06.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා ඔබට දිව්‍ය ලෝකයේ නව නිවහත නිර්මාණය කරන හෙයින්, මේ පැරණි ලෝකයෙහි අසීමිත වු නිරාශාවක් ඇති කරගන්න.

ප්‍රශ්නය:
මේ අවිනාශී රුද්‍ර ඥාන යාග අග්නිය තුළ බාධක ඇතිවන්නේ කුමන හේතුන් නිසා ද?

පිළිතුර:
ශිව් බාබා විසින් නිර්මාණය කරන ලද අවිනාශී රුද්‍ර ඥාන යෝග අග්නිය මෙය වේ. මෙහි ඔබ මනුෂ්‍යත්වයෙන් දේවත්වයට වෙනස් වීම සඳහා පාරිශුද්ධ වෙනවා. ඒ වාගේම, භක්ති කිරීම ඔබ නැවැත් වූ හේතුවෙන් එහිදී බාධක ඇතිවෙනවා. මිනිසුන්ට සාමය අවැසි වන අතර විනාශය ද සිදු නොවිය යුතුයි. එහෙත් පරම පියා රුද්‍ර ඥාන යාග අග්නියක් නිර්මාණය කරන්නේ පැරණි ලොවේ විනාශය සඳහායි. සාමකාමි ලොවක් උදාවෙන්නේ ඉන් අනතුරුවයි.

ඕම් ශාන්ති.
පරම පියා ඔය දරුවන්ට ඕම් ශාන්ති යන්නෙහි අර්ථය පහදාදී තිබෙනවා. ජීවාමයක් වූ මාගේ මුල්ම ධර්මතාවය සාමයයි. සාම දනව්ව කරා යාමට ඔබට උත්සාහයක් අවැසි නොවේ. ජීවාත්මය ම සාමයේ ප්‍රතිමූර්තිය වන අතර සාම දේශයේ වාසය කරන්නන්ය. මෙහි ඔබට සාමකාමීව සිටිය හැක්කේ කෙටි කාලයකටයි. ජීවාත්මය කියයි: මගේ භෞතික ඉන්ද්‍රියන් වන වාද්‍ය උපකරණ වෙහෙසට පත්වෙලා. මම දැන් මගේ මුල්ම ධර්මතාවයේ ස්ථාවර වන්නෙමි. මම මගේ ශරීරයෙන් නොබැඳිව සිටින්නෙමි. කෙසේ වෙතත්, ජීවාත්මයට ක්‍රියාවන් කරන්න වෙනවා. කොපමණ කාලයක් සාමයෙහි රැඳී සිටින්න ද? ජීවාත්මය කියයි: මම සාම දනව්වේ වැසියෙක්මි. මෙහි ශරීරය තුළට පැමිණීමෙනුයි මම "කතා කරන" කෙනෙක් වුණේ. මම ජීවාත්මයක්. මේ මගේ ශරීරයයි. පවිත්‍ර සහ අපවිත්‍ර වන්නේ ජීවාත්මයයි. ජීවාත්මය අපවිත්‍ර වනවිට ඔහුගේ ශරීරයත් අපවිත්‍ර වෙනවා. ස්වර්ණමය යුගයේදී පංච මහාභූත සතෝප්‍රධාන් වේ. එහෙත් මෙහි පංච මහාභූත තමෝප්‍රධාන්ය. රත්රන් සමග වෙනත් ලෝහ මිශ්‍රණයක් කලවම් වී ඇතොත් එම රත්රන් අපිරිසිදු වෙයි. එවිට එය පිරිසිදු කිරීමට ගින්නට දමන්න වෙයි. එයට යෝග අග්නිය කියා කරන්නේ නැහැ. යෝගාවත් පාප පුළුස්සා දැමිය හැකි ගින්නකි. පරමාත්මය තමයි ජීවාත්මයන් අපිරිසිදුතාවයෙන් පාරිශුද්ධතාවයට පත් කරන්නේ. එක්කෙනෙකුගේ නාමය පමණයි සඳහන් කර තිබෙන්නේ. ඔවුන් කන්නලව් කර කියනවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, එන්න, නාටක සැලැස්මට අනුව සෑම කෙනෙකුම අපිරිසිදුතාවයටත්, තමෝ ප්‍රධානුත් විය යුතුයි. මෙය වෘක්ෂයක්. සාමාන්‍යයෙන් ගසක බීජය තිබෙන්නේ පස් යටයි. නමුත් මෙම