06.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ ආරක්ෂාව රඳා පවතින්නේ ජීව අවධානයට පත් වීම මතයි. ශ්‍රීමත් වලට අනුකූලව
සේවයේ නිරත වීමෙහි කාර්ය බහුල වන්න. එවිට ශාරීරික අවධානයේ ස්වරූපයෙන් එන සතුරා ඔබට
පහර නොදෙනු ඇත.
ප්‍රශ්නය:
ඔබගේ හිස මත
මහා පාප බරක් තිබෙනවාය යන්න පෙන්නුම් වෙන්නේ කුමකින්ද? එම බර සැහැල්ලු කර ගැනීමට
ඇති මාර්ග මොනවාද?
පිළිතුර:
පාපකාරී ක්‍රියා වල බර තිබියදී ඔබට දැනුම හොඳින් උකහා ගැනීමට ලැබෙන්නේ නැහැ. නැවත
නැවතත් බාධකම ඇති කරවන විදියේ ක්‍රියා කර තිබෙනවා. ඒවා ඔබට වර්ධනය වීමට ඉඩ දෙන්නේ
නැහැ. එම බර නිදහස් කර ගැනීම සඳහා නින්ද ජය ගත්තන් බවට පත් වන්න. රාත්‍රිය පුරා
අවදිව සිට බාබාව සිහි කරන්න. ඔබගේ බර සැහැල්ලු වනු ඇත.
ගීතය:
මව්නි, මව්නි,
ලෝකයට වාසනාව කැන්දන්නී ඔබයි...
ඕම් ශාන්ති.
මෙය ජගදම්බාගේ වර්ණනාවයි. මන්ද, මෙය අළුත් නිර්මාණයකි. සම්පූර්ණයෙන්ම අළුත් වූ
නිර්මාණයක් තිබිය නොහැකියි. පැරණි දේ අළුත් වෙනවා. මරණීය දේශයෙන් ඔබ අමරණීයත්වයේ
දේශය වෙත ගමන් කළ යුතුයි. මෙය ජීවිතයත් මරණයත් ගැන වූ ප්‍රශ්නයකි. එක්කෝ ඔබ මෙම
මරණීය දේශයෙන් සම්පූර්ණයෙන්ම මිය යා යුතුයි. නැතිනම් ජීව මරණයක් ලබා අමරණීය දේශය
වෙත යා යුතුයි. ලෝකයේ මාතාව යනු ලෝකය නිර්මාණය කරන්නායි. පියා දිව්‍යලෝකයේ නිර්මාතෘ
යන්න සහතිකයි. ඔහු බ්‍රහ්මා මාර්ගයෙන් එම නිර්මාණය බිහිකරනා බවත් සහතිකයි. පියා
කියනවා මම සූර්ය හා චන්ද්‍ර වාංශික රාජ්‍යයන් ස්ථාපනය කරනවා. මම සංගම යුගයේදී
පැමිණිය යුතුයි. ඔහු කියනවා මම චක්‍රයේ සංගම යුගයේදී පැමිණෙමි. මම සෑම කල්පයකම සෑම
සංගම යුගයකදීම පැමිණෙමි. මෙය ඉතාමත් පැහැදිලි විස්තරයකි. මිනිස්සු වැරදීමකින් නම
වෙනස් කරලා. සර්ව ව්‍යාප්තිය ගැන මිනිස්සු කියනා විට, ඔවුන්ගෙන් ඔබ මෙසේ ඇසිය
යුතුයි මෙසේ කීවේ කවුද? කවදාද ඔහු එසේ කීවේ? එය ලියා ඇත්තේ කොහේද? හොඳයි මෙය කියනා
ගීතාවේ දෙවියන් කවුද? ශ්‍රී ක්‍රිෂ්ණා ශාරීරික කෙනෙක්. ඔහු සර්ව ව්‍යාප්ති වෙන්න
බැහැ. ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම වෙනස් වුණා නම්. සෑම දෙයක්ම වැටෙන්නේ පියාටයි. පියා ඔබට
උරුමයක් දිය යුතුයි. ඔහු කියනවා සූර්ය හා චන්ද්‍ර වාංශික උරුමයන් ලබා දීම සඳහා මම
දරුවන් වන ඔබට රාජයෝගා උගන්වන්නෙමි. නැතිනම්, උපත් 21කට උරුමය ඔහුට ලබා දුන්නේ
