06.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥානයේ මහා සාගරය වන පරම පියා සහ බ්‍රහ්මපුත්‍ර ගංගාව අතර ඇතිවන මෙම සංගමය, දියමන්තියක් වැනිය. ඔය දරුවන් මෙහි පැමිණෙන්නේ, සිප්පි කටු වලින් දියමන්ති බවට පරිවර්ථනය වීමටයි.

ප්‍රශ්නය:
ස්වර්ණමය යුග රාජධානිය ස්ථාපිත කරන්නේ කවදාද, කෙසේද?

පිළිතුර:
මුළු අපවිත්‍ර ලෝකයම පිරිසිදු වූ විට, එනම්, පැරණි ලෝකය විනාශ වූ විට, ස්වර්ණමය යුග රාජධානිය ස්ථාපිත වෙයි. ඔබ ඊට පෙර සූදානම් විය යුතුයි: ඔබ පිවිතුරු විය යුතුයි. එකදු අපවිත්‍ර පුද්ගලයෙක්වත් ඉතිරි නොවන විට, නව රාජධානි සමය ඇරඹෙයි. එම සමය මෙහිදි ආරම්භ නොවෙයි. ඒ වන විට රාධේ සහ ක්‍රිෂ්ණා උපත ගෙන ඇති නමුත්, එකල ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන්නේ නැත. එම සමය ආරම්භ වන්නේ ඔවුන් ලක්‍ෂ්මි සහ නාරායන ස්වරූපයෙන් රාජධානියේ සිංහාසනය මත අසුන් ගත් විටයි. එතෙක් ජීවාත්ම නොකඩවා පැමිණ පිටව යයි. මේ සියලුම දේවල් ආවර්ජනය කළ යුතුයි.

ගීතය:
මෙය ලෝකය අමතක කරන වසන්තයයි...

ඕම් ශාන්ති.
ඔය දරුවන් පැමිණියේ කොහාටද? ඥානයේ මහා සාගරයේ වෙරළට. ඇත්ත වශයෙන්ම ඔබ වාසය කරන්නේ ඥානයේ ගංගාවන්ගේ වෙරළේ වන අතර ඔබ දැන් ඥානයේ සාගරයේ වෙරළට පැමිණ ඇත. පැමිණියේ කවුද? ඥානයේ ගංගා. කවුරු වීම සඳහාද? සිප්පි කටු වලින් දියමන්ති බවට පරිවර්ථනය වීමට, එනම්, දුගී බවින්, හිසේ කිරුළ බවට පත් වීමට. බ්‍රහ්මා, බ්‍රහ්මපුත්‍ර වන අතර, ශිවා, ඥානයේ මහා සාගරයයි. මේ බ්‍රහ්මපුත්‍ර නදියයි. ඔහු දරුවෙකි. බ්‍රහ්මා, ශිවාගේ පුත්‍රයාය. ඔබලා මුනුපුරන් සහ මිනිපිරියන්ය. කල්කටාවේ, සාගරය සහ ගංගාවන් අතර ඉතා විශාල හමුවක් සිදුවෙයි: ගංගා නදිය, බ්‍රහ්මපුත්‍ර සහ සාගරය එතැන හමුවෙයි. වෙනත් ගංගාද බ්‍රහ්මපුත්‍ර නදිය තුළට මුසුවෙයි. ප්‍රධාන හමුව සිදුවන්නේ බ්‍රහ්මපුත්‍ර ගංගාව සහ සාගරය අතරයි. එය දියමන්ති වරාය ලෙස හැඳින්වෙයි. එම ස්ථානයට එම නම තැබුවේ බ්‍රිතාන්‍යයන් විසින්ය. ඔවුන්ට එහි අරුත කොහෙත්ම නොවැටහෙයි. ඔවුන් නිකමට එතැනට එම නම තැබුවා. පරම පියා එහි අරුත ඔබට විස්තර කරයි. මෙකල ඔබ පෞද්ගලිකවම බ්‍රහ්මපුත්‍ර සහ ඥානයේ සාගරය වෙතට පැමිණ සිටියි. ඔබ පෞද්ගලිකවම එහිදීද