06.12.18       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ වාසනාව නිර්මාණය කර ගැනීමට නම්, සත්‍යයේ සේවයෙහි නිරතවන්න. මව්වරුන් හා කුමාරීන් තුළ පියා වෙත කැප වීමට දැඩි ආශාවක් තිබිය යුතුයි. ශිව ශක්තීන්ට පියාගේ නාමය එළිදරව් කළ හැක.

ප්‍රශ්නය:
පියා සියලු කුමාරීන් හට දෙන උපදේශය කුමක්ද?

පිළිතුර:
කුමාරියනි, ඔබ දැන් පුදුම උපදවන දේ කළ යුතුයි. ඔබ මමා වැනි තත්ත්වයට පත් විය යුතුයි. දැන් සමාජයේ අදහස් වලින් මිදී බැඳීම් පරාජය කළ අය බවට පත් වන්න. ඔබ අර්ධ කුමාරි කෙනෙක් වුවහොත්, කැළලක් ඇති වෙනවා. ඔබ වර්ණවත් වූ මායාගෙන් ආරක්ෂා විය යුතුයි. දෙවියන්ගේ සේවයෙහි යෙදෙන්න. එවිට දස දහස් දෙනා පැමිණ ඔබේ දෙපා අභියස වැටෙනු ඇත.

ඕම් ශාන්ති. දැඩි උද්යෝගයකින් යුතු ශිව ශක්තීන් වන්නේ ඔබයි. ඔබ පියා වෙත තමාව කැප කිරීමට කැමති විය යුතුයි. මෙය හඳුන්වන්නේ සත්‍ය සඳහා වූ කුල්මත්භාවය යනුවෙන්. පියා, මෙහි අසුන්ගෙන සිටින්නේ කවුදැයි බැලීමට තම ඉදිරිය බැලිය යුතුයි. ඇත්තෙන්ම, පන්තියේ අසුන් ගැනීමේ පිළිවෙල, ගුරුවරයාට සෑම කෙනෙක්ම හොඳින් දැකගත හැකි අයුරින් සිදු විය යුතුයි. එවිට මෙය සත්සන් පන්තියක් බවට පත් වෙනවා. කොහොමනමුත්, නාටකයේ දෛවය මේ අයුරු නම්, කුමක් කරන්නද? මේ පන්තියේ ඔබව අනුපිළිවෙලින් අසුන් ගැන්විය නොහැකිය. දරුවන් පියාගේ මුහුණ දැකීමට නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ වගේමයි පියාත්. දරුවන් නැති නිවසක් හරිම අඳුරුයි කියා කියනවා. දරුවන් වන ඔබ නිවසට ආලෝකය ගෙන එනවා. ඔබ භාරතයට පමණක් නොවේ, මුළු ලෝකයටම ආලෝකය ගෙන එනවා.

ගීතය:
මව්නි, ඔහෝ මව්නි, සැමටම වාසනාව දෙන්නී ඔබයි!

