06.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. එබැවින් ශරීරයේ අවධානය අමතක කර, තමන් අශාරීරික ජීවාත්මයක් බව සලකා, ඔබ තුළ කවරෙකුට හෝ තිබෙන බැඳීම් බිඳ දමන්න.

ප්‍රශ්නය:
සංගම යුගයෙදී ඔය දරුවන් පියාගෙන් ඉගෙන ගන්නා ඥානය කුමක්ද?

පිළිතුර:
තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට සහ ඔබගේ භාග්‍යය උසස් කරගන්නේ කෙසේද කියා ඔබ ඉගෙන ගන්නේ දැන් පමණයි. ඔබ නිවැරදිව යෝගාවේ සම්බන්ධ වී ඇති පමණට සහ දැනුමින් සපිරි වන තරමට, ඒ අනුව ඔබ අඛණ්ඩව වර්ධනයක් අත්විඳියි. වර්ධනය වන දරුවන්ට කිසි විටෙක සැඟවී සිටිය නොහැක. දරුවන්ගේ සෑම ක්‍රියාවකින්ම, ඔවුන්ගේ භාග්‍යය උසස් කරගන්නේ කුමන දරුවන්ද කියා, පියාට වටහාගැනීමට පුළුවනි.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවන්නත්, ඔබගේ මාවතේ මියැදෙන්නත්.

ඕම් ශාන්ති.
ඔය සියලුම දරුවන්ට මෙම ගීතය ඇසුණා. බාබා, දරුවනි යන වචනය භාවිත කරයි. සියලුම මධ්‍යස්ථාන වල දරුවන්ට වැටහෙනවා, බාබා ඉන් හඳුන්වන්නේ බ්‍රහ්මණයින් වන අප ගැන බවත්, දරුවන් මෙම ගීතය ඇසූ බවත්, ජීවමානව සිටින අතර, ගෙල වටා මාලය වීමට නම්, අශාරීරික ලෝකයට ගොස්, බාබාගේ නිවසේ සිටින්න. එය සියලුම සැලිග්‍රමයන් වාසය කරන, ශිව බාබාගේ නිවසයි. බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල, ස්වදර්ශන චක්‍ර ධාරීන් වන ඔය දරුවන් දන්නවා, එම බාබාම සැබවින් පැමිණ ඇති බව. ඔහු පවසන්නේ ඔබ දැන් අශාරීරික විය යුතුයි, එනම්, ඔබගේ ශරීරය පිළිබඳ සිහිය ඔබ අමතක කළ යුතුයි. මෙම පැරණි ලෝකය විනාශ වීමටයි තිබෙන්නේ. මෙම ශරීරය හලා දැමිය යුතුයි, එනම්, සෑම කෙනෙක්වම අත්හැර දමා යා යුතුයි, මන්ද මෙම ලෝකය විනාශ වීමට යන නිසා. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ඔය සියලුම දරුවන් දැන් සිටින්නේ සතුටින්ය, මන්ද ඔබ ආපසු නිවසට යාම සඳහා, චක්‍රයෙන් භාගයක්ම බොහෝ සැරිසරමින් සිටි නිසා. කෙසේවෙතත්, නිවසට යන මාර්ගය සොයා ගැනීමට ඔබට කොහෙත්ම හැකි වූයේ නැත. ඒ වෙනුවට ඔය මිනිසුන් භක්ති මාර්ගයේ සෝබනය දුටු විට, ඔබ එය තුළ සිරගත විය. භක්ති මාර්ගය යනු, මිනිසුන් ඔවුන්ගේ ගෙල තෙක් සිරවී සිටින මඩ වගුරයි. ඔය දරුවන් දැන් පවසන්නේ බාබා, අපි මෙම පැරණි ලෝකය සහ මෙම පැරණි සිරුරු අමතක කරමින් සිටිනවා. අපි දැන් අශාරීරික වී ඔබත් සමඟ ආපසු නිවසට