07.01.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මිනිසුන් ඔවුන්ගේ ශරීරවලට යහපතක් කිරීම පිණිස විවිධ ක්‍රම නිර්මාණය කරයි. ජීවයේ වර්ධනයට හා ක්‍රමයෙන් නඟින ස්ථීතියකට උපක්‍රම ඔබට පවසන්නේ පියා පමණි. මෙම වගකීම පියාගේ පමණි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ට නොකඩවා, නිරන්තරව වර්ධනය වීමට පියා ඔබට කුමන උසස් මඟ පෙන්වීම් කරන්නේද?

පිළිතුර:
දරුවනි වර්ධනය වීම සඳහා 1. සැමවිට සිහි කිරීමේ වන්දනාවේ සිටින්න. ජීවයේ මලකඩ ඉවත් වන්නේ සිහිකිරීම තුළින් පමණයි. 2. කිසිවිටෙක අතීතය සිහි කිරීම හෝ අනාගතයට කිසිම බලාපොරොත්තු තබා ගැනීම නොකරන්න. 3. ඔබගේ ශරීරයේ ජීවිකාව සඳහා ක්‍රියා කරන්න. එහෙත් ඔබට සතු කාලය අපතේ නොහරින්න. 4. පැය 8ක් දේව සේවයේ යෙදෙන්න, එවිට ඔබ නොකඩවා දියුණු වනවා ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්නට, එනම්, ඔබ ජීවයන්ට ව්ස්තර කරයි. ජීවයන්ගේ වගකීම උත්තරීතර ජීවයේ බවත්, සියලුම ජීවයන්ට දියුණු වීමට සහ මනසේ සාමය තබා ගැනීමට මාර්ගය පෙන්විය හැකි වන්නේ ඔහුට පමණක් බවත් මිනිසුන් පවසයි. ජීවය සියලු දෙයින් වෙන්ව නළල මැද වාසය කරයි. සාමාන්‍යයෙන් අසනීප ඇත්තේ නළලෙහි නොව ශරීරයේ ඉතිරි කොටසේය. ඔබට හිසේ කැක්කුමක් තිබුණත් ජීවය සිටින සිහසුනේ කිසිම අමාරුවක් නොමැත. මන්ද, ජීවය සිහසුනේ වාඩි වී සිටින නිසාය. ජීවය දියුණු කරන්නේත්, මනසට සාමය ලබා දෙන්නේත් ශල්‍ය වෛද්‍යවරයා වන එකම උත්තරීතර ජිවය පමණි. ජීවයට සනීපය සහ ධනය ලැබෙන්නේ ජීවය දියුණු වන විට පමණි. ඔබ ඔබගේ ශරීරයට කොපමණ සත්කාර කළත් එයින් කිසිම දියුණුවක් නොවේ. ශරීරයේ යම් අරගලයක් හෝ තවෙකක් නොකඩවා ඇති වේ. පියාට හැර වෙන කිසිවෙකුට ජීවයට වර්ධනයක් ලබා දිය නොහැක. ලොව අන් සියලු දෙනාම ශරීරය වර්ධනය කිරීමට ක්‍රම සොයා ගනී, එහෙත් ජීවයේ වර්ධනයට හෝ ක්‍රමයෙන් දියුණු වන ස්ථීතියක් ලබා දීමට ඔවුනට නොහැක. පියා පමණක් එය ඔබට උගන්වයි. සැමදෙයම රඳා පවතින්නේ ජීවය මතයි. දිව්‍යමය කලා 16කින් පිරෙන්නේ ද, සියලුම කලාවන්ගෙන් හිස් වන්නේ ද ජීවය වේ. ජීවය දිව්‍යමය කලා 16කින් පිරේ. කලා අඩු වී යන්නේ කෙසේදැයි ඔබට