05.12.18       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය දෛවෝපගත සදාතනික නාට්‍යයයි. මෙම නාට්‍යයේ සෑම නළුවකුගේම රඟපෑම ස්ථීර වී ඇත. කිසිවෙකුට සදාතනික මුක්තිය (මෝක්ෂය) ලබා ගත නොහැක.

ප්‍රශ්නය:
ශිව බාබා අශාරීරික වේ. එසේනම් ඔහු ශරීරයකට ඇතුළුවන්නේ මන්ද? ඔහු කරන කාර්යයන් මොනවාද සහ ඔහු නොකරන කාර්යයන් මොනවාද?

පිළිතුර:
බාබා පවසන්නේ දරුවනි, මම මෙම ශරීරයට ඇතුළුවන්නේ ඔබලාට මුරලිය කීමටයි. මම කරන කාර්යය මුරලිය කථා කිරීමයි. මම කන්න, බොන්න මෙහි නොපැමිණෙමි. මම මෙතැනට පැමිණ ඇත්තේ ඔබලාට නව රාජධානිය දීමටය, එහෙත් සියලු දේවලම රස විඳින්නේ මෙම කෙනාගේ ජීවය වේ.

ගීතය:
අහසෙහි ඇති ඔබේ සිහසුන අතහැර පැමිණෙන්න මහ පොළව කරා.

ඕම් ශාන්ති.
වාදනය කරන්නේ අප හා සම්බන්ධ ගීතයන් පමණයි. අහසෙහි සිහසුනක් නොමැත. ඉඩ ඇති තැනට අවකාශය යැයි කියයි. එහෙත් අහසෙහි සිහසුනක් නොමැති අතර උත්තරීතර පියා, උත්තරීතර ජීවය අහසෙහි සිහසුනක වාසය නොකරයි. මම, උත්තරීතර පියා, උත්තරීතර ජීවය සහ ඔබ දරුවන්, ඔබ ජීවයන් දෙගොල්ලන්ම වාසය කළේ අර, හඳ, තරු වලට එපිටය. එතැනට කියන්නේ අශාරීරික ලොව කියා යැයි පියා ඔබ දරුවන්ට විස්තර කරයි. අහසෙහි ඉර, හඳ, තරු තිබෙන්නා සේම ජීවයන් ගසක හැඩයට එම උසස් පදාර්ථයේ වාසය කරයි. අහසේ එල්ලී සිටින තරු කිසිම ආධාරකයක් නැතිව සිටින්නා සේම අප ජිවයන් ද, උත්තරීතර ජීවය, පියා ද එම උසස් පදාර්ථයේ වැසියන් වේ. අපද තරු වැනිය ඥාන සූර්යයා, ඥාන චන්ද්‍රයා සහ ඥාන තාරුකා. බොහෝ දුක ඇති විට මම පැමිණෙමි යැයි පහදා දී ඇත. පැරණි දෙය නිසැකවම අළුත් කළ යුතුය. දුක ඇත්තේ පැරණි ලොව පමණි. යකඩ යුගයේ බොහෝ දුක ඇත. දෙව්ලොව සතුට හැර වෙන කිසිවක් නැත. ඔබලාට නැවත වරක් පහසු ඥානය, පහසු රාජයෝගා ඉගැන්වීමට මම පැමිණිය යුතුය. පැමිණෙන්න කියා සියලු දෙනා මට කතා කරයි. ඔබගේ සිහසුන අතහැර පහළට පැමිණෙන්න යැයි ඔවුන් ක්‍රිෂ්ණාට නොකියයි. සිංහාසනය යන වචනය ක්‍රිෂ්ණාට සුදුසු නැත. ඔහු කුමරෙකි. සිංහාසනයක් ලැබුණු විට, සිංහාසනයක් ගැන කතා කළ හැක. ඔව්, පියෙකුට ඔහුගේ කුඩා දරුවා තමාගේ ඇකය මත හෝ ඔහු ළඟ තබා ගත හැක. ජීවයන් අශාරීරික ලොව තරු ලෙස සිටිති යැයි පියා විස්තර කරයි. ඉන්පසු ඔවුන් අනුපිළිවෙලට පහළට පැමිණේ. තරු වැටෙන සැටි ඔවුන් පෙන්වයි. ජීවයන් ද එහි සිට පැමිණ, කෙලින්ම මව් කුසකට