06.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් අශරීරික වී ආපසු නිවස බලා යා යුතුයි. එමනිසා, ඔබ කවුරුන් සමඟ හෝ කතා බහ කරන විට දී පවා ජීවයක් වන තමන් තම සහෝදර ජීවයට කතා කරනවා කියා සලකා කතා කරන්න. ජීව අවධානයෙන් සිටීමට උත්සාහ දරන්න.

ප්‍රශ්නය:
අනාගත අධිරාජ්‍යයේ තිලකය දිනා ගැනීමේ පදනම කුමක්ද?

පිළිතුර:
ඉගෙනීමයි. ඔබ සෑම කෙනෙක්ම හොඳින් ඉගෙන ගෙන තම ස්වාධිපත්‍ය තිලකය දිනා ගත යුතුයි. ඔබට ඉගැන්වීමේ රාජකාරිය පියාට පැවරී තිබෙනවා එහි ආශිර්වාද පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔබ තුළ ශ්‍රද්ධාව ඉහළින්ම තිබෙනවා. එසේ නම්, දිගටම ශ්‍රීමත් පිළිපදින්න. වැරදි කරන්න එපා. කිසියම් හෝ මත ගැටුමක් නිසා ඉගෙනීම නතර කළහොත් ඔබ පරාජය වේවි. එමනිසා, බාබා කියනවා සුමිහිරි දරුවනි, තමාට අනුකම්පා කරන්න. ආශිර්වාද ඉල්ලිය යුත්තේ නැහැ. ඉගෙනීම කෙරෙහි හොඳින් අවධානය යොමු කරන්න.

ඕම් ශාන්ති.
උත්තරීතර ගුරුවරයා ඔය දරුවන්ට උගන්වනවා. උත්තරීතර පියාම තමයි පරම පියාත් පරම ගුරුවරයාත් වන්නේ කියා ඔය දරුවන් දන්නවා. ඔහු ඔබට උගන්වන්නේ වෙන කිසිම කෙනෙක්ට ඉගැන්විය නොහැකි දේවලුයි. ශිව බාබා තමාට උගන්වනවා කියා ඔබලා කියනවා. ඒ බාබා එක් අයෙකුට පමණක් අයිති කෙනෙක් නොවෙයි. ඔහු ඔබට මන්මනභාව හා මධ්‍යජිභාව යන්නෙහි අර්ථය පහදා දෙනවා මා සිහි කරන්න. ඔය දරුවන් දැන් ඥානවන්ත වෙලා. අසීමිත පියා කියනවා ඔබට කොහොමත් උරුමයක් තිබෙනවා. මෙය ඔබ කවදාවත් අමතක නොකළ යුතුයි. පරම පියා කතා කරන්නේ ඔය ජීවයන්ටයි. ඔබලා දැන් ජීව සත්තාවන්ය. අසීමිත පියා අශාරීරකයි. ඔහු අපට මෙම ශරීරය හරහා උගන්වනා බව ඔබලා දන්නවා. වෙන කිසිම කෙනෙක් සම්බන්ධයෙන් ඔබ එසේ සිතන්නේ නැහැ. ගුරුවරයෙක් පාසලකදී උගන්වනා විට ලෞකික ගුරුවරයෙක් ලෞකික දරුවන්ට උගන්වනවා කියා කිව හැකියි. පාරලෞකික ඔය දරුවන්ට උගන්වන ඔහු පාරලෞකික පරම ගුරුවරයායි. ඔබලා එපිට ඇති අශරීරික ලෝකයේ වැසියනුයි. පරම පියාත් සිටින්නේ ඒ එපිට ලෝකයේයි. පරම පියා කියනවා මම සාම දේශයේ වාසය කරන්නායි. ඔබලාත් එහිම වාසය කරන්නනුයි. ඔබත් මමත් අප දෙදෙනාම එකම තැනක වාසය කරන්නනුයි. ඔබ තමන් ජීව බව සලකනවා. මම පරමාත්ම ජීවයයි. ඔබලා දැන් ඔබගේ චරිත කොටස් මෙහිදී රඟදක්වනවා. චරිත රඟදක්වමින් පැමිණ දැන් ඔබලා අපිරිසිඳු වෙලා. මෙය රංගනය සඳහා වන අසීමිත වේදිකාවයි. මෙම මුළු ලෝකයම ක්‍රියා ක්ෂේත්‍රයකි. නාටකය රඟදැක්වෙන්නේ ඒ මතයි. මෙය අසීමිත නාටකයක් බව දන්නේ ඔබලා පමණයි. මෙහිත් දිවා රෑ කියා තිබෙනවා. සූර්යයා හා චන්ද්‍රයා අසීමිත ආලෝකයක් ලබා දෙනවා. මෙය අසීමිතත්ත්වය පිළිබඳ වූ කරුණකි. නිර්මාණකරුම පැමිණ නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ හැඳින්වීම ලබා දෙනවා. පරම පියා කියනවා මා පැමිණ සිටින්නේ ඔබලාට නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳව පහදා දීමටයි. මෙය පාසැලක්. ඔබට උගන්වන්නා අභෝග්තායි (කිසිඳු විඳීමක් නොමැත්තා) වෙන කිසිම කෙනෙක් මම අභෝග්තා කියා කියන්නේ නැහැ. අහමදාබාද් හි වාසය කළ එක් සන්‍යාසීවරයෙක් මෙසේ කියමින් සිටියා, පසුව ඔහු රැවටිලිකාරයෙක් බවට හසු වුණා. මේ කාලයේ ඇත්තේ විශාල රැවටීමක්. එක් එක් ඇඳුම් ලා ගත් අය රාශියක් සිටිනවා. ඒ කෙනාට එවන් ආයිත්තමක් නැහැ. ක්‍රිෂ්ණා ගීතාව කිව්වා කියා මිනිස්සු හිතනවා. එමනිසා, දැන් බොහෝ දෙනා ක්‍රිෂ්ණා වී සිටිනවා. එපමණ ක්‍රිෂ්ණාවරුන් පිරිසක් සිටින්න බැහැ. මෙහි ශිව බාබා පැමිණ ඔබට උගන්වනවා. ඔහු ඔබට, ඔය ජීවයන්ට කතා කරනවා. ඔබට නැවත නැවතත් කියා තිබෙනවා තමා ජීවයක් වශයෙන් සලකා මෙම ඥානය ඔබගේ සහෝදරයින්ට කියා දෙන්න. තමන් බාබාගේ ඥානය තම සහෝදරවරුන්ට කියා දෙනවාය යන්න ඔබගේ සිහියේ තිබිය යුතුයි. ගැහැණු පිරිමි දෙපක්ෂයම සහෝදරවරුනුයි. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ ඔබ සෑම කෙනෙක්ටම මගෙන් දිනා ගැනීමට උරුමයක් තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් තම ස්වාමිපුරුෂයාගේ භාරයට යා යුතු වන නිසා ඔවුන් උරුමයකට හිමිකම් කියන්නේ නැහැ. මෙහිදී, සෑම කෙනෙක්ම ජීවයක්. දැන් ලැබෙනා ඥාන මිණිමුතු අවිනාශී මිණිමුතු වෙනවා. ඥාන සාගරයක් වන්නේ ජීවයයි. කෙසේ වෙතත් මිනිස්සු ශාරීරික අවධානයට පත් වන නිසා ඔවුන් ජීව අවධානයට එන්නේ නැහැ. ඔබ දැන් ජීව අවධානයට පත් වී පරම පියාව සිහි කළ යුතුයි. කිසියම් උත්සාහයක් අනිවාර්යෙන්ම දැරිය යුතුයි. මිනිස්සු තම ලෞකික ගුරූන්ලාව සෑහෙන්න සිහි කරනවා. ඔවුන් ඔහුගේ රූප පවා තබා ගෙන සිටිනවා. ශිවාගේ රූපයත් මිනිසුන්ගේ රූපයත් අතර ලොකු වෙනසක් තිබෙනවා එහි දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. තම ගුරුගේ රූපයක් ඇති පෙන්ඩනයක් මිනිස්සු පළඳනවා. ඔවුන් එසේ වෙනත් කවුරු හෝ කෙනෙකුගේ රූපයක් පැළඳගෙන සිටිනවා දකින්න ඔවුන්ගේ ස්වාමිපුරුෂයින් කැමති නැහැ. ඇත්ත තමයි. නමුත් ඔබලා ශිව රූපයක් පැළඳගෙන