06.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමාට උගන්වන්නේ කවුදැයි කියා දැන ගනිමින් සෑම විටම සතුටින් සිටින්න. මෙයත් මන්මනාභව වීම වේ. ඊයේ ඔබට තිබුණේ ගල් බුද්ධියක් කියාත් අද වන විට එය දිව්‍යමය වෙමින් පවතිනවාය කියාත් ඔබ සතුටිනුයි සිටින්නේ.

ප්‍රශ්නය:
කෙනෙකුගේ වාසනාව අවදි වීමේ පදනම කුමක්ද?

පිළිතුර:
ශ්‍රද්ධාව: කෙනෙකුගේ වාසනාව අවදි වීමට කාලයක් ගත වෙනවා නම් ඔහු දිගින් දිගටම නොන්ඩි ගසමිනුයි යන්නේ. බුද්ධියේ ශ්‍රද්ධා විශ්වාසය ඇත්තන් ඉතාමත් හොඳින් ඉගෙන ගෙන ඉදිරියට පැන යනවා. කිසියම් හෝ දෙයක් සම්බන්ධයෙන් ඔබ ගැටළු ඇති කරගෙන සිටියහොත් පසුපසට වී සිටීමට සිදු වේවි. ශ්‍රද්ධාවන්ත බුද්ධියකින් නොනවත්වාම පියා ලඟට තරඟ කරන්නන් සතෝප්‍රධාන් වනු ඇත.

ඕම් ශාන්ති.
පාසලක දරුවන් ඉගෙන ගන්නා විට තම ඉගෙනීම අවසානයේදී තමන් කුමන තත්ත්වයක් ලබනවා ද කියා ඔවුන් දැනගෙන සිටිනවා. තමන් ස්වර්ණමය යුග දිව්‍යමය දේශයේ පාලකවරුන් වීමට යනවාය යන්න ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ගේ බුද්ධියට ඇතුලු වී තිබිය යුතුයි. ශරීරයේ සියළුම ඥාති සබඳතා අත්හළ දැමිය යුතුයි. දැන් අපි දිව්‍යත්වයේ ස්වාමින්, දිව්‍යමය දේශයේ පාලකවරුන් බවට පත්විය යුතුයි. මුළු දවස පුරාම මෙම සතුට තිබිය යුතුයි. දිව්‍යත්වයේ දේශය යනු කුමක්දැයි කියා ඔබට තේරෙනවාද? එහි සියළුම ගොඩනැගිලි ආදියත් සාදන්නේ රත්‍රං හා රිදී වලිනුයි. මෙහි ගොඩනැගිලි සාදන්නේ වැලි ගඩොල් වලිනුයි. ගල් බුද්ධියක් ඇතිව සිටි ඔබලා දැන් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙමින් සිටිනවා. දිව්‍යත්වයේ ස්වාමියා වන පරමාත්ම පියා පැමිණි විට පමණයි ඔහු ගල් බුද්ධීන් දිව්‍යමය බුද්ධීන් බවට පරිවර්තනය කරන්නේ මෙම පැසල තමයි ඉහළම ඉහළ පාසල මෙයට වඩා ඉහළ පාසලක් තවත් නොමැති බව මෙහි අසුන් ගෙන සිටිනා ඔය දරුවන් දන්නවා. මෙම පාසැලේදී ඔය දරුවන් මල්ටි මිලියන ගණනක වාසනාවන්ත ලෝක පාලකවරුන් බවට පත්වෙනවා. එමනිසා ඔය දරුවන් මහත් වූ සතුටකින් සිටිය යුතුයි. ගල් දේශයෙන් දිව්‍යමය දේශයට ඔබ පා තබනා මෙය උසස්ම උසස්වූ සංගම් යුග කාලයයි. ඊයේ ඔබට තිබුණේ ගල් බුද්ධියක් වන අතර අද ඔබලා දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙමින් සිටිනවා. මෙම අවධානයේ ඔබ නිරන්තරයෙන් සිටිනවා නම් එයත් මන්මනාභව වෙනවා ගුරුවරුන් පාසලකට යන්නේ ඉගැන්වීමටයි. තමන්ගේ ගුරුවරයා පැමිණීමට නියමිත බව ශිෂ්‍යයින් තම හදවතින් දන්නවා. තමන්ගේ ගුරුවරයා වන්නේ පරමාත්ම දෙවියන්ම බවත් ඔහු ඔබව දෙව්ලොව පාලකවරුන් බවට පත් කරවන බව ඔය දරුවන් තේරුම්ගෙන තිබෙනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම පැමිණෙන්නේ සංගම් යුගයේදීයි. මිනිස්සු ඔහුට කන්නලව් කරනවා නමුත් ඔහු දැනටමත් පැමිණ සිටිනවාය කියා ඔබලා දන්නවා. මීට පෙර කල්පයේ දීත් එය ඒ ආකාරයෙන්ම සිදු වුණා. විනාශය සිදු වන මොහොතේදී සෙනෙනෙහසින් තොර බුද්ධින් ඇතිව සිටි අය ගැන ලියැවී තිබෙනවා. ඒ ඔවුන්ගේ බුද්ධිය එකළ ගල්ව තිබුණු නිසායි. ඔබලාට ඇත්තේ විනාශය සිදුවන මොහොතේ දී සෙනෙහස ඇති බුද්ධීනුයි. ඔබගේ බුද්ධීන් දැන් දිව්‍යමය වෙමින් පවතිනවා. ඉතින් මෙය ඉක්මනින්ම පහදා ගත හැකි ආකාරයේ දක්ෂ ක්‍රම වේදයක් නිර්මාණය කර ගත යුතුයි. බොහෝ අයව මෙහි රැගෙන පැමිණියත් ශිව් බාබා බ්‍රහ්ම බාබා හරහා උගන්වන්නේ කෙසේද ඔහු මෙහි පැමිණෙන්නේ කෙසේද කියා ප්‍රශ්න අස අසා ඉදීම පමණයි ඔවුන් කරන්නේ. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. බොහෝ දෙනා මධ්‍යස්ථාන වලට පැමිණෙනවා. එමනිසා, ඔවුන්ගේ බුද්ධියත් ශ්‍රද්ධාවන්ත බුද්ධියක් විය යුතුයි නේද? ශිව් දෙවියන් කතා කරනවා කියාත් සියළුම ජීවාත්මයන්ගේ පියා ශිවා කියාත් ඔවුන් සෑම කෙනෙක්ම කියනවා. ක්‍රිෂ්ණාට සැමගේම පරම පියා කියා කියන්නේ නැහැ. මේ ගැන කලබල වීමට කිසිම කාරණයක් නැහැ. කෙසේවෙතත්, කෙනෙකුගේ වාසනාව අවදි වීමට කාලයක් ගත වෙනවා නම් ඔහු දිගටම කොර ගසමිනුයි යන්නේ. අඩුවෙන් ඉගෙන ගන්නා අය ගැන කියනා විට කියන්නේ. ඔවුන් නොන්ඩි ගසමින් යන අය කියලයි ගැටළු සහගතව සිටිනා අයට පසුපසට වී සිටීමට සිදු වෙනවා. ශ්‍රද්ධාවන්ත බුද්ධියකින් හොඳින් ඉගෙන ගන්නා අයට දිගු පිම්මක් පැන ඉදිරියට යා හැකියි. සියල්ල ඉතාමත් සරළව පහදා දී තිබෙනවා. මෙය හරියට කුඩා දරුවන්ගේ දුවන තරඟයක් වගේයි: ඔවුන් කණුවක් ලඟට