ඇතුළු වේ. සෑම ජීවයක්ම සතෝ, රජෝ, තමෝ යන තත්ත්වයන් පසු කළ යුතු බව ඉතා හොඳින් වටහා ගන්න. පළමුවෙන්ම එන්නා වූ ලක්ෂ්මී සහ නාරායන්ටත් එය එලෙසම වේ. ඔවුන් ද සතෝ, රජෝ තත්ත්වයන් පසු කර නැවත උපත් ගැනීමෙන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් විය යුතුය. එය හැම කෙනෙකුටම එක හා සමාන වේ. කිසිවෙකුට නැවත නිවස වෙත යා නොහැකියි. ඒබ්‍රහම් තුමා හා බුදුන් වහන්සේ පැමිණි විටත් ඔවුනුත් සතෝ, රජෝ, තමෝ තත්ත්වයන් පසු කර යා යුතුයිල ඔවුන් නැවත උපත් ගත යුතුයි. ආගම් ස්ථාපනය කරන්නන් පැමිණෙන්නේ තඹ යුගයේදීයි. ඔවුන් එහිදී නැවත උපත් ගැනීම ආරම්භ කරන අතර පසුව තමෝප්‍රධාන් වෙයි. දැන් ඔවුනට මුක්තිය ලබා දෙන්නේ කවුද? මුක්තිය පිරිනමන්නා එකම එක ශිවා පමණි. මම සියලු දෙනාටම මුක්තිය ලබා දීමට පැමිණිය යුතුයැයි ඔහු පවසයි. මා කරන කාර්යය කිසිවෙකුට කළ නොහැක. මම දේවතා ධර්මය ස්ථාපනය කරමි. මම ඔබට රාජයෝගා උගන්වමි. මුක්තිය හා ජීවන මුක්තිය පිරිනමන්නා මම වෙමි. ඔබ පාරිශුද්ධ වූ විට මම ඔබ රැගෙන යමි. මම ඔබට ජීවන මුක්තිය ද දෙමි. ඔබලා සමඟ අන් ආගම්වල ශාස්තෘවරුන් සියලු දෙනාම ද මම උසස් කරමි. මම ඔබලා දැනුමින් අලංකාර කර, දෙව්ලොව පාලකයන් වන ලක්ෂ්මී හෝ නාරායන් සමඟ විවාහ වීමට තරම් වටිනා අය කරවමි. ඉන් පසු මම ඔබලා ගෙදර රැගෙන යමි. පළමුවෙන්ම මම සියලු දෙනාම මුක්ති දේශයට ගෙන යමි. සියලු දෙනාටම ජීවන මුක්තිය පිරිනමන්නා ද මම වෙමි. පැමිණෙන අන් ආගම් වල ශාස්තෘවරු, කිසිවෙකුට මුක්තිය ලබා නොදෙයි. ඔවුන් ඔවුන්ගේම ආගම ස්ථාපනය කර එය වර්ධනය කිරීම ආරම්භ කරයි. ඔවුන් ඔවුන්ගේම ආගම තුළ නැවත උපත් ලබා, සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් පසු කරයි. දැන් සියලුම දෙනා තමෝප්‍රධාන්ය. දැන් ඔවුන් පාරිශුද්ධ හා සතෝප්‍රධාන් කරන්නේ කවුද? පියාම මෙහි අසුන් ගෙන ඔබ දරුවන්ට විස්තර කරයි. දෙවියන් පැමිණ සියලු දෙනාටම මුක්තිය ලබා දී, භාරතය දෙව් ලොවක් ද කරයි. පියාට බොහෝ ප්‍රශංසා කරන්නේ ඔහු අපට ජීවන මුක්තිය ලබා ගැනීමට රාජයෝගා උගන්වන නිසාය. සියලුම ආගමික ග්‍රන්ථ වල මිණි මුතුව ගීතාව වේ. කෙසේවෙතත් ක්‍රිෂ්ණාගේ නම ලිවීමෙන් ඔවුන් දෙවියන් අමතක කර ඇත. සියලුම දෙනාට මුක්තිය ලබා දෙන්නේ දෙවියන් නිසා සියලු ආගම් වල ආගමික ග්‍රන්ථය ගීතාව වේ. සියලු දෙනාම එය පිළි ගත යුතුය. මුක්තිය