07.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට දැන් පියාගේ දිව්‍ය ක්‍රියා ගැනත් නාටකයේ මුල, මැද හා අග පිළිබඳවත් වූ ඥානය පියාගෙන් ලැබී ඇත. මෙම නාටකය දැන් අවසානයක් කරා ගමන් කරනා බවත්, අපි දැන් නිවස බලා යා යුතු බවත් ඔබ දන්නවා.

ප්‍රශ්නය:
පියා වෙත ඔබව ලේඛණය කිරීමට නම් ඔබ විසින් අනුගමනය කළ යුතු නීති රීති මොනවාද?

පිළිතුර:
පියා වෙත ඔබව ලේඛණය කරවීමට නම් 1) සම්පූර්ණයෙන්ම ඔබව පියා වෙත කැප කරන්න. 2) භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවීමේ සේවය සඳහා ඔබ සතු සෑම දෙයක්ම යොදවන්න. 3) සම්පූර්ණයෙන්ම පාපයෙන් නිදහස් වීම සඳහා පොරොන්දුවක් වී තමන් එවන් ජීවිතයක් ගත කරනා බව ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වන්න. එවන් දරුවන්ගේ නම් මෙම සර්ව බලධාරී ආණ්ඩුවේ ලේඛණ වාර්තාවට ඇතුලත් වනු ඇත. එවන් අය තුළ, තමන් භාරතය දිව්‍ය ලෝකයක් එනම්, රජවරුන්ගේ දේශයක් බවට පත් කරවනවාය යන කුල්මත්භාවය තිබෙනවා. භාරතයේ සේවය සඳහා අපි අපගේ ජීවිත පියා වෙනුවෙන් කැප කරන්නෙමු.

ගීතය:
ශිවාට ආචාර වේවා ...

ඕම් ශාන්ති.
අප ඉදිරියේ අසුන්ගෙන දැන් තම නිර්මාණය ගැන වූ මේ ගුණ ගීත ගායනා කරමින් සිටින්නේ මෙම ගීතයෙන් වර්ණනාවට ලක්වන ඒකායන කෙනායි. මෙයත් පුදුමාකාර ක්‍රීඩාවක් වශයෙන් හඳුන්වනවා. ක්‍රීඩාවක් සෙල්ලමක් යනුවෙනුත් හඳුන්වනවා. ගුණවත් වූ සෑම දෙයක්ම ප්‍රශංසාවට ලක් වෙනවා. ඉතින් එමනිසා, මොහුගේ ප්‍රශංසාව ඉතාමත් අසහායයි. කොහොමනමුත්, මිනිසුන්ට මෙය තේරෙන්නේ නැහැ. වැඩියෙන්ම වර්ණනාවට ලක් වී ඇත්තේ උත්තරිතර පියා වන උත්තරීතර ජීවාත්මය බව දරුවන් වන ඔබට තේරෙනවා ඇති. එමෙන්ම ඔහුගේ උපන් දිනය, එනම්, ශිව ජයන්තියත් ළඟ ළඟම එන බවත් ඔබට වැටහෙනවා ඇති. මෙම ගීතය ශිව ජයන්තියට ඉතාමත් හොඳ එකකි. ඔහුගේ ගුණ ගැන දැනගන්නා ගමන්ම දරුවන් වන ඔබ දැන් නාටකය ගැනත් දන්නවා. මෙය අනිවාර්යෙන්ම නාටකයක්, සෙල්ලමක්, ක්‍රීඩාවක් කියාත් හඳුන්වනවා. බාබා කියනවා: මගේ ක්‍රියාවන් දේවතාවරුන්ගේ ක්‍රියාවන්ටත් වඩා අසහායයි. සෑම කෙනෙකුගේම ක්‍රියාවන් එකිනෙකට වෙනස්. එය හරියට ආණ්ඩුවක ජනාධිපති කෙනෙකුගේ තත්ත්වය හා අගමැති කෙනෙකුගේ තත්ත්වය එකිනෙකට වෙනස් වෙනවා වගේයි. දෙවියන් සෑම තැනකම සිටියා නම් සෑම කෙනෙකුගේම ක්‍රියාවන් එක හා සමානම වෙන්න