07.04.19    Avyakt Bapdada     Sinhala Murli     29.04.84     Om Shanti     Madhuban


ඥාන සූර්යයාගේ ආධ්‍යාත්මික තරුවල විවිධ විශේෂතා.


අද දින, ඥාන සූර්යයා සහ ඥාන චන්ද්‍රයා, ඔවුන්ගේ විවිධ තාරකා දෙස බලමින් සිටියා. සමහරු ආදරණීය තරු, සමහරු විශේෂ සහයෝගී තරු, සමහරු පහසු යෝගී තරු, සමහරු උසස්, දැනුමැති තරු සහ තවත් සමහරු විශේෂ සේවය සඳහා උද්යෝගයක් ඇති තාරකාය. ඇතැම් අය උත්සාහයේ ඵලය බුදින අය වන අතර සමහරු පහසු සාර්ථකත්වයේ තාරකාය. මේ ආකාරයට, සියලු දෙනාම විවිධ විශේෂතා ඇති තාරකාය. ඔය සියලුම තරුවලට ඥාන සූර්යයාගෙන් ආධ්‍යාත්මික ආලෝකනය ලැබෙන නිසා, ඔබ දීප්තිය දෙන තාරකා බවට පත් වී ඇත. කෙසේවෙතත්, එක් එක් වර්ගයේ තාරකාවන්ගේ විශේෂත්වයේ දීප්තිය වෙනස්ය. භෞතික තාරකාවල බලපෑම, ඔබට තාවකාලික කාලයකට විවිධ ආකාරයේ ඵල ලැබීමට මඟපාදන ආකාරයෙන්ම, ඥාන සාගරයට අයත් ඔය ආධ්‍යාත්මික තාරකාවන්ටත්, අවිනාශී ලැබීම් ලබා දෙන සම්බන්ධකමක්, සියලුම ජීවාත්ම සමග තිබෙනවා. ඔහුගේ හෝ ඇගේ විශේෂත්වයට අනුව, සෑම තාරකාවක්ම කුමන විශේෂත්වයකින් පිරි සිටිද, එම තරුව, අන් අයට ඵල ලැබීමට මඟපෑදීම සඳහා උපකරණයක් වෙයි. ඔබම ඥාන චන්ද්‍රයාට සහ ඥාන සූර්යයාට සමීපව සිටින තරමට, එම පමණින් ඔබ අන් අයව ඔබ හා සමීප සබැඳියාවකට ගෙන එයි. ඉන්පසුව, ඥාන සූර්යයාගෙන් ඔබට ලැබී ඇති විශේෂතාවයන්ගේ පදනමට අනුව, එමෙන්ම එම ඍජු විශේෂතාවල බලයේ පදනමට අනුව, ඔබ ඔවුන්ව ඥාන සූර්යයා සහ ඥාන චන්ද්‍රයා සමග ඍජු සබැඳියාවකට ගෙන එයි. ඔබ එවන් බලවත් තාරකාවන්, එහෙම නේද? ඔබම බලවත් හෝ සමීප නොමැති නම්, ඔබට අන් අයට ඍජු සබැඳියාවක් ඇති කිරීමට මඟ පෑදිය නොහැක. ඔබම දුරස්ථ නිසා, ඔබගේ මාර්ගයෙන්, ඔබගේ විශේෂත්වයට අනුව, අන් අයට ලබා ගත හැකි කුමන බලයක් හෝ නෑ සබැඳියාවක් තිබේද, ඔවුන් දිගටම ඔවුන්ගේම හැකියාවට අනුව එය ලබා ගනී. ඔවුන්ට ඍජු බලය ලබා ගැනීමට ශක්තියක් නොමැති වෙයි. මේ නිසයි ඥාන සූර්යයා, උසස්ම උසස් වන ආකාරයෙන්ම විශේෂ තාරකාවන්ද උසස්ය. එසේ නොමැති නම් ඔවුන්ට උසස් ස්ථීතියක් අත්විඳින්නට නොහැකි වෙයි. ඔවුන්ට අත්කර ගැනීමට හැකි වන්නේ, ඔවුන්ගේ ධාරිතාවයට අනුවයි. ඔවුන් අත්විඳිය යුතු පමණින් බලවත් ස්ථීතියක් ඔවුන් අත්විඳින්නේ නැත.