කවුද? බ්‍රහ්මාගේ මුඛයෙන් බ්‍රහමින්වරුන් නිර්මාණය වුණා කියා සඳහන් වී තිබෙනවා. ඔහු
බ්‍රහමින්වරුන් වන ඔබලාට ලෝකයේ මුල, මැද හා අග ගැන වූ දැනුම කියා දෙනවා. එමනිසා,
අනිවාර්යෙන්ම මෙම දැනුම දෙන කෙනා මෙම පින්තූර දැනුම පැහැදිලි කිරීම සඳහා සූදානම්
කරන්න ඇති. ඇත්තෙන්ම කියනවා නම්, ඒවා ඉගෙන ගැනීමක් කරන්න නැහැ. කොහොමනමුත්,
පැහැදිලි කිරීමේ පහසුව සඳහා මෙම පින්තූර නිර්මාණය කර තිබෙනවා. මෙමඟින් බොහෝ දේ ලබා
ගත හැකියි. ඉතින් ජගදම්බාව වර්ණනාවට ලක් වූ තැන් රාශියක් තිබෙනවා. ශිව ශක්තීන්
කියාත් කියනවා. ඔබට බලය ලැබෙන්නේ කාගෙන්ද? ලෝක බලධාරී පියාගෙන්. ඔහුව වර්ණනා කරනා
විට ‘ලෝක සර්ව බලධාරියා‘ කියාත් ලිවිය යුතුයි. බලධරයා යනු සෑම ග්‍රන්ථයක් ගැනම වූ
සම්පූර්ණ බලය, දැනුම ඔහු තුළ තිබෙනවා. එය පැහැදිලි කිරීමේ අධිකාරීත්වය ඔහුට
තිබෙනවා. බ්‍රහ්මාගේ අතේ ග්‍රන්ථ තබා වේද හා ග්‍රන්ථ වල රහස් සෑම දෙයක්ම කියන්නේ
බ්‍රහ්මාගේ මුඛයෙන් කියා මිනිස්සු කියනවා. ඉතින් එසේ නම් අධිකාරීත්වය ඇත්තේ ඔහුට
නොවේද? සෑම වේද ග්‍රන්ථයකම ආගමික ග්‍රන්ථයකම රහස් ඔහු ඔබට කියා දෙනවා. ආගමික
ග්‍රන්ථ යනු මොනවාදැයි කියා ලේකයේ මිනිස්සු දන්නේ නැහැ. ආගම් වර්ග හතරක් තිබෙනවා
කියා සඳහන් කර තිබෙනවා. ඒ අතරෙත් එක් ප්‍රධාන ධර්මයක් තිබෙනවා. ඒක තමයි පදනම. නුග
ගස පිළිබඳ උදාහරණයක් දී තිබෙනවා. එහි පදනම දැන් දිරාපත් වෙලා. නමුත් අතු රිකිලි
තවමත් තිබෙනවා. එය උදාහරණයක් පමණයි. ලෝකය පුරා ගස් වර්ග රාශියක් තිබෙනවා. සත්
යුගයේත් ගස් තිබේවි. ඔව් එහි කැළෑ නැහැ. නමුත් උද්‍යාන තිබෙනවා. අවශ්‍ය දේවල් සඳහා
වනාන්තර තිබේවි. දැව ආදිය අවශ්‍යයි. සිව්පාවුන්, කුරුල්ලන් බොහෝ දෙනෙක් වෙසෙන්නේ
වනාන්තර වලයි. කොහොමනමුත්, එහි ඇති සෑම දෙයක්ම ඉතාමත් හොඳ ඵල දරණ ඒවායි. එහි සිටිනා
කුරුල්ලන් හා සිව්පා සතුන් පවා ඉතාමත් අලංකාරයි. අපිරිසිඳුතාවන් ඇති කරනා කිසිම
දෙයක් එහි නැහැ. කුරුල්ලන් හා සිව්පාවුන් තුළ ලස්සනක් තිබිය යුතුයි. එහි මුළු ලෝකයම
සතෝප්‍රධාන්, එමනිසා එහි ඇති සෑම දෙයක්මත් සතෝප්‍රධාන්. පාරාදීසයෙන් තවත් වෙන මොනවද
ඔබ බලාපොරොත්තු වෙන්නේ? පළවෙනිම හා ප්‍රධානම දෙය නම් පියාගෙන් ඔබගේ උරුමය දිනා
ගැනීමයි. පින්තූර නිර්මාණය වේවි. ඒවා මත මෙසේ ලියන්න බ්‍රහ්මා මඟින් ස්ථාපනය,
