06.1.19    Avyakt Bapdada     Sinhala Murli     08.04.84     Om Shanti     Madhuban


සංගම යුගයේ අයිතීන් හිමි කරගැනීමෙන් ඔබ ලෝක රාජධානියට අයිතියක් ඇති කෙනෙක් වෙයි.


අද දින බාප්දාදා, ස්ව-අධිපතියන් වීමට අයිතියක් හිමි කරගෙන ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ දිව්‍යමය අධිකරණය දෙස බැලුවා. ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම, ලෝක රාජධානියේ අධිකරණයට මෙන්ම ස්ව-ආධිපත්‍යයේ අධිකරණයට අයිතියක් ඇති අය බවට පත් වනවා. ඔබට නිරතුරුවම මෙම ද්විත්ව කුල්මත් බව තිබෙනවාද? පියාට අයත් වීම යනු අනේක අයිතීන් හිමි කරගැනීමයි. ඔබ කොපමණ විවිධ අයිතීන් හිමි කරගෙන තිබෙනවාද කියා ඔබ දන්නවාද? ඔබගේ අයිතීන්වල මාලාව සිහි කරන්න. පළමු අයිතිය වන්නේ, ඔබ දෙවියන්ගේ දරුවෙක් වී ඇති බවයි, එනම්, ඔබ සෑම කෙනෙක්ම ගෞරවය සහ පිදුම් ලබන්නට සුදුසු, බොහෝ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වීමේ අයිතිය හිමි කරගෙන තිබේ. ප්‍රථමයෙන් පියාගේ දරුවෙක් නොවී, පිදුම් ලබන්නට සුදුසු ජීවාත්මයක් වීමට අයිතියක් හිමි කරගැනීමට ඔබට නොහැක. එබැවින් ප්‍රථම අයිතිය වන්නේ ඔබ පිදුම් ලබන්නට සුදුසු ජීවාත්මයක් වීමයි. දෙවන අයිතිය වන්නේ, ඔබ ඥාන සම්පතේ අධිපතියෙක් බවට පත් වීමයි, එනම්, ඔබ සියලු අයිතීන් හිමි කරගෙන තිබේ. තුන්වන අයිතිය වන්නේ, ඔබ සියලු බලයන්ට අයිතියක් හිමි කරගෙන තිබීමයි. හතරවන අයිතිය වන්නේ, ඔබ ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් ජයගත් ස්ව-අධිපතියෙක් වී ඇති බවයි. මේ සියලු අයිතීන් සමඟින්, ඔබ මායා ජයගත් කෙනෙක් බවට පත් වී ඒ අනුව ලොව ජයගත්තෙක්, එනම්, ලෝක රාජධානියට අයිතියක් ඇති කෙනෙක් වී ඇත. එබැවින් මේ සියලු අයිතීන් ඔබගේ අවධානයේ තබා ගැනීමෙන් ඔබ බලවත් ජීවාත්මයක් බවට පත් වී ඇත. ඔබ මේ ආකාරයෙන් බලවත් වී තිබේ, එහෙම නේද?