එවන් ජීවාත්මයන්ගේ මනසේ සහ මුවින් නිරතුරුවම මතුවන වදන් වන්නේ එය විය යුත්තේ මෙසේ වන නමුත් එය එසේ නොවෙයි. මා මෙසේ විය යුතු නමුත් මා තවමත් එය බවට පත්වී නැහැ. මා කළ යුත්තේ මෙයයි, නමුත් මට එය කළ නොහැක. සෑම දෙයක්ම ඔවුන්ට හැකි පමණින් කරන ජීවාත්ම ලෙස ඔවුන් හැඳින්වෙයි. ඔවුන් සියලු බලයන්ගෙන් පිරුණු ජීවාත්ම නොවේ. එවන් ජීවාත්මයන්ට, තමන් වෙනුවෙන් හෝ අන් අය වෙනුවෙන් බාධක විනාශ කරන්නන් විය නොහැක. ඔවුන් ඉදිරියට ගමන් කළ සැනින්, බාධකයක් පැමිණෙයි. ඔවුන් බාධකයක් ඉවත් කරයි, ඔවුන්ට නිර්භීතකම තිබේ, ඔවුන් සතුටු වෙයි, එවිට තව බාධකයක් පැමිණෙයි. ජීවන රේඛාව, එනම්, ඔවුන්ගේ උත්සාහයේ රේඛාව, සෑම විටම පැහැදිලි නොවෙයි. ඔවුන් ඉදිරියට ගමන් කිරීමේ ක්‍රමවේදයෙන් නොකඩවා ටිකක් ඉදිරියට ගමන් කර, ඉන්පසුව නතර වෙයි, ඉන්පසුව නැවතත් ටිකක් ඉදිරියට ගමන් කරමින්, ඔවුන් අන් අයවත් මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කරවයි. නතර වී, ආරම්භ කිරීම නිසා, ඔවුන් නිරන්තර සීඝ්‍ර වේගයක් අත්විඳින්නේ නැත. විටෙක එය ඇවිදීමේ ස්ථීතියද, විටෙක නැඟීමේ ස්ථීතියද, වෙනත් විටෙක පියාසර කිරීමේ ස්ථීතියයි. ඔවුන් නිරන්තර ස්ථාවර හෝ බලවත් ස්ථීතියක් අත්විඳින්නේ නැහැ. ඔවුන් තම හැකියාවට අනුව ක්‍රියා කරන බැවින්, විටෙක ගැටළුවක්ද විටෙක විසඳුම්වල ප්‍රතිරුවක්ද වෙයි. ඥාන සූර්යයාගෙන් සියලු බල ධාරණය කරගැනීමේ බලය ඔවුන්ට නොමැත. ඔවුන්ට අනිවාර්යෙන් අතරමැදදි ආධාරකයක් අවශ්‍යයි. සෑම දෙයක්ම ධාරිතාවයට අනුව තිබෙන ජීවාත්ම ලෙස ඔවුන් හැඳින්වෙයි.

ඔබ මෙහි පැමිණීම සඳහා, උස් කඳු නැඟ පැමිණෙන අතර, ඔබ කුමන වාහනයක පැමිණියත්, එය බසයක් වුවත් මෝටර් රථයක් වුවත්, එයට බලවත් එන්ජිමක් ඇති බැවින්, එයට හුලං හෝ ජලය පිරවීමට නතර නොකරම, සීඝ්‍ර වේගයකින් ඔබට ඍජුව ඉහළට පැමිණීමට හැකි වෙයි. එන්ජිම දුර්වල නම්, ඔබට හුලං හෝ වැඩිපුර ජලය දැමීමට නතර කිරීමට සිදුවෙයි. එවිට ඔබට නොකඩවා ගමන් කිරීමට නොහැකි වෙයි ඔබට කිසියම් තැනක නතර කිරීමට සිදුවෙයි. ඒ ආකාරයෙන්ම, සියලු දේ ධාරිතාවයට අනුව ඇති ජීවාත්මයන්ට, එක් හෝ තව ජීවාත්මයකගේ ආධාරය හෝ යම් ගැලවීමක් හෝ පහසුකමක් නොමැතිව, සීඝ්‍ර වේගයකින් ඔවුන්ගේ පියාසර කිරීමේ ගමනාන්තයට ළඟා වීමට නොහැකි වෙයි. විටෙක ඔවුන් මෙසේ කියයි අද මට එතරම් සතුටක් තිබුණේ නැහැ. අද මගේ යෝගාව එතරම් බලවත් වූයේ නැහැ. මට සෑම දෙයක්ම වැටහෙන නමුත් අද මා මෙම විශේෂිත ධාරණාවේ දුර්වලයි. අද සේවය කිරීමට මට කිසිම උද්යෝගයක් නැහැ. විටෙක ඔවුන්ට ජලය අවශ්‍ය වන අතර විටෙක හුලං අවශ්‍ය වෙයි, තවත් විටෙක තල්ලුවක් අවශ්‍ය වෙයි. මෙය බලවත් වීම බව ඔබ හඳුන්වයිද? මා සියලු අයිතීන් ඇති කෙනෙකි. මගේ අයිතීන් හිමිකර ගැනීමේදි මා සිටින්නේ අංක එකටයි. මා අන් අයට වඩා අඩු නැහැ. නමුත් යමක් කිරීමේදි ඔබ පවසන්නේ කුමක්ද? මා තවමත් බාලයි. මා තවමත් අළුත්. මට එතරම් වයසක් නැහැ. මා තවම සම්පූර්ණ වී නැහැ. තවමත් ටික කාලයක් ඉතිරිව තිබෙනවා. එය මගේ නොව, ජ්‍යෙෂ්ඨයන්ගේ වරදයි. මා තවම ඉගෙනගන්නවා, මා එය ඉගෙන ගන්නම්. බාප්දාදා සෑම විටම පවසන්නේ, සෑම කෙනෙකුටම අවස්ථාවක් ලබා දිය යුතු බවයි. මටත් මෙම අවස්ථාව ලබා දිය යුතුයි. ඔබ මට සවන් දිය යුතුයි. හිමිකර ගැනීමේදි ඔබ පවසන්නේ, ඔබට එය හිමිවිය යුතු බවයි, නමුත් යමක් කිරීමේදී ඔබ පවසන්නේ, ඔබ කරන්නේ, ජ්‍යෙෂ්ඨයන් කරන දේ පමණක් බවයි. ඔබගේ අයිතීන් ලබා ගැනීමේදි ඔබට ඒවා දැන් අවශ්‍ය බව ඔබ පවසන නමුත්, යමක් කිරීමේදි, ඔබ එය යම් අවස්ථාවක කරන බව පවසයි. ඔබ ගැනීමේදී ජ්‍යෙෂ්ඨ වන අතර, කිරීමේදී කණිෂ්ඨ වෙයි. මෙය, සෑම දෙයක්ම හැකි පමණට අනුව කරන ජීවාත්මයක් ලෙස හැඳින්වෙයි.

මෙම විනෝදජනක ක්‍රිඩාව දැක බාප්දාදා දිගටම සිනහසෙයි. පියා සියල්ලටම වඩා දක‍්ෂ වන නමුත්, මාස්ටර් දක‍්ෂ අයගේද අඩුවක් නැත. එබැවින් හැකි පමණට අනුව කරන ජීවාත්මයන්ගෙන්, මාස්ටර් සර්ව බලධාරීන් වන්න. යමක් කරන අය වන්න. එවිට ඔබට ඉබේටම බලවත් ක්‍රියාවන්ගේ ඵලයද, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම්වල ඵලයද ලැබෙයි. සෙවණැල්ලක් මෙන්, සියලු ලැබීම් අනිවාර්යෙන් ඔබ පසුපස යයි. ඥාන සූර්යයාගෙන් ඔබට ලැබී ඇති ආලෝකනයෙන් නොකඩවා ඉදිරියට ගමන් කරන්න, එවිට සියලු ලැබීම්වල සෙවණැල්ල ඔබ පසුපස අනිවාර්යෙන් ගමන් කරයි. ඔබට වැටහෙනවාද?

අද, බාප්දාදා, හැකි පමණට අනුව සිටින මෙන්ම, බලවත් තාරකාවන්ගේද දීප්තිය දෙස බලමින් සිටියා. අච්චා.