සාගරය වෙතට යන්නේ දියමන්ති බවට පත් වීමටයි. කෙසේවෙතත්, එය භක්ති මාර්ගය බැවින්, දියමන්ති බවට පත්වනවා වෙනුවට ඔබ ගල් බවට පත් වෙයි. මෙය ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර සංගමයයි. දෙදෙනාම සිටින්නේ එකටයි: එය අජීවි (සිහිවටනය) වන අතර මෙය ජීවමාන ස්වරූපයයි. මෙම කෙනාට ඕනෑම තැනකට යා හැක. එබැවින් බ්‍රහ්මපුත්‍ර සහ සාගරය යන දෙදෙනා, ජීවමාන ස්වරූපයෙන් ඒකාබද්ධ වී ඇති බව, ඔය දරුවන් සෑම විටෙකම වටහාගත යුතුයි. මෙය දියමන්තියක් වීමට ඇති සංගමයයි. ඔබ දියමන්ති මෙන් විය යුතුයි. මෙම කෙනා බ්‍රහ්මපුත්‍ර මෙන්ම දරුකමට හදාගත් ඥානයේ ගංගාවයි. මෙම ගංගා අප්‍රමාණයි. භාරතයේ බොහෝ ගංගා ඇති බව සෑම කෙනෙක්ම දන්නවා: මේවා අප්‍රමාණයි. ඔබට මෙම ඥානයේ ගංගාවල කෙලවරට ළඟා විය නොහැක. සාගරයෙන් ගංගා මතු වන්නේ මෙකල පමණයි. ප්‍රථමයෙන් බ්‍රහ්මපුත්‍ර මතුවන අතර ඉන්පසුව ඉන් අනෙක් කුඩා ගංගා මතුවෙයි. ඔබ දරණ උත්සාහයට අනුව ඔබ අංක පිළිවෙලට මෙය දනී. ඇතැමුන් විශාල වන අතර ඇතැමුන් කුඩාය. එම කෙනා සියලුම මනුෂ්‍යයන්ව දියමන්ති මෙන් කරවයි. සූර්ය වංශයේ අය පමණක් අධිරාජයන් සහ අධිරාජිනියන් වන බව නොකියයි: නැත. රජ සහ රැජින කෙබඳුද, මිනිසුන්ද එබඳුය. ඔබ සියලු දෙනාගේම ජීවිත, දියමන්ති මෙන් වෙයි. දිව්‍යලෝකය වෙනුවෙන් සුළු උත්සාහයක් දරණ අය පවා දියමන්ති මෙන් වෙයි. මෙම බ්‍රහ්මපුත්‍ර ගංගාව සහ සාගරය යන දෙදෙනාම එකට වාසය කරයි. ඔය දරුවන් මෙහි පැමිණි විට, ඔබ බාප්දාදා වෙතට පැමිණ ඇති බව ඔබට ඇතුලතින් වැටහෙයි. පරම පියා, ඥානයේ මහා සාගරය වන අතර ඔහු මෙම බ්‍රහ්මපුත්‍ර එනම්, බ්‍රහ්ම තුළට ඇතුළු වෙයි. ඔහු මෙම කෙනාගේ මාර්ගයෙන් ඔබව දියමන්ති මෙන් කරවයි. දැන් එය රඳා පවතින්නේ, ඔබ එක් එක් කෙනා කෙතරම් උත්සාහ දරන්නේද, එමෙන්ම කෙතරම් ශ්‍රීමත් අනුගමනය කරන්නේද, යන්න මතයි. ඔබ තව දුරටත් ජීවමානව සිටින අතර උත්සාහ දැරිය යුතු බවත් ඔබ දන්නවා. ඔබට මෙම ඉගැන්වීම් අඛන්ඩව ලැබෙයි. විනාශ කාලයේදි, විභාගයේ ප්‍රතිඵල මතුවෙයි. එක් අතකින් ප්‍රතිඵල නිකුත් වන අතර අනෙක් අතින් විනාශය ඇරඹෙයි. එවිට අසරණ බවේ විලාප ඇතිවෙයි, අහන්නවත් එපා! විනාශය සහ යුද්ධයට පෙර ඔබ සූදානම් විය යුත්තේ මේ නිසාය. දැන් කෙතරම් කාලයක් ඉතිරිව තිබෙන්නේද කියා ඔබට වැටහිය යුතුයි. ඔබගේ රාජධානිය ස්ථාපිත වන විට, සියල්ලම පිරිසිදු වී අවසන් වන බවත් ඔබ දන්නවා. ඔබ නොකඩවා පිවිතුරු වනවා. ඒ මිනිසුන් අපවිත්‍රයි. සියලුම අපවිත්‍ර අය විනාශ වෙයි. ඔවුන් තම කර්ම ගිණුම් පියවා ආපසු නිවසට යයි. එකදු අපවිත්‍ර පුද්ගලයෙක්වත් ඉතිරි නොවන විට, මෙම ලෝකය පිවිතුරු ලෝකය ලෙස හැඳින්වෙයි. මෙකල ඔබ පිවිතුරු නමුත් මුළු ලෝකයම පිවිතුරු නැත. එය නියත වශයෙන්ම පිවිතුරු වෙයි. විනාශය සිදු වූ පසුව, මුළු ලෝකයම පිවිතුරු වෙයි. එය නව ලෝකය ලෙස හැඳින්වෙයි. කෙනෙක් ඔබගෙන් නව ලෝක සමය ගැන විමසන විට, අධිරාජයා සහ අධිරාජිනිය සිහසුන මත අසුන්ගන්න විට, නව සමය ආරම්භ වන බව විස්තර කරදෙන්න. නව සමය ඇරඹෙන තුරු, පැරණි සමය අනිවාර්යෙන් තවමත් තිබෙයි. කාල වකවානුව මෙතැන් සිට ඇරඹෙන්නේ නැත. බ්‍රහ්මනයන් වන අප අළුත් වුවද, ලෝකය, එනම්, මිහිපිට සෑම දෙයක්ම අළුත් නැත. එය දැන් සංගමයයි. කලි යුගයට පසුව ස්වර්ණමය යුගය පැමිණිය යුතුයි. පළමුවන රාජකුමාරිය සහ රජකුමරා රාධේ සහ ක්‍රිෂ්ණා බව අප කියයි. ඒ වුවද එම කාලයේදී අප එයට ස්වර්ණමය යුගය, යැයි නොකියයි. රාධේ සහ ක්‍රිෂ්ණා සිටියා වුවද, ලක්‍ෂ්මි සහ නාරායන සිංහාසනයේ අසුන්ගන්නා තුරු, එක් හෝ තව ගැටුමක් දිගින් දිගටම තිබෙයි. බලන්න, මේ සියල්ල ආවර්ජනය කිරීමට ඇති කරුණුය. ස්වර්ණමය යුගය ඇරඹෙන විට, සමය ඇරඹෙයි, සූර්ය වංශයේ අහවල් කෙනාගේ සමය. රජකුමරා හෝ රාජකුමාරියගේ නමින් කිසි විටෙක සමයක් නොපැවතෙයි. අතරමැද කාලයේදී නොකඩවා පැමිණීම් සහ පිටවීම් සිදුවෙයි. අපිරිසිදු, අපවිත්‍ර මිනිසුන්ද ආපසු යා යුතුයි. මෙහි තවමත් ඉතිරිවී සිටින සුළු මිනිසුන් පිරිසක් සිටිවි. මෙහි ඉතිරී වී සිටින සියලුම දෙනාට, ආපසු නිවසට යාමට කලක් ගතවෙයි. මෙය පහදා දෙන්නේ කවුද? ඥානයේ මහා සාගරය විස්තර කර දෙන අතර බ්‍රහ්මපුත්‍ර ඥානයේ ගංගාවත් විස්තර කරයි: දෙදෙනාම එකට විස්තර කරයි. එම කුම්භයේ සංගමය, සෑම වසරකම සිදුවෙයි. මෙම කුම්භයේ සංගමය, සාගරය සහ ඥානයේ ගංගාවන් අතර සිදුවන්නේ සංගම යුගයේ පමණයි. ඔබ, මව සහ පියා වෙතට, ඥානයේ සාගරයට සහ විශාල ගංගාවට යන බව ඔය දරුවන් පවසයි. බාබා, මෙම විශාල ගංගාව