05.11.23 Avyakt Bapdada
Sinhala
Murli 10.03.96 Om Shanti Madhuban
කරන්හාර් සහ
කරවන්හාර් අවධානය තුළ රඳවා ගැනීමෙන් කර්මතීට් ස්ථිතිය අත්විඳීම.
අද දින, සෙත සලසන
පියා, ඔහුගේ සහකරුවන් වන ඔහුගේ සෙත සලසන දරුවන්ව දකිනවා. ඔය සියලුම දරුවන් බොහෝ
ගැඹුරු සෙනෙහසකින් ලෝකයට සෙත සැලසීමේ කාර්යයේ නියැලී සිටිනවා. එවැනි සහකරුවන් දැක,
බාප්දාදා නිරන්තරයෙන් මෙම ගීතය ගායනා කරයි: අපූරුයි මගේ සහකාර දරුවන්! අපූරුයි! ඔබ
සියලු දෙනාමත් නොකඩවා “අපූරුයි! අපූරුයි!” ගීත ගායනා කරනවා නේද? සෑම තැනකම සේවයේ
වේගය බාප්දාදා අද දුටුවා. මෙය සමගම තමන් වෙනුවෙන් දරන උත්සාහයේ වේගයද ඔහු දුටුවා.
එසේ නම්, සේවයේ වේගයේ සහ තමන් වෙනුවෙන් උත්සාහ දැරීමේ වේගයේ, බාප්දාදා දකින්නට
ඇත්තේ කුමක්ද? ඔබ මෙය දන්නවාද? සේවයේ වේගය වැඩිද, නැත්නම් තමන් වෙනුවෙන් දරන
උත්සාහයේ වේගය වැඩිද? වඩා වේගවත් වන්නේ කුමක්ද? දෙකේ සමබරතාවයක් තිබෙනවාද? ඔබට මෙම
සමබරතාවය නොමැතිද? එසේ නම්, ඔය ලෝකය සහ පදාර්ථ පරිවර්ථනය කරන ජීවාත්ම, ආශිර්වාද
හිමි කරගන්නේ කවදාද? මන්ද, අන් අයට, ඔබට හිමි වී ඇති ආශිර්වාද ලැබෙන්නේ, ඔබට මෙම
සමබරතාවය තිබෙන විට පමණයි. එසේ නම්, මෙම වෙනස තිබෙන්නේ ඇයි? ඔබ හැඳින්වෙන්නේ
කවුරුන් ලෙසද? ඔබ කර්ම යෝගීවරුද, නැත්නම් යෝගීවරු පමණක්ද? ඔබ කවුද? ඔබ කර්ම යෝගීවරු
නේද? ඔබට නිසැකද? එසේ නම්, සේවය යනු කුමක්ද? එය කර්මය නොවේද? ඔබ යම් ක්‍රියාවක්
සිදු කරන විට, ඔබ කතා කරන විට හෝ ද්‍රිෂ්ඨි ලබා දෙන විට, ඔබ පාඨමාලව කියා දෙන විට
හෝ කලාගාර වල විස්තර කරන විට, ඒවා සියල්ලක්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාය, එනම්, එය සේවයයි.
එබැවින් කර්ම යෝගීවරයෙක් වීම යනු, කර්ම සිදු කරන විට යෝගාවේ එම සමබරතාවය තබා
ගැනීමයි. කෙසේවෙතත්, ඔබම පවසන්නේ ඔබගේ සමබරතාවය අඩු වන බවය. සමබරතාවය අඩු වීමට
හේතුව කුමක්ද? ඔබත් මෙය ඉතා හොඳින් දන්නවා; එය අළුත් දෙයක් නොවෙයි; එය බොහෝ පැරණි
දෙයක්. බාප්දාදා දුටුවේ, සේවය සහ කර්මය මෙන්ම තමන් වෙනුවෙන් උත්සාහ දැරීමට, එනම්,
යෝගාව සඳහා සමබරතාවයක් තබා ගැනීමට විශේෂයෙන් එක වචනයක් මතකයේ තබා ගන්න. එම වචනය
කුමක්ද? පරම පියා කරවන්හාර්ය (අන් අය තුළින් ක්‍රියා සිදු කරන කෙනා), එමෙන්ම
ජීවාත්මයක් වන මා, අහවල් කෙනා නොව, නමුත් ජීවාත්මයක් වන මම, කරන්හාර්ය (ක්‍රියා කරන
කෙනාය.) එබැවින් කරන්කරවන්හාර් යන එක වචනය ඔබට මෙම සමබරතාවය ඉතා පහසුවෙන් පවත්වා
ගැනීමට මඟ පාදයි. ඔබගේ සමබරතාවය හෝ තමන් වෙනුවෙන් උත්සාහ දැරීමේ වේගය අඩු වීමට
හේතුව කුමක්ද? කරන්හාර් යන අවධානය තිබීම වෙනුවට ඔබ සිතන්නේ: මා මෙය සිදු කරවනවා.
