06.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සිදුකරන කුමන හෝ ක්‍රියාවන්ගේ ඵලය ඔබට අනිවාර්යෙන්ම ලැබෙයි. පරාර්ථකාමී සේවය සිදුකරන්නේ පරමාත්ම පියා පමණයි.

ප්‍රශ්නය:
මෙම පංතිය මෙතරම් ආශ්චර්යමත් වන්නේ කෙසේද? මෙහිදී ඔබ සිදුකළ යුතු ප්‍රධානතම උත්සාහය කුමක්ද?

පිළිතුර:
කුඩා අය, තරුණ, මහළු යන සියල්ලන්ම එකට අසුන් ගන්නා එකම පංතිය මෙයයි. මෙම පංතිය කෙතරම් ආශ්චර්යමත්ද කිවතොත්, යම් දිනකදී ගලක් වැනි බුද්ධි ඇති අය, ගුණදම් නොමැති අය මෙන්ම තාපසයන්ද පැමිණ මෙහි අසුන් ගනීවි. මෙහිදී ඔබ සිදු කළ යුතු ප්‍රධානතම උත්සාහය වන්නේ සිහිපත් කිරීමේ සිටීමයි. ජීවාත්මයේ සහ ශරීරයේ ස්වභාවික සුව වීම සිදුවන්නේ සිහිපත් කිරීමෙන් පමණක් වන නමුත් සිහිපත් කිරීමේ සිටීමට ඔබට ඥානයද අවශ්‍යයි.

ගීතය:
අහෝ රාත්‍රියේ සංචාරකය, වෙහෙස නොවන්න! අරුණැල්ලේ ගමනාන්තය වැඩි ඈතක නොවේ!

ඕම් ශාන්ති.
ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට ගීය ඇසුනා. ආධ්‍යාත්මික පියා, මෙහි අරුත ඔය දරුවන්ට පැහැදිලි කරයි. ගීතාව සහ ආගමික ග්‍රන්ථ ලියූ අය, ඒවායේ අරුත නොදැන සිටීම අරුමයකි ඔවුන් සෑම දේකම වැරදි අරුත උකහාගනී. ඥානයේ මහා සයුර, සහ පාරිශුද්ධකරු වන ආධ්‍යාත්මික පියා, මෙතැන අසුන් ගෙන එහි අරුත පහදා දෙයි. ඔබට රාජයෝගාව උගන්වන්නේ පරමාත්ම පියා පමණයි. ඔබ නැවත වරක් රජවරුන්ගෙත් රජවරුන් බවට පත් වන බව ඔය දරුවන්ට වැටහෙයි. වෙනත් පාසැල්වල ඔවුන් නැවත වරක් නීතිඥයින් වීමට යන බව නොකියයි. කිසිම කෙනෙක් නැවත වරක් යන පදය භාවිත කරන අන්දම වටහා ගන්නේ නැත. ඔබ පවසන්නේ, ඔබ වසර 5000 කට පෙර කළාක් මෙන්, දැන් නැවත වරක් අසීමිත පියා සමඟ ඉගෙනගන්නා බවයි. මෙම විනාශය අනිවාර්යෙන්ම සිදුවෙයි. ඔවුන් අඛණ්ඩව බොහෝ විශාල බෝම්බ නිපදවයි. ඔවුන් බොහෝ බලසම්පන්න බෝම්බ නිපදවනවා. ඔවුන් ඒවා නිපදවන්නේ නිකම්ම තබාගැනීමට නොවෙයි මෙම විනාශය සිදුවන්නේද ශුභ කටයුත්තක් සඳහායි. ඔය දරුවන් කිසිම දේකට බිය විය යුතු නැහැ මෙම යුද්ධය යහපත ගෙන එයි. පරම පියා පැමිණෙන්නේ ඔබට සෙත සැලසීමටයි. මෙසේ කියයි පරමාත්ම පියා පැමිණ, බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපන කාර්යයත්, ශංකර් මාර්ගයෙන් විනාශයත් සිදු කරයි. එබැවින් එම බෝම්බ ආදිය තිබෙන්නේ විනාශය සඳහාය. ඒවාට වඩා