තිබුණා. දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා කියනා කියමන නිසාම තමයි ඔවුන්ට කුසගින්නේ සිටින්නත් සිදු වුණේ. මිනිස්සු පියා ගැන දන්නේත් නැහැ, පියාගේ අපරිමිත වූ ගුණ වර්ණනාව ගැන දන්නේත් නැහැ. පියාව හඳුනාගන්නා තෙක් ඔවුන්ට ඔහුගේ නිර්මාණය හඳුනාගන්න බැහැ. දැන් දරුවන් වන ඔබට නිර්මාණය ගැන තේරෙනවා. බ්‍රහ්ම ලෝකය, සූක්ෂම කලාපය හා ලෝක මානව වෘක්ෂයේ චක්‍රය වැනි දේවල් දැන් ඔබගේ බුද්ධියේ කැරකෙනවා. මෙය ක්‍රීඩාවක්. එනම්, නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම එයයි. මේ මොහොත වන විට, ලෝකයේ සිටිනා මිනිස්සු අදේවවාදීන් බවට පත්වෙලා. කිසිම දෙයක් අවබෝධ කරගන්නේ නැතිව නිකම් බොරු කිය කියා සිටිනවා. පූජනීය මිනිස්සුත් සම්මන්ත්‍රණ වැනි දේවල් පවත්වමින් සිටිනවා, නමුත් දැන් මේ සෙල්ලම අවසන් වෙන්නයි යන්නේ කියා ඔවුන් දන්නේ නැහැ. කොහොමනමුත්, සෙල්ලම අවසන් වීමට යන නිසා දැන් ඔවුන් කිසියම් දෙයක ස්පර්ෂයකට හසු වී තිබෙනවා. සෑම කෙනෙක්ම කියන්නේ තමන්ට රාමාගේ රාජ්‍යයක් අවශ්‍යයි කියලයි. ක්‍රිස්තියානුවන් මෙහි පාලනය ගෙන යන කල, කවුරුවත් කිව්වේ නැහැ නව භාරතයක් මෙහි බිහිවිය යුතුයි කියලා. දැන් දුක වැඩියි. සෑම කෙනෙක්ම: අහෝ දෙවියනි, අපව මෙම දුකින් බේරාගන්න` කිය කියා කන්නලව් කර කර තමයි ඉන්නේ. කලි යුගය අවසානය වන විට මහා විශාල දුකක් අනිවාර්යෙන්ම විඳින්න සිදු වෙනවා විය හැකියි. දවසින් දවස දුක එන්න එන්නම වැඩි වර්ධනය වෙනවා. ඔවුන් සිතන්නේ සෑම කෙනෙක්ම දැන් තම තමන්ගේ රාජ්‍යයන් පාලනය කරන්න පටන් ගනීවි කියලයි. කොහොමනමුත්, විනාශය සිදුවිය යුතුයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දරුවන් වන ඔබ මහත් වූ සතුටකින් වාසය කළ යුතුයි. අසීමිත පියා දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා කියා සෑම කෙනෙක්ටම කිව හැකියි. එමනිසා, ඔහුගේ දරුවන් දැන් දිව්‍ය ලෝකයේ රාජ්‍යය ලබන්නයි යන්නේ. භාරතයේ මිනිස්සු විශේෂයෙන්ම මෙය සිහි කරනවා. දෙවියන්ව මුණගැසීම සඳහා ඔවුන් භක්ති කරනවා. ක්‍රිෂ්ණාගේ දේශයට යන්න ඔවුන්ට අවශ්‍යයි. එය හඳුන්වන්නේ දිව්‍ය ලෝකය කියලයි. නමුත් ක්‍රිෂ්ණාගේ දේශය තිබෙන්නේ සත් යුගයේදී පමණක් බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. මෙම කලි යුගය දැන් අවසානයක් කරා