05.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාව සිහිපත් කිරීම මඟින් අපවිත්‍ර සහ අවලස්සන වූ ජීවාත්මය පවිත්‍ර කරගන්න. මන්ද, ඔබ දැන් පවිත්‍ර ලොවට යාමට ඇත.

ප්‍රශ්නය:
කිනම් දරුවන් ද පරමාත්මය සොයාගත්තේ? පරම පියා ඔබට කුමන ගිණුමක් පෙන්වා දුන්නේ ද?

පිළිතුර:
ආරම්භයේ සිටම භක්ති කළ අයයි පරම පියාව සොයාගත්තේ. බාබා ඔබට පෙන්වා දුන්නේ භක්තිය නිරූපණය කිරීමෙහි කෙසේ ඔබ ප්‍රමුඛව සිටියේද යන ගිණුමයි.

ගීතය:
ඔබගේම මාවතේ ජීවත්වන්නයි ඔබෙගේම මාවතේ මිය යන්නයි.

ඕම් ශාන්ති.
දරුවන් ගීතය ඇසුවා. කෙනෙක් මිය ගිය පසු ඔහු නැවතත් පියෙක්ට දාව උපත ලබනවා. ඔබ ජීව සත්තාවන් බව ඔබ දන්නවා. අනෙක ශාරිරික සම්බන්ධතාවයයි. එක ශරීරයක් අතහැර පසුව ඔබ තවත් පියෙකු ලඟට යනවා. එලෙස ඔබට භෞතික පියවරුන් 84 දෙනෙක් සිටියා. ඇත්ත වශයෙන්ම කීවොත් ඔබ සියළු දෙනාම අශාරීරික පියාගේ දරුවන්ය. පරමාත්ම, පරම පියාගේ දරුවන් වන්නේ ඔබ ජීවාත්මයන් ය. නිර්වාණ දේශය, සාම දේශය යනුවෙන් හඳුන්වන ස්ථානයේ වෙසෙන්නන් ඔබ වේ. පියා ද එහි සිටියි. ඔබ මෙහි පැමිණ භෞතික පියෙකුගේ දරුවන් බවට පත්වී එම පියාව අමතක කර දමනවා. ස්වර්ණමය යුගයේදී ඔබ ඉතාමත් සතුටින් සිටි නිසා මෙම ලෝකයෙන් එහා සිටිනා පියාව ඔබ අමතක කර දැම්මා. සතුට ඇති කල ඔබ එම පියාව සිහිපත් නොකරයි. ඔබ ඔහුව සිහිපත් කරන්නේ දුකක් දැනුණු විට පමණයි. එලෙස ඔහුව සිහිපත් කරන්නේද ජීවාත්මයයි. භෞතික පියාව සිහිපත් කරනා විට ඔබගේ බුද්ධිය ශරීරයක් වෙතටයි යොමුවන්නේ. එම පියා සිහි කරන විට ඔබ "ඕ බාබා" කියා කියනවා. දෙදෙනාටම බාබා කියා ඇමතුවත්, නිවැරැදිම වචනය නම් පියා යන්නයි. ඔහුයි පියා වෙන්නේ, එවිට මොහු ද පියෙකි. ජීවාත්මයක් ආධ්‍යාත්මික පියාව සිහිපත් කරද්දී එවිට බුද්ධිය ඉහළට යොමු වෙයි. එම පියාමයි මෙහි ඉඳිමින් ඔය දරුවන්ට පහදා දෙන්නේ. ඔබ දැන් දන්නවා බාබා පැමිණ අපව ඔහුට අයිති කරගත් බව. පියා කියනවා: පළමුවෙන්ම මම ඔබව ස්වර්ගයට යැව්වා. එහිදී ඔබ ඉතාම ධනවත්ව සිට නාටක සැලසුමට අනුව උපත් 84ක් ගෙන දැන් අසතුටට පත්ව සිටිනවා. නාටකය අනුව මෙම පැරණි ලොව අවසන් විය යුතුයි. ජීවාත්මයන් වන ඔබත් ඔබේ ඇඳුම වන