07.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පිවිතුරු වීමට ඇති එක් ක්‍රමයක් වන්නේ, සිහිපත් කිරීමේ බලයයි, අනෙක් ක්‍රමය වන්නේ දඬුවම් විඳීමේ බලයයි. ඔබ සිහිපත් කිරීමේ බලයෙන් පිවිතුරු වී, උසස් තත්ත්වයක් හිමි කර ගත යුතුයි.

ප්‍රශ්නය:
පියා, ආධ්‍යාත්මික ශල්‍ය වෛද්‍යවරයායි. ඔහු පැමිණ සිටින්නේ ඔබට කුමන අන්දමේ ඉවසීමක් ලබා දීමටද?

පිළිතුර:
එම ශල්‍ය වෛද්‍යවරුන් ඔවුන්ගේ රෝගීන්ව සනසා, ඔවුන් ඉක්මනින් සුවපත් වෙයි කියමින්, ඔවුන්ට ඉවසීම ලබා දෙන සේම, ආධ්‍යාත්මික ශල්‍ය වෛද්‍යවරයාද ඔය දරුවන්ව සනසන්නේ දරුවනි, මායා නම් රෝගයට බිය නොවන්න. ඒ සෑම රෝගයක්ම පිටමන් කරන ඖෂධ, ශල්‍ය වෛද්‍යවරයා ඔබට ලබා දෙනවා. අවිද්‍යාව මාවතේ ඔබට කිසිම විටෙක ඇති නොවූ සිතිවිලි ද ඇතිවෙයි. කෙසේවෙතත් ඔබ සෑම දෙයක්ම දරා ගත යුතුයි. ටිකක් උත්සාහ ගන්න. ඔබගේ සතුටෙහි දින, දැන් අත ළඟය.

ඕම් ශාන්ති.
අසීමිත පියා විස්තර කරන්නේ ඔය සෑම දරුවෙකුටයි. පියා පැමිණ ඇත, යන පණිවිඩය, දැන් සියලු දෙනාටම ලැබිය යුතු බව ඔබ සහතික කළ යුතුයි. පියා ඔබට ඉවසීම ලබා දෙනවා, මන්ද, භක්ති මාර්ගයේ ඔබ කන්නලව් කළේ බාබා, පැමිණ අපව දුකින් මුදවා ගන්න, කියාය. තව ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණක් බව කියමින්, පියා ඔබව සනසනවා. කෙනෙක් රෝගාතුරව සිට, සුවය ලබමින් සිටින විට, ඔහු දැන් සුව වෙන බව කියා ඔවුන් ඔහුව සනසනවා. මෙම අපිරිසිදු ලෝකයේ ඇත්තේ තව දින කිහිපයක් පමණක් බවත්, ඔබ ඉන්පසු නව ලොවට යන බව ඔය දරුවන්ටද වැටහෙනවා. ඔබ එයට සුදුසු විය යුතුයි. ඉන්පසුව කිසිම රෝග ආදිය ඔබට කරදර නොකරනු ඇත. පියා ඔබට ඉවසීම ලබා දී මෙසේ කියයි ටිකක් උත්සාහ දරන්න. වෙන කිසිවෙකුට ඔබට එසේ ඉවසීම ලබා දිය නොහැක. ඔබ තමෝප්‍රධාන් වී තිබේ. පියා දැන් පැමිණ ඇත්තේ ඔබව නැවත වරක් සතෝප්‍රධාන් කිරීමටයි. දැන් සියලුම ජීව පිවිතුරු විය යුතුයි සමහරුන් යෝගා බලයෙන්, අන් අය දඬුවම් බලයෙන් දඬුවම් බලය ද තිබේ. දඬුවම් බලයෙන් පිවිතුරු වන අයගේ තත්ත්වය අඩුවෙයි. ඔය දරුවන්ට අඛණ්ඩව ශ්‍රීමත් ලැබෙයි. පියා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ සියලු පාපයන් පිළිස්සී යනු ඇත. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔබගේ පාපයන් සිය ගුණයකින් වැඩි වෙයි, මන්ද, ඔබ පාපකාරී ජීව බවට පත් වී මට අපහාස කර ඇති බැවින්. මිනිසුන් කියයි ඔවුන්ට රාක‍්ෂක හැසිරීම් ඇත්තේ, දෙවියන් ඔවුන්ට ලබා දෙන්නේ එවැනි උපදෙස්ද? ඉහළ යෑම් සහ පහළ යෑම් තිබේ. දරුවන් පරාජය වනවා. හොඳ දරුවන්ද පරාජය වනවා, එමනිසා, ඔවුන්ගේ පාපයන් කැපී නොයයි. එවිට එය විඳවීමට සිදු වෙයි. මෙය ඉතාමත්ම අපිරිසිදු ලෝකයක් වන අතර, සෑම දෙයක්ම දිගින් දිගටම මෙහි සිදු වෙයි. ඔබ පියාට කන්නලව් කරන්නේ බාබා, පැමිණ අපට අනාගත නව ලොවට මාවත පෙන්වන්න, කියාය. මේ පැත්තේ පැරණි ලෝකය තිබෙන බවත් එහා පැත්තේ නව ලොව ඇති බවත් බාබා දන්නවා. ඔබ ඔරුය. ඔබ දැන් උසස්ම මනුෂ්‍යයන් වීමට ගමන් කරනවා. ඔබගේ නැංගුරම, පැරණි ලොවින් ඉහළට එසවී තිබේ. ඔබ යා යුතු නිවස, සිහිපත් කළ යුතුයි. පියා පවසා ඇත්තේ මා සිහිපත් කිරීමෙන් ඔබගේ මලකඩ ඉවත් වෙයි. ඇත්තේ යෝගා බලය හෝ එසේ නොමැති නම් දඬුවම් බලයයි. සෑම ජීවයක්ම අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. කිසිම කෙනෙකුට පිවිතුරු නොවී ආපසු නිවසට යා නොහැක. සෑම කෙනෙකුටම තමන්ගේම කොටසක් ලැබී තිබේ. පියා පවසන්නේ මෙය ඔබගේ අවසන් උපතයි. මිනිසුන් කියන්නේ, කලි යුගය තවමත් එහි ළදරු අවස්ථාවේ තිබෙන බවයි. මින් කියැවෙන්නේ, මිනිසුන් දැන් සිටිනවාටත් වඩා දුකට පත් වෙයි කියාය. මෙම දුක් දේශය අවසන් වීමට යන බව, ඔය සංගම් යුගයේ බ්‍රහමින්වරුන්ට වැටහෙනවා. පියා ඔබට ඉවසීම ලබා දෙනවා. පියා පෙර චක්‍රයේද පැවසුවේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන්ගේ මලකඩ ඉවත්ව යයි. මම ඔබට මෙයට වගකිමක් දෙනවා. කලි යුගය, අනිවාර්යෙන්ම විනාශ වී, ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම පැමිණෙන බවද ඔහු විස්තර කරනවා. ඔබට මෙම වගකිම ලැබෙනවා. ඔය දරුවන්ට විශ්වාසය ද තිබේ, නමුත් සිහිපත් කිරීමේ නොසිටින බැවින්, ඔබ එක් හෝ තව පාප ක්‍රියාවක් සිදු කරයි. ඔබ කියන්නේ බාබා මට තරහා යනවා. එයට කියන්නෙත් නපුරු භූතයෙක් කියාය. රාවනගේ මෙම රාජධානියේ දුර්ගුණ පහ, දුක ඇති කරයි. අවසානයේ කර්ම ගිණුම්ද පියවිය යුතුයි. පෙර, කිසිදාක, රාගය නමැති දුර්ගුණයෙන් පීඩා නොවිඳි අය තුළ පවා මෙම රාගය නමැති රෝගය මතුවෙයි. ඔවුන් කියන්නේ මට මෙවන් නරක සිතිවිලි පෙර කිසිදාක තිබුණේ නැත, කියාය. ඉතිං ඒවා දැන් මට පීඩා ගෙන දෙන්නේ ඇයි? මෙය ඥානයයි. ඥානය, සියලුම රෝග මතු කරයි. භක්තිය, සියලු රෝග මතු කරන්නේ නැත. මෙය, අපවිත්‍ර, දූෂිත වූ ලෝකයකි. මෙහි 100% අපවිත්‍රභාවය තිබේ. 100% අපවිත්‍ර බවින්, ඔබ දැන් 100% පිවිතුරු විය යුතුයි. 100% දූෂිත ලෝකය, 100% පිවිතුරු සහ උසස් විය යුතුයි. පියා පවසන්නේ මම පැමිණ සිටින්නේ ඔය දරුවන්ව සාම දේශයට සහ සතුටු දේශයට රැගෙන යාමටයි. මා සිහිපත් කර, ලෝක චක්‍රය බ්‍රමණය කරන්න. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු කරන්න එපා. එම දේවතාවන්ට තිබුණු ගුණධර්ම ධාරණය කරගන්න. බාබා ඔබට කිසිම අපහසුතාවයක් ඇති කරන්නේ නැත. සමහර නිවෙස් වල, සෑම දේකටම ගිණි තබා, බොහෝ හානි සිදු කරන නරක භූතාත්ම සිටියි. මෙකල සියලුම මනුෂ්‍ය ජීව, දුෂ්ඨයි. භෞතික අන්දමකින්ද කර්ම විඳීම සිදුවෙයි. ජීව, ශරීරය තුළින් එක් හෝ තව දුකක් සිදු කරයි. ජීවයකට ශරිරයක් නොමැති වුවද, ඔවුන් දුක ලබා දෙයි. ඔබ අවතාර වශයෙන් හඳුන්වන, සුදු ඡායාවක් වැනි දේ දරුවන් දැක තිබේ. කෙසේවෙතත්, ඔබ ඒ ගැන නොසිතිය යුතුයි. ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඒ සෑම දෙයක්ම අවසන් වෙයි. ඒවාද කර්ම ගිණුම්ය. නිවෙසක දියණියන් පවසන්නේ ඔවුන්ට පිවිතුරුව සිටීමට අවශ්‍ය බවයි. මෙසේ කියන්නේ ජීවයයි. ඥානය නොමැති අය කියන්නේ පිවිතුරුව නොසිටින්න. එවිට රණ්ඩුවක් ඇති වෙයි. එවිට බොහෝ කලබල ඇති වෙයි. ඔබ දැන් පිවිතුරු ජීව බවට පත් වෙමින් සිටියි. එම ජීවයන් අපවිත්‍රයි, එබැවින් ඔවුන් දුක ඇති කරයි. ඔවුන්ද ජීවයන්ය. ඔවුන්ට කියන්නේ දුෂ්ඨ ජීව කියාය. ඔවුන් ශරීරයක් ඇතිවත් දුක ඇති කරයි, ශරීරයක් නොමැතිවත් දුක ඇති කරයි. ඥානය පහසුයි. ඔබ ස්ව දර්ශන චක්‍රධාරීන් විය යුතුයි. කෙසේ වෙතත් ප්‍රධානතම දෙය වන්නේ පාරිශුද්ධත්වයයි. මේ සඳහා, ඔබ විශාල සතුටකින් පියාව සිහි කළ යුතුයි. රාවන්, දුෂ්ඨ බව කියැවෙයි. මෙකල, මෙම ලෝකය දුෂ්ඨයි. ඔවුන්ට එකිනෙකාගෙන් නොයෙක් අන්දමේ දුක දිගින් දිගටම ඇති වෙයි. අපවිත්‍ර අයට කියන්නේ දුෂ්ඨ අය කියාය. අපවිත්‍ර ජීවයන් තුළ, විවිධ මාදිලියේ දුර්ගුණ පහ තිබේ. සමහරුන්ට රාගයේ පුරුද්ද ඇති අතර, සමහරුන්ට කෝපයේ පුරුද්ද තිබේ, තවත් සමහරුන්ට වෙන අයට කරදර සිදු කිරීමේ පුරුද්ද ද, සමහරුන්ට හානි සිදුකිරීමේ පුරුද්ද ද තිබේ. රාගයේ පුරුද්ද ඇති අයට එය නොලැබුණු විට, කෝප වී, කෙනෙකුට පහර දීමද කරයි. මෙම ලෝකය එසේයි. එබැවින් පියා