06.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා අනාගත උපත් 21 කට සතුට ලබා දෙනවා සේම ඔබ ද පරම පියාගේ උදව්කරුවන් වන්න. සෙනෙහස සහිත බුද්ධියෙන් යුක්ත වන්න. කිසිවෙකුට දුකක් ඇති කරන්න හිතන්නවත් එපා.

ප්‍රශ්නය:
රුප් බසන්ට් වන ඔබ දරුවන්ගේ කාර්යය කුමක් ද? පරම පියාගෙන් ඔබ ලබා ඇති ඉගැන්වීම් මොනවාද?

පිළිතුර:
රුප් බසනට් දරුවන් වන ඔබේ කාර්යය නම් නිරතුරුවම ඥාන මිණිමුතු තොල් වලින් මතු කිරීමයි. ඉන් ගල් මතු නොවිය යුතුයි. සියලුම දරුවන්ට පරම පියා උගන්වන්නේ 1. එකිනෙකාට කරදර නොකරන්න, තරහ නොගන්න. එය යක‍්ෂ මිනිසුන්ගේ වැඩකි. 2. ඔබේ සිතින් කිසිවෙකුට දුකක් ඇති කිරීමට නොසිතන්න. 3. හැම දෙයක්ම විඳ දරාගන්න නින්දාව සහ ප්‍රශංසාව, ගෞරවය සහ අගෞරවය. කවුරු හෝ යමක් කී විට නිහඬ වන්න. නීතිය ඔබ අතට නොගන්න.

ගීතය:
ඔබ සෙනෙහස් සාගරයයි. ඉන් බිඳකට අපි පිපාසයෙන් සිටිමු.

ඕම් ශාන්ති.
ඥානවන්තභාවය හා අඥානවන්තභාවය යැයි දෙකක් ඇත. ඔබ දරුවන්ට දැන් ඥානය ඇත. භක්තිවන්තයින් පසසන්නේ කාටද, ඔබ දරුවන් අසා සිටින්නේ කාගේ පැසසමු ද? එහි දිවා රාත්‍රී තරම් වෙනසක් ඇත. ඔවුන් ඔහේ දිගටම පසසමින් සිටී. ඔවුන් පරම පියාට එතරම් ඇල්මක් නැත්තේ ඔහු ගැන නොදන්නා නිසාය. පරම පියා ඔහු ගැන ඔබට හඳුන්වා දී ඇත්තේ ඔහු සෙනෙහසේ සාගරය බවත් ඔබ ද සෙනෙහස් සාගර කරවන බවටත්ය. සෙනෙහසේ සාගරය වන පරම පියා සැමගේම ආදරයට ලක් වේ. එවිට එකිනෙකා අතර ද ආදරය බොහෝ සේ ඇතිවේ. ඔබ මෙහිදී එය ඉගෙන ගනී. බාබා කියන විදිහට ලුණු වතුර මෙන් නොවී එකිනෙකාට විරුද්ධ නොවී සිටින්න. තව කෙනෙක් ගැන නොකැමැත්තක් ඔබ තුළ තිබිය නොයුතුයි. අන් අයව නොරුස්සනා අය කලි යුග අපායේ අයයි. ඔබ සැම සහෝදර සහෝදරියන් බව දනී. ඔබ සාම දේශයේ සිටිනා විට සැවොම සහෝදරයින්ය. ඔබ කර්ම ක‍ෂේත්‍රයේ කොටස් රඟපාන විට සහෝදරයින් සහ සහෝදරියන් වේ, පරමාත්ම දෙවියන්ගේ දරුවන්. පරමාත්ම දෙවියන් ඥාන සාගරය ලෙසත් ස්නේහ සාගරය ලෙසත් පැසසුමට ලක්වේ. එහි තේරුම නම් ඔහු සැමට සතුට ලබා දෙන බවයි. ඔබ සැම හදවතට තට්ටු කර අසන්න. පරම පියා අනාගත උපත් 21කට සතුට ලබා දෙනවා සේ මාත් එම කාර්යය කරනවාද? කෙනෙක් පරම පියාගේ උදව්කරුවෙක් නොවුණත්, ඔහු තුළ සෙනෙහස නොමැතිව