ශරීරයත් සතෝප්‍රධාන්ව තිබුණා. පසුව, ස්වර්ණමය යුගයේ සිට රිදී යුගයට ජීවාත්ම පැමිණි කල ශරීරය ද රිදී යුගය කරා ගොස් එතැනින් පසු තඹ යුගයටත් ගියා. දැන් ජීවාත්මයන් වූ ඔබ මුළුමනින්ම අපිරිසිඳුතාවයට පත් වුණා මෙන්ම ඔබේ ශරීරයත් මුළුමනින්ම අපිරිසිඳුතාවයට පත්වුණා. කැරට් 14 ක රන් ඉක්මන් කළු ගැසෙන නිසා කිසිවකු ඊට කැමැත්තක් නොදක්වයි. එසේම ජීවාමයන් වන ඔබ ද මුළුමනින්ම අවලස්සන කලි යුගී තත්ත්වයට පත් වුණා. ඒ තරම් අවලස්සන තත්වයට පත් වුණු ජීවාත්මය සහ ශරීරය නැවතත් පාරිශුද්ධත්වයට පත්කර ගන්නේ කෙසේ ද? ජීවාත්ම පාරිශුද්ධත්වයට පත්වූ විට ඔවුන්ට පාරිශුද්ධ ශරීරයක් ලැබෙනවා. ජීව පාරිශුද්ධත්වයට පත්වුණු විට ඔවුන්ට පිරිසිඳු ශරීරයක් ලබාගත හැකි වෙනවා. එය සිදුවන්නේ කෙසේ ද? ගංඟා නදියෙන් නෑමෙන් එවන් දෙයක් වෙනවා ද? නැහැ, මිනිසුන් හඩ නගා කතා කරනවා: අහෝ පාරිශුද්ධ කරුවාණෙනී, පැමිණෙන්න, මෙසේ කියන්නේ ජීවාත්මයයි. එවිට බුද්ධිය යොමු වන්නේ මේ ලොවෙන් එපිට සිටින පියා වෙතයි. ඕ බාබා "බාබා" යැයි කියද්දී කොයි තරම් මිහිරිද බලන්න. "බාබා, බාබා" කියා කතා කරන්නේ භාරතයේ අයයි. ඔබ දැන් ජීව අවධානයට පත්ව පියාට අයිති වී සිටියි. පියා කියනවා: මම ඔබව දිව්‍ය ලෝකයට යැව්වා ඔබ එහිදී අලුත් ශරීරයක් ලබා ගත්තා. දැන් ඔබ පත්ව සිටින්නේ කුමන තත්වයකට ද? අඛණ්ඩව මෙවන් දේවල් ඔබේ බුද්ධියෙහි තබාගත යුතුයි. ඔබ සිහිකළ යුත්තේ බාබාව පමණයි. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරනවා. ඕ බාබා, ජීවාත්මයන් වන අප අපවිත්‍ර වෙලා. ඇවිත් අපව නැවතත් පවිත්‍ර කරවන්න. මෙම කොටසත් නාටකයේම තිබෙන දෙයක්. අන්න ඒ නිසාම තමයි මිනිසුන් යදිමින් කතා කරන්නේ. නාටක සැලසුමට අනුව ඔහුට පැමිණිය හැක්කේ පැරණි ලෝකය අලුත් විය යුතු කාලයේදී පමණි. එබැවින් ඔහු නිසැකවම සංගම යුගයේදී පැමිණෙනවා. ඉතාමත් ආදරණීය කෙනෙක් බාබා යන්න ඔය දරුවන් විශ්වාස කරයි. මිහිරි, ඉතා මිහිරි සහ අති මිහිරි කියා කොටස් තුනක් තිබෙනවා. දැන් මිහිරි වන්නේ කවුද? ලෞකීක සම්බන්ධතා වලදී ඔබට උපත ලබා දෙන්නේ මිහිරි වූ පියායි. පසුව උසස් ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ඔබ ගුරුවරයෙක් ලඟට ගොස් ඉගෙන ගන්නවා. දැනුම යනු ආදායමක් ඉපයීමේ මාර්ගය බව සඳහන් කර තිබෙනවා. ග්‍යාන් දැනුමයි. යෝගා යැයි කියන්නේ ස්මරණයයි. අසීමිත පියා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. බ්‍රහ්ම මාර්ගයෙන් ස්ථාපන කාර්යය කරනා බව පින්තුර වලින් පෙන්වා තිබෙනවා. ක්‍රිෂ්ණා රාජයෝගා උගන්වන්නේ කෙසේ ද? රාජයෝගා උගන්වන්නේ ස්වර්ණම යුගය වෙනුවෙන් පමණයි. එමනිසා පියා අනිවාර්යයෙන්ම එය උගන්වන්න ඇත්තේ සංගම යුගයේ දී විය යුතුයි. ඔහු කරන් කරවන්හාර් වේ (කරන්නා සහ කරවන්නා). ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන මිනිසුන් කතා කරනවා. කෙසේ වෙතත්, ඉහළම ඉහළ කෙනා ශිවා වේ. මොහු භෞතික වන අතර ඔහු අශාරීරිකයි. මේ ලෝකය පමණයි තිබෙන්නේ. මේ ලෝකයේ චක්‍රය අඛණ්ඩව චක්‍රාකාරව කැරකෙනවා. සූක්‍ෂම ලෝකයේ ලෝක චක්‍රයක් ඇති වගක් සඳහන් වී නැහැ. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවතත් හරවා සිදුවෙනවා. ස්වර්ණමය, රිදී, තඹ හා යකඩ වශයෙන් යුග හතරක් තිබෙනවා. ඒ අතරේ සංගම යුගය අනිවාර්යයෙන්ම අවැසි වෙයි. නැතිනම් කලියුගය ස්වර්ණමය යුගයට වෙනස් කෙරෙව්වේ කවුද? අපායේ වැසියන්ව ස්වර්ගයේ වැසියන් බවට පත් කරවීම සඳහා පියා පැමිණෙන්නේ සංගම යුගයේ දීය. ලෝකය පැරණි වෙන්න වෙන්න දුකත් අධික වෙනවා. ජීවාත්මය වඩාත් තමෝප්‍රධාන් වන තරමට ඔහු විඳිනා දුක තව තවත් වැඩි වෙනවා. දේවතාවන් සතෝප්‍රධාන්ය. අතිශ්‍රේෂ්ඨ අධිකාරී දෙවි පියාණන්ගේ ආණ්ඩුව ඔහුයි. එවිට එහි ධර්ම රාජ ද ඔහු සමඟ සිටී. ඔබ ශිවාලයේ (ශිව දේවාලය) විසු අයයි. දැන් එය වෛශ්‍යාලයක් (ගණිකා මඩමක්) බවට පත් වී ඇත. ඔබ පාරිශුද්ධව සිට දැන් අපිරිසිඳු වී තමන් පව්කාරයන් කියා තමන්ට ම කියා ගන්නවා. ජීවාත්මය කියනවා: මම ගුණධර්ම වලින් තොරව සිටිමි: මා සතුව කිසිම යහගුණයක් නැහැ. ඕනෑම දෙවිවරුන්ගේ දොවොල් වලට ගිය විට, මිනිසුන් ඔවුන් ඉදිරියේ මෙසේ ගයනවා. ඔවුන් මෙය කිව යුත්තේ පියා ඉදිරියේය. ඔහුව පසෙක දමා ඔවුන්ගේ සහෝදරයන්ගේ ඉදිරියේ කියනවා. මේ දේවතාවන් ඔබේ සහෝදරවරුය. සහෝදරයෙකුගෙන් ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ ගැහැ. සහෝදරයන් වන්දනා