කරන්හාර් වෙනවා වෙනුවට ඔබ තමන් කරවන්හාර් බව සලකා මෙසේ සිතයි: මෙය කරන්නේ මමයි. එසේ
නම් පැමිණෙන්නේ කුමන ආකාරයක මායාද, ඇය එන්නේ කුමන දොරටුවෙන්ද? මායාගේ පහසුම දොරටුව
ඔබ දැනටමත් දන්නවා; එය “මම”. ඔබ තවමත් මෙම දොරටුව සම්පූර්ණයෙන් වසා නැත. මායාට එය
පහසුවෙන් විවර කර ඇතුළු වීමට හැකි වන අන්දමටයි ඔබ එය වසන්නේ. ඔබ කරන්හාර් වන්නේ නම්
ඔබට එය කිරීමට දිරිගන්වන ඒකායන කෙනාව සිහි කිරීමට ඔබට අනිවාර්යෙන් හැකි වෙයි. මා
මෙය සිදු කරන නමුත් මට එය කිරීමට දිරිමත් කරවන්නේ පියාය. කරවන්හාර් නොමැතිව ඔබට
කරන්හාර් විය නොහැක. ඔබට ද්විත්ව ආකාරයකින් කරවන්හාර්ගේ අවධානය තිබීමට අවශ්‍යයි.
එකක් කරවන්හාර් වන පරම පියා වන අතර දෙවනුව, මෙම භෞතික ඉන්ද්‍රියන් තුළින් ක්‍රියා
කරන කෙනා, මා වන ජීවාත්මයයි. ඔබ ක්‍රියා සිදු කරන අතර මෙය කිරීමෙන් ඔබ හොඳ හෝ නරක
අන්දමකින් බලපෑමකට ලක් නොවෙයි. මෙය කර්මතීට් ස්ථිතිය ලෙස හැඳින්වෙයි.
ඔබ සියලු දෙනාගේම
අරමුණ කුමක්ද? ඔබ පතන්නේ කර්මතීට් වීමට නේද? ඔබ මෙසේ සිතනවාද: කර්මයේ සුළු බන්දනයක්
තිබුණාට කමක් නැහැ? එය තිබිය යුතුද, නැද්ද? ඔබ පතන්නේ කර්මතීට් වීමටද? පියා කෙරෙහි
සෙනෙහස තිබීමේ සළකුණ වන්නේ කර්මතීට් වීමය. ක්‍රියා සිදුකර, ක්‍රියා සිදුවීමට මඟ
පාදන්න: ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබ ලවා ක්‍රියා සිදු කිරීම, නොවිය යුතුයි, නමුත්
ඔබ, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ලවා ක්‍රියා සිදු කරවිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන් නොබැඳී
සිටින අතර ක්‍රියා සිදු වීමට මඟ පාදන්න. මෙම අවධානය ඉස්මතු කර තබා ගන්න, එයට
මුසුවීමට ඉඩ නොදෙන්න. ඔබ මෙය මුසුකර තබාගත් විට, එවිට කරවන්හාර් වනවා වෙනුවට, ඔබ
විටෙක ඔබගේ ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසු වෙයි, ඒවා වන්නේ මනස, බුද්ධිය සහ සංස්කාරයි.
මෙයට හේතුව කුමක්ද? “ ජීවාත්මයක් වන මම කරවන්හාර්ය. පාලකයා මමයි. මම මාස්ටර් සර්ව
බලධාරියෙක්මි.” මෙම අවධානය ඔබ පාලකයෙක් වීමේ අවධානය ගෙන එයි. එසේ නැත්නම් සිදුවන්නේ
විටෙක ඔබගේ මනස ඔබව පාලනය කරන අතර විටෙක ඔබ මනස පාලනය කිරීමයි. ඔබට නිරතුරුව
ස්වාභාවික ‘මන්මනාභව’ ස්ථිතියක් ඇති කිරීමට නොහැකි වන්නේ මේ නිසයි. මා
සම්පූර්ණයෙන්ම වෙන්ව සිටිනවා. මා වෙන්ව සිටිනවා පමණක් නොවෙයි, මා පාලකයාද වනවා. මා
පියාව සිහි කරන විට මා දරුවෙක් වන අතර මා, ක්‍රියා සිදු වීමට මඟපාදන ජීවාත්මයක් වන
විට, මා පාලකයාය. මෙම පුහුණුව ඇති කිරීමට ඔබ එතරම් අවධානයක් යොමු නොකරයි. සේවය
කිරීමේ ඔබ ඉතා හොඳින් නියැලී සිටියි, නමුත් ඔබගේ අරමුණ කුමක්ද? එය සේවාධාරියෙක්
වීමද, කර්මතීට් වීමද? එසේ නැත්නම් ඔබ දෙකම එකවර වෙනවාද? ඔබට මෙම ස්ථිර පුහුණුව
තිබෙනවාද? ඔබට මෙය කෙටි කාලයකට පුහුණු කළ හැකිද? ඔබට තමන්ව වෙන් කළ හැකිද? නැත්නම්,
ඔබ බොහෝ බැඳී ඇති බැවින් නොබැදෙන්නට ඔබට කාලයක් ගත වෙනවාද? ඔබට කෙතරම් කාලයකදි වෙන්
විය හැකිද? ඔබට විනාඩි 5ක් අවශ්‍යද, නැත්නම් එක විනාඩියක්ද, තත්පරයක්ද? ඔබට
තත්පරයකදී වෙන් විය හැකිද?
