06.12.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කෝපය මහත් වේදනාවක් දුකක් ඇති කරවයි. එය ඔබටත් අන් අයටත් දුක ගෙන දේ. එමනිසා, ශ්‍රිීමත් අනුගමනය කරමින් එම පාපකාරි භුතයාගෙන් ජය ගන්න.

ප්‍රශ්නය:
සෑම කල්පයකදීම කිනම් හෝ ආකාරයක කැළලක් පිහිටන්නේ කුමන දරුවන්ගේද? එවන් දරුවන්ගේ ඉරණම වන්නේ කුමක්ද?

පිළිතුර:
තමන් ඉතාමත් දක්ෂයි කියා සිතමින් සම්පූර්ණයෙන්ම ශ්‍රීමත් අනුගමනය නොකරනා අය අදෘශ්‍යමාන ලෙස හෝ දෘශ්‍යමාන ලෙස කුමන හෝ පාපයක් ඔවුන් තුළ පිහිටනවා. ඔවුන් එය ඉවත් කර ගන්නේ නැහැ. මායා දිගටම ජීවාත්මය වටේම කැරකි කැරකී සිටිනවා. එවන් දරුවන් තුළ සෑම කල්පයකදීම කුමන හෝ ආකාරයක කැළලක් පිහිටනවා.

ගීතය:
අද ලෝකයේ මිනිසා සිටින්නේ අන්ධකාරයේයි...

ඕම් ශාන්ති.
දිව්‍යලොව දෙවියන්, පරම පියා, ලෙස හඳුන්වන අසීමිත පියා සෑම කෙනෙකුගේම පියා වන බව දරුවන් වන ඔබ දැන් අවබෝධ කරගෙන සිටිනවා. ඔහු දරුවන් වන ඔබ ඉදිරියට පැමිණ පෞද්ගලිකවම ඔබ අමතා කතාකර සියල්ල පැහැදිලි කර කියා දෙනවා. බාබා සෑම දරුවෙක් දෙසම මෙම ඇස් වලින් බලනවා. දරුවන්ව බැලීමට ඔහුට දිව්‍යමය දර්ශනයක් අවශ්‍යවන්නේ නැහැ. බාබාට දැන් තේරෙනවා: මම මේ උත්තරීතර දනව්වේ (පරම්දාම්) සිට දැන් පැමිණ සිටින්නේ මෙම දරුවන් වෙනුවෙනි. දරුවන් තම තමන්ගේ චරිත රඟපෑම සඳහා මෙම ශරීරය ඇරගෙන තිබෙනා නිසා මා දැන් මෙම දරුවන්ට මුහුණට මුහුණ ඉඳගෙන උගන්වනවා. සත් යුගය නිර්මාණය කරනා අසීමිත පියා, නැවතත් වතාවක් භක්ති මාර්ගයේ රස්තියාදු ගැසීමෙන් අපව මුදවාගෙන අපගේ ආලෝකය ආලෝකමත් කරවනා බව දැන් දරුවන් වන ඔබට වැටහෙනවා. සෑම මධ්‍යස්ථානයකම සිටිනා සෑම දරුවෙක්ම තමන් දේව වංශයට, නැති නම්, බ්‍රහ්මාගේ වංශයට අයිති බව දන්නවා. උත්තරීතර පියා වන උත්තරීතර ජිවාත්මය ලෝකයේ නිර්මාණකරු වශයෙන් හඳුන්වනවා. ලෝකය නිර්මාණය වුණේ කෙසේද කියා බාබා පැහැදිලි කර කියා දෙනවා. මව හා පියාගෙන් තොරව මානව ලෝකය නිර්මාණය කළ නොහැකි බව දරුවන් වන ඔබට වැටහෙනවා. පියා මඟින් පමණක් ලෝකය නිර්මාණය වුණා කියා කියන්න බැහැ: නැහැ. ඔබ තමයි මව, ඔබ තමයි පියා කියා තමයි සඳහන් වී තිබෙන්නේ. මෙම මව හා පියා නව ලෝකය නිර්මාණය කර දරුවන්ව ඒ සඳහා සුදුසු අය බවට පත් කරවනවා. මෙය ඔහුගේ මහත් වූ ශ්‍රේෂ්ඨත්වයයි. ක්‍රිස්තුන්වහන්සේ ක්‍රිස්තු ධර්මය ස්ථාපනය කළ ආකාරයෙන් ඉහළ ඉඳන් දේවතාවරුන් තමන්ගේ ධර්මය