06.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ පදනම විශ්වාසයයි. විශ්වාසයෙන් යුතුව ඔබේ බුද්ධියෙන් උත්සාහ කරන්න. එවිට ඔබේ අරමුණට ඔබ ළඟා වනවා ඇත.

ප්‍රශ්නය:
මොන කරුණද ඔබ විසින් විශ්වාසය ඇතිව ගැඹුරින් වටහාගත යුතුව ඇත්තේ?

පිළිතුර:
සියලු ජීවාත්මයන්ගේ කර්ම ගිණුම් පියවා සැවොම මදුරු රැළක් සේ සුමිහිරි නිවහනට යාවි. ඉන් අනතුරුව ජීවාත්ම සුළු පිරිසක් නව ලෝකයට යාවි. මේ කරුණ දරුවන් ගැඹුරින් වටහාගත යුතුයි. එමෙන්ම ඒ පිළිබඳ ඔබට විශ්වාසය තිබිය යුතුයි.

ප්‍රශ්නය:
පරම පියා ප්‍රීති වන්නේ කොයි දරුවත් දැකීමෙන් ද?

පිළිතුර:
තමන්ව සම්පුර්ණයෙන්ම පරම පියාට කැප කළ දරුවන්වයි. මායාට නොසැලෙන්නන්, එනම්, අංගද් මෙන් නොසෙල්විය හැකි අචල අයවයි. පරම පියා එවන් දරුවන් දැකීමෙන් සතුටට පත් වෙයි.

ගීතය:
ඉවසන්ත ම් මනස! නුඹේ සතුටු දිනයන් උදාවෙන්නයි යන්නේ...

ඕම් ශාන්ති.
ඔය දරුවන් ඇසුවේ කුමක්ද ? මෙය කිව හැක්කේ පරම පියාට පමණයි. සන්යාසිවරයෙකුට මෙය කිව නොහැක. පාරලෞකීක අසීමිත පියායි දරුවන්ට මෙය කියන්නේ. මන්ද, මනස සහ බුද්ධිය තිබෙන්නේ ජීවාත්මය තුළයි. ඔහු ජීවාත්මයන්ට ඉවසන්න කියනවා. ඔය දරුවන් දන්නවා එම අසීමිත පියා ඉවසන්නැයි කීවේ මුළු ලොවටම කියා. ඔබේ සතුට සහ සාමයේ දිනයන් ඒමට ඇත. දුක් දේශය මෙය වේ. ඉන්පසු එන්නේ සතුටේ දේශයයි. සතුටේ දේශය ස්ථාපිත කරන්නේ පරම පියායි. පරම පියා දරුවන්ට ඉවසීම දෙනවා. නමුත් විශ්වාසය පළමුවෙන් අවැසියි. මුවින් උපන් බ්‍රහමින් පරපුරට මෙම විශ්වාසය තිබේ. මෙපමණ බ්‍රහමින්වරු සිටිය හැක්කේ වෙන කෙසේ ද? 'බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්ම කුමාරි' යන්නෙහි අරුත, ඔවුන් පුතුන් සහ දියණියන් වීමයි. බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්ම කුමාරින් බොහෝ සිටී. එබැවින් නියත වශයෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මාත් සිටින්න ඕන. ඔබ සැමටම ඇත්තේ එක් මවක් සහ පියෙකි. එහෙත් අන් සියල්ලන්ට වෙන් වශයෙන් මවක් පියෙක් වෙනම සිටී. මෙහි ඔබ සැමටම ඇත්තේ එක් මව සහ පියා වේ. මෙය අළුත් දෙයකි. කලින් ඔබ බ්‍රාහ්මණයකු