පාණ්ඩවයන්, ඔබට
තත්පරයකදි සම්පූර්ණයෙන් වෙන් විය හැකිද? ජීවාත්මයක් වන මා වන පාලකයා, මගේ සේවකයන්
වන සියලු භෞතික ඉන්ද්‍රියන්ගෙන් වෙන්වූ අයෙක්. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක මෙය පුහුණු
කරන්න. අච්චා, දැන් තත්පරයකදි වෙන් වී, පියාට ආදරණීය වන්න. මෙම බොහෝ බලවත් පුහුණුව
ඇති කරගන්න: මම නොබැඳී සිටිමි. මෙම භෞතික ඉන්ද්‍රියන් මගේ සහකරුවන්ය. මා ක්‍රියා
සිදුකරන අතර ඒවා මගේ සහකරුවන් වන නමුත් මම ආදරණීයයි, එමෙන්ම නොබැඳී සිටිමි. දැන්
තත්පරයකදි මෙය පුහුණු කරන්න. (බාබා ඔවුන් ලවා අභ්‍යාසය කරවූවා). මෙය පහසුද නැත්නම්
එය අපහසුද? එය පහසු නම් දවස පුරාම ක්‍රියා සිදුකරන අතර මෙම අවධානය ඉස්මතු කරගන්න,
එවිට ඔබට පහසුවෙන් කර්මතීට් ස්ථිතිය අත්විදීමට හැකි වෙයි. ඔබට සේවය කිරීම හෝ
ක්‍රියා සිදු කිරීම නතර කළ හැකිද? ඔබට එය නතර කිරීමට හැකි වෙයිද? ඔබ එය කළ යුතුයි.
තපස්යාවේ අසුන් ගැනීමත් ක්‍රියාවක් සිදු කිරීමයි. එබැවින් ඔබට ක්‍රියා සිදු නොකර හෝ
සේවය නොකර සිටිය නොහැක. ඇත්ත වශයෙන් ඔබ එය නොකර සිටිය යුතු නැහැ, මන්ද, ඔබට
තිබෙන්නේ ඉතාම කෙටි කාලයක් වන අතර නිමා කිරීමට තව බොහෝ සේවය ඉතිරිව තිබේ. සේවයේ
ස්වරූපය වෙනස් වී ඇත. කෙසේවෙතත්, දැන් පවා බොහෝ ජීවාත්මයන් තුළ තවමත් පැමිණිලි
තිබේ. මේ නිසයි ඔබට සේවයේ සහ තමන් වෙනුවෙන් දරන උත්සාහයේ තුලනයක් තිබිය යුත්තේ. ඔබ
සේවයේ බොහෝ කාර්යබහුල වූ නිසා තමන් වෙනුවෙන් ඔබගේ උත්සාහය මන්දගාමී වීම නොවිය
යුතුයි; නැහැ. ඇත්ත වශයෙන් සේවය කරන අතර තමන් වෙනුවෙන් උත්සාහ දැරීමට ඔබ වැඩි
අවධානයක් යොමු කළ යුතුයි, මන්ද, ඔබ සේවය කරන අතර මායාට ඔබ වෙතට පැමිණීමට බොහෝ ආකාර
වලින් වැඩි ඉඩක් තිබේ. එය සේවය ලෙස හැඳින්විය හැක, නමුත් එය සැබවින්ම ඔබගේම
ආත්මාර්ථකාමිත්වයයි. තමන්ට ප්‍රගතියක් ලබා ගැනීමට ඔබ පතයි, නමුත් ප්‍රගතිය ලබන අතර
සමබරතාවයක් පවත්වා ගැනීමට ඔබ අමතක නොකළ යුතුයි, මන්ද, ස්වභාවයේ සහ සම්බන්ධතාවල
ව්‍යාප්තිය තිබෙන්නේ සේවයේය, එමෙන්ම මායාද අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටියි. ඔබගේ
තුලනය සුළු වශයෙන් හෝ අඩුවන විට, මායා බොහෝ නව ස්වරූප ආරූඨ කරගනී. ඇය එකම පැරණි
ස්වරූපයෙන්ම නොපැමිණෙයි. ඇය අළුත් ස්වරූප වලින් ඔබ වෙතට පැමිණෙයි; නව සිදුවීම් සහ