ඕම් ශාන්ති.
මෙම ගීතයත් ඔබට ආගමික ග්‍රන්ථයක් වැනියි. සෑම ආගමික ග්‍රන්ථයකම මිණිමුතුව ගීතාවයි. මහාභාරත, රාමායන, ශිව පුරාණය, වේදාවන්, උපනිෂද් ආදී සියල්ලක්ම මතු වී තිබෙන්නේ මෙමඟිනි. එය පුදුමයක්. මිනිස්සු කියනවා ඔබ ගීත ගයන්නේ චිත්‍රපට වලින් බවත්, ඔබ ළඟ කිසිම ආගමික ග්‍රන්ථයක් නොමැති බවත්. අපි කියනවා මේ සෑම ගිතයකින්ම ගනු ලබන සාරය පැමිණ තිබෙන්නේ වේදාවන් හා ඒ ආගමික ග්‍රන්ථ වලින් බව. (ගීතය අසන්නට සැලසිණි). මෙය මමාගේ ප්‍රශංසනීයත්වයයි. මව්වරුන් බොහොමයක් ඉන්නවා. නමුත් ප්‍රධානම වන්නේ ජගදම්බායි. මේ ජගදම්බා විසින් දිව්‍යලෝකය වෙත වූ දොරටුව විවෘත වෙනවා. පසුව ඇයම පළමුවෙන්ම ලෝක පාලකයා බවට පත්වෙනවා. ඉතින් දරුවන් වන ඔබත් අනිවාර්යෙන්ම ඉන්නේ මවත් සමඟයි. ඔහුට මෙසේ ප්‍රශංසා කෙරෙනවා මව හා පියා ඔබයි. මව හා පියා ලෙස හැඳින්වෙන්නේ ශිව බාබායි. භාරතයේ ජගදම්බා සහ ජගත් පිතා ඉන්නවා. කොහොමනමුත්, බ්‍රහ්මා ගැන එතරම් සඳහන් වන්නේත් නැහැ, ඔහු වෙනුවෙන් එතරම් කෝවිල් තනවාත් නැහැ. අජමිල්හි බ්‍රහ්මාට කෝවිලක් තනවා තිබෙනවා. එය ඉතා ප්‍රසිද්ධයි. එහි බ්‍රහමින් පූජකවරුනුත් වාසය කරනවා. බ්‍රහමින් වර්ග දෙකක් ඉන්නවා සාරසිද්ධි හා පුෂ්කරණී වශයෙන්. පුෂ්කර්හි වාසය කරනා අය පුෂ්කර්ණි ලෙස හැඳින්වෙනවා. කොහොමනමුත්, ඒ බ්‍රහමින්වරුන් මෙය දන්නේ නැහැ. තමා බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් අය බවත් කියනවා. ජගදම්බාගේ නාමය ඉතා ප්‍රසිද්ධයි. මිනිස්සු බ්‍රහ්මා ගැන එතරම් දේවල් දන්නේ නැහැ. කෙනෙක්ට විශාල ධනයක් ලැබුණහොත්, තමාට පූජකවරුන්ගේ හා ශාන්තුවරුන්ගේ ආශිර්වාදය තිබෙනා බවට ඔහු විශ්වාස කරනවා. ඔහු එය දේවාශිර්වාදයක් ලෙස සළකන්නේ නැහැ. පියා කියනවා මා හැර වෙන කිසිම කෙනෙකුට ආශිර්වාද දිය නොහැකියි. මා සන්‍යාසීන්ව පවා ප්‍රශංසාවට ලක් කරනවා. ඒ සන්‍යාසීන් පාරිශුද්ධත්වය රැක්කේ නැතහොත්, භාරතය පිළිස්සී අළු වී යනු ඇත. කොහොමනමුත්, ගැලවීම ලබා දෙන්නා වන්නේ ඒ එකම එක පියා පමණයි. මනුෂ්‍යයින්ටම තවත් මනුෂ්‍යයෙක්ට විමුක්තිය ලබා දිය නොහැකියි. ඔබ සැවොම දුක් පැල්පතක වාසය කරනා සීතාවන් බව බාබා විස්තර කර දී තිබෙනවා. දුකට පත් වූ විට වේදනාවක් දැනෙනවා. අසනීපයක් වූ විට ඔබ දුකට පත් නොවන්නේද? ඔබට අසනීප වුවහොත්, අනිවාර්යෙන්ම මෙසේ සිතනවා මා සනීප වන්නේ කවදාද? ඔබ දිගින් දිගටම අසනීපයෙන් සිටීමට කැමති නැහැ. ඔබ සනීප වීමට උත්සාහ දරණවා. එසේ නැතහොත්, ඔබ බෙහෙත් ගන්නේ ඇයි? දැන් පියා කියනවා මා ඔබව මේ අසනීපයෙන් හා දුකින් මුදවාගෙන ඔබට