07.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, භාරතය දිව්‍ය ලෝකය වූ කල්හී, ඔබ සිටියේ සම්පූර්ණ ආලෝකයේය. දැන් තිබෙන්නේ අන්ධකාරයයි අප නැවතත් ආලෝකයට යමු.

ප්‍රශ්නය:
පරම පියා පැමිණියේ ඔහුගේ දරුවන්ට කුමන කතාන්දරය කීමටද?

පිළිතුර:
බාබා පවසන්නේ සුමිහිරි දරුවනි, මා ඔබට ඔබගේ උපත් 84 හි කතාව කියන්නෙමි. ඔබ, ඔබගේ පළමු උපත ගත් විට, තිබුණේ දේවතා ධර්මය පමණයි. පසුව, යුග දෙකකට පසුව, ඔබ භක්තියේ යෙදීම ආරම්භ කර, විශාල දේවාල තැනුවේය. මෙය දැන් ඔබගේ බොහෝ උපත් ගණනාවක අවසානයයි. ඔබ කන්නලව් කළේ අහෝ දුක නැති කරන්නාණෙනි, සතුට පිරිනමන්නාණෙනි, වඩිනු මැනවි! එබැවින් මා දැන් පැමිණ සිටියි.

ගීතය:
අද දවසේ මිනිසුන් සිටින්නේ අන්ධකාරයේය.

ඕම් ශාන්ති.
මෙය, සෑම කෙනෙක්ම අන්ධකාරයේ සිටින කලි යුග ලෝකය බව ඔය දරුවන්ට වැටහෙයි. ආරම්භයේ, භාරතය දිව්‍ය ලෝකයක්ව තිබූ කල්හි, ඔබ සිටියේ ආලෝකයේය. තමන්ට හින්දූන් යැයි කියාගන්නා, භාරතයේ එම මිනිසුන්ම මුලින් දේවතාවන් විය. භාරත දිව්‍ය ලෝකයේ වැසියන් වූයේ ඔවුන් වන අතර, එකල වෙනත් ආගම් තිබුණේ නැත තිබුණේ එක් ධර්මය පමණයි. දිව්‍ය ලෝකය, වයිකුන්ත්, බාහිස්ත් සහ පාරාදීසිය ආදිය, එම භාරතයේ නම්ය. පෞරාණික භාරතය, මුලදී, පිවිතුරු සහ ධනවත් විය. එය දැන් කලි යුගය බැවින්, භාරතය දැන් දුප්පත් වී ඇත. ඔබ සිටින්නේ අන්ධකාරයේ බව ඔබ දන්නවා. ඔබ දිව්‍ය ලෝකයේ සිටි විට, ඔබ සිටියේ ආලෝකයේය. දිව්‍ය ලෝකයේ අධිරාජයා සහ අධිරාජිනිය වූයේ ශ්‍රී ලක‍්ෂ්මි සහ නාරායනයි. එයට කීවේ සතුටේ දේශය කියාය. ඔබ පරමාත්ම පියාගෙන් ඔබගේ දිව්‍ය ලෝකයේ උරුමය හිමි කරගත යුතු අතර, එයට ජීවන-මුක්තිය යැයි කියයි. සෑම කෙනෙක්ම දැන් සිටින්නේ බන්දන දිවියකයි. විශේෂයෙන්ම භාරතයත්, සාමාන්‍යයෙන් ලෝකයත්, රාවණගේ සිරගේහි, ශෝක පැල්පතේ ඇත. රාවණ සිටියේ ලංකාවේ පමණක් බවත්, රාමා සිටියේ භාරතයේ බවත්, රාවණ පැමිණ සීතා පැහැර ගෙන ගියා කියාද දෙයක් නැත. ඒ සියල්ලම ගොතන ලද කතාය. ප්‍රධානතම ආගමික ග්‍රන්ථය වන්නේ ගීතාවයි එය සියලුම ග්‍රන්ථයන්ගේ මාණික්‍යය වන අතර, එය පරමාත්ම දෙවියන් විසින් භාරතයේදි පවසන ලදී. මනුෂ්‍යයින්ට, කිසි කෙනෙකුට විමුක්තිය ලබා දිය නොහැක. ස්වර්ණමය යුගයේ, ජීවන මුක්තියේ සිටි දේවතාවන් විසූ අතර, ඔවුන්ගේ එම උරුමය, ඔවුන් හිමි කරගත්තේ කලි යුගයේ අවසානයේදීය. භාරතයේ ජනතාව මෙය නොදන්නා අතර එය කිසිම ආගමික ග්‍රන්ථයක හෝ සඳහන් කර නැත. ආගමික ග්‍රන්ථ වල ඇත්තේ භක්ති මාර්ගයේ දැනුමයි. කිසිම මනුෂ්‍යයෙකුට විමුක්තිය පිළිබඳ ඥානය කිසිසේත් නොමැත. ඔවුන් සෑම කෙනෙක්ම උගන්වන්නේ භක්තියයි. ඔවුන් ඔබට කියන්නේ ආගමික ග්‍රන්ථ හදාරා, දන් දී, පුණ්‍ය කර්ම සිදු කරන්නට කියාය. එම භක්තිය, තඹ යුගයේ සිට පැවත ඇත. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී, ඥානයේ ප්‍රතිලාභය ඇත. මෙම ඥානය එහිදීත් පැවතෙන්නේ නැත. භාරතය ලැබූ උරුමය, සංගම යුගයෙදී පියාගෙන් ලැබුණු අතර, ඔබ දැන් එය නැවත වතාවක් ලබමින් සිටියි. භාරතයේ ජනයා අසීමිත දුක් අත්විඳ අපායේ වැසියන් වූ කල්හි, ඔවුන් මෙසේ කන්නලව් කරති අහෝ පාරිශුද්ධකරුවාණෙනි! දුක නැති කර සතුට පිරිනමන්නාණෙනි! කවුරුන් වෙනුවෙන්ද? ඔවුන් වෙනුවෙන්මයි, මන්ද විශේෂයෙන් භාරතයේද සාමාන්‍යයෙන් ලෝකයේද සෑම කෙනෙකුටම පාපයන් පහ තිබේ. පරමාත්ම පියා පාරිශුද්ධකරුය. ඔහු පවසන්නේ මම චක්‍රයන්ගේ සංගමයෙදී එන්නෙමි. මා සියල්ලටම විමුක්තිය පිරිනමන්නා වෙමි. මෙය අපවිත්‍ර ලෝකය නිසා මම ගල් වැනි බුද්ධි ඇති අය, ගුණදම් නැති අය මෙන්ම ගුරූන් ආදියද ඉහළ නැංවිය යුතුයි. ස්වර්ණමය යුගයට, පිවිතුරු ලෝකය යැයි කියයි. එය භාරතයේ ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. ඔවුන් දිව්‍ය ලෝකයේ අධිපතියන් බව, භාරතයේ ජනයා නොදනී. අපවිත්‍ර දේශය යනු මුසාවේ දේශය වන අතර පිවිතුරු දේශය යනු සත්‍යයේ දේශයයි. භාරතය, පිවිතුරු දේශය විය. කිසිදා විනාශ නොවන අවිනාශී දේශය වන්නේ මෙම භාරතයයි. එය ඔවුන්ගේ (ලක්ෂ්මි සහ නාරායන) රාජධානිය වූ කල්හි, වෙනත් දේශ නොමැත. ඒ සෑම එකක්ම පැමිණෙන්නේ පසුවයි. චක්‍රය, වසර සිය දහස් ගණනක් බව, මනුෂ්‍යයන් ලියා ඇත. පරම පියා පවසන්නේ චක්‍රයේ කාල වකවානුව වසර 5000 කි. ඒ මිනිසුන් පවසන්නේ, මනුෂ්‍යයන් උපත් මිලියන 8.4 ක් ගන්නා බවයි. ඔවුන් මනුෂ්‍යයන්ව, බල්ලන්, බලලුන්, බූරුවන් ආදින් බවට පත් කර තිබේ. කෙසේවෙතත්, බල්ලන්, බලලුන් ආදියට වෙනත් උපත් තිබේ උන්ගේ සත්ව වර්ග මිලියන 8.4 ක් සිටින නමුත්, එක් මනුෂ්‍ය වර්ගයයි සිටින්නේ. උපත් 84 ක් ගන්නා අය ඔවුන්ය. පරම පියා පවසන්නේ නාටකයේ සැලසුමට අනුව, භාරතයේ ජනයාට ඔවුන්ගේ ධර්මය අමතකව ගොසින්ය. කලි යුගය අවසානයේදී ඔවුන් සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී සිටියි. පරම පියා, සංගම යුගයෙදී ඔබව පිවිතුරු කිරීමට පැමිණ ඇත. මෙයට දුක් දේශය යැයි කියයි. ඉන්පසුව, භාරතය, සතුටෙහි දේශය බවට පත්වෙයි. පරම පියා පවසන්නේ අහෝ දරුවනි, භාරතයේ ඔය දරුවන්, දිව්‍ය ලෝකයේ වැසියන් විය. ඉන්පසුව ඔබ උපත් 84 හි ඉනිමඟ දිගේ පහළට පැමිණියා. ඔබ නිසැකයෙන්ම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව හරහා යා යුතුයි. ඔය දේවතාවන් සිටි අකාරයට, කිසිවෙක් සදා සතුටින්, සදා නිරෝගීව හෝ සදා ධනවත් නැත. භාරතය බොහෝ ධනවත් විය! එහි දියමන්ති සහ මැණික්, වැලි කැට මෙන් බොහෝ තිබුණි. යුග දෙකකට පසුව ඔවුන් භක්ති මාර්ගයේ විශාල දේවාල තැනුවා. ඔවුන් බොහෝ අලංකාර දේවාල ගොඩනැඟුවා විශාලතම එක වූයේ සෝම්නාථ දේවාලයයි. තිබුණේ එක් දේවාලයක් පමණක් නොවෙයි. වෙනත් බොහෝ රජවරුන්ටද දේවාල තිබිණි. ඒවා බොහෝ සේ මංකොල්ල කන ලදි. පරමාත්ම පියා ඔය දරුවන්ට සිහි කරවන්නේ ඔබව බොහෝ ධනවත් කළා. අධිරාජයා සහ අධිරාජිනිය මෙන්, ඔබද සියලුම ගුණධර්ම වලින් පිරී, දිව්‍යමය කලා 16 කින් පිරිපුන්ව සිටියා. ඔවුන්ට දෙවි දේවතාවන් කියාද කිව හැකි නමුත්, සිටින්නේ එක් පරමාත්ම දෙවියන් පමණක් බවත්, ඔහු පරමාත්ම පියා බවත්, පියා විස්තර කර ඇත. ඔබ ඊශ්වර හෝ ප්‍රභූ යැයි කියන විට, ඔබ ඔහුව සියලුම ජීවාත්මයන්ගේ පියා ලෙසින් සිහි කරන්නේ නැත. පරමාත්ම පියා මෙතැන අසුන් ගෙන ඔබට කතාවක් කියයි එය දැන් ඔබගේ බොහෝ උපත් ගණනාවක අවසානයයි. මින් සඳහන් වෙන්නේ එක් අයෙක් ගැන පමණක් නොවෙයි. සටන් භූමියක් ආදිය නොමැත. එය ඔවුන්ගේ රාජධානිය වූ බව, භාරතයේ ජනතාවට අමතකව ගොසින්ය. ඔවුන් ස්වර්ණමය යුගයේ කාල වකවානුව බොහෝ දීර්ඝ කර ඇති නිසා, එය බොහෝ සෙයින් දුරස්ථ වී ඇත. මනුෂ්‍යයින්ට, දෙවියන් යැයි කිව නොහැකි බව, පරමාත්ම පියා පැමිණ පහදා දෙයි. මනුෂ්‍යයන්ට, කිසිවෙකුට විමුක්තිය පිරිනැමිය නොහැක. මෙසේ කියයි සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා, අපවිත්‍ර අයව පිවිතුරු කරන්නා, එක් කෙනෙක් පමණයි. සත්‍ය දේශය ස්ථාපිත කරන එක් සත්‍ය බාබා පමණයි සිටින්නේ. මිනිසුන් භක්ති මාර්ගයේ වන්දනා