නව සම්බන්ධතා ස්වරූපයෙන්. බාප්දාදා ඔබව සේවයෙන් නිදහස් කර යම් තැනක ඔබට මාසයක් හෝ
දින 15ක් හෝ අසුන්ගෙන සිටින්නට සලස්වන්නේ නම්, ඔබ කර්මතීට් වෙයිද? ඔබට කිසිම දෙයක්
නොකර අසුන්ගෙන තපස්යාවේ පමණක් සිටීමට, එමෙන්ම එක් වරක් පමණක් ආහාර පිසීමට, මාසයක
කාලයක් ලබා දෙන්නේ නම්, ඔබට කර්මතීට් වීමට හැකි වෙයිද? ඔබට කර්මතීට් වීමට නොහැකි
වේද?
ඔබ සමබරතාවයක් තබා
ගැනීමට පුහුණු නොවන්නේ නම්, එවිට මාසයක් නොව ඔබ මාස දෙකක් අසුන්ගෙන සිටියත්, ඔබගේ
සිරුර අසුන්ගෙන සිටියත් ඔබගේ මනසට අසුන්ගෙන සිටීමට නොහැකි වෙයි. ඔබගේ සිරුර පමණක්
නොවෙයි, ඔබ, ඔබගේ මනසට ඉඳගෙන සිටීමට සැලැස්විය යුතුයි. ඔබගේ සිරුරත් සමගම ඔබගේ
මනසටත් ඉඳගැනීමට සැලැස්විය යුතුයි. ‘නිකම් ඉඳගන්න! ඔබ සහ මම වෙනත් කිසිවෙක්
නොවෙයි.’ ඔබට මාසයක් එවන් තපස්යාවේ සිටිය හැකිද? එසේ නැත්නම් ඔබට සේවය සිහි වෙයිද?
සේවය දිනෙන් දින වැඩි විය යුතු බව බාප්දාදා මෙන්ම නාටකයද ඔබට නොකඩවා පෙන්වා දෙයි.
එබැවින් ඔබ අසුන්ගෙන සිටින්නේ කෙසේද? ඔබ පසුගිය වසරේ සිදු කළ සේවය සමග මේ වසරේ සිදු
කරන සේවය සංසන්දනය කරන විට, එය වැඩි වෙලාද, අඩු වෙලාද? එය වැඩි වෙලා නේද? ස්ව
කැමැත්තට විරුද්ධව වුවද ඔබව සේවයෙන් බැඳ දමා ඇත. කෙසේවෙතත්, සමබරතාවයක් පවත්වා
ගැනීමෙන් එය සේවයේ බන්දනයක් වෙනවා වෙනුවට, සේවයේ සම්බන්ධතාවයක් වෙයි, එය හරියට
ලෞකික සම්බන්ධතා වලදී කර්මික බන්දන තිබෙන අතර සේවයේ සම්බන්ධතාද තිබෙන බව ඔබට
වැටහෙයි. එවිට ඔබ කිසිම බන්දනයක් අත්නොවිඳින අතර සේවයේ මිහිරි සබැඳියාවක් පමණක්
අත්විඳියි. එබැවින් ඔබ නොකඩවා අවධානය යොමු කරන්නේ කුමටද? සේවයේ සහ තමන් වෙනුවෙන්
දරන උත්සාහයේ සමබරතාවය. සේවයේ අන්තයට නොයන්න. “මා පමණක් එය කළ යුතුයි. එය කළ හැක්කේ
මට පමණයි.” මෙය නොවෙයි. නැහැ, ක්‍රියා කිරීමට ඔබව දිරිගන්වන කෙනා එය කිරීමට ඔබව
දිරිගන්වන අතර ඔබ කරන්හාර් වන, ක්‍රියා සිදුකරන, උපකරණයක් පමණයි. එබැවින් එම වගකීම
තිබෙන අතර ඔබට එතරම් වෙහෙසක් නොදැනෙයි. සමහර දරුවන් පවසන්නේ: මා බොහෝ සේවය සිදු කර
ඇති නිසා මට වෙහෙසයි, එමෙන්ම මගේ හිස බර වෙලා. ඔබගේ හිස බර වෙනවා වෙනුවට කරවන්හාර්
බාබා ඔබගේ හිස ඉතා හොඳින් පිරිමදින අතර ඔබගේ හිස වඩාත් නැවුම් වෙයි. ඔබට කිසි