මාන කිරීම මඟින් දිගින් දිගටම ඔබ පහළ බැසගෙන ආවා. පියා පැමිණ සිටින බවත් අප ඔහුගෙන් උරුමය ලබා ගන්නා බවත් ඔබ දැන් දන්නවා. කෙසේ වෙතත්, පියා ගැන කිසිම දෙයක් මිනිසුන් දන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඔහු සර්ව ව්‍යාප්තියි කියලයි. ඇතැම් අය කියනවා ඔහු අපරිමේය ආලෝක මූලධාතුවක් කියා. තවත් සමහරු කියනවා ඔහු නාම සහ රූප අභිබැවූ තැනැත්තෙක් කියා. ඒ අයම කියනවා ඔහුට සදාතනික ආලෝක ස්වරූපයක් තිබෙනවා කියා. එසේනම් ඔහුට නාම රූපය නැති කෙනෙක් කියා කියන්නේ කෙසේ ද? පියා ගැන නොදත් නිසා ඔවුන් අපිරිසිඳුතාවයට පත්වුණා. ජීවාත්මය තමෝප්‍රධාන් විය යුතුව තිබුණා. සියල්ලන්ටම පාරිශුද්ධ කළ හැක්කේ පියා පැමිණි විට පමණයි. සියළුම ජීවාත්මයන් පියා සමඟ ජීව ලෝකයේ වාසය කරයි. පසුව ඔවුන් පහළට පැමිණ සතෝ, රජෝ සහ තමෝ යන කොටස් රඟපායි. පියාව සිහිපත් කරන්නේ ජීවාත්ම යනුයි. පියා පැමිණ තමන් බ්‍රහ්මාගේ ශරීරයේ සහයෝගය ලබාගන්නා බව කියනවා. භාග්‍ය රථය මොහු වේ. ජීවාත්මයක් නැතිව රථයක් තිබිය නොහැක. ඔවුන් කියනවා භගීරත් (භාග්‍ය රථය) ගංඟා නම් ගඟ ගෙනාවා කියා. එය නොවිය හැකි දෙයක්. කොහොම නමුත් අවබෝධයකින් තොරවයි ඔවුන් ඒ දේවල් කියන්නේ. දැනුමේ වර්ෂාව මෙයයි කියා ඔබට පැහැදිළි කර දී ඇත. මෙමඟින් සිදුවන්නේ කුමක් ද? ඔබ අපිරිසිඳුතාවයේ සිට පාරිශුද්ධත්වයට පත්වෙනවා. ගංඟා නදියත් යමුනා නදියත් ස්වර්ණම යුගයේ තිබෙනවා. යමුනා නදී අසබඩ ක්‍රිෂ්ණා සෙල්ලම් කරමින් සිටි බව ඔවුන් සඳහන් කර ඇත. එවැනි දේවල් සිදුවුණේ නැහැ. ඔහු සත්යුග් කුමාරයෙක්. එබැවින් ඔහුව මලක් මෙන් ඉතාමත් ප්‍රවේශමෙන් පෝෂණය කරන්නේ. මල් ඉතාමත් ලස්සනයි. සැම කෙනෙක්ම මල් ලඟට පැමිණ එහි සුවඳ ලබාගන්නවා. ඔවුන් කටු වලින් සුවඳ ගන්නේ නැහැ. දැන් මේ ඇත්තේ කටු ලෝකයයි. මේ කැලෑව මල් වත්තක් බවට පියා වෙනස් කරනවා. ඔහුව බාබුල් නාත් (කටු මල් බවට පත්කරන්නා) යැයි හඳුන්වන්නේ මේ නිසායි. කටු මල් බවට පත් කරවනා බාබා කිය කියා මිනිසුන් ඔහුව ප්‍රශංසා කරනවා. දරුවන් වන ඔබ තුළ පියා කෙරෙහි ලොකු සෙනෙහසක් තිබිය යුතුයි. ඔබ දැන් අයිති අසීමිත පියාට බව ඔබ දන්නවා. ඔබට දැන් ඔහු