බුද්ධිය සෙනෙහසින් තොර වුවොත් විනාශයට ලක්වේ. ඔබ දේව ප්‍රජාවට අයත් යැයි කියමින් තවකෙකුට දුකට හේතු වනවා නම් එය යක‍්ෂ තත්ත්වයකි. ඔබ කිසිවෙකුට දුක නොදිය යුතුය. ඔබ දුක නිවාලන්නා සහ සතුට ලබා දෙන්නා වන පරම පියාගේ දරුවන්ය. ඒ නිසා ඔබ තවකෙකුට දුක දීමට සිතන්නවත් එපා. ඔවුන් ශරීර විඥාණයෙන් යුතු නිසා දේව ප්‍රජාවට නොව අයත් වන්නේ යක‍්ෂ ප්‍රජාවටයි. ඔවුන්ට ස්මෘති වන්දනාවේ සිටිය නොහැකිය. ඔබ ස්මෘති වන්දනාවේ සිටිනවා නම් නියත වශයෙන්ම පව් සියල්ල නිම වේ. කල්ප භාගයක්ම ඔබ අන් අයව අසතුටට පත් කළේය. සටන් කරමින් සහ කරදර ඇති කරමින් අන් අයට කරදර කරන අය යක‍්ෂ ප්‍රජාවට අයත් අය බව සැලකේ. ඔබ උත්සාහ දරන්නෙක් වන නිසා, දිගින් දිගටම කොතරම් කාලයක් ඔබ දුක ඇති කරන්නේද? බාබා සටහනක් තබා ගත යුතුයි කියන්නේ ඒ නිසාය. සටහනක් තබා ගැනීමෙන් ඔබ පරිවර්ථනය වී ඇත් ද හෝ යක‍්ෂ ගුණ එසේම තිබේ ද කියා හෝ දැනගත හැකිය. බාබා සැමවිට මෙසේ කියයි. කිසිවෙකුට දුකක් ඇති නොකරන්න. නින්දාව ප්‍රශංසාව, ගෞරවය අගෞරවය, තාපය සිසිල ආදී සියල්ල විඳ දරාගත යුතුයි. කවුරු හරි කුමක් හෝ කියු විට නිහඬව සිටින්න. ඔහුට ඔබ යමක් කතා කළ යුතු වන්නේ නැත. කවුරු හෝ කෙනෙක් අසතුටට පත් කළ විට පරම පියා තේරුම් කර දෙයි. ඔබ දරුවන් එකිනෙකාට බැණ අඬගසා ගත යුතු නැත. නීතිය ඔබ අතට නොගන්න. ප්‍රශ්නයක් ඇත්නම් පරම පියා වෙතට එන්න. රජයේ ද තව කෙනෙකුට පහර නොදිය යුතු යැයි නීතියක් ඇත. ඔබ චෝදනාව කළ විට රජය නීත්‍යානුකූලව කටයුතු කරයි. ඔබ ද මෙම රජයට පැමිණිය යුතුයි. නීතිය ඔබේ අතට නොගන්න. මේ ඔබේ ගෙදරයි. බාබා මෙසේ කියන්නේ ඒ නිසාය සෑම දිනකම මේවා හරිගස්සන්න. සමහර අය බාබාගේ මේ අණ තේරුම් නොගනී. බාබා ඔබට මෙසේ කියා ඇත ඔබට කතා කරන්නේ ශිව බාබා බව සැමවිට සිහි තබා ගන්න. බ්‍රහ්මා කියනවා යැයි නොසිතන්න. කියන්නේ ශිව බාබා යැයි සිහිපත් කිරීමෙන් ඔහු ස්මෘතියේ තබා ගැනීමට හැකි වේ. ශිව බාබා මෙම රථය ලබා ගෙන ඇත්තේ ඔබට ඥානය කියා දීමටය. පරම පියා ඔබට සතෝප්‍රධාන් වන සැටි විස්තර කරයි. ඔහු නොපෙනෙන අතර ඔබ දෘෂ්‍යමානයි. ඔබට ලැබෙන උපදෙස් ශිව බාබාගේ යැයි තේරුම් ගත් කළ ඔබ ආරක‍්ෂිත වේ. ඔබ බාබා, බාබා කියන්නේ ශිව බාබාටය. ඔබ ඔහුගෙන් උරුමය