විශේෂයෙන් කරුණු තුනක් ධාරණය කරගැනීමෙන්, ඔබට ස්ව-ආධිපත්‍යය සහ ලෝක රාජධානිය හිමි කරගැනීමේ දි සාර්ථකත්වය ලබා ගැනීමට පුළුවනි. ඕනෑම ශ්‍රේෂ්ඨ කාර්යයකදී, සාර්ථකත්වයේ පදනම වන්නේ, අත්හැරීම, තපස්යාව සහ සේවයයි. මෙම කරුණු තුනේ පදනමට අනුව, සාර්ථකත්වය ලැබෙයිද නැද්ද, පිළිබඳව ප්‍රශ්නයක් මතුවිය නොහැක. මෙම තුනම ධාරණය කරගත් විට, තත්පරයකදී සාර්ථකත්වය සහතික වෙයි - එය දැනටමත් සිදුවී හමාරයි. කුමක අත්හැරීමද? එක දෙයක් අත්හැරීමෙන් පමණක් ඔබට පහසුවෙන් සහ ස්වභාවිකව අන් සෑම දෙයක්ම අත්හැරීමට මඟපෑදෙයි. එම එක් අත්හැරීම වන්නේ, ශරීරය පිළිබඳ අවධානය අත්හැරීමයි, මෙය සියලු සීමිත මම පිළිබඳ අවධානය පහසුවෙන්ම අත්හැරීමට මඟපාදයි. මෙම සීමිත මම යන අවධානය, ඔබව තපස්යාවේ සිටීමෙන් සහ සේවය කිරීමෙන් නවතාලයි. සීමිත මම යන අවධානය ඇති තැනක, අත්හැරීම, තපස්යාව හෝ සේවය තිබිය නොහැක. එක දෙයක අත්හැරීම අවශ්‍යයි, එය, සියලු සීමිත මම සහ මගේ යන අවධානයයි. මම සහ මගේ අවසන් වූ විට, තව ඉතිරි වන්නේ කුමක්ද? අසීමිත දේවල්ය. මා පිවිතුරු ජීවාත්මයක් වන අතර, මගේ වන්නේ වෙනත් කිසිවෙකු නොව, ඒකායන පියා පමණයි. එබැවින් ඔබ සමඟ සර්ව බලධාරි වන අසීමිත පියා සිටින විට, සාර්ථකත්වය ඔබට සහතිකයි. මෙම අත්හැරීම තුළින්, ඔබගේ තපස්යාව ද ඉබේටම අත්වෙයි. තපස්යාව යනු කුමක්ද? මා අයත් වන්නේ එක්කෙනාටයි මා අනුගමනය කරන්නේ ඒකායන කෙනාගේ ශ්‍රේෂ්ඨ උපදෙස් පමණයි. ඔබගේ ස්ථීතිය ඉබේටම, නිරන්තර සහ සථාවර වන්නේ මෙයින්ය. නිරතුරුවම එක් දෙවියන් ගැන අවධානයෙන් සිටීම තපස්යාවයි. නිරන්තර සහ ස්ථාවර මානසික ස්ථීතිය, ඔබගේ ශ්‍රේෂ්ඨ ආසනයයි. ඔබගේ තපස්යාවේ ආසනය වන්නේ, නෙළුම් මලක් වැනි මානසික ස්ථීතියක සිටීමයි. අත්හැරීම තුළින් ඔබගේ තපස්යාව ඉබේටම අත්වෙයි. ඔබ අත්හැරීමේ සහ තපස්යාවේ ප්‍රතිරුවක් බවට පත් වූ විට ඔබ කරන්නේ කුමක්ද? තමන් පිළිබඳ අවධානය අත්හැරීම යනු, මම පිළිබඳ අවධානය අවසන් වී ඇති බවයි. ඔබ ඒකායන කෙනාගේ සෙනෙහස තුළ ගිලී සිටින තපස්වීන් බවට පත් වන අතර එවිට ඔබට සේවය නොකර සිටිය නොහැක. ඕනෑම සීමිත මම සහ මගේ යන අවධාන, ඔබට සැබෑ සේවය කිරීම අවහිර කරයි. අත්හැරීමේ සහ තපස්යාවේ ප්‍රතිරූ වන අය, සැබෑ සේවකයන්ය. ඔබට සුළුවෙන් හෝ ශරීරය පිළිබඳ අවධානය තිබෙන්නේ නම්, මෙය කළේ මමයි, මගේ හැටි මෙහෙමයි, එවිට ඔබ සේවය කරන කෙනෙක් වෙනුවට, වන්නේ කුමක්ද? ඔබ නමට පමණක් සේවය කරන කෙනෙක් වෙයි ඔබ සැබෑ සේවය කරන කෙනෙක් නොවෙයි. සැබෑ සේවයේ පදනම වන්නේ අත්හැරීම සහ තපස්යාවයි. එවන් අත්හල අය, තපස්වී සේවකයන්, නිරන්තරයෙන් සාර්ථකත්වයේ ප්‍රතිරූය. ජය සහ සාර්ථකත්වය, ඔවුන්ගේ ගෙල වටා මාලය වෙයි. මෙය ජන්ම උරුමයක් ලෙස තිබෙන අය බවට ඔවුන් පත් වෙයි. එබැවින් බාප්දාදා ලෝකයේ සියලුම දරුවන්ට මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ලබා දෙනවා අත්හරින්නෙක් වන්න, තපස්වී කෙනෙක් වන්න, එමෙන්ම සැබෑ සේවකයෙක් වන්න.