කරන නමුත් ඔවුන් වන්දනා කරන එක් අයෙකුගේ හෝ චරිත කතාව ඔවුන් නොදනී. මේ නිසයි පරම පියා විස්තර කරන්නේ ඔබ ශිවාගේ උපත සමරනවා නොවේද? පරම පියා, නව ලෝකයේ නිර්මාපකයාය දිව්‍යමය දෙවි පියාණන්ය. ඔහු අසීමිත සතුට ලබා දෙයි. ස්වර්ණමය යුගයේ බොහෝ සතුට තිබුණි. එය ස්ථාපිත කළේ කෙසේද, එමෙන්ම කවුරු විසින්ද? අසුන් ගෙන මෙය විස්තර කරන්නේ පරමාත්ම පියා පමණයි. අපායේ වැසියන්ව දිව්‍ය ලෝකයේ වැසියන් බවට, දූෂිත මනුෂ්‍යයන්ව, ශ්‍රේෂ්ඨ දේවතාවන් බවට, පරිවර්ථනය කිරීම, පරම පියාගේම පමණක් වන කාර්යයයි. පියා පවසන්නේ මම ඔය දරුවන්ව පිවිතුරු කරමි. ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත්වනවා. ඔබව අපවිත්‍ර කරවන්නේ කවුද? රාවණ! දෙවියන් දුකද ඇති කරන බව, මනුෂ්‍යයන් කියයි. පරම පියා පවසන්නේ මා ඔබට කෙතරම් සතුට ලබා දෙන්නේද යත්, ඔබ චක්‍රයෙන් භාගයක්ම පරමාත්ම දෙවියන්ව සිහි නොකරයි. පසුව, රාවණගේ රාජධානිය ආරම්භ වූ විට, ඔබ සියල්ලන්ව වන්දනා කිරීමට පටන්ගනී. මෙය ඔබගේ බොහෝ උපත් ගණනාවක අවසන් උපතයි. බාබා පවසන්නේ භාරතයේ සුමිහිරිතම ජනතාවනි, ඕ ජීවයනි, මා දැන් ඔබට අසීමිත උරුමයක් ලබා දෙනවා. දරුවනි, ඔබ උපත් 84 ක් ගෙන ඇත. ඔබ දැන් පරමාත්ම පියාගෙන් ඔබගේ උපත් 21 කට උරුමයක් හිමි කරගැනීමට පැමිණ සිටිනවා. සෑම කෙනෙක්ම එකවර පැමිණෙන්නේ නැත. නැවත වතාවක්, ස්වර්ණමය යුගයේ සූර්ය රජපෙළපත් තත්ත්වය හිමි කරගන්නේ, ඔබ පමණයි. එනම් සත්‍ය පියා පවසන, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වීමේ සත්‍ය ඥානයට, සවන් දෙන්නේ ඔබ පමණයි. මෙය ඥානය වන අතර, එය භක්තියයි. සියලුම ආගමික ග්‍රන්ථ ආදිය තිබෙන්නේ භක්ති මාර්ගය සඳහාය. ඒවා ඥානයේ මාවත සඳහා නොවෙයි. මෙය ආධ්‍යාත්මික ඥානයයි. උත්තරීතර පරමාත්ම ජීවය මෙතැන අසුන් ගෙන ඔබට මෙම ඥානය ලබා දෙයි. ඔය දරුවන් ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. තමන් ජීවාත්ම බව සලකා, නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. පරමාත්ම පියා විස්තර කරන්නේ හොඳ සහ නරක සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුළ වන අතර මනුෂ්‍යයන්ට හොඳ හෝ නරක උපතක් ලැබෙන්නේ ඒවාට අනුවයි. පරම පියා මෙතැන අසුන් ගෙන විස්තර කරනවා මෙම කෙනා පිවිතුරුව සිටි අතර