ගසේ බීජය තිබෙන්නේ මුදුනේ ය. ඔබ පරම පියාට කතා කරන විට ඔබේ බුද්ධිය යොමු වන්නේ ඉහළටයි. ඔබගේ උරුමය ලබන්නේ කාගෙද අන්න ඒ කෙනා දැන් පහළට ඇවිල්ලා. ඔහු කියනවා:මට මෙහි එන්න වෙනවා. මගේ මේ මනුෂ්‍ය ලෝක වෘක්ෂය ගණන් කළ නොහැකි තරම් අනේකවිධ ආගම් වලින් පිරි එකකි. එය දැන් හාත්පසින්ම දිරාපත් තමෝප්‍රධාන් තත්වයට පත්වෙලා. පරම පියා මෙහි ඉඳගෙන ඔය දරුවන්ට පැහැදිළිව කියා දෙනවා. ස්වර්ණමය යුගයේදී පළමුවෙන්ම දේවතාවන් ඉන්නවා. දැන් මේ කලි යුගයේ ඉන්නේ යක්ෂයින්. දේවතා හා යක්ෂයින් අතරේ යුද්ධ ඇති වුණේ නැහැ. ඔබ දැන් යෝග බලයෙන් මේ යක්‍ෂ වූ පස් පව් මර්දනය කරනවා. මෙහිදී බිහිසුණු යුද්ධයක් ඇතිවන්නේ නැහැ. ඔබ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩතාවයක් කරන්නේ තැහැ. ඔබ කිසිම කෙනෙක් මත අතවත් තබන්නේ නැහැ. ඔබ ද්විත්ව අවිහිංසකයන්. සියල්ලටම වඩා ලොකුම පාපය තමයි රාගය නම් කඩුව පාවිච්චි කිරීම. පරම පියා කියයි: මෙම රාගය කියන පාපය එහි මුල, මැද සහ අග කාලය දක්වාම ඔබට දුක ගෙන දෙනවා. ඔබ විසින් කිසිම පාපයක නොගැලිය යුතුයි. දේවතාවන් ඉදිරියේ මිනිසුන් ප්‍රශස්ති ගීත ගයනවා: ඔබ සියළු ගුණාංගයන්ගෙන් පරිපූර්ණයි. සම්පුර්ණයෙන්ම නිර්විකාරියි කියා. ඉන්ද්‍රීයන් තුළින් මේ දේ වටහා ගන්නේ ජීවාත්මයයි. මිනිසුන් කියනවා: අප අපිරිසිදුතාවයට පත්ව ඇත. මින් අදහස් වන්නේ එක්තරා කාලයක දී ඔවුන් අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයෙන් සිටි බවයි. ඒ නිසයි, ඔවුන් අපිසිරිදු බවට පත්ව සිටිනවා කියන්නේ. මිනිස්සු හඬගසා කියනවා: අහෝ පාරිශුද්ධකරුවාණනී, එන්න. ඔවුන් පිරිසිදුව සිටිනා කල කිසිම කෙනෙක් ඔහුට කතා නොකරයි. දිව්‍ය ලෝකයක් කියන්නේ එයටයි. මෙහි සාදු සන්යාසීන් සහ පූජ්‍ය අය මතුරනවා "ඕ පතීත පාවන සිතාරාම්. එන්න" මෙසේ නොනවත්වා ඔවුන් යන යන තැන් වල ගායනා කරති. මුළු ලෝකයම අපිරිසිදුවෙලා කියා පියා පැහැදිලි කරනවා. මෙය රාවණගේ රජදහනයි. ඔවුන් රාන්ව පුළුස්සයි. එහෙත් කිසිවකු ඔහුගේ රාජධානිය පටන්ගත්තේ කවදාද යන්න නොදනී. භක්ති මාර්ගයේ බොහෝ සැරසිලි තියෙනවා. එක්කෙනෙක් එකක් කරනවා තව කෙනෙක් වෙන දෙයක් කරනවා. සන්යාසීන්ද නොයෙක් ආකාරයේ යෝගා ක්‍රම උගන්වනවා. ඇත්තෙන්ම යෝගා කියන්නේ කුමක්ද යන්න කිසිවකු නොදනී. ඔබට මේ ගැන කිසිවකුටත් දොස් පැවරිය නොහැකියි. මෙම නාටකය නියම කර තිබෙන්නෙකි. මා එනතුරු ඔවුන් තම කොටස් නොකඩවා