පහදා දෙන්නේ පියා පමණි. ස්වර්ණම යුගයේ දී ඔබට බොහෝ සතුට තිබුණේයැයි පියා පවසයි. ජීවය සිටියේ ඉහළ යන ස්ථීතියකය. අන් ආධ්‍යාත්මික රැස්වීම් වල ජීවයක් දියුණුවන අන්දම පහදා නොදේ. ඔවුන් බාහිර කුල්මත්භාවයේ සිටියි. ඔවුන් ශරීර අවධානයේ සිටින අතර, පියා ඔබව ජීව අවධානයට පත් කරයි. තමෝප්‍රධාන් වී ඇති ජීවයන්, සතෝප්‍රධාන් කළ යුතුය. මෙහි සැම දෙයක් ම ආධ්‍යාත්මික වන අතර එතැන සැම දෙයක්ම භෞතික වේ. ශල්‍ය වෛද්‍යවරයන් හදවත් බද්ධ කරයි. එයට ජීවය සමඟ සම්බන්ධකමක් නැත. ජීවයන් සිටින්නේ නළල මැදය. ඒවාට ශල්‍යකර්ම ආදිය නොමැත. අච්චා. ජීවය වර්ධනය වන්නේ එක් වතාවක් පමණි යැයි පියා පවසයි. ජීවයන් තමෝප්‍රධාන් වූ විට ජීවයන්ගේ වර්ධනය ගෙන එන පියා පැමිණේ. ඔහු නැතිව කිසිම ජීවයකට ඉහළ යෑමේ ස්ථීතියකට යා නොහැක. එම කිළිටි තමෝප්‍රධාන් ජීවයන්ට මා වෙත පැමිණිය නොහැක යැයි පියා පවසයි. මිනිසුන් ඔබ වෙත පැමිණි විට සාමය ඇතිවන්නේ කෙසේද හෝ දියුණුවක් ඇතිවන්නේ කෙසේදැයි ඔබගෙන් අසයි. කෙසේ වෙතත් දියුණුවක් ඇති වූ පසු ඔවුන් කොතැනට යන්නේද හෝ කුමක් වේදැයි ඔවුන් නොදනී. පැමිණ අපිරිසිඳු අය පාරිශුද්ධ කරන්න, පැමිණ අපව ජීවන මුක්තිය ඇති දේශයට ගෙන යන්න යැයි ඔවුන් අඬගසයි. එමනිසා ඔහු, ජීවයන් ඔහු සමඟ ගෙන යනවා ඇත. ශරීර මෙහිදී විනාශ වනවා ඇත. කෙසේ වෙතත් මේ කිසිවක් කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. මේවා දෙවියන්ගේ මඟ පෙන්වීම්ය. අන් සියල්ලම මනුෂ්‍යයන්ගේ අණ කිරීම්ය. පියාගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබ අහසට ළඟා වේ, ඔබ සාම දේශයට හා සතුටු දේශයට ළඟා වේ. ඉන්පසු නාට්‍යයට අනුව ඔබ පහළට පැමිණිය යුතුය. ජීවයන් දියුණු කිරීමට පියා හැර වෙන කිසිම ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැත. ශල්‍ය වෛද්‍යවරයා ඔබව ඔහු හා සමාන කරවයි. සමහරු අන් අයව බොහෝ දියුණුව කරා ගෙන යයි, සමහරු මධ්‍යම මට්ටමකටත්, සමහරු තුන්වන මට්ටමක දියුණුවකටත් ගෙන එයි. ජීවයන්ගේ දියුණුවේ වගකීම ඇත්තේ එකම පියාට පමණි. ලොව කිසිවකු මෙය නොදනී. මම ශාන්තුවරයන් ආදීන් ද නංවාලීමට පැමිණෙමි යැයි පියා පවසයි. ජීවයන් පළමුව පහළට පැමිණෙන විට ඔවුන් පාරිශුද්ධය. පියා දැන් පැමිණ ඇත්තේ සියලු දෙනාටම දියුණුවක් ලබා දීමටය. බලන්න, ඔබ දරනා උත්සාහයට අනුව, අනුපිළිවෙලට නොකඩවා දියුණු වේ. එහිදී ඔබට පළමුවෙනි අංකයේ ශරීර ලැබෙනවා ඇත. පියා අවිනාශී ශල්‍ය වෛද්‍යවරයා වේ. ඔහු තනිව පැමිණ ඔබට දියුණුවක් ගෙන එයි. එබැවින් ඔබ, ඔබලාගේ උසස්ම උසස් සුමිහිරි ගෙදරට යනවා ඇත. එම මිනිසුන් හඳට යති. ඔබට දියුණු වීමට අවිනාශී ශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ, නිරතුරුව මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පව් වලින් ඔබ නිදහස් වනවා ඇත. පියා ලොව දරුවන්ව නිදහස් කරයි. ඔබ දෙව් ලොවට ගිය විට අන් සියලු දෙනාම සාම ලොව සිටිනවා ඇත. පියා මෙවැනි ආශ්චර්යමත් කාර්යයක් කරයි. එය පියාගේ ආශ්චර්ය වේ ! ඔබ පමණක් ඔබගේ උපාය මාර්ග දනී යැයි කියා ඇත්තේ මේ නිසාය. උපදෙස් දෙන්නේ ජීවයන්ටය. ජිවය වෙන්වූයේ නම් ඔහුට උපදෙස් ලබා ගත නොහැක. පියාගේ මඟපෙන්වීම් තුළින් ඉහළ නැඟීමේ තත්ත්වයක් ද, මනුෂ්‍යයන්ගේ අණ තුළින් පහළ බැසීමේ තත්ත්වයක් ද වේ මෙයද නාට්‍යයේ නියමයයි. දැන් දෙව් ලොවකි යැයි එම මිනිසුන් සිතයි. ඔබ තවත් වර්ධනය වන විට, මෙය අපාය ද හෝ දෙව් ලොවදැයි දැන ගැනීමට හැකි වේ. ඔවුන් භාෂාව මත බොහෝ විප්ලව ඇති කරයි. ඔවුන් අසතුටින් සිටියි. දෙව් ලොව කිසි දුකක් නොමැත. එහි භූමිකම්පාවත් නැත. දැන් පැරණි ලොව විනාශ වී, දෙව් ලොව නිර්මාණය වනවා ඇත. ඊට චක්‍ර භාගයකට පසු එයද අන්තර්ධාන වේ. ද්වාරකා මුහුද යටට ගිලුණු බව ඔවුන් කියයි. රනින් සෑදුණු දේවල් යට වැලලී ඇත. භූමිකම්පා වලදී ඇත්තෙන්ම ඒවා යට යනවා ඇත. ඔවුන් මුහුදේ පත්ල හාරා ඒවා පිටතට නොගනී. ඔවුන් පොළව යට හෑරූ විට ඔවුන් එහි නිධාන සොයා ගනී. මම සියලු දෙනාම උසස් කරවමි යැයි පියා පවසයි. ඉන්පසු සියලු දෙනාම මා අපකීර්තියට සහ අපහාසයට ලක් කරයි. මා අපකීර්තියට ලක් කරන අය පවා මම උසස් කරවමි. එමනිසා, නිසැකවම මාගේ ප්‍රශංසාව තිබිය යුතුය. භක්ති මාර්ගයේ ඔවුන් කොපමණ ගෞරවය දෙනවාදැයි බලන්න. ඔබ දරුවන් ද පියාට බොහෝ ප්‍රශංසා කරයි, ඔබ විශාල දැන්වීම් පත්‍රයක පියාගේ යහගුණ 32 පෙන්වා