වර්තමාන ලෝකය, මරණ බියෙන් පිරි ලොවකි. (කුණාටු තිබුණි.) ස්වභාව ධර්මයේ පදාර්ථයන්ගේ කැලඹීම් තිබුණත්, ඔබ නොසෙලවී සිටිනවා නේද? ස්වභාව ධර්මයේ තමෝගුණී පදාර්ථයන්ගේ වගකීම වන්නේ, කැලඹීම් ඇති කිරීම වන අතර ඔය නොසෙලවෙන ජීවාත්මයන්ගේ වගකීම වන්නේ, ස්වභාව ධර්මයේ පදාර්ථ පරිවර්ථනය කිරීමයි. අළුත් දෙයක් නොවෙයි! මේ සියලු දේම කොහොමත් සිදුවීමට තිබේ. ඔබ චංචල නොවී සිටින්නේ, කැලඹීම් පැමිණීමෙන් පමණයි. එබැවින් අධිකරණයේ වාසය කරන සහ ස්ව-ආධිපත්‍යය ඇති, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට වැටහුනාද? මෙයද රාජකීය අධිකරණයක් නොවෙයිද? රාජ යෝගින් යනු, තමන්ගේ රජවරුන් වන අයයි. රාජ යෝගීන්ගේ අධිකරණයක් යනු, ස්ව-ආධිපත්‍යය ඇති අයගේ අධිකරණයකි. ඔය සියලු දෙනාම දේශපාලන නායකයන් බවට ද පත් වී සිටිනවා නේද? ඔවුන් තම රටේ දේශපාලන නායකයන් වන අතර ඔබ තමන්ගේ නායකයන්ය. නායකයෙක් යනු, සෑම දෙයක්ම නිවැරදි ප්‍රතිපත්ති වලට අනුව හසුරුවන කෙනෙකි. එබැවින් ඔබලා ධර්මය සහ රාජධානියේ ප්‍රතිපත්ති අනුගමනය කරන ස්ව-නායකයන්ය. නිවැරදි, ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති, ශ්‍රීමත්ය. ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති වන්නේ, නිවැරදි සදාචාරාත්මක ප්‍රතිපත්තිය. මෙම සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුගමනය කරන අය, සාර්ථක නායකයන්ය.

බාප්දාදා ලෝකයේ නායකයන්ට සුබ පතනවා, මන්ද, ඔවුන් අතර විවිධ අය සිටින නමුත් අඩු තරමින් ඔවුන් උත්සාහ දරනවා. ඔවුන්ට අඩු තරමින් තම රට වෙනුවෙන් ආදරයක් තිබේ. ඔවුන් අඩු තරමින් තම රාජධානිය සදාකාලිකව පැවතිය යුතුයි, යන සිතිවිල්ලෙන් උත්සාහ දරමින් සිටිනවා. ඔවුන්ගේ භාරතය ශ්‍රේෂ්ඨත්වයෙන් පවත්වාගැනීමට ඔවුන් තුළ ඇති ආශාව, උත්සාහ දැරීමට ඔවුන්ව ඉබේටම දිරිමත් කරවයි. දැන්, රාජධානියේ අධිකාරිත්වය සහ ධර්මයේ අධිකාරිත්වය යන දෙකම එකට එන කාලය පැමිණෙයි. මුළු ලොව පුරාම, භාරතයේ ජය හඬ පැතිරෙයි. භාරතය, ප්‍රදීපාගාරය වෙයි. සෑම කෙනෙකුගේම ද්‍රිෂ්ඨිය භාරතය මත තිබෙයි. භාරතය, දිරිගැන්වීමේ දේශය බව සියලු දෙනාම අත්විඳියි. අවිනාශී භූමිය, භාරතයයි. එය සදාතනික පියාගේ අවතරණ භූමියයි. භාරතයේ ප්‍රශංසාව සෑම විටම ශ්‍රේෂ්ඨ වන්නේ මේ නිසයි. අච්චා.