නොවේ. එහෙත් දැන් ඔබ බ්‍රාහ්මණයන් වී සිටී. එම බ්‍රාහ්මණයන් උපත ලබා ඇත්තේ පාපය තුළිනි. එහෙත් ඔබ මුවින් උපන් පරපුර වේ. කරුණු සියල්ලෙන්ම, මෙය පහදා දෙන්නේ කවරෙක් ද යන විශ්වාසය ප්‍රථමයෙන් තිබෙන්න ඕන. පහදා දෙන කෙනා දෙවියන්. දැන් යකඩ යුග අන්තයයි. මදක් ඉදිරියේ යුද්ධය ඇත. යාදවයන්, එනම්, බෝම්බ ආදිය නිපදවන යුරෝපීය ජනයා සිටී. කුසෙන් මතු වූ මිසයිල වලින් තම වරිගයේ අයම විනාශ වුණා යන්න සිහිවෙනවා. අනිවාර්යෙන්ම ඔවුන් තම වරිගයම විනාශ කරාවි. ඇත්ත වශයෙන්ම සියල්ලන්ම අයිති එක් කුලයටයි. ඔවුන් එකිනෙකාට කියමින් සිටින්නේ: අප විනාශය ඇති කරනවා. එසේම නිසැකවම එය ලියැවී ඇත. ඉතින් දැත් පරම පියා පැහැදිලි කරනවා: දරුවනි, ඉවසන්න! මෙම පැරණි ලොව ඉක්මණින් අහවර වෙයි. ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ යකඩ යුගය අහවර වූවොත් පමණයි. ඊට පෙරාතුව නිසැකවම ස්ථාපනය සිදුවෙනවා. බ්‍රහ්මා තුළින් ස්ථාපනය සිදුවේ කියාත්, ශංකර් තුළින් විනාශය සිදුවේ කියාත් සිහිපත් කරති. මුලින්ම ස්ථාපනය සිදුවෙනවා. අනතුරුව ස්ථාපනය සම්පූර්ණ වූවාට පසුව විනාශය සිදුවෙනවා. මෙය කිසිවෙකු වටහා නොගන්නා සුවිශේෂ මාර්ගයකි. කිසිදා මේ ගැන කිසිවකු අසාත් නැත. එමනිසා, මිනිස්සු බ්‍රහ්ම කුමාරි ගැන සිතන්නේත්, වෙනත් මාර්ග හා ඇදහිලි ලෙසින්ය. එම අසරණයන්ට දොස් පැවරීමෙන් ඵලක් නැත. ඔවුන් පෙර චක්‍රයේ මෙන්ම බාධා ඇති කරති. මෙය රුද්‍ර ඥාන යාග ගින්න වේ. ශිවාව රුද්‍රා යැයි හැඳින්වේ. ඔහු තමයි රාජයෝගා උගන්වන්නේ, එයයි පුරාතන පහසු රාජයෝගා කියා හඳුන්වා ඇත්තේ. එම 'පුරාතන' අර්ථය ඔවුන්ට නොතේරේ. එය සංගම යුගයට අදාල විෂයකි. 'පවිත්‍ර සහ අපවිත්‍ර' යන්න සංගම යුගයයි. ස්වර්ණමය යුගය ආරම්භයේ තිබුණේ එක් ධර්මයයි. එය යක්‍ෂ සමූහය වන අතර ඔබ දේවතා සමූහයයි. එනමුත් එහි යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එයත් වැරැද්දකි. ඔබ සොයුරන් සටන් කරන්නේ කෙසේද ? පරම පියා මෙහි අසුන්ගෙන බ්‍රහ්මා තුළින් සියලු වේද ශාස්ත්‍ර ග්‍රන්ථ වල සාරාංශය පහදා දෙනවා. නියම ලෙසම ප්‍රධාන ධර්ම සතරකි. එසේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථ සතරකි. මෙයින්, පළමුවැන්න ආදි සනාතන දේවතා ධර්මයයි. එහි ග්‍රන්ථය ගීතාවයි. සියලු ග්‍රන්ථ වල රත්නය එය වේ. භාරතයෙහි ප්‍රධාන ග්‍රන්ථය වන එයින් තමයි ආදී සනාතන දේවතා ධර්මය, එනම්, සුර්ය වංශයේ, චන්ද්‍ර වංශයේ ධර්මයන් ස්ථාපිත වුයේ. එය සිදුවන්නේ සංගම යුගයේදීය. එයටයි මේලාව, එනම්, හමුවීම කියා කියන්නේ. මෙම කුම්භ මේලාව යනු ජීවාත්ම සහ පරමාත්මය අතර සිදුවන හමුවීම බව ඔබ තේරුම් ගන්නවා. එය සුන්දර සහ ඵලදායී හමුවීමකි. යකඩ යුගය ස්වර්ණමය යුගයට වෙනස් වෙනවා. ඒ නිසායි එයට ශුභදායක යුගය කියා කියන්නේ. ස්වර්ණමය යුගය රිදී යුගයට වෙනස් වෙද්දී රිදී යුගය තඹ යුගයට වෙනස් වෙද්දී එහි කලා අඩුවීමක් සිදුවෙනවා. දිගටම පාඩුවක් සිදුවෙනවා. එමනිසා, යහපත ඇති කරන්නෙකු අවශ්‍ය කරයි. එහි සම්පූර්ණ හානියක් ඇතිවන විට සැමට සෙත සැලස්වීමට පරම පියා පැමිණෙනවා. ඔබ ඔබේ බුද්ධිය පාවිච්චි කළ යුතුයි. නියත වශයෙන්ම සංගම යුගයේදී පරම පියා සැමටම සෙත සලස්වන්න පැමිණෙනවා. සැමටම සත්ගතිය ප්‍රදානය කරන්නේ පරම පියායි. ජීව සැවොම තඹ යුගයේ පැමිණෙන්නේවත් ස්වර්ණමය යුගයේ හෝ රිදී යුගයේ පැමිණෙත්වත් නැත. එබැවින් පරම පියාගේ පැමිණීම සිදුවන්නේ අවසානයේ සියලු ජීවාත්මයන් පහළට පැමිණීමෙන් පසුවයි. පරම පියා ඇවිත් ඉවසීම දෙනවා. දරුවන් කියයි: බාබා, මේ පරණ ලෝකයේ බොහෝ සේ ඇත්තේ දුකයි. ඒ නිසා, අපව ඉකමණින් මුදවාගන්න. පරම පියා කියයි: නැහැ දරුවනි! මෙම නාටකය කලින් නියම කර තිබෙන්නක්. ඔබට දූෂිත වුවන්ව එසැනින් උසස් බවට වෙනස් කළ නොහැකියි. ඔබේ බුද්ධියෙහි විශ්වාසය වඩවා ගෙන පසුව උත්සාහ කරන්න. තත්පරයෙන් ජීවන් මුක්තිය ලැබීම සත්‍යයි. ඔබ දරුවකු වූ සැනින්ම එහි අර්ථය ඔබ උරුමයට හිමිකම ලැබුවා යන්නයි. කෙසේ වෙතත්, එහි තත්ත්වය තවමත් අනුපිළිවලිනුයි තිබෙන්නේ. උසස් තත්වයක් ලබාගැනීම සඳහා ඔබ උත්සාහ කරන්නත්, ඉගෙන ගන්නත් ඕන. කර්මාතීත් තත්වය එසැණින් ලැබෙන එකක් නොවෙයි. එවිට ඔබට ශරීරය අත්හරින්නයි වෙන්නේ: නීතිය එය නොවෙයි. ඔබට මායා සමග ඉතා හොඳින් සටන් කිරීමට ඇත. මායා සමඟ සටන වසර 8ක් 10ක් හෝ 15ක් පවා තිබේ. ඔබේ සටන මායා සමඟයි. එසේම පරම පියා මෙහි