ස්ථාපනය කිරීම සඳහා මෙහි පැමිණෙනවා කියා දෙයක් සිදුවන්නේ නැහැ. ක්‍රිස්තියානුවනුත් ක්‍රිස්තුන්වහන්සේව තම පියාණන් කියා හඳුන්වනවා. පියෙක් සිටිනවා නම් අනිවාර්යෙන්ම මවකුත් සිටිය යුතුයි. මරිය තුමිය තමයි මව කියා මිනිස්සු කියනවා, නමුත් කවුද මරියා කියන්නේ? ක්‍රිස්තුන්වහන්සේ ඔහු මඟින් දරුවන්ව බිහි කෙරෙව්වාද? නැති නම් ඔහු පියා වෙලා ඔහුම මව වෙනවාද? ක්‍රිස්තුන්වහන්සේගේ නව ජීවාත්මය පැමිණ වෙනත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වූ අතර ක්‍රිස්තුන්වරුන්ව නිර්මාණය කර ඇත්තේ ඔහු ඇතුළු වුණු කෙනාගේ මුඛය මඟින්ය. ඉතින් එමනිසා, සන්යාසීන් නිර්මාණය වුණේ තමන් නිර්මාණය කළ අයගේ මුඛයෙනි. එසේ ඇතළු වන්නේ පාරිශුද්ධ ජීවාත්මයකි. දුක් විඳින්න තරම් ක්‍රියා ඔහු කර නැහැ. එලෙසින්ම උත්තරීිතර පියාට කවදාවත් දුකක් දැනෙන්නේ නැහැ. මහත් වේදනා විඳ අපහාසයට ලක් වන්නේ මෙම භෞතික කෙනායි. එමනිසා, ක්‍රිස්තුන්වහන්සේව කුරුසියේ ඇණ ගසනා විට වේදනා විඳින්න සිදු වුණේ උන් වහන්සේ ඇතුළු වුණු ශරීරය අයිති පුද්ගලයාටයි. ක්‍රිස්තුන්වහන්සේ පියා වන අතර: එසේ නම් මව පැමිණියේ කොහි සිටද? ඔවුන් මරියා තුමියව කන්‍යාවක් කියා කියමින් ඔවුන් කියනවා ඇය ක්‍රිස්තුන්වහන්සේට උපතක් දුන්නා කියලා. කන්‍යාවක් දරු උපතක් ලබන්නේ කෙසේද? එය කවදාවත් සිදුවිය නොහැක්කක්. ඒ සෑම දෙයක්ම අරගෙන තිබෙන්නේ ග්‍රන්ථ වලිනි. කුන්ට් නම් වූ කන්‍යාව හා කර්ණා දෙදෙනා ඇයගෙන් බිහිවෙන බව දක්වා තිබෙනවා. මෙය දිව්‍යමය දර්ශනයක් පිළිබඳ වූ කතාන්දරයකි. ඔවුන් එය අනුකරණය කරලා. එලෙසින්ම මෙම බ්‍රහ්මා ඔබ ඉපදුන දවසේ ඉඳන් ඇහුම්කන් දෙන මවයි. පසුව සෑම කෙනෙක්ම රැකබලා ගැනීමේ වගකීම මමාට පැවරුණා. ක්‍රිස්තුන් වහන්සේ සමඟත් සිදුවන්නේ එයමයි. ක්‍රිස්තුන් වහන්සේ කවුරු හෝ කෙනෙක්ට ඇතුළු වී එහි ක්‍රිස්තු ධර්මය ස්ථාපනය කරනවා විය හැකියි. ක්‍රිස්තුන් වහන්සේගේ කටින් උපන් දරුවන් තමන් සහෝදර සහෝදරියන් කියා කියන්න පටන් ගත්තා. ක්‍රිස්තුන්වරුන්ගේ පියා ක්‍රිස්තුන්වහන්සේයි. එමෙන්ම ඇතුළු වෙන ශරිරයේ අයිතිකරු හා දරුවන් නිර්මාණය කරන්නා මව වේ. පසුව මරියා තුමිය සෑම කෙනෙක්වම රැක බලා ගන්නා අය බවට පත් වුණා: එමනිසා, මරියා තුමිය තම මව ලෙසින් සලකන්න පටන් ගත්තා. මෙහිදීිත් බාබා කියන්නේ: මම මොහුට ඇතළු වී ඔහු මාර්ගයෙන් දරුවන් වන ඔබ හදාගන්නවා: ඉතින්, මෙම