06.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් පාපයන් ප්‍රදානය කරන්න. ඉතින් ඒ ග්‍රහයින් ඉවත් වී මේ තමෝප්‍රධාන් ලෝකය සතෝප්‍රධාන් වෙනවා.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ විනාශයට ලක් නොකර ගත යුත්තේ කුමක්ද?

පිළිතුර:
ඔබ ජීවිතය නොසැලකිලිමත් භාවයකට පත් නොකළ යුතුයි. මන්ද, මේ උපත දියමන්තියක් සේ වර්ණනා කෙරෙනවා. එහි ප්‍රවේශම තබාගත යුතුයි. ඔබ සෞඛ්‍යමත් නම් නිරන්තරයෙන් ඥානයට සවන් දෙනවා. කෙසේවෙතත්, බොහෝ කාලයක් ඔබ නිතරම මෙහි වාසය කරනවා. නොකඩවා ආදායම් ලබනවා. නිරන්තරයෙන්ම තම ගිණුම් පියවී යනවා.

ගීතය:
ශිවාට ආචාර.

ඕම් ශාන්ති.
අද බ්‍රහස්පතින්දා. දරුවන් වන ඔබ කියනවා. නියම ගුරුගේ දිනය. මන්ද ඔහු තමයි සත්‍ය දේශය ගොඩනංවන්නා සහ ඇත්තටම නියම නාරායන් කතාව කියන්නා. ඔහු මනුෂ්‍යයා නාරායන් බවට පත් කරවනවා. හැමටම ගැලවීම බෙදාහරින්නා ලෙස ඔහුව සිහි කෙරෙනවා. වෘක්ෂයේ සමිඳානන් ලෙසත් ඔහු හැඳින්වෙනවා. මෙය මානව ලෝක වෘක්ෂයයි එයට කල්ප වෘක්ෂය කියා කියනවා. වක්‍රයෙන් චක්‍රය. එනම්, සෑම වසර පන්දහසකටම. තීරණය වූ ලෙස එය නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයෙන්ම වෘක්ෂයත් නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද? මාස හයක් සඳහා මල් පැලෑටි. ඉන්පසු උයන්පල්ලන් එය උදුරා පැත්තකට දානවා. ඉන්පසු ඔවුන් එය නැවතත් සිටුවනවා. එවිට ඒවා මල්. දැන් දරුවන් දන්නවා අපිත් පියාගේ උපන් දිනය චක්‍ර භාගයක් පුරා සමරණවා. පසුව අප චක්‍ර භාගයකට අමතක කරනවා. භක්ති මාර්ගයේ, චක්‍ර භාගයක් අප ඔහුව සිහිපත් කරනවා. බාබා පැමිණ මල් වත්ත ස්ථාපනය කරන්නේ කවදාද? ග්‍රහයින් බොහෝ ගණනක් සිටිනවා. එහෙම නේද? ජුපිටර් (බ්‍රහස්පති) ග්‍රහයාත් පරිහාණිය සිදුවෙන ග්‍රහයිනුත් සිටිනවා. මේ කාලයේ දී, භාරතයට සෙනසුරු ග්‍රහයා ලබලා. චන්ද්‍ර ග්‍රහණයකදී පවා ඔවුන් කෑ ගහනවා දන් දෙන්න එවිට ග්‍රහයින් ඉවත් වෙනවා. දැන් පියා කියනවා මේ පාපයන් පහ ප්‍රදානය කරන්න එවිට එම ග්‍රහයින් නැති වෙනවා. දැන් මුළු ලෝකයම ග්‍රහණයකට ලක් වෙලා. මිනිසුන් තමෝප්‍රධාන් බැවින් පංච මහා භූතයන් පවා