විෂ්ණු මඟින් පැවැත්ම... මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි එහි සෑම දෙයක්ම
පෝෂණය කරනා ලක්ෂ්මි හා නාරායන් එකතුවක් වශයෙන් විෂ්ණුව පෙන්නුම් කරන්නේ. ඒක
මිනිසුන්ට තේරෙනවා. කෝටි ගණනකින් අතේ ඇඟිලි ප්‍රමාණයක් පමණයි අවබෝධ කර ගන්නේ. දැනුම
ඇහුම් කන් දෙන විට ඉතාමත් පුදුමයට පත් වී අන් අයටත් එය කියා දී පසුව ඔවුන්ගේ
උත්සාහයේ තරම අනූව මට්ටමක් ලබා ගත් අය පිළිබඳවත් කරුණු සඳහන් කර තිබෙනවා. මෙම කරුණු
කොහේ හෝ සඳහන් වී තිබෙනවා. ‘දෙවියන් කතා කරයි‘ යන්නත් නිවැරදියි. දෙවියන්ගේ ජීවිත
කතාව වැරදුණොත් අන් සෑම ග්‍රන්ථයක්මත් බොරු වෙනවා. දවසින් දවස පියා ඉතාමත් හොඳ
කරුණු පෙන්වා දෙනවා. පළමුවෙන්ම, දෙවියන් තමයි දැනුමේ සාගරය වන්නේ, මානව වෘක්ෂයේ
බීජය වන්නේ යන්න පිළිබඳ වූ විශ්වාසය ඔවුන් තුළ ඇති කරවිය යුතුයි. ජීවමය බීජය තුළ
ඇත්තේ කුමන දැනුමද? අනිවාර්යෙන්ම ගස පිළිබඳ වූ දැනුම විය යුතුයි. පියා පැමිණ
බ්‍රහ්මා මාර්ගයෙන් දැනුම පැහැදිලි කර කියා දෙනවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්
කියන නම ඉතාමත් හොඳයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ කුමාරයින් හා කුමාරියන් ගණනාවක්
සිටිනවා. මේ තුළ කිසිම අන්ධ විශ්වාසයක් නැහැ. මේක තමයි නිර්මාණය. සෑම කෙනෙක්ම
කියනවා බාබා, මමා හෝ ඔබ තමයි මව හා පියා කියලා. ජගදම්බා, සරස්වතී කියන්නේ
බ්‍රහ්මාගේ දියණියයි. ඇත්තෙන්ම ඇය බී.කේ. කෙනෙක්. මීට කල්පයකට පෙරත් නව ලෝකයක්
නිර්මාණය වුණා. ඉතින් අනිවාර්යෙන්ම බ්‍රහ්මා මඟින් එය දැනුත් නිර්මාණය විය යුතුයි.
ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ සෑම රහසක්ම පැහැදිලි කර කියා දෙන්නේ පියා පමණයි.
මෙන්න මේ නිසා තමයි ඔහු දැනුමින් පිරි කෙනා වශයෙන් හඳුන්වන්නේ. බීජය තුළ
අනිවාර්යෙන්ම ලෝක චක්‍ර පිළිබඳ වූ දැනුම තිබිය යුතුයි. ඔහුගේ නිර්මාණය වන්නේ ජීවමය
වූ මානව ලෝකයයි. පියා ඔබට රාජයෝගා උගන්වනවා. උත්තරීතර පියා වන, උත්තරීතර ජීවය මෙහි
ඉඳගෙන බ්‍රහමින්වරුන් වන ඔබට බ්‍රහ්මා මාර්ගයෙන් උගන්වනවා බ්‍රහමින්වරුන් වන ඔබලා
එවිට දේවතාවරුන් බවට පත් වේවි. ඔහුට ඇහුම්කන් දෙන විට ඔබ ඉතාමත් හොඳ වින්දනයක්
ලබනවා. නමුත් ශාරීරික අවධානය නිසා සෑම කෙනෙක්ම එය ඒ ආකාරයෙන්ම උකහා ගන්නේ නැහැ.