ගමන් කරමින් තිබේ. දැන් එන්න ඇත්තේ ක්‍රිෂ්ණාගේ දේශයයි. සෑම කෙනෙක්ම උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වන ශිවාගේ දරුවන් බව සෑම කෙනෙක්ම දන්නවා. එමනිසා, දෙවියන් ලෝකය නිර්මාණය කළා විය යුතුයි. ඔහු අනිවාර්යෙන්ම බ්‍රහ්මා මගින් එය නිර්මාණය කළා විය යුතුයි. කටින් උපන් පරම්පරාව අනිවාර්යෙන්ම බ්‍රහමිණ් වංශයේ මුතු මැණික් විය යුතුයි. එමෙන්ම කාල පරාසය වන්නේ මෙම සංගම යුගයයි. සංගම යුගය පියා මෙහි පැමිණ අපට රාජයෝගා උගන්වනා ඉතාමත් කරුණාවන්ත වූ යුගයයි. බ්‍රහමිණ්වරුන් වන අප දැන් බ්‍රහ්මාගේ කටින් උපන් අයයි. එසේ වී තිබියදීත්, ඔබ අසන්නේ: දෙවියන් බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී අපට රාජයෝගා කියා දෙනවා යන්න අප කෙසේද පිළිගන්නේ? බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් බවට පත් වන්න. මෙම රාජයෝගාව හදාරන්න, එවිට ඔබට නිරායාසයෙන්ම මෙය අත්දැකිය හැකිවනු ඇත. විශ්වාසයක් ඇතිකර ගැනීම හෝ අන්ධ විශ්වාසයක් ගැන කිසිම ගැටළුවක් මෙහිදී මතුවන්නේ නැත. පොදුවේ ගත් කල මුළු ලෝකයේමත් විශේෂයෙන්ම මහත් පිළිම වන්දනාවක් තිබෙනා භාරතය තුළත් ඇත්තේ අන්ධ විශ්වාසයයි. භාරතය හඳුන්වන්නේ පිළිම වල ලෝකයක් වශයෙනි. බ්‍රහ්මා අත් ගණනාවකින් පෙන්වා තිබෙනවා. දැන් එය විය හැකි දෙයක්ද? ඔව්, බ්‍රහ්මාට දරුවන් ගණනාවක් සිටිනවා. විශ්ණුව පෙන්වා ඇත්තේ අත් හතරකිනි: ලක්ෂ්මිගේ අත් දෙකයි, නාරායන්ගේ අත් දෙකයි. බ්‍රහ්මාට දරුවන් රාශියක් සිටිනවා විය හැකියි. ඔහුට මිලියන හතරක දරුවන් සංඛ්‍යාවක් සිටියා නම්, ඔහුට මිලියන අටක අත් ප්‍රමාණයකුත් ඇති වෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, ඒක එහෙම නොවෙයි. මිනිස්සු අනිවාර්යෙන්ම අවශ්‍යයි. මෙයත් නාටකයේ තීරණය වී තිබෙනා දෙයක්. බාබා පැමිණ මෙම කරුණු සෑම දෙයක්ම පැහැදිලි කර කියා දෙනවා. අවසානයේදී කුමක්ද සිදුවීමට යන්නේ කියනා දෙය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නොයෙකුත් ආකාරයේ සැලසුම් දිගින් දිගටම සාදමින් සිටිනවා. මෙහි, දරුවන් වන ඔබ වෙනුවෙන් බාබාට ඇත්තේ එකම එක සැලැස්මක් පමණයි. එම අධිරාජ්‍යය දැන් ස්ථාපනය වෙමින් පවතී. අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත් කරවීම සඳහා ඔබ වැඩි වැඩියෙන් උත්සාහ දැරූ තරමට, ඔබ විසින් ලබනා තත්ත්වය තව තවත් උසස් වනු ඇත. බාබාව හඳුන්වන්නේ: දැනුමැති, ප්‍රමෝදයෙන් පිරි කරුණාවන්ත කෙනා වශයෙනුයි. බාබා කියනවා: මටත් මෙම නාටකයේ චරිත කොටසක් රඟපෑමට තිබෙනවා. මායාට කිසිවෙකු කෙරෙහි කරුණාවක් ඇත්තේ නැහැ. මා පැමිණ දැන් සෑම කෙනෙක් වෙතම කරුණාව දැක්විය යුතුයි. මම දරුවන් වන ඔබට රාජයෝගා උගන්වනවා. ලෝක චක්‍රය පිළිබඳ වූ රහස් ද මම ඔබට උගන්වනවා. දැනුමින් පිරි මා ඥානයේ සාගරය යනුවෙන් හඳුන්වනවා. දරුවන් වන ඔබ මෙය දන්නා නිසා දැන් අන් අයටත් පැහැදිලි කර කියා දිය හැකියි. මෙහි කිසිම ආකාරයක අන්ධ විශ්වාසයක් නොමැත. අපි අශාරීරික උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ගැන විශ්වාස කරන්නෙමු. පළමුවෙන්ම ඔබ ඔහුගේ ගුණ ගැයිය යුතුයි. ඔහු පැමිණ රාජයෝගා මගින් සත් යුගය ස්ථාපනය කරනවා. පසුව ඔබ එම සත් යුගයේ වාසය කරනා අයවත් ප්‍රශංසාවට ලක් කළ යුතුයි. භාරතය දිව්‍ය ලෝකයක් වශයෙන් තිබුණු කල, සෑම කෙනෙක්ම දිව්‍යමය ගුණධර්ම වලින් පිරී සිටියා, කලා දහසයකින් සම්පූර්ණව සිටියා. එය වසර 5000ක් පිළිබඳ වුණු කතාන්දරයකි. උත්තරීතර ජීවාත්මය ගැන ගැයෙනා ගුණ වර්ණනාව ඉතාමත් අසහායම වූ දෙය වේ. පසුව දේවතාවරුන්ගේ ගුණ වර්ණනාව ද සඳහන් වේ. අන්ධ විශ්වාසයක් ගැන මෙහිදී කිසිම ගැටළුවක් පැන නඟින්නේ නැත. මෙහි සිටිනා සෑම කෙනෙක්ම දරුවන්ය. අනුගාමිකයින් නොවෙයි. මෙය පවුලක්. අප දෙවියන්ගේ පවුලයි. මුල්ම වශයෙන් ගත් කල, ජීවාත්ම වන අප උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයේ දරුවෝ වෙමු. එමනිසා, අප පවුලකි. මුලදී ඔවුන් අශාරීරිකයි, පසුව ඔවුන් ශාරීරික වුණා. මේ මොහොත වන විට ඉතාමත් පුදුමාකාර පවුල බවට පත් වී ඇත්තේ මෙයයි. කිසිම ගැටළුවක් මෙහිදී මතුවන්නේ නැහැ. සෑම කෙනෙක්ම ශිවාගේ දරුවෝ වෙති. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් ද සිහිපත් කෙරේ. ඔබ බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්ය. නව ලෝකය නිර්මාණය වෙමින් පවතියි. පැරණි ලෝකය ඔබ ඉදිරියෙන් සිටගෙන සිටියි. පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. බ්‍රහ්මාගේ දරුවන් බවට පත්වන්නේ නැතිව ඔබට පියාගෙන් උරුමයක් දිනාගන්න බැහැ. බ්‍රහ්මාට මෙම දැනුම නැහැ. ශිව බාබා ඥානයේ සාගරයයි. අපි අපගේ උරුමය දිනාගන්නේ ඔහුගෙනි. අපි