06.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ශබ්දය අභිබවා නිවහනට යා යුතු නිසා, මේ ඔබේ ආපසු යාමේ විශ්‍රාමික අවදියයි. එමනිසා, ස්මෘතියේ සිටිමින් පාරිශුද්ධ බවට පත් වන්න.

ප්‍රශ්නය:
ඉහළම ගමනාන්තයට ළඟා වීම සඳහා කුමන කරුණට ද ඔබ අවධානය යොමු කළ යුත්තේ?

පිළිතුර:
ඔබේ ඇස් පිළිබඳව ප්‍රවේසම් වෙන්න. ඒවා බොහෝ සෙයින් රවටන සුළුය. අපරාධී ඇස් බොහෝ හානි සිදු කරයි. එමනිසා, හැකිතාක් දුරට, ඔබ ජීවාත්ම සත්තාවක් බව සලකමින් පරම පියා වෙත සිහිය තබා ගන්න. සහෝදරත්ව දැක්ම පුහුණු කරන්න. උදේ පාන්දරින්ම අවදි වී හුදකලාව සිට ඔබ සමඟම කතා කරන්න. දෙවියන්ගේ අණ මෙයයි : සුමිහිරි දරුවනි කාම රාගය ලොකුම සතුරායි. එමනිසා, ප්‍රවේසම් වන්න.

ඕම් ශාන්ති.
ඔබ මිහිරි අධ්‍යාත්මික දරුවන් තේරුම් ගෙන සිටිනවා මෙහි උගන්වන්නේ මනුෂ්‍යයෙක් නොවන බව. මෙය තේරුම් ගත හැකි අයට පමණයි මෙහි ආ හැක්කේ. මෙහිදී ඔබට උගන්වන්නේ දෙවියන්ය. පරමාත්ම දෙවියන් හඳුනා ගැනීම තිබිය යුතුමයි. දෙවියන් යන නම ලොකුය. නමුත් ඉන් පසු ඔවුන් කියන්නේ ඔහු නමක් ස්වරූපයක් නැති කෙනෙක් විදියටයි. ඇත්ත නම්, ඔහු ප්‍රායෝගික ලෙසම මෙලොව අභිබැවූ කෙනෙක්මය. ඔහු ඉතාම කුඩා නොපෙනෙන ලක්ෂ්‍යයකි. ජීවාත්ම සත්තාවක් තරුවක් හා සමාන බව කියැවේ. සාමාන්‍ය තරු කුඩා නොවේ. මෙම ජීවාත්ම සත්තාව තරුවක් ලෙසින් සත්‍යයෙන්ම කුඩාය, නොපෙනෙන සුළුය. පරම පියා ද එවැනි ලක්ෂ්‍යයකි. ඔහු සදා පාරිශුද්ධය. ඔහුව ප්‍රශංසා කරන්නේ, ඥාන සාගරය හා සාම සාගරය ලෙසයි. මේ ගැන කිසිඳු අපැහැදිලි බවක් නැත. ප්‍රධාන දෙය නම් පාරිශුද්ධ බවට පත් වීමයි. දබර ඇති වන්නේ පාප නිසාය. පාරිශුද්ධ වීම සඳහා ඔවුන් පාරිශුද්ධකරුවාට අඬගසයි. ඉතින් ඔබ පාරිශුද්ධ බවට පත් විය යුතුමයි. මේ ගැන පටලැවිල්ලක් නොතිබිය යුතුයි. අතීතයේ සිදු වූ දෙය, බාධක ආදිය සියල්ල අළුත් දේ නොවේ. අහිංසකයින් පහර කෑ යුතුයි. මෙවැනි දේ වෙනත් ආධ්‍යාත්මික කණ්ඩායම් තුළ නැත. වෙනත් කිසි තැනක කලබල නැත. මෙහි කලබල විශේෂයෙන්ම ඇති වන්නේ ඒ හේතු නිසාය. පරම පියා එන්නේම ඔබ පිරිසිඳු කිරීමටයි, මෙතරම් කලබල ද ඒ නිසයි. පරම පියා මෙහි සිට ඔබට උගන්වයි. පරම පියා මෙසේ කියයි : මා පැමිණෙන්නේ ආපසු යා යුතු තත්ත්වය ඇති විටයි. ආපසු