ඇත. ඔබ දැන් පියා මෙන් ගුණවත් වන නිසා, ඔබ එපමන උත්සාහයක් ගත යුතු වේ. ඔබ ඔබගේ කාලය අපතේ නොහැරිය යුතුය. උසස්මතම පියා ඔබට උගන්වන නිසා ඔබ දිනපතා ඉගෙනගත යුතුය. එම කෙනා අවිනාශී පියා ද, ගුරුවරයා ද වේ. පසුව පැමිණි අය දැන් පැරණි අයට වඩා ඉහළින් යයි. දැන් මුළු ලොවම පියා තුළින් දියුණු වේ. ශ්‍රී ක්‍රිෂ්ණා ගුණවත් කළේ පියාය. සැම දෙනාටම දෙන එකම කෙනා ඔහු පමණි, අන් සියලු දෙනාම ගනී. මෙම රාජ වංශය අනුපිළිවෙලට, ඔබ ගන්නා උත්සාහය මත නිර්මාණය වනවා ඇත. බලන්න අසීමිත පියා කොපමණ සුමිහිරිද, සුන්දරද ! ඔබ සියලු දෙනාම දැන් උසස්මතම පියා තුළින් දියුණු වෙමින් යයි. අන් සියලු දෙනාම ඉනිමගින් පහළට පැමිණිය යුතුය. මෙය පියාගේ චමත්කාරයයි ! ඔබට උවමනා ලෙස කෑම, බීම සහ කුමන දෙයක් හෝ කළ හැකියි, එහෙත් සරලව පියාගේ ප්‍රශංසාව ගායනා කරන්න. බාබා සිහිකිරීමෙන් ඔබට ආහාර ගැනීමට නොහැකි වනවා නොවේ. ඔබට රාත්‍රියේදී බොහෝ කාලය ඇත. ඔබට අවම වශයෙන් පැය අටක් ඇත. අවම වශයෙන් මෙම ආණ්ඩුවට පැය අටක සේවයක්වත් කරන්න යැයි පියා පවසයි. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට ජීවයට දියුණු වීමට මඟ පෙන්වන්න. ජීවන මුක්තිය යනු ලොව පාලකයෙකු වීමය, මුක්තිය යනු බ්‍රහ්මාණ්ඩ්හී පාලකයා වීමය. මෙය පහදා දීම පහසුය. කෙසේවෙතත් සමහරුන්ගේ වාසනාවේ එය නොමැති නම් ඔවුන් ගන්නා උත්සාහය කුමක්ද? පියාව සිහිපත් නොකර ජීවයේ මලකඩ ඉවත් කළ නොහැක යැයි පියා විස්තර කරයි. ඔබ මුළු දවස පුරාම ඥානය දුන්නත් සිහිපත් නොකර ජීවයට දියුණු විය නොහැක. පියා දිනපතා බොහෝ සෙනෙහසින් ඔය දරුවන්ට පහදා දෙයි, එහෙත් ඔබ දියුණු වනවා ද නැත් ද යන්න ඔබ සැම කෙනෙකුටම වටහා ගත හැක. මෙයට සවන් දෙන්නේ ඔය දරුවන් පමණක් නොව, සියලුම මධ්‍යස්ථාන වල සිටින දරුවන් මෙයට සවන් දේ. මෙම ටේප් මැෂිම මෙතැන තබා ඇත. එයම එහි ශබ්දය පටිගත කර සේවයට යයි. එය බොහෝ සේවයක් කරයි. ශිව බාබාගේ මුරලියට සවන් දෙන බව දරුවන් වටහා ගනී. ඔබ තුළින් එය අසන විට එය කෙලින්ම නොවන අතර, ඉන්පසු කෙලින්ම සවන්දීමට ඔවුන් මෙහි පැමිණේ. බාබා, බ්‍රහ්මාගේ මුඛය තුළින් එය කියයි. එනම්, ඔහු මුඛයෙන් ඥානය නැමති අමෘතය