සියලු දෙනාම වේගයෙන් මෙහි දුවගෙන ඇවිත්. ඔබ පියාගේ නිවහනට ළඟා වී තිබෙනවා, එබැවින් ඔහු ඔය දරුවන්ට පවසන්නේ ඔබව සාදරයෙන් පිළිගන්නවා! ඔබට කුමන තැනක කෙතරම් ඉඩ ප්‍රමාණයක් තිබුණත්, එය ඔබගේ නිවසයි. නිවස එක දවසකින් විශාල නොවෙයි, නමුත් සංඛ්‍යාව වැඩි වෙලා නේද? එබැවින් ඔවුන්ට නැවතීමේ පහසුකම් ලබා දිය යුතුයි. සංඛ්‍යාවලට අනුව ඉඩ ප්‍රමාණය සහ කාලය ගැන කටයුතු කළ යුතුයි. ඔබ සියලු දෙනාටම නැවතීම් පහසුකම් ලබා දී තිබෙනවා නේද? ඔව්, සෑම දේකටම නිසැකවම පෝලිමක් තිබෙයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාටම පාන්ඩව භවන් සහ එයට සම්බන්ධ ගොඩනැගිලිවල නැවතීම් පහසුකම් ලැබීම නිසා, ඔබ අතිශයින් වාසනාවන්තයි. පෝලිම තවමත් පිටතට ගොස් නැහැ. වර්ධනය සිදුවිය යුතුයි, එමෙන්ම පෝලිම් තිබෙයි. සෑම අවස්ථාවකදීම නිරන්තරයෙන් සතුටින් සහ සුව පහසුව රැඳී සිටින්න. පියාගේ නිවහනේ ඔබගේ හදවතට ලැබෙන සැනසීම, වෙනත් කිසිම තැනක ඔබට හමු නොවෙයි. එබැවින් සෑම අවස්ථාවකම නිරතුරුවම තෘප්තිමත්ව සිටින්න. සංගම යුගයේ, ආශිර්වාද ලත් භූමියේ අඩි තුනක් වුවත්, ස්වර්ණමය යුගයේ මාලිගා වලට වඩා ශ්‍රේෂ්ඨයි. ඔබට අසුන් ගැනීමට මෙතරම් ඉඩක් ලැබී තිබේ, එය වුවත් බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔබට මෙම දින සිහි වෙයි! දැන් ඔබට අඩු තරමින් ද්‍රිෂ්ඨි සහ තෝලි ලැබෙනවා. පසුව, අන් අයට ද්‍රිෂ්ඨි සහ තෝලි ලැබීමට මඟපාදන අය බවට ඔබ පත්වෙයි. ව්‍යාප්තිය සිදුවන අතර මෙය සතුටට කාරණයකි. ඔබට ලැබෙන කුමන දේකින් සහ ප්‍රමාණයෙන් වුවද සතුටු වන්න. ව්‍යාප්තිය යනු යහපතයි. අච්චා.

කර්නාටක වල අය, විශේෂයෙන් ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ අයයි. මහාරාශ්ත්‍ර වල අයද, සංඛ්‍යාවෙන් වැඩි අයයි. දිල්ලියද තරඟයේ දිව ගොස් ඇත. ඔබ සියලු දෙනාම නොකඩවා වර්ධනය වෙත්වා! යූ.පී.ද අන් අයට අඩු නැත. සෑම තැනකටම එයටම අයත් විශේෂත්වය තිබේ. බාබා ඔබට වෙනත් වෙලාවක ඒ ගැන කියන්නම්.

බාප්දාදා කාලයේ සීමාවන් ගැනත් සැලකිලිමත් විය යුතුයි, මන්ද ඔහු භෞතික සිරුරේ ආධාරය ගත යුතුයි. එය ඔහු ණයට ගත් සිරුරක් නේ, එය ඔහුගේම සිරුර නොවෙයි. බාප්දාදා සිරුර වෙනුවෙන් වගකිව යුතුයි. එබැවින් අසීමිත බවේ අධිපති, සීමිත බව විසින් බැඳ තබා ඇත. සූක‍්ෂම කලාපයේ එය අසීමිතයි. මෙහිදි, බාබා, කාලසටහන, වෙලාව සහ සිරුරේ ශක්තිය ගැන සැලකිලිමත් විය යුතුයි. අසීමිතභාවයට පැමිණ හමුවක් සමරන්න. එහි ඔබට කිසිවෙක් මෙසේ නොකියයි දැන් එන්න, දැන් ආපසු යන්න. හෝ අංක පිලිවෙලට එන්න. ඔබට විවෘත ආරාධනාවක් තිබෙනවා, එනම්, ඔබට සම්පූර්ණ අයිතීන් තිබෙනවා. ඔබට 2.00ට හෝ 4.00ට පැමිණිය හැක. අච්චා.

සියලුම නිරතුරුවම ශ්‍රේෂ්ඨ බලවත් ජීවාත්මයන්ට, ඥාන සූර්යයා මෙන් උසස්ම ස්ථීතියේ ස්ථාවරව රැඳී සිටින සහ සෑම විටම සමීප සහ සමාන විශේෂ ජීවයන්ට, සෑම ක්‍රියාවක්ම සිදුකරන විට, පළමුව මා' කීමට නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගය තිබෙන එඩිතර ජීවාත්මයන්ට, සියලු ජීවාත්මයන්ව ශක්තිමත් කරවන, සියලුම සමීප දරුවන්ට, ඥාන සූර්යයා සහ ඥාන චන්ද්‍රයාගෙන් සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා දාදීන් මුණගැසෙමින්

