05.09.21    Avyakt Bapdada      Sinhala Murli     15.03.88    Om Shanti    Madhuban


නව ලෝකයේ සිතුවමේ පදනම, වත්මන් ශ්‍රේෂ්ඨ බ්‍රහ්මිණ් දිවියයි.


අද බාප්දාදා, ලෝක නිර්මාණකරු, ලෝකයේ ශ්‍රේෂ්ඨ භාග්‍යය නිර්මාණය කරන ඒකායන කෙනා, ශ්‍රේෂ්ඨ භාග්‍යයේ සිතුවමේ ප්‍රතිමූර්ති වන ඔහුගේ දරුවන් දෙස බලයි. ඔය සියලුම බ්‍රහ්මිණ් ජීවාත්ම, ලෝකයේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ සිතුවම්ය. අනාගත ශ්‍රේෂ්ඨ භාග්‍යය, ඔබගේ බ්‍රහ්මිණ් දිවියේ සිතුවමේ පැහැදිලිව දිස්වනවා. බ්‍රහ්මණ දිවියේ සෑම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ම අනාගත ශ්‍රේෂ්ඨ ඵලයේ අත්දැකීම ලබා දෙයි. බ්‍රහ්මණ දිවියේ ශ්‍රේෂ්ඨ සිතිවිලි අනාගත ශ්‍රේෂ්ඨ සංස්කාර ඉතා පැහැදිලිව පෙන්වයි. එබැවින්, වත්මන් බ්‍රහ්මණ දිවිය, අනාගත වාසනාවන්ත ලෝකයේ සිතුවමයි. අනාගතයේ සිතුවම වන එවන් දරුවන් දැක, බාප්දාදා සතුටට පත් වනවා. ඔබ සිතුවම වන අතර ඔබ අනාගත භාග්‍යය වෙනුවෙන් ආධාරක පිළිරූද වනවා. ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වනවා, එමෙන්ම ලෝකයත් ශ්‍රේෂ්ඨ වන්නේ එවිට පමණයි. ඔබට පියාසර ස්ථීතිය තිබෙන විට ලෝකයටද පියාසර ස්ථීතිය තිබෙයි. විටින් විට, ඔය බ්‍රහ්මණ ජීවාත්ම, විවිධ අවදි පසුකර යන විට, ඒ අනුව, එම ආකාරයටම ලෝකයේ අවදිද වෙනස් වෙයි. ඔබගේ අවදිය සතෝප්‍රධාන් වන විට, ලෝකයත් සතෝප්‍රධාන්ය එය සත් යුගයයි. ඔබ වෙනස් වන විට, ලෝකයද වෙනස් වෙයි. ඔබ මේ තරමට ආධාරක පිළිරූය!

වර්තමාන කාලයේ ඔබ පරම පියා සමඟ බොහෝ උසස් චරිත කොටස් රඟපානවා. මුළු කල්පයෙන්ම, ඔබ විශේෂ, වඩාත් ශ්‍රේෂ්ඨ චරිත කොටස් රඟපාන්නේ දැන් පමණයි. ඔබ පියා සමඟ සහයෝගී වී, සියලු ජීවාත්මයන්ගේ සියලු ආශා, අනේක උපත් ගණනාවක් සඳහා ඉටු කරයි. සෑම ජීවාත්මයකටම පරම පියාගෙන් මුක්තිය සහ ජීවන-මුක්තිය හිමි කරගැනීමේ අයිතිය ලබා දීමට ඔබ උපකරණ වී ඇත. ඔබ කාමදේනුය, පියා හා සමානව සියලු ආශා ඉටු කරන කෙනාය. සියලු ආශා ඉටු කරන අය ඔබයි. මේ ආකාරයෙන් ඔබ සියලුම ජීවාත්මයන්ට ආශාවන් පිළිබඳ පූර්ණ නොදැනුවත් වීමේ අත්දැකීම ලබා දෙයි, එවිට කල්ප භාගයකට, භක්තියේ යෙදෙන ජීවාත්ම හෝ ජීවන-මුක්තිය අත්කර ගන්නා ජීවාත්මයන්ට, සෑම උපතක් පුරාවටම කිසිදු ආශාවක් ඇති නොවෙයි. ඔබ එක උපතක පමණක් ආශා ඉටු නොකරයි, නමුත් ඔබ අනේක උපත් ගණනාවකට ආශා පිළිබඳ නොදැනුවත් වීමේ ස්ථීතියේ අත්දැකීම ලබා දෙයි. පරම පියාගේ සියලුම සම්පත්-ගබඩා සහ සම්පත් සෑම විටම පිටාර ගලන ආකාරයෙන්ම, නොලැබෙන කිසිම දේක සඳහනක් හෝ සලකුණක් නොමැත - ඒ ආකාරයෙන්ම, ඔබ පරම පියා හා සමානව සියලු සම්පත් වලින් සෑම විටම පිටාර ගලනවා.

බ්‍රහ්මිණ් ජීවාත්මයක් යනු, සියලු ලැබීම් වල ප්‍රතිමූර්තියකි, සියලු දෙයින් පිරිපුන් ජීවාත්මයකි. පරම පියා සෑම විටම ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වන සේම, බ්‍රහ්මිණ් ජීවාත්ම පරම පියාට සමානයි ඔබ ප්‍රදීපාගාරයි. මේ නිසයි ඔබ සියලු ජීවාත්මයන්ට ඔවුන්ගේ ගමනාන්තයට ලඟා වීමට උපකරණ වන්නේ. සෑම සිතිවිල්ලකින්, සෑම වදනකින් සහ සෑම ක්‍රියාවකින්ම පියා සෑම විටම පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නා වන සේම ඔය බ්‍රහ්මණ ජීවාත්මත් පිරිනමන්නන් සහ මාස්ටර් ආශිර්වාද පිරිනමන්නන්ය. ඔබගේ බ්‍රහ්මිණ් දිවියේ සිතුවම මෙවැනිද? ඔබ යමක සිතුවමක් පිංතාරූ කරන ඕනෑම විටෙක, ඔබ එහි සියලු විශේෂතා පෙන්වනවා නේද? ඒ ආකාරයෙන්ම, ඔබ වත්මන් බ්‍රහ්මිණ් දිවියේ සිතුවමේ විශේෂතා වලින් ඔබ තමන්ව පුරවා තිබෙනවාද? ඔබ සෑම කෙනෙක්ම තමන්ගේම සිතුවම චිත්‍රයට නඟන නිසා ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන් ඔබයි. ඔබගේ සිතුවම චිත්‍රයට නඟන අතරම, ලෝකයේ සිතුවමද ඒ වෙලාවේම චිත්‍රයට නැඟෙනවා. ඔබට මෙම අත්දැකීම තිබෙනවාද?

ඇතැම් මිනිසුන් විමසන්නේ නව ලෝකයේ කුමක් තිබෙයිද? නව ලෝකයේ සිතුවම ඔබයි. ඔබගේ ජීවිත තුළින් අනාගතය වඩාත් පැහැදිලි වනවා. ඔබගේ වත්මන් සිතුවම දෙස බලා පරීක‍්ෂා කරන්න එය දකින ඕනෑම කෙනෙක් සෑම කලටම තෘප්තිමත් වන ආකාරයකට ඔබගේ සිතුවම චිත්‍රයට නඟා තිබේද? සුළු අශාන්තියේ රැල්ලක් අත්දකින කෙනෙකුට වුනත් ඔබගේ සිතුවම දැක, අශාන්තිය අමතක වී, ශාන්තියේ රළ අත්දකින ආකාරයට, එය එවන් සිතුවමක් විය යුතුයි ලැබීම් නොමැතිකමේ ප්‍රතිමූර්තියක් වන ජීවාත්මයකට, ඉබේටම ලැබීම්වල අත්දැකීමක් අත්වෙයි යාචකයෙක් විලසින් පැමිණෙන කෙනෙක් පිරිපුන් වී යයි. ඔබගේ සිනහමුසු මුහුණ දැක, ඔවුන්ගේ සිත්වල සහ දෙනෙත්වල කඳුළු අමතක වී, සිනහසීමට ඉගෙන ගනී. ඔබත් පියාට පවසන්නේ, ඔහු ඔබට සිනහසීමට ඉගැන්වූ බව නොවේද? එබැවින් ඔබගේ යුතුකම වන්නේ, ඔවුන්ගේ හැඬීම නතර කර ඔවුන්ට සිනහසීමට ඉගැන්වීමයි. බ්‍රහ්මිණ් දිවිය එවන් චිත්‍රයකි. සෑම විටම මෙම අවධානය තබාගන්න අප එවන් ආධාරක ප්‍රතිරූය, අත්තිවාරමයි. ගසෙහි පිංතූරය දෙස බලන්න බ්‍රහ්මණයන් අසුන්ගෙන සිටින්නේ කොහිද? ඔවුන් අසුන්ගෙන සිටින්නේ අත්තිවාරමේ නේද? බ්‍රහ්මණ අත්තිවාරම ඉතා ශක්තිමත්ය, ඔබ කල්ප භාගයක් අචලව, නොසැලී සිටින්නේ මේ නිසයි. ඔබ සාමාන්‍ය ජීවාත්ම නොවෙයි. ඔබ ආධාරක පිළිරූය, අත්තිවාරමයි.