රඟ පෑ යුතුයි. දැනුම සහ භක්තිය දෙකකි. දැනුම කියන්නේ දහවලයි. ස්වර්ණමය සහ රිදී යුග. පසුව භක්තිය කියන්නේ රාත්‍රියයි. එනම් තඹ හා යකඩ යුගයන් වේ. ඉන්පසු ඇතිවන්නේ නිරාශාවයි. පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් ඇතිවෙනවා. මෙම නිරාශාව අසීමිත වූවකි. ඔවුන්ගේ නිරාශාව සීමිත වුවකි. දැන් මේ පැරණි ලෝකය විනාශ වීමට තිබෙන බව ඔබ දන්නවා. නිවසක් තැනෙන විට පරණ නිවස ගැන නිරාශාවක් ඇතිවෙනවා. ඒ අසීමිත පියා මොනවගේ කෙනෙක්ද කියා බලන්න: ඔහු ඔබට දිව්‍ය ලෝකය නම් වූ නිවහනක් තනන්නේ. දිව්‍ය ලෝකය නව ලෝකයයි. අපාය පැරණි ලෝකයයි. නව ලෝකය පැරණි වන අතර පසුව නැවතත් එය අලුත් වෙනවා. නව ලෝකයේ කාල පරාසය කොපමණද යන්න ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. අප දැන් පැරණි ලෝකයේ වාසය කරමින් නව ලෝකය නිර්මාණය කරනවා. අප මෙම පැරණි සොහොන් බිමෙහි සුර දූතයන්ගේ දේශය නිර්මාණය කරනවා. මෙම යමුනා නදී තීරයත් සමග එහි අසබඩ මාලිගාව තැනෙනවා. මෙම දිල්ලියම යමුනා නදී තීරයේ තිබේවි. ඔවුන් පාණ්ඩවයන් සහ බලකොටුව ආදිය පෙන්වනවා: නාටක සැලැස්මට අනුව ඒවා අනිවාර්යයෙන්ම නැවතත් ඒ අයුරින්ම නිර්මාණය වෙනවා. ඔබ යාග හෝම පැවැත්වුවා. තපස්යා කළා. දාන සහ පුණ්‍යකර්ම ආදිය කළාක් මෙන්ම, නැවතත් වතාවක් ඒවා කිරීමට ඔබට සිදුවේවි. මුලදි ඔබ ශිවාට වන්දනා කළා. ඔබ ප්‍රථම ගණයේ කෝවිල් තැනුවා. එය අමිශ්‍ර වන්දනාව ලෙසයි හඳුන්වන්නේ. ඔබ දැන් ඉන්නේ දැනුම් මාර්ගයේය. මෙය අමිශ්‍ර දැනුමයි. ඔබ ප්‍රථමයෙන්ම වන්දනා කළ ශිවාට පමණක් සවන් දෙනවා. ඒ කාලයේදී එහි වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. එකල ඔබ බොහෝ සතුටින් සිටියා. දේව ධර්මය ඔබට විශාල සතුටක් ඇති කරන්නකි. එහි නම සඳහන් කරද්දීම ඔබේ කටට කෙළ උනනවා. ඔබ ඒ එකම එක පියාගේ දැනුමටයි සවන්දෙන්නේ. පියා කියනවා: අන් කිසිවකුට සවන් දෙන්න එපා. මෙය ඔබගේ අමිශ්‍ර වූ දැනුමයි. ඔබ දැන් අසීමිත පියාට අයිති වී සිටියි. මේ පරම පියාගෙන් පමණයි ඔබගේ උරුමය. ඔබේ උත්සාහයට අනුව අනුපිළිවෙලින් ඔබ ලබන්නේ. පරම පියා භෞතික ස්වරූපයෙන් පැමිණෙන්නේ කෙටි කාලයකටයි. ඔහු කියනවා: මම දැනුම දිය යුත්තේ ඔය දරුවන්ට පමණයි කියා. මෙය මගේ ස්ථිර ශරීරය නොවෙයි. මා මොහු තුළට ඇතුල් වී සිටිනවා. ශිවාගේ උපතින් පසු ඒත් එක්කම ගීතාවේ උපතත් සිදුවෙනවා. එනම් එතැනින් පටන් ඔහු දැනුම දෙන්න පටන් ගන්නවා. මෙම