යන්නෙමු. උත්තරීතර පියා, උත්තරීතර දේශයේ සිට පැමිණ ඇත්තේ අපව ආපසු නිවසට රැගෙන යාමට බව, ඔය සියලු දෙනාගේම බුද්ධිය තුළ තිබේ. ඔහු සරළව පවසන්නේ මෙයයි පිවිතුරු වී මා සිහි කරන්න! ජීවමානව මියැදෙන්න! එහි, එම නිවසේ ජීවාත්ම වාසය කරන බව ඔබ දන්නවා. ජීවාතමයක් වූ කලී තිතක් පමණයි. සියලුම ජීවාත්ම අශාරීරික ලෝකයට යයි. මෙහි සිටින මනුෂ්‍ය සංඛ්‍යාවට සමාන ජීවාත්ම සංඛ්‍යාවක් එහි සිටියි. ජීවාත්ම, එම මහා භූතය තුළ කෙතරම් ඉඩ ප්‍රමාණයක් ගනීද, එමෙන්ම තරමක විශාල ශරීර, කෙතරම් ඉඩ ප්‍රමාණයක් ගනීද? ජීවාත්මයකට කෙතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද? අප ජීවාත්ම, කෙතරම් කුඩා ඉඩ ප්‍රමාණයක් ගනීවිද? ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක්. ඔය දරුවන්ට, මෙම දේවල් පියාගෙන් ඇසීමට තරම්, විශාල භාග්‍යයක් තිබේ. ඔබ අශාරීරිකව පැමිණ, ශරීර ගෙන, ඔබගේ චරිත කොටස් රඟපෑ බව, පියා විස්තර කරයි. ඔබ දැන් ජීවමානව මියැදී, සෑම කෙනෙක්වම අමතක කළ යුතුයි. පරමාත්ම පියා පැමිණ, ඔබට මිය යන අන්දම කියා දෙයි. ඔහු පවසන්නේ ඔබගේ පියාව සහ ඔබගේ නිවස සිහි කරන්න! බොහෝ සෙයින් උත්සාහ දරන්න! යෝගාවේ සිටීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. ඉන්පසුව, තමෝප්‍රධාන් බවින් ඔය ජීවාත්ම, සතෝප්‍රධාන් වෙයි. මේ නිසයි පියා ඔබට දැන් අවවාද කරන්නේ, එමෙන්ම ගිය චක්‍රයේද ඔබට මෙසේ පැවසුවේ ඔබගේ සිරුර ඇතුළුව සියලුම ශාරීරික නෑදෑයින් අත්හැර, නිරතුරුවම මා පමණක් සිහි කරන්න. එම කෙනා සියල්ලන්ගේම පියාය. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මගේ මුඛයෙන් උපන් දරුවන්ය. ඔබට දිගින් දිගටම දැනුම ලැබෙයි. ඔබ කොහොමත් ශිවාගේ දරුවන්ය. ඔවුන් දෙවියන්ගේ දරුවන් බව, සෑම කෙනෙක් තුළම විශ්වාසයක් තිබේ. කෙසේවෙතත් දෙවියන්ගේ නම, ස්වරූපය, කාලය සහ ස්ථානය අමතක වී ඇති නිසා, දෙවියන් කෙරෙහි කිසි කෙනෙක් තුළ එම සෙනෙහස නොමැත. එයට කිසි කෙනෙකුට වරද පැටවිය නොහැක මෙය නාටකයේ නියම වී තිබේ. පියා විස්තර කරන්නේ ජීවාත්ම ඉතා කුඩා තිත් වන අතර ඔය ජීවාත්ම තුළ උපත් 84ක චරිත කොටස් පටිගත වී තිබේ. ජීවයක්, ශරීරයක් ගෙන ඔහුගේ චරිත කොටස රඟපාන අන්දම විශාල ආශ්චර්යයකි. ඔබ දැන් මෙම අසීමිත චරිත කොටස ගැන දන්නවා. වෙනත් කිසිවෙකුට මෙම දැනුම නොමැත. ඔබද සිටියේ ශරීර