බලවත් කිසිවක් නැත. ඒවා සමඟම ස්වභාවික ව්‍යසනද තිබෙයි. ඒවාට දේවමය ව්‍යසන යැයි කිව නොහැක. මෙම ස්වභාවික ව්‍යසන, නාටකයේ නියම වී තිබේ ඒවා අළුත් යමක් නොවෙයි! ඔවුන් දිගින් දිගටම බොහෝ විශාල බෝම්බ නිපදවයි. ඔවුන් පවසන්නේ අපට සම්පූර්ණ නගරවල් අතුගා දැමිය හැක. ඔවුන් ජපානය මත හෙලු බෝම්බ ඉතා කුඩා ඒවා විය. ඔවුන් දැන් බොහෝ විශාල බෝම්බ නිපදවා ඇත. ඔවුන්ට තව මහත් අපහසුතා ඇති වී, ඒවා දරා ගැනීමට නොහැකි වන විට, බෝම්බ භාවිත කිරීම ආරම්භ කරනු ඇත. අති මහත් හානි සිදුවෙයි! ඔවුන්, සිදුවන්නේ කුමක්ද කියා බලාගන්නට, පෙර හුරුවීම් සිදු කරමින් සිටිනවා. ඔවුන් මේ සඳහා රුපියල් බිලියන ගණන් වැය කරයි. ඒවා නිපදවන අයගේ වේතන පවා ඉතා විශාලයි. ඔය දරුවන් සතුටු විය යුතුයි පැරණි ලෝකය විනාශ වීමට යනවා. ඔය දරුවන් නව ලෝකය වෙනුවෙන් උත්සාහ දරණවා. පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශ වීමට යන බව බුද්ධිය කියයි. කලි යුගයේ තිබෙන්නේ මොනවාද, එමෙන්ම ස්වර්ණමය යුගයේ තිබෙන්නට යන්නේ මොනවාද, කියා ඔය දරුවන්ට වැටහෙයි. ඔබ දැන් සිට ගෙන සිටින්නේ සංගම යුගයේය. ස්වර්ණමය යුගයේ මෙතරම් ජනගහණයක් නොසිටින බව ඔබට වැටහෙයි. එබැවින් ඔවුන් සියල්ලම විනාශ වෙයි. මෙම ස්වභාවික ව්‍යසනද චක්‍රයකට පෙර සිදු විය. පැරණි ලෝකය විනාශ විය යුතුයි. බොහෝ ව්‍යසන සිදු වූ නමුත් ඒවා කුඩා ප්‍රමාණයේ ඒවා විය. දැන් මෙම මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම විනාශ වීමටයි යන්නේ. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. පරමාත්ම පියා, උත්තරීතර පියා, උත්තරීතර පරමාත්ම ජීවය, මෙතැන අසුන්ගෙන, ආධ්‍යාත්මික දරුවන් වන අපට විස්තර කර දෙයි. විනාශය සිදුවන්නේ ඔබ වෙනුවෙනි. විනාශයේ ගිණි දැල්, රුද්‍රාගේ ඥානයේ යාග හෝමයෙන් මතු වූ බව, සිහි කර තිබේ. ගීතාවේ සඳහන් කර ඇති ඇතැම් දේවල් වලට ඉතා හොඳ අරුතක් තිබෙන නමුත් කිසි කෙනෙකුට ඒවා වැටහෙන්නේ නැත. ඔවුන් දිගින් දිගටම සාමය ඉල්ලයි. ඔබට ගොස් සතුටින් සිටීමට හැකි වන සේ, විනාශය විගසින් සිදුවිය යුතු බව ඔබ පවසයි! පරම පියා පවසන්නේ ඔබ සතුටින් සිටින්නේ ඔබ සතෝප්‍රධාන් වූ විට පමණයි. පියා බොහෝ විවිධ අන්දමේ කරුණු ලබා දෙන අතර, ඒවා ඇතැම් අයගේ බුද්ධියේ ඉතා හොඳින් තැන්පත් වන අතර තවත් අයගේ බුද්ධියේ එතරම් හොඳින් තැන්පත් නොවෙයි. තමන් ශිව