05.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ට, ඔබගේ උරුමය වන සාමය සහ සතුට ලබා දීමටයි. ඔබගේ ආදිතම ධර්මය සාමයයි. එබැවින් ඔබ තව දුරටත් සාමය සොයමින් එහෙ මෙහෙ සැරිසරන්නේ නැත.

ප්‍රශ්නය:
උපත් 21 ක අසීමිත නිධන් වලට එරෙහිව ඔබව කිරා මැන බැලීමට තරම්, ඔය දරුවන් වටිනා අය වන්නේ කෙසේද?

පිළිතුර:
අළුත් ලොව නිර්මාණය කිරීමට පරම පියා පැමිණෙන විට, ඔය දරුවන් ඔහුගේ සහායකයින් වෙයි. ඔබ සතු සෑම දෙයක්ම ඔහුගේ කාර්යය වෙනුවෙන් ඔබ වටිනා අන්දමකින් භාවිත කරයි. එබැවින් එහි ඵලය ලෙස පරම පියා උපත් 21 ක අසීමිත නිධන් වලට එරෙහිව ඔබව කිරයි, ඔබගේ ධනය කිසි විටෙකත් නොපිරිහෙන ලෙස ඔබ කිසි විටෙක දුක හෝ අකල් මරණ අත් විඳින්නේ නැත.

ගීතය:
මට ආධාර දුන් ඒකායන කෙනාට හදවත තුති පුදයි...

ඕම් ශාන්ති.
ඕම් හි අරුත ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දී ඇත. සමහර මිනිසුන් නිකම්ම ඕම් කියයි. කෙසේවෙතත්, ඕම් ශාන්ති යැයි කිව යුතුයි. ඕම් පමණක් හි තේරුම මම දෙවියන්ය. ඕම් ශාන්ති හි තේරුම මම නම් වූ මෙම ජීවාත්මය සාමයේ ප්‍රතිමූර්තියක්මි. මම ජිවාත්මයක්මි, මෙය මාගේ ශරීරයයි පළමුව ජීවාත්මයයි ඉන්පසුව ශරීරයයි. ජීවාත්මයන්, සාමයේ ප්‍රතිමූර්ති වන අතර ඔවුන්ගේ වාසස්ථානය සාමයේ දේශයයි. ඔබ කැලෑවකට ගිය පමණින් ඔබට සත්‍ය සාමය ලැබෙන්නේ නැත. ඔබ නිවහනට ගිය විට පමණයි ඔබට සත්‍ය සාමය ලැබෙන්නේ. දෙවනුව, සාමය නොමැති විට මිනිසුන්ට සාමය අවශ්‍ය වෙයි. සාමය නොමැති මෙම දුක් දේශය විනාශ වූ විට, එවිට සාමය ඇතිවෙයි. ඔය දරුවන්ට එවිට ඔබගේ සාමයේ උරුමය ලැබෙයි. එහිදී ඔබගේ නිවහනේ හෝ පිටත රාජධානියේ අසාමය නොමැත. එයට කියන්නේ සාමයේ රාජධානිය කියායි. මෙහි දී, එය රාවණ්ගේ රාජධානිය නිසා, එය අසාමයේ රාජධානියයි. එය පරමාත්ම දෙවියන් විසින් ස්ථාපනය කරන ලද රාජධානියයි. ඉන්පසු තඹ යුගය ආරම්භ වූ පසු එය රාක‍්ෂකයාගේ රාජධානිය බවට පත් වෙයි. රාක‍්ෂකයින්ට කිසිම විටෙක සාමය නොමැත! ගෙදරදී, වැඩපළේදී, ආදි සෑම තැනකම අසාමය මිස වෙන කිසිවක් නැත. රාවණ්ගේ දුර්ගුණ පහ අසාමය පතුරුවයි. කිසිම ශාස්තෘවරයෙක් හෝ පණ්ඩිතයෙක් රාවණ් යනු කුමක්දැයි නෙදනිති. සෑම වසරකම රාවණ් මරා දමන්නේ මන්ද කියා ඔවුන් දන්නේ නැත. රාවණ් ස්වර්ණමය හෝ රිදීමය යුගයන්හිදි