සහ අනෙකුත් ගංගාවන්ගේ මාර්ගයෙන් අපට අපගේ උරුමය ලබා දෙයි, එනම්, ඔහු අපව දියමන්ති මෙන් කරවයි. මිනිසුන් බොහෝ සතුටින් සහ පිවිතුරුව කුම්භ මේලාවට යන අතර ඔවුන් එහි සිටින කාලය තුළදි, ඔවුන්ගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන්හි පිවිතුරුව රැඳී සිටියි. ඒවා භෞතික වන්දනා ගමන්ය. වන්දනාකරුවන් තමන්ට යහපතක් කරගැනීමට කැමතිය. වන්දනාකරුවන් තරමටම මගපෙන්වන්නන් යහපතක් අත්නොවිඳියි. මාර්ගෝපදේශකයන් යන්නේ මුදල් එකතු කරගැනීමට පමණයි. වන්දනාකරුවන් පමණටම ඔවුන්ට භක්තියේ හැඟීම් නොමැත. බැතිමතුන් පිවිතුරු හැඟීම් වලින් යන අතර ඔවුන්ගෙන් සමහරෙකුට දර්ශනද ලැබෙයි. අමර්නාත්හි හිමෙන් සැදි ලිංගමයක් තිබේ. ඔබ එය ඉදිරියට ගිය විට ඔබ දකින්නේ හිම පමණක්මයි. භක්තියේ හැඟීම් ඇති අය එය දුටු විට, එය ස්වභාව ධර්මයේ විශ්මයක් බව සිතමින් බොහෝ සතුටු වෙයි. ලිංගමය, හිමවලින් ඉබේටම සෑදෙන බවට විශ්වාසය මිනිසුන්ට තිබේ. කෙසේවෙතත්, එහි ඇති දෙයක් නැත. සත්‍ය වන්දනා ගමන ඔබ දැන් යන ගමනයි. දෙවියන් හමුවීමට මිනිසුන් බොහෝ සැරිසරා ඇති නමුත් ඔවුන්ට කිසි තැනක දෙවියන් හමු නොවුන බව මිනිසුන් සිතයි. ඔබට දෙවියන්ගේ ඡායාරූපයක් ගැනීමට නොහැකි බව, බාබා ඔබට විස්තර කර දී ඇත. ඔබ තිතක ඡායාරූපයක් ගන්නේ කෙසේද? විස්තර කිරීම සඳහා, ඔහු තරුවක් බව ඔබ පවසයි. නළල මධ්‍යයේ තරුව බැබලෙයි. සමහර දියණියන් නළල මැද තිලකයක් තබයි. ජීවාත්මයේ වාසස්ථානය තිබෙන්නේ නළලේ බව ඔවුන් අසා තිබේ, එබැවින් ඔවුන් එහි තරුවක් තබයි. සත්‍ය තිලකය එයයි. ආධිපත්‍යයේ තිලකය ඊට වඩා විශාල තිලකයකි. ඔවුන්ට ආධිපත්‍යයේ භෞතික තිලකය ලැබෙයි. ජීවාත්ම වන ඔබලාට ආධිපත්‍යයේ තිලකය දැන් ලැබෙන බවට ඥානය, ඔය දරුවන්ට ඇත. පරම පියා, පරමාත්ම ජීවයගෙන් ඔබට දැන් ආධිපත්‍යයේ තිලකය හිමිවන බව, ඔය ජීවාත්මයන්ට වැටහෙයි. ඔවුන් නළල මැද ඉතා අලංකාර තිලකයක් තබයි: ඔවුන් රත්තරනින් පවා තිලක තබයි. ඔබට දැන් සියලුම ඥානය ලැබී තිබේ. තාරකා වන අප, දැන් දියමන්ති මෙන් වනවා. ජීවාත්ම වන අප, තරුය. පරම පියා, පරමාත්ම ජීවය ද ඒ හා සමාන, කුඩා තරුවකි. කෙසේවෙතත්, ඔහුට සියලුම ඥානය තිබේ. මේවා ඉතා ගැඹුරු කරුණුය. ඔබට දැන් ඥානය ලැබී