සිටිනවා නම් ඔහු පරම පියා වන නිසා කවුරුත් ඒකට කැමති වෙයි. ඔහුගේ රූපය ඔබ ළඟ තිබියි යුතුයි. ඔබව තමාගේ ගෙල වට බැඳි මාලාවක් කරවන්නේ ඔහුයි. ඔබලා රුද්‍ර මාලාවේ පබළුවක් වේවි. ඇත්තටම කියනවා නම්, මුළු ලෝකයම අයිති වන්නේ රුද්‍රාගේ මාලාවටයි. ඒ වගේම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාලාවකුත් තිබෙනවා. ඉහළින් පරම්පරා වෘක්ෂය තිබෙනවා. මෙය සීමිත පරම්පරා ගසක් වන අතර ඒක අසීමිත එකක් වෙනවා. සියලුම මානව ජීවයන්ගේ මාලාවක් තිබෙනවා. කුඩාම තිත වන්නේ ජීවයයි එය ඉතාමත් කුඩා තිතක්. දිගටම තිත් ගණන් කරන්න. අසංඛ්‍ය ගණනක් තිබේවි. ඒවා ගණනය කරන්න ගියහොත් වෙහෙසටත් පත් වේවි. කෙසේවෙතත්, ජීව ගස කෙතරම් නම් කුඩාද කියා බලන්න. බ්‍රහ්ම ලෝකය ඇත්තේ ඉතාමත් කුඩා තැනකයි. ඒ ජීව පසුව තම චරිත රඟදැක්වීමට මෙහි පැමිණෙනවා. ඉතින් මෙහි ලෝකය ඉතාමත් විශාල මෙන්ම පටලැවුණු ලෝකයක්. මිනිස්සු ගුවන් යානා වලින් එහාට මෙහාට යනවා. ඒ ලෝකයට නම් ගුවන් යානා අවශ්‍ය වන්නේ නැහැ. කුඩා ජීව ගසක් පමණයි ඇත්තේ. මෙහි මානව ජීව ගස ඉතාමත් විශාලයි. ඒ සෑම කෙනෙක්ම, ඇතැම් අය ආදම් කියාත් තවත් පිරිසක් ආදිදේව් කියාත් හඳුන්වන ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවනුයි. ගැහැණු පිරිමි දෙපක්ෂයම සිටිනවා. ඔබ සිටින්නේ පවුල් ජීවිත මඟේය. හුදකලා මාර්ගයේ නාටකයක් තිබෙන්න බැහැ. එක් අතකින් පමණක් මොනවා කරන්නද? රෝද දෙකම අවශ්‍යයි දෙදෙනෙක් සිටිනවා නම් එකිනෙකා හා තරඟ කර ගත හැකියි. දෙවන රෝදය පළමු රෝදය හා එකට යන්නේ නැතිනම්, පළමුවැන්නේ වේගයත් බාල වෙනවා. කොහොමනමුත්, එක් අයෙක් නිසා නතර නොවිය යුතුයි. මුලදී තිබුණේ පිරිසිඳු පවුල් සමාජයකුයි. පසුව එය අපිරිසිඳු වුණා ඔබ දිගටම වැටෙන්න පටන් ගත්තා. මෙම ගස වැඩෙන්නේ කෙසේද, එයට තව තවත් එකතු වීම් සිදු වන්නේ කෙසේද යන ආකාරයේ මුළු ඥානයම ඔබගේ සිහියේ තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට එවන් ගසක් සාදන්න බැහැ. නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද හෝ අග පිළිබඳ වූ දැනුම තම සිහියේ තබා ගෙන ඉන්න බැහැ. මෙන්න මේ නිසා තමයි බාබා කියා තිබෙන්නේ නිර්මාණකරු හා නිර්මාණය පිළිබඳ වූ දැනුම නිර්මාණයෙන්ම මා ලබා තිබෙනවා කියා ලියන්න කියලා. ඒ මිනිස්සු නිර්මාණය ගැන දන්නේත් නැහැ, නිර්මාණකරු ගැන දන්නේත් නැහැ. මෙම ඥානය අසංඛ්‍ය කල්ප ගණනාවක සිට පැවතියක් නම් කවුරුන්ට හෝ එය