යාමේ නීතිය පටන් ගන්නේ මෙහිදීය. ඉතින් ආපසු යාමේ තත්ත්වයේ සිටින අය නියතයෙන්ම ශබ්දය අභිබවා සිටියි. ශබ්දය අභිබවා සිටීම සඳහා ඔබ පරම පියා සම්පූර්ණයෙන්ම සිහිකර පාරිශුද්ධියට පත් විය යුතුය. එය පිරිසිඳු වීමේ එක් ක්‍රමයකි. ඔබ ආපසු යාම සඳහා, නියතයෙන්ම පාරිශුද්ධියට පත් විය යුතුය. පාරිශුද්ධියට පත් වීමට ඇත්තේ එකම මඟකි. ආපසු යාමට නම් ඔබ නියතයෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුමයි. හැම කෙනෙකුම ආපසු ගෙදර යයි. හතර පස් දෙනෙක් ආපසු යනවා නොවෙයි, මුළු අපිරිසිඳු ලෝකයම වෙනස් විය යුතුයි. කිසිවෙක් මෙම නාටකය දන්නේ නැත. මෙම නාටක චක්‍රය සත් යුගයේ සිට කළි යුගය දක්වාම එයි. පරම පියා මෙසේ කියයි: ඔබ, ජීවාත්ම සත්තාවක් බව සලකමින් පරම පියා සිහිකර නියතයෙන්ම පාරිශුද්ධත්වයට පත් වන්න. එවිට පමණයි ඔබට සාම දේශයට සහ සතුටු දේශයට යා හැකි වන්නේ. විමුක්තිය ලබා දෙන්නා සහ ගැලවුම්කරු ඒකායන කෙනා පමණක් බව සිහිපත් වේ. සත්යුගයේ සිටින්නේ සුළු පිරිසක් වන අතර ඔවුන් පාරිශුද්ධව සිටියි. කලි යුගයේ දී, බොහෝ ආගම් ගණනක් ඇති අතර ඔවුන් අපිරිසිඳු තත්ත්වයට පත් වී ඇත. මෙය පහසුවෙන්ම තේරුම් ගත හැකි දෙයක් වන අතර පරම පියා එය කල්තියාම කියයි. පරම පියා දන්නවා මෙහි නියතයෙන්ම කලබල බව. ඔහු මෙය නොදැන සිටියා නම්, ඇයි ඔහු මෙම ඥාන අමෘතය බීමට මෙහි පැමිණීම සඳහා ලියූ ලියමනක් රැගෙන ඒමේ ක්‍රමය යෙදුවේ. ඔහු දන්නවා මෙම දබර ඇති වීම නාටකයේ නියමිත බව. මේ දැනුමින් කුල්මත් බවට පත් වන අය පරමාත්ම දෙවියන් තේරුම් ගෙන මෙම ඥානය ද ඉතා හොඳින් ලබා ගනී. ඔවුන් එම ඥානය අන් අයට ද දී මායා අනුව ගොස් ඇයට විශ්මය ජනක ලෙස එකතු වෙයි. මේ සියල්ල නාටකයේ නියම වී තිබේ. එම ඉරණම වැලැක්වීමට කිසිවෙකුට නොහැකිය. මෙය ද මිනිසුන් සරළව කීවාට ඔවුන් එහි අර්ථය තේරුම් ගෙන නැත. දරුවනි, මෙම අධ්‍යයනය ඉතා උසස් එකකි. ඇස් ඉතා රැවටෙන සුළුයි. අහන්න දෙයක් නැත. ලෝකය තමෝප්‍රධාන්ය. අධ්‍යාපන ආයතන වල එය වඩාත් නරක තැනක තිබේ. පිටරටවල් ගැන කුමන කතාද? එවැනි දෑ සත් යුගයේ නම් නොතිබේ. මිනිසුන් කියන්නේ සත් යුගය තිබුණේ සිය දහස් ගණන් ඈත කාලයක බවයි. පරම පියා මෙසේ කියයි : ඔබට රජ දහනේ වාසනාව ලබා දී මා පිටත්ව ගියේ ඊයේ ලෙසයි. සියල්ල ඔබ අහිමි කරගෙන ඇත. ලෝකයේ ද පියෙක් මෙසේ කියයි : මා ඔබට බොහෝ දේපළ දුන්නත් ඔබ සියල්ල අහිමි කර ගනී. සමහර දරුවන් සියලු දේපළ සුළු කලකින්ම අහිමි කර ගනී. අසීමිත පරම පියා මෙසේ කියයි : මා නිහඬ වූයේ ඔබට බොහෝ ධනය දීමෙන් පසුවයි. ඔබට මා මුළු ලෝකයම අත්පත් කර දී නාටකය අනුව, දැන් ඔබේ තත්ත්වය මෙයයි! ඔබ එදා වගේම අද ද මගේම එවැනි ලෝකය හිමි දරුවන් වූවා නේද? ඔබ එතරම්ම ධනවත්ව සිටියා! ඔබ විස්තර කරන මෙය අසීමිත දෙයකි. කොටි ආවා යැයි බොරුවට කෑ ගැසූ ළමයකු ගැන කතාවක් ද ඇත, නමුත් කොටියෙක් ආවේ නැත. එක් දිනක සත්‍යයෙන්ම කොටියා ආවේය. ඔබ ද මිනිසුන්ට කියන්නේ ළඟම ඇත කියා, සහ මිනිසුන් කියන්නේ ඔබ එසේ නිතර කිව්වත් කල්ප විනාශය නොවන බවයි. ඔබ දන්නවා යම් දවසක කල්ප විනාශය සිදු වන බව. අර කතාව සාදා ඇත්තේ මේ සම්බන්ධයෙනි. අසීමිත පරම පියා කියන්නේ එය කාගේවත් වරදක් නොවන බවය. පසුගිය කල්පයේ ද එයම සිදු විය. ඒ අවුරුදු 5000කට පෙරයි. බාබා මෙසේ කීප වාරයක් කියා ඇත. ඔබට දිගටම මෙසේ ලියා දැක්විය හැකියි. භාරතයේ දේව ආගම ස්ථාපනය සඳහා වූ මෙම කෞතුකාගාරය අවුරුදු 5000කට පෙරද මෙසේ ම විවෘතව තිබුණා. පරම පියාගෙන් ලැබෙන උරුමය දිව්‍යලෝකයේ පරමාධිපත්‍යයයි. භාරතය දෙව්ලොවක් වී තිබුණි. සියල්ලට පළමු නව ලෝකයේ දී නව භාරතයේ දෙව්ලොව තිබුණි. එම ලෝකය අපායක් බවට පත් විය. මෙය එතරම්ම විශාල අසීමිත නාටකයයි. සියලු දෙනා එහි නළුවෝය. අපි අපගේ චරිත කොටස් උපත් 84හිම ඉටු කර දැන් ආපසු ගෙදර යමින් සිටිමු. කලින් අප හිමිකරුවන්ව සිට දැන් දුප්පතුන් බවට පත් විය. අපි දැන් බාබාගේ උපදෙස් පිළිපදිමින් හිමිකරුවන් බවටම පත් වෙමින් සිටියි. ඔබ දන්නවා ඔබ හැම චක්‍රයකම මෙසේ ශ්‍රීමත් පිළිපැදීමෙන් භාරතය දිව්‍යලෝකයක් බවට පත් කරන බව. ඔබ නියතයෙන්ම පිරිසිඳු බවට පත් විය යුතුයි. පාරිශුද්ධ වීම නිසාමත් පහර කෑම ලැබේ. පරම පියා ඔබ දරුවන්ට බොහෝ විස්තර කර දෙන නමුත් පිටට ගිය විට ඔබ නොදැනුවත් වෙයි. මේ ඥානයෙන් උද්යෝගී වූ අය ද, මෙය අසා, අන් අයට ද කියා දී පසුව මායාට අසු වේ. කලින් සිටියා සේම තත්ත්වයට පත් වේ. ඇත්තෙන්ම නම් ඔවුන් හිටියාටත් වඩා නරක තත්ත්වයට පත් වේ. ඔවුන් කාම රාගය නම් වූ පාපයට හසු වී ඇද වැටේ. ශිව බාබා මෙම භාරතය ශිවාලය බවට