බාබාව සිහි කළ යුතු බව පමණක්, මහළු මව්වරුන්ට වැටහෙයි, එපමණයි! ඔවුන්ට පහදා දෙන්නේ තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියාව සිහි කරන්න! කෙසේවෙතත්, ඔවුන්ගේ උරුමය ඔවුන් හිමි කරගන්නවා. ඔවුන් එකට වාසය කරයි. සෑම කෙනෙක්ම ප්‍රදර්ශන වලට පැමිණෙයි. අජාමිල් වැනි පව්කාරයින් සහ ගණිකාවන් ආදි සියල්ලන්ම ඉහළ නැංවිය යුතුයි. පිරිසිඳු කරන්නන් පවා හොඳ ඇඳුම් ඇඳගෙන පැමිණෙයි. ගාන්ධි, අඩු කුලයේ අයව නිදහස් කළා. ඔවුන් අන් අය සමඟ එකට ආහාර ගනී. පරම පියා ඔබට කොහොමත් තහනම් කරන්නේ නැත. ඔවුන්ද ඉහළ නැංවිය යුතු බව, ඔහුට වැටහෙයි. මෙය, ඔවුන් කරන රැකියාව හා සම්බන්ධ නැත. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ බුද්ධිය, පරම පියා සමඟ යෝගාවේ සම්බන්ධ කිරීම මතයි. ඔබ පියා සිහි කළ යුතුයි. ජීවය පවසන්නේ මා අඩු කුලයේය. අප සතෝප්‍රධාන් දේවතාවන්ව සිටි බව, අපට දැන් වැටහෙයි. දැන් අවසානයේ අප පුනරුත්පත්ති ගැනීමෙන් අනතුරුව, අපවිත්‍ර වී සිටියි. ජීවාත්මය වන මා, දැන් නැවත පිවිතුරු විය යුතුයි. සින්ද් වලට එන ගැමි ස්ත්‍රිය, ධ්‍යානයකට සම වැදෙන බව ඔබ දන්නවා. ඇය බාබා මුණගැසීමට දිව එයි. ඇයද ජීවාත්මයක් බව විස්තර කෙරුණි. පරමාත්ම පියාගෙන් උරුමය හිමි කරගැනීමට, ජීවාත්මයන්ට අයිතියක් ඇත. ඇයට දිගටම ඥානය ලබා ගැනීමට ඉඩ සලසන ලෙස ඇගේ පවුලේ සාමාජිකයන්ට පැවසූ නමුත්, ඔවුන්ගේ සමාජයේ කැලඹීමක් ඇති වෙයි කියා ඔවුන් පැවසූහ. ඔවුන් බිය වූ නිසා ඇයව ඉවතට ගෙන ගියහ. ඔබ වෙතට එන කිසිම කෙනෙකුට ඔබ බැහැ නොකිව යුතුයි. දෙවියන්, අහිංසක කාන්තාවන්, ගණිකාවන්, ගැමි ස්ත්‍රීන් සහ තාපසයන් ආදිය ඉහළ නංවන බව සිහිකර ඇත - තාපසයන් සිට ගැමියන් දක්වා සෑම කෙනෙක්ම. යාගයට සේවය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභයක් අත්වෙයි, එමෙන්ම බොහෝ දෙනෙකුට සෙත සැලසෙයි. දිනෙන් දින, ප්‍රදර්ශන තුළින් සේවය වැඩි වෙයි. බාබා දිගින් දිගටම බැජ් සාදවයි. ඔබ කොහේ ගියත් ඔබ මෙම බැජ් එක විස්තර කළ යුතුයි මේ පරම පියායි, මේ දාදායි, මේ පරම පියාගේ උරුමයයි. පරමාත්ම පියා දැන් පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි! ගීතාවේ මෙසේද සඳහන් කර ඇත නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔවුන් මගේ නම ඉවත් කර, ඒ වෙනුවට දරුවාගේ නම ඇතුලත් කිරීම පමණක් සිදුකර තිබේ. රාධේ සහ ක්‍රිෂ්ණා අතර ඇති නෑදෑකම කුමක්ද කියා, භාරතයේ ජනයාටවත් වැටහෙන්නේ නැත. විවාහයට පෙර ඔවුන්ගේ ඉතිහාසය ආදිය, කිසිසේත් පෙන්වා දී නැත. දෙදෙනා අයත් වූයේ වෙනත් රාජධානි වලටයි. පරම පියා මෙතැන අසුන් ගෙන, මෙම දේවල් පහදා දෙයි. ඔවුන් (සන්යාසීන්) මෙම දේවල් වටහා ගෙන, මේවා ශිව දෙවියන්ගේ වදන් බව පැවසුවේ නම්, මිනිසුන් ඔවුන්ව එලවා දමනු ඇත. ඔවුන් මෙසේ විමසනු ඇත ඔබ මේවා ඉගෙනගත්තේ කොහෙන්ද? ඒ කුමන ගුරුද? ඔවුන් එය, බීකේවරුන් ගෙන් ඉගෙනගත් බව පැවසුවේ නම්, සෑම කෙනෙක්ම කලබල වනු ඇත. ගුරූන්ගේ රාජධානිය එවිට මුළුමනින්ම අවසන් වනු ඇත. එවන් බොහෝ මිනිසුන් මෙහි පැමිණෙයි. ඔවුන් සමහර දේ ලිඛිතව පවා දෙන නමුත් ඉන්පසුව ඔවුන් අතුරුදහන් වෙයි. පියා ඔය දරුවන්ට කිසිම අපහසුතාවයක් නොදෙයි. ඔහු ඔබට ඉතා පහසු ක්‍රම පෙන්වා දෙයි. යුවළකට දරුවෙක් නොමැති විට, දරුවන් ලබා දෙන්නට කියා ඔවුන් දෙවියන් ගෙන් ඉල්ලයි. ඉන්පසුව ඔවුන්ට දරුවෙක් ලැබුණු විට, ඔවුන් ඉතා හොඳින් ඔහුව රැක බලා ගනී. ඔහුට අධ්‍යාපනයක් ලබා දෙයි. ඔහු වැඩුනු පසු, ඔහුටම තම ජීවනෝපාය උපයාගැනීමට යැයි ඔවුන් පවසයි. පියෙක් තම දරුවා පෝෂණය කර, ඔහුව වටිනා කෙනෙක් කරවයි. එබැවින් ඔහු තම දරුවන්ගේ සේවකයාය. පරමාත්ම පියා ඔය දරුවන්ට සේවය කර, ඔහු සමඟ ඔබව ආපසු රැගෙන යයි. භෞතික පියෙක් සිතන්නේ, තම දරුවන් ස්වාධීන වී ව්‍යාපාර කටයුතු වල නියැලී, ඔවුන් මහළු වූ විට දෙමාපියන්ට සේවය කරනු ඇතැයි කියාය. එම පියා තමන්ට කිසි සේවයක් නොඉල්ලයි. එම කෙනා පරහිතකාමීය. ඔහුගේ දරුවන්ගේ වගකීම වන්නේ, තමන් ජීවත්ව සිටින තාක්කල් තමාව රැක බලාගැනීම කියා, භෞතික පියෙක් විශ්වාස කරයි. ඔහුට එම ආශාව තිබෙයි. එම පරමාත්ම පියා පවසන්නේ මා කරන්නේ පරහිතකාමී සේවයක්. මම රාජධානියක් පාලනය කරන්නේ නැත. මා ඒතරම්ම පරහිතකාමීය! අන් අය කුමක් කළත් ඔවුන්ට අනිවාර්යෙන්ම ඒ සඳහා ඵලය ලැබෙයි. එම කෙනා සියල්ලන්ගේම පරම පියාය. ඔහු පවසන්නේ මා ඔය දරුවන්ට දිව්‍ය ලෝකයේ රාජධානිය ලබා දෙන්නෙමි. ඔබ එතරම් උසස් තත්ත්වයක් හිමි කරගන්නවා! මම බ්‍රහ්මාන්ද් වල අධිපති පමණයි. ඔබද එය වන නමුත් ඔබට රාජධානියද ලැබෙන අතර ඉන්පසුව ඔබ එය අහිමි කරගන්නවා. මට රාජධානිය නොලැබෙන අතර මට එය අහිමි වන්නේද නැත. නාටකයේ මගේ චරිත කොටස මෙයයි. ඔය දරුවන් ඔබගේ සතුටේ උරුමය හිමි කරගැනීමට අඛණ්ඩව උත්සාහ දරයි. අන් සෑම කෙනෙක්ම සාමය පමණක් අයදියි. එම ගුරූන් පවසන්නේ සතුට, කපුටෙකුගේ අසූචි මෙන් බවයි. ඔවුන්ට සාමය පමණක් අවැසි වන්නේ ඒ නිසාය. ඔවුන්ට මෙම ඥානය ලබා ගැනීමට නොහැක. ඔවුන්ට සතුට ගැන කිසි දෙයක් වැටහෙන්නේ නැත. පරම පියා විස්තර කරන්නේ සාමයේ සහ සතුටේ උරුමය ඔබට ලබා දිය හැක්කේ මාහට පමණයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හි, ගුරූන් නොමැත. රාවණ එහි නොසිටියි. එය දේවමය රාජධානියයි. මෙම නාටකය පෙර නියම වූවක්. මෙම දේවල් වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ පතිත වන්නේ නැත. එබැවින් ඔය දරුවන් මෙම දේවල් හොඳින් ධාරණය කරගෙන උසස් තත්ත්වයක් හිමි කරගත යුතුයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. නව ලෝකයේ රාජධානිය ස්ථාපනය වන බව ඔබට වැටහෙයි. ඔබ සංගම යුගයේ සිටින අතර අන් සියලු දෙනා සිටින්නේ කලි යුගයේය. චක්‍රයක කාල වකවානුව වසර සිය දහස් ගණනක් බව ඔවුන් කියයි. ඔවුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. ඔවුන් කුම්භකරණ නින්දේ නිද්‍රෝපගතව සිටි බව සිහිකර ඇත. පාණ්ඩවයන්ගේ ජයග්‍රහණය සිහි කර ඇත. ඔබ බ්‍රහ්මණයින්ය. යාගහෝම පවත්වන්නේ බ්‍රහ්මණයින් පමණයි. මෙය රුද්‍ර පරමාත්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨතම, අසීමිත, වඩාත්ම වැදගත් යාගහෝමයයි. බොහෝ විවිධ වර්ගයේ සීමිත යාගහෝම තිබේ. මෙම යාගහෝමය නිර්මාණය කෙරෙන්නේ එක් වරක් පමණයි. එහි ව්‍යසන ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැති බැවින් ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි යාගහෝම නොමැත. ඒ සියලුම යාගහෝම සීමිතයි, මෙය අසීමිතයි. අසීමිත බිලි දීම සිදු කළ යුතු, මෙම යාග හෝමය, නිර්මාණය කරන්නේ අසීමිත පියා විසින්ය. ඉන්පසුව චක්‍රයෙන් භාගයකට කිසිම යාගහෝමයක් නොතිබෙයි. එහි රාවණගේ රාජධානියක් නැත. ඒ සෑම දෙයක්ම ආරම්භ වන්නේ රාවණගේ රාජධානිය ආරම්භ වන විටයි. මෙම අසීමිත යාගහෝමය නිර්මාණය වන්නේ එක් වරක් පමණක් වන අර, එය තුළට මුළු පැරණි ලෝකයම බිලි වෙයි. මෙය රුද්‍රාගේ ඥානයේ අසීමිත යාගහෝමයයි. මෙහි ප්‍රධානතම දේවල් වන්නේ ඥානය සහ යෝගාවයි. යෝගා යනු සිහිපත් කිරිමයි. සිහි කිරීම යන වචනය