ඔබට දිය හැකිව තිබුණා. ඔය බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය දෙන්න බැහැ. පරමාත්ම ජීවය වන පරම පියා උගන්වන්නේ ඔය බ්‍රහමින්වරුන්ට පමණක් බව ඔබලා දන්නවා. ඉහළම ඉහළ ධර්මතාවය ඇත්තේ බ්‍රහමින්වරුන් වන අප ළඟයි. ඔබ අනිවාර්යෙන්ම ඔවුන්ට පින්තූර පෙන්විය යුතුයි පින්තූර වලින් තොරව ඔවුන්ගේ සිහියේ කිසිවක්ම රැඳෙන්නේ නැහැ. ඉතාමත් විශාල පින්තූර තිබිය යුතුයි. ආගම් ගණනාවකම ගස වර්ධනය වන්නේ කෙසේද යන්නත් ඔබට පහදා දී තිබෙනවා. ජීවයත් පරම ජීවයයි. පරම ජීවයත් ජිවයමයි කිය කියා සිටියා. එහි අර්ථය පියා දැන් ඔබට පෙන්වා දී තිබෙනවා. මේ කාලයේ දී ඔබලා බ්‍රහමින්වරුන්, පසුව ඔබලා නව ලෝකයේ දේවතාවරුන් වෙනවා. අපි දැන් සිටින්නේ ඉතාමත් සුබම සුබ වූ සංගම යුගයේයි. එනම්, ඉතාමත් උසස්ම උසස් මිනිසුන් බවට පත් වීමට තිබෙනා සංගම යුගය තමයි මෙය. නිර්මාණකරු හා නිර්මාණයේත් හම් සෝ යන්නෙහිත් අර්ථය ඔබට පහදා දිය හැකියි. ඕම් යනු පළමුවෙන්ම මම ජීවයක්, පසුව මෙම ශරීරය. ජීවය අවිනාශී වන අතර ශරීරය විනාශ වන සුළුයි. අප මෙම ශරීර ගෙන අපගේ චරිත රඟදක්වනවා. ජිව අවධානයට පත් වෙනවා කියා කියන්නේ මෙයයි. ජීවයක් වන මම මේ මේ ආකාරයේ චරිතයක් රඟදක්වනවා. ජිවය වන මම මෙය කරනවා. ජිවය වන මම පරමාත්ම ජීවයේ දරුවෙක්මි. මෙම ඥානය ඉතාමත් පුදුම සහගතයි. පරම පියා ළඟ පමණයි මෙම ඥානය ඇත්තේ. මෙන්න මේ නිසා තමයි ඔබ පරම පියාට පමණක් කන්නලව් කරන්නේ. පරම පියා ඥාන සාගරයයි. ඒ හා සසඳනා විට ඇත්තේ මිත්‍යාවේ සාගරයක්. කල්ප බාගයක් පුරාවටම ඥානය තිබෙනා අතර කල්ප බාගයක් පුරාවටම ඇත්තේ අවිද්‍යාවයි. ඥානය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඥානය යනු නිර්මාණකරුගෙන් නිර්මාණය ගැන දැනගැනීමයි. ඉතින් අනිවාර්යෙන්ම නිර්මාණකරු ළඟ මෙම ඥානය ඇති. ඒ නිසා තමයි ඔහු නිර්මාණකරු කියා හඳුන්වන්නේ. මැවුම්කරුවෙක් මෙම ලෝකය නිර්මාණය කළැයි කියා මිනිස්සු විශ්වාස කරනවා. පරම පියා පැහැදිලි කර කියනවා මෙම නාටකය සදාතනිකවම තීරණය වූවක්. අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිණු මැන! කිය කියා මිනිස්සු කන්නලව් කරනවා. ඉතින් ඔහු මැවුම්කරුයි කියා කියන්නේ කොහොමද? සම්පූර්ණ ශුන්‍යත්වයකින් පසුව ඔහු එය නිර්මාණය කළා නම් පමණයි ඔහුට මැවුම්කරුයි කියා කිව හැක්කේ. පරම පියා අපිරිසිඳු ලෝකය පාරිශද්ධ කරවනවා. ඉතින් ඔය සුමිහිරි දරුවන් පමණයි ලෝක ගසෙහි මුල, මැද හා අග