සඳහා අන් කිසිදු ආගමික ග්‍රන්ථ නැත. මුක්තිය ලබා දෙන එකම කෙනා ගීතාව පවසා ඇත. ඔහු ඔබ දරුවන්ට මුක්තිය සඳහා ඥානය දෙයි. ශිවාගේ නම ගීතාවේ සඳහන් වූයේ නම් සියලුම ආගම් වල ග්‍රන්ථය එය වනවා ඇත. පියා සියලු දෙනාටම පවසයි ඔබ ජීවයක් යැයි සලකා මා සමඟ යෝගාවෙහි යෙදෙන්න. එවිට ඔබගේ පව්වලින් ඔබ නිදහස් වී, මාගේ දේශයට ඔබ පැමිණෙනවා ඇත. අන් සියලු දෙනාම පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම ස්ථාපනය කිරීමටයි. අපට සදාතනික මුක්තිය ලබා ගත නොහැකිදැයි ජනයා අසයි. නොහැක යැයි පියා පවසයි. සියලුම ජීවයන්ගේ කොටස් නාට්‍යයේ ස්ථීර වී ඇත. කිසිවෙකුගේ කොටස වෙනස් කළ නොහැක. සදාතනික නාට්‍යයේ සෑම කෙනෙකුගේම සම්පූර්ණ කොටස දෛවෝපගතය. නාට්‍යය සදාතනික වේ, එයට ආරම්භයක්, මැදක් හෝ අවසානයක් නොමැත. නාට්‍යය නිර්මාණය කළේ කෙදිනකදැයි ඔබට ඇසිය නොහැක. මෙම ප්‍රශ්නය පැන නැඟිය නොහැකිය. එක් එක්කෙනා පැමිණ ඔහුගේම ආගම ස්ථාපනය කළේ යැයි බාබා විස්තර කර ඇත. ඔවුන් මුක්තිය ලබා දුන්නේ නැත. ඔවුන් පැමිණ ඔවුන්ගේ ආගම ස්ථාපනය කළහ, එය ඔවුන්ගෙන් පසු නොකඩවා වර්ධනය විය. මේවා ගැඹුරු කරුණුය. මේ ගැන රචනාවක් ලිවීම වටී, මෙහි බොරු නැත. මෙය ජය සහ පරාජයේ නාට්‍යයයි. ස්වර්ණම යුගයේදී පියා සිහි කිරීම අවශ්‍ය නොවේ. ඔබට එහිදී පියාව මතක් වූයේ නම්, ඔහු, ඔබ බ්‍රහ්මින්වරුන් ද නිර්මාණය කළ බව ද වැටහේවි. ඔහු නිර්මාපකයා බව පෞද්ගලිකවම ඔබට කියයි. මෙම සංගම යුගය බ්‍රහ්මින්වරුන්ගේ නව ලොවයි. කිසිවකු කුඩුම්බිය නොදනී. ඔවුන් විවිධාකාර ස්වරූපයන් නිර්මාණය කර ඇත. එහි දේවතාවරුන්, රණකාමීන්, වෙළෙන්දන් සහ ශුද්‍රයින් ඔවුන් පෙන්වා ඇතල ඔවුනට බ්‍රහ්මින්වරු අමතක වී ඇත. ස්වර්ණමය යුගයේ දේවතාවරුන් ද, යකඩ යුගයේ ශුද්‍රයින් ද ඇත. සංගම යුගයේ බ්‍රහ්මින්වරු ඔවුන් නොදනී. පියා පැමිණ මෙම රහස කියා දෙයි. පාරිශුද්ධත්වය නොමැතිව කිසි විටෙක ධාරණය කළ නොහැකියැයි බාබා පවසයි. බොහෝ වේදාවන් සහ ආගමික ග්‍රන්ථ ඇති බව බාබා විස්තර කරයි. ඔවුන් ඒවා රැගෙන සෑම තැනම යති. ඔවුන් දේවාලයකින් පිළිම ඉවත් කර, ඒවා සමඟ සංචාරය කර නැවත දේවාලයට ඒවා රැගෙන එයි. බාබා මෙම සියලු දේම අත්දැක ඇත. ඔවුන් බර බඩු ගෙන යන වාහනයක් ආගමික ග්‍රන්ථ වලින් පුරවා ඒවා සමඟ සංචාරය කරයි. එසේම බවුන් කාර් එකක දේවතාවරුන්ගේ පිළිම තබාගෙන ඒවා සමඟ චාරිකා