සමඟත් භෞතික පියා සමඟත් සම්බන්ධතාවයක් තිබෙනවා. මේ ලෝකයෙන් එහා සිටින පියාව සිහිකළ විට ඔබ පාරිශුද්ධත්වයට පත්වෙනවා. ඒ තමාගේ භෞතික පියා වන මේ මෙලොවෙන් එහා සිටින පියා බවත් ජීවාත්මයන් දන්නවා. භක්ති මාර්ගයේ ජීවාත්ම පවා ඒ තමාගේ භෞතික පියා වන අතර මේ දෙවි පියාණන් බව දන්නවා. ජීවාත්මයයි අවිනාශ් පියාව සිහිපත් කරන්නේ. පියා පැමිණ දිව්‍ය ලෝකයක් ස්ථාපනය කරන්නේ කවදාද කියා කිසිම කෙනෙක් නොදනී. පියා පැමිණෙන්නේ අපවිත්‍ර අයව පවිත්‍ර කිරීමටයි. එමනිසා ඔහු අනිවාර්යෙන්ම සංගම යුගයේදී පැමිණෙයි. චක්‍රයේ කාල පරාසය ග්‍රන්ථ වල සඳහන් කර ඇත්තේ වසර සියදහස් ගණනක් කියායි. එයින් මිනිසුන්ව මුළුමනින්ම අන්ධකාරයට පත්කරවා ඇත. ශ්‍රේෂ්ඨ ලෙස භක්ති කරන්නන් සත්‍යය (දෙවියන්ට) හම්බ වෙයි කියා ඇත. එබැවින් උපරිම වශයෙන් භක්තිය කරනා අයටයි ප්‍රථමයෙන් ඔහුව හම්බ විය යුත්තේ. ගිණුමක් ගැන බාබා සඳහන් කළා. පළමුවෙන්ම භක්ති කරනා අය ඔබයි. පළමුවෙන්ම පරම පියාගෙන් දැනුම ලබන්නේත් ඔබයි. එමනිසා ඔබට නව ලෝකයේ අධිරාජ්‍ය පාලනය ගෙන යා හැකියි. අසීමිත පරම පියා ඔය දරුවන්ට දැනුම දෙනවා. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. පියා කියනවා ඔබ කල්ප භාගයක්ම මා සිහිපත් කරමින් සිටියා. කිසිම කෙනෙක් සතුටේදී මා සිහිපත් කළේ නැහැ. අවසානයේදී දුකට පත්වූ විට මා පැමිණ ඔබව සතුටට පත් කරනවා. ඔබ දැන් ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බවට පත් වෙනවා. ප්‍රධාන ඇමති වරුගේ සහ අගමැති වරුන්ගේ මන්දිර ඉහළම ගණයේ ඒවායි. ඔවුන් ළඟ ඇති ගෘහ භාණ්ඩ පවා ඉහළම ගණයේ ඒවායි. ඔබ එවන් උසස් ශ්‍රේෂ්ඨ මිනිසුන්: දිව්‍යමය ගුණධර්ම දේවතාවන්, ස්වර්ගයේ පාලකයන් බවට පත්වෙනවා. එහිදී ඔබට මැණික්, දියමන්ති ඔබ්බන ලද මාළිගා ලැබෙනවා. එහිදී ඔබට ලැබෙන ගෘහ භාණ්ඩ ඉස්තරම් ඒවායි. රත්‍රං ගැල් වූ ඒවායි. මේ රුද්‍ර ඥාන යාගයයි. ශිවාව රුද්‍රා යැයි භක්තියේ හඳුන්වනවා. භක්තිය අවසන් වු විට, පරම සත්‍යය මෙම රුද්‍ර යාග අග්නිය නිර්මාණය කරනවා. ඒ ස්වණර්මය යුගයේ දී. යාග හෝම භක්ති කිරීම් පිළිබඳ ගැටළුවක් නැත. මේ කාලයේ තමයි පියා අවිනාශ් රුද්‍ර ඥාන යෝග අග්නිය