ලබයි. ඔබ ඔහු පිළිබඳව සැලකිල්ලෙන් සහ රාජකීයත්වයෙන් යුතු හැසිරීමක් පැවැත්විය යුතුය. ඔබ මෙසේ කියයි බාබා, මම ලක‍්ෂ්මි නාරායන් වන්නෙමි. ඒත් ඔබ දෙවැනි තුන්වැනි වශයෙන් සූර්ය වංශික හෝ චන්ද්‍ර වංශික වේ. මෙසේ නොසිතන්න අප සේවක සේවිකාවන් වුවත් කම් නැත, යැයි නොසිතන්න. යටත් වැසියන් වන එක සුදුසු නැත. මෙහිදී ඔබ දිව්‍යමය ගුණාංග ලබා ගත යුතුයි. යක‍්ෂ හැසිරීම් නොතිබිය යුතුය. ශ්‍රද්ධාව නැති වූ කළ ඔවුන් මෙසේ කියයි ශිව බාබා මොහු තුළට එන බව අප විශ්වාස නොකරමු. මායා නම් වූ පාප ඇතුල් වූ කළ ඔවුන් එසේ කතා කරයි. ඔවුන්ගේ යක‍්ෂ ගුණාංග නිසා ඔවුන් එසේ කතා කරයි. ඔවුන් කතා කරන්නේ යක‍්ෂයින් ලෙස පමණයි. පරම පියා මෙසේ කියයි ඔබ රුප් සහ බසන්ට් ජීවාත්මයන් ලෙස මිණිමුතු පමණක් පිට කළ යුතුය. ගල් මතු වුණොත් ඒ යක‍්ෂ බුද්ධිය නිසාය. ඔබ ගීතය ඇසුවා. ළමුන් කියන්නේ බාබා සෙනෙහසේ සාගරය හා සතුටු සාගරය කියාය. මේ ශිව බාබාගේ පැසසුමයි. පරම පියා මෙසේ කියයි ඔබ ජීවාත්මයක් ලෙස සළකා පියා සිහිකරන්න. බොහෝ හොඳ ළමුන් ද මෙහිදී අසාර්ථක වේ. ඔවුන්ට ජීවාත්ම විඥාණය තුළ සිටිය නොහැකි වේ. එවැනි උසස් තත්ත්වයක් ලැබිය හැක්කේ ජීවාත්ම විඥාණය ලැබූ විටය. බොහෝ දරුවන් අනවශ්‍ය කාර්යයන්ට කාලය අපතේ යවයි. ඔවුන් ඥානයට අවධානය යොමු නොකරයි. මෙසේ සඳහන් වේ ඔබේ දොරකොඩින් ගංඟා නම් ගග ගලන විට සැලකිල්ලක් නැත. සෑම දේම ගෙදර තිබෙන විට සැලකීමක් නැත. ක්‍රිෂ්ණාගේ පිංතූර ආදිය ගෙදර ඇති විට ශ්‍රීනාථ ද්වාරේ කරා යන්නේ කුමටද? ශිව කෝවිලේ ඇත්තේ ගලින් නිම වූ ලිංගම් පමණි. කන්දක සිට ගල් පෙරළෙමින් එන විට ලිංගමයක හැඩයට ගෙවී යයි. සමහර ගල්වල රත්රන් පවා ඇතුළත් වේ. කයිලාෂ් කන්දේ රත්රන් ගැන කියැවේ. රත්රන් ඇත්තේ කඳු වල නේද? ඒ නිසා රත්රන් සමඟ ගල් රවුම් බවට පත් වූ විට ඉතා සුන්දරය. ඒවා විකිණීමට ඇත. කිරිගරුඬින් ද විශේෂ නිපැයුම් ඇත. භක්තිවන්තයින් සෑම තැනම යන්නේ ඇයි දැයි ඇසූ විට කළබල වෙයි. පරම පියා මෙසේ කියයි ඔබ දරුවන් බොහෝ මුදල් අපතේ හැර ඇත. දැන් ඔබට සම්පූර්ණ අවබෝධයක් ඇත. සතුටට මාර්ගය මේ ඥානයයි. ඔබ මේ ඥානය තුළින් රාජධානියක් ලබයි. මේ කාලයේ දී රජවරුන් රුජිණන් සියලු දෙනා ඉන්නේ අපාය තුළය. කෙනෙක් මිය ගිය විට