කරයි. එම සියලුම දේවල් භක්ති මාර්ගයේය. ඔබලා ශිව ශක්තීන් වේ. ඔබලා මුළු ලොවටම මුක්තිය ලබා දේ. කෙසේ වෙතත් දිල්වාලා දේවාලය ඔබලාගේ නියම සිහිවටනය බව කිසිවකු නොදනී. අන් කිසිදු තැනක එවැනි දේවාලයක් නොමැත. ජගදම්බා ද ඇත, ශිව බාබා ද ඇත. ඔවුන් ශක්තීන්ට වේදිකාවක් ද නිර්මාණය කර ඇත. භක්ති මාර්ගයේදී එවැනි දේවාල ගොඩනැඟෙනවා ඇත. ඉන්පසු විනාශය ඇති වේ. එවිට එම සියලුම දේ විනාශ වනවා ඇත. ස්වර්ණම යුගයේ දේවාල නොමැත. එම සියලුම දේ භක්ති මාර්ගයේ ව්‍යාප්තියයි. ඥානයේදී ඔබ නිශ්ශබ්දව සිටිය යුතුය. සරලව එකම ශිව බාබා සිහි කරන්න. ඔබ ශිව බාබාව අමතක කර අන් අය සිහි කරයි නම් අවසාන මොහොතේදී අසමර්ථ වනවා ඇත. ඔබ අසමර්ථ නොවිය යුතුය. යම් කෙනෙකු මරණාසන්න විට රාමාගේ නම මතුරන්න යැයි අන් අය ඔහුට කීවත් ඔහුට එම මොහොතේදී ඔහුව සිහි කළ නොහැකි වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ අවසාන මොහොතේදී නාරායන්ගේ නම මැතිරූ අය... යැයි මතක් කරයි. එය මේ කාලයට අදාල වේ. පිදුරු ගොඩට දැන් ගිණි තබනවා ඇත. ඔවුන්ගේ අවසාන මොහොතේ දී නාරායන් සිහි කරන අය... ඔබ ලක්ෂ්මී හෝ නාරායන් සමඟ විවාහ වන බව ඔබ දැන් සත්‍යයෙන්ම වටහාගෙන ඇත. ඔබ දැන් දෙව් ලොවට සූදානම් වේ. බාබා හැර වෙන කිසිවෙකුට මෙම ඥානය ඔබට දිය නොහැක. මෙම බාබා ද පවසයි ශිව බාබා දැන් මට විස්තර කර දී ඇත. මෙයට ශක්ති හමුදාව සහ පාණ්ඩව හමුදාව යැයි කියයි. 'පාණ්ඩවයින්' යන නම මහාරාථීන්ට අදාළ වේ. ඉන් පසු ඔවුන් ශක්තීන් සිංහයින් පිට පෙන්වයි. මම පෙර චක්‍රයේ ඔබට රාජයෝගා ඉගැන් වූ ලෙසම නැවත වරක් ඔබට එය උගන්වමි යැයි පියා පවසයි. යම් රඟපෑමක් කළේනම් සෑම චක්‍රයේම එම රඟ දැක්වීම කෙරෙනවා ඇත. එහි කිසිඳු වෙනසක් විය නොහැකිය. ඉන්පසු මෙම කොටසම සෑම චක්‍රයේම කෙරේ. බාබා පවසයි මම ඔබට ඉතා ගැඹුරු කරුණු පවසමි. අවසානයේ වෙන්නට යන දේවල් ගැන මම පසුව කියමි. සෑම දෙයක්ම දැන් ඔබට කීවේනම්, ඉන්පසු මට ආපසු යා හැකිද? ඔහු අවසානය දක්වාම ඔබට නව කරුණු කියනවා ඇත. අපි ගීතාවට බොහෝ ප්‍රශංසා කරමු. කෙසේවෙතත් ඔවුන් ගීතාවේ සහ මහා භාරතයේ ප්‍රචණ්ඩ සටන් පෙන්වා ඇත. සටනක් නොමැත. අපට ඇත්තේ යෝගා බලයේ ප්‍රශ්නය වේ. ප්‍රචණ්ඩතාවයෙන් තොර වීමෙහි තේරුම කිසිවෙකු වටහා නොගනී. වනිතාවන් අපායේ දොරටුව යැයි ඔවුන් සරලව කියා ඇත. ඇත්තෙන්ම දෙදෙනාම (පිරිමියා සහ ගැහැණිය) අපායට දොරටුව වේ. ඔවුන්ව දෙව්ලොව දොරටු කරවන්නේ කවුද? එම බලය ඇත්තේ දෙවියන්ට පමණි. බාබා එවැනි ගීත රචනා කෙරෙව්වේය. එහෙත් ඒවා කළ අයගෙන් සමහරු නියම ලෙස එය කළ අතර, සමහරු ඒවා වැරදියට කළහ. ඔවුන් සෑම දෙයක්ම ව්‍යාකූල කර ඇත. 