තෑග්ගක් දෙනවා. මායා, රාවණ් ඔබට දුක් දුන්නා. මා හඳුන්වන්නේ ලෝක නිර්මාපකයා ලෙසයි. සෑම කෙනෙක්ම මෙසේ කියනවා දෙවියන් මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ දුක් දෙන්නද? කොහොමනමුත්, දිව්‍යලෝකයේදී ඔවුන් එසේ කියන්නේ නැහැ. මෙහි දුක තිබෙනවා. මේ නිසා තමයි මිනිස්සු කියන්නේ දෙවියන් ඇයි අපට දුකින් පිරි ලෝකයක් දුන්නේ? ඔහුට වෙන කරන්නට වෙන කිසිම දෙයක් තිබුණේ නැති ද? කොහොමනමුත්, බාබා කියනවා මේ සතුටේ හා දුකෙහි නාටකය, ජයග්‍රහණයේ හා පරාජයේ නාටකය මෙසේ නිර්මාණය වී තිබෙනවා. රාමා හා රාවණ්ගේ නාටකය පදනම් වී තිබෙන්නේත් භාරතය මතයි. භාරතය රාවණ්ගෙන් පරාජයට පත්වන අතර පසුව රාවණ් පරාජය කොට දමා රාමාට අයිති වනවා. රාමා ලෙස හැඳින්වෙන්නේ ශිව බාබායි. විස්තර කිරීම සඳහා ඔබ රාමා හා ශිවාගේ නම් සඳහන් කළ යුතු වෙනවා. පාලකයා වන්නේ ශිව බාබායි. එනම්, දරුවන්ගේ ස්වාමියායි. ඔහු ඔබව දිව්‍යලෝක පාලකයන් බවට පත් කරවනවා. පියාගේ උරුමය වන්නේ දිව්‍යලෝකයයි. එහිම නොයෙකුත් තත්ත්වයන් තිබෙනවා. දිව්‍යලෝකයේ වාසය කරන්නේ දේවතාවන් පමණයි. අච්චා. දැන් දිව්‍යලෝකය නිර්මාණය කරනා තැනැත්තාගේ ප්‍රශංසනීයත්වයට සවන් දෙන්න. (ගීතයෙන් පේළියක්). භාරතයට වාසනාව දානය කරන්නා වන්නේ ජගදම්බායි. කිසිම කෙනෙක් ඇයව දන්නේ නැහැ. බොහෝ මිනිස්සු අම්බාජිගේ කෝවිලට යනවා. මේ බාබාත් බොහෝ වරක් එහි ගොස් තිබෙනවා. ඔහු බබුල්නාත් හා ලක්ෂ්මි හා නාරායන්ගේ කෝවිල් වලට ගොස් තිබෙනවා. නමුත් ඔහු කිසිවක් දැන සිටියේ නැහැ. ඔහුට ඒ කිසිවක් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මා දැන් ඔහුව සිහිබුද්ධියෙන් යුත් අයෙක් බවට පත් කොට තිබෙනවා. ජගදම්බාගේ නාමය ඉතාමත් ශ්‍රේෂ්ඨයි භාරතයට වාසනාව ගෙන එන්නී. ඔබ දැන් අම්බා ජී කෝවිලට ගොස්, එහි සේවය කළ යුතුයි. ඔබ ජගදම්බාගේ උපත් 84 හි කතන්දරය පැවසිය යුතුයි. ඇත්තෙන්ම, කෝවිල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කිසිම කෙනෙක් මමාගේ මේ පින්තූරය පිළිගන්නා එකක් නැහැ. අච්චා. ඒ අම්බාගේ පිළිරුව පාවිච්චි කොට විස්තර කරන්න. ඒ වගේම මේ ගීතයත් ඔබ ළඟ තබා ගන්න. ඔබේ සත්‍ය වූ ගිතාව වන්නේ මෙම ගීතයයි. සෑහෙන සේවයක් ඉටු කිරීමට තිබෙනවා. කොහොමනමුත්, සේවයෙහි යෙදී සිටිනා දරුවන් අවංක විය යුතුයි. ඔබට ජගදම්බා කෝවිලට මෙම පින්තූරය ගෙන ගොස් එහි සිටිනා අයට එය විස්තර කරන්නට පුළුවන්. ජගදම්බාත් කුමාරි කෙනෙක්. බ්‍රහමින් කෙනෙක්. ජගදම්බා, අත් කිහිපයකින් යුතුව පෙන්නුම් කර තිබෙන්නේ ඇයි? මන්ද, ඇයට සහාය දක්වන දරුවන් බොහොමයක් සිටිනා