වත්මන් කාලයේ ඔබගේ අංගසම්පූර්ණ ස්ථීතිය, සත් යුගයේ ඔබගේ දිව්‍යමය කලා 16යේ ස්ථීතියේ පදනමයි. වර්තමානයේ එක උපදේශය, එහි එක රාජධානියේ ආධාරකයේ පදනමයි. වර්තමානයේ සියලුම ඥාන සම්පත්, ගුණධර්ම සහ බල සම්පත් වල පිරිපුන් බව, එහි පිරිපුන් බවේ පදනමයි. වර්තමානයේ සිරුරේ ආකර්ෂණයට ඇති නොබැඳීම, එහි නිරෝගී සිරුරක් ලැබීමේ පදනමයි. දැන් අශාරීරික වීමේ ස්ථීතිය, රෝග වලින් නිදහස් වීමට සහ දීර්ඝායුෂ තිබීමේ පදනමයි. මෙහිදි සැහැල්ලු අධිරාජයෙක් වීමේ දිවිය, ජීවිතයේ සෑම මොහොතක්ම ප්‍රීතිමත් වන ස්ථීතිය ලබා ගැනීමේ පදනම වෙයි එය මනසේ ප්‍රීතියයි. වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාට අයත් වීමේ නිරන්තර, නොසැලෙන ආධ්‍යාත්මික උත්සාහය, නිරන්තර, අසීමිත, නොනිමි සහ බාධක වලින් නිදහස් පහසුකම් ලබාගැනීමට පදනම වෙයි. වර්තමානයේ කුඩා පවුල, එනම්, බාප්දාදා, මව සහ පියා සහ සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත මෙම කුඩා පවුල, එහිදි කුඩා පවුලකට පදනම වෙයි. මෙහිදි ඒකායන මව සහ පියා සමඟ ඇති සම්බන්ධතාවයේ සංස්කාරය, අනාගත එක් රාජධානියේ ලෝක අධිරාජයා සහ අධිරාජිනිය, මව සහ පියා වීමේ අත්දැකීම ඔබට ගෙන දෙයි. මෙහි සෙනෙහසින් පිරී පවුලක සම්බන්ධතාවය තිබේ එහි, යමෙක් රජ කෙනෙක් වුනත් පුරවැසියෙක් වුනත් කම් නැත, පුරවැසියෙක් පවා තමන් පවුලේ සාමාජිකයෙක් බව සලකයි. පවුල තුළ, සෙනෙහසේ සමීප බව තිබේ. එක් එක්කෙනාට වෙනස් තත්ත්වයක් තිබුණත්, තත්ත්වය සෙනෙහසේ එකකි, පසුබැස්මේ හෝ බිය වීමේ එකක් නොව. එබැවින්, ඔබ අනගතයේ සිතුවමයි, එහෙම නේද? ඔබගේ සිතුවමේ මේ සියලු දේ පරීක‍්ෂා කරන්න. කෙතරම් දුරට ශ්‍රේෂ්ඨ සිතුවම සූදානම්ද? නැත්නම් ඔබ තවමත් ඉරි අඳිමින් සිටිනවාද? ඔබ දක්ෂ චිත්‍රශිල්පීන් නේද?