කටින් උපන් දරු පරම්පරාවකි. අප සෑම කෙනෙක්ම රාජයෝගා හදාරනවා. අප සෑම කෙනෙක්ටම උගන්වන්නේ ශිව බාබායි. ශාරීරික කෙනෙක් වන ප්‍රජාපිතා බ්‍රහ්මා සර්ව සම්පූර්ණ වුණු විට, ඔහු සුර දේවතාවරයෙක් බවට පත් වෙනවා. සුර දේවතාවරුන් වශයෙන් හඳුන්වන්නේ සූක්ෂම ලෝකයේ වාසය කරන්නන්වයි. එහි, මස්, ඇට නැහැ. දරුවන්ට ඒවායේ දර්ශන ලැබෙනවා. බාබා කියනවා: භක්ති මාර්ගයේදී, ඔබ මගෙන් තාවකාලික සතුටක් ලබා ගත්තා. මම තමයි එකම එක දානපතියා. මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම දෙවියන්ගේ නමින් කැපවෙන්නේ. ඔවුන් කරනා භක්තියේ ඵලය ඔවුන්ට ලබා දෙන්නේ දෙවියන් යැයි ඔවුන් සිතනවා, විශ්වාස කරනවා. සන්යාසී කෙනෙක් හෝ පූජකවරයෙකුගේ කිසිම නමක් ඔවුන් සඳහන් කරන්නේ නැහැ. දානය කරන්නා වන්නේ බාබා පමණයි. කිසියම් දෙයක් දානය කිරීම සඳහා ඔහු කවුරු හෝ කෙනෙක්ව උපකරණයක් වශයෙන් භාවිත කරනවා විය හැකියි. ඔහු ඔහුගේ ගුණ වර්ණනාව වැඩි කරවනවා. ඒ සෑම දෙයක්ම තාවකාලික සතුටකි. මෙය අතීන්ද්‍රිය වූ සතුටයි. අළුත් දරුවන් පැමිණි විට, තමන් මෙතෙක් කාලයක් අනුගමනය කරමින් සිටි අයටත් මේ දේවල් පැහැදිලි කර කියා දිය යුතුයි යන්න අවබෝධ කරගත යුතුයි. මේ මොහොත වන විට සෑම කෙනෙක්ම මායාගේ උපදෙස් අනුගමනය කරමින් සිටිති. නමුත් මෙහිදී ඔබට පරමාත්ම දෙවියන්ගේ උපදෙස් හිමි වෙනවා. මෙම උපදෙස් කල්ප බාගයක් පුරාවටම පවතිනවා. මන්ද, ඔබට ලැබෙනා ඵලය ස්වර්ණමය හා රිදී යුගය තෙක් පැවතෙන්නක් වන නිසා. එහි කිසිම වැරදි මඟපෙන්වීමක් නැහැ. මන්ද, එහි මායා නැහැ. වැරදි මඟපෙන්වීම් ආරම්භ වන්නේ පසුවයි. බාබා දැන් අපව ඔහු හා සම කරවනවා: කාල තුන පිළිබඳව දන්නා අය (ත්‍රිකාලදර්ශී) බවට හා ලෝක තුනේම පාලකයින් (ත්‍රිලෝකනාථ) බවට. අප බ්‍රහ්ම ලෝකයේ පාලකවරු වෙමු. පසුව අප මුළු ලෝකයේම ද පාලකවරුන් බවට පත්වෙමු. බාබා දරුවන්ට තමාටත් වඩා උසස් වූ ප්‍රශංසාවක් ලබා දී තිබෙනවා. මුළු ලෝකයේම සිටිනා දරුවන් වෙනුවෙන් උත්සාහයක් දරනා හා එම දරුවන්ව තමාටත් වඩා උසස් අය බවට පත්කර වීමට උත්සාහ දරනා එවන් පියෙක් ඔබට වෙන කොහින්වත් මුණ ගැසී තිබෙනවාද? ඔහු කියනවා: මම දරුවන් වන ඔබට ලෝකය පිළිබඳ දැනුම ලබා දෙනවා. මම මෙය අත්දකින්නේ නැහැ. කොහොමනමුත්, දිව්‍යමය දර්ශනවල යතුර පමණක් මම මා ළඟම තබා ගන්නවා. භක්ති මාර්ගයේදී එය මට මහත් සේ දායක වෙනවා. දැන් වුණත් මම නොයෙක් අයට බ්‍රහ්මා ගැන දර්ශන පහළ කරවනවා. මෙම බ්‍රහ්මා ළඟට ගොස් රාජයෝගා ඉගෙන ගෙන අනාගත රජවරුන් බවට පත්වෙන්න කියා මම ඔවුන්ට කියනවා. බොහෝ අය මෙවන් දර්ශන ලබා ගන්නවා. සෑම රජ කෙනෙක්ම කිරුළක් පළඳිනවා. නමුත් තමන්ට ලැබුණේ සූර්ය වංශික දර්ශනයක් ද, නැතිනම් චන්ද්‍ර වංශික දර්ශනයක් ද යන්න දරුවන්ට වැටහෙන්නේ නැහැ. බාබාගේ දරුවන් බවට පත්වුණු අය අනිවාර්යෙන්ම රාජ කුමාරයින් කුමාරිකාවන් බවට පත්වනු ඇත. ආරම්භයේදීම හෝ අවසානයේදී හෝ ඒ තත්ත්වයට පත් වේවි. ඔබ තුළ හොඳ උත්සාහයක් තිබෙනවා නම් ඔබ සූර්ය වංශයට ඇතුලත් වනු ඇත, නැතිනම් ඔබ යන්නේ චන්ද්‍ර වංශයටයි. රාජ කුමාරයෙක් පමණක් දැක සතුටට පත්වන්න එපා. මේ සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ උත්සාහය මතයි. බාබා සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව විස්තර කර කියා දෙනවා: මෙහි කිසිම ආකාරයක අන්ධ විශ්වාසයක් නොමැත. මෙය දෙවියන්ගේ පවුලයි. කොහොමනමුත්, මේ හා සම්බන්ධව, සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. නමුත් ඔවුන් සිටින්නේ කලි යුගයේයි, ඔබ සිටින්නේ සංගම යුගයේයි. ඔබ කවුරු ළඟට ගියත් පැහැදිලි කර දෙන්න: අප ශිවාගේ වංශයේ අයයි, බ්‍රහ්මාගේ කටින් උපන් නිර්මාණයයි, එමෙන්ම සත් යුගයේ උරුමය දිනාගත හැක්කේ බ්‍රහමිණ්වරුන්ට පමණයි. සෑම කෙනෙක්ටම මෙය ඉතාමත් හොඳින් පැහැදිලි කර කියාදීම සඳහා ඔබ උත්සාහයක් දැරිය යුතුයි. 100කට 150කට පැහැදිලි කරනා විට ඒ අය අතුරින් එක්කෙනෙක් මතු වේවි. එලෙස මතුවීමට වාසනාව ඇත්තේ සිය දහසක් අතුරින් එක්කෙනෙක්ට පමණයි. අන් අයව තමා හා සම තත්ත්වයට පත් කරවීමට කෙටි කාලයක් ගත වෙනවා. ධනවත් අයගේ හඩ වැඩියෙන් ව්‍යාප්ත වෙනවා. ඇමතිවරුන් වැනි අය ළඟට ගිය විට ඔවුන් අසන්නේ: අනිත් ඇමතිවරුන් ඔබ ළඟට එනවාද? ඉතින් ඔබ ඔව්' ඔව්' කියා කී විට, ආ හොඳයි, මමත් එන්නම්' කියා ඔවුන් කියනවා. බාබා කියනවා: මම ඉතාමත් සාමාන්‍යයි. ඉතින් එමනිසා, කලාතුරකින් තමයි ධනවත් කෙනෙක් එන්නේ. ඔවුන් අනිවාර්යෙන්ම ඒවි, නමුත් අවසානයේදී පමණයි. දරුවන් වන ඔබ තුළ මහත් වූ කුල්මත් බවක් තිබිය යුතුයි. අපි අපගේ මනස, ශරීරය හා ධනයෙන් භාරතයට සේවය කරනවාය යන්න ඔබ අන් අයට පහදා දිය යුතුයි. භාරතයට සේවය කිරීම උදෙසා ඔබ තමන්ව මෙසේ කැප