ඉතා මිහිරි වන අතර යෝගා යන වචනය බොහෝ සුලබ වී ඇත. කිසි කෙනෙක් යෝගාහි අරුත නොදනී. යෝගා යනු පරම පියා සිහිපත් කිරීම බව ඔබට විස්තර කළ හැක. බාබා, ඔබ අපට අසීමිත උරුමයක් ලබා දෙයි! ජීවාත්මය පවසන්නේ බාබා, ඔබ නැවත වරක් පැමිණ ඇත! මට ඔබව අමතක විය! ඔබ මට ආධිපත්‍යය ලබා දුන්නා. ඔබ දැන් පැමිණ නැවතත් මාව මුණගැසී තිබේ! මා අනිවාර්යෙන්ම ඔබගේ ශ්‍රීමත් පිළිපදින්නෙමි. ඔබ මේ අන්දමින් තමාටම කතා කළ යුතුයි. බාබා, ඔබ මට ඉතා හොඳ මාර්ගයක් පෙන්වනවා. මට සෑම චක්‍රයකදීම එය අමතක වෙනවා. පරමාත්ම පියා දැන් ඔබව, අමතක නොවන තත්ත්වයට පත් කරවයි. මේ නිසයි ඔබ දැන් පියාව පමණක් සිහිකළ යුත්තේ. මෙම සිහිපත් කිරීම තුළින් පමණයි ඔබගේ උරුමය ඔබට හිමිවන්නේ. මා ඔබට විස්තර කර දෙන්නේ, ඔබ ඉදිරියට මා පෞද්ගලිකවම පැමිණි විට පමණයි. එතෙක් ඔබ දිගින් දිගටම ගායනා කරන්නේ ඔබ දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නායි. ඔබ මෙම වර්ණනාව ගායනා කරන නමුත්, ඔබට ජීවාත්ම හෝ උත්තරීතර පරමාත්ම ජීවය ගැන වැටහීමක් නැත. මෙතරම් කුඩා තිතක් තුළ අවිනාශී චරිත කොටසක් පටිගත වී ඇති බව, ඔබට දැන් වැටහෙයි. පරමාත්ම පියා මෙය විස්තර කරයි. ඔහුට පරම පියා, පරමාත්ම ජීවය යැයිද කියයි. ඔහු උත්තරීතර පරමාත්ම ජීවයයි. ඔහු කිසිදා ආලෝකය අඩු නොවන සූර්යයා මෙන් නොවෙයි. ගුරුවරයෙක් කරන්නාක් මෙන් මා ඔබට දිගටම උගන්වනවා. බොහෝ දරුවන් සිටියි. බලන්න, මෙම පංතිය කෙතරම් ආශ්චර්යමත්ද කියා! බලන්න මෙහි ඉගෙනගන්නේ කවුරුන්ද කියා! එක්තරා දිනයක, අහිංසක ස්ත්‍රීන්, ගුණදම් නොමැත්තන් සහ තාපසයන් ආදීන් ද පැමිණ මෙහි අසුන් ගනිවි. මහළු කාන්තාවන් සහ තරුණ දරුවන්ද මෙහි අසුන් ගෙන සිටිනවා. මෙවන් පාසැලක් ඔබ කෙදිනකවත් දැක තිබේද? මෙහි, සිහිපත් කිරීම සඳහා උත්සාහ දරයි. මෙම සිහිපත් කිරීමටයි කල්ගත වන්නේ. සිහිපත් කිරීම සඳහා උත්සාහ දැරීමත්, ඥානයයි. සිහිපත් කිරීම සඳහා ද ඥානය තිබේ. චක්‍රය විස්තර කිරීම සඳහා ද ඥානය ඇත. මෙයට කියන්නේ සැබෑ ස්වභාවික සොබාදහම් සුව කිරීම කියාය. ඔය ජීවාත්ම සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වනවා. එම සුව කිරීම් ශරීර සඳහා වන අතර මෙම සුව කිරීම ජීවාත්ම සඳහාය. ජීවාත්ම තුළ වෙනත් ලෝහ මිශ්‍ර වී ඇත. සැබෑ රත්තරනින් සැබෑ ආභරණ සාදයි. ශිව බාබා පෞද්ගලිකවම මෙහි