන් අයට පැවසීමයි. වචන දෙකක් තිබෙනවා : ඇල්ෆා සහ බීටා. බාබා ඔබට මෙම ක්‍රමය ඉතාමත් හොඳින් විස්තර කර දී තිබෙනවා. පළවනම දෙය වන්නේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයත් සමඟ ඔබට ඇති සබඳතාවය කුමක්ද? ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරි යන්න පහළින් ලියා තිබෙනවා. බාබා ඔබට අලුත්ම ක්‍රම පෙන්වා දෙන අතර ඉතාමත් පහසු දේවල් කියා දෙනවා. බාබා, එවන් වූ පුවරු සවිකරන තුරු ඉතා ඕනෑකමින් බලා සිටිනවා. බාබා ඔබට උපදෙස් දෙනවා. පරම පියා, අනුකම්පාවෙන් පිරි, ප්‍රමෝදයෙන් පිරි ඒකායන තැනැත්තා ලෙස හඳුන්වනවා. එමනිසා, දරුවන් වන ඔබත් පරම පියා මෙන්ම අනුකම්පාවෙන් පිරී යා යුතුයි. මෙම පින්තූර තුළ විශාල ධනයක් තිබෙනවා. ඔවුන් ළඟ දිව්‍යලෝකයේ පාලකයන් බවට පත් වීමේ කලාව තිබෙනවා. පරම පියා, දිගින් දිගටම ඔබට නොයෙකුත් ක්‍රම පෙන්වා දෙනවා. ඔහු මීට ඉහත කල්පයේදී ඒවා සොයාගත් අතර දැන්ද ඒවා සොයාගැනෙනවා. මෙය ඉතාමත් හොඳ දෙයක් බව මිනිසුන් මත ස්ඵර්ෂ වනවා. අප අනිවාර්යෙන්ම පියාගෙන් අපගේ උරුමය හිමිකර ගන්නවා. ඒ වගේම මෙසේ ද ලියන්න: දිව්‍යලෝකයේ උරුමය ලැබීමට ඔබට අයිතියක් තිබෙනවා. පැමිණ මෙය වටහා ගන්න. මෙය ඉතාමත් පහසු දෙයක්. එවැනි දැන්වීම් පුවරු සාදා වැදගත් ස්ථාන වල එය එල්වා තබන්න. ස්ථාන 10ක 20ක පමණ මෙම දැන්වීම් එල්විය හැකියි. ඔබටත් මෙම දැන්වීම් දෙන්න පුළුවන්. අපගෙන් වෙන්ව ගිය දරුවන් මෙම වචන අසා යම් ස්ඵර්ෂයක් ලබනවා. ඔවුන් කියයි : අඩුම තරමින්, මම ගිහින් ඔවුන් විස්තර කර දෙන්නේ මොනවා ගැනද කියා බලනවා. ඔබ මෙසේද ලිවිය යුතුයි: මෙම තේරවිල්ල වටහා ගැනීමෙන් ඔබට එක් ක්‍ෂණයකින් මුක්තිය හා ජීවන මුක්තිය ලබා ගත හැකි වනවා. පරම පියා කියනවා : ඔබට ඔබගේ ජීවිතය හදා ගැනීමට අවශ්‍ය නම් සේවයෙහි යෙදෙන්න. දැන් නැවුම් බවක් ලැබීමට මෙම සාගරය වෙත එන්න. ඇවිත් සේවයෙහි යෙදෙන්න. භක්ති මාර්ගයේදී, කල්ප බාගයක් පුරා ඔබ නොයෙකුත් තැන් වල රස්තියාදු වූවා. මෙහිදී ඔබ එක් ක්‍ෂණයකින් පියා දැනගෙන ඔබගේ උරුමය හිමිකරගත යුතුයි. මේ සැමගේම විශ්‍රාමික අවධියයි. මරණය දැන් ඔබ ඉදිරියේමයි. හොඳම ව්‍යාපාරය මෙයයි. සැමටම වඩා උසස්ම වූ ව්‍යාපාරය මෙයයි. මිනිසුන් කරනා අනෙක් සෑම ව්‍යාපාරයක්ම ව්‍යාජ වූ දේවල්. පියාවත් උරුමයත් සිහිපත් කිරීමේ ව්‍යාපාරයෙහි හොඳින් යෙදී සිටින්න. පාසල් වලට ගොස් ඒ විදුහල්පතිවරුන්ට විස්තර කර දෙන්න, එවිට එහි ඉගෙන ගන්නා අයටත් මෙය වටහා ගැනීමට හැකි වනු ඇත. ඔබ ඉතාමත් පහසුවෙන් ඔබගේ උරුමය හිමිකර ගන්නවා. හැකි උපරිම අයුරින් පියා සිහිපත් කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතාමත් මිහිරි බවට පත්වන්න. පුංචි හෝ ලෙසකින් කෝපයට පත් වීමේ ස්වභාවයක් ඔබ තුළ තිබේ නම්, එය ඉවත් කර දමන්න. පියා මෙන්ම අනුකම්පා සහගත තත්ත්වයට පත් වී සේවයෙහි කාර්ය බහුල ලෙස නිරතවන්න.