දිව ගොස් එය අල්ලා නැවතත් පටන් ගත්ත තැනට දිව ගෙන එනවා. පරමාත්ම පියා කියනවා, ඔබලාත් ඔබගේ සිහිය. බුද්ධියෙන් ඉක්මණින්ම පරමාත්ම පියා ලඟට දුවගෙන ගියා නම් ඔබ සතෝප්‍රධාන් වේවි. ඇතැම් අය මෙහි පැමිණි සැනකින්ම සියල්ල හොඳින් තේරුම් ගන්නවා. ඊතලය හරියටම ඔවුන්ට වැදෙනවා නමුත් මෙතැනින් එළියට ගිය සැනකින්ම සියල්ල අතුරුදහන් වී යනවා. බාබා ඔබට ඥාන එන්නත දෙනවා. එමනිසා ඔබගේ කුල්මත් බව ඉහළ නැගිය යුතුයි. කෙසේවෙතත්, ඒ කුල්මත් බව ඉහළ යන්නේ නැහැ. ඥාන අමෘතයෙන් එක් වීදුරුවක් ඔබ මෙහිදී පානය කළොත් එය ඉක්මනින්ම ඔබ තුළ විශාල බලපෑමක් ඇති කරවනවා. නමුත් මෙතැනින් පිට වුණු ගමන් සියල්ල හමාරයි. ඥාන සාගරය පාරිශ්‍රද්ධකරු, සැමට විමුක්තිය ලබාදෙන්නා, ගැළවුම්කරු වන්නේ එකම එක පරමාත්ම පියා බව ඔය දරුවන් දන්නවා. ඔහු ඔබට සියල්ල උරුම කර දෙනවා. ඔහු කියනවා: දරුවනි, ඔබලාත් පිරිණු සාගර විය යුතුයි. මා තුළ තිබෙන සියළුම ඥානය ඔබත් ග්‍රහණය කර ගත යුතුයි. තමාගේම කියා ශරීරයක මත් බවක් ශිව බාබාට නැහැ. පරමාත්ම පියා කියනවා: දරුවනි මම සැම විටම සිටින්නේ නිහඬවයි. ඔබත් ශරීරයකින් තොරව සිටි කළ එවන් මත් වීමක් තිබුණේ නැහැ. එය තමාට අයති දෙයක් කියා ශිව් බාබා කවදාවත් කිව්වේ නැහැ. මෙම ශරීරය ණයට ගත්තක්, ණයට ගත් කිසිම දෙයක් තමාට අයිති කර ගත නොහැකියි. මම මෙයට ඇතුළුවී ඇත්තේ සේවය කිරීම සඳහා කෙටි කාලයකටයි. ඔය දරුවන් දැන් නිවහන බලා යායුතුයි. ඔබ පරමාත්ම පියා මුණ ගැසීමට දිවගෙන ආ යුතුයි. මිනිස්සු යාගහෝම පවත්වා තපස් රකිනවා. නමුත් දෙවියන් සොයා ගත හැක්කේ කෙසේදැයි කියා ඔවුන් අවබෝධ කර ගෙන නැහැ. දෙවියන් කුමන හෝ ස්වරූපයකින් පැමිණෙයි කියා ඔවුන් විශ්වාස කරනවා. පරමාත්ම පියා සෑම දෙයක්ම ඉතමත් පහසුවෙන් විස්තර කර කියා දෙනවා. ඔබටත් පුළුවනි ප්‍රදර්ශන වැඩසටහන් වලදී පැහැදිලි කර කියා දෙන්න. ස්වර්ණමය යුගයේ හා රිදී යුගයේ කාල පරාසය ගැන සටහන් වී තිබෙනවා වසර 2500 වන තෙක් එය නිවැරදිවම ලියැවී තිබෙනවා. සූර්ය වංශයෙන් පසුව චන්ද්‍ර වංශය පැමිණෙනනවා. පසුව රාවණ රාජ්‍යය ඇරඹී භාරතය අපිරිසිදු වෙන්න පටන් ගන්නේ කෙසේදැයි කියා පෙන්වා දී තිබෙනවා. රාවණ රාජ්‍යය ඇත්තේ තඹ යුගයේ හා කලි යුගයේයි. ඒ කාලයේ දින වකවානු සියල්ල මෙහි සටහන් වී තිබෙනවා. ඉහළින්ම හරි මැදින් සංගම් යුගය පෙන්වා තිබෙනවා. එයටත් රථාචාර්යවරයෙක් සිටිය යුතුයි. පරමාත්ම පියා මෙම රථයට ඇතුළු වී ඔවුන්ව ලක්ෂ්මි හා නාරායන් කරවනා රාජයෝගාව උගන්වනවා. ඕනෑම කෙනෙකුට මෙය පහදා දීම ඉතාමත් පහසුයි. ලක්ෂ්මි නාරායන් වංශය කෙතරම් කාලයකට පවතිනවාද? අන් සෑම වංශයක්ම සීමිත වන අතර මෙය සීමා රහිතයි. මෙම අසීමිත ඉතිහාසය හා භූගෝලය ගැන සෑම කෙනෙක්ම දැන ගෙන සිටිය යුතුයි. දැන් මේ ඇත්තේ සංගම් යුගයයි. දේවතා රාජ්‍යය ස්ථාපනය වෙමින් පවතිනවා. මෙම ගල්දේශය පැරණි ලෝකය විනාශ වී යා යුතුයි. විනාශය සිදු වූයේ නැති නම් නව ලෝකයක් ස්ථාපනය වන්නේ කෙසේද? මිනිස්සු නව දිල්ලියක් ගැන කතා කරනවා. කවදාද එය නව දිල්ලියක් වන්නේ කියා ඔය දරුවන් දන්නවා. නව දිල්ලියක් ඇති වන්නේ නව ලෝකයේ දියි. යමුනා නදිය අසබඩ මාළිගා තිබුණා කියා මිනිස්සු සඳහන් කර තිබෙනවා. එය හඳුන්වන්නේ නව දිල්ලිය කියලයි. දිව්‍යත්වයේ දේශය ලක්ෂ්මි හා නාරායන් ගේ රාජ්‍යය ස්වර්ණමය යුගයේ නව අධිරාජ්‍යය අයිති වන්නේ ලක්ෂ්මි හා නාරායන්ටයි. නාටකය ඇරඹෙන්නේ කවදාදැයි යන්න මිනිස්සුන්ට අමතක වෙලා. ප්‍රධාන නලුවන් කවුරුන්ද යන්නත් දැන ගත යුතුයි. නළුවන් ගණනාවක් සිටිනවා. මෙන්න මේ නිසා තමයි ඔබ ප්‍රධාන අය ගැන පමණක් දැන ගන්නේ. ඔබලාත් ප්‍රධාන නළුවන් වෙමින් සිටිනවා. ප්‍රධානම චරිත රඟදක්වන්නේ ඔබලායි. ඔබලා ආධ්‍යාත්මක සමාජ සේවකයින්ය. අන් සෑම සමාජ සේවකයෙක්ම භෞතිකයි. ඔබ ජීවාත්මයන්ට පහදා දෙන අතර ඒ ජීවාත්මයන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ ශරීරය කියලයි. මිනිස්සු හිතන්නේ ඉන්ද්‍රියන් හරහා ඉගෙනීමේ කාර්යය කරන්නේ ජීවයයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීවයක් වන මම නීතිඥවරයෙක් වෙමි. බාබා අපට උගන්වනවා. සංස්කාර පිහිටන්නේ ජීවාත්මයේයි. ඔබ එම සංස්කාර ගෙන ගොස් නව ලෝකය පාලනය කරනවා. ස්වර්ණමය යුගයේ තිබුණු අධිරාජ්‍යය දැන නැවතත් වතාවක් ඒ ආකාරයෙන්ම ආරම්භ වේවි. මේ සම්බන්ධයෙන් ඇසීමට දෙයක් නැහැ. ප්‍රධානම දෙය නම්: කිසිඳු විටෙක