ගැන දන්නේ. ගෙවත්තේ සෑම ගසක්ම හා බීජයක්ම ගැන උයන්පල්ලා දන්නවා සේ මෙයත් මනුෂ්‍යත්වයේ බීජයයි. කිසිම කෙනෙක් ඔහුව දන්නේ නැහැ. ලෝකයේ බීජය වන්නේ පරම පියා පරමාත්මය කියා කියනවා. ඔහු තමයි සත්‍යය, ජීව සත්තාව හා ප්‍රමෝදයේ ප්‍රතිමූර්තිය, සතුටේ, සාමයේ හා පාරිශුද්ධත්වයේ සාගරය. පරම පියා වන පරමාත්ම ජීවය මෙම ශරීරය හරහා ඔබට මෙම ඥානය දෙන බව ඔබලා දන්නවා. ඉතින් ඔහු අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. දිව්‍ය ඥානයකින් පමණක් අපිරිසිඳු අයව පිරිසිඳු කළ හැකිද? එමනිසා, පරම පියා මෙහි පැමිණෙනවා. සෑම කෙනෙක්ම පාරිශුද්ධ කර ආපසු නිවහන වෙතට ගෙන යනවා. ඒ පරම පියා ඔබට මෙම පාඩම උගන්වනවා. මෙය තමයි ඉතාමත් සුබම සුබ වු සංගම යුගය. මානව ජීවයක් තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් හා උසස් වන්නේ කෙසේද කියා පහදා දෙමින් ඔබට දේශනයක් කළ හැකියි. ඔබ ළඟ කරුණු රාශියක් තිබෙනවා. මෙම අපිරිසිඳු තමෝප්‍රධාන් ලෝකය සතෝප්‍රධාන් වූයේ කෙසේද කියා තේරුම් ගැනීම හරිම වටිනවා. තවත් ඉදිරියට යන විට ඔබගේ මෙම ඥානයට මිනිස්සු තවත් හොඳින් ඇහුම්කන් දේවි. අතරමඟ අතහැර දමා ගියත් ඔවුන් නැවතත් ආපසු ඒවි. මන්ද, මුක්තියට හා ජීවන මුක්තියට ඇත්තේ එකම එක වෙළෙඳසැලක් පමණයි. සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නේ එකම එක පරම පියා බව ඔබට කිව හැකියි. ඔහුව හඳුන්වන්නේ ශ්‍රී ශ්‍රී කියලයි. ඉතාමත් ඉහළම ඉහළ කෙනා වන්නේ පරම පියා පරමාත්ම ජීවයයි. ඔහු අපව උසස් කරවයි. ස්වර්ණමය යුගය උසස් යුගය වන අතර කලි යුගය දූෂිත වූ යුගය වේ. දූෂණ වංචා රැසක් පැතිරිලා තිබෙනවා කියා ඔවුන්ම කිව්වත් තමනුත් ඒ වගේමයි කියා ඔවුන් සළකන්නේ නැහැ. අපිරිසිඳු ලෝකයේ එකම එක උසස් කෙනෙක්වත් නැහැ. ශ්‍රී ශ්‍රී පැමිණි පසු පමණයි ඔහුට ඔබව ශ්‍රී කරවිය හැක්කේ. ස්වර්ණමය යුගයේ මුල් කාලයේ දී දේවතාවරුන්ට ශ්‍රී නාමය තිබුණා. මෙහි ඕනෑම කෙනෙක්ට ශ්‍රී, ශ්‍රී කියනවා. ඇත්තටම කියනවා නම් ශ්‍රී කියන්නේ පාරිශුද්ධත්වයේ චවනයක්. අනිකුත් ආගම් වල අය ශ්‍රී කියා කියන්නේ නැහැ. ශ්‍රී පාප්තුමා කියා කියනවා ද? මෙහි සෑම කෙනෙක්ටම ශ්‍රී කියනවා. මුතු අහුලා ගන්නා හංසයිනුත් කුණු කන පාත්තයිනුත් අතර ලොකු වෙනසක් තිබෙනවා. ලොකු වෙනසක් තිබෙනවා. ඒ දේවතාවරුන් මල් එය අල්ලාගේ වත්තයි. පරම පියා ඔබව මල් බවට පත් කරවනවා. මල් වර්ග රැසක් තිබෙනවා. හොඳම මල රජ මලයි. ලක්ෂ්මි හා