ග්‍රහණය වෙලා. අළුත් හැම දෙයක්ම පැරණි වෙනවා. අළුත් බව සතෝප්‍රධාන් ලෙසත් පැරණි බව තමෝප්‍රධාන් ලෙසත් හැඳින්වෙනවා. කුඩා දරුවන් පවා සතෝප්‍රධාන් ලෙස හැඳින්වෙනවා. ඔවුන්ට පාපයන් පහ නොමැති බැවින් එවන් අය උසස් ජීවයන්ටත් වඩා දිව්‍යමය බවට අවධාරණය කෙරෙනවා. ළදරුවන්ට සන්යාසීන් පවා වන්දනා කරනවා. උදාහරණයක් ලෙස රාමතිරාත් ක්‍රිෂ්ණා භක්තිකයෙක්. ඔහු අත්හැරීමට පත් වූ කල වන්දනාවන් අවසානය කරා එළඹෙනවා. මීහිතලයට පාරිශුද්ධත්වය අත්‍යාවශ්‍යයි. එහෙම නේද? ඉස්සර, සියල්ලටම වඩා පාරිශුද්ධ වූයේ භාරතයයි. පසුව දේවතාවන් පාප මාර්ගයට ගිය විට දිව්‍යලෝකයේ තිබෙන රත්රන් මාළිගා වැනි දේ භූමිකම්පා වැනි දෙයින් විනාශයට පත් වෙනවා. පසුව ඒවා අළුත් පිට සෑදෙනවා. විනාශය අනිවාර්යෙන්ම ඇති විය යුතුයි. රාවණ් රාජ්‍යය ආරම්භ වූ විට ස්වභාවික උපද්‍රව සහ කලබල ඇති වෙනවා. මේ කාලයේදී හැමදේම අපිරිසිඳුයි. ස්වර්ණමය යුගයේ පාලනය කරන්නේ දේවතාවන්. යක්ෂයින් සහ දේවතාවන් යුද්ධ කරන අයුරු පෙන්වනවා. කෙසේවෙතත්, දේවතාවන් වාසය කරන්නේ ස්වර්ණමය යුගයේ පමණයි. එහි රණ්ඩු සරුවල් සිදු විය හැක්කේ කෙසේද? සියල්ලටම පසුව, සංගම යුගයේ දේවතාවන් ඇත්තේ නැහැ. ඔබේ නම තමයි පාණ්ඩවයින්. පාණ්ඩවයින් සහ කවුරවයින් එකිනෙකා සමඟ ගහගන්නේ නැහැ. ඒ සේරම බොරු කතා. ගස ඉතා විශාලයි. එහි බොහෝ පත්‍ර තිබෙනවා. කාටවත් ඒවා ගණන් කිරීමටවත් බැහැ. සංගමයේදී දේවතාවන් පවතින්නේ නැහැ. බාබා හිඳ ජීවයන්ට පැහැදිලි කරනවා. ජීවයන් තමයි එලෙස සවන් දී තම හිස ගසන්නේ. මම ජීවයක්. බාබා මට උගන්වනවා. මෙය වඩාත් දැඩිව තබා ගන්න. බාබා අපව අපිරිසිඳු බවින් පිරිසිඳු කරනවා. හොඳ හෝ නරක සංස්කාර පවතින්නේ ජීවයන් තුළයි. එහෙම නේද? මේ ජීවයන් තම ඉන්ද්‍රියන්ගෙන් කියනවා බාබා මට උගන්වනවා. පියා කියනවා මටත්, පැහැදිලි කළ හැකි වන සේ ඉන්ද්‍රියන් අවශ්‍යයි. ජීවයට සතුට දැනෙනවා. අපට කතා කිරීමට සෑම වසර 5000 ටම බාබා පැමිණෙනවා. ඔබ මට ඉදිරියෙන් හිඳ සිටිනවා. එහෙම නේද? මධුබන් පමණයි ප්‍රශංසාවට ලක් කෙරෙනුයේ. ඔහු ජීවයන්ගේ පියා. එහෙම නේද? හැම දෙනාම ඔහුට කතා කරනවා. ඔහු ඉදිරියේ කෙළින්ම හිඳ සිටීමෙන් ඔබ ප්‍රීති වෙනවා. නමුත් හැමෝටම මෙහි ජීවත් විය නොහැකියි. ඔබ තම ව්‍යාපාරික කටයුතු වැනි රාජකාරි වැඩත් බලාකියා ගත යුතුයි. ජීවයන් වන ඔබ සාගරයට පැමිණියා. ඔබ දැනුම ධාරණය කර ගත්තා, පසුව ගොස් අන්‍යයන්ට එය කිව යුතුයි. එහෙම නැත්නම්, අන්‍යයන්ට යහපත සලසන්නේ කෙසේද? අන්‍යයන්ට මෙය පැහැදිලි කර දීමට යාමට යෝගී සහ දැනුමැති අය වඩාත් කැමැත්තක් දක්වනවා. දැන් ශිව ජයන්තිය සමරණවා. එහෙම නේද? දෙවියන් කතා කරනවා. ක්‍රිෂ්ණාට කියන්න බැහැ දෙවියන් කතා කරයි කියලා. ඔහු දිව්‍යමය ගුණ ධර්ම සහිත මනුෂ්‍යයෙක්. ඊට කියනුයේ දේවතා වංශයයි. දැන් දේවතා ධර්මය නොපවතින බව දරුවන් වන ඔබ අවබෝධ කර ගත යුතුයි. එහි ගොඩනැංවීම දැන් සිදු වෙනවා. අපි දැන් අයත් වන්නේ දේවතා ආගමට යැයි ඔබ කියන්නේ නැහැ. නැහැ, ඔබ දැන් අයත් වන්නේ බ්‍රහමිණ් ධර්මයටයි. ඔබ දේවතා ධර්මයේ අය බවට පත් වෙනවා. මේ අපිරිසිඳු ලෝකයට දේවතාවන්ගේ සෙවනැල්ලක්වත් වැටිය නොහැකියි මේ ලෝකයට දේවතාවන්ට ඇතුළු විය නොහැකියි. ඔබ වෙනුවෙන් නව ලෝකය අවශ්‍ය වෙනවා. ලක්ෂ්මිට පූජාවන් කෙරෙන විට, ගෙවල් දොරවල් ඉතා හොඳින් පිරිසිඳු කරනවා. දැන්, මේ ලෝකයත් ඉතා හොඳට පිරිසිඳු වෙන්නයි යන්නේ. ස්ථීරවම මුළු පැරණි ලෝකයම අවසන් වෙනවා. ඔවුනුත් ධනය පතා ලක්ෂ්මිට යාඥා කරනවා. වඩා උසස් වෙන්නේ කවුද? ලක්ෂ්මිද? ජගදම්බාද? (අම්බා) අම්බාට බොහෝ පූජනීය ස්ථාන තිබෙනවා. මනුෂ්‍යයින් කිසිවක් දන්නේ නැහැ. ඔබ අවබෝධ කර ගන්නවා, ඒ ලක්ෂ්මි ලෝකයේ හිමිකරු සහ ඒ සරස්වතී ලෙසත් හඳුන්වන ජගදම්බා පසුව මේ ලක්ෂ්මි වන ඒ එකම ජගදම්බාමයි. ඔබේ තත්ත්වය දිව්‍යමයයි. දේවතාවන් තමයි ප්‍රමාණයෙන් අඩු වෙන්නේ. උසස්ම උසස් කෙනා තමයි බ්‍රහ්මිණ් ටොප් නොට්. එහෙම නේද? සියල්ලන්ගෙන්ම උසස් වනුයේ ඔබයි. ඔබ සරස්වතී, ජගදම්බා ලෙස වර්ණනා කෙරෙනවා. ඔබ ඔවුන්ගෙන් ලබන්නේ මොනවාද? ලෝක ආධිපත්‍යය. එහිදී ඔබ ධනවත් වෙනවා. ඔබ ලෝක රාජ්‍යය ලබනවා. පසුව ඔබ දිළිඳු වී භක්ති මාර්ගය ඇරඹෙනවා. පසුව ලක්ෂ්මිව සිහිපත් කෙරෙනවා. සෑම වසරකම ලක්ෂ්මිවත් වන්දනා කෙරෙනවා. ඔවුන් සෑම වසරකම ලක්ෂ්මිට ආරාධනා කරනවා. කවුරුවත් සෑම වසරකම ජගදම්බාට