07.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාගේ යුතුකම වන්නේ කටු අකුල විනාශ කර මල් උයන නිර්මාණය කිරීමයි. මෙය තුළ අංක එකේ පවුල් සැලසුම සිදු වේ.

ප්‍රශ්නය:
පවුල් සැලසුම සඳහා ඇති මුල් පෙළේ ආගමික ලේඛණය කුමක්ද? සහ එය එසේ වන්නේ කෙසේද?

පිළිතුර:
පවුල් සැලසුමට ඇති පළමු පෙළේ ලේඛණය ගීතාවයි. මක් නිසාද යත් එම ගීතාව මඟින් පරම පියා සියලු ආගම් නැති කර දමා එකම සැබෑ ආගම ස්ථාපනය කිරීම නිසයි. ගීතාවේ පමණයි මෙසේ කියැවෙන්නේ : දෙවියන් කතා කරයි. කාම රාගය ලොකුම සතුරාය. ඔබ රාගය නැමති පාපයෙන් ජයගත් විට පවුල් සැලසුම නිරායාසයෙන් සිදුවේ. මෙය කිසිඳු මනුෂ්‍යයෙකුගේ ක්‍රියාවක් නොව පරම පියාට පමණක් වෙන් වුණු කාර්යයයි.

ඕම් ශාන්ති.
පරමාත්ම ශිවා ඔබ අමතයි. පරමාත්ම පියා මෙහි සිට ඔය ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දෙනවා. මෙම ලෝකය අනිවාර්යෙන්ම හඳුන්වන්නේ යක්ෂ ලෝකයක් කියායි. නව ලෝකය හඳුන්වන්නේ දේවතා ලෝකයක් වශයෙනුයි. දිව්‍යමය ලෝකයේ ජීවත් වන්නේ ඉතාමත් සුළු පිරිසකුයි. මෙම රහස ඔබ කාට හෝ පහදා දිය යුතුයි. පවුල් සැලසුම් ක්‍රියාත්මක කරනා ඇමතිවරුන්ට ඔබ මෙය පහදා දිය යුතුයි. ඔවුන්ට කියන්න ගීතාවේ සඳහන්ව ඇති දේට අනුව පවුල් සැලසුම් කිරීම එකම එක පරමාත්ම පියාගේම කාර්යභාරයයි. සෑම කෙනෙක්ම ගීතාව අදහනවා. පවුල් සැලසුම් සඳහා ඇති ග්‍රන්ථය ගීතාවයි. ගීතාව මඟින් පරම පියා නව ලෝකයක් ස්ථාපනය කරනවා. නාටකයට අනුව මෙය නිරායාසයෙන්ම ඔහුගේ චරිත කොටස වශයෙන් තීරණය වී තිබෙනවා. ආදී සනාතන දේවි දේවතා ධර්මයේ ස්ථාපනය එනම්, පාරිශුද්ධ ජාතියක් ස්ථාපනය වන්නේ පරමාත්ම පියා මෙහි පැමිණි පසුව පමණයි. ඔබ තමන් දේවතා ධර්මයට අයත් අයයි කියා කියාවි. ගීතාවේ පරමාත්මය ඉතාමත් පැහැදිලිව කියා තිබෙනවා එකම එක ධර්මය ස්ථාපනය කර අන් සියලුම ආගම් විනාශ කර දැමීමටයි මා පැමිණෙන්නේ. මෙමඟින් අංක එකේ පවුල් සැලසුම ක්‍රියාත්මක වෙනවා. මුළු ලෝකය පුරාම ජයඝෝෂා නංවමින් එකම එක ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වේවි. දැන් මිනිසුන් ගණනාවක් සිටිනා නිසා කුණු කන්දල් රාශියක් තිබෙනවා. එහි සිටිනා සතා සිවුපාවුන් හා කුරුල්ලන් පවා අංක එකේ ඉහළම ගණයේ වේවි. ඒවා දැකීමෙන්ම ඔබගේ හදවත සැනසී යාවි. කිසිම බයක් එහිදී නැහැ. පරම පියා මෙහි සිට පහදා දෙනවා මෙහි පැමිණ අපිරිසිඳු