අවධානයෙන්ය. දැන් ඔබගෙන් එක් එක් කෙනා, කෙතරම් දුරට පරිවර්ථනය වන්නේද යන්න රඳා පවතින්නේ, එක් එක්කෙනාගේ වාසනාව මතයි. පෙර චක්‍රයේ ඔබගේ වාසනාව ගැන දර්ශනයක් ඔබට දැන් තිබේ. ලෝකයේ බොහෝ මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටියි. ඒ සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇගේම වාසනාව තිබේ. සෑම කෙනෙක්ම සිදුකර ඇති ක්‍රියා වලට අනුව, ඔහු හෝ ඇය සතුටු, දුක්, ධනවත් හෝ දුප්පත් වෙයි. මෙසේ වන්නේ ජීවාත්මයටයි. ජීවාත්මය සතුටට පත් වන අන්දම සහ ඉන්පසුව දුක තුළට යන අන්දම ගැන, පියා මෙතැන අසුන්ගෙන විස්තර කරදෙයි. ඔහු පෙර චක්‍රයේ කළ එම ආකාරයෙන්ම, ඔබට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමේ ඥානය උගන්වන්නේ පියා පමණයි. ඔබ එවිට කොපමණ ඥානයක් ලබාගත්තේද, ඔබ එතරම්ම ඥානයක් දැන් ලබනවා. අවසානය වන විට, ඔබට සෑම කෙනෙකුගේම භාග්‍යය වැටහෙයි. එවිට, සෑම චක්‍රයකදීම එක් එක් කෙනාගේ භාග්‍යය මෙය බව, කියනු ඇත. ඉතා හොඳින් යෝගාවේ සම්බන්ධ වී සිටින, එමෙන්ම දැනුමින් පිරී සිටින අය, දිගටම සේවයේ යෙදෙයි. ඉගෙනගැනීමෙන් නිරන්තර ප්‍රගතිය ඇතිවෙයි. සමහර දරුවන් විගසින් දියුණු වන අතර තවත් සමහරුන් ඔබට හිසරදයක් දෙයි. මෙහිදීද එය එසේමයි. සෑම චක්‍රයකදීම ඔබ එක් එක්කෙනා, කුමන ප්‍රගතියක් ලබා ගන්නේද, එය සඟවා තැබිය නොහැක. සෑම කෙනෙකුගේම සම්බන්ධතාවය තිබෙන්නේ ශිව බාබා සමඟ බව, පියා දන්නවා. දරුවන්ගේ ක්‍රියාකාරකම් දැකීමෙන් මෙම කෙනාට සෑම දෙයක්ම වැටහෙයි. එම කෙනාද සෑම දෙයක්ම දකියි. ඔබට මෙම කෙනාගෙන් යමක් සැඟවිය හැකි වුවත්, ඔබට ශිව බාබාගෙන් කිසිවක් සැඟවිය නොහැක. භක්ති මාර්ගයේ වුවද, කිසි කෙනෙකුට දෙවියන්ගෙන් කිසි දෙයක් සැඟවිය නොහැක. එබැවින් දැනුම මාවතේ ඔහුගෙන් යමක් සඟවන්නේ කෙසේද? ඉගෙනුම ඉතා පහසු බව, පියා ඔබට දිගටම විස්තර කරදෙයි. ක්‍රියා සිදු කළ යුතුයි. පැරණි ලෝකයේ ඔබගේ නෑදෑ මිතුරන් සමඟ ජීවත් වී උත්සාහ දරන්න. නිවසේ ජීවත් වී, බොහෝ ගැඹුරු සෙනෙහසක් ඇතිව, උත්සාහ දරණ අයට, මෙහි සිට උත්සාහ දරණ අයට වඩා ඉදිරියෙන් යා හැක. අර්ජුන සහ ගැමියා (බිල්) ගැන නිදසුනක් ග්‍රන්ථ වල තිබේ. ගැමියා පිටත ජීවත් වූ නමුත්, ධනු ශිල්පය පුහුණු වීමෙන්, ඔහු අර්ජුනට වඩා දක‍්ෂ විය. එබැවින් ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් වන්න. ඔබට නිදසුන් දැකිය