වෙහෙසක් නොදැනෙන අතර ඔබට අතිරික්ත ශක්තියක් ඇති වෙයි. විද්‍යාවේ ඖෂධ වලින් සිරුරු
වලට ශක්තිය ලැබිය හැකි නම් පරම පියාගේ සිහි කිරීමෙන් ජීවාත්මයන්ට ශක්තිය ලබා ගත
නොහැකිද? ජීවාත්ම වෙතට ශක්තිය පැමිණෙන විට එය ඉබේටම සිරුරු මත බලපෑමක් ඇති කරයි. ඔබ
මෙය අත්විඳ තිබෙනවා: ඔබට විටෙක මෙම අත්දැකීම ලැබෙයි. පසුව, ගමන් කරන අතර, විටෙක ඔබ
තම දිශාව වෙනස් කරන අතර එවිට ඔබට කිසිදේක අවධානය නොමැති වෙයි. දුක එන විට හෝ ඔබගේ
හිස බර වන විට, ඔබට අවධානය ඇති වන අතර ඔබ විමසිලිමත් වෙයි: සිදු වුනේ කුමක්ද? එය
වුනේ ඇයි? එබැවින් සරළව මෙම වචන මතකයේ තබා ගන්න: කරන්හාර් සහ කරවන්හාර්. මෙය
අපහසුද, පහසුද? “හා ජී” කියන්න. අච්චා.
ඔබ 900,000 ජන
සංඛ්‍යාව නිර්මාණය කර තිබෙනවාද? ඔබ විදෙස් රටවල කී දෙනෙක්ව නිර්මාණය කර තිබෙනවාද?
ඔබ 900,000 නිර්මාණය කර තිබෙනවාද? ඔබ භාරතයේ මෙතරම් නිර්මාණය කර තිබෙනවාද? ඔබ එය කර
නොමැත. එබැවින් ඔබ පරිසමාප්තියේ ඉඳිකටුවට ඉදිරියට යාමට ඉඩ නොදෙයි. එබැවින් තුලනයක්
පවත්වා ගන්න. මෙය දියමන්ති ජුබිලියේ වසරයි, එබැවින් ඔබ බොහෝ සේවය සිදු කළ යුතුයි.
කෙසේවෙතත්, මෙම තුලනය පවත්වා ගනිමින් සේවය කරන්න, එවිට ඉතා විගසින් පුරවැසියන්
නිර්මාණය වෙයි; එයට වැඩි කල් ගත නොවෙයි. පදාර්ථ සහ පංච මහා භූතයන් බොහෝ වෙහෙසට පත්ව
සිටියි, එමෙන්ම ජීවාත්ම අධෛර්යමත් වී ඇති අතර ඔවුන් අධෛර්යයට පත් වූ විට ඔවුන්ට
සිහි වන්නේ කාවද? ඔවුන් පියා වන දෙවියන්ව සිහි කරයි. කෙසේවෙතත්, ඔහුගේ සම්පූර්ණ
හැඳින්වීම නොමැති නිසා ඔවුන් ඊට වඩා බොහෝ සිහි කරන්නේ ඔය දේවතාවන්වයි. එබැවින් ඔබට
අධෛර්යයට පත්වූ ජීවාත්මයන්ගේ හඬ ඇසෙන්නේ නැද්ද? ඔබට ඒවා ඇසෙනවාද, නැත්නම් ඔබ තමන්ගේ
දේවල් තුළ පමණක් සිර වී සිටිනවාද? ඔබ දයාවෙන් පිරිපුන් නේද? ඔබ පියාව අමතන්නේ
කෙසේද? දයාවෙන් පිරිපුන්. සියලුම ආගම් වල මිනිසුන් දයානුකම්පාව අයදියි; ඔවුන් නියත
වශයෙන්ම මෙය ඉල්ලයි. ඔවුන් සියලු දෙනාම සතුට නොඉල්ලුවත් ඔවුන් සියලු දෙනාටම දයාව
අවශ්‍යයි. එසේ නම්, ඔවුන්ට මෙය ලබා දෙන්නේ කවුද? ඔබ දානපතියන් නේද? නැත්නම් ඔබ ගන්න
අයද? ඔබ ලබා ගෙන ඉන්පසුව අන් අයට ලබා දෙන අයයි. ඔබ දානපතිගේ දරුවන්ය. එබැවින් ඔබගේ
සහෝදරයන් සහ සහෝදරියන් වෙත දයාවන්ත වී, ඔබ දයාවෙන් පිරිපුන් වී සේවය සිදු කරන විට,