නිර්මාණය කරන්නේ. පසුව එය සිහි කෙරේ. භක්තිය සදාකාලයටම නොපවතීවි. භක්තියත් දැනුමත් ඇත. භක්තිය රාත්‍රිය වන අතර දැනුම උදෑසන වේ. පියා පැමිණ රාත්‍රිය උදෑසන බවට පත් කරයි. එම නිසා දරුවන් වන ඔබ තුළ පියා කෙරෙහි ලොකු සෙනෙහසක් තිබෙන්න ඕන. පියා අපව ලෝකයට පාලකයන් බවට පත් කරනවා. ඉතාමත් ආදරණීය ම කෙනා බාබා යි. ඊට වඩා ආදරණීය දෙයක් තවත් නැහැ. ඔබ කල්ප භාගයක් පුරා ඔහුව සිහි කරමින් සිටියා. "බාබා පැමිණ අපගේ දුක නිවන්න" කියා ඉල්ලා සිටියා. පියා දැන් පැමිණ ඔබට පැහැදිලි කර කියා දෙනවා. දරුවනි, ඔබේ පවුලේ අය සමඟ ඔබ නිවසේ රැඳී සිටිය යුතුයි. එසේ නම්, ඔබ බාබා සමඟ කොපමණ කාලයක් සිටිනවා ද? ඔබට ඔහු සමඟ සිටිය හැක්කේ පරම දනව්වේ පමණයි. මෙහි ඉන්න බැහැ. මෙහිදී ඔබ දැනුම හැදෑරිය යුතුයි. දැනුම හදාරන අය සිටින්නේ ඉතාමත් ස්වල්ප දෙනයි. ශබ්ද විකාශනයකින් මෙය සිදුවනවා ද? ගුරුවරයා ප්‍රශ්ණ අසන්නේ කෙසේද? ශබ්ද විකාශනයකට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද? අන්න ඒ නිසා තමයි එක් වතාවකට කුඩා කණ්ඩායම් බැගින් ගෙන උගන්වන්නේ. පාසල් වල සෑම කෙනෙකුම විභාග වලට වාඩි වෙනවා. ප්‍රතිඵල නිකුත් වුණු විට ඒවා නිවේදනය කරනවා. මෙහිදී ඔබට උගන්වන්නේ පියා පමණයි. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බවත් කියා දිය යුතුයි. භෞතික පියා සහ මේ ලෝකයෙන් අභිබවා සිටින පියා. මෙම ලෝකයෙන් එපිට සිටින පියාව මිනිසුන් මතක් කරන්නේ දුකේදී පමණයි. ඒ පියා දැන් මෙහි පැමිණ සිටිනවා. මහාභාරත යුද්ධ කාලයේ දී ක්‍රිෂ්ණා ද එහි එන බව මිනිසුන් කියනවා. නමුත් එය සිදු නොවිය හැකි දෙයකි. දුප්පත් මිනිස්සු මහා පටලැවිල්ලක පැටලිලා. ඒත් ඔවුන් තවමත් "ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා" කියා කෑ ගසනවා. ශිවාත් ඒවාගේම ක්‍රිෂ්ණාත් ඉතාමත් ආදරණීය අයයි. කොහොම නමුත් ඔහු අශාරිරිකයි. මොහු ශාරීරිකයි. අශාරිරික පියා සියළු ජීවාත්මයන්ගේ පියායි. දෙදෙනාම ඉතාමත් ආදරණිය අයයි. ක්‍රිෂ්ණා ලෝක පාලකයෙකි. දැන් වඩාත්ම ආදරණිය කෙනා කවුදැයි ඔබට නිශ්චය කරගත හැකියි. ශිවා අමරණීය ස්වාමියා ඔබට කතාවක් කියයි. ඔබ සියළු දෙනාම අර්ජුනා