පැමිණ, ඔබට ඉවසීම ලබා දෙයි ඕ ජීවයනි, ඉවසීම ඇති කරගන්න! අඛණ්ඩව මා සිහිපත් කරන්න, එමෙන්ම දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය නොකරන්න කියා ඔහු ඔබට කියන්නේ නැත. ඒ අන්දමින්ම, හමුදාවේ සිටින අය, සටනට යා යුතුයි. ඔවුන්ට ශිව බාබාගේ සිහිපත් කිරීමේ සිටින්නට කියා කියා තිබේ. ඔවුන් ගීතාවේ වචන ගෙන විශ්වාස කරන්නේ, සටන් බිමක මිය ගියොත්, දිව්‍යලෝකයට යයි කියාය. මේ නිසයි ඔවුන් සතුටින් සටනට යන්නේ. කෙසේවෙතත්, එය එසේ නොවෙයි. බාබා දැන් පවසන්නේ ඔබට දිව්‍යලෝකයට යෑමට පුළුවනි, නමුත් ශිව බාබාව සිහිපත් කරන්න, එපමණයි. ඔබට ඇත්තේ එක් ශිව බාබාව සිහි කිරිමය, එවිට ඔබ නිසැකයෙන්ම දිව්‍යලෝකයට යයි. පැමිණෙන කවුරු වුනත්, ඔවුන් ආපසු ගොස් අපවිත්‍ර වුවද, අනිවාර්යෙන්ම දිව්‍යලෝකයට යනු ඇත. ඔවුන් දඬුවම් අත්විඳ, පිවිතුරු වී, ඉන්පසුව අනිවාර්යෙන්ම එහි යනු ඇත. පියා දයාවන්තයි. පියා විස්තර කරන්නේ පාපකාරී ක්‍රියා සිදු නොකරන්න, එවිට ඔබ පාපාකාරී ක්‍රියා ජයගන්නන් බවට පත් වෙයි. මෙම ලක‍ෂ්මි සහ නාරායන්, පාපකාරී ක්‍රියාවන් ජයගත්තන්ය. ඉන්පසුව රාවන් ගේ රාජධානියේදී ඔවුන්ද පාපකාරි ක්‍රියාවන් සිදු කරන අය වෙයි. වික්‍රම රජුගේ සමය ආරම්භ වෙයි. මිනිසුන් කිසිම දෙයක් නොදනී. ලක‍ෂ්මි සහ නාරායන්, පාපකාරී ක්‍රියාවන් ජයගත් අය බවට පත් වුණේ කෙසේද කියා, ඔය දරුවන් දැන් දන්නවා. මෙසේ කියයි පාපකාරී ක්‍රියාවන් පරාජය කළ, අංක එකේ අය සිටියා, ඉන්පසුව වසර 2500කට පසුව, පාපකාරී ක්‍රියා සිදු කරන අයගේ සමය ආරම්භ විය. බැඳීම් ජයගත් රජුගේ කතාව තිබේ. පියා පවසන්නේ බැඳීම් ජයගත්තෙක් වන්න. නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. ඔබ පිවිතුරු වීමෙන්, වසර 2500ක් පුරාවට සිදුකළ පාපයන් මකා දමා, මෙම වසර 50ක 60ක කාලයේදී තමන්ව සතෝප්‍රධාන් කරගත හැක. ඔබට යෝගා බලය නොමැති නම්, පිටුපස අංකයක් හිමි වනු ඇත. මාලාව ඉතා විශාලයි. භාරතයේ මාලාව විශේෂිතයි. මුළු නාටකයම රඳා පවතින්නේ මෙය මතයි. මෙහි ප්‍රධානතම දෙය වන්නේ, සිහිපත් කිරීමේ වන්දනාවයි. මෙහි වෙනත් අපහසුතාවයක් නොමැත. භක්ති මාර්ගයේදී ඔවුන්ගේ බුද්ධියේ යෝගාව, බොහෝ දෙනෙකුට සම්බන්ධයි. ඒ සියලු දෙනාම නිමැවුමයි. ඔවුන් සිහි කිරීමෙන් කිසි කෙනෙකුට යහපතක් සිදු නොවෙයි. පියා පවසන්නේ කිසි කෙනෙක් සිහි