2. මරණය දැන් ඔබ ඉදිරියේමයි. මේ ඔබගේ විශ්‍රාමික අවදියයි. එමනිසා, පියාවත් ඔහුගේ උරුමයත් සිහිපත් කරන්න. භාරතය රාමාගේ රාජ්‍යය බවට පත් කිරීම උදෙසා ඔබ ළඟ ඇති සියලු දේ වටිනා ලෙස භාවිත කරන්න.

වරදානය:
ශරීර අවධානයේ අංශුමාත්‍රයක සලකුණ පවා පරිත්‍යාග කිරීමෙන් අධික ලෙස ශක්තිමත් වන්න.

ලොකුම දුර්වලතාවය ශරිර අවධානය වේ. ශරීර අවධානයේ සුක්ෂම පරපුර ඉතා විශාලයි. ශරීර අවධානය පරිත්‍යාග කිරීම යනු අංශුමාත්‍රයක සලකුණත් එහි පරපුරත් කැප කිරීම වේ. එවන් පරිත්‍යාගයක් කරන්නන් පමණක් අධික ලෙස ශක්තිමත් වෙති. ඔබ ශරීර අවධානයේ අංශුමාත්‍රයක් කොතැනක හෝ සඟවා තැබුවොත්, මෙම අවධානය ස්ව අභිමානයක් සේ සැලකුවොත් එවිට කිසියම් තාවකාලික ජයග්‍රහණයක් දැකිය හැකි වුවත්, එය දීර්ඝකාලීන පරාජයක් වනු ඇත.

පාඨය:
මා එයට ආශා (ඉච්චා) කළේ නැහැ. එහෙත් මා එයට කැමැතියි (අච්චා). මෙයද බැඳීම් සහිත ජීවිතයක් තිබීමේ තත්ත්වයයි.

1956 මාතේෂ්වරියගේ නොමිනිය හැකි අනගි කියුම්.

1. දේවමය ඥානයේ අර්ථය වූ කලී ජීව මරණය ලබා ගැනීමයි.