ආධ්‍යාත්මික දැනුම දෙන්නේ පරමාත්මයයි. මෙය ජලය පිළිබඳ දෙයක් නොවේ. ජලයට දැනුම කියා කිව නොහැකියි. දැනුම මගින් තමයි ඔබ අපිරිසිදුතාවයෙන් මිදී පිරිසිදු වන්නේ. ජලයෙන් ඔබ පිරිසිදු වන්නේ නැහැ. මුළු ලෝකය පුරාම ගඟුළු තිබෙනවා. දැනුමේ සාගරය වූ පියා මොහු තුළට ඇතුල් වී දැනුම දෙනවා. මෙහි මිනිසුන් ගව්මුක් (එළදෙනගේ මුඛය) වෙත යනවා. ඇත්තෙන්ම ඔබ සජීවී ව සිටිනා ගව්මුක් වැනිය. ඔබගේ කටින් දැනුම නම් වූ අමෘතය මතුවෙනවා. එළදෙන දෙන්නේ කිරි. ඉතින් මෙහි වතුරත් එක්ක ගැටළුවක් නැහැ. සැමටම සත්ගතිය ප්‍රධානය කරනා පියා මෙහිදී සෑම දේම පහදා දෙනවා. සෑම දේම පිරිහී ගොස් තිබෙන්නේ. මුලින් ඔබ දන්නේ නැහැ ඇයි මිනිස්සු රාවන්ගේ පඹයෙක් සාදා පුච්චන්නේ කියා. දැන් ඔබ දන්නවා මේ අසීමිත වූ දශේරාව පටන් ගැනීමට යන බව. මේ මුළු ලෝකයම දුපතකි (ලංකා). රාවන්ගේ රාජධානිය මුළු ලෝකය පුරාම පැතිරිලා. ආගමීක ග්‍රන්ථ වල වඳුරන්ගේ සේනාවක් සිටි බවත් ඔවුන් පාලමක් තැනු බවත් සඳහන්ව තිබෙනවා. ඒ සියල්ල විශ්වාස නොකළ හැකි කතා. භක්තිය දිගින් දිගටම සිදුවනවා. මුලදී මෙහි අමිශ්‍ර භක්තියක් තිබූ නමුත් පසුව මිශ්‍රිත භක්තියක් වුණා. දශේරා සහ රක්ෂා බන්ධන් යන උත්සව මේ කාලයට අදාල වේ. ශිව් ජයන්තියෙන් පසු ක්‍රිෂ්ණ ජයන්තිය එනවා. ක්‍රිෂ්ණාගේ දේශය දැන් ස්ථාපිත වෙමින් තිබෙනවා. අද එය යක්‍ෂ කාන්ස්ලාගේ දේශයයි. හෙට මෙය ක්‍රිෂ්ණාගේ දේශය බවට පත්වෙනවා. යක්‍ෂ සමාජය හඳුන්වන්නේ කාන්ස් ලෙසිනී. පාණ්ඩවයන් හා කෞරවයන් අතරේ කිසිදු සටනක් ඇති වූයේ නැහැ. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන්නේ ස්වර්ණමය යුගයේයි. පළමුවන කුමරා ඔහුයි. ඔහු ඉගෙන ගැනීමට පාසලට යනවා. ඔහු වැඩිවිය පත්වූ පසු අධිරාජ්‍යයේ සිංහාසනය මත අසුන් ගන්නවා. සියළු ප්‍රශංසාව හිමිවන්නේ අපිරිසිදුතාවය පිරිසිදු කරන ශිව බාබාටයි. නැටුම් ආදිය පවත්වන්නේ සතුටින් එකිනෙකා සමග එය සැමරීමටයි. කොහොමද ක්‍රිෂ්ණා තව කෙනෙකුට මෙම දැනුම දෙන්නේ? බාබා කියනවා: කිසිම කෙනෙක්ට භක්තිය නවත්වන්න කියා කියන්න එපා. නිරායාසයෙන්ම ඔවුන් එයින් ඉවත් වෙයි. ඔබ භක්තිය අතහැරියා, ඒවාගේම පාපය ද අහරින නිසා තමයි මෙහි බාධක ඇතිවන්නේ. බාබා කියා තිබෙනවා: මා මෙම රුද්‍ර යාග ගින්න නිර්මාණය කරනවා වාගේම යක්ෂ සමාජය විසින් බාධක ඇති කරනවා. මෙය තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් දේවත්වයට පත්කරවන