ආරාධනා කරන්නේ නැහැ. සියල්ලටම පසුව, නිරන්තරයෙන් ජගදම්බාව වන්දනාවට ලක් කෙරෙනවා. තමන්ට කැමති වේලාවකට ඔවුන් අම්බාගේ පූජ්‍යස්ථානයන්ට යනවා. මෙහිදීත් තමන්ට කැමති ඕනෑම වෙලාවක ඔබට ජගදම්බා මුණගැසීමට පුළුවන්. ඔබත් ජගදම්බාවරු. එහෙම නේද? ලෝක හිමිකරුවන් වීමට කැමති ඕනෑම වේලාවක ඔබට ජගදම්බා මුණගැසීමට පුළුවන්. ඔබත් ගොස් හැමදේම ඉල්ලනවා. ලක්ෂ්මිගෙන් ඉල්ලන්නේ ධනය පමණයි. ඔවුන් තමන්ගේ සෑම ආශාවක්ම ඇය (ජගදම්බා) ඉදිරියට පත් කරනවා. ඉතින්, පැමිණ පියාගේ දරුවන් වූ විට, ඔබේ තත්ත්වය සියල්ලන්ටම වඩා උසස් වෙනවා. බාබා උරුමය දෙනවා. දැන්, ඔබ දේව සමාජයේ, පසුව ඔබ දිව්‍ය සමාජයට පත් වෙනවා. මේ කාලයේ දී, අනාගතය උදෙසා ඔබේ මනසේ සියලු ආශාවන් සම්පූර්ණ කරනවා. මනුෂ්‍යයින්ට නිරන්තරයෙන්ම ආශාවන් තියෙනවා. එහෙම නේද? ඔබේ ආශාවන් සියල්ලක්ම සම්පූර්ණ වුණා. සේරටම පසුව, මේ තියෙන්නේ යක්ෂ ලෝකයක්. බලන්න, ඔවුන් දරුවන් වැඩි වැඩියෙන් බිහි කරනවා. ස්වර්ණමය යුගයේ ක්‍රිෂ්ණාගේ උපත සිදු වන්නේ කෙසේදැයි කියා දරුවන් වන ඔබට දර්ශන දෙනවා. එහෙ, හැමදේම සිදු වන්නේ නීතියට අනුකූලවයි දුකක නමක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ඊට අනිවාර්යෙන්ම කියන්නේ සතුටු දේශයයි. ඔබ බොහෝ වාර ගණනාවක් සතුට පසු කළා. වාර ගණනාවක් ඔබ අවමානයට ලක් වුණා. එමෙන්ම වාර ගණනාවක් ජයග්‍රහණයත් උදා කරගෙන තිබෙනවා. දැන් ඔබ අපට උගන්වන ඒ බාබාව සිහි කරනවා. පාසලක දැනුම උගන්වනවා. ඒත් සමඟම යහපත් පුරුදු පිළිබඳවත් උගන්වනවා. එහෙම නේද? ඒවායෙහි මේ ලක්ෂ්මි සහ නාරායන්ට තිබෙන ආකාරයේ යහපත් හැසිරීම් කිසි කෙනෙක් ඉගෙන ගන්නේ නැහැ. දැන් ඔබ දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගන්නවා. ඔවුන් පිළිබඳ වර්ණනාවනුත් ගායනා කරනවා සියලුම ගුණ ධර්මයන්ගෙන් අංග සම්පූර්ණ... ඉතින් දැන් ඔබ ඔවුන් වැනි තත්ත්වයකට පත් විය යුතුයි. දරුවන් වන ඔබ ඔබේ මේ ජීවිතය සතුටු නොකර නොසිටිය යුතුයි. මන්ද, දියමන්තියක් සේ වර්ණනාවට ලක් වෙන්නේ ඔබේ මේ උපතයි. එය ප්‍රවේශම් කර ගත යුතු ද වෙනවා. ඔබ සෞඛ්‍යමත් නම්, නොකඩවා දැනුමට සවන් දෙනවා. රෝගාතුර විට දී පවා ඔබට