ශරීර අවධානයට පත් නොවන්න. තමා ජීවයක් බව සළකන්න. කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා. පියාව සිහි කරන්න. නැතිනම්, එක් පාපකාරි ක්‍රියාවක පාප බර සිය ගුණයකින් වැඩි වේවි. ඔබගේ ඇටකටු පවා මුළුමනින්ම තැලී පොඩිවී යාවි. මෙහිදී ප්‍රධානම දුර්ගුණය නම් කාම රාගයයි. ඇතැම් අය කියනවා. තමන් ගේ දරුවන් කරදරකාරී දරුවන් නිසා පහර දීමට සිදු වෙනව කියා. මේ සම්බන්ධයෙන් අහන්න දෙයක් නැහැ. ඒ පාපය එතරම් ගණනකට ගත යුතු ලොකු පාපයක් නොවෙයි. උපත් ගණනාවක පාප බර ඔබගේ හිස මත පැටවී තිබෙනවා. එමනිසා පළමුවෙන්ම අවම වශයෙන් ඒ පාප පුළුස්සා දමා ගන්න. පාරිශුද්ධ වීමේ ඉතාමත් පහසු ක්‍රමයක් පරමාත්ම පියා පෙන්වා දෙනවා. ඔබ පාරිශුද්ධ වන්නේ පරමාත්ම පියාව සිහි කිරීමෙනුයි. පරමාත්ම දෙවියන් ඔය දරුවන් අමතයි. ඔහු කියනවා: මම කතා කරන්නේ ඔය ජීවාත්මයන්ටයි වෙන කිසිම මිනිසෙකුට මේ දේවල් තේරුම් ගන්න බැහැ. ඔවුන් තමාව සලකන්නේ ශරීර ලෙසිනුයි. පරමාත්ම පියා කියනවා: මම පැහැදිලි කරන්නේ ජීවයන්ටයි. ජීවය හා පරමාත්ම ජීවය අතර හමුවක් සැමරෙන බව සටහන් වී තිබෙනවා. මෙහිදී කිසිම ශබ්දයක් නැගිය යුත්තේ නැහැ. මෙය ඉගෙනීමක් බොහෝ අය දුර ඈත සිට බාබා ලඟට පැමිණෙනවා. ශ්‍රද්ධාවන්ත බුද්ධියක් ඇති අය ඉදිරියට යන අතර දැඩි ආකර්ෂණයක් අත්දකීවි. තවම ඔබ කිසිම කෙනෙක්ට එතරම් ආකර්ෂණයක් නැහැ මන්ද ඔබලා පියාව සිහි කරන්නේ නැහැ. කෙනෙක් දුර බැහැරක් ගිහින් නිවස කරා පැමිණෙන විට තම ගෙදර දොර දරු මල්ලන් සිහි කරනවා. නිවසට පා තැබූ සැනකින් ලොකු සතුටකින් සෑම කෙනෙක්වම මුණ ගැසෙනවා. ඔහුගේ සතුට වැඩි වෙනවා. පළමුවෙන්ම ඔහු තම බිරිඳවත් පසුව දරුවන්වත් සිහි කරනවා. දැන් තමන් ගෙදර යන බවත් එහි සිටින්නේ පරමාත්ම පියාත් දරුවනුත් පමණක් බවත් ඔබලාට සිහිවෙනවා. කරුණු දෙකක් ගැන ඔබ සතුටු වෙනවා. ශාන්ත දේශය වන නිවහන වෙත යන ඔබලා ඉන් පසුව තම අධිරාජ්‍යය බලා යනවා. ඔබ කළ යුතු එකම එක දෙය නම් ස්මරණය පමණයි. පරමාත්ම පියා කියනවා: මන්මනාභව තමා ජීවයක් බව සළකා පරමාත්ම පියාවත් ඔබගේ උරුමයත් සිහි කරන්න. බාබා ඔය දරුවන්ව ලස්සන මල් බවට පත් කරවා තම ඇස් වල තබාගෙන ඔබලාව නිවහනට ගෙන යනවා. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. මදුරු රෑනක් පියාසර කර යන්නාක් සේ ඔය දරුවන් පරම පියා සමග ඉහළට පියඹා යාවි. පාරිශුද්ධ වීමට ඔබ පරමාත්ම පියාව සිහි කළ යුතුයි. නිවහන නොවෙයි. බාබාගේ බැල්ම පළමුවෙන්ම වැටෙන්නේ දිළිඳු දරුවන් වෙතටයි. බාබා දිළින්දන්ගේ ස්වාමියායි. ඔබලා සේවය කිරීමට ගම්මාන වලට යනවා. පරමාත්ම පියා කියනවා: මමත් පැමිණ ඔබගේ ගම දිව්‍යමය දේශයක් බවට පත් කරවනවා. දැනට මෙය අපායක්: එය පැරණි ලෝකයයි. එය අනිවාර්යෙන්ම විනාශ කර දැමිය යුතුයි. නව ලෝකයේ නව දිල්ලිය ඇති වන්නේ ස්වර්ණමය යුගයේදී පමණයි. එහි ඇත්තේ ඔබගේ අධිරාජ්‍යයයි. මීට පෙර කල්පයේ කළ ආකාරයෙන්ම තමන් දැන් නැවතත් වතාවක් තම රාජ්‍යය ස්ථාපනය කර ගනිමින් සිටිනවාය යන කුල්මත් බව ඔබලාට තිබෙනවා. අපි අර විදියට මේ විදයට ගොඩනැගිලි හදමු... යි කියා ඔබ කියන්නේ නැහැ. නැහැ එහෙ ගිය පසු නිකම්ම ඒවා සෑදීමට ඔබ පටන් ගනීවි. මන්ද ඒ කොටස ජීවාත්මය තුළ සනිටුහන් වී තිබෙනවා. මෙහි ඔබට කිරීමට ඇත්තේ ඉගෙනීම පමණයි. එහි ගිය පසු මාළිගා සෑදිය යුත්තේ කෙසේද කියා නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. මීට පෙර කල්පයේ කළ ආකාරයෙන්ම ඔබ ඒවා සෑදීමට පටන් ගනීවි. ජීවාත්මය තුළ මෙය කලින්ම සටහන් වී තිබෙනවා. සෑම කල්පයකදීම තමන් විසූ මාළිගාව ඔබ එහිදී සාදා ගනීවි. අළුතින් මෙහි පැමිණෙන අයට මේ කරුණු තේරුම් ගත නොහැකියි. තමන් මෙහි පැමිණෙන්නේ අළුත් කරුණු ඉගෙන ගෙන පණ ගැන් වී ආපසු යාමටයි කියා ඔබ තේරුම් ගෙන සිටිනවා. ඒ මතු වන අලුත් කරුණුත් නාටකයේ නියමිතව ඇති දේවලුයි. පරමාත්ම පියා කියනවා: දරුවනි මේ ගොන් කරත්තය උඩ හැම තිස්සේම වාඩි වී සිටීම මට කිසිම සතුටක් ගෙන නොදෙන්නක්. මම එන්නේ ඔය දරුවන්ට ඉගැන්වීමට පමණයි. මේ ගොනා උඩ මම හැම තිස්සේම වාඩි වී සිටින්නේ නැහැ. කාටවත් පුලුවන්ද එහෙම කරන්න. මුළු දවස පුරාම ? එන්නත් යන්නත් ඔහුට ගත වන්නේ එක් තත්පරයක් පමණයි. දිගටම මෙහි සිටිය යුතුයි කියා ඔහුට නීතියක් නැහැ. බාබා එතරම් දුර සිට පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. ඒ ඔහුගේ නිවහනයි. ඔහු මුලු දවස පුරාම මෙම