නිසයි. මෙය ශක්ති හමුදාවයි. එමනිසා, ඔවුන් ඇයව අත් කිහිපයකින් යුතුව පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් පෙන්වන නොයෙකුත් ආකාරයේ ශරීර දෙස බලන්න! සංකේතයක් ලෙස අත් පෙන්වීම පහසුයි. එය නිවැරදි ලෙසත් පෙනෙනවා. ඒ වගේ ඔවුන් පාද ගණනාවක් පෙන්වුවහොත්, එහි ස්වරූපය කෙසේ වෙයිද? බ්‍රහ්මාවත් අත් ගණනාවකින් යුතුව පෙන්නුම් කර තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම ඔහුගේ දරුවන්. ඒ සෑම අතක්ම පෙන්විය නොහැකියි. එමනිසා, කුමාරීන් හා මව්වරුන් වන ඔබ සේවයෙහි නිරත විය යුතුයි. ඔබ ඔබගේම වාසනාව නිර්මාණය කර ගත යුතුයි. ඔබ අම්බා කෝවිලට ගොස් මෙම ගීතයට ප්‍රශංසා කළහොත්, බොහෝ දෙනා එහි යයි. පරණ බ්‍රහ්ම කුමරියන්ටවත් නොහැකි වූ අයුරින් ඔබ බාබාගේ නාමය එළිදරව් කරනු ඇත. පුංචි කුමාරීන් වන ඔබට පුදුම සහගත දේ කළ හැකියි. බාබා මෙය කියන්නේ එක් අයෙක්ට පමණක් නොවේ. සියලුම කුමාරීන්ටයි. දස දහස් දෙනා පැමිණ ඔබගේ දෙපා අභියස වැඳ වැටෙයි. ඔබ ඉදිරියේ දණින් වැටෙනා තරම් පිරිසක් ඔවුන් ඉදිරියේ දණින් වැටෙන්නේ නැහැ. මේ සඳහා ඔබ සමාජයේ අදහස් වලින් මිදිය යුතු වෙනවා. ඔබ සම්පූර්ණයෙන්ම සියලු බැඳීම් විනාශ කර දැමිය යුතු වෙනවා. සමහරු මෙසේ කියයි මම විවාහ වන්නේම නැහැ. මා පාරිශුද්ධත්වය රකිමින් භාරතය දිව්‍යලෝකයක් බවට පත් කිරීමේ සේවයෙහි යෙදෙමි. අර්ධ කුමාරීන් තුළ යම් කැළලක් තිබෙනවා. කුමාරි කෙනෙක් විවාහ වුවහොත්, ඇය ළඟ නොයෙකුත් කැළැල් ඇති වීමට පටන් ගන්නවා. ඇය මායාගේ වර්ණයෙන් වර්ණවත් වීමට පටන් ගනු ඇත. මනුෂ්‍යයින්ට මෙම උපතේදී තමන්ට අවශ්‍ය ඕනෑම තත්ත්වයකට පත් විය හැකියි. මමාත් මෙම උපතේ දී තමාගේ තත්ත්වයට පත් වූවා. සාමාන්‍යයෙන් මිනිස්සු ලබන්නේ තාවකාලික තත්ත්වයක් පමණයි. එහෙත් මමා උපත් 21ක් උදෙසා වූ තත්ත්වයක් ලබනවා. ඔබත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් බවටත් සාමාන්‍ය කාන්තාවකගෙන් ලක්ෂ්මි බවටත් පත් වෙනවා. ඔබ සම්පූර්ණයෙන් සමත් වූ කළ, දිව්‍යමය වූ උපතක් ලබනු ඇත. ඔවුන් තාවකාලික සතුටක් ලබනවා. නමුත් එහිදී පවා, ඔවුන් නොයෙකුත් සන්තාපයන්ට පත්වෙනවා. අප සූක්ෂමයි. අප කිසිම දෙයක් පිටතින් නොපෙන්විය යුතුයි. මිනිසුන් තුළ තිබෙන්නේ පිටස්තර ඔපය පමණයි. මේ රාජ්‍යය හරියට මිරිඟුවක් වැනියි. ද්‍රෘපති කෙනෙක්ට, මෙසේ කියූ බව ආගමික ග්‍රන්ථ වල සඳහන් වෙනවා අන්ධයාගේ දරුවාත් අන්ධයි. මේ කාලයේ ඔබ මේ රාජධානියක් යැයි සිතා සිටින ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. ලේ ගංඟා ගලා යනු