තිබේ, එනම්, ඔබට අවබෝධය ලැබී තිබේ. ඔබ, පරම පියා, පරමාත්ම ජීවයගේ ස්වරූපය දැක, වටහාගෙන තිබේ. ඔබට ජීවාත්මයක දර්ශන ලැබෙන ආකාරයෙන්ම ඔබට පරමාත්ම ජීවයේද දර්ශන ලැබෙයි. ඔහු මෙසේ පවසනු ඇත : මාද ඔබ වගේමයි. පියාගේ දර්ශන ලැබීමට දරුවන්ට අවශ්‍ය වන්නේ ඇයි? ජීවාත්මයක් වඩා විශාල හෝ කුඩා නැත. ඔබ කෙබඳුද, පරම පියාද එවැනිය: ප්‍රශංසාව සහ චරිත කොටස පමණක් වෙනස්ය. ඔහුගේ චරිත කොටස අසහායයි, අන් සෑම කෙනෙකුටම වඩා මුළුමනින්ම වෙනස්ය. කිසිදු ජීවාත්ම දෙකකට, එකම චරිත කොටස නොමැත. නළුවන් දෙදෙනෙකුට එකම චරිත කොටස තිබිය නොහැක. මෙය දෙවියන්ගේ ආශ්චර්යය ලෙස හැඳින්වෙයි. ඇත්ත වශයෙන්ම එය නාටකයේ ආශ්චර්යය ලෙස හැඳින්විය යුතුයි මන්ද, ඔහු නාටකය නිර්මාණය කළ බව, බාබා පවසන්නේ නැත. එසේ නැතිනම්, මෙම ප්‍රශ්නය පැන නගිනු ඇත: එය නිර්මාණය වූයේ කවදාද? මෙය ස්වභාවධර්මයේ විශ්මය ලෙස හැඳින්වෙයි. මෙම චක්‍රය බ්‍රමණය වන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ජීවාත්ම, තාරකා වන අතර ඔවුන්ට ඉතා විශාල චරිත කොටස් තිබේ. පරම පියා, පරමාත්ම ජීවය සර්ව බලධාරියාය, ලෝක සර්ව බලධාරියාය. ඔහු ඥානයේ මහා සයුර ලෙස හැඳින්වෙයි. මෙහි කිසිවෙකු, ඥානයේ මහා සයුර ලෙස හැඳින්විය නොහැක. වේද සහ ග්‍රන්ථ හදාරන අය, ශාස්ත්‍රයන්හි දැනුම පමණක් ලබා දෙයි. පරම පියාට තිබෙන ඥානය වෙනත් කිසිවෙකුට නොමැත. පැමිණ, පහසු රාජයෝගාවේ ඥානය කියා දෙන්නේ, පරමාත්ම දෙවියන් පමණයි. ඥානයේ සාගරය ලෙස හැඳින්වෙන්නේ ඔහු පමණයි. එබැවින් මෙය ගංගාවන්හි සංගමයයි. ගංගා මතුවන්නේ සාගරයකින් වන බවත් ඔබට වැටහෙයි. සමහර දරුවන් මෙයවත් නොදනී. ඒ ආකාරයෙන්ම ඔබ පවසන දේවල් කිසිවෙකුට නොවැටහෙයි. ඥානයේ සාගරය පැමිණෙන්නේ කෙසේද? ඥානයේ ගංගාවන්ට ඔහුගෙන් ඥානය ලැබෙන්නේ කෙසේද? මේවා ඥානය පිළිබඳ කාරණාය. වෙනත් අයගෙන් අසා ඇති බොහෝ දේවල් මිනිසුන්ගේ බුද්ධිය තුළ තිබෙන නිසා, ඔවුන්ට සත්‍යය පිළිබඳ අවධානයක් නැත. ඔබ දැන් එම සාගරය මෙන්ම ඥානයේ සාගරය ගැනද දන්නවා. භෞතික සාගර සහ ගංගා නොකඩවා දුක් ගෙන දෙයි: සාගරයක් පිටාර ගලන විට, එය බොහෝ හානි සිදු කරයි. දැන් සෑම කෙනෙක්ම ඥානයේ සාගරය, පාරිශුද්ධකරු සිහි කරයි. කිසිවෙක් එම සාගරය හෝ ගංගා සිහි