උපකරණයක් වීමේ හැඟීම ඉබේටම ඇති වෙයි. කෙනෙක් කෙතරම් අයහපත් වුණත්, ඔබ තුළ එම
ජීවාත්මය වෙනුවෙන් දයාව ඇත්නම්, ඔබ තුළ කිසිම විටෙක එම ජීවාත්මය වෙනුවෙන් අකමැත්තේ,
ඊර්ෂ්‍යාවේ හෝ කෝපයේ හැඟීම් ඇති නොවෙයි. දයානුකම්පාවේ හැඟීම, උපකරණයක් වීමේ හැඟීම
පහසුවෙන් ගෙන එයි. එය ආත්මාර්ථකාමිත්වය මත පදනම් වූ දයාවක් නොවිය යුතුයි, නමුත්
සැබෑ දයාව විය යුතුයි. අභ්‍යන්තරයෙන් ඔබ තුළ යම් ජීවාත්මයක් කෙරෙහි බැඳීමක් තිබිය
හැක, නමුත් ඔබ සිතන්නේ එම ජීවාත්මය ගැන ඔබට තිබෙන්නේ දයාවක් කියාය. එබැවින්, එය
සැබෑ දයාවක් නොව, ආත්මාර්ථකාමී දයාවයි. සැබෑ දයාව තුළ, කිසිම බැඳීමක්, ශරීර
අවධානයක් තිබිය නොහැක. ජීවාත්මය තුළ තව ජීවාත්මයක් කෙරෙහි දයාව තිබේ. ශරීර අවධානය
හෝ කිසිදු භෞතික ආකර්ෂණයක නමක් හෝ සලකුණක් නොතිබෙයි. සමහරු තුළ සිරුරක් කෙරෙහි
බැඳීමක් තිබෙන අතර තව සමහරු තුළ, කෙනෙකුගේ ගුණධර්ම හෝ විශේෂතා කෙරෙහි බැඳීමක්
තිබෙයි. කෙසේවෙතත්, එම කෙනාට එම ගුණධර්ම හෝ විශේෂතා ලබා දුන්නේ කවුද? එම ජීවාත්ම
කෙතරම් ශ්‍රේෂ්ඨ වුණත්, ඔවුන්ට ඒවා ලැබෙන්නේ පියාගෙනි. එය ඔබගේ නොවෙයි. ඔබට එය ලබා
දී තිබෙන්නේ පියා විසින්ය. එසේ නම්, ඔබ එය පිරිනමන්නාගෙන් ඍජුවම ලබා නොගන්නේ ඇයි?
එය ආත්මාර්ථකාමී දයාව නොවිය යුතු බව කියන්නේ මේ නිසයි. බොහෝ දරුවන් බොහෝ දඟකාරකම්
පෙන්වයි. ඒවා තමන්ගේම ආත්මාර්ථකාමී චේතනා වන නමුත් ඔවුන් පවසන්නේ කෙනෙක් කෙරෙහි
ඔවුන් තුළ දයාවේ හැඟීම් තිබෙන බවයි, ඔවුන්ට වෙනත් කිසිවක් නොව දයාව පමණක් දැනෙන
බවයි. කෙසේවෙතත්, දැන් පරීක්ෂා කරන්න: ඔබට පරාර්ථකාමී දයාව තිබෙනවාද? බැඳීම් වලින්
නිදහස් දයාව ඔබට තිබෙනවාද? එය යම් සීමිත ලැබීමක් නිසා ඇති දයාව නොවෙයි නේද? එවිට ඔබ
පවසන්නේ: ඇය ඉතා හොඳයි, ඔහු ඉතා හොඳයි, ඒ නිසයි සුළු ..... එම හැඟීම සුළුවෙන්
තිබීමට වත් ඔබට අවසර නොමැත. ඔබට කර්මතීට් වීමට අවශ්‍ය නම්, ඒ සියල්ලම බාධකයි. ඒ
සියලු දේවල් ඔබව ශරීර අවධානයට පත් කරවයි. ඔවුන් හොඳ ඇති, නමුත් ඔවුන්ව එසේ කළේ
කවුරු විසින්ද? ඔබට ඔවුන්ගේ යහපත්කම ධාරණය කර ගත හැක, නමුත්, ඔවුන්ගේ යහපතේ බලපෑමට
හසු නොවන්න. නොබැඳී සිට, පියා කෙරෙහි ආදරණීයව රැඳී සිටින්න. පියාගේ සෙනෙහසට බඳුන්
වන අය නිරන්තරයෙන් ආරක්ෂිතයි. ඔබට වැටහෙනවාද?