පවුල් ආපසු ගෙන ගොස් පිරිසිඳු පවුල් ක්‍රමයක් ස්ථාපනය කරන්න. එනම්, පවුල් සැලසුමක් ක්‍රියාත්මක කරන්නැයි කියා ඔබ මට කන්නලව් කළා. ඔබ සෑම කෙනෙක්ම කිව්වේ බාබා, පැමිණ මේ අපිරිසිඳු ලෝකය විනාශ කර දමා පාරිශුද්ධ ලෝකයක් නව ලෝකයක් ස්ථාපනය කරන්නයි කියලයි. මෙම සැලැස්ම පරම පියාගේම පමණයි. එය දුටු සැනකින්ම ඔබගේ හදවත සතුටට පත් වෙනවා. ලක්ෂ්මි හා නාරායනව දුටු සැනකින්ම ඔබගේ හදවතට සතුටක් දැනෙනවා. එහි රජ, රැජිණ හා සියලු දෙනාම ඉහළම ගණයේ අයයි. ඉතින් මෙවන් පවුල් සැලසුම් ක්‍රමයක් නාටකය තුළ තීරණය වී තිබෙනවා. ඔය දරුවන් පහදා දිය යුතුයි ඉහළම ගණයේ ස්වර්ණමය යුගයේ පවුල් සැලසුම් ක්‍රමය තමයි පාරලෞකික පියා විසින් දියත් කරන්නේ. ඔහු කටු කැලය විනාශ කර දමනවා. පිදුරු ගොඩට ගිණි ඇවිලිලයි තිබෙන්නේ. මෙය පරම පියාගේම කාර්යභාරය පමණයි. ඔබට කිසිම දෙයක් කරන්න බැහැ. ඔබ කුමන දේ කළත් කිසිම කෙනෙක්ට ඉන් සාර්ථක විය නොහැකියි. පරම පියා කියනවා : ඔබ මිතුරෙක් කියා සලකාගෙන සිටිනා කාම රාගය නම් වූ පාපය ලොකුම ලොකු සතුරෙක්. එහි මිතුරන් වන අය රාශියක් සිටිනවා. පරම පියා විධානයක් දෙනවා : ඔබ එය දමනය කළ යුතුයි. ලොකුම සතුරා රාගයයි කියා පරම පියා පහදා දෙන බව ඔබට කිව හැකියි. පවුල් සැලසුම් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා ඒ දුප්පත් අහිංසකයින්ට තේරෙන්නේත් නැහැ. සෑම කල්පයකදීම නාටක සැලැස්මට අනුව මෙය කරන්නේ පරමාත්ම පියා විසිනුයි. එය නැවතත් සිදු විය යුතුයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතාමත් සුළු මිනිස් ප්‍රජාවක් පමණයි. ඒ ගැන දුක් වීමට අවශ්‍ය නැහැ. පරම පියා මෙම කාර්යය ප්‍රායෝගිකවම කරගෙන යනවා. ඒ මිනිසුන් හරි හරියට තම හිස් ගසා ගන්නවා. ඒ වගේම අධ්‍යාපන ඇමතිවරුන්ටත් පැහැදිලි කර දෙන්න : මිනිසුන්ගේ චරිත දැන් හොඳටම නරක් වෙලා. දේවතාවරුන්ට ඉතාමත් හොඳ චරිත තිබුණා. කතා කරනා විට සැහැල්ලුවෙන් සිටින්න. ඔවුන්ට කියන්න: මෙය කිසිම ඇමතිවරයෙකුගේ කාර්යයක් නොවෙයි. මෙය ඉහළම ඉහළ පරමාත්ම පියාගේ රාජකාරියයි. මෙම දේවතාවරුන්ට තිබුණේ එකම එක ධර්මයක්. එකම එක රාජ්‍යයක් හා එකම එක භාෂාවක් තිබුණු අධිරාජ්‍යයකුයි. එහි සිටියේ මිනිසුන් ටික දෙනයි. කෙසේවෙතත්, එලෙස උපක්‍රමශීලීව කතා කරන්නේ කෙසේදැයි කියා දන්නේ ඔබ අතරින් කිහිප දෙනෙක් පමණයි. ඒ ආධ්‍යාත්මික අධිකාරීත්වය ඔබට නැහැ. ලක්ෂ්මි නාරායනගේ පින්තූරය ඔවුන්ට පෙන්වන්න. පරමාත්ම පියා මෙම පවුල් සැලසුම ක්‍රියාත්මක කරනවා. ඔහු දැන් එය නැවතත් වතාවක් කරනවා. ඔහුගේ අධිරාජ්‍යය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. බාබා කියා තිබෙනවා : සෑම විටම ලක්ෂ්මි හා නාරායනගේ පින්තූර ඉදිරියේ තබාගෙන එය හොඳින් ආලෝකමත් කරන්න. උදේ පාන්දර යන විට මෙම ට්‍රාන්ස්ලයිට් පින්තූරයත් අරගෙන යන්න. එවිට ඕනෑම කෙනෙක්ට ඉතාමත් පැහැදිලිව මෙය තේරුම් ගත හැකියි. අපි මේ පවුල් සැලසුම් ක්‍රමය ක්‍රියාත්මක කරගෙන යනවා කියා ඔවුන්ට කියන්න. රජ හා රැජිණ කොයි වගේ ද පුරවැසියනුත් ඒ වගේයි. දේවතා වංශය ස්ථාපනය වෙමින් පවතිනවා. අන් සියල්ලම විනාශ වෙනවා. අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න කියා ඔබ කියනවා. පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. ඔබව ඒ තත්ත්වයට පත් කළ හැක්කේ පරම පියාටම පමණයි. පාරිශුද්ධව තිබුණේ එකම එක දේවතා ධර්මය පමණයි. අන් සියලුම ආගම් විනාශ වුණා. ඔවුන්ට කියන්න මෙම සැලැස්ම තිබෙන්නේ ශිව බාබාගේ අතේ පමණයි. මෙම සැලැස්ම ස්වර්ණමය යුගය සඳහායි. එහි ඇත්තේ දේවතා වංශයයි එහි ශුද්‍රයින් නැහැ. මෙය ඉහළම ගණයේ සැලැස්මයි. අන් සියලුම ආගම් විනාශ වී යනවා. පැමිණ මේ පරම පියාගේ සැලැස්ම තේරුම් ගන්න. ඔබගෙන් මේ ගැන අසන්න ලැබුණු විට බොහෝ පිරිසක් ඔබ ඉදිරියේ දණ නමාවි. ඒ ඇමතිවරුන් වැනි අය පාපයෙන් තොර සැලැස්මක් සාදන්නේ කෙසේද? පරමාත්මය වන පරම පියා තමයි ඉහළම ඉහළ කෙනා. ඔහු පැමණ සිටින්නේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි. ඔහු අන් සියලුම ආගම් විනාශ කර දමනවා. සියල්ල ඇත්තේ අසීමිත පියා අතේයි. ඔහු පැරණි දේවල් අළුත් කරවනවා. පරම පියා නව ලෝකය ස්ථාපනය කර පැරණි ලෝකය විනාශ කර දමනවා. මෙය නාටකයේ තීරණය වී ඇති දෙයක්. පහදා දෙන්න සහෝදර සහෝදරියනි. ලෝක කල්පයේ මුල, මැද හා අග ගැන ඔබලා දන්නේ නැහැ. ඒ ගැන ඔබට කියා දෙන්නේ පරමාත්ම පියායි. ස්වර්ණමය යුගය ආරම්භයේ දී එතරම් මිනිසුන් ප්‍රමාණයක් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් පවුල් සැලසුම් ගැන කතා කරන්නේත් නැහැ. පළමුවෙන්ම, ලෝකයේ මුල, මැද හා අග ගැන තේරුම් ගන්න. මුක්තිය දානය කරන්නා එකම එක පරමාත්ම පියාම පමණයි. මුක්තිය යනු ස්වර්ණමය යුගයේ මිනිසුනුයි. මුලින් ඉතාමත් සුලු