පැමිණ ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. ඔය දරුවන් අනිවාර්යෙන්ම පරම පියා සිහි කළ යුතුයි. අපි දැන් ආපසු නිවසට යා යුතුයි. අපි මේ පැත්තේ සිට අනෙක් පැත්තට යා යුතුයි. පරමාත්ම පියාව, උරුමය සහ ඔබගේ නිවහන සිහි කරන්න. එය මිහිරි නිහඬ නිවහනයි. අසාමය තුළින් දුක ඇති කරන අතර සාමය තුළින් සතුට අත්විඳිය හැක. ස්වර්ණමය යුගයේ, ඔබට සාමය, සතුට සහ සමෘද්ධිය තිබේ ඔබට සෑම දෙයක්ම තිබේ. එහි සටන් කිරීම හෝ සණ්ඩු සරුවල් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔය දරුවන්ට තිබිය යුතු එකම සැලකිල්ල විය යුත්තේ සතෝප්‍රධාන්, සැබෑ රත්තරං වීමටයි, මන්ද එවිට පමණයි ඔබට උසස් තත්ත්වයක් හිමි වන්නේ. ඔබ සපා ඉන්පසු දිරවිය යුතු, ආධ්‍යාත්මික ආහාර ඔබට ලැබෙනවා. අද අප ඇසූ ප්‍රධාන කාරණා මොනවාද? වන්දනා ගමන් දෙවර්ගයක් ඇති බව, ඔබට විස්තර කර ඇත - ආධ්‍යාත්මික සහ භෞතික. ප්‍රයෝජනවත් වන්නේ මෙම ආධ්‍යාත්මික වන්දනා ගමන පමණයි. පරමාත්ම දෙවියන් පවසයි මන්මනාභව! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම විනාශය ශුභදායක බැවින් ඔබ බිය නොවිය යුතුයි. සෙත සලසන පරම පියා, දිරිගන්වන්නේ, යහපත් දෙයක් පමණක් බව අවධානයේ තබා ගෙන, නිරන්තරයෙන් සතුටින් සිටින්න.

2. සතෝප්‍රධාන්, සැබෑ රත්තරං බවට පත් වී, උසස් තත්ත්වයක් හිමි කරගැනීමේ එක් සැලකිලිමත්භාවය පමණක් නිරන්තරයෙන් තබා ගන්න. ඔබට ලැ බෙන ආධ්‍යාත්මික ආහාර, අඛණ්ඩව සපා, ජීර්ණය කරගන්න.

වරදානය:
ආධ්‍යාත්මික ඇසුරේ සිටීමෙන් ඔබ නිරන්තරයෙන් ප්‍රබෝදමත්, ආලෝකමත් සහ සැහැල්ලු වී, තමන්ව ආධ්‍යාත්මික පැහැයෙන් වර්ණවත් කරගන්න.

පරම පියාව තම හදවතේ සැබෑ සහකරුවා කරගන්නා දරුවන් සෑම විටම ආධ්‍යාත්මික ඇසුරින් වර්ණවත් වෙයි. ඔබගේ බුද්ධියෙන්, සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා සහ සත්ගුරුගේ ඇසුර තිබීම යනු, සත්‍යයේ ඇසුර (සත්සංග) තිබීමයි. සත්‍යයේ ඇසුරේ සිටින අය නිරතුරුවම ප්‍රබෝදමත්, ආලෝකමත් සහ සැහැල්ලුවෙන් සිටියි. ඔවුන් කිසිම ආකාරයක බරක් අත්විඳින්නේ නැත. තමන් තුළ සතුටේ ආකරයක් ඇති බවත්, පරම පියාට අයත් සෑම දෙයක්ම ඔවුන්ට අයත් බව සහ තමන් පිරිපුන් බව ඔවුන් අත්විඳියි.

පාඨය:
ඔබගේ මිහිරි වදන් සහ උනන්දුව සහ උද්යෝගයේ සහයෝගය තුළින් අධෛර්යමත් අයව ශක්තිමත් කරන්න.