ශිව බබාගේ අසීමිත වූ යාගාග්නිය. දැනුමේ යාග අග්නියෙන් විනාශයේ ගිනි ජ්වාලය මතුවූවා යැයි කියා ඇත. පැරණි ලෝකය විනාශ වූවාට පසුවයි නව ලෝකයේ පාලනය ඔබ ලබා ගන්නේ. මිනිස්සු කියනවා: ලෝකයේ සාමය ඇතිවිය යුතුයි. නමුත් මේ ක්‍රම කුමාරීන් කියන්නේ ලෝක විනාශය ඇතිවිය යුතුයි කියායි. ඔවුන් මෙසේ කියන්නේ දැනුම වටහාගත නොහැකි නිසයි. පියා විස්තර කරනවා. මේ මුළු පැරණි ලෝකයම දැනුම නම් වූ යාග අග්නියෙහි පිළිස්සී යාමටයි තිබෙන්නේ. පැරණි ලෝකය ගිනි ගැනීමට තිබෙන්නේ. ස්වභාවික ව්‍යසනයත් ඇතිවෙනවා. සෑම කෙනෙක්ම කපුපුළුන් මෙන් පොඩි වී ගොස් විනාශ වී යනවා. ආරක්ෂා වන්නේ ජීවාත්ම කිහිප දෙනෙක් පමණයි. ජීවාත්මය අවිනාශීය. දැන් සියළුම ශරීරය විනාශ වී යන අසීමිත හෝලිකාව පටන් ගැනීමට යන්නේ. කොහොම නමුත් ජීවාත්ම පිරිසිදු වී නිවස වෙත යනු ඇත. ගින්දරට දැමූ විට ද්‍රව්‍යයන් පිරිසිදු වෙනවා. සෑම දේම පිරිසිදු කිරීමට මිනිස්සු යාගහෝම පවත්වනවා. මේ සෑම දෙයක්ම භෞතිකයි. මුළු ලෝකයම දැන් බිලි වෙන්නයි යන්නේ. විනාශයට පෙර ස්ථාපනය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. ඔබ අන් අයට විස්තර කරන විට පළමුවෙන්ම ස්ථාපනය සිදුවන බවත් පසුව විනාශ සිදුවන බවත් ඔවුන්ට කියන්න. ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මා මාර්ගයෙනී. ප්‍රජාපිතා බ්‍රහ්මා බොහෝ සේ ප්‍රසිද්ධයි. ආදී දේව් හෝ ආදී දේවි කියා දෙදෙනෙක් ගැන සඳහන් වී තිබෙනවා. ජගදම්මාට කෝවිල් සියදහස් ගණනක් තිබෙනවා. බොහෝ උත්සව (මේලා) පවත්වනවා. ඔබ තමයි ජගදම්බාගේ දරුවන් වූ ග්‍යාන් ග්‍යානේශ්වරි (දැනුමෙන් පිරි අය). පසුව ඔබ රාජ රාජේශ්වරි (රජකුමරු, රජ කුමාරියන්) බවට පත් වෙනවා. ඔබ බොහෝ ධනවත් වෙනවා. පසුව භක්ති මාර්ගයේ දී, දීපාවලී උත්සව කාලයේදී මිනිස්සු නැසෙන සුළු ධනය උදෙසා ලක්‍ෂමීට ප්‍රාර්ථනා කරනවා. මෙහි ඔබ සියළුම දේ ලබනවා. ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා, ඔබට පුත්‍රයන් ලැබේවා. එහිදී ආයු කාලය දල වශයෙන් අවුරුදු 150කි. මෙහිදී, ඔබ කොතරම් දුරට යෝගා හී යෙදෙනවා ද ඒ තරමටම ඔබගේ ආයු කාලය දීර්ඝ වෙනවා. මෙහි ඔබ ඊශ්වර සමග යෝගා කර යෝගේෂ්වර බවට පත්වෙනවා. පියා කියනවා: මා තමයි රෙදි අපුල්ලන්නා. මා සෑම ජීවාත්මයක්ම එනම් සෑම කිළිටි ඇඳුමක්ම පිරිසිදු කරනවා. ඉන්පසු ඔබට පිරිසිදු ශරීර ලැබෙනවා. ලෝකයේම ඇඳුම් මා එසැනින් පිරිසිදු කරනවා. මන්මනාභව් තත්ත්වයට