කරවා තිබෙනවා. වෙන කිසිම කෙනෙක් එලෙස පරාර්ථකාමී වී නැහැ. ඒ මිනිස්සු මුදල් එකතු කරමින් ගොඩනැගිලි තනනවා. අවසානයේදී සෑම දෙයක්ම දූවිලි වෙනවා. ඔබ සෑම දෙයක්ම බාබාට කැප කළ යුතුයි. භාරතයට සේවය කිරීම සඳහා, එය අපායෙන් දිව්‍ය ලෝකයක් බවට පත් කරවීම සඳහා ඔබ සෑම දෙයක්ම භාවිත කළ යුතුයි. එවිට ඔබ උරුමය දිනාගන්නන් බවට පත් වෙනවා. තමන් සර්ව බලධාරියාගේ දරුවන්ය, තමන් දැන් ඔහු වෙත ලේඛණය වී ඇත යන කුල්මත් බව ඔබ තුළ තිබිය යුතුයි. බාබා සමඟ ලේඛණය වීමට බොහෝ උත්සාහය යෙදවෙනවා. සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර කෙනෙක් බවට පත් වීමට පොරොන්දු වුණු විට සහ ඔබ එය ඔප්පු කළ විට, බාබා තමාගේ ලේඛණයට ඔබව ඇතුල් කර ගන්නවා. දරුවනි, ඔබ දැන් භාරතය දිව්‍ය ලෝකයක් බවට, එනම්, ඔබ දැන් එය රජවරුන්ගේ දේශයක් (රාජස්ථානයක්) බවට පත් කරවනවා යන කුල්මත් බව ඔබ තුළ තිබිය යුතුයි. පසුව ඔබ එහි පාලනය ගෙන යාවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි පරමාත්ම දෙවියන්ගේ දරුවෝ වෙමු, ඒකායන දේවමය පවුලේ දරුවෝ වෙමු. අපට දැන් දෙවියන්ගේ උපදෙස් ලැබෙනවා. මෙම ආධ්‍යාත්මික වූ කුල්මත් බවේ සිටින්න. වැරදි උපදෙස් අනුගමනය කරන්න එපා.

2. භාරතයට සේවය කිරීම සඳහා බ්‍රහ්මා බාබා මෙන් සම්පූර්ණයෙන්ම ඔබව කැප කරන්න. භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවීම සඳහා ඔබගේ ශරීරය, මනස හා ධනය හොඳින් පරිහරණයට ගන්න. සම්පූර්ණ පරාර්ථකාමී දානපතියෙක් බවට පත් වන්න.

වරදානය:
ඔබ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ ආරක්‍ෂක වියන යට නිරතුරුවම ආරක්‍ෂිතව සිට ඒ අනුව සියලු දුක් රළ වලින් නිදහස් වේවා

නෙළුම් මලක් මඩ වතුරට ඉහළින් සිටින නමුත් නොබැඳී සිටියි. එය සුන්දර වන තරමටම නොබැඳී ඇත. ඒ ආකාරයෙන්ම ඔය දරුවන්ද දුක් ලෝකයෙන් වෙන්ව සිටින අතර පරම පියාගේ සෙනෙහස ලබයි, එබැවින් මෙම දේවමය සෙනෙහස, ආරක්‍ෂක වියනක් වෙයි. දෙවියන්ගේ වියන, තමන් මත ඇති අයට, කිසිවෙකු කුමක් කරන්නද? එබැවින් නිරන්තරයෙන් පරමාත්ම දෙවියන්ගේ ආරක්‍ෂක වියන යට සිටීමේ ආධ්‍යාත්මික කුල්මත් බව පවත්වා ගන්න, එවිට කිසිදු දුක් රළකට ඔබව ස්පර්ෂ කිරීමට පවා නොහැකි වෙයි.

පාඨය:
තමන්ගේ ශ්‍රේෂ්ඨ චරිතයෙන් බාප්දාදාගේ සහ බ්‍රහ්මින් වංශයේ නම කීර්තිමත් කරන අය, වංශයේ පහන්ය.