හරවමින් සිටියි. ඉතින් ඔබ දරුවන් ද උත්සාහය දැරිය යුතුයි. එම අසීමිත බාබා ඉතා මිහිරි බාබා වේ. හැම කෙනෙක්ම මෙය දැන ගත්තා නම්, බොහෝ අය මෙහි ඇවිත් කිසිඳු ඉගෙනීමක් සිදු නොවේ. අධ්‍යයනය සඳහා හුදකලාව අවශ්‍යය. උදේ වරු බොහෝ නිශ්ශබ්ද සහ සාමකාමීය. අපි ජීවාත්ම සත්තාවන් බව සලකමින් ම පරම පියා සිහි කරයි. ස්මෘතිය නොමැතිව කොහොමද අපේ පාප දුරු වන්නේ. ඔබ සැලකිලිමත් වන්නේ මෙම එකම දෙයටයි. ඔබ දැන් අපිරිසිඳු වී දුකට පත් වී ඇති අතර ඔටුණු දෙකක් දා ගන්නේ කෙසේද? පරම පියා ඔබට එකම සරළ දෙයක් විස්තර කරයි. කලබල ඇති වෙනවාමයි. ඊට බිය විය යුතු නැත. මෙම පියා ඉතා සාමාන්‍ය කෙනෙකි. ඔහු සාමාන්‍ය ලෙස ඇඳුම් පැළඳුම් කරයි. පිටින් කිසිඳු වෙනසක් නොපෙනෙයි. සන්‍යාසීවරු අඩු තරමින් ගෙවල් පවුල් අතහැර කහ සිවුරු දා ගනී. නමුත් මොහුගේ ඇඳුම එකමයි. පරම පියා ඔහු තුළට ඇතුල්වීම නම් සිදු වේ. වෙනත් වෙනසක් නැත. ඕනෑම පියෙක් තම දරුවන් ආදරයෙන් රැකබලා ගන්නා සේම මොහු ද එසේ කළේය. කිසිඳු අහංකාරයක් නොතිබුණි. ඔහුගේ ජීවිතය ඉතා සාමාන්‍යයි. කෙසේ වුවද, ඔබ සැමට නැවතීමට ගොඩනැගිලි නම් සෑදිය යුතුය. ඒවා ද ඉතා සාමාන්‍යයි. අසීමිත පරම පියා ඔබට උගන්වයි. පරම පියා කාන්දමයි. එය පොඩි දෙයක්ද? දූවරු පිරිසිඳුව සිටින විට ඔවුන්ට බොහෝ සතුට ලැබේ. මිනිසුන් කියන්නේ එය මහා බලයක් කියා. නමුත්, ඔවුන්ට ඒ බලය පිළිබඳ අවබෝධයක් නැත. පරම පියා සර්ව බලධාරී අධිකාරීත්වයයි. ඔහු හැම කෙනෙකුටම සමාන නමුත් හැම කෙනෙක්ම සමාන බවට පත් වන්නේ නැත. එසේ වුවොත් හැම කෙනෙකුගේම ශරීර ලක්ෂණ සහ තත්ත්වය සමාන විය යුතුයි. මෙම නාටකය පූර්ව නියමිතය. උපත් 84 දීම ඔබට සමාන ශරීර 84ක් ලැබෙන අතර එය හැම චක්‍රයකදීම එසේ වේ. ඔබට දිගටම එසේ සමාන ශරීර ලැබේ. එහි කිසිඳු වෙනසක් සිදු නොවේ. මේ කරුණු අවබෝධ කරගෙන උකහා ගත යුතුයි. විනාශය නියතයෙන්ම සිදු විය යුතුයි. මෙම කාලයේ දී ලෝකයේ සාමය ඇති විය නොහැක. ඔවුන් දිගටම ඔවුනොවුන් අතර සටන් කරයි. මරණය ඔබේ හිස උඩින්ම ඇත. නාටකයට අනුව, අන් සියල්ල විනාශ වී එකම ආදී සනාතන ධර්මය ස්ථාපිත වෙයි. ඔවුන් දිගටම න්‍යෂ්ඨික බෝම්බ තනයි. ස්වභාවික ව්‍යසන ද ඇති වේ. විශාල පර්වත ඇද වැටී සියලු ගොඩනැගිලි ආදිය විනාශ වෙයි. ගොඩනැගිලි