හැක. නිවසේ වාසය කරන අතර, ඔබට ඉතා හොඳින් සේවය කළ හැක. ඔබ දිගින් දිගටම තව බොහෝ වර්ධනය වනු ඇත. මෙහි වාසය කරන අයව, මායා අත්හරින්නේ නැත බාබා වෙතට පැමිණි නිසා ඔවුන් මායාගෙන් නිදහස් වනවා කියා දෙයක් නැත. නැහැ, ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ උත්සාහ දැරිය යුතුයි. තම පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අයට මෙහි වාසය කරන අයට වඩා හොඳින් උත්සාහ දැරිය හැක. ඔවුන්ට ඉතා හොඳ නිර්භීතකමක් පෙන්විය හැක. නිවසේ ජීවත් වී, නෙළුම් මලක් මෙන් වන අයට පමණයි, මහාවීරයන් යැයි කියන්නේ. ඇතැමුන් පවසන්නේ බාබා, ඔබ සෑම දෙයක්ම අතහැර ඇත. බාබා පවසන්නේ මම කිසි දෙයක් අත්හැරියේ නැත. ඒවා මා අතහැර යන්නට ගියා. බාබා කිසිවෙකු අතහැර මෙහි පැමිණියේ නැත. ඒ වෙනුවට ඊටත් වැඩි දරුවන් සංඛ්‍යාවක් ඔහු සමඟ සිටීමට පැමිණියා. බාබා කුමාරීන්ට පවසන්නේ මෙම දේවමය සේවයේ යෙදෙන්න. මෙම කෙනා බාබා වන අතර එම කෙනාද බාබාය. බොහෝ කුමාරයන්ද පැමිණි නමුත් ඔවුන්ට දිගටම ඉන්නට නොහැකි විය. කුමාරීන් ඊට වඩා හොඳය. කුමාරියක්, බ්‍රහ්මණයන් 100කට වඩා ශ්‍රේෂ්ඨ බව සැලකෙයි. කුමාරියක් යනු පරම්පරා 21 ඉහළ නංවමින් දැනුමේ ඊතලය විදින කෙනෙකි. තම නිවෙස් වල තම පවුලේ අය සමඟ වාසය කරන අය වුවද, බ්‍රහ්ම කුමාර් සහ කුමාරීන්ය. ඔවුන් තව තව ප්‍රගතිය කරා යන විට ඔවුන්ගේ බන්ධනද අවසන් වෙයි. සේවය කළ යුතු වනවා. සේවය කරන දරුවන්, බාප්දාදාගේ හදවතේ අසුන් ගෙන සිටියි. ඔවුන් මිනිසුන් දහස් ගණනකට යහපතක් සිදු කරයි. එවන් සේවය කරන දරුවන් මත අඛණ්ඩව ආශිර්වාද වැස්සෙයි. ඔවුන් හදවත මත අසුන්ගෙන සිටියි. හදවත මත අසුන්ගෙන සිටින අය, සිංහාසනයක් මත අසුන් ගනී. බාබා පවසන්නේ දිගින් දිගටම ඔබ අතරේ රැස්වීම් පවත්වා, සෑම කෙනෙකුටම මෙම මාවත පෙන්වා දීම සඳහා ක්‍රමවේද සකස් කරගන්න. පිංතූරද දිගටම නිර්මාණය වෙමින් තිබෙයි. මේ සියලුම දේවල් ප්‍රායෝගික කාරණාය. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, අශාරීරික බව ඔබ දැන් විස්තර කරයි. ඔහුද තිතක් වන නමුත්, ඔහු දැනුමින් සිපිරි කෙනාය, පාරිශුද්ධකරුය. ජීවාත්මයක් තිතක් පමණයි. දරුවෙක් තවමත් කුඩාය. දරුවෙක් සහ පියෙක් අතර වෙනසක් තිබේ. මෙකල අවුරුදු 15 හෝ 16යේ දරුවන් පියවරුන් වෙයි. කෙසේවෙතත්, ඔවුන්ගේ දරුවන් ඊටත් වඩා කුඩාය. මෙහි ආශ්චර්යය දෙස බලන්න පියා, ජීවාත්මයක් වන අතර දරුවන්ද ජීවාත්මයන්ය. ඔහු උත්තරීතර ජීවාත්මයයි, දැනුමින් පිරි කෙනාය. ඉතිරි සියලු දෙනා ඔවුන් ඉගෙනගන්නා ප්‍රමාණයට අනුකූලව, උසස් හෝ පහත් තත්ත්වයක් හිමි කරගනී. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඉගෙනුම මතයි. යහපත් ක්‍රියා කිරීමෙන් ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔය දරුවන්ට දැන් ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබේ. දිව්‍ය ලෝකයේ තිබුණේ භාරතය පමණයි වෙනත් භූමි නොතිබිණි. එබැවින් කුඩා නව ඉන්දියාවක ඔබගේ දිව්‍ය ලෝකය පෙන්වන්න. ඒ අන්දමින්ම ඔබ ද්වාරකා යන නම නොලිවිය යුතු අතර ඒ වෙනුවට ලක‍්ෂ්මි සහ නාරායනගේ රජ පෙළපතේ රාජධානිය යැයි ලිවිය යුතුයි. ස්වර්ණමය යුගයේ පළමුවෙන්ම දේවතා රජ පෙළපතේ රාජධානිය තිබෙන බව, බුද්ධිය පවසයි. ඔවුන්ගේ ගම් සහ කුඩා රාජ්‍ය තිබෙයි. මෙයද ආවර්ජනය කළ යුතුයි. මේ සමඟම ඔබගේ බුද්ධියද යෝගාවේ ශිව බාබා හා සම්බන්ධ කරගන්න. අපි සිහිපත් කිරීම තුළින් අපගේ රාජධානිය හිමි කරගන්නවා. සිහිපත් කිරීමෙන් මළකඩ ඉවත් කරගත යුතුයි. සියලුම උත්සාහයන් අවශ්‍ය වන්නේ මේ සඳහාය. සමහර දරුවන්ගේ බුද්ධීන් නිරන්තරයෙන් පිටත සැරිසරයි. මෙහි අසුන්ගෙන සිටින විට පවා ඔවුන්ට සිහිපත් කිරීමේ සිටිය නොහැක ඔවුන්ගේ බුද්ධීන් වෙනත් දිශා වල සැරිසරයි. භක්ති මාර්ගයේද එය එසේමයි. ශ්‍රී ක්‍රිෂ්ණාව වන්දනා කරන අතර ඔවුන්ගේ බුද්ධිය වෙනත් දිශා වල ගමන් කරයි. දැඩි භක්තියේ යෙදෙන අය, දර්ශනයක් ලබා ගැනීම සඳහා බොහෝ උත්සාහ දරයි. ඔවුන් බොහෝ පැය ගණනාවක් ක්‍රිෂ්ණාව පමණක් සිහි කිරීමට අසුන්ගන්නා අතර වෙනත් කිසිවක් සිහි නොකරයි. ඒ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වෙයි. අටේ සහ 16,108 මාලාවන් නිර්මාණය වන්නේ මෙහිදීය. ඔවුන් පබුළු සිය දහස් ගණනක මාලාවක්ද පෙන්වයි. කෙසේවෙතත්, දැනුම මාර්ගයේ මාලාව ඉතා වටින්නේය, මන්ද ආධ්‍යාත්මික උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙයටයි. භක්ති මාර්ගයේ මාලාව ලාභයි. ක්‍රිෂ්ණා දෙස බලන්න, ඔහු කෙතරම් සතුටින් නර්ථනය කරන්නේද කියා බලන්න. දැනුම සහ භක්තිය අතර දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ක්‍රිෂ්ණා සිහි කිරීමෙන් මළකඩ ඉවත් වන බව, ඔවුන් පවසා නැත. මෙහි විස්තර කර තිබෙන්නේ, ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී යනු ඇත, කියාය. ඔය දරුවන් දැන් යෝගා බලය තුළින්, ලෝකයේ අධිපතියන් බවට පත්වනවා. කිසිම කෙනෙක් මේ ගැන සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ලක‍්ෂ්මි සහ නාරායන සටන් ආදිය සිදු කළේ නැත. එසේ නම් ඔවුන් ලෝකයේ අධිපතියන් වූයේ කෙසේද? මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. පියා පවසන්නේ ඔබට යෝගා බලය තුළින් රාජධානිය ලැබෙයි. කෙසේවෙතත්, එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන් ඒ සඳහා උත්සාහ දරන්නේ නැත ඔවුන් සේවාධාරීන් වන්නේ නැත. ප්‍රදර්ශන සුදානම් කරන අන්දම ගැන බාබා ඔබට දිගින් දිගටම උපදෙස් ලබා දෙයි. දවසකදි අඩු තරමින් ප්‍රදර්ශන 150 හෝ 200වත් තිබිය යුතුයි. ගොස් සියලුම ගම් වල සංචාරය කරන්න. මධ්‍යස්ථාන තිබෙන තරමටම ප්‍රදර්ශනද තිබිය යුතුයි. සෑම මධ්‍යස්ථානයකම ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන්, විස්තර කිරීමට පහසු වෙයි. දිනෙන් දින මධ්‍යස්ථාන අඛණ්ඩව විශාල වෙයි, එබැවින් ඔබට එහි වුවද පිංතූර ආදිය තැබීමට හැකි වෙයි. පිංතූරවල නිපැයුමද තිබේ. අලංකාර මාලිගා ආදිය ඇතිව, භාරතයේ පවතින දිව්‍ය ලෝකයේ පිංතූරයක් සාදන්න. ඔබ තව තවත් ප්‍රගතිය කරා යන විට, වෙනත් අයට විස්තර කිරීම සඳහා අඛණ්ඩව ඉතා හොඳ පිංතූර නිර්මාණය වෙයි. විශ්‍රාමික අවදියේ සිටින අයට අවට සංචාරය කරන අතර දිගටම සේවයේ නියැලිය හැක. තම භාග්‍යය දිස්නේ දෙන අය ඉස්මතු වෙයි. ඇතැම් දරුවන් අපවිත්‍ර ක්‍රියා සිදුකර ඔවුන්ගේ ගෞරවය නැති කරගනී, එබැවින් ඔවුන් යාගයේ ගෞරවය නැති කරයි. ඔබට තත්ත්වයක් හිම වන්නේ ඔබගේ හැසිරීමට අනුවයි. බොහෝ දෙනෙකුට සතුට ලබා දෙන අයගේ නම් සිහි කෙරෙයි. ඔබ තවම සියලුම ගුණධර්ම වලින් පිරී නැත. සමහර දරුවන් ඉතා හොඳින් සේවය කරයි. එවන් දරුවන්ගේ නම් ඇසීමෙන් බාබා බොහෝ සතුටට පත් වෙයි. සේවාධාරී දරුවන් දැකීමට පියා සතුටු වෙයි. ඔවුන් සේවය සඳහා දිගින් දිගටම හොඳින් උත්සාහ දරයි. ඔවුන් දහස් ගණනකට යහපතක් සැලසෙන මධ්‍යස්ථාන පවා විවෘත කරයි. ඒවා තුළින් එවිට බොහෝ දෙනෙක් දිගින් දිගටම මතුවෙයි. තවමත් කිසි කෙනෙක් අංග සම්පූර්ණ වී නොමැත එක් හෝ තව වැරදීමක් දිගින් දිගටම සිදුවෙයි. මායා කිසිවෙක් අත්නොහරියි. ඔබ වැඩියෙන් සේවය කරන තරමට සහ වැඩියෙන් වර්ධනය වන තරමට, ඔබ වැඩියෙන් හදවත් සිහසුනට