නාරායන් නව ලෝකයේ රජ හා රැජිණ වෙනවා. ඔය දරුවන් තුළ අභ්‍යන්තරික සතුටක් තිබිය යුතුයි. මෙහි කිසිම දෙයක් බාහිරව කිරීමට අවශ්‍ය නැහැ. මෙම පහන් ආදිය දැල්වීමේ අරුතක් තිබිය යුතුයි. ඒවා දැල්විය යුත්තේ ශිව ජයන්තියේ දී ද දීවාලියේ දී ද? ඔබගේ සියලුම මළු පුරවන්නේ අහිංසක භාණ්ඩාගාරික ශිව බාබාම වුවත් මිනිස්සු දීවාලියේ දී ලක්ෂ්මි දෙවඟන කැඳවමින් ඇයගෙන් මුදල් ඉල්ලනවා. ඔබගේ අසීමිත භාණ්ඩාගාරය පුරවන්නේ ශිව බාබා බව ඔබලා දන්නවා. මෙම ඥාන මිණිමුතු තමයි ධනය. එහිදීත් ඔබට මහත් ධනයක් ලැබෙනවා. නව ලෝකයේදී ඔබ සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවි. ස්වර්ණමය යුගයේ මුතු මැණික් දියමන්ති රැසක් තිබෙනවා. ඒවාම නැවතත් ලැබේවි. ඒ සියල්ල අවසන් වුණු විට නැවතත් ඒවා කොහොම එන්න ද කියා මිනිස්සු පුදුමයට පත් වෙනවා. ආකර සිඳී ගිහින් කඳු කඩා වැටී යාවි. එවිට ඒවා කොහොමද නැවතත් එන්නේ? ඔවුන්ට කියන්න අතීතය ආයෙත් එනවා. මීට පෙර සිදු වුණු සෑම දෙයක්ම නැවතත් සිදු වේවි. ඔය දරුවන් ලෝක පාලකවරුන් වීමට උත්සාහ දරනවා. සත් යුගයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් ක්‍රියාත්මක වේවි. ගීතයේ කියැවෙනවා අහස, පොළොව, මහ සයුර මුළු ලෝකයම ඔබ අපට දුන්නා. කාටවත් එය අපෙන් උදුරා ගත නොහැකියි. ඒ හා සසඳනා විට දැන් එහි මොනවාද තිබෙන්නේ? මිනිස්සු බිම් අඟලකට, වතුර පොදකට, භාෂාවකට රණ්ඩු වෙනවා. සත් යුගය නිර්මාණය කරනා බාබාගේ උපන් දිනය සමරණවා. ඔහු අනිවාර්යෙන්ම ඔබට සත් යුගයේ ස්වාධිපත්‍යය දෙන්න ඇති. පරම පියා දැන් ඔබට උගන්වනවා. මෙම ශරීරයේ නම හා රූපයෙන් ඔබ නිදහස් වී තමා ජීවයක් කියා සැලකිය යුතුයි. ඔබ යෝගා බලයෙන් හෝ නැතිනම්, දඬුවම් ලබා හෝ පාරිශුද්ධ විය යුතුයි. එසේ බලනා විට ලැබීමට ඇති තත්ත්වය බාල වී යාවි. තම ගුරුතුමා තමාට මේ මේ තරමින් පාඩම් කියා දුන්නා, තමන් මේ මේ තරමක තත්ත්වයට පත් වේවි කියා ශිෂ්‍යයින්ගේ සිහියේ තිබෙනවා. පසුව ඔවුන් ඒ ගුරුවරයාට තෑගි බෝගත් දෙනවා. මෙහි පරම පියා ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. එමනිසා, ඔබ භක්ති මාර්ගයේ දී ඔහුව දිගටම සිහි කරනවා. කෙසේ වෙතත්, ඔබ පියාට දෙන ත්‍යාගය කුමක්ද? මෙහි දකින්න ඇති දේ ඉතිරි වන්නේ නැහැ. මෙය කිලිටි පැරණි ලෝකයක් වන නිසා තමයි ඔබ මට කන්නලව් කරන්නේ. අපිරිසිඳු ඔබව පරම පියා පිරිසිඳු කරවනවා. මෙම නාටකය ඔබ සිහියේ තබා ගත යුතුයි. මම ඔබට කියා දෙන නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ ඥානය මා ළඟ තිබෙනවා. ඔබ එයට ඇහුම් කන් දී පසුව අමතක කර දමනවා. වසර 5000 කට පසුව චක්‍රය අවසන් වී යනවා. ඔබගේ චරිත ඉතාමත් අලංකාරයි. ඔබලා සතෝප්‍රධාන් මනහර අය බවට පත් වෙනවා. ඒ වගේම තමෝප්‍රධාන් වන්නේත් ඔබලාමයි. ඕ බාබා, එන්න! කියා අඬගසන අය ඔබලායි. මම දැන් පැමිණ සිටිමි. ඔබට ශ්‍රද්ධා විශ්වාසය තිබෙයි නම්, ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුය. කිසිඳු අතපසු වීමක් නොවිය යුතුයි. ඇතැම් දරුවන් යම් යම් අදහස් හෝ මත ගැටුම් ඇති වුණු විට ඉගෙනීම නතර කරනවා. ශ්‍රීමත් පිළිනොපැද හොඳින් ඉගෙන ගත්තේ නැතිනම් ඔබලා පරාජිත අය වෙනවා. පරම පියා කියනවා තමාට අනුකම්පා කරන්න. ඔබ සෑම කෙනෙක්ම හොඳින් ඉගෙන ගෙන තම තමන්ට ස්වාධිපත්‍ය තිලකය දී ගත යුතුයි. පරම පියාගේ රාජකාරිය ඔබට ඉගැන්වීමයි. ආශිර්වාද පිළිබඳව මෙහිදී ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණා නම් හැමෝටම ආශිර්වාද දෙන්න සිදු වේවි. අනුකම්පාව අයදින්නේ භක්ති මාර්ගයේදීයි. මෙහාට ඒවා අදාළ වෙන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තම තමන්ගේ පවුල් වල අයත් සමඟ ජීවත් වන අතරතුර එකිනෙකා හා තරඟ වදින්න. කෙසේ වෙතත්, කුමන හෝ හේතුවක් නිසා එක් රෝදයක වේගය බාල වූවත් ඔබ නතර නොවිය යුතුයි. ස්වාධිපත්‍යයේ තිලකය ලබා ගැනීමට යෝග්‍ය අයෙක් වන්න.

2. ඉතා අලංකාරවත්ව ශිව ජයන්තිය සමරන්න. මන්ද, ඒ ශිව බාබා ඔබට දෙන ඥාන මිණිමුතු වලින් තමයි ඔබලා නව ලෝකයේ දී සෞභාග්‍යමත් වන්නේ. ඔබගේ සියලුම වස්තු සම්භාර පිරී ඉතිරී යාවි.

වරදානය:
ඔබ පෙළඹවීම් වලින් නිදහස්ව, පදාර්ථ වල පහසුකම් වලට ආකර්ෂණය නොවී පදාර්ථ ජය ගත්තෙකු වන්න.

ඔබේ භෞතික ඉන්ද්‍රියන් හට පදාර්ථ පහසුව බාධා වුවහොත් එනම්, යම් ආකර්ෂණීය හැඟීමක් ඇති වුවහොත් ඔබට නොබැඳී සිටීමට නොහැකි වෙයි. ආකර්ෂණ ස්වරූපයක් වන්නේ ආශාවන්ය. ඇතැම්හු තමන් හට ආශාවන් (ඉච්චා) නැතැයි කිව්වත් යමක් හොඳ (අච්චා) යැයි ගනී. මෙය ද සූක්ෂම ආකර්ෂණයකි. තාවකාලික සතුටක් ගෙන දෙන භෞතික පහසුකම් ඔබව ආකර්ෂණය කර ගනී දැයි සූක්ෂම ලෙස පරීක්ෂා කර බලන්න. එම භෞතික සැපය පදාර්ථයෙන් ලැබෙන පහසුවක් වන අතර එම ආකර්ෂණයෙන් නිදහස් ව නොබැඳී බවට පත් වුවහොත් ඔබ පදාර්ථ ජයගත්තෙක් බවට පත් වේ.

පාඨය:
'මගේ මගේ' යන පටලැවිල්ල පසෙක ලා අසීමිත බවින් සිටි විට ඔබ ලෝක යහපත කරන්නෙක් යැයි කියැවේ.