මෙතැනින් ඉවත් වී ගිය සැනකින්ම සියල්ල අවසන් වෙනවා. නොයෙකුත් ආකාරයේ ශාරීරික
අවධානයන් තිබෙනවා. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයි. පියා කියනවා නින්ද ජය ගත්තෙක්
බවට පත් වන්න. ‘ශාරීරික අවධානය ඉවත් කරන්න. ජීව අවධානයට පත් වන්න.‘ රාත්‍රිය පුරා
අවදිව සිටිමින් පියාව සිහි කරන්න. මන්ද, උපත් ගණනාවක මහා පාප බරක් ඔබගේ හිස මත
පැටවී තිබෙනවා. දැනුම උකහා ගැනීමට එය ඔබට ඉඩ දෙන්නේ නැහැ. ජීව අවධානයට පත් නොවිය
හැකි ආකාරයේ ක්‍රියා ඔබ කර තිබෙනවා. බොරු රාශියක් කියනවා. බොරු මහා ගොඩක් දමා
වාර්තාවක් ලියා ඔබ එය බාබාට යවනවා, දවසින් 75% ක්ම මම ස්මරණයේ යෙදෙනවා කියා.
කොහොමනමුත් බාබා කියනවා එය විය නොහැකි දෙයක්. අන් සෑම කෙනෙක්ටම වඩා ඉදිරියෙන්
සිටිනා කෙනා කියනවා මම කොපමණ උත්සාහ කළත් බාබාව සිහි කරන්න, මායා මට පියාව අමතක
කරවනවා. අවංක වාර්තාවක් ලිවිය යුතුයි. බාබා තමාගේ අත්දැකීම් තමයි මේ කියන්නේ. ඉතින්
දරුවනුත් ඔහුව අනුගමනය කළ යුතුයි. ඔවුන් ඔහුව අනුගමනය නොකරනා නිසා ඔහුට
වාර්තාවක්වත් එවන්නේ නැහැ. උත්සාහ දැරීම සඳහා ඔබට කාලය දී තිබෙනවා. මෙම දැනුම උකහා
ගැනීම ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ පහසු දෙයක් නොවෙයි. වෙහෙසට පත් නොවිය යුතුයි.
ඇතැම් අය තේරුම් ගැනීම සඳහා ටික කලක් ගන්නවා. අද නැතිනම් හෙට ඔවුන් අවබෝධ කර ගනීවි.
දේවතා ධර්මයට අයිතිව ඉඳ පසුව වෙනත් වෙනත් ආගම් වලට මාරු වුණු අය මෙහි පැමිණෙනු
ඇතැයි කියා බාබා දැනටමත් කියා තිබෙනවා. අප්‍රිකාවේ අයගේ සම්මන්ත්‍රණයකුත් කවදා හෝ
පැවැත්වේවි. ඔවුන් දිගටම භාරත දේශයට පැමිණේවි. මීට පෙර ඔවුන් කවදාවත් මෙහි පැමිණියේ
නැහැ. දැන් සෑම වැදගත් පුද්ගලයෙක් වගේම පැමිණෙනවා. ජර්මනියේ රජ කුමාරයා වැනි අය
කවදාවත් එම රටින් පිටතට යන්නේ නැහැ. නේපාලයේ රජු කවදාවත් රේල් පාරක් දැකලා නැහැ.
ඔහුට ඔහුගේ සීමාවෙන් එහාට යාමට කිසිම අවසරයක් තිබුණේ නැහැ. පාප්වහන්සේත් කවදාවත්
වෙන කිසිම පිට තැනකට ගියේ නැහැ. නමුත් පසුව ඔහු මෙහි පැමිණියා. සෑම කෙනෙක්ම
පැමිණේවි. මන්ද, මෙම භාරතය සෑම ආගමකම විශාලම වූ ස්ථානය වන නිසා. මෙන්න මේ නිසා තමයි
මෙය ඉතාමත් බලවත්ව ප්‍රචාරය කරන්නේ. මෙය සෑම ආගමකම අයට පවසා ඔවුන්ට ආරාධනා කළ
යුතුයි. වෙනත් ආගම් වලට හැරුණු දේවතා ධර්මයේ අය පමණක් මෙහි පැමිණ මෙම දැනුම ගනීවි.