මමාත් එලෙස කටින් උපන් දරුවෙක්. මෙම විස්තරාත්මක කරුණු හොඳින් අවබෝධ කර ගත යුතුයි. දෙවනුව නිර්මාංශ ආහාර ගැන කතා කිරීම සඳහා එක් කණ්ඩායමක් අද අබු වලට එනවා කියා බාබා කිව්වා. ඉතින්, අසීමිත පියා දැන් ඉතාමත් පිරිසිඳු නිර්මාංශ ආහාර අනුභව කරන්නන් වූ දේවතා ධර්මය ස්ථාපනය කිරීම සඳහා මෙහි පැමිණ සිටිනා බව ඔවුන්ටත් පැහැදිලි කර කියා දෙන්න. වෙනත් කිසිම ධර්මයක මිනිස්සු එතරම් තද ලෙස නිර්මාංශ ආහාරිකයන් වන්නේ නැහැ. ඔවුන් කියන්නේ වයිෂ්නවයෙක් බවට පත්වීමේ ප්‍රයෝජනය ආදී දේ ගැනයි. කොහොමනමුත්, සෑම කෙනෙක්ටමත් එම තත්ත්වයට පත්වෙන්න බැහැ. මන්ද, මිනිස්සු තම තමන්ගේ ආහාර පුරුදු වලට හැඩ ගැසී ඇති නිසා එකක් අත්හැර අළුත් දෙයක් භාර ගැනීමට තවමත් ඔවුන් සුදානම් නැහැ. ඉතින් සත් යුගයේ අසීමිත පියා සෑම වයිෂ්නවයෙක්ම නිර්මාණය කරනා බව ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. ඔවුන් විශ්ණු වංශයේ කොටසක් බවට පත් වේ. දේවතාවරුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර අයයි. නමුත් අද ලෝකයේ සිටිනා නිර්මාංශ ආහාරිකයන් පාපකාරීයි. ක්‍රි:පූ: තුන්වන සියවස පමණ වන කාලය, භාරතය තිබුණේ දිව්‍ය ලෝකයක් වශයෙනි. දරුවන් වන ඔබ හැරෙන්න වෙන කිසිම මනුෂ්‍යයෙක් දිව්‍යලෝකය යනු කුමක්ද, එය ස්ථාපනය කළේ කවුද, කවුද එය පාලනය කළේ යන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔවුන් ලක්ෂ්මි හා නාරායන දේවාල වලට යන්න පුරුදු වී සිටිනවා. බාබාත් ගියා, නමුත් කිසිම කෙනෙක් ලක්ෂ්මි නාරායනගේ රාජ්‍යයක් තිබුණේ සත් යුගයේ කියා දන්නේ නැහැ. හුදෙක් ඔවුන්ගේ ගුණ ගායනා කිරීමක් පමණයි කරන්නේ. නමුත් කවුද ඔවුන්ට එම රාජ්‍යය ලබා දුන්නේ? ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. දැනට පවා මිනිස්සු බොහෝ දේවාල ගණනාවක් සාදමින් ලක්ෂ්මි තමන්ව ධනවත් කෙරෙව්වා කිය කියා සිතාගෙන සිටිනවා. මෙන්න මේ නිසා තමයි දීපමාලා කාලයට ව්‍යාපාරිකයන් ලක්ෂ්මි දෙවඟන වන්දනා කරන්නේ. එම දේවාල සෑදු අයට මේ දේවල් පැහැදිලි කර කියා දිය යුතුයි. එමෙන්ම භාරතයේ ගුණ වර්ණනාව ගැන විදේශිකයන්ටත් ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි: ක්‍රි:පූ: තුන්වන සියවසේදී භාරතය සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාරිකයන්ගේ දේශයකි. එවන් තැනක් වෙන කොහේවත් සොයා ගන්න බැහැ. එකල අති විශාල