ඇත. පාකිස්තානයේ බෙදුම්වාදය ඇති වූ කළ, සෑම නිවසකම නොයෙකුත් දබර ඇති වූවා. දැන්, වීථීයක ඇවිදගෙන ගියත් මෙවැනි දබර දැක ගත හැකියි. සෑම තැනම නොයෙකුත් ලේ වැගිරීම් සිදු වෙනවා. මෙය දිව්‍යලෝකයක් ලෙස හැඳින්විය හැකිද? මෙය නව දිල්ලිය හා නව භාරතය ද? නව භාරතය වූයේ සුරදූතිකාවන්ගේ දේශයයි. මේ කාලයේ සෑම තැනම පාපය විසිරී ගොස් තිබෙනවා. ඒවා තමයි ඔබගේ ලොකුම සතුරෝ. රාමා හා රාවණ්ගේ උපත් පෙන්වා ඇත්තේ භාරතයේයි. විදේශයන්හි ශිවාගේ උපත සැමරෙන්නේ නැහැ. එය සැමරෙන්නේ මෙහි පමණයි. රාවණ් එන්නේ කවදාද යන්න ගැන ඔබ දන්නවා. දහවල අවසන් වන විට රාත්‍රිය ඇරඹෙනවා. රාවණ් පැමිණෙනවා. එය පාප මාර්ගය ලෙස හැඳින්වෙනවා. දේවතාවන් පාප මාර්ගයට වැටුණු කළ ඔවුන්ගේ තත්ත්වය කුමක්වී ද යන්න ගැන පෙන්වා දී තිබෙනවා. දරුවන් සේවයෙහි යෙදිය යුතුයි. අවදි වී සිටිනා අය අන් අයවත් අවදි කරනු ඇත. බාබා සෑම විටම සුබ ප්‍රාර්ථනා කරනවා. මායා දරුවන්ට පහර දෙනවාද යන්න ගැන ඔහු සැළකිලිමත් වෙනවා. ඔබ අසනීප වුවහොත් සේවය කළ නොහැකි වෙයි. ලක්ෂ්මි නොව, ජගදම්බා තමයි දැනුමේ පුණ්කළස ලබන්නේ. ලක්ෂ්මිට, දානය කිරීම උදෙසා ධනය ලැබුණා. කොහොමනමුත්, එහි කිසිමාකාරයක දාන ආදිය ඇත්තේ නැහැ. සැමවිටම දන් දෙන්නේ දිළින්දන් හටයි. ඉතින්, මේ අයුරින් කුමාරීන් කෝවිල් වලට ගොස් සේවය කළ හොත්, බොහෝ දෙනා පැමිණෙනු ඇත. මිනිස්සු කියයි 'බොහොම හොඳයි'. එසේ කියා ඔවුන් ඉදිරියේ දණින් වැටෙනු ඇත. ඔවුන් මව්වරුන්ටත් සෑහෙන ගෞරව කරනවා. මව්වරුන්ට මෙය ඇසුණු විට, ඔවුන් උද්යෝගීමත් වෙනවා. මිනිසුන් තුළ තමාගේම කුල්මත්භාවය තිබෙනවා. බාබා විස්තර කර තිබෙනවා පිටස්තර සියලු දේ දන්නේ මේ ශාරීරික තැනැත්තා පමණයි. ඔහු තුළ වාසය කරනා ස්වාමියා, ස්වාමියාගේත් ස්වාමියායි. ක්‍රිෂ්ණාව, ක්‍රිෂ්ණ දෙවියන් ලෙස හඳුන්වනවා. ක්‍රිෂ්ණාගේ නායකයාගේත් නායාකයා උත්තරීතර ජීවය යැයි අපි කියනවා. මොහුට ගොඩනැගිල්ල පවරා තිබෙනවා (බ්‍රහ්මා). එමනිසා, ඉඩම් හිමියා වන්නේ මොහුයි. මොහු පුරුෂ මෙන්ම ස්ත්‍රී ද වෙනවා. එය පුදුමයක්! භෝග් (ආහාර) පිළිගැන්වෙනවා. අච්චා. සෑම දෙනෙක්ම බාබාව ඉතාමත් ආදරෙන් සිහිපත් කළ බව කියන්න. දැඩි සතුටකින් යුතුව ඒ ශ්‍රේෂ්ඨ ස්වාමියාට සුබ පැතෙනු ඇත. මෙය එක් විදියක්. මුලදී ඔබ නොයෙකුත් දර්ශන දුටුවා සේ, දැන් අවසානයේ දීත් බාබා ඔබව බොහෝ සෙයින් සතුටට පත් කරනු ඇත. දරුවන් බොහෝ දෙනා අබු වෙත පැමිණෙනු ඇත. මෙහි සිටිනා අය මෙහි දී සිදුවන දෙය දකිනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පන්තිය 1968/04/08