මේ අවිනාශී ඥානයට දේවමය ඥානය යැයි ද කියයි. මේ ඥානයේ අර්ථයම ජීව මරණයට පත් වීම වන්නේ මිලියන ගණනකින් අතලොස්සකට පමණක් මේ ඥානය ලබා ගැනීමේ ධෛර්යය ලැබෙන නිසයි. ඔබ දන්නවා මේ ඥානය මඟින් ඔබේ ජීවිත වලට සිදු වන දේ: අප අසාගන්නා සෑම දෙයක්ම ප්‍රායෝගිකව අප තුළ තිබිය යුතුය. කිසිම මුණිවරයෙකුට හෝ ශාන්තුවරයෙකුට හෝ මහත්මා කෙනෙකුට මෙම ඥානය දිය නොහැකියි. ඔවුන් කිසිසේත් මන්මනභාව් යනුවෙන් නොකියයි. එම උපත දිය හැක්කේ පරමාත්ම දෙවියන්ටම පමණි: මන්මනභාව් යනු මා සමඟ යෝගා වීම යනුයි. මා සමඟ එකතු වුවහොත්, මම ඔබගේ පාප දුරු කර පාරාදීසයේ ස්වාධිපත්‍ය ඔබට ලබා දෙමි. ඔබ එහි ගොස් පාලකයන් වන නිසා මේ ඥානයට සියලු රජවරුන්ගේ රජ යැයි කියනු ලැබේ. මේ ඥානය ලබා ගැනීම එසේ මෙසේ වැඩක් නොවේ. ඥානය ලැබීම ම යනු එක සැනින්, ජීව මරණයට පත් වීමයි. ආගමික ලේඛණයක දැනීම ලබා ගැනීම ඉතා පහසු එකකි. ඔබ කළ යුතු දේ දැන්ම ම කළ යුතුයි. එවිට තවත් යමක් කීමට ඉතිරි වන්නේ නැත.

2. පරමාත්ම දෙවියන් වූ කලී පරම සත්‍යය, පරම ජීව වස්තුව සහ සුන්දරත්වයේ ප්‍රතිමූර්තිය වේ. (සත්‍යම්, ශිවම්, සුන්දරම්)

පරම් පිතා පරමාත්මාව පරම සත්‍යය ලෙසද, පරම ජීවියා ලෙස සහ සුන්දරත්වයේ ප්‍රතිමූර්තිය ලෙසද හැඳින්වේ. පරමාත්මයට සත්‍යය යැයි කියන්නේ ඇයි? ඔහු අවිනාශි හා අමරණිය නිසාය. ඔහු කිසි විටෙක කිසි දාක කිසි ලෙසකින් ව්‍යාජ නොවේ. ඔහු අමරණීය සේම සදාතනික ද වෙයි. ඔහු ජීවයේ පැවැත්ම ලෙසද හැඳින්වේ. සජීවී පැවැත්ම යනු මනසකින් හා බුද්ධියකින් ද යුක්ත වීමයි. ඔහු ඥානයෙන් පිරි හා සාමයෙන් පිරී ඇතැයි හැඳින්වේ. ඔහු අපට ඥාන සහ යෝගා උගන්වයි. දෙවියන් සජීවී පැවැත්ම වශයෙන් හැඳින්වෙන්නේ මේ නිසයි. ඔහු උපත ඉක්මවා ඇති අතර අප ජීවාත්ම සත්තා කරන ආකාරයට භෞතික උපතක් ලබන්නේ නැත. මෙම ඥානය සහ සාමය ලබා දීම සඳහා පරමාත්ම දෙවියන්ට බ්‍රහ්මාගේ ශරීරය ණයට ගන්නට වෙයි. ඔහු සජීවී පැවැත්මම නිසා බැවින් අපට එම මුඛයෙන් ඥාන සහ යෝගා උගන්වයි. පරමාත්ම දෙවියන් ප්‍රීතියේ ප්‍රතිමූර්තිය ද සතුටේ ප්‍රතිමූර්තිය වශයෙන් ද කියැවේ. පරමාත්ම දෙවියන් මේ සියලු යහගුණ වලින් පිරී ඇති අතර එම නිසාම, සතුට හා දුක අභිබවා ඇති බව කියැවේ. අපි කිසිවිට දෙවියන් දුක දෙන්නා යැයි නොකියමු. කොහෙත්ම නැත. ඔහු නිරතුරුවම සතුටේ හා ප්‍රීතියේ නිධන් ගබඩාව වේ. ඔහුගේ යහගුණයම සතුට හා ප්‍රීතිය දීම වෙත්දී ඔහු අප ජීවාත්ම සත්තාවන්ට දුක දෙන්නේ කෙසේද?

3. පරමාත්මය වූ කලී කරන්කරවන්හා වෙයි.