'ඕ රාත්‍රියේ සංචාරකයාණෙනි, වෙහෙසට පත් නොවන්න'... මම එවැනි ගීත රචනා කෙරෙව්වෙමි. එමනිසා, මෙහි දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ගව ලෙන සහ පිටුවහල් කිරීම ද ඇත. එහෙත් එහි තේරුම ඔවුන් නොදනී. මම කිසිවෙකු පැහැර ගත්තේද? කරච්චියට එන්න යැයි මම කිසිවෙකුට කීවේද? මේ ශක්තීලාගෙන් අසන්න. එය නාට්‍යයේ කොටසකි. අඩම්තේට්ටම් වලට භාජනය වූ අය මෙතැනට පැමිණියේය. එමනිසා, පියා මෙහි අසුන් ගෙන ඔබට හරි දේ කියා දෙයි. ආගමික ග්‍රන්ථ වල ලියා ඇති දේ භක්ති මාර්ගයට අයිති වේ. එය තුළින් කිසිවෙකුට මා මුණගැසිය නොහැකල එය තුළින් ඔවුනට මා ළඟට පැමිණිය නොහැක. මම මාර්ගෝපදේශකයා වී මෙහි පැමිණිය යුතුය. ගෘහ ජීවිතයේ නොමැති කෙනෙකුගේ ශරීරය ඔහු නොගත්තේ මන්ද? යැයි ඔවුන් අසයි. ආහා, මම ගෘහ ජීවිතයේ සිටින කෙනෙකුගේ ශරීරය ගෙන ඔහුට ඥානය දිය යුතු විය. මම ඔහුගේ උපත් 84 ගැන ඔහුට කියමි. එමනිසා, මේවා එවැනි ගැඹුරු කරුණු වේ. මේවා නව ආගමට නව කරුණු වේ. මෙය නව ඥානය ද වේ. පියා පවසයි මම සෑම චක්‍රයේදීම මෙම ඥානය ඔබට දෙමි. මම සෑම චක්‍රයේදීම ආගමක් ස්ථාපනය කිරීමට පැමිණෙමි යැයි අන් කිසිවෙකු නොකියනු ඇත. ලක්ෂ්මී හෝ නාරායන්වත් ඔවුන් රාජධානියක් පාලනය කිරීමට නැවත වරක් පැමිණ ඇතැයි නොකියනු ඇත. ඔවුන් පැමිණෙන්නට පෙර ඥානය අන්තර්ධාන වේ. පසුව ගැණිය නොහැකි තරම් ආගමික ග්‍රන්ථ ලියන ලදී. අප බ්‍රහ්මින්වරුන්ට ඇත්තේ එකම ගීතාව පමණි. මම ආගමක් ස්ථාපනය කර, සියලු දෙනාටම මුක්තිය ලබා දෙමි. එමනිසා, මෙය ද්විත්ව කාර්යයකි. එසේනම් මම ඔබට කියන දේ හරිද? හෝ ඔවුන් කියන දේවල් හරිද? ඔබ මෙය දනී. මම කවුද? මම සත්‍යය වෙමි. මම වේදාවන් හෝ ආගමික ග්‍රන්ථ නොකියවමි. මොහු බොහෝ ඉගෙනගෙන ඇතැත්, ඔහු ඒවා නොකියයි. ඔබට නව දේවල් කියන්නේ ශිව බාබා වේ. එහෙත් ඔහු අශාරීරික වේ. ඔහු මෙතැනට පැමිණෙන්නේ මුරලි කීමේ කාර්යයට පමණි. කෑමට හෝ බීමට නොවේ. මම මෙහි පැමිණ ඇත්තේ ඔබ දරුවන්ට නැවත වරක් රාජධානිය දීමට වෙමි. සෑම දෙයකම රස දැනෙන්නේ මොහුගේ ජීවයටයි. සෑම කෙනෙකුගේම ආගම වෙනස්වන අතර සෑම