මෙය දේව සේවාවක්. දේවතා ධර්මයට අයත් අය මෙහි පැමිණෙනු ඇත. ක්‍රිස්තියානි අයගේ අන් අයවත් ක්‍රිස්තියානි ධර්මයට බඳවා ගැනීමේ දූත සේවාවක් තිබෙනවා. ක්‍රිස්තියානි මිනිසුන් ක්‍රිස්තියානි වංශය තුළ සතුට ලබනවා. ඔවුන්ට හොඳින් මුදල් ලැබෙනවා. මේ නිසා තමයි බොහෝ දෙනා ක්‍රිස්තියානි ධර්මයට ඇදෙන්නේ. භාරතයේ මිනිසුන්ට එතරම් මුදල් ප්‍රමාණයක් දෙන්නට බැහැ. මෙහි සෑහෙන දූෂණයක් සිදු වෙනවා. මිනිස්සු තම රැකියාවෙන් අල්ලස් ලබා නොගතහොත්, ඔවුන්ව රැකියාවෙන් නෙරපා දැමෙනවා. එවන් අවස්ථාවකදී කළ යුත්තේ කුමක්දැයි දරුවන් පියාගෙන් අහනවා. බාබා කියනවා උපක්‍රමශීලී ලෙස ඔබේ වැඩ ඉටු කොට, එය හොඳ දෙයක් බවට පත් කර ගන්න. මෙහිදී, සෑම කෙනෙක්ම පියාට කන්නලව් කරනවා ඔහෝ, අපිරිසිඳු වූ අපව පාරිශුද්ධත්වයට පත් කරන්න. අපව විමුක්තියට පත් කොට නිවස වෙත ගෙන යන්න. පියා අනිවාර්යෙන්ම ඔබව නිවස වෙත ගෙන යනු ඇත. මිනිස්සු නිවස වෙත යාම උදෙසා බොහෝ සෙයින් භක්තියෙහි යෙදෙනවා. පියා පැමිණි විට පමණයි ඔහුට සෑම කෙනෙක්වම නැවත නිවස වෙත ගෙන යාමට හැකි වන්නේ. දෙවියන් ඉන්නේ එක්කෙනයි. දෙවියන් පැමිණ සෑම කෙනෙක්ම මාර්ගයෙන් කතා කරන්නේ නැහැ. ඔහු එන්නේ සංගම යුගයේදී පමණයි. ඔබ තව දුරටත් ඒවා විශ්වාස කරන්නේ නැහැ. මුලදී ඔබ විශ්වාස කළා. දැන් ඔබ භක්තියෙහි යෙදෙන්නේත් නැහැ. ඔබ මෙසේ කියනවා මුලදී අපි වන්දනාමාන කළා. පියා දැන් අපව වන්දනාවට සුදුසු දේවතාවන් බවට පත් කිරීම උදෙසා පැමිණ සිටිනවා. ඒ වගේම ඔබ සික් ආගමේ අයටත් විස්තර කළ යුතු වෙනවා. දෙවියන්ට මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පත් කිරීමට එතරම් කාලයක් ගත වන්නේ නැහැ කියා කතාවක් තිබෙනවා. මේ ප්‍රශංසනීයත්වය දේවතාවන් ගැනයි. දේවතාවන් වාසය කරන්නේ ස්වර්ණමය යුගයේයි. දැන් මේ තිබෙන්නේ කලි යුගයයි. සංගම යුගයේදී පියා, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් වන ආකාරය ගැන කියා දෙනවා. සියල්ලන්ටම වඩා උසස් වූවන් වන්නේ දේවතාවන්. මේ නිසා තමයි ඔවුන් බොහෝ සෙයින් වන්දනාවට පාත්‍ර වන්නේ. වන්දනාවට පාත්‍ර වු අය අනිවාර්යෙන්ම යම් කාලයක සිටියා. නමුත් දැන් ඔවුන් නැහැ. එම රාජ්‍යය දැන් අවසන් බව ඔවුන්ට වැටහෙනවා. ඔබ දැන් සූක්ෂමයි. ඔබ ලෝක පාලකයන් බවට පත් වීමට සිටිනා බව කිසිවෙක් දන්නේ නැහැ. තමා දැන් මෙසේ ඉගෙන ගනිමින් පසුව එම තත්ත්වයට පත් වන බව ඔබට වැටහෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් ඔබ සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ඔබ දැඩි සෙනෙහසකින් යුතුව පියා සිහිපත් කළ යුතුයි. බාබා අපව ලෝක පාලකයන් බවට පත් කරවනවා. ඉතින් ඇයි අපි ඔහු සිහිපත් නොකරන්නේ? කොහොමනමුත්, ඔබ තුළ දිව්‍යමය ගුණාංග ද ඇති විය යුතුයි. අච්චා.