වේ. එසේම ඔබ සියළු දෙනාම ද්‍රෞපතී ද වේ. මෙම පාපතර ලොවට කියන්නේ රාවණ රජදහන කියායි. එය පාපයෙන් තොර වූ ලෝකයයි. එහි පාපය පිළිබඳ ගැටළුවක් නැත. අශාරිරික පියා පාපතර ලොවක් නිර්මාණය කරයි ද? පාපයෙහි දුක ඇත. සන්යාසී මාර්ගයේ සන්යාසීන්ට හථ යෝගාව ඇත. එය ඒකලන මාර්ගයයි. ක්‍රියා අත් හැරීමක් කිසිසේත් කළ නොහැකියි. එය සිදුවන්නේ ශරීරයෙන් ජීවාත්මය වෙන් වූ විට පමණි. ක්‍රියා වල සියළු ගිණුම් මව් කුස යන සිර කුටියේදීම ගෙවී යයි. කෙසේ වෙතත්, කර්ම හැරීම ගැන කතා කිරීම වැරැදියි. බොහෝ මිනිසුන් හථ යෝගා වැනි දේ ඉගෙන ගන්නවා. කුටි වලට යනවා. ගින්දර මත ඇවිදිනවා. ප්‍රාතිහාර්ය පෑමේ බලයනුත් තිබෙනවා. විජ්ජාවන් කර නොයෙකුත් දේ මවා පෙන්වනවා. මේ පියාවත් විජ්ජාකරුවා, ආභරණ වෙළෙන්දා සහ ව්‍යාපාරිකයා යන නම් වලින් හඳුන්වනවා. කෙසේවෙතත්, එම කිසිම කෙනෙකුට මුක්තිය හෝ ජීවන මුක්තිය ලබාගත නොහැක. සෑම කෙනෙකුට ම මුක්තිය හා ජීවන මුක්තිය ලබාදෙන්නට එන්නේ එක් සත්‍යම සත්ගුරු පමණයි අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අතිශයින්ම ආදරණීය පියා තමයි කටු මල් බවට හරවන්නේ. ඔහුව බොහෝ ආදරයෙන් මතක් කරන්න. පිවිතුරු සුවඳැති මල්වී සැමටම සතුට දෙන්න.

2. මෙම දැනුම ඔබේ ආදායම් මාර්ගයයි. මෙමගින්, ඔබ උපත් 21කට ඉතාමත් උසස් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බවට පත්වනු ඇත. එම නිසා එය හොඳින් හදාරා අන් අයටත් උගන්වන්න. ජීවාත්ම අවධානයට පත්වන්න.

වරදානය:
ඔබ බාප්දාදා තම සහකරු කර, සෑම දෙයක්ම දෙගුණයක බලයකින් සිදු කරන පහසු යෝගීවරයෙක් වේවා.

ඕනෑම කාර්යයක් කරන විට, බාප්දාදා ඔබගේ සහකරු කරගන්න, එවිට කාර්යය දෙගුණයක බලයකින් සිදුවෙයි. තවද ඔබට ඉතා පහසුවෙන් ඔහුගේ අවධානය ඇති වෙයි, මන්ද ඔබත් සමඟ සෑම විටම සිටින ඕනෑම කෙනෙක්ව ඉබේම සිහිවෙයි. මේ අන්දමට සහකරුවෙක් වීමෙන් සහ ඔබගේ බුද්ධිය තුළ නිරන්තරයෙන් සත්‍යයේ ඇසුර තිබීමෙන් ඔබ පහසු යෝගීවරයෙක් වෙයි. මෙම බලසම්පන්න ඇසුර තිබීම නිසා, ඔබ සෑම කාර්යයක්ම දෙගුණයක බලයකින් සිදු කර සාර්ථකත්වය අත්දකියි.

පාඨය:
මහාරතී කෙනෙක් යනු මායාගේ කිසිම බාහිර බලපෑමකට හසු නොවන කෙනෙකි.