ඔබ සිදු කරන සේවය
වැඩි කරත්ම, එමෙන්ම ඔබ එය වැඩි කළ යුතුයි, එමෙන්ම ඔබ ස්ථාපනයද සමීපයට ෙගන ඒමට
පතනවාද, නැද්ද? එය සමීපයට ගෙන එන්නේ කවුද? පියා එය ගෙනෙයිද? ඔබ සියලු දෙනාම එය ගෙන
එනවාද? ඔබ සහකරුවන් නේද? ඔහුගේ සහකරුවන් වන ඔහුගේ දරුවන් නොමැතිව, පියාට තනිව
කිසිවක් කළ නොහැක. පියාට යම් දෙයක් විස්තර කිරීමට අවශ්‍ය නම්, ඔහු සිරුරක ආධාරය ගත
යුතුයි. ඔහුට සිරුරක ආධාරය නොමැතිව කතා කළ හැකිද? ඔහුට කතා කළ හැකිද? වාහනය හොද
වුණත් පැරණි වුණත්, ඔහුට කොහොමත් එහි ආධාරය ගැනීමට සිදු වනවා. යම් ආධාරයක් නොමැතිව
ඔහුට කිසිවක් කළ නොහැක. ඔහු බ්‍රහ්ම පියාගේ ආධාරය ගත් විට පමණයි, ඔබ ඉන්පසුව
බ්‍රහ්මණයන් වුණේ. ඔබ හැඳින්වෙන්නේ ශිව කුමාර් ලෙස නොව බ්‍රහ්ම කුමරුන් ලෙසයි.
අශාරීරික පියා, ශරීරයක ආධාරය ගත යුතුයි. ඔහු ශාරීරික බ්‍රහ්මගේ ආධාරය ගත් සේම, ඔහුට
දැන් වුණත්, බ්‍රහ්මගේ අව්‍යක්ත සුරදූත ස්වරූපයේ ආධාරය නොගෙන ඔබව පෝෂණය කිරීමට හැකි
වෙයිද? ඔහු ආධාරය ලබා ගන්නේ ශාරීරික ස්වරූපයෙන් හෝ සුරදූත ස්වරූපයෙන් වුණත්, ඔහු
ජීවාත්මයේ ආධාරය සහ ඇසුර ලබා ගත යුතුයි. ඇත්ත වශයෙන්ම ඔහු සර්ව බලධාරියාය, එබැවින්
විජ්ජාකරුවෙකුට තත්පරයකදි තාවකාලික විජ්ජාවක් පෙන්විය හැකි නම්, සර්ව බලධාරියාට
තමන් කැමති දෙයක් කළ නොහැකිද? ඔහුට එය කිරීමට හැකි වෙයිද? ඔහුට අවශ්‍ය නම් දැන්
විනාශය ගෙන ආ හැකිද? ඔහුට තනිව මෙය සිදු කළ හැකිද? බාබාට තනිව කිසිවක් කළ නොහැක.
ඔහු සර්ව බලධාරි වුවද, ඔහු ඔය සියලුම සහකරුවන්ට බැඳී සිටියි. එබැවින් පියා තුළ ඔය
සියලු දෙනා කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ඔහුට අවශ්‍ය නම් එය කළ හැක, නමුත් ඔහු එය
කරන්නේ නැහැ. ඔහුට ඔහුගේ මැජික් කෝදුව වැනිය නොහැකිද? කෙසේවෙතත්, පියා පවසන්නේ:
රාජධානියට අයිතියක් හිමි කරගන්නේ කවුද? පියා මෙම අයිතිය හිමි කර ගන්නවාද? ඔබ මෙය
වෙයි. ඔහු ස්ථාපනය සිදු කර, විනාශය ගෙන ආවත්, පාලනය කරන්නේ කවුද? ඔබ නොමැතිව ඔහුට
කිසි දෙයක් කළ හැකිද? ඔහු විසින් ඔබ සියලු දෙනාව කර්මතීට් කළ යුත්තේ මේ නිසයි. ඔබ
මෙය විය යුතුයි. නැත්නම් පියා බලෙන් ඔබව මෙය බවට පත්කළ යුතුද? පියා ඔබව මෙය බවට පත්
කළ යුතු අතර ඔබ සියලු දෙනාම මෙය බවට පත් විය යුතුයි. මිහිරි නාටකය මෙයයි. ඔබ
නාටකයෙන් විනෝදයක් ලබනවා නේද? නැත්නම් ඔබ විටෙක අසහනයට පත් වී මෙසේ සිතනවාද:
නිර්මාණය කර ඇත්තේ කුමක්ද? එය වෙනස් විය යුතු බව ඔබ සිතනාවද? පියාද පවසන්නේ : මෙම
නාටකය කල් තියා තීරණය වුණු නාටකයක්; එය වෙනස් කළ නොහැක. එය නැවත නැවතත් ඒ අන්දමින්ම
සිදු විය යුතුයි, නමුත් එය වෙනස් කළ නොහැක. නාටකය තුළ, ඔබගේ මෙම අවසන් උපතේ ඔබට
සියලුම බල තිබේ. එය නාටකයේ තිබේ, නමුත් මෙම අවසන් ශ්‍රේෂ්ඨ බ්‍රහ්මින් උපතේ, ඔබට
බොහෝ බල ලැබී ඇත. පියා ඔබට මෙය අධිෂ්ඨානයෙන් පවරා තිබේ, එබැවින් ඔබට මෙම අධිෂ්ඨාන
බලය තිබේ. එසේ නම් ඔබ මතකයේ තබා ගන්නේ කුමක්ද? ඔබ මතකයේ තබා ගන්නේ කුමන වචනයද?
