06.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔය බ්‍රහමණයන් දෙවියන්ගේ ඇකයට පැමිණ තිබේ. මෙම (බ්‍රහ්මගේ) ශරීරය තුළින්, පියා ඔබව ඔහු සතුකරගෙන ඇත, යන කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි.

ප්‍රශ්නය:
ඔහුට බොහෝ ප්‍රශංසා කර ඇත්තේ, පියා සිදුකර ඇති කුමන දිව්‍යමය කාර්යයන් සඳහාද?

පිළිතුර:
අපවිත්‍ර අයව පිවිතුරු කිරීම සහ සියලුම මනුෂ්‍යයන්ව රාවණ, මායාගේ යදම් වලින් නිදහස් කිරීමේ කාර්යය සඳහා. මෙම දිව්‍යමය කාර්යයන් සිදු කරන්නේ පියා පමණයි. චක්‍රයෙන් භාගයක්ම පවතින අසීමිත සතුටේ උරුමය ඔබට ලැබෙන්නේ අසීමිත පියාගෙන් පමණයි. ස්වර්ණමය යුගයේ රන් ජුබිලිය තිබෙන අතර රිදී යුගයේ රිදී ජුබිලිය තිබේ. එකක් සතෝප්‍රධාන් වන අතර අනෙක සතෝය දෙකටම, සතුටේ දේශය යැයි කියයි. පියා එවන් සතුටේ දේශයක් ස්ථාපිත කරයි, ඔහුගේ වර්ණනාව ගයන්නේ ඒ නිසාය.

ගීතය:
මෙය යුක්තියේ පූජස්ථානයයි, දෙවියන්ගේ නිවසයි.

ඕම් ශාන්ති.
බාප් සහ දාදා දෙදෙනාම එකතුවී දරුවන්ට විස්තර කර දෙයි. විටෙක පියා විස්තර කරන අතර තවත් විටෙක දාදා විස්තර කරයි, මන්ද මෙම සිරුර, දාදාගේ නිවසද වෙයි. පරම පියා, පරමාත්ම ජීවය වාසය කරන්නේ උත්තරීතර දනව්වේය. සැබවින්ම මිනිසුන් ශිවාගේ රාත්‍රිය සමරන්නේ, යම් කලක, භාරතය, ඔහුගේ නිවහන වන නිසාය. ශිවාට බොහෝ දේවාල තිබෙන බැවින්, මින් ඔප්පු වන්නේ, එය දැන් රාවණගේ රාජධානිය නිසා, අපවිත්‍ර අය පිවිතුරු කිරීමට සහ සියලුම මනුෂ්‍යයන්ව මායා රාවණගේ යදම් වලින් මුදවාගැනීම පිණිස, ඔහු පැමිණෙන්නේ භාරත දේශයේ පමණක් බවයි. ඔවුන් රාවණ පුළුස්සා දමන්නේ භාරතයේ පමණයි. ශිවාගේ උපත සහ ක්‍රිෂ්ණාගේ උපත සමරන්නේද භාරතයේ පමණයි. රාවණගේ රාජධානිය, චක්‍රයෙන් භාගයක් පවති, ඉන්පසුව අපවිත්‍ර අය පිවිතුරු බවට පරිවර්ථනය කිරීමට, පියා පැමිණෙයි. ඔබව පිවිතුරු කිරීමෙන් පසුව, ඔහු නැවත පැමිණෙන්නේ නැත. පියාගේ නම, භාරතයේ ප්‍රසිද්ධයි. ඔහු, දිව්‍යමය කාර්යයක් සිදු කරන්නට ඇති, ඔහුගේ නම සිහි කරන්නේ මේ නිසාය. කිසිම මනුෂ්‍යයෙකුට, මනුෂ්‍යයෙක් පිවිතුරු කළ නොහැක. පාරිශුද්ධකරු ලෙස හැඳින්වෙන්නේ ඒකායන පියා පමණයි. දිව්‍ය ලෝකය සහ අපාය යන නම් දෙනු ලබන්නේ භාරතයට පමණයි. වසර 5000කට පෙර, භාරතය, දිව්‍ය ලෝකය විය. එයට සුරඟන දේශය යැයිද කියයි. එබැවින් නියත වශයෙන්ම එයට උරුමය හිමි වන්නට ඇත්තේ පියාගෙනි. පියා යන වචනය ඉතා මිහිරිය. ඔබට අසීමිත සතුටෙහි උරුමය ලැබෙන්නේ ඔහුගෙන් පමණක් වන අතර එය චක්‍රයෙන් භාගයක්ම පවති. එහි