ඔය සෑම කෙනෙක්ම කෙතරම් දුරට ඔබගේ සිතුවම සම්පූර්ණ කර තිබේද කියා බාප්දාදා නොකඩවා බලා සිටියි. ඔබට වෙන කෙනෙක් ගැන පැමිණිලි කළ නොහැක - ඔහු මෙය හොඳින් සිතුවම් කර නැහැ එය මේ ආකාරයට තිබෙන්නේ මේ නිසයි. ඔබ තම තමන්ගේ සිතුවම පාට කළ යුතුයි. ඔබට ඒ සඳහා බාප්දාදාගෙන් අවශ්‍ය ද්‍රව්‍යද ලැබෙනවා. ඒවා කිසිම අඩුවක් නැහැ නේද? මෙහිද, ඔබ ද්‍රව්‍ය මිල දී ගෙන, ඒවා, ගොඩනැගීම සඳහා භාවිත කරන ක්‍රිඩාව උගන්වයි. සියල්ල රඳා පවතින්නේ එය ගොඩනඟන කෙනා මතය ඔහුට අවශ්‍ය තරම් ගත හැක. එය රඳා පවතින්නේ, ගන්න කෙනාට ගැනීමට හැකි වීම මතයි. එය විවෘත වෙළඳපොලකි. ඔබ ගත යුත්තේ දෙකක්ද සතරක්ද කියා, බාප්දාදා ගණන් කරන්නේ නැත. එබැවින් ඔය සෑම කෙනෙක්ම ඉතාමත්ම ලස්සන සිතුවමක් පාට කර තිබෙනවා නේද? අනාගත භාග්‍යයේ සිතුවම ඔබ බව සෑම විටම සිතන්න. සෑම පියවරක්ම මෙම අවධානයෙන් ගන්න. ඔබ ආදරණීය නිසා ඔබ සහයෝගීද වෙයි, එමෙන්ම ඔබ සහයෝගී නිසා, සෑම ජීවාත්මයකටම පියාගේ සහයෝගය ලැබෙයි. සමහර ජීවාත්මයන්ට වැඩි සහයෝගයක් සහ සමහරුන්ට අඩු සහයෝගයක් ලැබෙනවා නොවෙයි නැහැ. එකක ප්‍රතිලාභය ලෙසින් බාප්දාදා සෑම ජීවාත්මයකටම කෝටි ගුණයක සහයෝගය පෙරළා ලබාදෙයි. සියලුම සහයෝගී ජීවාත්මයන්ට පරම පියාගේ සහයෝගය සෑම විටම ලැබෙන අතර ඔහු මෙහි සිටින තුරා ඔවුන්ට එය නොකඩවා ලැබෙයි. ඔබට පියාගේ සහයෝගය තිබෙන නිසා සෑම කාර්යයක්ම දැනටමත් නිමා කර ඇත. ඔබ මෙය අත්දකින අතර ඔබ ඉදිරියට ගමන් කරන අතර මෙය නොකඩවා අත්දකියි. කිසිවක් අපහසු නැත, මන්ද ඔබගේ ලැබීමේ පදනම භාග්‍යය පිරිනමන්නාගෙන් ඔබට ලැබෙන භාග්‍යයයි. භාග්‍යය සහ ආශිර්වාද ඇති තැන, කිසිවක් අපහසු නැත.

ඉතා හොඳ සිතුවමක් පාට කර ඇති අය අනිවාර්යෙන් ප්‍රථම අංකය හිමි කරගනී. ඉතිං ඔබ සියලු දෙනාම ප්‍රථම කොට්ඨාශයේ කොටස්කරුවන් බවට පත් වීමට යන අය නේද? ප්‍රථම අංක තිබෙන්නේ එකක් පමණක් වන නමුත් ප්‍රථම කොට්ඨාශයේ බොහෝ දෙනෙක් සිටියි, එහෙම නේද? එබැවින් ඔබට අවශ්‍ය කොතැනට එන්නද? ප්‍රථම කොට්ඨාශය, සියලු දෙනාටයි. යමක් සිදුකර එය හිමි කරගැනීම හොඳයි. ඔවුන් භාරතවාසීන් වුවත් විදේශිකයන් වුවත්, බාප්දාදා සියලු දෙනාටම අවස්ථාවක් ලබා දෙනවා, මන්ද තවමත් ප්‍රතිඵලය නිකුත් වී නැහැ. ඇතැම් විට හොඳ අය ප්‍රතිඵල නිකුත් වීමට පෙර පිටතට පැමිණෙයි, එබැවින් ඔබට ඔවුන්ගේ ස්ථාන ගත හැක, එහෙම නේද? මේ නිසයි ඔබට ගැනීමට අවශ්‍ය කුමක්ද, තවමත් එයට අවස්ථාව තිබේ. පසුව මෙසේ කියැවෙන පුවරුවක් දමනු ලබයි, ඉඩක් නැත. ආසන සියල්ලම පිරි ඇත. එබැවින් බොහෝ ඉහළට පියාසර කරන්න. දුවන්න එපා, පියාඹන්න. දුවන අය පහළ දමා යන අතර, පියාඹන අය උඩ ඉහළට යයි. එබැවින් නොකඩවා පියාසර කරමින් අන් අයටත් පියාඹන්න දිරිමත් කරන්න. අච්චා.

ශ්‍රේෂ්ඨ භාග්‍යයේ ශ්‍රේෂ්ඨ සිතුවම වන සතර දිසාවේ සිටින සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, තමන් ලෝකයට ආධාරක ප්‍රතිමූර්ති බව නිරන්තරයෙන් අත්දකින ජීවාත්මයන්ට, ලැබීම් වල ප්‍රතිමූර්ති වීමේ තමන්ගේ අත්දැකීමෙන් අන් අයට ලැබීම් වල ප්‍රතිමූර්ති වීමේ අත්දැකීම නිරතුරුව ලබා දෙන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, දේවතා ජීවාත්ම වීමට යන සහ පරම පියාගෙන් කෝටි ගුණයක සෙනෙහස සහ සහයෝගය හිමි කරගැනීමට අයිතියක් ඇති වන්දනීය බ්‍රහ්මිණ් ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

පෞද්ගලික කණ්ඩායම් හමුවීම්.

පියාගේ හස්ථය නිරන්තරයෙන් ඔබගේ හිස මත තිබීමේ අත්දැකීම ඔබට තිබෙනවාද? ශ්‍රේෂ්ඨ උපදෙස්, ශ්‍රේෂ්ඨ හස්ථයයි. එබැවින් පියාගේ හස්ථය, සෑම පියවරකදීම ඔබට තිබෙන විට, එනම්, ඔබට ශ්‍රේෂ්ඨ උපදෙස් තිබෙන විට, එවිට එම ශ්‍රේෂ්ඨ උපදෙස් නිසා, ඉබේටම ශ්‍රේෂ්ඨ කාර්යයන් සිදු වෙයි. හස්ථය පිළිබඳ නිරන්තර අවධානය තිබීමෙන් ශක්තිමත් වී අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. පරම පියාගේ හස්ථය, ඔබට නිරන්තරයෙන් සහ පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමේ අත්දැකීම ලබා දෙයි. එබැවින් සෑම කාර්යයකදීම මෙම ශ්‍රේෂ්ඨ භාග්‍යයේ අත්දැකීම ඔබ සමඟ තබාගෙන, නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ඔබට හස්ථය නිරන්තරයෙන් තිබෙන අතර ඔබට නිරන්තර ජයග්‍රහණය තිබේ.

ප්‍රශ්නය: නිරන්තරයෙන් පහසු යෝගීවරයෙක් වීමේ පහසු මාර්ගය කුමක්ද?

පිලිතුර: මගේ ලෝකය පියාය. මෙම අවධානය තබාගන්න, එවිට ඔබ පහසු යෝගීවරයෙක් වෙයි, මන්ද දවස පුරාම ඔබගේ බුද්ධිය ඇදී යන්නේ ලෝකය වෙතටයි. ඔබගේ ලෝකය පරම පියා වන විට, ඔබගේ බුද්ධිය ඇදී යන්නේ කොහාටද? එය කැලෑවට යන්නේ නැහැ, එය ලෝකය වෙත යයි. එබැවින් ඔබගේ ලෝකය පියා නිසා, ඔබ පහසු යෝගීවරයෙක් වෙයි. එසේ නැත්නම් ඔබගේ බුද්ධිය මෙහෙන් ඉවත් කර, එහාට සම්බන්ධ කිරීමට ඔබට උත්සාහ දැරීමට සිදුවෙයි. සෑම විටම පියාගේ සෙනෙහසේ මුසු වී සිටින්න, එවිට ඔහුව අමතක කිරීමට නොහැකි වෙයි. අච්චා.