සවන් දිය හැකියි. පියා සිහි කළ හැකියි. කෙසේවෙතත්, ඔබ මෙහි සිටි බොහෝ දිනයන්හි සතුටින් සිටියා. නිරන්තරයෙන්ම ආදායම් උපයනවා සහ ගිණුම් නොකඩවා පියවෙනවා. දරුවන් කියනවා බාබා, ස්වර්ණමය යුගය එන්නේ කවදාද? මෙය ඉතා අපිරිසිඳු ලෝකයක්. පියා කියනවා නමුත්, සියල්ලටම පෙර, අඩුම තරමින් කර්මතීත් තත්ත්වය වත් නිර්මාණය කර ගන්න. හැකි සෑම අයුරකින්ම නිරන්තරයෙන් උත්සාහ දරන්න. දරුවන් ඉගෙන ගත යුතුයි ශිව බාබා සිහි කරන්න. මෙය අදූෂිත සිහියයි. එකම ශිවාට වන්දනා කිරීම අදූෂිත වන්දනාවයි. සතෝප්‍රධාන් භක්තියයි. පසුව දේවතාවන් සිහි කිරීම, සතෝ භක්තියයි. පියා කියනවා හිටගෙන සිටින විට, හිඳගෙන සිටින විට, මා, ඔබේ පියා සිහිකරන්න. අහෝ පාරිශුද්ධත්වයට පත් කරන්නාණෙනි! අහෝ ගැලවුම්කරුවාණනි! අහෝ මාර්ගෝපදේශකයාණනි! කියා කතා කරන්නේ දරුවන් පමණයි. ජීවය මෙය කියනවා. එහෙම නේද? දරුවන් පියාව සිහි කරනවා. බාබා දැන් ඔබට සිහිකරවනවා, ඔබ මා සිහිකරමින් සිටිනවා අහෝ දුකින් ගලවන්නාණෙනි, සතුට ලබාදෙන්නාණෙනි, පැමිණෙන්න! පැමිණ අපව දුකින් මුදවා ගලවා ගන්න! අපව සාම දේශයට ගෙන යන්න! පියා කියනවා මා ඔබව සාම දේශයට ගෙන යනවා නමුත් ඔබට සතුටු දේශයේදී සහයෝගය දෙන්නේ නැහැ. දැන් පමණයි මා ඔබට සහයෝගය දෙන්නේ. මා සියලුම ජීවයන් නිවහන කරා ගෙන යනවා. දැන් ඉගෙනීම සඳහා මා ඔබට මගේ සහයෝගය දෙනවා. පසුව නැවත මා ආපසු නිවහන කරා යාමට සහය දෙනවා, එපමණයි. මා මෙහි හිඳ දරුවන් වන ඔබට මගේ හැඳින්වීම වඩාත් හොඳින් ලබා දෙනවා. සෑම කෙනෙක්ම දරණ උත්සාහයට අනුකූලව, එහිදී ඵල ලබනවා. බාබා විශාල අවබෝධයක් ලබා දෙනවා. හැකි උපරිම අයුරින් මා සිහි කරන්න. ඉන් ඔබේ පාපයන් විනාශ වී පියාසැරීමට පියාපත් ඔබට හිමි වේ. ජීවයකට එවන් පියාපත් නැහැ. ජීවය ඉතා කුඩා තිතක්. උපත් 84 හි කොටස ජීවය තුළ තීරණය වී ඇත්තේ කෙසේ දැයි කිසිවෙක් දන්නේ නැහැ. කාටවත් ජීවයේ තියා උත්තරීතර ජිවය පිළිබඳවත් හැඳිනීමක් නැහැ. එවිට, පියා කියනවා මා කවුද, මොනවද කරන්නේ? කියලා කිසිවෙකුට මා දැනගත නොහැකියි. මගේ නිර්මාණය සහ මාව දැනගත හැක්කේ මගෙන් පමණයි. මා පමණයි පැමිණ මගේ හැඳින්වීම දරුවන් වන ඔබට