රන් ජුබිලිය මෙන්ම රිදී ජුබිලියද සමරයි. ස්වර්ණමය යුගයට, රන් ජුබිලිය යැයිද, රිදී යුගයට, රිදී ජුබිලිය යැයිද කියයි. එකක් සතෝප්‍රධාන්ද, අනෙක සතෝද වන අතර, දෙකම එකතු කළ විට එයට කියන්නේ සතුටේ දේශය කියාය. අංක එකට, සූර්ය පෙළපත තිබෙන අතර දෙවැනි අංකය වන්නේ චන්ද්‍ර පෙළපතයි. පියා මෙම භාරත දේශයට පැමිණි විට, ඔහු එය පිවිතුරු කරයි. කෙසේවෙතත්, භක්තිය ආරම්භ වූ විට, දිව්‍යමය කලා, අඩු වීමට පටන් ගනී වෘක‍ෂය දිරාපත් වී තමෝප්‍රධාන් වෙයි. සෑම කෙනෙක්ම බැතිමතෙක් වන අතර තවුසන්, දෙවියන් හමුවීම සඳහා, එනම්, විමුක්ති දේශයට සහ ජීවන-මුක්ති දේශයට යාමට, ආධ්‍යාත්මික උත්සාහයන්වල යෙදෙයි. ඔබ චක්‍රයෙන් භාගයක්, පියාව මුණගැසීම සඳහා, භක්තියේ යෙදෙයි. එම කාලය අවසන් වූ විට, බැතිමතුන් සතුටට පත් කිරීම සඳහා පියා පැමිණෙයි. ස්වර්ණමය යුගයේ සාමය, සතුට සහ සමෘද්ධිය තිබේ. එහි අකල් මරණ සිදුවන්නේ නැත කිසිවෙක් කිසිදා හඬන්නේ හෝ විලාප නඟන්නේ නැත. මේ සියල්ල විස්තර කරන්නේ කවුද? අසීමිත පියා ඔහුට නමක් ඇති. කලි යුගයේ තිබෙන්නේ අන්ධකාරය පමණයි. මිනිසුන් භක්ති මාර්ගයේ දිගින් දිගටම වැටි වැටි සැරිසරයි. දිව්‍ය ලෝකයේ දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත සෑම කෙනෙක්ම සිටින්නේ සතුටින්ය. ඔවුන් දෙවියන්ට කන්නලව් නොකරන්නේ මේ නිසාය. ස්වර්ණමය යුගයට, සතුටේ දේශය යැයිද, කලි යුගයට, දුක් දේශය යැයිද කියයි. ස්වර්ණමය යුගයෙදී, එය ලක‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූ බව, වල්ලභචාරීන්, වයිශ්නව මිනිසුන්ට වැටහෙයි. පාලකයන් මෙන්ම පුරවැසියන්ද සතුටින් සිටියා. එයට ස්වර්ණමය යුගය යැයි කියයි. උපත් 84ක් ගන්නේ, ස්වර්ණමය යුගයේදි චක්‍රය තුළට පැමිණෙන අයයි. මෙය වෘක‍ෂයක් බව ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. සියලුම පත්‍ර එකවර මතු වන්නේ නැහැ. ස්වර්ණමය යුගයේදී තිබුණේ එක් දේවතා ධර්මය පමණයි. එයට හින්දු ආගම යැයි නොකියයි. දේවතාවන් සිහි කරන්නේ, සියලුම දිව්‍යමය ගුණධර්ම වලින් පිරිපුන්, දිව්‍යමය කලා 16න් පිවිතුරු, සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර අය වශයෙනි. දේවතාවන්ට වන්දනා කරන අයද, අනිවාර්යයෙන්ම එම ආගමට අයත් විය යුතුයි. ක්‍රිස්තියානුවන්, ක්‍රිස්තුතුමා සිහි කරයි, එබැවින් ඔවුන් එම ආගමට අයත්ය. එසේ නම්, භාරතයේ මිනිසුන්, ඔවුන්ගේ දේවතා ධර්මයේ නම අතුරුදහන් කර තිබෙන්නේ ඇයි? ඔබ දේවතාවන්ව සිටි බව, ඔබට වැටහෙයි. ඔබ උපත් සහ පුනරුත්පත්ති තුළට