දේවතාවරුන් පිරිසක් පමණයි සිටියේ. එහි ඉහළම ඉහළ ගණයේ ධර්මයක් තිබුණා. ඉහළම ගණයේ මල් සැලැස්මක් බාබාට තිබෙනවා. ලොකුම සතුරා රාගයයි. මේ දිනවල, මිනිස්සු තම ජීවිතයත් ඒ වෙනුවෙන් නැති කර ගන්නවා. කෙනෙක් තවත් කෙනෙක් සමඟ හාද වී සිටිනා විටෙක දී ඔවුන්ගේ දෙමාපියන් එම විවාහයට අකමැති වුවහොත් ඔවුන් පවුල් අතර මහා විශාල ප්‍රශ්න ඇති කර ගන්නවා. මෙය අපිරිසිඳු ලෝකයක්. සෑම කෙනෙක්ම එකිනෙකාට කටු මෙන් ඇණ ගන්නවා. ස්වර්ණමය යුගයේ ඇත්තේ මල් වැසියි. මේ අකාරයෙන් ඥාන සාගරය කළඹන්න. බාබා දිගටම ඔබට අනතුරු අඟවනවා. ඔබ ඒවා අළුත් කර ගත යුතුයි. ඔවුන් නොයෙකුත් ජාතියේ පින්තූර සාදනවා. නාටකයට අනූව සිදුවන සෑම දෙයක්ම හොඳයි. ඕනෑම කෙනෙක්ට පහදා දීම ඉතාමත් පහසුයි. සෑම කෙනෙකුගේම අවධානය පරම පියා වෙතට ඇද ගන්න. මෙය පරම පියාගේම කාර්යය පමණයි. පරම පියා දැන් ඉහළ සිටිනවා. ඔහු මේ කාර්යය කරන්න යන්නේ නැහැ. ඔහු කියනවා ධර්මය අපහාසයට ලක් වී යක්ෂ රාජ්‍යය පවතින කාලයට තමයි මා පැමිණ ඒ සියල්ල විනාශ කර දමා දේවතා රාජ්‍යය ස්ථාපනය කරන්නේ. මිනිස්සු අවිද්‍යා නිද්‍රාවේ නිදි. මේ සියල්ලම විනාශ වී යාවි. දුර්ගුණ වලින් තොර අය බවට පත් වන පවුල් පමණයි එම රාජ්‍යය පාලනය කරන්න එන්නේ. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු වුණු බව සඳහන් වී තිබෙනවා. කුමන ස්ථාපනයද? මෙම පවුලේ. එය සැලසුම් කරලයි තිබෙන්නේ. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් පාරිශුද්ධත්වයට පත් වෙන නිසා පිරිසිඳුව නව ලෝකයක් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. ඉතාමත් සුබම සුබ වූ සංගම යුගය ඉතාමත් කෙටියි. එවන් හොඳ සැලසුම් සිදු වන්නේ එවන් කෙටි කාලයකදීයි. සියලුම කර්ම ගිණුම් පියවා දැමීමට බාබා ඔබව උන්නදු කරවනවා. පසුව ඔහු ඔබව නිවහන කරා ගෙන යාවි. මේ කිසිම කුණුකන්දලක් ඔබ එහි ගෙන යන්නේ නැහැ. අපිරිසිඳු ජීවයන්ට එහි යා නොහැකියි. මෙන්න මේ නිසා තමයි පියා පැමිණ ඔබව ලස්සන කරවා ආපසු නිවහන වෙත ගෙන යන්නේ. එවන් දේවල් ගැන ඥාන සාගරය කළඹන්න. ඔබ නොකඩාවම හොඳ අවබෝධයන්ට පත් වේවි. පරම පියා කියනවා එකම එක ධර්මය ස්ථාපනය කිරීමේ පෙරහුරුව මම කරගෙන යනවා. මෙම පවුල් සැලසුම දියත් කළේ කවුද? පරම පියා කියනවා මම හරියටම මීට කල්පයකට පෙර කළ ආකාරයෙන්ම මගේ කාර්යය කරගෙන යනවා. ඔබ කන්නලව් කරනවා අපිරිසිඳු