දෙයි. මෙම කාලයේදී ලොව තමෝප්‍රධාන් වී ඇති හෙයින්, ඊට ඥානය නැමති වර්ෂාව ලැබිය යුතුය. වැසි වතුර බොහෝය. එම වතුරෙන් කිසිවෙකුට පාරිශුද්ධ විය නොහැක. මේවා සියල්ලම ඥාන කරුණුය. පරම පියා කියනවා දැන් අවදිවන්න! මම ඔබව සාම දේශයට ගෙන යමි. ඔබ ජීවයන්ට මෙයින් දියුණු වීමක් තිබේ. සියලු දේම බාහිර දේවල්ය. ආධ්‍යාත්මික දේවලට සවන් දෙන්නේ ඔබ පමණි. කෝටිප්‍රකෝටි ධනය ඇත්තේ සහ වාසනාවන්ත වන්නේ ඔබලා පමණි. පියා දුප්පතුන්ගේ ස්වාමියාය. දුප්පතුන් පමණක් මීට සවන් දේ. මෙම ඥානය ගල් බුද්ධි ඇති අයට සහ ගුණ ධර්ම නොමැති අයට දෙන්න යැයි පියා පවසන්නේ මේ නිසාය. මෙවැනි දේවල් ස්වර්ණම යුගයේ නොමැත. එය අසීමිත ශිවාලයයි. දැන් එය අසීමිත ගණිකා මඩමකි, එය සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වී ඇත. එයට තවදුරටත් මායිමක් නැත. අපිරිසිඳු ලොව දැන් වෙනස් විය යුතුය. භාරතයේ රාමාගේ රාජධානිය ද, රාවන්ගේ රාජධානිය ද විය. ආගම් අසංකයක් ඇති විට අසාමය ඇත. සැමවිටම යුද්ධ නොකඩවා සිදුවේ. දැන් බලවත් ශක්තියකින් යුද්ධය සිදුවනවා ඇත. ඔබලාගේ රාජධානිය ස්ථාපනය වී ඇති නිසාත්, ඔබලා කර්මතීත් ස්ථීතියට පැමිණ ඇති නිසාත් ඉතා බලවත් යුද්ධයක් ඇති වී එය අවසන් වේ. කිසිවෙකුට මෙය කිව නොහැක. මෙම ස්ථිතිය පැමිණි විට ඉගෙනීම අවසන් වනවා ඇත. එවිට ඔබ ගත් උත්සාහය අනුව ඔබ මාරු වනවා ඇත. මේ පිදුරු ගොඩට ගිණි ඇවිලී සැනෙකින්ම විනාශය සිදුවනවා ඇත. එයට කාරණයක් නොමැතිව ලේ හැලීමක් යැයි කියයි, සියලු දෙනාම අනවශ්‍ය ලෙස මැරෙණවා ඇත. ලේ ගංගා ගලනවා ඇත. ඉන් පසු ගිතෙල් සහ කිරි ගංගා ගලනවා ඇත. දුක්ඛිත හඬින් පසු, ජය හඬ ඇත. අන් සියලු දෙනාම අවිද්‍යාවේ නිද්‍රාවේ සිටින අතර මරණයට පත් වේ. ස්ථාපනය ඉතාමත් නුවණක්කාර අන්දමට විය යුතුය. බාධක සහ තදින් පහර දීම ඇති වේ. මව්වරුන් තුළින් දෙව් ලොව දොරටුව විවර වනවා ඇත. බොහෝ පිරිමි ද ඇත. එහෙත් වනිතාවන් උපත් දෙන නිසා ඔවුනට ලැබෙන ත්‍යාගය පුරුෂයින්ට ලැබෙන ත්‍යාගයට වඩා උසස්ය. සියලු දෙනාම අනුපිළිවෙලට දෙව් ලොව යනවා ඇත. සමහරුන්ට තවම පුරුෂ උපත් දෙකක් පිළිවෙලින් ලබා ගත හැක. නාට්‍යයේ තීරණය වී ඇති ගිණුම සිදුවනවා