නොකරන්න. භක්ති මාර්ගයේදී ඔබ නිකම්ම භක්තියේ යෙදුණු අයුරින්ම, දැන් අවසානයේ, මා පමණක් සිහි කරන්න. පියා ඔබට බොහෝ පැහැදිලිව විස්තර කර දෙනවා. පෙර කල, ඔබ මෙය දැන සිටියේ නැත. ඔබට දැන් ඥානය ලැබී තිබේ. පියා පවසන්නේ අන් සෑම කෙනෙකුගෙන්ම ඉවත් වී, එක් අයට තමන්ව සම්බන්ධ කරගන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යනු ඇත. ඔබ බොහෝ පාපයන් සිදු කරමින් සිටියා. ඔබ රාගයේ අසිපත භාවිත කරමින් සිටියා. ඔබ එකිනෙකාට එහි මුල සිට, මැද හරහා, අවසානය තෙක්ම දුක ලබා දුන්නා. ප්‍රධානතම දෙය, රාගයේ අසිපතයි. එයත් නාටකයේ තිබේ. එවන් නාටකයක් නිර්මාණය කළේ ඇයිද කියා ඔබට අසන්නට බැරිය. මෙම නාටකය සදාතනිකයි. මටද එහි කොටසක් තිබේ. නාටකය නිමැවූයේ කවදාද, එමෙන්ම එය අවසන් වන්නේ කවදාද, කියාද ඔබට අසන්නට බැරිය. ජීවය තුළ කොටසක් පටි ගත වී තිබේ. ජීවයක තැටිය, කිසි දින ගෙවෙන්නේ නැත. ජීවයක් අවිනාශී වන අතර, එයට අවිනාශී කොටසක් තිබේ. නාටකයද අවිනාශී බව කියැවෙයි. පුනරුත්පත්ති නොගන්නා පියා පැමිණ, ඔබට සියලු රහස් විස්තර කර දෙයි. ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස්, වෙන කිසිවෙකුට ඔබට විස්තර කර දිය නොහැක. ඔවුන් පියාගේ හෝ ජීවයේ කාර්යය ගැන නොදනී. ලෝක චක්‍රය නොකඩවා බ්‍රමණය වෙයි. මෙය දැන් සියලුම මනුෂ්‍ය ජීව ශ්‍රේෂ්ඨ වන, වඩාත්ම ශුභ වූ සංගම යුගයයි. සාම දේශයේ සියලුම ජීව පිවිතුරු සහ ශ්‍රේෂ්ඨ වෙයි. සාම දේශය, පිවිතුරු ලෝකයයි. නව ලෝකය ද පිවිතුරුයි. එහි සාමය තිබේ. ඉන්පසුව ඔබට ශරීරයක් ලැබෙන විට, ඔබ ඔබගේ කොටස රඟපායි. සෑම කෙනෙකුටම ඔවුන්ගේම කොටසක් ලැබී ඇති බව අපි දන්නවා. එය අපගේ නිවහනයි. අප එහිදී සාමයෙන් සිටින්නෙමු. අපි අපගේ කොටස් රඟ පෑ යුත්තේ මෙහිදීය. පියා දැන් පවසන්නේ භක්ති මාර්ගයේදී ඔබ අමිශ්‍ර ලෙසින් මට වන්දනාමාන කළා. ඔබට දුකක් නොතිබිණි. දැන් මිශ්‍ර භක්තිය ඇති බැවින්, ඔබ දුකට පත්ව සිටියි. පියා පවසන්නේ දැන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඉතිං තවමත් රාක‍්ෂක ගතිපැවතුම් ඇත්තේ ඇයි? පැමිණ ඔබව පිවිතුරු කරන්න කියා ඔබ පියාට කන්නලව් කළා, ඉතිං, ඔබ අපවිත්‍ර වන්නේ ඇයි? එයින්ද, රාගය නම් ප්‍රධාන දුර්ගුණය ඔබ අනිවාර්යෙන්ම පරාජය කළ යුතුයි, එවිට ඔබ ලෝකය ජයගන්නන් වෙයි. මිනිසුන් දෙවියන් ගැන කියන්නේ ඔහු වන්දනාකරුවෙකි, එමෙන්ම වැඳුම් ලබන්නට සුදුස්සෙකි. එනම්, ඔවුන් ඔහුව පහළට ඇද දමයි. එවන් පාපයන් සිදුකිරීමෙන්, ලෝකය විශාල ලෙසින් දූෂිත වී තිබේ. ගරුඩ පුරාණයේ, ගෝනුස්සන්, සර්පයින් සපා කන, අපායේ අන්ත අගාධය ගැන ඔවුන් කතා කරයි. බලන්න, ඔවුන් ඉඳගෙන ආගමික ග්‍රන්ථ වල ලියා ඇති දේ! පියා විස්තර කර ඇත්තේ සියලුම ආගමික ග්‍රන්ථ ආදියද අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඒවා තුළින් කිසිම කෙනෙකුට මා හමුවිය නොහැක. ඔවුන් වඩ වඩාත් තමෝප්‍රධාන් වී තිබේ. මේ නිසයි, පැමිණ, ඔවුන්ව පිවිතුරු කරන්න කියා මට කන්නලව් කරන්නේ. එබැවින් එයින් පෙනෙන්නේ ඔවුන් අපවිත්‍ර බවයි. මිනිසුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. තම බුද්ධිය තුළ විශ්වාසය ඇති අය, ජය ගනී. ඔවුන් රාවන්ව පරාජය කොට, රාමාගේ රාජධානියට යයි. පියා පවසන්නේ රාගය පරාජය කරන්න. මේ නිසා කැලඹීම් ඇති වෙයි. ඔවුන් කියන්නේ අපි අමෘතය අතහැර, විෂ පානය කරන්නේ මන්ද? අමෘතය යන නම ඇසෙන විට, ඔවුන් සිතන්නේ එය ගව මුඛයකින් මතුවනවා කියාය. ගංඟා නම් නදියේ ජලයට, අමෘතය යෑයි කිව නොහැක. එයින් හැඳින්වෙන්නේ දැනුම නමැති අමෘතයයි. භාර්යාවක් ඇගේ ස්වාමියාගේ පා දෝවනය කර, එම වතුර, අමෘතය ලෙස සලකමින් පානය කරයි. එය අමෘතය නම්, ඇය දියමන්තියක් මෙන් වෙයි. ඔබ දියමන්ති මෙන් වන මෙම දැනුම, පියා ඔබට ලබා දෙයි. ඔවුන් ජලයට ඒතරම් විශාල කිර්තියක් ගෙන දී තිබේ. ඔබ පානය කිරීමට දැනුමේ අමෘතය ලබා දෙන අතර, ඔවුන් ජලය ලබා දෙයි. ඔය බ්‍රහමින්වරුන් ගැන කිසි කෙනෙක් නොදනී. ඔවුන් කවුරවයන් සහ පාණ්ඩවයන් ගැන කතා කරන මුත්, පාණ්ඩවයන් බ්‍රහමින්වරුන් බව ඔවුන් සලකන්නේ නැත. මෙම වචන ගීතාවේ සඳහන් කර නොමැති බැවින්, ඔවුන් පාණ්ඩවයන්, බ්‍රහමින්වරුන් බව නොසලකයි. පියා මෙතැන අසුන් ගෙන, සියලුම ආගමික ග්‍රන්ථ වල සාරය විස්තර කර දෙයි. ඔහු ඔය දරුවන්ට පවසන්නේ ඔබ ආගමික ග්‍රන්ථ වල හදාරා ඇති දේ සහ මම ඔබට කියන දේ පිළිබඳව විනිශ්චය කර බලන්න. ඔබ පෙර ඇසූ සෑම දෙයක්ම වැරදි බවත්, ඔබ දැන් නිවැරදී දෙයට ඇහුම්කන් දෙන බවත් ඔබ දන්නවා. පියා විස්තර කර දී ඇත්තේ ඔබ සියලු දෙනාම සීතාවන්, බැතිමතුන්. රාමා, දෙවියන් පමණයි භක්තියේ ඵලය ලබා දෙන්නේ. ඔහු පවසන්නේ මම පැමිණෙන්නේ ඵලය ලබා දෙන්නයි. ඔබ දිව්‍යලෝකයේ අනන්ත සතුට විඳින බව