ඔබ ආධ්‍යාත්මික දරුවන්ට ඔබගේ ආධ්‍යාත්මික පියාගෙන්, බාප් සහ දාදාගෙන් සෙනෙහස, සිහිපත් කිරීම, සුබ රාත්‍රියක් සහ නමස්කාරය.


ධාරණය සඳහා සාරාංශය:

1. මේ ලෝකය තුළ කිසිම පිටස්තර ඔපයක් ඇති කර ගන්න එපා. සම්පූර්ණයෙන්ම සමත් වීම උදෙසා සූක්ෂම උත්සාහයක යෙදෙන්න.

2. මේ පිට ඔපය පිරි ලෝකයට ගොදුරු වන්න එපා. බැඳීම් පරාජය කළ අයෙක් බවට පත් ව පියාගේ නාමය පතුරුවාලන අයෙක් බවට පත් වන්න. සෑම කෙනෙකුගේම වාසනාව උදාකරලන්න.

වරදානය:
ඔබ නිරතුරුවම සතුට විඳිමින් අන් අයට ද සතුටේ පෝෂණය දීම මඟින් සතුටින් ම සිට සතුටේ වාසනාව ලබා ගන්න.

ඔබ දරුවන්ට සත්‍ය වූ අවිනාශී ධනය තිබෙන අතර ඔබ සියලු දෙනාට වඩා ධනවත්ය. ඔබ වියළි චපාති කෑමට ගත්තත් ඒවා සතුටේ පෝෂණයෙන් පිරී යයි. වෙන කිසිවක් අවශ්‍ය නැත. ඔබ හොඳම පෝෂණය වූ සතුටේ චපාතිය ගන්නා අතර නිරතුරුව සතුටින්ම සිටී. එමනිසා, මෙම සතුටු තත්ත්වයේ නිරතුරුව සිටි විට ඔබ දකිනා අන් අයද සතුටට පත් වන අතර එවිට පමණි ඔබ සතුටේ වාසනාව ලද්දෙක් යැයි කිව හැක්කේ.

පාඨය:
ඥානයෙන් පිරි කෙනෙක් වන්නේ එකම සිතිවිල්ලක් හෝ වචනයක් අපත ගණයට ලක් නොකරන කෙනෙකි.