ඇත. ජීවයේ දියුණුව ඇති විට බොහෝ වෙනසක් ඇත. සමහරු ඉතා උසස් වේ. සමහරු ඉතා පහත් වේ. රජවරු සහ පුරවැසියන් අතර විශාල වෙනසක් ඇත. දැන් උත්සාහ ගන්න යැයි, ඉතාමත් සුමිහිරි ඔබ දරුවන්ට පියා විස්තර කරයි. යෝගා තුළින් පාරිශුද්ධ වන්න, එවිට ධාරණය කළ හැකි වේ. ගමනාන්තය ඉතා උසස් වේ. ඔබ ජීවයක් යැයි සලකා බොහෝ සෙනෙහසින් පියාව සිහි කරන්න. ජීවයන් තුළ උත්තරීතර ජීවයට සෙනෙහස ඇත. මෙය ආධ්‍යාත්මික සෙනෙහසකි. මේ තුළින් ජීව දියුණු වේ. භෞතික ආදරයෙන් ජීවයන් වැටෙයි. සමහර අයට ඔවුන්ගේ වාසනාවේ මෙය නොමැති වූ විට ඔවුන් පැන යන අය වේ. මෙම ගිණි යාගය රැක බලා ගත යුතුය. මෙම ගිණි යාගයට මව්වරුන්ගේ සෑම පැන්සයෙන්ම සේවයක් කෙරෙයි. මෙහිදී ධනවත් වන්නේ දුප්පතුන්ය. සෑම දෙයක්ම ඉගෙනීම මත රැඳේ. ඔබලා දැන් විවාහ වීමේ භාග්‍යය ඇති අය වේ. ඔබ සියලු දෙනාට මෙම හැඟීම ඇත. ජපමාලයේ පබළු වීමට යන අයට එවැනි හොඳ හැඟීම් තිබිය යුතුය. නොකඩවා ශිව බාබා සිහි කරමින් සේවය කරන්න. එවිට බොහෝ දියුණුවක් ඇති වේ. ඔබ ඔබගේ ශරීරය ද ශිව බාබාගේ සේවයට කැප කරන්න. දවස පුරාම එම කුල්මත්භාවය තිබීම ඔබගේ නැන්දාගේ ගෙදර යන තරම් පහසු නොවේ. ඔබ කොපමණ දුරට දියුණු වී දැයි ඔබම පරීක්ෂා කළ යුතුය. අතීතය මතක් නොකරන්න, සහ අනාගතයට කිසිම බලාපොරොත්තු නොතබා ගන්න යැයි බාබා පවසයි. ඔබගේ ජීවිකාව සඳහා ඔබ ක්‍රියා කළ යුතුය. ඔබට කාලය ඇති ඕනෑම විටෙක පියා සිහිකරන්න. එවිට ඔබගේ පව් පිළිස්සී යනවා ඇත. බන්දනයේ සිටින අයට ද පියා විස්තර කරයි. ඔබ බොහෝ නිහතමානීව සහ සෙනෙහසින් ඔබගේ ස්වාමිපුරුෂයාට විස්තර කළ යුතුය. ඔහු ඔබට පහර දුන්නත් ඔබ ඔහුට මල් ඉසිය යුතුය. ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබට ස්ථානෝචිත ප්‍රඥාව තිබිය යුතුය. ඔබගේ දෑස් සිසිල් විය යුතුය. ඒවා කිසි විටෙක වරින් වර වෙනස් නොවිය යුතුය. මීට අන්ගද්ගේ උදාහරණය ඇත. ඔහු සම්පූර්ණයෙන්ම නොසෙල් වුණි. ඔබ සියලු දෙනාම මහා වීරයන් වේ. අතීතයේ සිදුවුණු දේවල් ඔබ මතක් නොකළ යුතුය. සැමවිටම සතුටින් සිටින්න. නාට්‍යයේ ස්ථාවරව සිටින්න. මම ද නාට්‍යයේ බන්දනයේ බැඳී ඇතැයි පියා පවසයි. ඉන් එහා තව දෙයක් නැත. ක්‍රිෂ්ණා