ඔබ දන්නවා. එකල, අන් සෑම කෙනෙක්ම සිටින්නේ සාම දේශයේය. ඔවුන්ට සාමය ලැබෙනවා. එහි, එම ලෝකයේදි සතුට, සාමය, පාරිශුද්ධත්වය, සෑම දෙයක්ම තිබුණි. ලෝකයේ එක් ධර්මයක් පමණක් තිබුණු විට, සාමය තිබුණු බව ඔබ විස්තර කරනවා, එනමුදු ඔවුන්ට වැටහෙන්නේ නැත. මෙහි නවතින්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. අවසානයේදී, බොහෝ දෙනෙක් පැමිණෙයි. ඔවුන් වෙන කොහේ යන්නද? එකම වෙළඳසැල මෙයයි. වෙළඳසැල් හිමියෙකුට, විකිණීමට හොඳ දේවල් ඇති විට, ඒවාට නියම කරන ලද මිලක් තිබේ. මෙය ශිව බාබාගේ වෙළඳසැලයි. ඔහු අශාරීරිකයි. බ්‍රහ්මා ද අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඔබට බ්‍රහ්ම කුමර කුමරියන් යැයි කියයි. ඔබට ශිව කුමාරි යැයි නොකියයි. බ්‍රහමින්වරුන් ද අනිවාර්යෙන් අවශ්‍යයි. ඔබ බ්‍රහමින්වරුන් නොවී, දේවතාවන් වන්නේ කෙසේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ දේවතාවන් ගේ මෙන් ගුණධර්ම ධාරණය කර ගත යුතුයි. කෝපය ආදියේ පුරුද්ද වැනි, ඔබ තුළ ඇති කුමන හෝ දුෂ්ඨ සංස්කාර, ඉවත් කළ යුතුයි. ඔබ පාපය පරාජය කරන්නන් විය යුතුයි. එබැවින්, කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න.

2. දියමන්ති මෙන් ශ්‍රේෂ්ඨ වීමට, ඥානයේ අමෘතය ඔබත් පානය කොට, අන් අයටත් පානය කිරීමට දෙන්න. රාගය නමැති දුර්ගුණය, සම්පූර්ණයෙන්ම ජයගන්න. තමන්ව සතෝප්‍රධාන් කරගන්න. සිහිපත් කිරීමේ බලයෙන්, ඔබගේ සියලුම පැරණි කර්ම ගිණුම් පියවන්න.

වරදානය:
ඔබ පහසු රාජයෝගා නම් වූ ආධ්‍යාත්මික උත්සාහයෙන් පහසුකම් පිළිබඳව පරික්ෂණ කර ඒවා ජයග්‍රහණය කරන ජීවාත්ම සත්තාවක් වේවා.

පහසුකම් තිබෙන විට ඒවා පරීක්ෂාවට ලක් කර ඔබේ යෝගා මට්ටම සසළ නොවී තබා ගන්න. යෝගී කෙනෙක් වී පරීක්ෂණ පවත්වනවා යනු නොබැඳී සිටීමයි. සියල්ල ඇති විට උපකරණයක් වෙමින් ආකර්ෂණයෙන් මිදී එය පරීක්ෂා කරන්නෙක් වන්න. ඔබට යම් ආශාවන් තිබුණොත් ඒවා ඔබට හොඳ තත්ත්වයක් ලැබීමට ඉඩ නොදී උත්සාහ කරමින් කාලය නාස්ති කිරීම සිදු වේ. එවිට, ඔබේ ආධ්‍යාත්මික උත්සාහය පැවැත්වුවත් පහසුකම් වලට ඔබ ඇදී යයි. එමනිසා, පහසු යෝගා නම් වූ ආධ්‍යාත්මික වැඩපිළිවල මඟින් ඒ පිළිබඳ පරීක්ෂණ කරමින් පදාර්ථ වන පහසුකම් ජයගන්න.

පාඨය:
තෘප්තිමත්ව සිටිමින් අන් සැමව තෘප්තිමත් කිරීම වූ කලී තෘප්තියේ මැණිකක් බවට පත් වීමයි.