සිටින තාක් ඔබේ සටන පවතීවි. මායා ජයගත්තන්ගේ ප්‍රතිඵලය සහ සෑම දෙනාම කොපමණ දුරට සිය කර්මාතීත් තත්වයට පත්ව සිටීද යන්න අවසානයේදී හෙළිදරව් වේ. පරම පියා කියන්නේ: හැකිතාක් සාම දනව්ව වූ ඔබේ නිවහත එනම්, ශබ්දය අභිබැවූ දේශය සිහිපත් කරන්න. ඔය දරුවන්ට දැන් ඔබේ බුද්ධිය තුළ සතුට ඇත. ඔය දරුවන් මේ නාටකය නිර්මාණය වූ ආකාරය දනී. තුන් ලොව පිළිබඳවත් ඔබ තේරුම් ගෙන ඇත. මෙය අන් කිසිවෙකුගේ බුද්ධියෙහි නොමැත. බාබාත් බොහෝ ආගමික පොත් අධ්‍යයනය කර ඇත. එවිට ඔහුගේ බුද්ධියේ මේවා නොතිබුණි. ඔහු ගීතා ආදියත් හදාරා ඇත. එනමුත් ඈත එපිට දේශය වූ පරම දනව්ව අපගේ වාසස්ථානය බව ඔහුගේ බුද්ධිය තුළ නොතිබුණි. බාබා, පරමාත්ම පියා පරම දනව්වේ වාසය කරන බව ගැන දැනගන්න ලැබුණේ දැනුයි. ඔහුව සැවොම සිහිපත් කරන්නේ ඕ පාරිශුද්ධකරුවාණනී! එන්න. ආපසු නිවසට කිසිවෙකුටත් යා නොහැක. එය හරියට අවුල් ජාලයක් මෙනි. කොතැනට ගියත් මඟ ඇහිරෙයි. අරමුණට යා නොහැකියි. විඩාපත්ව ඔවුන් අඩා වැළපෙයි: අහෝ යම් කෙනෙක් අපට මාර්ගය පෙන්වන්න! ඔවුන් වේද, ග්‍රන්ථ කොපමණ හදාරා තිබුණත් කොපමණ වන්දනාවේ ගියත් තවමත් ඔවුන් යා යුතු තැන නොදනී. අහවල් අහවල් අය ආලෝකයට මුසු වුණා කියා නිකම්ම කියති. පරම පියා පැහැදිලි කරනවා: කිසිවෙකුටත් ආපසු නිවසට යා නොහැක. නාටකය අවසන් වන වේලාව එනවිට, සියලු නළුවත් වේදිකාව මතට ආ යුතු වේ. නීතිය මෙයයි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිටින්ම වේදිකාව මත පෙළට සිටී. ඔවුන් තම මුහුණු පෙන්වා පසුව එම ඇඳුම ගළවා දමා නිවසට දිව යති. පසුව නැවතත් එම චරිත කොටසම කරති. මෙය අසීමිත නාටකය වේ. ඔබ දැන් ජීව අවධානයට පත්ව සිටිනවා. ඔබ වටහාගත්තා: ජීවාත්මයක් වූ මා මේ ශරීරය අතහැර තව එකක් ගන්නවා. සැවොම යළි උපදී. උපත් 84 තුළ නම් 84ක් ලබනවා. මෙම නාටකය දැන් අවසන් වෙයි. සැවොම ඇවිත් සිටින්නේ පිරිහුණු තත්වයටයි. යළි ඒ ආකාරයටම සිදුවෙනවා. යළිත් වරක් ඉතිහාසය සහ භූගෝලය ඒ ආකාරයෙන්ම සිදුවේවි. ඔබ දැන් ඔබේ චරිත කොටස් අහවර වී නිවසට යන්නට සිටින බව තේරුම් ගත්තා. පරම පියාගේ නිර්දේශ සුළු නොවේ. පාරිශුද්ධකරුවා වූ පරම පියා මෙහි