නොකරයි. ඔවුන් සිහි කරන්නේ පාරිශුද්ධකරු, ඥානයේ මහා සයුරයි. ඔය ගංගා මතු වී ඇත්තේ මෙම සාගරයෙනි. කිසිවෙක් ඔහුගේ නම, ස්වරූපය, ස්ථානය හෝ කාලය නොදනී. ඔවුන් ශිවා යන නම පවසන නමුත්, ඔවුන් ඔහුගේ නම දී තිබෙන්නේ ලිංගමයට පමණයි. බාබාගේ නාමය අවිනාශීය. ඒකායන නිර්මාණකරු, ශිව බාබා පමණක් වන අතර, ඔහුගේ නිර්මාණය එකක් පමණක් වන අතර එය සදාතනිකයි. එය සදාතනික වන්නේ කෙසේද කියා, පරම පියා මෙහි අසුන්ගෙන පහදා දෙයි. මෙම උත්සව ආදිය ස්වර්ණමය යුගයේ නොපවති: ඒ සියල්ල අතුරුදහන් වෙයි. ඒවා පසුව භක්ති මාර්ගයේ ඇරඹෙයි. දිව්‍යලෝකය පැවති බවත් එය නැවතත් පැමිණෙන නමුත්, එය මෙකල අපාය බවත්, මිනිසුන්ට වැටහෙයි. කිසිවෙක් එහි කාල පරාසය නොදනී. සම්පූර්ණ අන්ධකාරය තිබේ. කිසිවෙක් චක්‍රයේ කාල පරාසයවත් නොදනී. මෙම නාටකය නොකඩවා බ්‍රමණය වන බව ඔවුන් පවසන නමුත්, එහි කාල පරාසය නොදන්නා බැවින්, ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත. පරම පියා මෙහි අසුන්ගෙන ඔබට බ්‍රහ්මාගේ මුඛය තුළින් සියලුම වේද සහ ග්‍රන්ථවල සාරය කියා දෙයි. ඔවුන් බ්‍රහ්මාගේ අතේ ශාස්ත්‍ර පෙන්වා ඇත්තේ මේ නිසාය. ඔහුට සියලුම ග්‍රන්ථ ඔහුගේ දෑතේ තබාගත නොහැක. වෙනත් කිසිවෙකු බ්‍රහ්මාගේ මාර්ගයෙන් සියලුම ශාස්ත්‍ර පවසන්නේද නැත. ඒ සියල්ලම අයත් වන්නේ භක්ති මාර්ගයට බව ඔබ දන්නවා. ඔබ දිගින් දිගටම ඒවා හදාරා තිබේ. ඒවා හැදෑරීම ආරම්භ වූයේ කවදාද කියා, කිසිවෙක් නොදනී. ඔවුන් නිකමට පවසන්නේ ඒවා සදාතනික බවයි, ව්‍යාස් විසින් වේද ලියන ලද බව. වේද වඩා උසස් බව ඔවුන් සලකයි. කෙසේවෙතත්, වේද සහ ශාස්ත්‍ර, ගීතාවේ නිර්මාණ බවද ලියා තිබේ. එම වේද සහ ශාස්ත්‍රම නැවතත් නිර්මාණය වන බව, ඔය දරුවන් දන්නවා. එවිට ඒවාට නැවතත් එම නාමයන්ම ලබා දෙයි. ඔබ දැන් නැවතත් පිදුම් ලබන්නට සුදුසු වන බව ඔබ දන්නවා. පසුව ඔබ පුදන්නන් බවට පත් වී, දේවාල ආදිය ගොඩනගයි. රජුන් සහ රැජිනියන් දේවාල ගොඩනගන විට, පුරවැසියන් ද එයම කරයි. භක්ති මාර්ගය ආරම්භ වන විට, සියලු දෙනාම දේවාල තැනීම අරඹයි. ඔවුන්ගේ නිවෙස්වල පවා ඔවුන් ඒවා ගොඩනගයි. ලක්‍ෂ්මි සහ නාරායන්ගේ රාජධානියේ, රාධේට සහ ක්‍රිෂ්ණාට දේවාල තැනිය නොහැක. දේවාල තැනෙන්නේ, භක්ති