දැන් අවසන් උපත වන විට අපවිත්‍ර වී ඇති අතර ඔබටද එයම බලපායි. පරම පියා වන මා, රාවණගේ පැරණි, අපවිත්‍ර ලෝකයට පැමිණිය යුතුයි. ඉන්පසුව අංක එක වන කෙනාගේ සිරුර තුළට මා ඇතුළු විය යුතුයි. සම්පූර්ණ උපත් 84 ගන්නේ සූර්ය රජ පෙළපතේ අය පමණයි ඒ කියන්නේ බ්‍රහ්මා සහ බ්‍රහ්මාගේ නිර්මාණය වන බ්‍රහ්මණයින්ය. පරම පියා මෙය සෑම දිනකම විස්තර කරයි. ගල් වැනි බුද්ධි ඇති අය, දිව්‍යමය බුද්ධි ඇති අය බවට පරිවර්ථනය කිරීම, ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා මෙන් පහසු නැත! ඕ ජීවයනි, දැන් ජීවාත්ම අවධානයට පත් වන්න! ඕ ජීවයනි, එක් පරමාත්ම පියාව සහ රාජධානිය සිහි කරන්න! ශාරීරික නෑදෑයින් අත්හරින්න! සෑම කෙනෙක්ම මිය යා යුතුයි. එය සෑම කෙනෙකුටම විශ්‍රාමික තත්ත්වයයි. ඒකායන සත්ගුරු හැර, වෙනත් කිසිවෙකුට සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා විය නොහැක. පරම පියා පවසන්නේ ඕ භාරතයේ දරුවනි, මගෙන් මුලින්ම වෙන් වූයේ ඔබයි. ජීවාත්ම, බොහෝ කාලයක් උත්තරීතර ජීවාත්මයෙන් වෙන්ව සිටි බව සිහි කෙරෙයි. මුලින්ම, දේවතා ධර්මයට අයත් ඔය භාරතයේ ජනයා පැමිණියා. වෙනත් ආගම් වල අය අඩු උපත් ප්‍රමාණයක් ගනී. පරමාත්ම පියා මෙතැන අසුන් ගෙන, චක්‍රය බ්‍රමණය වන ආකාරය විස්තර කරයි. ධාරණය කරගැනීමට නොහැකි අයට වුවත් මෙය ධාරණය කරගැනීම ඉතා පහසුයි. සෑම දෙයක්ම ධාරණය කරගන්නේ ජීවාත්මයයි. පුණ්‍යවන්ත සහ පාපකාරී වන්නේ ජීවාත්මයි. ඔබගේ උපත් 84 හි අවසන් උපත මෙයයි. ඔබ සෑම කෙනෙක්ම සිටින්නේ විශ්‍රාමික තත්ත්වයේය. විශ්‍රාමික තත්ත්වයේ සිටින අය මන්ත්‍රයක් ලබා ගැනීම සඳහා ගුරු කෙනෙක් හදාගනී. ඔබට භෞතික ගුරු කෙනෙක් හදා ගැනීමට අවශ්‍ය නැත. මා ඔබ සියල්ලන්ගේම පරම පියා, ගුරුවරයා මෙන්ම ගුරූය. ඔබ මට කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි! ශිව බාබා! ඔබට දැන් සිහි වී ඇත. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පරමාත්ම පියාය. ජීවාත්ම, අමරණීය බැවින් ඒවා සත්‍ය වනවා සේම, ජීවමාන ජීවාත්මයි. සියලුම ජීවාත්ම තුළ චරිත කොටසක් පටිගත වී ඇත. පියාද සත්‍යය සහ ජීවමාන ජීවයයි. ඔහු මනුෂ්‍ය වෘක‍්ෂයේ බීජය බැවින් ඔහු මෙසේ පවසයි මා මුළු වෘක‍්ෂයේම ආරම්භය, මධ්‍යය මෙන්ම අවසානයද දන්නවා, මට ඥානයෙන් පිරිපුන් කෙනා