පවතින්නේ නැත. එය දේවතාවන්ගේ රාජධානියයි. පරමාත්ම දෙවියන්, බාබා ඔබගේ මාර්ගයෙන් දේවතා රාජධානිය ස්ථාපනය කරයි. ඔහු මෙය තනිවම කරන්නේ නැත. ඔය සුමිහිරි දරුවන් පරමාත්ම දෙවියන්ගේ සහායකයින්ය. පෙර කළ ඔබ රාවණ් ගේ සහායකයින්ව සිටියේය. දැන් පරමාත්ම දෙවියන් පැමිණ සියලුම දෙනාට විමුක්තිය ලබා දෙයි. ඔහු පාරිශුද්ධත්වයේ, සාමයේ සහ සතුටෙහි රාජධානිය ස්ථාපනය කරමින් සිටියි. ඔය දරුවන්ට දැන් ඥානයේ තුන්වෙනි ඇස ලැබී තිබේ. ස්වර්ණමය සහ රිදීමය යුගයන්හිදි ශෝකය පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. එහිදි කිසිවෙකු තව කෙනෙකුට අපහාස කරන්නේ නැත එහිදී කිසිවෙකු අපවිත්‍ර කිසිවක් කන්නේ නැත. මෙහි මිනිසුන් කන කෑම, කෙතරම් අපවිත්‍රදැයි බලන්න! ක්‍රිෂ්ණා, ගවයින්ට බොහෝ සේ ආදරය කරන ලෙසින් පෙන්වා තිබේ. ක්‍රිෂ්ණා ගවයින් බලා ගත් ගොපළු කොලුවෙක් නොවේ. නැත. එහි ගවයින් සහ මෙහි ගවයින් අතර විශාල වෙනසක් තිබේ. එහි ගවයින් ඉතා ලස්සන සහ සතෝප්‍රධාන් විය. දේවතාවන් ලස්සන වූ අයුරින්ම ගවයින්ද ලස්සන විය. ඔවුන් දෙස බැලීමෙන් පමණක්ම ඔබ සතුට ලැබුවේය. එය දිව්‍යලෝකය වන අතර මෙය නරකාදියයි. සෑම කෙනෙක්ම දිව්‍යලෝකය මතක් කරති. දිව්‍යලෝකය සහ නරකාදිය අතර, දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් ඇත. රාත්‍රියේදි අන්ධකාරය ඇති අතර දහවලේදි ආලෝකය තිබේ. බ්‍රහ්මාගේ දහවල වන විට එය බ්‍රහ්මණ වංශිකයන්ගේද දහවලයි. පෙර කළ ඔබද අන්ධකාර රාත්‍රියේ සිටියේය. මෙකල බොහෝ සෙයින් භක්තියේ බලය තිබේ. මිනිසුන් දිගින් දිගටම, ඔවුන් ග්‍රන්ථ වල ශාස්තෘවරයින් බැවින්, රත්තරං වලට එරෙහිව මහාත්මයන්ගේ කිරා මැන බැලීම සිදු කරයි. ඔවුන් එතරම් බලපෑමක් ඇති කරන්නේ ඇයි? බාබා මෙයද විස්තර කර ඇත. ගසක අළුත් පත්‍ර මතු වන විට ඒවා සතෝප්‍රදධාන්ය. ඒ හා සමානව, ඉහළ සිට අළුත් ජීවාත්මයන් පැමිණෙන විට ඔවුන් තාවකාලික කාලයකට අනිවාර්යෙන්ම බලපෑමක් ඇති කරයි. මිනිසුන් රත්තරං හෝ දියමන්ති වලට එරෙහිව ඔවුන්ව කිරයි. කෙසේවෙතත්, ඒ සෑම දෙයක්ම විනාශ වීමට යයි. සිය දහස් ගණනක් වටිනා ගොඩනැගිලි මිනිසුන්ට තිබේ. තමන් බොහෝ සෙයින් ධනවත් යැයි ඔවුන් විශ්වාස කරති. එම ධනය ඉතා කෙටි කාලයකට පමණක් පවතින බව ඔය දරුවන්ට වැටහෙයි. ඒ සියල්ලක්ම අළු බවට පත් වීමට