බොහෝ මිනිසුන් සිතන්නේ ක්‍රියාත්මක වන සදාතනික වූ ලෝක නාටකය මුළුමණින් දෙවියන් විසින් කරනවා සේය. මේ නිසයි ඔවුන් කියන්නේ මනුෂ්‍යයන්ගේ වසඟයේ කිසිවක් නැත කියා. එනම්, කරන්කරවන්හා ස්වාමියා බවත්, සියල්ල කරන බවත් සතුටත් දුකත් සහිත කොටස් දෙවියන්ගේ නිර්මාණය බවත්ය. එවැනි බුද්ධියක් තියෙන අයගේ බුද්ධිය කුමක් වැනි දැයි කිව හැකිද? පළමුවෙන්ම ඔවුන් තේරුම් ගත යුතු අත්‍යවශ්‍ය කාරණය, පරමාත්ම දෙවියන් මෙකල නිර්මාණය කරන දිගටම ක්‍රියාත්මක වන්නේ සදාතනික පූර්ව නියමිත ලෝක නාටකය බවයි. අප මෙය හඳුන්වන්නේ නිරායාසයෙන් සිදු වන දෙයක් කියාය. දෙවියන් ගැන කියා ඇත්තේ ඔහු සියල්ල කරනවා කියාය. අප දෙවියන් සියල්ල කරන්නේ යැයි කියන්නේ කුමන අධිකාරීත්වයක් අපට ඇති නිසාද? දෙවියන් නම් කරන්කරවන්හා යැයි කියැවේ. කුමන අධිකාරීත්වයක් සහිතව මෙම නම දුන්නාද? මේවා තේරුම්ගත යුතු කරුණුය. පළමුවෙන්ම අප තේරුම් ගත යුතුයි ලෝකයේ පූර්ව නියමිත දෙය සදාතනික දේ බව. පරමාත්ම දෙවියන් සදාතනික සේම, මායා ද සදාතනිකය. මෙම චක්‍රය ද අවිනාශී හා සදාතනික ලෙස මුල සිට අග දක්වාම නිර්මාණය වී ඇත. ගහක බීජය තුළ සියලු ඥානය ගැබ් වී ඇති බව තේරුම් ගත හැකිවා සේම එම ගස තුළම බීජය ද ඇති බව මේ දෙකම සංයෝගීව සහ අවිනාශීව ඇති බවද තේරුම් ගත යුතුය. බීජයේ කාර්යය කුමක්ද? එය රෝපණය කළ විට පැළ වී වෘක්‍ෂයක් මතු වේ. බීජය රෝපණය නොකළ හොත් වෘක්‍ෂයක් මතු වන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් මුළු ලොවම බීජය වන අතර බීජය රෝපණය කිරීමේ කොටසද ඔහුගේය. දෙවියන්ම මෙසේ කියයි : බීජය රෝපණය කළ මා දෙවියන් වශයෙන් සිටිනා අතර, එසේ නොවෙනවා යනු බීජයත් වෘක්‍ෂයත් අවිනාශී බවයි. බීජය රෝපණය නොකළොත් ගහ මතු වන්නේ කෙසේද? මගේ පරම උතුම් කාර්යය කරනා විට මගේ නමම දෙවියන් ය. මා නළුවෙක් ලෙස සිටිනා විට මා විසින්ම රෝපණය කළ ලෝකයේ බීජයෙන් ලෝකය වර්ධනය වේ. මා ලෝකයේ ආරම්භයත් අවසානයත් ගෙන එමි. මම මා විසින්ම නළුවෙක් වී බීජය රෝපණය කරමි. මා ආරම්භ කරන වේලාවේ දී බීජය රෝපණය කරන අතර අවසානයේ බීජය ද එතැනම ඇත. මුලු ගසම එවිට බීජයෙන් ශක්තිය ලබයි. බීජය යනු නිර්මාණය හා ඉනික්බිතිව අවසානය ද ගෙන ඒමයි. ජරාජීර්ණ වූ පැරණි ලෝකය අවසාන කිරීමත් නව ලෝකය ආරම්භ කිරීමත් සඳහන් කරනුයේ දෙවියන් සියල්ල කරනවා ලෙසිනි. අච්චා.