ස්ව-දර්ශන චක්‍රයෙන් යක්ෂයා මැරූ බව ලියා ඇත. ඒවා සියල්ලම කතාන්දර වේ. පියාට සැහැසිකම් කළ නොහැක. එම පියා ගුරුවරයා ද වේ. ඔහු කිසිවකු මැරීමේ ප්‍රශ්නයක් නැත. එම සියලුම දේවල් වත්මන් කාලයට පවරනවා ඇත. එක් පැත්තක බොහෝ මනුෂ්‍යයින් ඇත, අනෙක් පැත්තේ ඔබලාය. එන්නට උවමනා අය නොකඩවා පැමිණෙනවා ඇත, පෙර චක්‍රයේ ලබා ගත් තත්ත්වයම ඔවුන් නොකඩවා ලබා ගන්නවා ඇත. මෙහි හාස්කමක ප්‍රශ්නයක් නොමැත. පියා අනුකම්පා සහගතයි. ඔහු දුක ඉවත් කරන්නා සහ සතුට පිරිනමන්නා වේ. එබැවින්, දුක ඇති කරන්නා ඔහු වෙන්නේ කොහොමද ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1.අවම වශයෙන් පැය අටක් වත් දේව ආණ්ඩුවට සේවය කරන අතර ඔබගේ කාලය වටිනා ලෙස භාවිත කරන්න. පියා මෙන් ගුණවත් වන්න.

2.අතීතය මතක් නොකරන්න. අතීතය අතීතයට තබා සැමවිටම සතුටින් සිටින්න. නාට්‍යයේදී නොසැලී සිටින්න.

වරදානය:
ඔබට පියාගෙන් කෝටි ගුණයක උපකාර ලැබීමෙන්, මායා පරාජය කරන්නෙක් වී, සහතික වූ ජයග්‍රහණයේ කුල්මත් බව පවත්වා ගනිත්වා.

පියාගෙන් කෝටි ගුණයක උපකාර ලැබීමට සුදුසු දරුවන්, මායාගේ පහර දීමට අභියෝග කරමින්, ඇගේ වගකීම වන්නේ, පැමිණීම බවත්, ඔවුන්ගේ වගකීම වන්නේ ජය ලැබීම බවත් පවසයි. එවන් දරුවන්, මායාගේ සිංහ ස්වරූපයක් වුවද කුඹීයෙක් මෙන් සලකයි, මන්ද, මායාගේ මෙම රාජධානිය අවසන් වීමට ආසන්න බව ඔවුන් දන්නවා. බොහෝ වාර ගණනාවක් ජය ලබා ඇති ඔය ජීවාත්මයන්ට, ජයග්‍රහණය 100% සහතිකයි. මෙම සහතිකයේ කුල්මත්භාවය, ඔබට පියාගෙන් කෝටි ගුණයක උපකාර ලැබීමට අයිතියක් හිමි කර දෙයි. මෙම කුල්මත්භාවය තුළින් ඔබ පහසුවෙන් මායා පරාජය කරන්නෙක් වෙයි.

පාඨය:
ඔබගේ සිතිවිලි බලය රැස් කරගෙන, තමන්ට සහ ලෝකයට එය භාවිත කරන්න.


බ්‍රහ්ම පියාට සමාන වීම සඳහා විශේෂ උත්සාහයන්.
බ්‍රහ්ම පියා කෙරෙහි ඔබ තුළ සෙනෙහස ඇත්නම්, පියා හා සමානව සුරඟනාවක් වන්න. ඔබගේ ආලෝකමත් සුරඟන ස්වරූපය සෑම විටම ඔබ ඉදිරියේ දිස් විය යුතුයි, ඔබ එසේ විය යුතු බව. ඔබගේ අනාගත ස්වරූපය ද දිස් විය යුතුයි. දැන් මෙය අතහැර එය හදාගන්න. ඔබට එවන් අත්දැකීමක් ඇති විට, ඔබ අංගසම්පූර්ණත්වයට සමීප බව වටහාගන්න.