යැයි කියන්නේ මේ නිසාය. බීජයෙන් වෘක‍්ෂය මතු වන ආකාරය පිළිබඳ සියලුම ඥානය ඔබටත් තිබේ. වෘක‍්ෂය වැඩෙන්නට කල් ගත වෙයි. පරමාත්ම පියා පවසන්නේ බීජය මමයි. අවසානයේදී මුළු වෘක‍්ෂයම, සම්පූර්ණ දිරාපත් වූ තත්ත්වයකට ලඟා වෙයි. දේවතා අත්තිවාරම දැන් නොපවතී එය නැවත වතාවක් අතුරුදහන් වී ඇත. දේවතා ධර්මය අතුරුදහන් වූ විට, පරම පියා පැමිණිය යුතුයි. ඔහු ඒකායන ධර්මය ස්ථාපිත කර අන් සියල්ලේම විනාශය දිරිගන්වයි. පරම පියා, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ ස්ථාපනය සිදුකරනවා. මෙම නාටකය කල් තියා නියමිත වූවක් එයට අවසානයක් නැත. ඔහුට, ලෝකයේ ආරම්භය, මධ්‍යය සහ අවසානය පිළිබඳ ඥානය පැවසීමට ඇති, චක්‍රයේ අවසානයේදී, පරමාත්ම පියා පැමිණෙයි. එබැවින් ඔහු නිසැකයෙන්ම පැමිණිය යුත්තේ සංගම යුගයෙදීය. ඔබට සිටින්නේ එක් පියෙකි. සියලුම ජීවාත්ම, අශාරීරික ලෝකයේ වැසියන් වන සහෝදරයන්ය. සෑම කෙනෙක්ම සිහි කරන්නේ එම එක් පරමාත්ම පියාවයි. සෑම කෙනෙක්ම දුක ඇති කාලයකදී ඔහුව සිහි කරයි. රාවණගේ රාජධානියේ දුක තිබේ. මෙහි, සෑම කෙනෙක්ම ඔහුව සිහි කරයි. එබැවින් පරම පියා, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා, එක් අයෙකි. වර්ණනාව ඔහුගේ පමණයි. පියා පැමිණියේ නැත්නම්, භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරවන්නේ කවුද? මෙකල, සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්ය. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැවත උත්පත්ති ගත යුතුයි. දැන් නැවත උපත් ලබන්නේ අපායේය. කිසි කෙනෙක් දිව්‍ය ලෝකයට නොයයි. හින්දූන් පවසන්නේ, අහවලා දිව්‍ය ලෝකයට ගිය බවයි, එනම්, එම කෙනා දැන් දෙව්ලොව ගියේ නම්, ඔහු අනිවාර්යෙන්ම සිටියේ අපායේය. ඔබගේ මුවේ රෝස මලක් පිපේවා (එය සැබෑ වේවා) ! එම පුද්ගලයා, දෙව්ලොව වැසියෙක් වී ඇත්නම්, ඔබ ඔහුට අපායේ අපවිත්‍ර ආහාර පූජා කරන්නේ ඇයි? ඛෙංගාලයේ ඔවුන් මාළු ආදිය පවා ඔවුන්ට පූජා කරයි. ඔවුන්ට එවන් ආහාර කෑමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඔවුන් පවසන්නේ අහවලා නිර්වාණ දේශයට ගොසින්ය. පරම පියා පවසන්නේ ඒ සියල්ල මුසාවන්ය. පළමුවන අංකයේ කෙනාට පවා, උපත් 84 ක් ගැනීමට ඇති බැවින්, දැනට වෙනත් කිසිවෙකුට ආපසු නිවසට