ශක්තියක් බලයක් තිබුණා: එය දේවි දේවතාවරුන්ගේ රාජ්‍යයයි. දැන් නැවතත් වතාවක්, එම රාජ්‍යයම ස්ථාපනය වෙමින් පවතියි. දැන් පැමිණෙන්නේ එම කාලයමයි. ශංකර් මාර්ගයෙන් සිදුවන විනාශය ගැනත් සඳහන් කර තිබෙනවා. පසුව නැවත වතාවක් එය විශ්ණුගේ රාජ්‍යය බවට පත් වේවි. පියාගෙන් ඔබගේ සත් යුගයේ උරුමය දිනා ගන්න ඔබට අවශ්‍ය නම් පැමිණ එය ලබා ගත හැකියි. රමේෂ් හා ඌෂා දෙදෙනා සේවය කරන්න ඉතාමත් ආසයි. ඔවුන් දෙදෙනාම ඉතාම අරුම පුදුම ජෝඩුවක්; ඔවුන් සේවයට ඉතාමත් ලැදියි. බලන්න අළුත් අය පරණ අය පරදවා යන ආකාරය. බාබා ඔබට බොහෝ ක්‍රම පෙන්වා දෙනවා. නමුත් ඔබට කුමන හෝ පාපයක අහංකාරයක් තිබෙනවා නම් මායා ඔබට ඉහළටම වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයකට රාගය තිබෙනවා; නමුත් බොහෝ අයට ඇත්තේ කෝපයයි. කිසිම කෙනෙක් තවමත් සර්ව සම්පූර්ණ වී නැහැ. ඔබ දැන් මේ තත්ත්වයට පත්වෙමින් සිටිනවා. මායා දිගින් දිගටම අභ්‍යන්තරයෙන් අපව හපා දමනවා. මෙම මීයාගේ හපාකෑම ආරම්භ වුණේ රාවණ්ගේ රාජ්‍යය ආරම්භ වුණු දවසේ ඉඳලයි. භාරතය දැන් සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවයට පත්වෙලා. මායා සෑම කෙනෙකුගේම බුද්ධිය ගල් බවට පත් කරවලා. මායා හොඳ දරුවන් පවා වට කරගන්නේ එලෙසටයි, ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔවුන් පසුපසට ගෙනයන බව ඔවුන්ට නොතේරේ. කොහොමනමුත්, ඔවුන්ට ජීවන බෙහෙත ලබාදී නැවතත් සිහිය දුන්නා. කෝපයත් මහත් වේදනාවක් ඇති කරවනවා. එය තමාව අසතුටට පත් කරවනවා සේම, අන් අයවත් අසතුටට පත්කරවනවා. ඇතැම් අය තුළ මෙය අදෘශ්‍යමාන ලෙසින් තිබෙනවා. නමුත් තවත් අය ළඟ මෙය හොඳින් පෙනෙන්න තිබෙනවා. මෙතරම් පැහැදිලි කළත් ඔවුන් මෙය අවබෝධ කර ගන්නේ නැහැ. ඔවුන් තමන් ඉතාම දක්ෂයින් කියා තමයි සලකන්නේ. පසුව ඔවුන්ට පසුතැවිලි වන්න සිදුවේවි. ශ්‍රීමත් අනුගමනය කිරීමේ ප්‍රයෝජන රාශියක් ඇත. නැති නම් සිදුවන්නේ මහත් අලාභයකි. ශ්‍රීමත් වල හා බ්‍රහ්මාගේ උපදෙස් යන දෙකම ඉතාමත් ප්‍රසිද්ධයි. ඔවුන් යමෙකු ගැන පවසන්නේ, බ්‍රහ්ම උඩ සිට පහළට පැමිණියද, ඔහුට එමකෙනා ඇහුම්කන් නොදෙනවා ඇත යැයි කියාය. ක්‍රිෂ්ණාගේ නම මේ ආකාරයෙන් සඳහන් කර නැහැ. දැන් උත්තරීතර පියා වන උත්තරීතර ජිවාත්මයම උපදෙස් දෙන අතර බ්‍රහ්මාත් ඒවා ඔහුගෙන් ලබා ගන්නවා. බාබා දරුවන් වන ඔබට ඉතාමත් ආදරෙයි. ඔහු ඔබව තමාගේ උරහිසෙහි තබාගෙන පසුව, හිස