ඔබ සියලු දෙනාම තම මිහිරි නිවහනට ළඟා වී ඇත. බාප්දාදා සියලුම දරුවන්ට මෙහි පැමිණීම වෙනුවෙන් සුබ පතයි. සාදරයෙන් පිළිගන්නවා! පියාගේ නිවසේ සැරසිල්ල සාදරයෙන් පිළිගන්නවා. අච්චා.

නිරතුරුවම, නිරන්තර සහ ස්ථාවර මානසික ස්ථීතියක ස්ථාවරව රෑඳී සිටින සියලුම සාර්ථකත්වයේ තාරකාවන්ට, තපස්වී දරුවන්ට, ඒකායන පරමාත්මයේ සිහි කිරීමේ සෑම විටම රැඳී සිටින, මහා ආත්මයන්ට, ලොවට සෙත සලසන, ශ්‍රේෂ්ඨ සුබ පැතුම් සහ ශ්‍රේෂ්ඨ පිවිතුරු හැඟීම් ඇති සේවය කරන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්තේ.

බාප්දාදා ගුජරාත්හි ප්‍රධාන ඇමති මුණගැසෙමින්:

පියාගේ නිවහනට සහ ඔබගේ නිවහනට සාදරයෙන් පිළිගන්නවා! ඔබ සේවය කිරීමට බොහෝ සේ කැමති බව පියා දන්නවා. මෙවන් සේවකයන් ඉන්නේ කෝටියකින් අතලොස්සක් පමණක් බැවින්, අභ්‍යන්තර ප්‍රීතියේ ස්වරූපයෙන්, ඔබ සේවයේදී කරන අපහසු කාර්යයන් වෙනුවෙන්, ඔබට නිරන්තරයෙන් නොකඩවා ක්ෂණික ඵලය ලැබෙන්නේ මේ නිසයි. සාර්ථකත්වයේ පදනම වන්නේ මෙම උත්සාහයයි. සියලුම උපකරණ සේවකයන්, මෙම උත්සාහය දරන්නේ නම්, භාරත රාජධානිය, නිරතුරුවම අඛණ්ඩව සාර්ථකත්වය ලබා ගනීවි. ඔබට අනිවාර්යෙන් සාර්ථකත්වය ලැබීමට තිබේ. මෙය සහතිකයක්, මන්ද, උපකරණ වන අයට සේවයේ ක්ෂණික ඵලය අනිවාර්යෙන් ලැබෙන අතර අනාගතයේ ද සේවයේ ඵලය හිමිවෙයි. එබැවින් ඔබ සේවය වෙනුවෙන් උපකරණයකි. උපකරණයක් වීමේ අවධානය තබාගෙන නිරතුරුවම නොකඩවා සේවයේ ඉදිරියට ගමන් කරන්න. උපකරණයක් වීමේ අවධානය ඇති තැන සහ මම යන කිසිදු අවධානයක් නොමැති තැන, නිරතුරු ප්‍රගතිය ඇති වෙයි. උපකරණයක් වීමේ මෙම හැඟීම්, ඉබේටම සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් අවදි කරයි. වර්තමාන ලෝකයේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් නොමැති වීමට හේතුව වන්නේ, මම යන හැඟීම් තිබීමයි. තමන් උපකරණ බව ඔවුන් සලකන්නේ නම්, ඔවුන් කරවන්හාර් පියාව ද වටහා ගනි. කරවන්හාර් ස්වාමි (ක්‍රියා සිදුකරන සහ අන් අයට ක්‍රියා කිරීමට දිරිගන්වන ස්වාමි) සෑම විටම ශ්‍රේෂ්ඨ දේ කිරීමට ඔබව දිරිගන්වයි. භාරකරුවන් වීම වෙනුවෙන් ඔවුන් රාජධානියේ ගෘහවාසීන් බවට පත් වී ඇත. ගෘහවාසියෙක් වීමේ දි බරක් තිබෙන අතර භාරකරුවෙක් වීමේදී සැහැල්ලුවක් තිබේ. ඔබට සැහැල්ලු නොවී, තීරණ ගැනීමේ බලය තිබිය නොහැක. ඔබ භාරකරුවෙක් නම්, ඔබ සැහැල්ලු වන අතර ඔබගේ තීරණ ගැනීමේ බලය ද උසස් වෙයි. එබැවින් සෑම විටම භාරකරුවෙක් වන්න. උපකරණයක් වීමේ අවධානය ඵලවත්ය. මෙම අවධානයේ ඵලය ඔබට නියත වශයෙන්ම ලැබෙයි. උපකරණයක් වීමේ අවධානය සෑම විටම ඔබට නොකඩවා ශ්‍රේෂ්ඨ ඵල ලබාදෙයි. එබැවින් උපකරණයක් වීමේ සහ භාරකරුවෙක් වීමේ අවධානය ඇති කරගැනීමට කියා, ඔබගේ සියලුම සහකරුවන්ට මතක් කර දෙන්න. රාජධානියේ මෙම ප්‍රතිපත්ති, මුළු ලොවටම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති බවට පත්වෙයි. මළු ලෝකයම, භාරත රජයේ ප්‍රතිපත්ති අනුකරණය කරයි. කෙසේවෙතත් මෙහි පදනම වන්නේ, භාරකරුවෙක් වීමේ අවධානය තබාගැනීමයි, එනම්, උපකරණයක් වීමයි.