ඇතුළු විය, ඔබ දේවතාවන් වී ඉන්පසුව ක‍ෂත්‍රියයන් විය. අවසානයේදී, උපත් 84ක් ගැනීමෙන් පසු, අන්තිමට ඔබ ශුද්‍රයන් විය. ඔබ ශුද්‍රයන්ගෙන්, බ්‍රහ්මනයන් විය යුතුයි. බ්‍රහ්මගේ දරුවන්, බ්‍රහ්මනයන් වෙයි. ඇත්ත වශයෙන් කොහොමත් සියලුම ජීවාත්ම, ශිවාගේ දරුවන්ය. ඔහු අසීමිත පියාය. ඔහුට පරම පියා, පරමාත්ම ජීවය, දෙවි පියාණන් සහ දිව්‍යමය දෙවියන් වන පියාණන් යැයි කියයි. දිව්‍ය ලෝකයේ නිර්මාණකරු ඔහුයි. ඔය දරුවන් දැන් ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුයි. පියා දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බැවින්, අප නව ලෝකයේ උරුමකරුවන් නොවී සිටින්නේ ඇයි? නව ලෝකය, දැන් පැරණි වී ඇත එය නැවතත් අළුත් වන්නේ කෙසේද? ගාන්දිජීද පැවසුවේ, රාමාගේ නව රාජධානිය, නව භාරතයක් තිබිය යුතු බවයි. එය දැන් ස්ථාපනය කරන බව, ඔබට වැටහෙයි. ඔය බ්‍රහ්මනයන්, දැන් දෙවියන්ගේ ඇකය ගෙන තිබේ. ඔබ ප්‍රායෝගික අන්දමකින් අසීමිත පියා ඔබ සතු කර තිබේ. සෑම කෙනෙක්ම පවසන්නේ, අහෝ දෙවි පියාණෙනි, අපට අනුකම්පා කරන්න! පියා මෙකල පැමිණ, මෙම සිරුර තුළින් ඔබව ඔහුට අයත් කර ගනී. කලි යුගයේ බ්‍රහ්මනයන් එසේ වන්නේ භෞතික උපතකින් වන නමුත් ඔබ, බ්‍රහ්මගේ මුඛයෙන් උපන් නිර්මාණයි. ඔහු ප්‍රජාවගේ පියාය, එබැවින් ඔහු බොහෝ දරුවන් නිර්මාණය කරයි. ඔවුන් මුඛයෙන් උපත ලද නිර්මාණයයි. පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මගේ මුඛයෙන් ඔබව දරුකමට හදාගෙන තිබේ. එබැවින් මෙම බ්‍රහ්ම, මවයි. අපගේ මවත්, පියාත් ඔබයි. අහෝ බාබා! ඔබ බ්‍රහ්මගේ මුඛය මාර්ගයෙන් අපව ඔබ සතු කරගෙන තිබේ. මෙම දේවල් වටහාගත යුතුයි. ඒකායන පියා, දැනුමේ මහා සාගරයයි. දහවල වන විමුක්තිය තිබෙන්නේ, දැනුම තුළින් පමණයි. අවිද්‍යාව තුළින් රාත්‍රිය තිබේ. කලි යුගය, රාත්‍රිය වන අතර එයට භක්ති මාර්ගය යැයි කියයි. සියලුම ශාස්ත්‍ර අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඒවා තුළින් කිසිම කෙනෙකුට පියා හමුවීමේ මාර්ගය, සොයාගත නොහැක. පියා, චක්‍රයෙන් චක්‍රයට පැමිණෙයි, එබැවින්, මිනිසුන් ශිවාගේ රාත්‍රිය සමරති. එබැවින් ඔහු නියත වශයෙන්ම පැමිණෙයි. ඔහුට තමාගේම සිරුරක් නැත. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ටද දේවතාවන් යැයි කියයි. මිනිසුන් පවසන්නේ, බ්‍රහ්ම දේවතාවට නමස්කාර වේවා, විෂ්ණු දේවතාවට නමස්කාර වේවා ඉන්පසුව ඔවුන් පවසන්නේ, පරමාත්ම ජීවය වන ශිවාට නමස්කාර වේවා. මෙම ශාරීරික වෘක‍ෂයේ නායකයා, බ්‍රහ්මයි. ඔහු ප්‍රායෝගික ලෙස මෙය වෙයි. පියා පැමිණෙන්නේ සංගම යුගයේය. මේ මොහොතේ යාදවයන්, කෞරවයන් සහ යෝගා බලයෙන් ශක්ති සේනාව වන, පාණ්ඩවයන් සිටියි. ශිව බාබා, ප්‍රායෝගික ලෙසින්, බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වී ඇති බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. අශාරීරික ශිවාටද දේවාලයක් තිබේ. ශිවාගේ රාත්‍රිය සමරන නමුත්, ශිවාගේ උපන් දිනය වෙනුවෙන් තිබුණු රජයේ නිවාඩු දිනය රජය විසින් නවතා ඇත. ඔවුන් වෙනත් අයගේ උපන් දින සමරයි. ඔවුන්ට තව දුරටත් දැහැමිකමේ බලය නොමැත. ඔවුන් අධර්මිෂ්ඨ, නිතී විරෝධී මෙන්ම දුගී වී ඇත්තේ මේ නිසාය. පාරිශුද්ධත්වය, සාමය හෝ සමෘද්ධිය නැත. මෙම භාරතයේම වසර 5000කට පෙර, එය රන් ජුබිලියව තිබුණු කල්හි, පාරිශුද්ධත්වය, සාමය සහ සතුට තිබුණි. එකල අකල් මරණ සිදුවූයේ නැත. භාරතය තිබුණු තරම් ශ්‍රේෂ්ඨ හෝ ධනවත් වීමට වෙනත් කිසිම දේශයකට නොහැක. වඩාත්ම ශ්‍රේෂ්ඨ වූයේ භාරත දේශයයි. එහි ඉතිහාසයද ලියා තිබේ. පිවිතුරු වන්නෙත් අපවිත්‍ර වන්නෙත් මෙම භාරතයයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අය, චක්‍රය වටා ගොස් ඇති අතර දැන් ශුද්‍ර වංශයේ අය වී ඇත. ඉන්පසුව, ශුද්‍ර වංශයෙන් ඔවුන් බ්‍රහමණ වංශයට ඇතුළු වෙයි. මුදුන් මල්කඩ වන්නේ බ්‍රහ්මන වංශයයි, එය දේවතා වංශයටත් වඩා උසස්ය. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ වර්ණනාව, පියාගේ වර්ණනාවෙන් වෙනස්ය. පියා, දැනුමේ මහා සාගරය, හා ආනන්දයේ මහා සාගරය ලෙස හැඳින්වෙන අතර, දේවතාවන් සියලු දිව්‍යමය ගුණධර්ම වලින් පිරි සිටියි. එහි පාපය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ක්‍රිෂ්ණාගේ දේශයේ, රාවණ සහ කාන්ස් සිටි ආකාරය ගැන, ග්‍රන්ථ වල බොහෝ ගෙතූ කතා ලියා තිබේ. සැබවින්, මෙය කාන්ස්ගේ දේශය වන අතර පසුව ස්වර්ණමය යුගයේ, ක්‍රිෂ්ණාගේ දේශය තිබෙයි. මෙය සංගම යුගය බැවින් ඔවුන් කාන්ස්, ජරාසඳ සහ රාවණ යන රකුසන්ව, ස්වර්ණමය යුගයේ දේවතාවන් සමග මිශ්‍ර කර ඇත. මෙය රාවණගේ රකුසු සමාජයයි. ඔබ දැන් දෙවියන්ගේ සමාජයට පැමිණ ඇත. දෙවියන්ගේ ඇකයට පැමිණ, පිවිතුරු වීමෙන් පසුව, ඔබ උපත් 21කට දේවතා ඇකය ගනී දේවතා ඇකයේ උපත් 8ක් සහ ක‍ෂත්‍රීය ඇකයේ උපත් 12ක්. කුමාරියක්, පරම්පරා 21ක් ඉහළ නංවන බව සිහි කර තිබෙන්නේ භාරතයේ පමණක් වන අතර එම කුමාරීන් ඔබයි. ඔබ දැන් දෙවියන්ගේ වංශයට අයත්ය. ශිව බාබා, සීයා වන අතර පියා, බ්‍රහ්මයි. බ්‍රහ්ම කුමර කුමරියන් ඔබයි. ඔබට එම අසීමිත පියාගෙන් ඔබගේ උරුමය ලැබෙයි ලබා දෙන්නේ ඔහුයි. කෙසේවෙතත්, ඔහු අශාරීරික බැවින් ඔහු රාජයෝගාව උගන්වන්නේ කෙසේද? සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව නාරායන බවට පරිවර්ථනය කිරීමට සැබවින්ම භෞතික සිරුරක් අවශ්‍යයි. එබැවින් උපත් 84ක් ගෙන ඇති කෙනාගේ අපවිත්‍ර සිරුර තුළට ඔහු ඇතුළු වෙයි. අපව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කිරීමට, පරමාත්ම දෙවියන්ම රාජ යෝගාව උගන්වන, ශ්‍රේෂ්ඨතම විශ්ව විද්‍යාලය මෙයයි. ක්‍රිෂ්ණා, ගීතාවේ නිර්මාණකරු නොවෙයි. ඇත්ත වශයෙන්ම ක්‍රිෂ්ණාට උපත දෙන්නේ මව් ගීතාවයි. දේවතාවන් වන අයට උපත දෙන්නේ ශිව බාබාය. ක්‍රිස්තියානුවන් උපත ලබන්නේ බයිබලය මගින්, ක්‍රිස්තු තුමා මගින්ය. ඔබව බ්‍රහ්මනයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කළේ කවුරුන්ද? බ්‍රහ්මගේ මුඛය තුළින්, ශිව බාබාය. මෙය ඔබගේ අසීමිත අත්හැරීමයි. ඔවුන්ගේ එය, සීමිත, රජෝගුණී (අර්ධ පිවිතුරු) අත්හැරීමය. එම අත්හැරීම අයත් වන්නේ හුදකලා මාවතටයි. ඔබට මෙම කිලිටි පැරණි ලෝකය කෙරෙහි නීරසයක් තිබේ. මෙම ලෝකය, අවසන් වීමට ආසන්න බව ඔබට වැටහෙනවා. ඒ වෙනුවට, දිව්‍ය ලෝකයේ නිර්මාණකරු, පියාව සිහි නොකරන්නේ ඇයි? පියා පවසන්නේ ආදරණීය දරුවනි, බොහෝ උපත් ගණනාවකට පසුව ඔබට මාව මුණ ගැසී තිබේ. ඔබ උපත් 84ක් සම්පූර්ණ කර තිබේ. ඔබ දැන් දේවතා වංශය තුළට යා යුතුයි. එබැවින් ඔබගේ ආහාර ගැන ඔබ විශාල අවධානයක් යොමු කළ යුතුයි ඔබට අපවිත්‍ර ආහාර ගත නොහැක. පියා පවසන්නේ මා සංගම යුගයේ පැමිණෙන්නේ, අපවිත්‍ර ඇඳුම් පිවිතුරු කිරීමටයි. මරණය, ඔබ ඉදිරියේ අත ලඟය. යාදවයන්, කෞරවයන් සහ පාණ්ඩවයන් මෙහි සිටිනවා. එබැවින් පාණ්ඩවයන්ගේ පියාද අනිවාර්යෙන්ම මෙහි සිටිය යුතුයි. පරම පියා, පරමාත්ම ජීවයට, පාණ්ඩවපති (පාණ්ඩවයන්ගේ පියා) යැයි කියයි. ඔබ සතුටේ දේශයට සහ සාමයේ දේශයට මාර්ගය පෙන්වන බැවින්, ඔබ මාර්ගෝපදේශකයන්ය. ඔබට ශිව ශක්ති පාණ්ඩව සේනාව යැයි කියන්නේ මේ නිසාය. යාදවයන්, යුරෝපයේ වැසියන්, ඔවුන්ගේම වරිගයා විනාශ කරයි. පාණ්ඩවයන් සහ කෞරවයන් සිටින්නේ භාරතයේය. දේවතාවන් සහ රකුසන් අතර යුද්ධයක් සිදු වූ බව පැවසෙන්නේ ඔවුන් ගැනය. ඔබ දැන් දේවතාවන් නොවෙයි ඔබ දේවතාවන් වීමට යනවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ ලෝකයේ අධිපතියන් වෙයි. අන් සියලු දෙනාම ලබා දෙන්නේ රකුසු උපදෙස්ය. රාවණගේ උපදෙස් චක්‍රයෙන් භාගයක් පවති. ලෝකය දැන් තමෝප්‍රධාන් වී ඇත. පියා අසුන්ගෙන රාජයෝගාව උගන්වන, රුද්‍රාගේ දැනුමේ යාගහෝමය මෙයයි. රාජධානිය ස්ථාපනය වූ පසු, විනාශයේ ගිණිදැල් මතු වී, එවිට මෙම දැනුම අතුරුදහන් වෙයි. පසුව නාටකයට අනුව, භක්ති මාර්ගයේ ඇති එම ශාස්ත්‍රයන්ම නැවතත් මතුවෙයි. සන්යාසීන්ට බොහෝ අනුගාමිකයන් සිටින නමුත්, තමන්ගේ පාපයන් සොදා ගැනීමට සන්යාසීන්ද ගංගා නදිය වෙත යයි. කෙසේවෙතත්, ගංගා නදියේ ජලය, කිසිවෙකු පාරිශුද්ධත්වයට පත් නොකරයි. එය පැමිණෙන්නේ ජල සාගරයෙන්ය. ඔබ, දැනුමේ සාගරයෙන් මතුවුණු, දැනුමේ ගංගාවන්ය. ගංගා නදියේ ජලය, පාරිශුද්ධකරු නොවෙයි. ඔය දරුවන්ට, ඔබගේ භක්තියේ ඵලය ලබා දීමට, අසීමිත සතුටේ උරුමය ලබා දීමට මා නැවතත් පැමිණ සිටියි. දිව්‍ය ලෝකයට යන්නේ, ඉගෙන ගැනීමට පියා වෙතට පැමිණෙන අයයි. අන් සියලු දෙනාම තම තමන්නේ කොටස්වලට යයි. ඔබ මෙම නාටකයේ චක්‍රයද වටහා ගත යුතුයි. චක්‍රය වටහාගැනීමෙන් ඔබ ලෝකයේ පාලකයන් වෙයි. රජයටද, සිංහයන් තිදෙනෙක් පෙන්වා ඇති චක්‍රයක් ඇති අතර, එය යටින් සත්‍යයට ජය යැයි ලියා තිබේ. ශිව බාබා දැන් පැමිණ, ඔබව අමරණීය දේශයේ අධිපතියන් කිරීම සඳහා, ඔබ සියලුම පාර්වතීන්ට, අමරණීයත්වයේ කතාපුවත පවසයි. මෙය නාරායන වීමේ සත්‍ය කතා පුවත සහ අමරණීයත්වයේ කතා පුවත ලෙසද හැඳින්වෙයි. එක් වරක් මෙම කතා පුවතට සවන් දීමෙන් පමණක් ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. අන් සියල්ල ගොතන ලද කතා පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දේවතා වංශයට ඇතුළු වීම සඳහා, ඔබගේ ආහාර පාන ගැන ඉතා ප්‍රවේසම් වන්න. කිසිම අපවිත්‍ර දෙයක් ආහාරයට නොගන්න.

2. අවසන් වීමට ආසන්න, මෙම අපිරිසිදු පැරණි ලෝකය පිළිබඳ අසීමිත නීරසයක් ඇති කරගෙන, දිව්‍ය ලෝකයේ නිර්මාණකරු වන, පියාව සිහිපත් කරන්න.

වරදානය:
ඔබ ඔබේ බල සහ ගුණදම් වලින් දුර්වල අයව බලවත් කරනා සහයෝගශීලී උසස් දානපතියකු වේවා.

සියලු ගුණදම් සහ බලයන් සහිත වටිනා දරුවන් අවැසි වේලාවට තම උසස් ස්ථිතියකින් නිරන්තරව සහයෝගය ලබා දෙති. ඔවුන් විසින් කරන සේවයේ විශේෂ හැඩය නම්, පරම පියාගෙන් ඔවුන් ලබනා ගුණදම් සහ බලය මෙම දැනුම නොමැති ජීවාත්මයන්ට දානය කිරීමයි. ඔවුන් බ්‍රහමින් ජීවාත්මයන්ටත් ඔවුන්ගේ සහයෝගය දෙනවා. දුර්වල අයව බලවත් කිරීම උසස් දානයක් සේම සහයෝගයේ ස්වරූපයක් ද වේ. හුදෙක් ඔබේ වචන සහ මනස තුළින් සේවය කරනා අන්දමින්ම සියලු ජීවයන් හට ඔබ ලබාගත් ගුණදම් සහ බලයේ සහයෝගයදී ඔවුන් යමක් ලබාගැනීමට ශක්තිමත් කරන්න.

පාඨය:
අධිෂ්ඨාන පූර්වක විශ්වාසයෙන් තම වාසනාව නියම කරගත්තන් සදා සැහැල්ලුවෙන් සිටිති.