යා නොහැක. පියා පවසන්නේ මේ පිළිබඳ කිසි අපහසුතාවයක් නැත. භක්ති මාර්ගයේ බොහෝ අපහසුතා ඇත. රාමාගේ නම ජප කරන අතර ඔවුන්ගේ ගතේ හිරි ගඩු පිපෙයි. ඒ සියල්ල භක්ති මාර්ගයයි. ඉර සහ සඳ ආලෝකය දෙන බව ඔබ දන්නවා ඔවුන් දේවතාවන් නොවන බව. ඇත්ත වශයෙන්ම ඥානයේ සූර්යයා, ඥානයේ චන්ද්‍රයා සහ ඥානයේ තරු ඇත. ඔවුන්ගේ වර්ණනාව තිබේ. එවිට එම මිනිසුන් කියන්නේ සූර්ය දේවතාවන්ට නමස්කාර වේවා! ඔවුන් සූර්යයා දේවතාවක් බව සලකා, එයට ජලය ආදිය පූජා කරයි. එබැවින් පරමාත්ම පියා විස්තර කරන්නේ ඒ සියල්ල භක්ති මාර්ගය වන අතර එය නැවතත් ඒ අන්දමින්ම සිදුවෙයි. පළමුවෙන්ම ශිව බාබා වෙනුවෙන් නොකිලිටි භක්තිය තිබෙන අතර ඉන්පසුව දේවතාවන් වෙනුවෙන් භක්තිය ඇත. ඉන්පසුව ඔබ පහළට පැමිණෙයි. දැන් ඔවුන් මහ පාරේ ටී-මංසංන්දි වල මැටි පහන් පවා දල්වයි. ඔවුන් සෑම දිශාවකම තල ඇට සහ ධාන්‍ය විසි කර, එහි භක්තියේ යෙදෙයි. ඔවුන් පදාර්ථයන් පවා වන්දනා කරයි ඔවුන් මනුෂ්‍යයන්ගේ ප්‍රතිමා සාදා, ඒවාටද වන්දනා කරයි. ඒ කිසිම දෙයකින් ලැබීමක් නැත. මෙම දේවල් වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්මයෙන් නරක සංස්කාර ඉවත් කරගැනීම සඳහා, ජීවාත්ම අවධානයට පත් වීම පුහුණු වන්න. ඔබගේ උපත් 84 න් අවසන් උපත මෙයයි. එය දැන් ඔබගේ විශ්‍රාමික තත්ත්වයයි. එබැවින් පුණ්‍ය ආත්මයක් වීමට වෙර දරන්න.

2. සියලුම ශාරීරික නෑදෑයින් අත්හැර, ඒකායන පරම පියා සහ රාජධානිය සිහි කරන්න. බීජයේ සහ වෘක‍්ෂයේ ඥානය ආවර්ජනය කර, නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටින්න.

වරදානය:
ඔබ ලෝක පරිවර්ථනයේ ශ්‍රේෂ්ඨ කාර්යයේ වගකීම ඉටු කරන අතර ආධාරයේ ප්‍රතිරුවක් වී, ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් රැඳී සිටිත්වා.

ආධාරක ප්‍රතිරූ වන අය මත සියලු වගකීම් තිබේ. ඔබ දැන් කොතැනක, කෙසේ පියවර තැබුවත්, අන් ජීවාත්ම ඔබව ඒ ආකාරයෙන්ම අනුගමනය කරයි. මෙය ඔබගේ වගකීමයි, නමුත් මෙම වගකීම ඔබගේ මනෝ ස්ථීතිය නිර්මාණය කිරීමට බොහෝ උපකාරී වෙයි, මන්ද ඔබ මෙය කිරීමෙන් බොහෝ ජීවාත්මයන්ගේ ආශිර්වාද හිමි කරගන්නා අතර එබැවින් ඔබගේ වගකීම් සැහැල්ලු වෙයි. මෙම වගකීම ඔබගේ වෙහෙස නිවාලයි.

පාඨය:
හදවතේ සහ හිසේ සමබරතාවය පවත්වා ගැනීමෙන්, ඔබ සේවයේදි සාර්ථකත්වය ලබයි.