පවුල වෙනස් කර පාරිශුද්ධ පවුලක් ස්ථාපනය කරන්න. මේ කාලයේ දී සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. විවාහ මංගල උත්සව සඳහා මිනිස්සු සිය දහස් ගණනින් වියදම් කරනවා. එතරම්ම ඉහළ උත්සව පවත්වා පිරිසිඳු ඔවුන් අපිරිසිඳු වෙනවා. ඔබ දරුවන් දැන් මෙම දේවමය ව්‍යාපාරය කරගෙන යා යුතුයි. සෑම කෙනෙක්ටම පහදා දිය යුතුයි. සෑම කෙනෙක්ම යක්ෂ නින්දක නිදි. ඔවුන්ව අවදි කළ යුතුයි. ලස්සන වී අන් අයවත් ඒ හා සම කරවන්න. එවිට ඔවුන්ටත් පරම පියාගේ සෙනෙහස හිමි කර ගත හැකියි. කිසිම සේවයක් කළේ නැතිනම් ඔබ මොනවා ලබන්නද? අධිරාජ්‍යවරුන් වන අය අනිවාර්යෙන්ම යහපත් ක්‍රියා කර ඇති. ඔවුන් රජ හා රැජිණ බවත් තමන් දැසි දස්සන් බවත් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. එමනිසා, ඔබලා එවන් ක්‍රියා මීට පෙර උපතේ දී කර ඇති. නරක ක්‍රියා කිරීමෙන්, ඔබට හිමි වන්නේ නරක උපතක්. කර්ම නියාමය නියතයි. පරම පියා දැන් ඔබට යහපත් ක්‍රියා කරනා ආකාරය උගන්වනවා. එහිදීත්, තමන් ඒ තත්ත්වයට පත් වූයේ තමාගේම පෙර උපතේ ක්‍රියා වලට අනුව බව ඔබට අනිවාර්යෙන්ම අවබෝධ වේවි. නමුත් තමන් කළේ මොනවා දැයි කියා දැන ගන්නේ නැහැ. කරන ක්‍රියා සිහිවටන වෙනවා. කෙනෙක් යහපත් ක්‍රියා කළ තරමට, ඔහු ලබනා තත්ත්වයත් උසස් වෙනවා. ඔබ උසස් වන්නේ උසස් ක්‍රියා කිරීමෙන් පමණයි. යහපත් ක්‍රියා නොකළහොත්, ඔබ නවතින්නේ පොළොව මදින්න වෙලයි. ඔබට අන් අය ඉදිරියේ දණ නැමීමට සිදු වේවි. ඒ කළ දේ පල දීමයි. කර්ම නියාමය නියතයි. ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ යහපත් ක්‍රියා කරනවා. අධිරාජ්‍යවරයෙක් හා දැසි දස්සන් අතර විශාල වෙනසක් තිබෙනවා. පරම පියා කියනවා දැන් පරම පියාව පිළිපදින්න. මගේ ශ්‍රීමත් පිළිපැද්දොත් ඔබට උසස් තත්ත්වයක් දිනා ගත හැකි වේවි. පරම පියාත් ඔබට දර්ශන පහළ කරනවා. මමා බාබා සහ දරුවන් සියලු දෙනාම උසස් වෙනවා. ඒත් ඔවුන් කළ දේ වලට අනුවයි. කර්මය ගැන බොහෝ දරුවන් හොඳින් තේරුම් ගන්නේ නැහැ. අවසානයේදී සෑම කෙනෙක්ටම දර්ශන පහළ වේවි. ඔබ හොඳින් ඉගෙන ගතහොත් පාලකවරයෙක් විය හැකි වේවි. අඬා දොඩා සිටියහොත් නරක් වේවි. අධ්‍යාපනයකදීත් මෙය සිදු වෙනවා. පරමාත්මය කියනවා මේ කාලයේ දී මුළු ලෝකයම රාග ගින්නෙන් දැවෙනවා. කාන්තාවක් දෙස බැලූ විට තමාගේ තත්ත්වය බිඳවැටෙනවා කියා ඔවුන් කියනවා. එහිදී