පත්වීමෙන් ම ජීවාත්මය සහ ශරීරය පාරිශුද්ධත්වයට පත්වනවා. එය මැජික් එකක්. එහෙම නේද? එක් ක්ෂණයකින් ජීවන් මුක්තිය ලැබීම කෙතරම් හොඳ ක්‍රමයක් ද? එහෙ මෙහෙ ඇවිදින විටත් පියා සිහිපත් කරන්න. මා ඔබට මීට වඩා කරදරයක් කරන්නේ නැහැ. දැන් මොහොතින් ඉහළට යන තත්ත්වය ඔබට තිබෙනවා. පියා කියනවා: මා ඔය දරුවන්ගේ සේවකයෙක් ලෙස මෙහි එනවා. ඔබ මට කතා කළා: අහෝ පාරිශුද්ධ කරුවාණනී, පැමිණ අපව පාරිශුද්ධ කරන්න. එමනිසා, මම සේවකයෙක්. නොවේද? ඔබ බොහෝ අපිරිසිදු වුණාම තවත් හයියෙන් කෑගසනවා. මා දැන් පැමිණ සිටින්නේ. සෑම වක්‍රයක දීම මා පැමිණ දරුවන්ට මන්ත්‍රයක් දෙනවා: මා සිහිපත් කරන්න,මන්මනාභව යන්නෙහි අර්ථය මෙයයි. පසුව ඔබ විෂ්ණුගේ දේශයෙහි පාලකයන් බවට පත්වනවා. ඔබ විෂ්ණුගේ දේශයෙහි රාජ්‍යය ලබාගන්නයි ඇවිත් සිටින්නේ. රාවණාගේ දේශයෙන් පසු විෂ්ණුගේ දේශය එනවා. කාන්ස්ගේ දේශයෙන් පසු ක්‍රිෂ්ණාගේ දේශය එනවා. සෑම දෙයක්ම ඔබට ඉතාමත් පහසු ආකාරයෙන් විස්තර කර තිබෙනවා. පියා කියනවා: මේ පැරණි ලෝකයට තිබෙන සියළු බැඳීම් අහවර කරන්න. අප දැන් අපගේ උපත් 84 සම්පූර්ණ කර තිබෙනවා. අප මෙම පරණ ඇඳුම මෙහි දමා නව ලෝකයට යනවා. මරණය තුළින් පමණයි ඔබගේ පාප කැපී යන්නේ. ඔබ තුළ මෙවන් වූ ධෛර්යයක් තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සැමවිටම ඔබේ කටින් දැනුම නම් වූ අමෘතය පමණක් මතු වීමට ඉඩ දෙන්න. සෑම කෙනෙකුටම සත්ගතිය ලබා ගන්නට දැනුම දෙන්න. අන් කිසිම කෙනෙකුගේ නොව ඒ එකම එක පියාගේ දැනුමට පමණක් සවන් දෙන්න.

2. ඉහළට නැගීමේ ස්ථිතියට යාම සඳහා, එහෙ මෙහෙ ඇවිදිමින් සිටින විටත්, ඒ එකම එක පියා පමණක් සිහි කිරීමට හුරු වෙන්න. මේ පැරණි ලෝකයටත් ඔබගේ පැරණි ඇඳුමටත් ඇති සියළු බැඳීම් අහවර කරන්න.

වරදානය:
ඔබ එක් මාවත අනුගමනය කරමින් සියලු සම්බන්ධතා ඒකායන කෙනා සමඟ පවත්වන, අංගසම්පූර්ණ සුරදූතයෙක් වේවා.

ඔබගේ බුද්ධියෙන් අශාරීරික සහ ශාරීරික ස්වරූප වලින්, ඒකායන පියා සමඟ ඇසුරක් සහ සබැඳියාවක් පවත්වාගන්න, එවිට ඔබ සුරදූතයෙක් වෙයි. සියලු නෑකම් හා සම්බන්ධතා ඒකායන කෙනා සමඟ පවත්වන අය, සෑම විටම සුරදූතයන්ය. රජය, මාවතක මෙවන් පුවරුවක් දමන ආකාරයෙන් මෙම පාර වසා ඇත, ඒ අන්දමින්ම සියලු මාවත් වසා දමන්න එවිට ඔබගේ බුද්ධිය සැරිසැරීම නවතයි. බාප්දාදාගේ නියෝගය වන්නේ පළමුව සියලු මාවත් වසා දමන්න, මෙය කිරීමෙන් ඔබ පහසුවෙන් සුරදූතයෙක් වෙයි.