ලබා දෙන්නේ. ජීවය යනු කුමක් ද කියාත් මා පහදා දෙනවා. මෙය හඳුන්වන්නේ, ජිව හැඳිනීම කියායි. ජීවය පිහිටන්නේ නළල මධ්‍යයේයි. ඔවුන් කියනවා නළල මධ්‍යයේ දීප්තිමත් පුදුම සහගත සහ අසහාය තාරකාවක් තියෙනවා. නමුත් මේ ජීවය කුමක්ද? මෙය කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීවය පිළිබඳ දර්ශනයක් ලැබීමට කැමති යැයි මිනිසුන් කී විට, ඔවුන්ට පහදා දෙන්න ඔබ කියනවා නළල මධ්‍යයේ තරුවක් තිබෙන බව. තරුවක් දැකීමෙන් ඇති ඵලය මොකක්ද? තිතක් (නළල මධ්‍යයේ තබන තිලකය වන් සැරසිල්ල) තරුවක් ලෙස පෙන්වනවා. අඩසෙඳහි මැදත් ඔවුන් තාරකාවක් පෙන්වනවා. ජීවය තාරකාවක්. දැන් බාබා පැහැදිලි කරනවා ඔබ දැනුම නමැති තාරකාවන්. සූර්යයා, චන්ද්‍රයා සහ තරු පැල්පත එළිය කරනවා. ඔවුන් දේවතාවන් නොවෙයි. භක්ති මාර්ගයේ ඉරටත් වතුර පූජා කරනවා. භක්ති මාර්ගයේ දී මේ බාබාත් හැමදෙයක්ම කළා. ඔහු සූර්ය දේවතාවාට නමස්කාර, සඳ දෙවිඳුට නමස්කාර කියා සූර්යයාට වතුර පූජා කරනවා. ඒ සේරම භක්ති මාර්ගය. මොහු විශාල ලෙස වන්දනාමාන කළා. නොම්බරයක් ගණන් කළ හැකියි. එහෙම නේද? රුද්‍ර මල් දාමයටත් නොම්බරයක් තියෙනවා. එහෙම නේද? මොහු වැඩියෙන් වැඳුම් කර තිබෙනවා. දැන් පියා කියනවා බාල මහළු හැම දෙනාම ඉන්නේ විශ්‍රාමික අවදියේ. දැන් මා සියල්ලන්ම ආපසු ගෙන යනවා. පසුව ඔබට ආපසු මෙහි එන්න බැහැ. ආගමික ග්‍රන්ථයන්හි ඔවුන් මොනව සඳහන් කළත්, සිදු වෙන ව්‍යසන, ලෝක දුර්භික්ෂ, පසුව ක්‍රිෂ්ණා බුලත් කොලයක පාවී ඒම, වැනි දේ නියම වශයෙන් එලෙසම නොවෙයි. පියා පැහැදිලි කරනවා එය සාගරයක කරුණක් නොවෙයි. එහෙ දරුවන් සතුටින් වාසය කරන ගර්භාෂයක් තියෙන්නේ. මෙහෙ එය හඳුන්වන්නේ ගර්භාෂ සිර කුටිය යනුවෙනුයි. ගර්භාෂයේ සිටින්නා පාපයන්ගේ දඬුවම් විඳිනවා. පියා කියනවා මන්මනභාව, මා සිහිකරන්න. ප්‍රදර්ශනයකදී මිනිස්සු මෙහෙම ඇහුවොත් ඉණිමගෙහි පින්තූරයෙහි අනෙක් ආගම් නොපෙන්වන්නේ ඇයි කියලා, ඔවුන්ට කියන්න අනෙක් ආගම් උපත් 84 ම ගන්නේ නැහැ. අනෙක් සියලුම ආගම් චක්‍රයේ සහ වෘක්ෂයෙහි පෙන්නුම් කරනවා. හැමදේම ඔවුන්ට පැහැදිලි කර දෙනවා. ඔබ සිතියමක් දෙස බැලුවොත් ලන්ඩනය තියෙන්නේ කොහෙද හෝ ඒ ඒ නගරය තියෙන්නේ කොහේද කියා බුද්ධිය තේරුම් ගන්නවා. එහෙම නේද? බාබා එය වඩාත් පහසු කර පැහැදිලි කරනවා. උපත් 84 හි චක්‍රය කැරකෙන්නේ කොහොමද? දැන් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙනවා. එමනිසා, අසීමිත පියා සිහි කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වෙනවා. පසුව පාරිශුද්ධත්වයට පත් වීමෙන්, ඔබ පිරිසිඳු ලෝකයට යනවා. මෙය අපහසු කරුණක් නොවෙයි. ඔබට කොපමණක කාලය තිබුණ ද පියාව සිහි කරන්න. පසුව එය බලවත් පුරුද්දක් වනු ඇත. දිල්ලියට ඔබ පියා පිළිබඳ සිහියෙන් ඇවිද ගියහොත්, ඔබට වෙහෙසක් ඇති විය නොහැකියි. නියම සිහි කිරීම ඇත්නම්, ශරීරය පිළිබඳ අවධානය කැඩෙනවා. පසුව එතැන වෙහෙසක් ඇති විය නොහැකියි. අවසානයට පැමිණෙන අය සිහි කිරීමෙන් වඩාත් වේගයෙන් ඉදිරියට යනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එකම එක පියා පිළිබඳ අදූෂිත සිහි කිරීමේ සිට සියලු ශරීර අවධානයන් අවසන් කරන්න. තම තත්ත්වය කර්මතීත් කර ගැනීමට බලවත් උත්සාහය දරන්න. තම ශරීරයෙහි වාසය කරන අතරතුර අවිනාශී ආදායම උපයන්න.

2. දැනුමැති ජීවයක් වී අන්‍යයන්ට සේවය කරන්න. පියාගෙන් තමන් ඉගෙනගත් ඕනෑම දෙයක් ධාරණය කරගෙන, පසුව අන්‍යයන්ට කියන්න. පාපයන් පහ ප්‍රදානය කර සෙනසුරු ග්‍රහයාගෙන් අත්මිදෙන්න.

වරදානය:
ඔබේ මනසේ බලය නිරතුරුව අත්දකිමින් එය සුවිසල් කාර්යයන් සඳහා උදව් කර ගනිත්වා.

තමෝගුණී ජිවාත්මයන්ගේ කම්පණ සහ පදාර්ථය පරිවර්ථනය කිරීමටත්, අනවශ්‍ය ලේ වැගිරීම් පිළිබඳ කම්පණ සහ වාතාවරණයෙන් ඔබව ආරක්ෂිතව තැබීමටත්, බොහෝ ජීවාත්මයන්ට සහයෝගය දීමටත්, නව ලෝකයට යෝගා බලයෙන් නව නිර්මාණය ආරම්භ කිරීමටත්, මේ සියලු සුවිසල් කාර්යයන් සඳහා ඔබට ඔබේ මනසේ බලය අවශ්‍යයි. ඔබේ අවසන් අවස්ථා අලංකාර වන්නේ ඔබේ මනසේ බලයෙන් පමණි. මනසේ බලය යනු, උසස් සිතිවිලි වල බලය මෙන්ම, ඒකායන කෙනා සමඟ පැහැදිලි මාවතක් තබා ගැනීමයි. දැන් මේ ගැන අත්දකින්න, එවිට ඔබට අසීමිත කාර්යයන් සමඟ සහයෝගී වී අසීමිත රජදහනට හිමිකම් කීමට හැකි වනු ඇත.

පාඨය:
යෝගී සහ ඥානී ජීවාත්මයක ස්වරූපය වන්නේ නිර්භීත බව සහ නිහතමානීත්වයයි.