අව්‍යක්ත බාප්දාදා ද්විත්ව විදේශික සහෝදර සහෝදරියන් මුණගැසෙමින්.

සේවය කිරීම වෙනුවෙන් ද්විත්ව විදේශිකයන්ට ඉතා හොඳ උද්යෝගයක් තිබේ, ඔබ හොඳින් ප්‍රගතියක් ලබන්නේ මේ නිසයි. වසර 14කදී විදෙස් රටවල් සේවය අතින් ඉතා හොඳ දියුණුවක් ලබා තිබේ. ඔබ දෙගුණයක වැඩ කරන අතර ඉදිරියට ගමන් කරනවා - ලෞකික සහ අලෞකික. දෙගුණයක වැඩ කිරීමට ඔබගේ කාලය භාවිත කරන අතර ඔබගේ බුද්ධිය සහ කායික ශක්තියද භාවිත කරයි. මෙයත් බුද්ධියේ විශ්මයක්. ඔබගේ ලෞකික වැඩ කරන අතරම සේවයේ ඉදිරියට ගමන් කිරීම එඩිතරකමේ ක්‍රියාවකි. බාප්දාදා එවන් එඩිතර දරුවන්ට සෑම කාර්යයකදීම සෑම විටම උපකාර කරයි. ඔබට වැඩියෙන් එඩිතරකම තිබෙන තරමට අනුව, ඔබට පරම පියාගෙන් කෝටි-ගුණයක උදව් ලැබෙයි. කෙසේවෙතත්, ඔබගේ චරිත කොටස් දෙකම රඟපාන අතර ඔබ හොඳින් ප්‍රගතියක් ලබනවා. දරුවන් තුළ මෙය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබ මායාගෙන් නිදහස් වෙලා නේද? ඔබ යෝග්යුක්ත වන විට ඔබ ඉබේම මායාගෙන් නිදහස් වෙයි. ඔබ යෝග්යුක්ත නැත්නම්, ඔබ මායාගෙන් නිදහස් නැත. මායා තුළද බ්‍රහ්මිණ් ජීවාත්ම කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ශක්තිමත් අය, වෙනත් ශක්තිමත් අය සමඟ විනෝදයක් ලබයි. මායා බලවත්ය. ඔබත් බලවත්ය, එබැවින් මායා බලවත් අය සමඟ ක්‍රීඩා කිරීමෙන් විනෝදයක් ලබයි. ඔබ දැන් මායාව ඉතා හොඳින් හඳුනන අතර ඇය නව ස්වරූප වලින් පැමිණෙන ආකාරය ගැනත් දන්නවා. දැනුමින් පිරිපුන් යනු, පරම පියා, නිර්මාණය මෙන්ම මායා ගැනත් දැන සිටීමයි. ඔබ නිර්මාණකරු සහ නිර්මාණය ගැන දන්නා නමුත් මායාව නොදන්නේ නම්, ඔබට දැනුමින් පිරිපුන් විය නොහැක.

ඕනෑම වෙලාවක, ඕනෑම අවස්ථාවක, ඔබගේ සිරුර දුර්වල වුනත් හෝ ඔබගේ කාර්යයයේ විශාල බරක් තිබුණත්, කිසිම විටෙක ඔබගේ මනසින් වෙහෙසට පත් නොවන්න. මනසේ සතුට තුළින් සිරුරේ වෙහෙස අවසන් කළ හැක. කෙසේවෙතත්, මනසේ වෙහෙසකාරී බව, සිරුරේ වෙහෙස තව වැඩි කරයි. කිසිම විටෙක ඔබගේ මනසට වෙහෙස වීමට ඉඩ නොදෙන්න. ඔබ වෙහෙසට පත් වන විට තත්පරයකදි පරම පියාගේ ලෝකයට එන්න. ඔබගේ මනස වෙහෙසට පත්වීමේ පුරුද්ද ඔබට ඇත්නම්, එවිට ඔබ අත්විඳිය යුතු, බ්‍රහ්මිණ් දිවියේ උනන්දුව සහ උද්යෝගය, ඔබට අත්විඳීමට නොහැකි වෙයි. ඔබ ගමන් කරන නමුත් සියලු දෙනාව චලනය කරවන ඒකායන කෙනා ඔබව චලනය කිරීමේ අත්දැකීම ඔබට නොලැබෙයි. ඔබ බොහෝ අපහසු කාර්යයන් සමඟ ගමන් කරන බවක් ඔබට දැනෙයි, එමෙන්ම යමක් අපහසු කාර්යයක් බව ඔබ අත්දකින විට, වෙහෙස දැනෙයි. එබැවින් සෑම විටම සිතන්න කරවන්හාර් මා ලවා ක්‍රියා සිදු කරවනවා, සියලු දෙනාව චලනය කරවන ඒකායන කෙනා, මාව චලනය කරවනවා. ඔබගේ කාලය සහ ශක්තිය යන දෙකම අනුව නොකඩවා සේවය සිදු කරන්න. සේවයට කිසි විටෙක බලා සිටිය නොහැක - අද නැත්නම් එය හෙට සිදුවෙයි. ඔබගේ හදවතින් ඔබට හැකි පමණින් සහ ඔබගේ හදවතේ සෙනෙහසින් ඔබ සේවය කරන්නේ නම්, ඔබ මෙපමණක් කළ බවත්, එතරම් නොකළ බවත් බාප්දාදා කිසිම විටෙක පැමිණිලි නොකරයි. හොඳින් නිම කළ වැඩක්! යැයි ඔබට කියයි. අවංක හදවතකින් කාලයට සහ ශක්තියට අනුව ඔබ සේවය කරන විට, ස්වාමී අවංක හදවතක් සමඟ සතුටු වනවා, එමෙන්ම ඔබගේ කිරීමට ඉතිරිව ඇති කුමන හෝ කාර්යයක් තිබෙයි නම්, බාප්දාදා කෙසේ හෝ එය නිම කිරීමට මඟපාදයි. යම් විශේෂිත වෙලාවක කළ යුතු යම් සේවයක් ඇත්නම්, එය අනිවාර්යෙන් සිදුවෙයි, එය මඟහැරෙන්නේ නැත. බාප්දාදා එක හෝ තව ජීවාත්මයක් ස්පර්ෂ කර, එම ජීවාත්මය, ඔහුගේ දරුවන් සමඟ සහයෝගී කරවයි. යෝගී දරුවන්ට නිසි වෙලාවට සෑම ආකාරයක සහයෝගය ලැබෙයි, නමුත් සහයෝගය ලැබෙන්නේ කාටද? අවංක හදවත් ඇති සත්‍ය සේවාධාරී අයටයි. එබැවින් ඔය සියලු දරුවන් සේවාධාරීන්ද? ස්වාමී අපත් සමඟ සතුටු වනවා ඔබ මෙය අත්දකිනවා, එහෙම නේද? අච්චා.

වරදානය:
ඔබ ඒකායන පියා කෙරෙහි සෙනෙහසින් මුසු වී රැඳී සිටිමින්, නිරන්තරයෙන් ඉහළ නැග්මේ ස්ථීතිය අත්දකිමින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

සේවයේ සාර්ථකත්වයට සහ ඔබගේ ඉහළ නැග්මේ ස්ථීතියට ප්‍රධාන පදනම වන්නේ, පියා කෙරෙහි නොබිඳි සෙනෙහස තිබීමයි. ඒකායන පියා හැර වෙනත් කිසි දෙයක් දැකීමට තමන්ට ඉඩ නොදෙන්න ඔබගේ සිතිවිලි තුළ බාබා, ඔබගේ වදන් වල බාබා සහ ඔබගේ ක්‍රියා තුළත් බාබාගේ ඇසුර. සෙනෙහසේ ගැලී සිටින ජීවාත්මයක් එක වචනයක් පැවසුවත්, එවිට සෙනෙහසේ වචන, අන් ජීවාත්මයන්වත් සෙනෙහස් බන්දනයේ බැඳ ගනී. සෙනෙහසේ ගැලී සිටින එවන් ජීවාත්මයන්ගෙන් නිකුත් වන බාබා යන එක වදන, මැජික් මෙන් ක්‍රියා කරයි. ඔවුන් ආධ්‍යාත්මික මැජික්කරුවන් වෙයි.

පාඨය:
යෝගී ජීවාත්මයක් යනු, අභ්‍යන්තරයට යොමු වූ මෙන්ම ආලෝකය සහ බලයේ ස්වරූපයේ ස්ථාවර අයෙකි.