අසුන්ගෙන පැහැදිලි කරයි:දරුවනි, මා ඉතා පහසු ක්‍රමයක් දැන් ඔබට පෙන්වන්නම්. ඔබ ඉඳිමින් හෝ ඇවිදිමින් සිටියත් ඔබේ හද තුළ ඔබ නළුවන් බවත්, උපත් 84ක් සම්පූර්ණ කළ බවත් අවබෝධය තිබෙද්දෙන්. අපව ලස්සන කරන්නට සහ මනුෂ්‍යයා දේවත්වයට වෙනස් කිරීමට දැන් පරම පියා ඇවිත් සිටී. අප පෙර අනන්ත වාරයක් අපවිත්‍ර බවින් පවිත්‍ර බවට පත්වී තිබෙනවා. තවද, දිගටම එසේ වේවි. මේ ඉතිහාසය සහ භූගෝලය නැවතත් සිදුවෙනවා ඇත. මුලින්ම එම දේවතා ධර්මය ඒවි. එහි පැළය දැන් පැළ කර ඇත. අප අදෘෂ්‍යමානතයි. අපට තිබිය හැක්කේ මෙම උත්සවද ? අභ්‍යන්තරිකව අපට දැනුම ඇත. එසේම සතුට අත්විඳිනවා. අපගේ දේවතා ධර්මයේ ශාක පත්‍ර දැන් නරක් වී ඇත. එනම්, ඔවුන්ගේ ධර්මය සහ කර්මය දූෂිත වී ඇත. භාරත වැසියන්ගේ ධර්මය සහ කර්මය අති උසස්ව තිබුණි. එහිදී මායා ඔවුන්ට පාපයන් කෙරෙව්වේ නැත. එහි රාවණට ආ නොහැකියි. එය පිවිතුරු පුණ්‍යාත්මයන්ගේ ලෝකයයි. ඔවුන්ගේ ක්‍රියා ස්වභාවික ක්‍රියා විය. පසුව රාවණ රාජ්‍යයේ ක්‍රියා පව්කාර වීමට පටන්ගත්තා. එහි පාප ක්‍රියා තිබිය නොහැක. ඔබ දරුවන් යෝග බලයෙන් සහ ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් ලොවට අධිපතීන් වුණා. භෞතික බලයෙන් ලොවට අධිපතීන් විය නොහැක. ඔවුන් එක් වුවොත් නම් ලෝක අධිපතීන් විය හැකි නමුත්, එය නාටකයේ කොටසක් නොවන බව ඔබ වටහාගෙන ඇත. බළලුන් දෙදෙනෙක් වෙඬරුවලට රණ්ඩු වෙද්දී ඒ අතරේ වඳුරෙක් එය අරගත්තා යැයි පෙන්වා ඇත. ක්‍රිෂ්ණාගේ කටේ වෙඬරු තිබෙන ආකාරයේ දර්ශත ඔබට ලැබී ඇත. ලෝක අධිරාජ්‍යය යන වෙඬරුයි ඔහුට ලැබෙන්නේ. එම සටන යාදව සහ කෞරව අතරේ සිදුවෙයි. දැන් මෙය සිදුවන බව ඔබට පෙනෙනවා. ඔවුන් පුවත් පතක යම් අපරාධයක් යම් කෙනෙක්ට එරෙහිව සිදුවුණා යැයි කියවූ පමණින් එසැණම එහි ගොස් කවුරු හෝ කෙනෙක්ව මරා දමති. භාරතයෙහි පටන් ගත්තේ එක් ධර්මයයි. අනෙකුත් සියලු ධර්මයන්ගේ රාජ්‍යයන් පැමිණියේ කෙසේද? ක්‍රිස්තියානීත් ඉතාමත් ප්‍රබල විය. ඒ නිසායි ඔවුන් පාලනය කළේ. ඇත්ත වශයෙන්ම සමස්ථ ලොවම යටත් කළේ රාවනයි. මෙය ගුප්ත විෂයකි. මේ දේවල් පොත්පත් වල සඳහන් වී ඇත. පරම පියා පැහැදිලි කරනවා: අඩ කල්පයක් පුරා