බාප්දාදා කුමරුන්ට කතා කරමින්:

කුමාර් යනු, සියලු බල සහ සියලු සම්පත් රැස්කර ගනිමින්, අන් අයව බලවත් කිරීමේ සේවයේ යෙදෙන අයයි. ඔබ නිරතුරුවම මෙම සේවයේ කාර්ය බහුල වී සිටිනවා නේද? ඔබ කාර්ය බහුලව රැඳී සිටින්නේ නම්, අඛණ්ඩව දියුණුවක් තිබෙයි. ඔබ ටිකක් හෝ නිදහසේ සිටින විට, නිෂ්ඵල සිතිවිලි ඇතිවෙයි. ශක්තිමත්ව රැඳී සිටීමට, කාර්ය බහුලව රැඳී සිටින්න. තමන්ගේම කාල සටහන සාදා ගන්න. ඔබගේ ශරීරය වෙනුවෙන් කාල සටහනක් සාදාගන්න ආකාරයෙන්ම, ඔබගේ බුද්ධියටත් කාල සටහනක් සාදාගන්න. ඔබගේ බුද්ධිය, කාර්ය බහුලව තබාගැනීමට සැලසුමක් සාදන්න. කාර්ය බහුලව සිටීමෙන් ඔබ නිරන්තරයෙන් නොකඩවා දියුණු වෙයි. වර්තමාන කාලයට අනුව, කුමාර් කෙනෙකුගේ ජීවිතයෙන් ශ්‍රේෂ්ඨ වීම යනු, ඉතා විශාල භාග්‍යයකි. ඔබ ශ්‍රේෂ්ඨ වාසනාවන්ත ජීවාත්මයක් බව, සෑම විටම සිතන්න. සෑම විටම සිහි කිරීම සහ සේවය අතර තුලනයක් තබාගන්න. මෙම තුලනය නිරන්තරයෙන් තබාගන්නා අය, නොකඩවා ආශිර්වාද ලබයි. අච්චා.

නිරන්තරයෙන් දෙවියන්ගේ සෙනෙහසේ ගිලී සිටින්න:

දෙවියන්ගේ සෙනෙහස, ආනන්දනීය ඔංචිල්ලාවක්. මෙම සතුටු ඔංචිල්ලාවේ පැද්දෙන අතර දෙවියන්ගේ සෙනෙහසේ නිරන්තරයෙන් ගිලී සිටින්න, එවිට කිසිදු අහිතකර සිදුවීමක් හෝ මායාගේ කැලඹිල්ලක් ඔබ ඉදිරියට පැමිණිය නොහැක. දෙවියන්ගේ සෙනෙහස අනන්තයි, අචලයි, එමෙන්ම එය බොහෝ සේ තිබෙන බැවින්, සෑම කෙනෙකුටම එය ලබා ගත හැක. කෙසේවෙතත් දෙවියන්ගේ සෙනෙහස ලබා ගැනීමේ ක්‍රමවේදය වන්නේ නොබැඳී සිටීමයි. ඔබ නොබැඳී සිටින ප්‍රමාණයට අනුව, ඔබ දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් හිමි කරගනි. කිසිදු සීමිත දෙයක් ඔබට බලපෑමක් ඇති කරන්නේ හෝ ඔබව එය දෙසට ආකර්ෂණය කරගන්නේ නැති ලෙසින්, එපමණින් දෙවියන්ගේ සෙනෙහස තුළ ගිලී සිටින්න. ඔබගේ අසීමිත ලැබීම් වල නිරතුරුවම ගිලී සිටින්න, එමඟින් ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය වාතාවරණයට පැතිරී යනු ඇත. සෙනෙහසේ සලකුණ වන්නේ ඔබ ආදරය කරන කෙනා වෙනුවෙන් සෑම දෙයක්ම කැප කිරීමයි. පියා තුළ දරුවන් කෙරෙහි කෙතරම් සෙනෙහසක් තිබේද යත්, ඔහු සෙනෙහසේ ප්‍රතිචාරය ලබා දෙමින් දිනපතාම ලිපියක් ලියයි. ඔහු සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙන අතර සහකරුවා ලෙසින්, ඔහු නිරන්තරයෙන් සෙනෙහසේ වගකීම ඉටු කරයි. මෙම සෙනෙහස වෙනුවෙන් ඔබගේ සියලු දුර්වලතා කැප කරන්න. පියා ඔය දරුවන්ට ආදරෙයි, ඔහු නිරතුරුවම මෙසේ පවසන්නේ ඒ නිසයි දරුවනේ, ඔබ කුමක් වුනත්, කොහොමවුනත්, ඔබ මගෙයි. ඒ ආකාරයෙන්ම, ඔබත් සෙනෙහස තුළ ගිලී සිටිමින් ඔබගේ හදවත් වලින් පවසන්නේ බාබා, ඔබ කුමක් වුනත්, ඔබ සියල්ලයි. මුසාවේ රාජධානියේ බලපෑමට කිසිම විටෙක හසු නොවන්න. ඔබ ආදරය කරන කෙනෙක්ව අවධානයෙන් සිහිපත් කළ යුතු නැහැ, මන්ද, ඔබ ඉබේටම එම කෙනාට ආදරය කරයි. ඔබගේ සෙනෙහස, සත්‍ය සහ පරහිතකාමි මෙන්ම හදවතින්ම විය යුතුයි, එපමණයි. ඔබ මගේ බාබා, ආදරණීය බාබා පවසන බැවින්, ඔබ සෙනෙහස දක්වන කෙනාව ඔබට අමතක කළ නොහැක. පියා හැර වෙනත් කිසිම ජීවාත්මයකගෙන් ඔබට පරහිතකාමී සෙනෙහසක් ලබා ගත නොහැක. එබැවින් වෙනත් කිසිදු චේතනාවකින් ඔහු සිහි නොකරන්න, නමුත් පරහිතකාමි සෙනෙහස තුළ ගිලී සිටින්න. දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න, මන්ද, මෙම අත්දැකීම තුළින් ඔබ පහසු යෝගියෙක් වී, නොකඩවා පියාසර කරාවි. දෙවියන්ගේ සෙනෙහස, ඔබව පියාසර කරවීමට මඟකි. පියාසර කරන අයව කිසිදු ගුරුත්වාකර්ෂණයකින් සිර කළ නොහැක. මායාගේ ස්වරූපයක් කෙතරම් ආකර්ෂණීය වුවත්, පියාසර කරන තත්ත්වයේ සිටින කෙනෙක් වෙතට එම ආකර්ෂණයට ළඟා විය නොහැක. දෙවියන්ගේ සෙනෙහසේ රැහැන, බොහෝ දුර සිට ඔබව මෙහෙන් ඇද ගනී. මෙම සෙනෙහස ඔබට කෙතරම් සතුට ලබා දෙන්නේද යත්, ඔබ තත්පරයකට හෝ මෙම සෙනෙහසේ ගිලී සිටින්නේ නම්, ඔබට සියලු ආකාරයේ දුක් අමතක වී, සදාකාලයටම සතුටු ඔංචිල්ලාවේ පැද්දීම ආරම්භ කරයි. ඔබට ජීවිතයේ අවශ්‍ය දේ, යම් කෙනෙකුගෙන් ලැබෙන විට, එය සෙනෙහසේ සලකුණකි. පියා තුළ ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබෙන බැවින්, ජීවිතයේ සතුට සහ සාමය වෙනුවෙන් ඔහු ඔබගේ සියලු ආශාවන් ඉටු කරයි. පියා ඔබට සතුට ලබා දෙනවා පමණක් නොවෙයි, ඔහු ඔබව සතුටු සම්පතේ අධිපතියන් බවට ද පත්කරයි. මේ සමඟින් ඔබගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ රේඛාව ඇඳ ගැනීමට, ඔහු ඔබට පෑනක් ද ලබාදෙයි. අවශ්‍ය තරම් භාග්‍යය, ඔබට නිර්මාණය කළ හැක. දෙවියන්ගේ සෙනෙහස මෙයයි. දෙවියන්ගේ සෙනෙහස තුළ නිරන්තරයෙන් ගිලී සිටින දරුවන්ගේ දීප්තිය, කුල්මත් බව සහ අත්දැකීමේ කිරණ, බොහෝ බලවත් බැවින්, සෑම ප්‍රශ්නයක්ම ඔවුන්ගෙන් බොහෝ දුරස්ථව තිබෙනවා පමණක් නොව, ඔවුන් දෙස ඇස් ඇර බැලීමටවත් ඒවාට නොහැක. ඔවුන්ට කිසිදු ආකාරයක අපහසුතාවයක් තිබිය නොහැක.