මතත් තබා ගන්නවා. තමාගේ දරුවා තව තවත් ඉහළට ගොස් පවුලේ නම කීර්තිමත් කළ යුතුයි, කියා පියෙක් සෑම විටම කිසියම් අරමුණක් තබාගෙන සිටිනවා. කොහොමවුණත්, දරුවන් බාබාට හෝ දාදාට ඇහුම්කන් දුන්නේ නැති නම්, ඉන් අදහස් වන්නේ ඔවුන් ජේ්‍යෂ්ඨ මවටත් ඇහුම්කන් නොදෙන බවයි. ඔවුන්ගේ තත්ත්වය කුමන ආකාරයේ එකක් වේවිද කියා මදක් සිතා බලන්න; ඒ ගැන නම් අහන්නවත් එපා! කොහොමනමුත්, සේවාධාරි දරුවන් බාප්දාදාගේ හදවත නම් සිහසුන හිමි කර ගන්නවා. බාබාම ඔවුන්ව ප්‍රශංසාවට ලක් කරවනවා. එමනිසා, ඔවුන් දැන් මෙම භාරතය විශ්ණුගේ කුලය වශයෙන් පැවති බවත්, නැවත වතාවක් එය ස්ථාපනය වෙමින් පවතිනා බවත් අන් අයට පැහැදිලි කර කියා දිය යුතුයි. බාබා දැන් නැවතත් වතාවක් මෙම භාරතයම විශ්ණුගේ දේශයක් බවට පත් කරවනවා. ඉතින් ඔබ තුළ විශාල වූ කුල්මත් බවක් තිබිය යුතුයි. ඒ මිනිස්සු තම තමන්ගේ නම් කීර්තිමත් කරවා ගැනීම සඳහා මහත් සේ වෙහෙසෙනවා. ඔවුන්ගේ වියදම් පවා දරන්නේ ආණ්ඩුව මඟින්. සන්යාසීවරුන්ට පවා විශාල මුදලක් ලැබෙනවා. දැනට පවා තමන් භාරතයේ පෞරාණික යෝගාව උගන්වනවා කියා කියූ විට, මිනිස්සු ඉතාමත්ම ඉක්මණින් ඔවුන්ට මුදල් විසි කරනවා. බාබාට නම් කිසිම කෙනෙකුගේ මුදල් අවශ්‍ය නැහැ. ඔහු මුළු ලෝකයටම ආධාර දෙන්නායි. නිධන් ගබඩාවේ අහිංසක පාලකයා වන ඒකායන තැනැත්තා ඔහු වන අතර ඔහු දරුවන්ගෙන් උදව් ලබා ගන්නවා. පිට තැන් වලින් මෙහි පැමිණෙන මිනිස්සු ආශ්‍රම වලට කුමන හෝ දෙයක් දෙන්න පුරුදු වී සිටියා. කොහොමනමුත්, ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතු දේ නම්: ඇයි ඔබ මෙහාට මෙවැනි දේ දෙන්නේ? ඔබ කිසිම දැනුමකට ඇහුම්කන් දී නැහැ. ඔබට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපි බීජයක් පැළ කරන්නේ සත් යුගයේදී ඵලයක් ලබා ගන්නයි. කොහොමනමුත්, එය සිදුවන්නේ ඔබ දැනුම අවබෝධ කර ගත්තොත් පමණයි. මේ විදියට මිලියන ගණන් පැමිණේවි. බාබා අදෘෂ්‍යමාන ලෙස පැමිණ සිටීම හොඳ දෙයක්. ඔහු ක්‍රිෂ්ණාගේ ස්වරූපයෙන් ආවා නම් සෑම කෙනෙක්ම දූවිලි වගේ ගොඩගැසී ඉතා ඉක්මණින් ඔහු වෙත එන්න පටන් ගනීවි. කිසිම කෙනෙක්ට නිවසේ ඉන්න හැකි වෙන එකක් නැහැ. ඔබ දෙවියන්ගේ දරුවනුයි. මෙය අමතක කරන්න එපා! දරුවන් වන ඔබ සම්පූර්ණ උරුමය දිනා ගත යුතුයි කියා ඔබගේ බාබාගේ හදවත සෑම විටම කියනවා. බොහෝ දෙනෙක් සත් යුගයට පැමිණේවි. නමුත් උසස් තත්ත්වයක් දිනා ගන්න නම් ධෛර්යය අවශ්‍යයි. කොහොමනමුත්, මිලියන සිය දහසක් අතුරින් අතේ ඇඟිලි ගණනක ප්‍රමාණයක් පමණයි බිහි වන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය - 1968/06/15