කෙනෙකුම ඔහුගේම ආගමේ ග්‍රන්ථය ඉගෙන ගත යුතුය. මෙහි ඔවුන් බොහෝ ආගමික ග්‍රන්ථ නොකඩවා ඉගෙන ගනී, එහෙත් ඒවායේ කිසිම සාරයක් නොමැත. ඔවුන් නොකඩවා ඉගෙන ගන්නා ප්‍රමාණයට, ලොවද නොකඩවා නීරස වේ. සියලු දෙනාම තමෝප්‍රධාන් විය යුතුය. ලොවට පළමුවෙන්ම පැමිණිය අය ඔබලා වේ. ඔබ බ්‍රහ්මින්වරු මවට සහ පියාට උපත ලබා ඇත. අර පැත්තේ යක්ෂ පවුල ද, මේ පැත්තේ දේව පවුල ද ඇත, ඉන්පසු ඔබ දේවතාවරුන්ගේ ඇකයට ගොස් දෙව්ලොව පාලකයන් වනවා ඇත. ඔබ මව සහ පියාගේ උපදෙස් අනුගමනය කළේනම්, ඔබට දෙව්ලොව බොහෝ සතුට ලැබෙනවා ඇත. කෙසේවෙතත් රුද්‍රාගේ ඥාන යාග ගින්නට නිසැකවම බාධා පැමිණෙනවා ඇත. දරුවනි, ඔබට දෙව්ලොව පාලකයන් විය හැක්කේ පාප ජයගැනීමෙන් පමණි යැයි පියා පවසයි. ඔබ විවාහ නොවූයේනම් ඔබ දුර්වල වී සිටිනවා නොවේ. සන්යාසීන් පාරිශුද්ධව සිටී, එහෙත් ඔවුන් බොහෝ නිරෝගී වේ. මෙහිදී ඔබ සියලු දේම මොළය පාවිච්චි කර කළ යුතු වේ. ඊට උත්සාහයක් අවශ්‍ය වේ. දාදිජී රිෂීගේ උදාහරණය ඇත. සන්යාසීන්ට බොහෝ පෝෂ්‍යදායී ආහාර ලැබේ. බාබාම ඔවුන්ට බොහෝ පෝෂ්‍යදායී ආහාර කැව්වේය. මෙහිදී ඔබ බොහෝ ආරක්ෂා විධි පිළිපැදිය යුතුය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1. ඥානය හොඳින් ධාරණය කර ගැනීමට පාරිශුද්ධත්වයේ පොරොන්දුව දෙන්න. මේවා අවසන් මොහොත වේ. එමනිසා, අවසානයේදී පියා හැර අන් කිසිවෙකු සිහියට නොඑන අන්දමට සිහි කිරීම පුහුණු කරන්න.

2. දාදීජී රිෂී ලෙස සේවය කර පාපයන් ජය ගෙන ලොව ජය ගත්තන් වන්න.

වරදානය:
උපදෙස් අනූව ඔබේ බුද්ධිය උසස් තත්ත්වයක ස්ථාවර කරගෙන සර්ව බලධාරීත්වයේ හිමිකාරයෙක් බවට පත් වන්න.

ඇතැම් දරුවන් යෝගාවේ වාඩි වී සිටින විට ජීවාත්ම සත්තා විඥානය වෙනුවට සේවය ගැන සිහි කරයි. එසේ වුවද එසේ නොවිය යුතු වන්නේ අවසාන මොහොතේ දී අශරීරික වනවා වෙනුවට සේවා ගැන සිතිවිලි තිබුණොත් ඔබ ක්ෂණිකව කර ගත යුතු දෙයින් අසමත් වනු ඇත. එම අවස්ථාවේදී ඔබ වෙන කිසිවක් නොව පරම පියා සිහි කර, අශරීරික-නිරාකාර්, නිර්විකාර් සහ නිරහංකාරී විය යුතුයි. සේවයේදී, ඔබ භෞතික විඥානයේ ම රැඳේ. එමනිසා, ඔබ යම් තත්ත්වයක ස්ථාවර වීම අවශ්‍ය වූ විට, එම දෙයෙහි පමණක් ම ස්ථාවර වූ විට ඔබ පාලක බලය සහ පාලන බලය ඇති සර්ව බලධාරීත්වය හිමිකරුවෙක් වෙයි.

පාඨය:
ඕනෑම අවස්ථාවක් පහසුවෙන් ජයගත හැක්කේ එකම ශක්තිය හා එකම රුකුල ලැබුණු විටය.