යයි. සමහරක් මිනිසුන්ගේ ධනය පොළව යට වැළලෙයි... පරම පියා දිව්‍යලෝකය ස්ථාපනය කරන අතර, මේ සඳහා තම ධනය යොදන අයට උපත් 21 කට රත්තරං සහ දියමන්ති එබ්බවූ මාලිගාවන් ලැබෙයි. මෙහිදී ඔබට ලැබෙන්නේ එක් උපතකට පමණයි. එහිදී එය උපත් 21 කට දිගටම පැවතෙයි. ඔබගේ ශරීරය ඇතුළුව, දැසට පෙනෙන සියලුම දේ පිළිස්සී යනු ඇත. ඔය දරුවන්ට දිව්‍යමය ද්‍රීෂ්ඨි තුළින් දර්ශන පෙනෙයි. විනාශය සිදු වී, ඉන්පසු ලක‍්ෂමි සහ නාරායන්ගේ රාජධානිය ඇතිවෙයි. ඔබ නැවත වරක් ඔබගේ රාජධානියේ භාග්‍යය ස්ථාපනය කරන බව ඔබ දනී. ඔබ පරම්පරා 21 කට පාලනය කළ අතර ඉන්පසු රාවණ්ගේ රාජධානිය ඇති විය. පරම පියා දැන් නැවත පැමිණ ඇත. භක්ති මාර්ගයේදී සෑම කෙනෙක්ම පියාව සිහිපත් කරයි. දුක ඇති වෙලාවට සියලුම දෙනා පියා මෙනෙහි කරන බව සිහිපත් කොට ඇත. පරම පියා ඔබට ඔබගේ සතුටෙහි උරුමය ලබා දෙයි, ඉන්පසු ඔහු සිහිපත් කිරීමට අවශ්‍ය නැත. ඔබයි මව, ඔබයි පියා. එම මවට සහ පියාට ඔවුන්ගේම දරුවන් සිටියි. මෙහි, මෙලොවට ඔබ්බෙන් සිටිනා මව සහ පියා පිළිබඳ ප්‍රශ්නයකි. ඔබ දැන් ඉගෙන ගන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් වීමටයි. පාසැලක ශිෂ්‍යයින් හොඳින් සමත් වූ විට ඔවුන්ගේ ගුරුවරයාට ත්‍යාගයක් පිරිනැමෙයි. එම කෙනාට ඔබ දෙන්නේ කුමන ත්‍යාගයද? ඔබ මැජික් බලයෙන් ඔහුව ඔබගේ දරුවා කරයි. ක්‍රිෂ්ණාගේ මව, ක්‍රිෂ්ණා ගේ මුව තුළ වෙඬරු පිඩක් දුටු බව කියැවේ. ක්‍රිෂ්ණා උපත ලැබුවේ ස්වර්ණමය යුගයේදීය. ඔහු වෙඬරු ආදිය කන්නේ නැත. ඔහු ලොවෙහි අධිපතියායි. ඉතිං එයින් හැඳින්වෙන්නේ කුමන කාලය පිළිබඳවද? එයින් හැඳින්වෙන්නේ දැන්, සංගම් යුගය ගැනයි. ඔබගේ ශරීරය අතහැර ඔබ ළදරුවෙක් වන බව ඔබ දනී. ඔබ ලොවට අධිපතියෙක් වෙයි. ක්‍රිස්තියානි ජාතීන් දෙක එකිනෙකා සමඟ සටන් වදින අතර ඔය දරුවන් වෙඬරු පිඩ ගනී. ඔබට රාජ්‍යය ලැබෙයි. එම මිනිසුන්, භාරත වැසියන් එකිනෙකා සමඟ සටන් කිරීමට පෙළඹ වු අතර ඉන්පසු ඔවුන් වෙඬරු පිඩ ගත්තේය. (බෙදා පාලනය කිරීම). බ්‍රිතාන්‍ය රාජ්‍යය ලෝකයෙන් තුන්-කාලක් පුරා පැතිරුණි. ඉන්පසු ඔවුන්ගේ බලපෑම ක්‍රම-ක්‍රමයෙන් අඩු විය. ඔබ හැරුණු කොට වෙනින් කිසිවෙකුට ලොවම පාලනය කළ නොහැක. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. ඔබ දැන් බ්‍රහ්මාන්ද් වල අධිපතියන් සහ ලොවෙහි අධිපතියන් බවට පත් වෙමින් සිටියි. බ්‍රහ්මාන්ද්, ලෝකයේ ඇතුලත් වී නැත. සූක‍්ෂම දේශයේ රාජධානියක් නොමැත. ස්වර්ණමය, රිදීමය, තඹමය සහ කලි යුගය පවතින්නේ මෙම ශාරීරික ලෝකයේය. ජීවාත්මයන් ධ්‍යානයට සමවැදුණු විට ඔවුන් කොහේවත් යන්නේ නැත. ජීවාත්මය, ශරීරයෙන් පිට වූයේ නම් ශරීරය මිය යයි. මේ සෑම දෙයක්ම දර්ශනයි. සමහර මිනිසුන්ට විජ්ජා බලයෙන් එතැන ඉඳගෙන, විදේශයක පාර්ලිමේන්තුවක දර්ශන පවා දැක ගත හැක. බාබා, දිව්‍ය දර්ශන වල යතුර ඔහුගේ අතේ තබා ගනී. මෙහි ඉඳගෙන ඔබට ලන්ඩන් නගරය දැක ගත හැක. ඔබට උපකරණ කිසිවක් මිල දී ගැනීමට අවශ්‍ය නැත. නාටකයේ නියම වී ඇති වෙලාවට අනුව, නිවැරදි වෙලාවට දර්ශන ලැබෙයි. දෙවියන්ව පෙන්වා ඇත්තේ, අර්ජුනට දර්ශනයක් ලබා දෙන ආකාරයටයි. නාටකයට අනුව, ඔහුට දර්ශනයක් ලැබීමට තිබිණ. මෙයද නියම වී ඇත. එය කාගේවත් ශ්‍රේෂ්ඨ කමක් නොවෙයි. මේ සියලුම දේ සිදුවන්නේ නාටකයට අනුවයි. ක්‍රිෂ්ණා ලොවෙහි රජ කුමරු බවට පත් වෙයි, එනම්, ඔහුට වෙඬරු පිඩ ලැබෙයි. වෙනින් කිසිම කෙනෙක් ලොව යනු කුමක්ද හෝ බ්‍රහ්මාන්ද් යනු කුමක්ද කියාවත් නොදනී. ඔය ජීවාත්මයන් වාසය කරන්නේ බ්‍රහ්මාන්ද් වලයි. මෙකලයි, සූක‍්ෂම ලෝකයේ සිට පැමිණීම සහ පිටවීම සහ දර්ශන ඇතිවීම ආදිය සිදුවන්නේ. ඉන්පසු තව වසර 5000 කට සූක‍්ෂම දේශය ගැන සඳහන් වන්නේ නැත. ඔවුන් කියන්නේ බ්‍රහ්ම දේවතාවන්ට නමස්කාර වේවා කියායි. ඉන්පසු ඔවුන් කියන්නේ උත්තරීතර ජීවය වන ශිවාට නමස්කාර වේවා කියාය. එබැවින් ඔහු උසස්ම කෙනායි. ඔහුට කියන්නේ පරමාත්ම දෙවියන් කියායි. එම දේවතාවන්ද මනුෂ්‍යයින් වන නමුත්, ඔවුන්ට දිව්‍යමය ගුණධර්ම ඇත. අත් හතරක් හෝ අටක් ඇති මනුෂ්‍යයින් සිටිය නොහැක. එහිද, මනුෂ්‍යයින්ට ඇත්තේ අත් දෙකක් පමණයි, එහෙත් ඔවුන් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි අපවිත්‍රභාවයක සඳහනක්වත් නොමැත. එහි කිසිවිටෙකත් අකල් මරණ නැත. එබැවින් ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. ජීවාත්මය වන මම, මෙම ශරීරය තුළින් බාබාව දකිමි. ඔබට දැකිය හැක්කේ ශරීරය පමණයි ඔබට පරමාත්ම ජීවය හෝ ජීවාත්මයක් දැකිය නොහැක. එය ජීවාත්මය සහ පරමාත්ම ජීවය පිළිබඳව වටහාගැනීමේ කාරණාවකි. ඒවා දැකීමට ඔබට දිව්‍යමය ද්‍රිෂ්ඨිය ලැබේ. දිව්‍යමය