අතීතයේ සිදු වූ යමක් නැවත පුනරීක්‍ෂණය කරයි නම්, දුර්වල හදවත් ඇති අයගේ හදවත්වල ඇති දුර්වලතාද පුනරීක්‍ෂණය වෙයි. මේ නිසයි ඔය දරුවන්ව නාටකයේ රේල් පීලි මත ස්ථාවර වීමට යොමු කරවන්නේ. ප්‍රධානතම යහපත සිදුවන්නේ සිහිපත් කිරීම තුළින්ය. ඔබගේ ආයුෂ වැඩි වන්නේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. දරුවන් නාටකය වටහාගන්නේ නම්, ඔවුන්ට කිසිම දෙයක් ගැන කිසිදු සිතිවිල්ලක් ඇති නොවනු ඇත. මෙය, දැනුම ඉගෙනගැනීමට සහ ඉගැන්වීමට නාටකයේ ඇති කොටසයි. ඉන්පසුව මෙම කොටස අවසන් වෙයි. පියාගේ කොටස හෝ අපගේ කොටස්වත් ඉන්පසුව ඉතිරි නොවෙයි. ඔහුගේ, ලබාදෙන කොටස හෝ අපගේ ලබාගැනීමේ කොටසවත් ඉතිරි වන්නේ නැත. එබැවින් සෑම දෙයක්ම එකක් වෙයි. ඉන්පසුව අපගේ කොටස්, නව ලෝකයේදී වෙයි. බාබාගේ කොටස, නිහඩ දේශයේදි වෙයි. චරිත කොටස්වල තැටිය, පටිගත වී තිබේ: අපගේ ප්‍රතිලාභයේ චරිත කොටස් සහ බාබාගේ නිහඩ දේශයේ චරිත කොටස. ලබා දීමේ සහ ලබා ගැනීමේ කොටස් සම්පූර්ණයි: නාටකය අවසන් වී ඇත. ඉන්පසුව පාලනය කිරීමට අපගේ පැමිණීම සඳහා චරිත කොටස වෙනස් වෙයි. දැනුම නැවතෙයි. අප එය බවට පත්ව සිටීවි. චරිත කොටස අවසන් වූ විට, වෙනස්කම් නොතිබෙයි. දරුවන්ගේ සහ පියාගේ චරිත කොටස් ඉතිරි නොවෙයි. මෙම කෙනාද සම්පූර්ණ දැනුම ලබාගෙන තිබෙයි. ඔහු සමඟද කිසිවක් ඉතිරි නොවෙයි. ලබා දෙන ඒකායන කෙනා සමඟ කිසිවක් ඉතිරි නොවන අතර ලබාගන්නා අය තුළ කිසිම අඩුවක් නොතිබෙයි, එබැවින් දෙදෙනාම එකිනෙකාට සමාන වෙයි. මේ සඳහා ආවර්ජනය කරන බුද්ධි ඔබට අවශ්‍ය වෙයි. ප්‍රධාන උත්සාහය වන්නේ සිහි කිරීමේ වන්දනා ගමනයි. පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි. එය විස්තර කරන විට දළ දෙයක් වන නමුත් එසේ නැතහොත් එය බුද්ධිය තුළ ඇති සියුම් දෙයකි. ශිව බාබාගේ ස්වරූපය කුමක්ද කියා ඔබගේ ඇතුලාන්තයෙන් ඔබම වටහාගනී. එය විස්තර කරන විට විශාල ස්වරූපයක් බවට පත් වනවා. භක්ති මාර්ගයේ ඔවුන් විශාල ලිංගම රූපයක් නිර්මාණය කර තිබේ. ජීවාත්මයක් ඉතාමත්ම කුඩා තිතක් පමණයි. ස්වභාව ධර්මයේ විශ්මය මෙයයි. ඔබ කවදාවන තුරු මෙහි ගැඹුරටම කිමිදෙනවාද? එබැවින් අවසානයේ එය අනන්ත බව ඔවුන් පවසයි. ජීවාත්මය