මේ සඳහා අවබෝධයක් අවශ්‍යයි. කෙනෙක්ට මෙය අවබෝධ වෙනවා නම්, ඔහු අනිවාර්යෙන්ම
හක්ගෙඩිය පිඹීවි. අපි බ්‍රහමින්වරුන් වන නිසා ගීතාව පමණක් කතා කළ යුතුයි. එය ඉතාමත්
පහසුයි. දිව්‍යලෝකයේ නිර්මාණකරු වන්නේ අසීමිත පියායි. ඔහුගෙන් අපගේ උරුමය දිනා
ගැනීම අප සතු අයිතියයි. සෑම කෙනෙක්ටම තමාගේ දෙමාපියන්ගේ නිවස වෙත මුක්ති දේශය වෙත
යාමට අයිතියක් තිබෙනවා. මුක්තිය හා ජීවන මුක්තිය සඳහා ඔවුන්ට අයිතියක් තිබෙනවා. සෑම
කෙනෙක්ටම ජිවන මුක්තිය ලැබෙනවා. ඔබ බන්ධන වලින් පිරි ජීවිතයෙන් නිදහස් වී සාමය වෙත
යනවා. පසුව නැවත මෙහි පැමිණි විට ඔබ යන්නේ ජීවන මුක්තිය වෙතටයි. කොහොමනමුත්, සෑම
කෙනෙක්ටම සත් යුගයේ ජීවන මුක්තිය හිමි වන්නේ නැහැ. සත් යුගයේ දී, ජිවන මුක්තිය
තිබෙන්නේ දේවතාවරුන්ටයි. පසු වී පැමිණෙන අයට අඩු සතුටකුත් අඩු දුකකුත් ලැබෙනු ඇත.
මේක තමයි ගිණුම. ඉහළම ඉහළ භාරතය දැන් ඉතාමත් දිළිඳු දරිද්‍රම රට බවට පත් වෙලා.
පියාම කියනවා මෙම දේවතා ධර්මය විශාල සතුටක් දෙන ධර්මයකි. මෙම නාටකය කල්තබාම තීරණය
වූවකි. සෑම කෙනෙක්ම තම තමන්ගේ කාලයේ දී පැමිණ තම තමන්ට අයිති චරිත රඟපානවා.
දිව්‍යලෝකයේ පියා පමණයි දිව්‍යලෝකය ස්ථාපනය කරන්නේ වෙන කිසිම කෙනෙක්ට මෙය කරන්න
බැහැ. ක්‍රි.පූ. 3 වන සියවස පමණ කාලයේ දී සැබෑ දිව්‍යලෝකයක් අළුත් ලෝකයක් තිබුණා
කියා මිනිස්සු කියනවා. එහාට ක්‍රිස්තුන් වහන්සේ පැමිණෙන්නේ නැහැ. ඔහු පැමිණෙන්නේ
ඔහුට අයිති කාලයේදීයි. ඔහු නැවතත් ඔහුගේ කොටස රඟපෑ යුතුයි. මේ සියල්ලම ඔබගේ සිහියට
ඇතුළු වුණු විට පමණයි ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ. සෑම කෙනෙකුගේම බුද්ධිය එක වගේ
නොවෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීම සඳහා ධෛර්යය අවශ්‍යයි. බ්‍රහ්මා හා ජගදම්බා මඟින්
ඔබට මට මොනවා කන්න දුන්නත්, මොනවා අඳින්න දුන්නත්... ඔහු සෑම දෙයක්ම කරන්නේ
බ්‍රහ්මා මඟින් නේද? ඉතින් ඒ දෙදෙනාම එකටම සිටිනා දෙදෙනෙකි. ඔහු ඔහුගේ කාර්යය කරගෙන
යන්නේ බ්‍රහ්මා මඟින්ම පමණයි. ශරීර දෙකක් එකට තිබෙනවා නොවෙයි. එකට ඇළුණු ශරීර
තිබෙනා ඇතැම් දරුවන් බාබා දැක තිබෙනවා. ඒ දෙදෙනාගේ ජීව එකිනෙකට වෙනස්. බාබා මොහුට
ඇතුළු වෙනවා. ඔහු දැනුමින් පිරි කෙනායි. ඉතින් ඔහු දැනුම දෙන්නේ කවුරු මඟින්ද?