පාඨය:
සේවය වෙනුවෙන් නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගය තිබීම, මායාගෙන් ආරක‍්ෂිතව සිටීමේ ක්‍රමවේදයයි.


මාතේශ්වරීගේ අමිල වදන්

පරමාත්ම දෙවියන්ගේ නිරන්තර සිහි කිරීමේ සිටීමට අසුන්ගැනීම.

අපි පරමාත්ම දෙවියන්ගේ සිහිකිරීමේ අසුන් ගන්නා විට, අසුන්ගැනීමේ ඇති අරමුණ කුමක්ද? අප කළ යුත්තේ දෙවියන්ගේ සිහිකිරීමේ අසුන්ගැනීම පමණක් නොවෙයි, මන්ද, සෑම මොහොතකම ඇවිදින සහ එහෙ මෙහෙ යන එන විට අප දෙවියන්ගේ ස්මරණයේ සිටිය යුතුයි. අපට සිහි කළ හැක්කේ අප නම සහ ස්වරූපය දන්නා අයව පමණයි. පරමාත්ම දෙවියන් නමක් සහ රුවක් ඉක්මවා ඇති බව අප පවසන්නේ නම්, එවිට අප ඔහු සිහි කළ යුත්තේ කුමන ස්වරූපයෙන්ද? පරමාත්ම දෙවියන් සර්ව ව්‍යාප්ත බව අප පවසන්නේ නම්, එවිට ඔහු සෑම තැනකම සිටියි, එබැවින් අප සිහි කළ යුත්තේ කාවද? අප සිහි කිරීම ගැන කතා කරන්නේ නම්, එවිට අනිවාර්යෙන්ම අප සිහි කළ යුතු ස්වරූපයක් තිබිය යුතුයි. ස්මරණය යනු, සිහි කරන කෙනා සහ අනෙක් කෙනා සිහි වීමට ලක් වන කෙනාය. එබැවින් සිහි කරන කෙනා සිහි වීමට ලක්වන කෙනාගෙන් අනිවාර්යෙන්ම වෙනස්ය. එබැවින් ඉන් කියැවෙන්නේ පරමාත්ම දෙවියන් සෑම තැනකම නොසිටින බවයි. ජීවාත්ම, දෙවියන්ගේ කොටස් බව අප කියන්නේ නම්, එවිට දෙවියන් කැබලි බවට පත් වෙලාද? ඉන් කියැවෙන්නේ පරමාත්ම දෙවියන් විනාශ වන බවත් ඔහුව සිහි කිරීමත් විනාශ වන බවයි. පරමාත්ම දෙවියන් අවිනාශී බවත් එම අවිනාශී පරම පියා, පරමාත්ම ජීවයගේ දරුවන් වන අප ජීවාත්මත් අවිනාශී බව, මිනිසුන් නොදනී. එබැවින් අප ඔහුගේ නිර්මාණයක්, ඔහුගේ කොටසක් නොවෙයි. පරමාත්ම දෙවියන්ම පැමිණ අප දරුවන්ට ලබා දෙන මෙම ඥානය අපට අවශ්‍යයි. දරුවන් වන අප වෙනුවෙන් පරමාත්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ වදන් වන්නේ දරුවනේ, මා කවුරුන්ද, මා කුමක්ද, යන නිවැරදි ආකාරයෙන් මා සිහි කිරීමෙන් ඔබට අනිවාර්යෙන් මාව අත්කර ගත හැක. සතුට සහ දුක ඉක්මවා සිටින පියාණන් වන මා, සර්ව ව්‍යාප්ත වූයේ නම්, මෙම නාටකයේ සතුට සහ දුක නොතිබෙයි. එබැවින් මා සර්ව ව්‍යාප්ත නැත. මාද අනෙක් ජීවාත්ම මෙන්ම ජීවාත්මයකි, නමුත් සියලුම ජීවාත්ම සමඟ සසඳන විට මගේ ගුණධර්ම උත්තරීතරයි, මා පරමාත්ම ජීවය, දෙවියන්, ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. අච්චා.