පියා තුළ දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබෙන බැවින් අම්රිත් වේලාවේ සිට ඔහු ඔබව පෝෂණය කරයි. දවසේ ආරම්භය බොහෝ උසස්ය. දෙවියන්ම හමුවක් සැමරීමට ඔබව කැඳවා, හදවතින්-හදවතට කතා බහක යෙදී ඔබව බලයෙන් පුරවයි. ඔබව අවදි කරවන්නේ, පියාගේ සෙනෙහස් ගීතයි. ඔහු විශාල සෙනෙහසකින් ඔබට අඬගසා ඔබව අවදි කරයි මිහිරි දරුවනේ, ආදරණීය දරුවනේ, එන්න! මෙම සෙනෙහස් පෝෂණයේ ප්‍රායෝගික ස්වරූපය වන්නේ පහසු යෝගි දිවියක්. ඔබ සාමාන්‍යයෙන් කරන්නේ, ඔබ ආදරය කරන තැනැත්තා කැමති දේය. ඔය දරුවන් අසහනයට පත්වන විට, පියා එයට අකමැතියි. එබැවින් කිසිම විටෙක මෙසේ නොකියන්න මා මොනවා කරන්නද? අවස්ථාව එවැනි එකක් වූ නිසයි මා කලබල වුනේ. ඔබ ඉදිරියට ඔබව අසහනයට පත් කළ හැකි සිදුවීමක් පැමිණියත්, අසහනයේ මානසික තත්ත්වයකට පත්වීමට, තමන්ට ඉඩ නොදෙන්න.

බාප්දාදා ඔය දරුවන්ට බොහෝ සේ ආදරය කරන බැවින්, ඔහුගේ සෑම දරුවෙක්ම, ඔහුටත් ඉදිරියෙන් යා යුතු බව ඔහුට හැඟෙයි. ලොවෙහි වුවත්, ඔබ බොහෝ ආදරය කරන අයව, ඔබට ඉදිරියෙන් යාමට ඔබ මඟපාදයි. මෙය සෙනෙහසේ සලකුණක්. බාප්දාදා ද පවසන්නේ මගේ දරුවන් තුළ කිසිදු දුර්වලතාවයක් නොතිබිය යුතුයි. සෑම කෙනෙක්ම අංග සම්පූර්ණ, පරිසමාප්ත සහ සමාන විය යුතුයි. දවස ආරම්භයේ, අම්රිත් වේලාවේ, ඔබගේ හදවත්, දෙවියන්ගේ සෙනෙහසින් මුළුමනින්ම පුරවාගන්න. දෙවියන්ගේ සෙනෙහසින්, දෙවියන්ගේ බලයෙන් සහ දෙවියන්ගේ දැනුමින් ඔබගේ හදවත් පිරී ඇත්නම්, ඔබගේ බැඳීම් සහ සෙනෙහස් හැඟීම්, වෙනත් කිසිදු දිශාවක් ඔස්සේ කිසිසේත් නොයයි.