මාර්ගයේය. ඔවුන් නොකඩවා පහතට ඇද වැටෙත්ම, ඔවුන් නොකඩවා දේවාල ගොඩනගයි. සූර්ය සහ චන්ද්‍ර පෙළපත්වල දේපළ, වෛශ්‍ය සහ ශුද්‍ර පෙළපත් විසින් බුක්ති විඳියි. රාජධානිය වෙන කොහෙන් පැමිණෙන්නද? එම දේපළම දිගටම පැවතෙයි. අවසානයේ ඉන් කිසිවක් ඉතිරි නොවන තෙක්, විශාල දේපළ, ක්‍රම-ක්‍රමයෙන් කුඩා වෙයි. ඔවුන් ඒවා තම තමන් අතරේ දිගටම බෙදා ගනී. එබැවින් ඔබ පිදුම් ලබන්නට සුදුසු වන්නේ කෙසේද, කෙතරම් කාලයක් ඔබ ඒ ආකාරයෙන් සිටිනවාද, එමෙන්ම පසුව ඔබ පුදන්නන් වන්නේ කෙසේද කියා ඔය දරුවන්ට දැන් වැටහෙයි. පරම පියා, පරමාත්ම ජීවයේ නාමය, ස්වරූපය, ස්ථානය, කාලය සහ චරිත කොටස ඔබට දැන් වැටහී තිබේ, එහෙම නේද? භක්ති මාර්ගයේද පරම පියා, බැතිමතුන්ගේ පිවිතුරු ආශාවන් ඉටු කරයි. අපවිත්‍ර ආශා ඉටු කරන්නේ රාවනයි. සම්පූර්ණ ඥානයම ඔබගේ බුද්ධිය තුළ සනිටුහන් වීමට, ඥානයේ මහා සයුර මග පාදා තිබේ. සියලු දෙනාටම නොවැටහෙයි. නොකඩවා මතුවන්නේ, පෙර චක්‍රයේදී මෙහි අයත් වූ අයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ජීවත්ව සිටින තාක්කල් නොකඩවා උත්සාහ දරන්න. පරම පියාගේ ඉගැන්වීම් ප්‍රායෝගික කරන්න. පියා හා සමානව, අධිපති ඥානයේ සාගරයක් වන්න.

2. ආධ්‍යාත්මික මගපෙන්වන්නෙක් වී, සියලු දෙනාටම සැබෑ වන්දනා ගමනේ යාමට සලස්වන්න. දියමන්තියක් මෙන් වී, අන් අයවද ඒ හා සමාන කරවන්න.

වරදානය:
ඔබ උසස් සහ පිවිතුරු ආකල්පයෙන් ඔබේ වචන සහ ක්‍රියාවන් උසස් කරමින් ලෝක පරිවර්ථකයෙක් වන්න.

දුර්වල ආකල්පයන් අවසන් කරමින් පිවිතුරු සහ උසස් ආකල්ප තබාගැනීමේ පොරොන්දුවක් කළ දරුවන් මෙම ලෝකය උසස් ලෙස දකිති. ඔබේ ආකල්පයට ඔබේ දැක්ම හා ඔබේ ක්‍රියා සමඟ සම්බන්ධයක් ඇත. ඕනෑම හොඳක් හෝ නරකක් පළමුවෙන් උරාගන්නේ ඔබේ ආකල්පය මගිනි. ඉන්පසු එය වචත හා ක්‍රියාවට නැගේ. උසස් ආකල්පයක් තබාගැනීම වූ කලී ඔබේ වචන හා ක්‍රියාවන් ස්වභාවිකවම උසස්වනවා යන්නයි. ඔබේ ආකල්ප මගින් කම්පණ සහ වාතාවරණය නිර්මාණය වේ. උසස් ආකල්පයක් ඇති කරගන්නවා යනුවෙන් පොරොන්දු වූවන් නිරායාසයෙන්ම ලෝක පරිවර්ථකයන් බවට පත් වේවි.

පාඨය:
අශාරීරික වීම සහ ශරීර අවධානය අභිබවා සිටීම පුහුණු වන්න, එවිට ඔබට ඕනෑම කෙනෙකුගේ මනසෙහි හැඟීම් දැන ගැනිමට හැකි වේවි.