තුළ සම්පූර්ණ කොටසක් පටිගත වී තිබෙන බව, බාබා විස්තර කර දී තිබේ. ස්වභාව ධර්මයේ විශ්මය මෙයයි. කිසිවෙකුට එහි කෙලවරට ළඟා විය නොහැක. ඔබට ලෝක චක්‍රයේ කෙලවරට ළඟා විය හැක. නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දන්නේ ඔබ පමණයි. බාබා දැනුමින් පිරිපුන්ය. ඒ වුවත් අප ද පිරිපුන් වෙයි. තව ලබා ගැනීමට ඉතිරි වන දෙයක් නොමැති වෙයි. පියා මෙම කෙනා තුළට ඇතුළු වී අපට උගන්වයි. ඔහු තිතක් පමණයි. ජීවාත්මයක දර්ශනයක් හෝ පරම ජීවාත්මයේ දර්ශනයක් ලැබීමෙන් සතුටක් විඳිය නොහැක. පියා සිහි කිරීමට ඔබ උත්සාහ දැරිය යුතුයි, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. පියා පවසන්නේ: මා තුළ දැනුම නවතින අතර ඔබ තුළද එය නවතියි. ඔබ දැනුම ලබාගෙන ශ්‍රේෂ්ඨත්වයට පත්වෙයි. ඔබ සෑම දෙයක්ම ලබාගන්නා නමුත් පියා, පියාමයි. ඔය ජීවාත්ම, ජීවාත්ම ලෙසම සිටියි; ඔබ පියා වන්නේ නැත. මෙය ඥානයයි. පියා, පියා වන අතර දරුවන්, දරුවන් වෙයි. මේවා ඔබ ගැඹුරට කිමිදී, ආවර්ජනය කළ යුතු කාරණාය. සියලු දෙනාම ආපසු යා යුතු බවත් ඔබ දන්නවා. සෑම කෙනෙක්ම පෙරලා යයි. ඉතිරි වන්නේ ජීවාත්ම පමණයි. මුළු ලෝකයම අවසන් වෙයි. ඔබ මෙහිදී නොබියව සිටිය යුතුයි. ඔබ නිර්භයව සිටීමට උත්සාහ දැරිය යුතුයි. ශරීරය පිළිබඳ කිසිදු අවධානයක් ඉතිරි නොවිය යුතුයි. ඔබ එම ස්ථිතියේ ආපසු නිවසට යා යුතුයි. පියා ඔබව ඔහු හා සමාන බවට පත් කරවයි. ඔය දරුවන්ද නොකඩවා අන් අයව, ඔබ හා සමාන බවට පත් කරවයි. පියා පමණක් සිහිපත් කිරීම සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. මේ සඳහා ඔබට තවමත් කාලය තිබේ. ඔබ දැඩි පෙරහුරුවීම් පැවැත්විය යුතුයි. ඔබ මෙය පුහුණු නොවන්නේ නම්, ඔබ එක තැනක නවතිනු ඇත. ඔබගේ දෙපා වෙව්ලා ඔබට හදිසියේ හෘදයාබාධයක් ඇති වෙයි. තමෝප්‍රධාන් සිරුරකට හෘදයාබාධයක් වැලඳීමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත. ඔබ වැඩියෙන් අශාරීරික වී පියාව සිහිපත් කරන තරමට, ඔබ වැඩියෙන් සමීපයට පැමිණෙයි. නොබියව සිටින්නේ යෝගාවේ සිටින අය පමණයි. යෝගාව තුළින් ඔබට බලය ලැබෙන අතර ඥානය තුළින් ධනය ලැබෙයි. දරුවන්ට බලය අවශ්‍යයි. බලය ලබා ගැනීම සඳහා නොකඩවා පියා සිහි කරන්න. බාබා සදාතනික ශල්‍යවෛද්‍යවරයාය. ඔහුට කිසිදා රෝගියෙක් විය නොහැක. පියා දැන් පවසන්නේ: නොකඩවා ඔබගේ අවිනාශී ඖෂධ ගන්න. කිසිවෙකු කිසිදා රෝගි නොවන