මිනිසුන් කියන්නේ දිවංගත වුණා කියාය. ඔබ දැන් මේ කරුණු තේරුම් ගෙන ඇත. ඔබ දැන් මෙසේ කියයි අප දැන් පරම පියා සමඟ දිව්‍යලෝකය හිමිකර ගැනීමට එය සාදමින් සිටී. ඔබ ඥානය බිඳුව බැගින් ලබයි. ඔබ සුළු ඥානයක් ලැබුවද දෙව්ලොව යා හැකිය. ඉතිරිය උත්සාහය මත පවතී. ඔවුන් විශ්වාස කරන්නේ ගංඟා නම් ගඟේ ජලය ටිකක් හෝ බිවූ විට අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වේ කියාය. ඔවුන් එයින් බිඳුවක් නාන වතුරට මුසු කර ගනී. එය ගංඟා නම් ගගේ නෑමක් ලෙස විශ්වාස කරයි. ඔවුන් එම ජලය පිටරට පවා ගෙන යයි. ඒ සියල්ල පුද පූජාය. පරම පියා මෙසේ කියයි දරුවනි, මායා ගේ පහර ඉතා තදය. ඈ ඔබව පාප ක්‍රියාවලට නතු කරයි. ඒ නිසා විමසා බලන්න. ඔබම ඔබ ගැන විමසන්න. ඔබ ඔබටම ස්වාධිපත්‍ය තිලකය ලබා දිය යුතුය. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වන්න. පරම පියා ඔබට කළ යුතු දේ ගැන ශ්‍රීමත් ලබා දේ. දිව්‍ය ගුණාංග රඳවා ගන්න. යමක් කළ විට එහි ප්‍රතිඵලය ලැබේ. ඔබ සතුටින් කිළිපොලා යා යුතුය. ඔබට අසීමිත පියා හමු වී ඇත. ඒ නිසා ඔහුගේ සේවය සඳහා උදව්කරුවන් වන්න. අන්දයින්ට සැරයටියක් වන්න. මෙය වැඩියෙන් කළ තරමට වැඩියෙන් යහපත සිදු වේ. බාබා වැඩි වැඩියෙන් සිහියට නඟන්න. එය වාඩි වී විශේෂයෙන් කළ යුතු භාවනා ප්‍රශ්නයක් නොවේ. ඔබ යන එන විට ඔහු ගැන සිහියෙන් සිටිය යුතුයි. ඔබට දුම්රියේ දී ද සේවය කළ හැකිය. කා හට හෝ ඉහළම ඉහළ කවුදැයි කියා, කියා දෙන්න. ඔහු ස්මෘතියේ තබා ගන්න. ඔබට උරුමය ලැබෙන්නේ ඔහුගෙනි. ජීවාත්මයන් පරම පියාගෙන් අසීමිත උරුමය ලබයි. ඇතැම් ජීවාත්මයන් බොහෝ දාන පිංකම් කර රජ කෙනෙක්ට දාව උපදියි. කොහොමනමුත්, එය ඉතා තාවකාලිකයි. රජ බව සැම විටම නොතිබේ. ඒ නිසා පරම පියා මෙසේ කියයි මෙහිදී ඔබට උපත් 21 ක් පිළිබඳ සහතිකයක් ඇත. එහිදී එය අසීමිත පියාගෙන් ලැබූ උරුමය කියා හෝ නොදනී. ඥානය ලැබෙන්නේ මෙකලය. හොඳින් උත්සාහ කළ යුතුයි. උත්සාහ නොකළොත් කකුළට පොරෝ පහරක් වැදුනා වැනිය. දිගටම වාර්තා සටහන තබා ගෙන සැලකිලිමත් වන්න. ඇතැම් අය එය ලියා බාබා කුමක් කියයි දැයි සිතයි. ඔවුන්ගේ හැසිරීමේ හා ක්‍රියාවේ වෙනසක් ඇත. ඉතින් බාබා මෙසේ කියයි නොසැලකිලිමත් බව නවත්වන්න! නැතහොත් බොහෝ පසුතැවෙන්න සිදුවෙයි. අවසානයේ දී ඔබ කළ උත්සාහය ගැන දර්ශන දැකිය හැකිය. එවිට ඔබට කඳුළු වැටේ. මට හැම චක්‍රයේම ලැබෙන්නේ මේ ටික නේද? එවිට ඔබ සේවකයෙක් බවට පත් වේ. මුලදී ධ්‍යානයෙන් සේවකයන් වීම ගැන සඳහන් කෙරිනි. බාබා එය නැවැත් වීය. අවසානයේ දී ඔබට දර්ශන පහළ වනු ඇත. ඔබට දර්ශන නොදී දඬුවම් දෙන්නේ කෙසේ ද? එය නීතිය නොවේ. බාබා විවිධ උපක්‍රම ලබා දේ. ඔබේ ස්වාමිපුරුෂයාට, බාබා මෙසේ කියා ඇතැයි කියාදෙන්න දරුවනි, කාම රාගය ලොකුම සතුරාය. එය ජය ගන්න! මායා ජයගත් විට ලොව ජයගත්තා වේ. ඔබ නිසා මා අපායට යා යුතු ද? නොඑසේව දෙව්ලොව හිමිකර ගත යුතුයි. සෙනෙහසින් සහ නිහතමානීව කරුණු තේරුම් කරන්න. මාව අපායට තල්ලු කරන්නේ ඇයි? බොහෝ දරුවන් ස්වාමිපුරුෂයන්ට මෙසේ කියා දී ඔවුන් මෙහි කැඳවා ගෙන එයි. එවිට ඔහු මෙසේ කියයි. මේ මගේ ගුරුය, ඈ මට ඉතා හොඳ මාර්ගය කියා දුන්නා. ඔවුන් බාබාගේ දෙපා ළඟ වැටේ. ඇතැම් විට ජය ලබන අතර ඇතැම් විට පරාජය වේ. ඒ නිසා ඔබ දරුවන් බොහෝ මිහිරි විය යුතුය. සේවය කරන අය වැඩි සෙනෙහසට ලක් වේ. පරමාත්ම දෙවියන් වන පරම පියා ඔබ දරුවන් කරා පැමිණ ඇත. ඔබ ඔහුගේ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ශ්‍රීමත් අනුගමනය නොකළ විට ඔබ කරදර කුණාටු වලදී කඩා වැටේ. වෙන අය කුමට ද? මෙම ඉගෙනීම සාමාන්‍ය දෙයක් නොවේ. අනෙක් ආධ්‍යාත්මික රැස්වීම්, කන පිනවා තාවකාලික සතුටක් පමණක් ලබා දේ. මෙහි දී ඔබ පරම පියාගෙන් උපත් 21 කට සතුට ලබා ගනී. බාබා සාමයේ මෙන්ම සතුටේ ද සාගරයයි. අප ද පරම පියාගේ උරුමය ලැබිය යුතුය. ඔබ සේවය කළ විටයි ඔබට එය ලැබෙන්නේ. මේ නිසයි පදක්කම නිතර පැළඳිය යුත්තේ. අප ගුණාංග වලින් පිරිය යුතුය. ඔබ තවකෙකුට දුක ලබා දේ දැයි පරික‍්ෂා කරන්න. මගේ හැසිරීම යක‍්ෂයෙක් ලෙස වේද? මායා ඔබ ලවා කරවන දේ ගැන කියනු කවරේ ද? ඇතැම් හොඳ ගෙවල් වල අයද මායා නිසා පව් කළ බව බාබාට කියයි. ඇතැම් අය ඇත්ත කියන අතර අන් අය ඇත්ත නොකියා සිය දහස් වර දඬුවම් ලබයි. ඔවුන්ගේ පුරුද්ද වැඩිවේ. ඔබ පරම පියාට කී විට ඔහු ඔබට අනතුරු අඟවයි. බාබා මෙසේ කියයි ඔබ පාපයක් කළ විට එය බාබාට ලියා යවා පාපයෙන් බාගයක්ම අහවර කරන්න. ඔබ දිගටම බාබාගෙන් වහන් කළොත් වරද දිගටම කෙරේ. එවිට ඔබට සාප