කරන්කරවන්හාර්. ඔබට නිසැකද? නැත්නම් ඔබ අහස්යානා වලට නැග්ග විට ඔබට එය අමතක වෙයිද?
මෙය අමතක නොකරන්න.
දැන්, නැවත වරක්,
තමන්ව ස්ථාවර කරගන්න: ඔබගේ සිරුරු වල බන්දන ඉක්මවා ඇති කර්මතීට් ස්ථිතිය ඇති
කරගන්න. ක්‍රියා සිදු කරවන කෙනා ඔබ විය හැක, නමුත් නොබැඳී සිටින්න. ඔබ සෑම දෙයක්ම
දකිමින්, කතා කරමින් සිටිනවා විය හැක, නමුත් නොබැඳී සිටිමින් මෙය සිදු කරන්න. ඔබ
සෑම කෙනෙක්ම පියා විසින් උපකරණයක් බවට පත් කර ඇති ජීවාත්මයක් සහ අධිපතියෙකි. නැවත
වරක් ඔබගේ මනස සහ බුද්ධිය මෙම අවධානයේ ස්ථාවර කරගන්න. (අභ්‍යාසය) අච්චා.
සේවය කිරීම වෙනුවෙන්
නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගය පවත්වා ගන්න, සෑම තැනකම සිටින සේවාධාරී
ජීවාත්මයන්ට, සේවය කිරීම සහ තමන් වෙනුවෙන් උත්සාහ දැරීමේ සමබරතාවය නිරතුරුව පවත්වා
ගන්න ආනන්දයෙන් පිරි ජීවාත්මයන්ට, නිරන්තරයෙන් පරාර්ථකාමී දයානුකම්පාව ඇති විශේෂ
ජීවාත්මයන්ට, සියලු ජීවාත්ම වෙනුවෙන් සත්‍ය දයානුකම්පාව ඇති අයට, තත්පරයකදි සියලු
කර්මික බන්දන සහ බොහෝ රාජකීය බන්දන වලින් තමන්ව නිරන්තරයෙන් නිදහස්ව තබා ගන්න
තීව්‍ර උත්සාහ දරන ජීවාත්මයන්ට, එවන් ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ
නමස්කාරය.
වරදානය:
ඔබ කීකරු
වීමෙන්, පියාගේ උපකාර සහ ඔහුගේ ආශිර්වාද අත්විඳ, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
පියාගේ නියෝගය වන්නේ:
‘මා පමණක් සිහි කරන්න! . ඒකායන පියා ඔබගේ ලෝකයයි, එබැවින් පියා හැර වෙනත් කිසිවක්
ඔබගේ හදවත තුළ නොතිබිය යුතුයි. එක් උපදෙසක්, එක් ශක්තියක් සහ එක් ආධාරකයක්. ඒකායන
කෙනා ඇති තැන, සෑම කාර්යයකම සාර්ථකත්වය තිබෙයි. එවන් ජීවාත්මයකට ඕනෑම අවස්ථාවක්
අභිබවා යාම පහසුයි. කීකරු වන සහ පියාගේ නියෝග පිළිපදින දරුවන්ට ඔහුගේ ආශිර්වාද
ලැබෙයි, එබැවින් ඕනෑම අපහසු දෙයක් වුණත් පහසු වෙයි.
පාඨය:
ඔබගේ නව
බ්‍රහ්මින් ජීවිතය අවධානයේ තබා ගන්න, එවිට පැරණි සංස්කාර වලට ඉස්මතු විය නොහැක.