දෙවියන්ගේ සෙනෙහස ලබාගත හැක්කේ මෙම එක උපතෙදි පමණයි. උපත් 83ක්ම ඔබ සෙනෙහස ලැබුවේ දේවතා ජීවාත්ම සහ සාමාන්‍ය ජීවාත්මයන් ගෙනි. ඔබට දෙවියන්ගේ සෙනෙහස ලැබෙන්නේ දැන් පමණයි. ජීවාත්ම වෙනුවෙන් ඇති සෙනෙහස ඔබට රාජධානියේ භාග්‍යය අහිමි කරවන අතර දෙවියන්ගේ සෙනෙහස ඔබට රාජධානියේ භාග්‍යය හිමි කරදෙයි. එබැවින් මෙම සෙනෙහස් අත්දැකීම තුළ ගිලී සිටින්න. ඔබට පියා කෙරෙහි සැබෑ සෙනෙහසක් තිබේ නම්, එහි සලකුණ වන්නේ, සමාන සහ කර්මතීට් වීමය. කරවන්හාර් (දිරිගන්වන කෙනෙක්) ලෙසින් ක්‍රියා සිදු කරන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබ ලවා යමක් කරවනවා නොවෙයි, නමුත් ඔබ, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරවයි. ඔබගේ මනස, බුද්ධිය හෝ සංස්කාර වල බලපෑම යටතේ කිසිදු ක්‍රියාවක් නොකරන්න.

වරදානය:
ඔබ දුර්වල බවින් ශක්තිමත් වීමෙන්, කිසිසේත් කළ නොහැකි දේ, කළ හැකි දෙයක් බවට පත් කරන එඩිතර ජීවාත්මයක් වේවා.

දරුවා නිර්භීත වන විට පියා උපකාර කරයි යන ආශිර්වාදයේ පදනමට අනුව, ඔබ අනිවාර්යෙන් පිවිතුරු විය යුතු බවට එඩිතරකම ඔබට මුලින් ඇති විය. පියා ඔබට කෝටි ගුණයකින් උපකාර කළා. ඔහු පැවසුවේ ඔය ජීවාත්ම, සදාතනිකව සහ මුලදි පිවිතුරුයි, ඔබ බොහෝ වාර ගණනාවක් එය විය යුතු අතර, ඔබ නොකඩවා එය වෙයි. බොහෝ වාර ගණනාවක් ඔබගේ අවධානයේ තිබීමෙන්, ඔබ බලවත් වී ඇත. දුර්වල බවින් ඔබ බොහෝ ශක්තිමත් වී, ඔබ අනිවාර්යෙන් ලෝකය පිවිතුරු කර සියලු දෙනාටම පෙන්වන බව කියමින්, මිනිසුන්ට අභියෝග කරයි. ඍෂිවරු සහ මුනිවරු අපහසු බව සලකන දෑ -ගෘහයක රැඳී සිටිමින් පිවිතුරුව සිටීම - ඉතාමත්ම පහසු බව ඔබ පවසයි.

පාඨය:
භාරයක් වීම යනු අධිෂ්ඨානය තිබීමයි. සැබෑ බැතිමතුන් කිසිම විටෙක ඔවුන්ගේ භාරය නොකඩයි.


බ්‍රහ්ම පියාට සමාන වීමට විශේෂ උත්සාහයන්.

ඔහුගේ සාමාන්‍ය ස්වරූපයේදී, බ්‍රහ්ම පියාට අති විශේෂ සහ අලෞකික ස්ථීතියක් තිබුණි. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කරන්න. තාරකා මණ්ඩලය තුළ, විශේෂ තාරකාවල දිස්නය සහ බැබළීම, අසහාය සහ අලංකාර බව, ඈත සිට දිස්වෙයි. ඒ ආකාරයෙන්ම ඔය ජීවාත්ම, සාමාන්‍ය ජීවාත්ම මැද්දේ විශේෂ ජීවාත්ම ලෙස පෙනෙයි.