මේ පාපය තමයි ඔබේ සතුරන්. ඒවායෙන් ඔබ මුල සිට මැද සහ අග දක්වා දුකමයි ලැබුවේ. අන්න ඒ නිසා තමයි. සන්යාසීන් මෙසේ කියා ඇත්තේ: සතුට කපුටු පැහැරීමක් වැනියි. ඒ කෙසේ වෙතත්, දිව්‍යලෝකයේ අඛණ්ඩ සතුට ඇති බව ඔවුන් දන්නේ නැහැ. භාරත ජනයා මෙය දනී. ඒ නිසායි ඔවුන් යමෙක් මිය ගියවිට ඔහු දිවංගත වුණා කියන්නේ. දිව්‍යලෝකය ගැන ප්‍රශස්ති බොහෝ ඇත. එමනිසා, මෙය නියත වශයෙන්ම නාටකයකි. කෙසේ වෙතත්, ඔබ යම් කෙනෙකුට කීවොත් ඔහු ඉන්නේ අපායේ කියා ඔහු කලබල වෙයි. ඒක මහ පුදුම දෙයක්! ඔවුන්ගේ කටින්ම යම් කෙනෙක් දිවංගත වුණායි කියනවා, එහි තේරුම ඔහු අපාය හැර යෑමයි. කෙසේ වෙතත්, ඇයි එසේ නම් ඔහුව කැඳවා අපායේ ආහාර කවන්නේ? දිව්‍යලෝකයේ ඔවුන් සිටී නම් අවැසි සියලු වස්තු ඔවුන්ට තිබේ! මෙහි තේරුම ඔබට විශ්වාසය නොතිබෙන බවයි. දිව්‍යලෝකයේ තිබෙනා දේවල් ඇතැම් දරුවන් දර්ශන දැක ඇත. බලන්න මේ අපායේ මිනිස්සු කරන දේවල්. පුතෙක් තම පියාව මරන්නත් පසුබට වෙන්නේ නැහැ. බිරිඳක් අන් කෙනෙකුට පෙම් කරන්නේ නම් ඇගේ සැමියාව මරන්නත් ඇය නොපැකිළෙයි. එක් පැත්තකින් ඔවුන් භාරතයට ගිය කල. "අද කාලේ මිනිස්සුන්ට කුමක් වෙලාද?" කියා ගයයි. තවත් පැත්තකින්: "අපගේ භාරතය රන් මෙන් උතුම්ය" කියා ගයති. භාරතය තමයි හොඳම, නමුත් දැන් තිබෙන්නේ එය නොවෙයි: දැන් එය දරිද්‍රතාවයෙන් පිරී ඇත: එහි ආරක්ෂාවක් නැත. අප යක්ෂ සමුහයට අයිති වුණා, දැන් බාබා ඇවිත් අපව දේව සමූහයට අයත් වීමට උත්සාහ කිරීමට පුබුදු කරවයි. මෙය අළුත් දෙයක් නොවේ. අප සෑම චක්‍රයේම සංගමයේ අපගේ උරුමය නැවත වරක් ලබනවා. පරම පියා ඔබේ උරුමය ලබාදෙන්න එනවා. එහෙත් මායා ඔබට සාප කරයි. ඇය ඉතා බලවත්! පරම පියා කියනවා: මායා, ඔබ ඉතා ප්‍රබලයි! ඔබ හොඳ අයව වට්ටනවා. එම හමුදාවේ ඔවුන් මරන්න හෝ මැරෙන්න බිය නොවෙති. ඔවුන්ට තුවාල වුණත් නැවතත් යුධ පිටියට යති. එය ඔවුන්ගේ වෘත්තීය රාජකාරියයි. ඔවුන්ට තෑගිත් ලැබෙයි. ශිව් බාබාගෙත් ඔබ බලය ලබා මායා ජයගනී. ශිව් ශක්ති සේනාව ඔබයි. මව්වරුන් ඉදිරියේ තබා "මව්වරුන්ට නමස්කාර" කියා කීවේ කවුද? පරම පියායි. හේතුව ඔබ පියාට ඔබව භාරකළා. බාබා සතුටු වන්නේ යම් කෙනෙක් ඉතා දැඩි ලෙස නොසැලී සිටිනවා නම් තමයි. මීට අංගද් ගේ උදාරණය ඇත. රාවනට ඔහුව සොලවන්න බැරි වුණා. මෙය අදාළ වන්නේ අන්තිම කාලයටයි. ඔබ එම ස්ථිතියට අවසානයේදී පත්වේවි. එවෙලෙහි ඔබ අප්‍රමාණ සතුට අත්විඳීවි. විනාශය සිදුවන තෙක්ම, පොළව පාරිශුද්ධ වන තෙක්ම, දේවතාවරුන්ට මෙහි පැමිණිය නොහැක. මේ පිදුරු ගොඩ නිසැකවම ගිනිබත් වේවි. සියලු ජීවාත්මයන් තම කර්ම ගිණුම් පියවා ආපසු සුමිහිරි නිවහනට මදුරු රෑනක් සේ යා යුතු වෙනවා. මදුරුවෝ කෝටි ගණන් මැරෙයි. මෙන්න මේ නිසායි. රාමා ගිය විට රාවනත් ගියා කියන්නේ. සැමටම ආපසු යන්න වෙනවා. ඉන් අනතුරුව ඔබ නව ලොවට යනවා ඇත. එකල සිටින්නේ ඉතා සුළු පිරිසකි. මේවා වටහාගත යුතු කරුණු වේ. එසේ ඔබට එහි විශ්වාසය තිබෙන්න ඕන. මේ දැනුම දිය හැක්කේ බාබාට පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ඉඳගෙන සිටියත්, ගමන් කරමින් සිටියත්, තමා නළුවෙක් යැයි සලකන්න. ඔබ දැන් උපත් 84ක කොටස් සම්පූර්ණ කර තිබෙන බවත්, නිවසට යා යුතු බවත් ඔබේ හදවත සිහිපත් කෙරෙත්වා. ජීව අවධානයට පත්වන්න.

2. ඔබේ බුද්ධියෙහි විශ්වාසය තබා කටු බවින් මල් බවට වෙනස් කිරීමට උත්සාහ කරන්න. ඔබේ, මායා හා ඇති සටනෙන් ජයග්‍රාහී වී කර්මාතීත් වන්න. ඔබේ නිවහන හැකි පමණින් සිහිපත් කරන්න.

වරදානය:
පරමාත්ම පියා මෙන් ඔබ නොබැඳි සහ ළබැඳි වී සැහැල්ලු ස්ථිතියෙන් සෑම කාර්යයක්ම
සැහැල්ලු කරගන්න.

ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර යන ත්‍රිත්ව සුක්‍ෂම බලයන් සැහැල්ලු ලෙස අත්විඳීම සඳහා පරමාත්ම පියා මෙන් නොබැඳි සහ ළබැඳි වන්න. කාලයට අනුකූලව, පිටත වාතාවරණය තමෝප්‍රධාන් වීත් මානව ජීවාමයන්ගේ ආකල්ප බරපතල වීත් ඇත. පිටත වාතාවරණය බර වූ තරමට ඒ අනුවම, ඔබේ සිතිවිලි, ක්‍රියා හා සබඳතා ආදීන් නොකඩවා සැහැල්ලු වී තිබෙන්න ඕන. මෙම සැහැල්ලු බවින් ඔබේ සියලු කාර්යයන් නොකඩවා සැහැල්ලු වේවි. ඔබ මොනයම් වැඩ කටයුත්තක බලපෑමට හෝ ලක් නොවනු ඇත. පරම පියා හා සමාන වීමේ තත්වය මෙය වේ.

පාඨය:
"වාහ් රේ මේ" (අපුරුයි මගේ මහිමය) අලෞකික කුල්මත්භාවය පවත්වා ගන්න. එවිට ඔබේ මනස සහ සිරුර තොතව ස්වභාවික ලෙස නර්තනය කෙරේවි.