ද්‍රිෂ්ඨියකින් දකින සෑම දෙයක්ම විශාල වී පෙනෙයි. රාජධානියද විශාල වෙයි. ජීවාත්මයක් නිකම්ම තිතකි. තිතක් දැකීමෙන් ඔබ කිසි දෙයක් වටහා ගන්නේ නැත. ජීවාත්ම බොහෝ සේ සූක‍්ෂමයි. බොහෝ වෛද්‍යවරුන් ජීවාත්මයක් අල්ලා ගැනීමට තැත් කර ඇති නමුත්, කිසි කෙනෙකුට කිසිවක් දැන ගත නොහැක. අර මිනිසුන් රත්තරං සහ දියමන්ති වලට එරෙහිව කිරනු ලබයි. ඔබ උපතින් උපතට කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වෙමින් සිටියි. ඔබට කිසිම බාහිර ආටෝපයක් නොමැත. ඔහු මෙම රථයේ අසුන්ගෙන අපට සාමාන්‍ය ලෙසකින් උගන්වයි. එහි නම භාග්‍යවන්ත රථයයි (භගීරත්). පරම පියා මෙම අපවිත්‍ර පැරණි රථයට ඇතුළු වී උසස්ම-උසස් සේවය කරයි. පරම පියා පවසන්නේ මගේම ශරීරයක් මට නොමැත. ඥාන සාගරය, සෙනෙහසේ සාගරය වන මම, ඔබට ඔබගේ උරුමය ලබා දෙන්නේ කෙසේද? මට එහි ඉහළ සිට ඔබට එය ලබා දිය නොහැක. මා සිතිවිලි මාර්ගයෙන් උගන්වයිද? මා අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. භක්ති මාර්ගයේදී ඔබ මට වැඳුම් පිදුම් කොට ඔබ සියලු දෙනාම මට ආදරය කරති. මිනිසුන් ගාන්ධි, නේරු ආදින්ගේ පිංතූර වලට ආදරෙයි. ඔවුන්, එම අයගේ ශරීර සිහි කරයි. ජීවාත්ම අවිනාශි බැවින් ඔවුන් තව උපතක් ගත්තේය. කෙසේවෙතත්, මිනිසුන් විනාශ වන ස්වරූපය දිගටම සිහි කරයි. එය පදාර්ථයන්ට වන්දනා කිරීමයි! ඔවුන් පූජා කුටියක් සාදා මල් ආදිය පූජා කරයි. එය සිහිවටනයකි. ශිවාට දේවාල බොහොමයක් ඇත. විශාලතම සිහිවටනය ඇත්තේ ශිවාටයි. සෝම්නාථ දේවාලයේ ප්‍රශංසාව තිබේ. මහ්මුද් ගස්නාවි පැමිණ එය මංකොල්ල කෑවේය. ඔබට ධනය බොහෝ සෙයින් තිබිණි! බාබා ඔය දරුවන්ව මිණිමුතු වලට එරෙහිව කිරයි. මම මාව කිරා මැන බලාගන්නේ නැත. මම ඒ තරම් ධනවත් වන්නේ නැත! මම ඔබව එය බවට පත් කරවන්නෙමි. ඒ මිනිසුන් කෙනෙක්ව කිරයි, එහෙත් හෙට සමහර විට ඔහු මිය යයි. එම ධනයෙන් ප්‍රයෝජනයක් වන්නේ නැත. පරම පියා කුමන ආකාරයකින් ඔබව අසීමිත නිධාන වලට එරෙහිව කිරයිද යත්, එය උපත් 21 කට ඔබත් සමඟ තිබෙයි. කෙසේවෙතත්, එසේ වන්නේ ඔබ ශ්‍රීමත් අනුගමනය කළොත් පමණයි. එහි දුකක සඳහනක් නොමැත එහි කිසි විටෙක අකල් මරණ නොමැත. මරණය පිළිබඳ බියක් නොමැත. මෙහි මිනිසුන් මරණයට බොහෝ සේ බිය වී අඬයි. ඔබ එහි ගොස් රජකුමරුන් වීම ගැන බොහෝ සතුට ඇත. පරමාත්ම ජීවය ශිවාට, මැජික්කරු, ව්‍යාපාරිකයා සහ මැණික් වෙළෙන්දා යැයි කියයි. ඔබ එවැනි රජකුමරෙකු වන දර්ශනද ඔහු ලබා දෙයි. බාබා දැන් දර්ශන දීමේ කොටස වසා ඇත. ඒ මඟින් බොහෝ අවැඩ සිදු විය. පරම පියා දැන් ඥානය තුළින් අපට විමුක්තිය ලබා දෙයි. පළමුව ඔබ සතුටෙහි දේශයට යයි. එය දැන් දුක් දේශයයි. ඥානය ධාරණය කරගන්නේ ජීවාත්මය බව ඔබ දන්නවා. මේ නිසයි පරම පියා පවසන්නේ තමන් ජීවාත්මයක් යැයි සළකන්න! හොඳ සහ නරක සංස්කාර තිබෙන්නේ ජීවාත්මයේය. කෙනෙකුගේ සංස්කාර ශරීරයේ තිබුණේ නම්, ඒවා එම කෙනාගේ ශරීරයත් සමඟම පිළිස්සී යනු ඇත. ඔබ කියන්නේ ශිව් බාබා, ජීවාත්මයන් වන අපි මෙම ශරීර තුළින් ඉගෙන ගන්නෙමු. මෙය අළුත් දෙයකි. ශිව් බාබා ජීවාත්මයන් වන අපට උගන්වයි. මෙය ඉතා හොඳින් මතක තබා ගන්න. ඔහු අප සෑම ජීවාත්මයකගේම පියා මෙන්ම ගුරුවරයාද වන්නේය. පරම පියාම පවසන්නේ මගේම කියා ශරීරයක් මට නොමැත. මමත් ජීවාත්මයක්මි, එහෙත් මට කියන්නේ පරමාත්ම ජිවය කියාය. සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. ශරීර වල නම් දිගින් දිගටම වෙනස් වෙයි. ජීවාත්මයක් ජීවාත්මයකි. පරමාත්ම ජීවය වන මම ඔබ මෙන් පුනරුත්පත්ති ගන්නේ නැත. නාටකයේ මගේ කොටස කෙසේද යත්, මම මෙම කෙනා තුළට ඇතුළු වී ඔබට ඥානය කතා කරන්නෙමි. මේ නිසයි මෙම කෙනාට භාග්‍යවන්ත රථය යැයි කියන්නේ. ඔහුට පරණ සපත්තුවක් යැයිද කියයි. ශිව් බාබා පරණ දිග බූට් සපත්තුවක් පළඳියි. පරම පියා පවසන්නේ මම මෙම කෙනාගේ බොහෝ උපත් වල අන්තිම උපතේ, අවසානයේදි ඔහු තුළට ඇතුල් වන්නෙමි. මෙම කෙනා පළමුවෙන්ම මෙය වන අතර, ඔබටත් මෙය වලංගුයි! බාබා කියන්නේ ඔබ ඉතාමත් තරුණයි. ඔබ මට වඩා ඉගෙන ගෙන උසස් තත්වයක් හිමි කර ගත යුතුයි. කෙසේවෙතත්, බාබා මා සමඟ සිටින නිසා මට නැවත නැවතත් ඔහුව සිහිපත් වෙයි. බාබා නිදා ගන්නේද මා සමඟයි. කෙසේවෙතත්, බාබාට මාව බදා ගන්නට බැහැ. ඔහුට ඔබව බදා ගන්නට පුළුවනි. ඔබ ඉතා වාසනාවන්තයි. ඔබට ශිව් බාබා ණයට ගෙන ඇති ශරිරය බදා ගන්නට පුළුවනි. මම කොහෙමද ඔහුව බදා ගන්නේ? මට එම භාග්‍යය නොමැත! මේ නිසයි ඔබව වාසනාවන්ත තරු ලෙස සිහිපත් කරන්නේ. දරුවන් සෑම විටම වාසනාවන්තයි. පියෙක් ඔහුගේ දරුවන්ට මුදල් දෙයි. එබැවින් ඔබ වාසනාවන්ත තරුය. ශිව් බාබා පවසන්නේ ඔබ මට වඩා වාසනාවන්තයි. මම ඔබට උගන්වා ඔබව ලොවට අධිපතියන් බවට පත් කරවන්නෙමි. මම එය වන්නේ නැත. ඔබ බ්‍රහ්මාන්ද් වලද අධිපතියන් වෙයි. මට ඇත්තේ දිව්‍ය දර්ශන වලට යතුර පමණයි. මම ඥාන සාගරයයි. මම ඔබවද, මාස්ටර් ඥාන සාගර බවට පත් කරවන්නෙමි. ඔබ මුළු චක්‍රයම දන්නා අතර, ලෝක ගෝලයේ පාලකයින්, අධිරාජ්‍යවරු සහ අධිරාජිනියන් බවට පත්වෙයි. මම එය වන්නේ නැත. මිනිසුන් මහළුවත්ම, ඔවුන් සතු සියලු දේ තම දරුවන්ට ලියා, විශ්‍රාම ගත වෙයි. මුල් කාලයන්හිදි එසේ විය. මේ දිනවල ඔවුන්ට තම දරුවන් කෙරෙහි බැඳීම් තිබේ. එපිටින් පැමිණි පරම පියා පවසන්නේ මම මෙම කෙනා තුළට ඇතුළු වී, ඔය දරුවන්ව කටු වලින් මල් බවට පරිවර්ථනය කොට, ලොවට අධිපතියන් බවට පත් කරවන්නෙමි. මම චක්‍රයෙන් භාගයක් ඔබව සදා සතුටට පත් කොට, ඉන්පසු ගොස් විශ්‍රාමික තත්ත්වයේ අසුන් ගන්නෙමි. මෙම දේවල් ග්‍රන්ථ ශාස්ත්‍ර වල සඳහන් වන්නේ නැත. සන්‍යාසීන් ග්‍රන්ථ ශාස්ත්‍ර වල ඇති දේවල් කියා දෙයි. පරම පියා ඥාන සාගරයයි. ඔහුම පවසන්නේ වේදයන් සහ ග්‍රන්ථ භක්ති මාර්ගයේ ඇති නොයෙකුත් දේවල්ය. ඥාන සාගරය වන්නේ මා පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ශරීරයද ඇතුළුව, ඔබගේ දැස් වලින් දකිනා සියලුම දේවල්, පිළිස්සී යනු ඇත. එබැවින් ඔබ සතු සියලුම දේ වටිනා ලෙස භාවිත කරන්න.

2. පරම පියාගෙන් ඔබගේ මුළු උරුමයම හිමි කර ගැනීම සඳහා ඉගෙනගන්න. ඔබගේ වාසනාව නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගෙන, බ්‍රහ්මාන්ද් වල සහ ලොවෙහි අධිපතියෙකු වන්න.

වරදානය:
ඔබ මායාගේ රාජකීය ස්වරූපයක බන්දන වලින් නිදහස් වීමෙන්, ලොව ජය ගන්නා කෙනෙක් වේවා.

මගේ උත්සාහ, මගේ සේවය, මගේ ස්පර්ෂක, මගේ ගුණදම් හොඳයි, මගේ තීරණ ගැනීමේ බලය ඉතා හොඳයි. මෙම මගේ යන අවධානය, මායාගේ රාජකීය ස්වරූපයකි. මායා කෙබඳු විජ්ජා සිදු කරන්නේද යත් ඇය, ඔබගේ දේ පවා මගේ බවට පත් කරවයි, එබැවින් දැන් එවන් බන්දන වලින් නිදහස් වී, ඒකායන පරම පියා සමඟ සබැඳියාවක් ගොඩනගා ගන්න, එවිට ඔබ මායා ජයගත් කෙනෙක් වෙයි. ලොව ජයගන්නා අය වන්නේ, මායා පරාජය කරන අය පමණයි. ඔවුන්ට අශාරීරික වීමට, පහසුවෙන් සහ ඉබේටම, එක තත්පරයක් යන උපදෙස භාවිත කළ හැක.

පාඨය:
ලෝක පරිවර්ථකයෙක් යනු, ඕනෑම කෙනෙකුගේ නිශේධනීයත්වය, ධනාත්මක බවට පරිවර්ථනය කරන කෙනෙකි.