කොතරම් ශක්තිමත් වුවද, ඒවායේ අත්තිවාරම් කොතරම් ශක්තිමත් වුවද එකක්වත් ඉතිරි වන්නේ නැත. ඔවුන් සිතන්නේ එම ගොඩනැගිලි භූමිකම්පාවකින්වත් නොවැටෙන ලෙසයි. කෙසේ වුවද, මෙසේ කියැවේ : ඔබ කුමක් කළත්, තට්ටු 100 ගොඩනැගිලි හැදුවත් විනාශය නියතයෙන්ම සිදු වේ. කිසිවක් ඉතිරි වන්නේ නැත. ඔබ දරුවන් මෙහි පැමිණ ඇත්තේ දිව්‍යලෝක උරුමය ලැබීමටයි. බලන්න පිටරට වල සිදු වන දේ. එයට කියනුයේ රාවණ්ගේ පම්පෝරිය කියාය. මායා මෙසේ කියයි : මම ද පොඩි නැත. නව ලෝකයේ දී ඔබට දියමන්ති හා මැණික් එබ්බවූ මාළිගා තිබේ. එහි සියල්ල රනින් නිම වේ. එහි එක තට්ටුවක් හෝ දෙකක ගොඩනැගිලි අනවශ්‍යයි. ඉඩම් ගණන් ඉහළ නොයයි. ඔබ ඉදිරියේ හැම දෙයක්ම තිබේ. එමනිසා, ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ හැම කෙනෙකුටම පණිවුඩය දිය යුතුයි. දරුවන් ඉතා හොඳ මඟ පෙන්වන්නන් වන අතර ඔවුන් මෙහි පැමිණ නවතාවයක් ලබයි. මෙය ද නාටකයේ ඇත. ඔවුන් නැවතත් එයි. ඔවුන්ට නැවත පැමිණීමට වේදැයි හෝ මෙහි නැවතිමට වේ දැයි මම නොදනිමි. ඔවුන් බොහෝ එන නමුදු මේ ඥානයෙන් කුල්මත් වූ පසු ද ඔවුන් ආපසු පැන යයි. ඔවුන් මෙසේ ලියයි : බාබා, මං ඇද වැටුණා. ඇත්තද! ඔබ ඉපයූ සියල්ල නැති වුණා. ඔබට ඉහළ තත්ත්වයක් නම් නොලැබෙයි. ඒ ලොකුම අකීකරු බවයි. ඔවුන් අනඥාවක් මෙසේ පනවයි : කිසිවෙක් මෙයින් පිට වී නොයා යුතුයි. එසේ කළොත් වෙඩි වදියි. පරම පියා ද මෙසේ කියයි : ඔබ පාපයෙහි යෙදුණොත්, වෙඩි වැදුනා සේය. දෙවියන්ගේ අණ මෙසේය : පරිස්සමින් සිටින්න. මෙකළ ඔවුන් වායු ආදිය මඟින් මිනිසුන් හිටි හැටියේ මරා දමයි. මේ සියල්ල නාටකයේ නියමිත වන්නේ එම අවසානයේ දී රෝහල් ආදිය ද ඉතිරි නොවන නිසාය. ජීවාත්ම සත්තාව ශරීරයෙන් පිට වී වෙනත් ශරීරයක් ගනී. සියලු දුක සහ වේදනාවන් අවසන් වේ. එවිට වේදනාවන් නැත. ජීවාත්ම සත්තාවන් නිදහස්ය. ජීවාත්ම සත්තාවක් ශරීරය අත්හරින්නේ සම්පූර්ණ ආයුකාලය නිම වූ පසුය. එහි මරණයක් නැත. රාවණ් එහි නැත, එසේ නම් මරණය එහි පැමිණෙන්නේ කෙසේද? ඔවුන් රාවණ්ගේ පණිවුඩකරුවන් මිස දෙවියන්ගේ නොවේ. දෙවියන්ගේ දරුවන් ඉතා ආදරණීයයි. පියෙකුට තම දරුවන් වේදනා උසුලනවා දරා සිටින්න බැරිය. නාටකයට අනුව ඔබ හතරෙන් තුනක් ම සතුටින් සිටියි. එවන් සතුටක් දෙන පරම පියාගේ උපදෙස් ඔබ අනුගමනය කළ යුතුමයි. මේ ඔබේ අවසාන උපතයි. පරම පියා ගැන ස්මරණයෙන් පමණි ඔබේ පව් දුරු වන්නේ. බොහෝ උපත් වල පාප ඔබේ හිස මත ඇත. ඔබ නියතයෙන්ම තමෝප්‍රධාන් වෙතින් සතෝප්‍රධාන් බවට පත් වේ. පරම පියා සර්ව බල අධිකාරීය. ආගමික ලේඛණ හදාරණ සැම හඳුන්වන්නේ ද අධිකාරීන් කියාය. පරම පියා මෙසේ කියයි : මම හැම කෙනෙකුගේම අධිකාරීයි. මම බ්‍රහ්මා තුළින් ඔබට සියලු ආගමික ලේඛණ වල සාරය මෙසේ කියා දෙමි : ඔබ ජීවාත්ම සත්තාවන් සේ සලකා මා සිහි කිරීමෙන් ඔබේ පව් දුරු වී යයි. ජල ස්නානයෙන් ඔබ පිරිසිඳු වන්නේ කෙසේද? යම් තැනක ජලය ස්වල්පයක් ඇති විට, එය ඔවුන්ට ලැබුණු වන්දනා ස්ථානයක් ලෙස විශ්වාස කර වහාම එහි ස්නානය කරයි. එයට කියන්නේ තමෝප්‍රධාන් ශ්‍රද්ධාව කියාය. ඔබේ ඇත්තේ සතෝප්‍රධාන් ශ්‍රද්ධාවයි. පරම පියා මෙසේ විස්තර කරයි : මේ ගැන කිසිඳු බියක් විය යුතු නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට දෙවියන් විසින් දෙන ලද පිරිසිඳු බවට පත්වීමේ අණට කිසිදා අකීකරු නොවන්න. පාරිශුද්ධ බවට පත් වී ඔබට බාප් සහ දාදා දෙදෙනාම විසින් කරන ලද හදාවඩා ගැනීමට නිසි පිළිතුර දෙන්න.

2. නාටකයේ ඉරණම නියමිතය. එය දැන අඛණ්ඩවම සැහැල්ලු නිදහස තබා ගන්න. කල්ප විනාශය සිදු වීමට පෙර හැම කෙනෙකුටම පරම පියාගේ පණිවුඩය ළඟා වීමට ඉඩ සලසන්න.

වරදානය:
ඔබ මහා පින්වන්ත ජීවාත්මයක් වි. ඥාන අමෘතයේ පිපාසාවෙන් සිටිනා ජීවාත්ම සත්තාවන්ගේ පිපාසාසව සංසිදුවන්නෙක් වේවා.

පිපාසාවෙන් සිටින්නෙකුගේ පිපාසාව සංසිදුවාලීම මහා පිනකි. දිය බිඳක් ලද නොහැකි තැන ඕනෑම අයෙක් උමතු වේ. එලෙසින්ම ඥාන අමෘතය නොලැබිම නිසා, ජීවාත්ම සත්තාවත් මහත් පීඩාවෙන්. දුකිත්, අසහතයෙන් උමතු වි සිටියි. එමනිසා, ඥාත අමෘතය ඔවුනට දී එම පිපාසාව සංසිදුවාලන්න. දැඩි අවශ්‍යතාවය නිසා ඔබ ඔබගේ ආහාර වේල සඳහා කාලයක් වෙන් කර ගන්නා ආකාරයෙන්. මෙම මහා පුණ්‍යකර්මය මෙ කිරීමේ ද විශාල අවශ්‍යතාවයක් පවතී. එමනිසා, මේ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට ඔබ කාලය යෙදවිය යුතුයි. මහා පින්වත් ජීවාත්මයක් කියා ඔබව හැඳින්විය හැක්කේ එවිට පමණී.

පාඨය:
අතීතයට නැවතීමේ තිත තබා ධෛර්යමත්ව ඉදිරියට යන්න, අඛණ්ඩවම ඔබට පරමාත්ම පියාගේ සහාය ලැබෙනු ඇත.