ක්‍රිෂ්ණාගේ පිළිමය වෙනස් එකක්. මෙහාට බ්‍රහ්මා අවශ්‍යයි. බ්‍රහ්ම කුමාරයින් හා
කුමරියන් රාශියක් සිටිනවා. මෙය අන්ධ විශ්වාසයක් නොවෙයි. දෙවියන් තමා ළඟට ගත්
දරුවන්ට උගන්වනවා. මීට පෙර කල්පයේ දීත් එලෙස ගත් දරුවන් මෙම කල්පයේදීත් අරගෙන
සිටිනවා. ඔවුන් බී.කේ. වරුන් කියා වෙන කිසිම පිට කාර්යාලයකදී කිසිම කෙනෙක් කියනා
එකක් නැහැ. මෙය අදෘශ්‍යමාන දෙයකි. ඔබලා කෙසේ හෝ ශිව බාබාගේ දරුවන්ය. කොහොමනමුත්, නව
ලෝකය සඳහා නිර්මාණය සූදානම් විය යුතුයි. ඔහු පැරණි දෙය අළුත් කරවනවා. ජීවය තුළ
නොයෙකුත් කහට මිශ්‍ර වුණු විට එය පරණ වෙනවා. රත්රන් වලට වෙන වෙන ලෝහ වර්ග මිශ්‍ර
වුණු විට එය බොරුවක් වෙනවා. ජීවය බොරුවක් වුණු විට, ශරීරයත් බොරුවක් වෙනවා. එසේ
නම්, නැවතත් එය සැබෑ දෙයක් බවට පත් කරවන්නේ කෙසේද? මිශ්‍ර වුණු දෙයක් පිරිසිඳු
කරන්න ගින්දරට දමනවා. එසේ නම්, එවන් විශාල විනාශයක් සිදු වෙනවා. ඒ සෑම උත්සවයක්ම
භාරතයට අදාළ ඒවායි. ඒවා කාගේ ද, කවදා ඉඳන්ද සමරන්නේ වැනි කිසිම දෙයක් කිසිම කෙනෙක්
දන්නේ නැහැ. දැනුම ලබා ගත හැක්කේ ඉතාමත් ටික දෙනෙකුටයි. ඇතැම් විට ඔවුන් අවසානයේදී
රාජ්‍යයක් ලබා ගනීවි. නමුත් එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? එහි ඇත්තේ ඉතාමත් කුඩා
සතුටකි. එහෙම නේද? ටිකෙන් ටික දුක ඇරඹෙනවා. මෙන්න මේ නිසා තමයි ඔබ ඉතාමත් හොඳින්
උත්සාහ දැරිය යුතු වන්නේ. අළුත් දරුවන් රාශියක් ඉතාමත් දක්ෂ අය බවට පත් වී සිටිනවා.
පැරණි අය මෙතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන් තුළ විශාල ශාරීරික අවධානයක්
තිබෙනවා. බාබාගේ හදවත දිනා ගත හැක්කේ සේවය කරනා අයට පමණයි. ඇතුළතින් ඔවුන් එක දෙයක්
හා පිටතින් තවත් දෙයක්, කියා කියනවා. හොඳ දරුවන්ට බාබා හදවතින්ම විශාල සෙනෙහසක් පුද
කරනවා. ඇතැම් අය පිටතට ඉතාමත් හොඳයි. නමුත් ඇතුළතින් ඉතාමත් නරකයි. ඇතැම් අය කිසිම
සේවයක් කරන්නේ නැහැ. ඔවුන් අන්ධයින්ට සැරයටියක් බවට පත් වන්නේ නැහැ. දැන් මේ ඇත්තේ
ජීවිතයත් මරණයත් ගැන ප්‍රශ්නයකි. අමරණීය දේශයේ දී ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගත
යුතුයි. මීට පෙර කල්පයේ දී උසස් උත්සාහයක් දැරූ අය හා උසස් තත්ත්වයක් ලබා ගත් අයව
ඔබට හඳුනා ගත හැකියි. ඒ සෑම දෙයක්ම හොඳින් පෙනෙනවා. වැඩි වැඩියෙන් ජීව අවධානයට පත්
වුණු තරමට ඔබට ආරක්ෂිතව ජීවත් විය හැකි වනු ඇත. ශාරීරික අවධානය ඔබව පරාජය කරවනවා.