නම් මිනිස්සු මේ විදියට බිඳ වැටෙන්නේ නැහැ. පරමාත්මය කියනවා නම හා රූපය දෙස බලන්න එපා. එකිනෙනා සහෝදරයන් ලෙස පමණක් දකින්න. ගමනාන්තය ඉහළයි. ඔබ ලෝක පාලකවරුන් විය යුතුයි. ලක්ෂ්මි හා නාරායන් ලෝක පාලකවරුන් බවට පත් වූයේ කෙසේ ද කියා කිසිම කෙනෙකුගේ අවබෝධයේ නැතිව ඇති. පරමාත්ම පියා කියනවා මම ඔබව දිව්‍යලෝකයේ පාලකවරුන් බවට පත් කරවනවා. ලක්ෂ්මි හා නාරායන් සියලුම ගුණධර්ම වලින් පිරී සිටි අයයි. මේ දිනවල අළුත් ලේ ඇති අයයි කියා ඔබ සලකනා අය විසින් කරනා දේවල් දෙස මදක් බලන්න. ගාන්ධිජී මේ වගේ දේවල් ඉගැන්වූවාද? රාමාගේ රාජ්‍යය ස්ථාපනය කිරීමේ මඟක් තිබිය යුතුයි. මෙය පරමාත්ම පියාගේම කාර්යය පමණයි. පරමාත්ම පියා සදා පාරිශුද්ධයි. උපත් 21ක් පුරා ඔබ පාරිශුද්ධව සිට පසුව උපත් 63කටම අපිරිසිඳු වුණා. මෙය පහදා දීමට ඔබ කුල්මත් විය යුතුයි. පරම පියා දිගටම ඔය දරුවන්ට කියන්නේ දරුවනි, පාරිශුද්ධත්වයට පත් වන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ තත්ත්වය නිරතුරුවම ස්ථාවරව සහ අචලව තබා ගැනීම සඳහා, කිසිවකුගේ නම සහ ස්වරූපය දෙස නොබලන්න. එකිනෙකා දෙස බලන විට සහෝදරයින් ලෙස බලන්න. ඔබේ දැක්ම පිරිසිඳු කරගන්න. අන් අයට විස්තර කර දීමේදී ආධ්‍යාත්මික අධිකාරීත්වය යොදන්න.

2. පියාගේ සෙනෙහස ලැබීමට නම් පියා කරන ව්‍යාපාරයම කරන්න. යක්ෂ නින්දේ නිදා සිටින අය අවදි කරන්න. ලස්සන වෙන්න සහ අන් අයවත් ලස්සන කරවන්න.

වරදානය:
ඔබ සතු සරළ ගතිස්වභාවය හා යහපත් පැතුම් නිසා ආකර්ෂණීය කෙනෙක් වන ඔබ. අහිංසක ස්වාමී වන පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස විඳින්නෙක් වේවා.

අහිංසක ස්වාමී වන පරමාත්ම පියා අහිංසක දරුවන්ට ඉතාමත් ළැදියි. අහිංසක යනු සෑම විටම සරළ. සහජ ගති ස්වභාවයක් ඇති, සුබ පැතුම් හා පිරිසිදු මනසින් තම මනසින් හා ක්‍රියාවෙන් අවංක හා පිවිතුරු අයෙකි. එවන් දරුවන් ආකර්ෂණීය අය වන අතර පරමාත්ම පියාවත් ආකර්ෂණය කර ගනී. පහසු ගති ස්වභාවයක් ඇති එවන් අහිංසක දරුවන්ගේ ගුණදම් මාලාව අහිංසකත්වයේ ස්වාමී වන පරමාත්ම පියා නිතර සිහි කරයි. පරමාත්ම දෙවියන් අහිංසකත්වයට ළැදියි. ඔබගේ අහිංසකත්වයෙන් ඔබ පරමාත්ම දෙවියන්වත් ඇදබැඳගෙන ඔහුව තමාට අයිති කර ගෙන ඇත.

පාඨය:
තම මුහුණීන් හා හැසිරීමෙන් බල හා ගුණ තිළිණ බෙදාහදා ගැනීම සුබ පැතුම් හා පිවිතුරු හැඟීම් තබා ගැනීම වේ.