නඟියි. ඒ අන්දමින් ඊට අනුකූල උසස් තත්ත්වයක්ද ඔබට හිමි වනු ඇත. එවිට, සෑම චක්‍රයකදීම ඔබගේ තත්ත්වය එබඳු වෙයි. කිසි කෙනෙකුට ශිව බාබාගෙන් කිසිවක් සැඟවිය නොහැක. අවසානයේ ඔබ සෑම කෙනෙකුටම ඔබගේ ක්‍රියා වල දර්ශන ලැබෙයි. එවිට ඔබ කුමක් කරයිද? ඔබට එවිට ඉතා කටුක කඳුළු සලන්නට සිදුවෙයි. මේ නිසයි බාබා දිගින් දිගටම විස්තර කරන්නේ අවසානයේ ඔබට පසුතැවිලි වීමට සහ දඬුවම් විඳීමට සිදුවන ආකාරයේ ක්‍රියා සිදු නොකරන්න. කෙතරම් විස්තර කළත්, එය කෙනෙකුගේ භාග්‍යයේ නොමැති නම් ඔහු උත්සාහ දරන්නේ නැත. මේ දිනවල මිනිසුන් පරමාත්ම පියාව කොහෙත්ම හඳුනන්නේ නැත. ඔවුන් දෙවියන් සිහි කරන නමුත් ඔවුන් ඔහුව හඳුනන්නේ නැත. ඔවුන් ඔහුට සවන් දෙන්නේ නැත. ඔබ දැන් තත්පරයකදී, ස්වර්ණමය යුගයේ ආධිපත්‍යය පියාගෙන් හිමිකරගනී. ශිව බාබාගේ නමට සෑම කෙනෙක්ම කැමතියි. අසිමීත පියාගෙන් ඔබගේ දිව්‍ය ලෝකයේ උරුමය ඔබට හිමිවන බව, ඔය දරුවන්ට වැටහෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ හැසිරීම තුළින් පියාගේ සහ යාගයේ නාමය, කීර්තිමත් කරන්න. පියාගේ ගෞරවය අහිමි වන අන්දමේ කිසිම ක්‍රියාවක් සිදු නොකරන්න. සේවය කිරීමෙන් ඔබගේම භාග්‍යය නිර්මාණය කරගන්න.

2. පියා මෙන්ම පරහිතකාමී වී, සෑම කෙනෙකුගේම ආශිර්වාද හිමිකරගෙන, ඉදිරි අංකයක් හිමි කරගන්න. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කර, නිර්භීත වීමෙන්, නෙළුම් මලක් මෙන් දිවි ගෙවන්න.

වරදානය:
ඔබ සහයෝගය ලබා දීමෙන්, තමන්ව පහසු යෝගීවරයෙක් බවට පත් කරගන්නා නිරන්තර යෝගීවරයෙක් වේවා.

සංගම යුගයේ පහසු යෝගීවරයෙක් වීමේ මාර්ගය වන්නේ පියාට සහයෝගී වීමය. තම සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවකින්ම පියාට සහ රාජධානිය ස්ථාපිත කිරීමේ ඔහුගේ කාර්යයට සහයෝගී වන දරුවන් දැනුමින් පිරිපුන් බව කියයි, ඔවුන් යෝගී ජීවාත්ම මෙන්ම සැබෑ සේවාධාරීන්ය. ඔබගේ මනසින් නොවේ නම් ඔබගේ සිරුරින්, ඔබගේ සිරුරින් නොහැකි නම් එවිට ඔබගේ ධනයෙන්ද, ඔබගේ ධනයෙන් නොහැකි නම් එවිට ඔබට හැකි ඕනෑම අන්දමකින් සහයෝගී වන්න, මන්ද මෙයත් යෝගාවයි. ඔබ පරම පියාට අයත් බැවින් එවිට ඇත්තේ ඔබ සහ පියා පමණයි තුන්වැන්නෙක් නැත. මේ ආකාරයෙන් ඔබ නිරන්තර යෝගීවරයෙක් වෙයි.

පාඨය:
දරා ගැනීම, එනම්, සංගම යුගයේ මියැදීම යනු, දිව්‍ය ලෝක රාජධානිය හිමි කරගැනීමය.