පියා කියනවා ශ්‍රීමත් වලට අනුකූලව වැඩි වැඩියෙන් සේවය කළ තරමට තමයි වඩාත් හොඳ. බාබා
සෑම කෙනෙක්ටම පහදා දෙනවා. පින්තූර භාවිත කර පැහැදිලි කිරීම ඉතාමත් පහසුයි. ඔබ සෑම
කෙනෙක්ම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්ය. ඒ ශිව බාබා ජ්‍යෙෂ්ඨ බාබායි, ඔහු නව
ලෝකයක් නිර්මාණය කරනවා. දෙවියන්ට මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවීම සඳහා වැඩි
කාලයක් ගත වුණේ නැහැයි කියා සඳහන් කර තිබෙනවා. සික් ආගමේ මිනිස්සු පවා දෙවියන්ගේ
ගුණ ගායනා කරනවා. ගුරු නානක්ගේ වචන පවා ඉතාමත් හොඳයි. දෙවියන්ගේ නම සිහි කරන්න.
එවිට ඔබට විශාල සතුටක් ලැබෙනු ඇත. මේක තමයි සාරාංශ සැබෑ දෙවියන්ව සිහි කළොත්, ඔබට
සතුට ලැබෙනු ඇත. එනම්, ඔබට උරුමයක් හිමි වනු ඇත. මිනිස්සු අශරීරික කෙනෙක් ගැන
විශ්වාස කරනවා. ජීවයට මරණය පැමිණිය නොහැකියි. ජීව අපිරිසිඳු වෙනවා, නමුත්, විනාශ කර
දමන්න බැහැ. මෙන්න මේ නිසා තමයි අමරණීය පිළිමයක් ගැන කතා කරන්නේ. පියා පැහැදිලි කර
කියනවා මම තමයි අමරණීය පිළිමය, ඉතින් එමනිසා ජීවත් අමරණීයයි. කොහොමනමුත්, ඔවුන්
නැවත ඉපදීම් වලට පැමිණෙනවා. මම නම් සෑම විටම එක වගේමයි. ඔහු ඉතාමත් පැහැදිලිව ඔබට
කියනවා මම තමයි දැනුමේ සාගරය, රුප් හා බසාන්ට්. මේ දේවල් හොඳින් අවබෝධ කරගෙන අන්
අයටත් පැහැදිලි කර කියා දිය යුතුයි. ඔබ අන්ධයින්ට සැරයටියක් විය යුතුයි. ජීවිත දානය
ලබා දිය යුතුයි. එවිට කිසිම අකල් මරණ සිදු වෙන එකක් නැහැ. ඔබ මරණින් ජය ගන්නවා.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
වලට අනුකූලව ආධ්‍යාත්මික සේවය කරන්න. අන්ධයින්ට සැරයටියක් බවට පත් වන්න.
අනිවාර්යෙන්ම හක්ගෙඩිය පිඹින්න.
2. ජීව අවධානයට පත්
වීම සඳහා, ස්මරණයේ වාර්තාවක් තබාගන්න. විශේෂයෙන්ම රාත්‍රියේදී අවදිව සිට ස්මරණයේ
යෙදෙන්න. ස්මරණයෙන් වෙහෙසට පත් නොවන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් ඔබගේ ශ්‍රෙෂ්ඨ අභිමානය පවත්වා ගෙන, සියලු ආකාරයේ අසහන අවසන් කරන
මාස්ටර් සර්ව බලධාරියෙක් වේවා.
මෙම ආශිර්වාදය
නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න: මා මගේ ශ්‍රේෂ්ඨ අභිමානය පවත්වාගෙන අන් අයගේද
සියලු ආකාරයේ කරදර අවසන් කරන මාස්ටර් සර්ව බලධාරියෙක්මි. මා දුර්වල නැත. මා
ශ්‍රේෂ්ඨ ගෞරවයේ සිහසුන මත අසුන්ගෙන සිටිමි. අමරණීය සිහසුනේ සහ පියාගේ හදවත්
සිහසුනේ අසුන්ගෙන තම ශ්‍රේෂ්ඨ අභිමානය පවත්වා ගන්න අයට සිහිනෙන්වත් අසහනයට පත් විය
නොහැක. යමෙක් කෙතරම් කරදර සිදු කළත් ඔවුන් තම ශ්‍රේෂ්ඨ අභිමානය පවත්වා ගනී.
පාඨය:
නිරන්තරයෙන්
ඔබගේ ආත්ම ගරුත්වය පවත්වා ගන්න, එවිට ඔබට නොකඩවා සියලු දෙනාගෙන් ගෞරවය ලැබෙයි.