ශරීරය තුළ අසුන් ගෙන සිටින්නේ නැහැ. ඔහුට එහි කිසිම සතුටක් නැහැ. එය කූඩුවක හිර කළ ගිරවෙක් වගේ වේවි. මම මෙම ශරීරය ණයට ගන්නේ ඔබට කරුණු කාරණා පැහැදිලි කර දීමට පමණයි. ඥාන සාගර බාබා තමාට ඉගැන්වීමට පැමිණෙන බව ඔබලා කියනවා. හිරිගඩු පිපෙන තරමේ සතුටක් ඔබට ඇති විය යුතුයි. ඒ සතුට කවදාවත් අඩු නොවිය යුතුයි. මේකේ අයිතිකරු මෙතැන හැම විටම සිටිනවා. එක ගොනෙක් උඩ මිනිස්සු දෙන්නෙක් හැම තිස්සේම වාඩි වී ඉඳීවිද? ශිව් බාබා ඉන්නේ ඔහුගේම දනව්වේයි. මෙහි පැමිණීමට ඔහුට එතරම් කාලයක් ගත වන්නේ නැහැ. රොකට්ටුවක් කෙතරම් වේගෙන් යනවාදැයි කියා බලන්න. එය ශබ්දයටත් වඩා වේගවත්. ජීවාත්ම සත්තාවක් කුඩා රොකට්ටුවක්. බලන්න ජීවයක් කෙතරම් වේගයෙන් පියඹා යනවාදැයි කියලා. එක් ක්ෂණයකින් එය මෙහි සිට ලන්ඩනයට යනවා. එක් තත්පරයකින් ජීවන මුක්තිය කියා සිහිකර තිබෙනවා. බාබාත් රොකට්ටුවක් ඔහු කියනවා: මා මෙහි පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. පසුව මම මගේ ගෙදර යනවා. මේ කාලයේදී මම හරිම කාර්ය බහුලයි. මම තමයි දිව්‍යමය දර්ශන පහළ කරන්නා. එමනිසා, මම මගේ බැතිමතුන්ව සැනසිය යුතුයි. ඔබට මම උගන්වනවා බැතිමතුන්ට අවශ්‍ය දර්ශන නැතිනම් ඔවුන් කුමන හෝ දෙයක් ඉල්ලා කන්නලව් කරනවා. වැඩියෙන්ම ඔවුන් ඉල්ලන්නේ ජගදම්බාගෙන්. ඔබලා තමයි ජගදම්බාවරුන්. විශ්ව මාතාවන් ලෝක අධිරාජ්‍යය ඔබ දන් දෙනවා. දුප්පචතුන්ට තමයි දන් දෙන්නේ. අපිත් දුප්පත්. ඉතින් ශිව් බාබා අපට ලෝක උරුමය දන් දෙනවා. වෙන කිසිම දානයක් නැහැ; ඔහු කියන්නේ: පරමාත්ම පියා සිහි කරන්න. ඔබගේ පාප දුරු වී ගොස් ඔබ ශාන්ත දේශය කරා යාවි. මා සිහිකරන්න. ඔබගේ ආයුෂ වැඩි වේවි කියා මා සහතික කරනවා. ස්වර්ණමය යුගයේ මරණයක් කියා දෙයක් ගැන සඳහන් වී නැහැ. එය අමරණියත්වයේ දේශයයි. එහි කිසිම මරණයක් පිළිබඳව සඳහනක් නැහැ. ඔවුන් එක් සමක් අතහැර තවත් එකක් ගන්නවා. එයට මරණයක් කියා කිව හැකිද? එය අමරණියත්වයේ දේශයයි. තමන් නැවතත් කුඩා බිළිඳෙක් වීමට බලාගෙන සිටිනවා. ස්වර්ණමය යුගයේදී තම දෙතොලේ රන් හැන්දක් තිබෙන බව ඔහු දන්නවා. මම තමයි පරමාත්ම පියාගේ බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු එකම එක පුත්‍ර රත්නය. පරමාත්ම පියා මාව භාර ගෙන තිබෙනවා. මම බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු පුත්‍ර රත්නයයි. එමනිසා, බාබා මට ගොඩාක් ආදරෙයි. ඔහු එක පාරටම මට ඇතුලු වෙනවා. මෙයත් සෙල්ලමක්. සෙල්ලමක සැම විටම ඇත්තේ සතුටක්. මෙම රථය තමයි ඉතාමත් වාසනාවන්තම රථය කියා ඔබලා දන්නවා. ඥානය දීමට ඥාන සාගරය ඇතුළු වෙනවා කියා කියන්නේ මෙම රථය සම්බන්ධයෙනුයි. ඔය දරුවන් එක් කරුණක් සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වෙනවා. ඒ ඔබට ඉගැන්වීමට පරමාත්ම දෙවියන් පැමිණෙනවා කියන කරුණයි. පරමාත්ම දෙවියන් දෙව්ලෝ රජ දහන ස්ථාපනය කරනවා. අපි ඔහුගේ දරුවෝ වෙමු. ඉතින් ඇයි අපි අපායේ ඉන්නේ ? මෙය කාගේවත් ඔළුවට ඇතුලු වන්නේ නැහැ. ලෝක පාලකවරුන් බවට පත්වීමට ඔබලා ඉගෙන ගන්නා නිසා ඔය දරුවන් ඉතාමත් වාසනාවන්තයි. එමනිසා, එවන් ඉගෙනීමකට ඔබලා මනා අවධානයක් යෙදිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බෙහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ගමන දැන් අවසන් වෙමින් පවතිනවාය යන ද්විත්ව සතුට සිතේ රඳවා ගන්න. පළමුව අපි අපේ ශාන්ත දේශයට ගොස් පසුව රජ දහනට පා තබමු.

2. ඔබගේ හිස මත ඇති උපත් ගණනාවක බර පුළුස්සා දැමිය යුතුයි. ශාරීරික අවදානයට ලක් වී කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා.

වරදානය:
ඔබ, ඔබගේ මනසින් මහා දානපතියෙක් වී, ඔබගේ මනසේ නිදහස තුළින් සියලු ජීවාත්මයන්ට සාමයේ දානය ලබා දෙත්වා.

ඒ මව්වරු භෞතිකව බන්ධන තුළ සිටියද, ඔවුන්ගේ මනසින් ඔවුන් සෑම විටම නිදහස්ය. එබැවින් ඔවුන්ගේ ආකල්ප සහ පිවිතුරු සිතිවිලි වලින් ඔවුන්ට ලෝකයේ වාතාවරණය පරිවර්තනය කිරීමේ සේවය සිදුකළ හැක. මෙකල, ලෝකයට මානසික ශාන්තිය අවශ්‍යයි තම මනසින් නිදහසේ සිටින ජීවයන්ට, තම මනසින් ශාන්තියේ චිත්ත තරංග පැතිරිය හැක. සාම සාගරය වන පරම පියාගේ සිහි කිරීමේ ඔබ සිටීමෙන්, ශාන්තියේ කිරණ ඉබේටම පැතිරෙයි. මේ අන්දමින් ශාන්තිය පතුරන අය, තම මනසින් මහා දානපතියන්ය.

පාඨය:
ඔබ සෙනෙහස් ස්වරූපයේ අත්දැකීම් පවසයි, නමුත් දැන් ශක්ති ස්වරූපයේ අත්දැකීම් පවසන්න.