වේ. ඔබ එක වරක් කර ඇතත් නොකී විට එය සිය වරක් සිදු වේ. බාබා ඉතා හොඳ උපදෙස් දුන්නත් ඔවුන්ට එය ස්පර්ෂ නොවේ. ඔවුන් ඔවුන්ගේම වාසනාවට පයින් ගසන්නා සේය. ඔවුන් ඉතා විශාල හානියක් කර ගනී. අවසානයේ දී ඔවුන්ට වන දේ දර්ශනය වේ. එක පංතියකින් තව පංතියකට යන විට ලකුණු ලැබෙනවා සේය. ඔවුන් මාරුවන්නට කළින් ප්‍රතිඵලය විකාශනය වේ. ඔබ පංතියට ගිය විට ලකුණු දැන ගන්නට ලැබේ. එවිට ඔබ බොහෝ හඬයි. ප්‍රතිඵල ප්‍රකාශ කළ පසු කුමක් කළ හැකි ද? ඔබේ වාසනාවේ ප්‍රමාණය එයයි. පරම පියා දරුවන්ට අනතුරු අඟවයි. කර්මටීට් තත්ත්වය දැන්මම නොලැබේ. ඔබ කර්මටීට් වූ විට ශරීරය අත් හැරීමට සිදු වේ. තාම ඔබට පාප හා කර්ම ගිණුම් ඇති නිසා නිවැරදිවම යෝගා නොලැබේ. ඔබ කාටවත් කර්මටීට් යැයි කිව නොහැකියි. එයට ලඟා වන විට එය ඔබෙන් දිස්වේ. සියල්ල ඔබේ මනෝ ස්ථිතිය මත රඳන අතර විනාශය සිදු වේ. ඔබේ ඉගෙනීම අවසාන වීමට ළං වන විට යුද්ධය ඔබේ හිස උඩින් ඇති බව දැකිය හැකිය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායාගේ බලපෑමට යට නොවන අතර යක‍්ෂ හැසිරීම් නොකරන්න. ඔබේ හැසිරීම පිළිබඳ සටහනක් තබා ගන්න. පසු තැවීමට වන ක්‍රියා නොකරන්න.

2. ඉතා සෙනෙහසින් හා නිහතමානීව සේවය කරන්න. බොහෝ මිහිරි වන්න. ඔබේ තොල් වලින් යක‍්ෂ වචන පිට නොකරන්න. ඔබ ඇසුරු කරන අය ගැන ප්‍රවේසම් වන්න. දිගටම ශ්‍රීමත් අනුගමනය කරන්න.

වරදානය:
ඔබ ඒකාබද්ධ ශිව ශක්ති ස්වරූපය ගෙන, ඔබගේ මනසේ සිතිවිලි සහ ඔබගේ ආකල්පයෙන් ශ්‍රේෂ්ඨ චිත්ත තරංග වල සුගන්ධය විහිදුවා හරිත්වා.

මෙකල, ඔවුන් බොහෝ විවිධ භෞතික ආම්පන්න උපයෝගි කරගෙන, වාතාවරණයට රෝස මල් සහ සඳුන් වැනි විවිධ සුවඳ විහිදුවා හරියි. ඒ ආකාරයෙන්ම ඔබ සියලු දෙනා, ඒකාබද්ධ ශිව ශක්ති ස්වරූපය ගෙන, ඔබගේ මනසේ සිතිවිලි සහ ඔබගේ ආකල්පයෙන්, සතුට, සාමය, සෙනෙහස සහ ආනන්දයේ සුගන්ධය විහිදුවා හැරිය යුතුයි. සෑම දිනකම අම්රිත් වේලාවේ, සියලුම ජීවාත්ම මත, රෝස වතුර ඉසින ආකාරයෙන්, වතුර මලකින් මෙන් විවිධ ශ්‍රේෂ්ඨ චිත්ත තරංග ඉසින්න. ඔබගේ සිතිවිලි වල ස්වයංක්‍රීය ස්විචය දමා, ලෝකයේ අපවිත්‍ර ආකල්පයන්ගේ දුගඳ අවසන් කරන්න.

පාඨය:
සතුටේ දානපතිගෙන් සතුටේ සම්පත් ගබඩාවක් ලැබීම, ඔහුගේ සෙනෙහසේ සලකුණකි.