පරිදි අප ඔබට ජීවිතය දෙන ඖෂධය ලබා දෙනවා. නොකඩවා පාරිශුද්ධකරු පියාව සිහි කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. දේවතාවන් නිරන්තරයෙන් රෝග වලින් නිදහස් මෙන්ම පිවිතුරුයි. ඔබ සෑම චක්‍රයකදීම මෙම උරුමය ලබා ගන්නා බවට විශ්වාසය ඔය දරුවන්ට තිබේ. පියා අනේක වාරයක් පැමිණ ඇති ආකාරයෙන්ම දැනුදු පැමිණ ඇත. බාබා ඔබට උගන්වා විස්තර කර දෙන සෑම දෙයක්ම රාජයෝගාවයි. ගීතාව ආදි සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබට ඥානයේ මාර්ගය පෙන්වන්නේ පරම පියා පමණයි. පරම පියා පැමිණ ඔබව පහළ අඩියේ සිටම ඉහළට ඔසවා තබයි. බුද්ධිය තුළ ස්ථිර විශ්වාසය තිබෙන අය, මාලාවේ පබළු වෙයි. භක්ති කරමින් සිටි අතරතුර ඔබ පහළට පැමිණි බව, ඔය දරුවන්ට වැටහෙයි. පියා දැන් පැමිණ ඔබට සැබෑ ආදායමක් උපයා ගැනීමට දිරිගන්වයි. එපිට පියා කරන තරමට, භෞතික පියවරුන් එතරම් ආදායමක් උපයා ගැනීමට ඔබව දිරිමත් කරන්නේ නැත. අච්චා. දරුවන්ට සුබ රාත්‍රියක් සහ නමස්තේ.

ධාරණය සඳහා සාරාංශය:
1. සේවයට ලැදි සේවාධාරී කෙනෙක් බවට පත් වීමට නම් සෑම පාපයක්ම ඉවත් කර දමන්න. සේවය සඳහා විශාල උනන්දුවක් ඇති කර ගන්න.

2. අපි පරමාත්ම දෙවියන්ගේ දරුවෝ වෙමු. ශ්‍රීමත් වලට අනුකූලව, අප භාරතය සෑම කෙනෙක්ම දැඩි වයිෂ්නවයන් (පිරිසිදු නිර්මාංශ ආහාරිකයන්) වී සිටින විශ්ණුගේ දේශය බවට පත් කර වන්නෙමු. මෙම දැඩි කුල්මත් බව ඔබ ළඟ තබා ගන්න.

වරදානය:
ඔබ ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වී, දුක භ්‍රමණය කිරීමෙන් (දුකෙහි සිර වී සිටීමෙන්) නිරන්තරයෙන් නිදහස්ව සිට, අන් අයවත් නිදහස් කරත්වා.

තම භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසු වී සමහර දරුවන් මෙසේ පවසන විට, 'අද මගේ කට, මගේ ඇස් හෝ මගේ දැක්ම මාව මුලා කළා', එවිට මේ ආකාරයෙන් මුලා වීම යනු, දුක අත්විඳීමය. ලෝකයේ මිනිසුන් පවසන්නේ: එම සිදුවීම මට අනවශ්‍ය දෙයක් වුණත් මා එම චක්‍රයට හසුවුණා. ස්ව-දර්ශන චක්‍රධාරීන් වන දරුවන් කිසිම විටෙක මුලාවේ චක්‍රයක් (දැළක්) තුළ සිරවිය නොහැක. දුක භ්‍රමණය කිරීමේ චක්‍රයෙන් නිදහස්ව රැඳී සිට අන් අයවත් නිදහස් කරන අය ඔවුන්ය. තම සියලු භෞතික ඉන්ද්‍රියන් තමන් යටතේ ක්‍රියාත්මක කරවන පාලකයන් ඔවුන්ය.

පාඨය:
ඔබගේ අමරණීය සිහසුන මත අසුන්ගෙන සිට ඔබගේ ශ්‍රේෂ්ඨ ගරුත්වය රැකගන්න එවිට ඔබ කිසිම විටෙක අප්සෙට් නොවෙයි.