බාප්දාදා ඔය දරුවන් ගැන ආඩම්බර වෙනවා. ඔහු ආඩම්බර වන්නේ කුමක් ගැනද? ඔහුට සමාන දරුවන්ව දැකීමට පියා සෑම විටම ආඩම්බර වෙයි. පියාටත් වඩා විශේෂ කාර්යයක්, ඔහුගේ දරුවන් සිදුකරන විට, පියා කෙතරම් ආඩම්බර වෙයිද? දිවා රැයේ සිහිකිරීම සහ සේවාව යන දෙකටම ඔබ තුළ තිබෙන්නේ ගැඹුරු සෙනෙහසක්. කෙසේවෙතත්, මහාවීර දරුවන්ගේ විශේෂත්වය වන්නේ, ඔවුන් සේවයට ප්‍රථම, සිහිකිරීමට තැනක් ලබා දීමය. අශ්වාරෝහකයන් සහ පාබල හමුදාව, ප්‍රථමයෙන් සේවයටත් ඉන්පසුව සිහි කිරීමටත් තැනක් දෙයි. වෙනසක් තිබෙන්නේ මේ නිසයි. ප්‍රථමයෙන් සිහිපත් කිරීම තිබී ඉන්පසුව සේවය කරන්නේ නම්, සාර්ථකත්වය තිබෙයි. ඔබ සේවයට පළමු තැන දුන් විට, සේවයේ කුමක් සිදුවුවද, එය හොඳ වුවත් නරක වුවත්, ඔබ එහි බලපෑමට ලක් වෙයි, නමුත් ඔබ සිහිපත් කිරීමට පළමු තැන දුන් විට, ඔබට පහසුවෙන් නොබැඳී සිටීමට හැකි වෙයි. එබැවින් ඔහුට සමාන එවන් දරුවන් ගැන පියාද ආඩම්බර වෙයි. තමාට සමාන එවන් දරුවන්, මුළු ලෝකයේම ඉන්නේ වෙන කාටද? බාබා සියල්ලන්ගේම විශේෂත්වය ගැන කතා කරන්නේ නම්, භගවතයක් නිර්මාණය වනු ඇත. ආරම්භයේ සිට සෑම මහාරතී කෙනෙකුගේ විශේෂත්වය ගැන බාබා පවසන්නේ නම්, භගවතයක් නිර්මාණය වෙයි. ඥාන සූර්යයා සහ තාරකා මධුබාන්හි එකට බැබලෙන විට, මධුබාන්හි ආකාසයේ අලංකාරය බොහෝ ශ්‍රේෂ්ඨ වෙයි. ඥාන සූර්යයා සමග තාරකාද අනිවාර්යෙන් අවශ්‍යයි.

බාප්දාදා යුගල් කණ්ඩායම් මුණගැසෙමින්

1) රේල් පීලි මත එක් දිශාවකට ගමන් කරන අය, සීඝ්‍ර වේගයක් ඇති අය නොවේද? දෙදෙනාගේම එක දිශාව - මෙම එක් උපදෙස - රෝදයි. එක් උපදෙසක පදනම මත ගමන් කරන අය නිරන්තරයෙන් සීඝ්‍ර වේගයකින් ගමන් කරයි. රෝද දෙකම උසස් විය යුතුයි. එකක් වේගයෙන්ද අනෙක සෙමින්ද යන්නේ නැහැ නේද? දෙකම සමාන විය යුතුයි. තීව්‍ර උත්සාහ දැරීමේදී, අංක එකට සිටින්නේ පාන්ඩවයන්ද, ශක්තීන්ද ? එකිනෙකාට ඉදිරියට යාමට මඟපෑදීම යනු, තමන් ඉදිරියට යාමයි. ඔබ අන් අයට ඉදිරියට යාමට මඟපාදා තමන් පසුබෑම සිදු නොවිය යුතුයි. අන් අයට ඉදිරියට යාමට මඟපෑදීම යනු, තමන් ඉදිරියට යාමය. ඔබ සියලු දෙනාම වාසනාවන්ත ජීවාත්ම නොවේද? දිල්ලියේ සහ මුම්බායිහි වැසියෝ විශේෂයෙන් වාසනාවන්තයි, මන්ද මාර්ගය දිගේ ඉදිරියට යන අතරද ඔබට බොහෝ සම්පත් ලැබෙයි. ඔබට විශේෂ ජීවාත්මයන්ගේ ආශ්‍රය, සහයෝගය සහ ඉගැන්වීම් ලැබෙයි. මෙයත් ආරාධනාවක් නොමැතිව ඔබට ලැබෙන ආශිර්වාදයකි. වෙනත් මිනිසුන් බොහෝ උත්සාහ දරයි. ඔවුන්ගේ මුළු බ්‍රහ්මන දිවියෙදීම හෝ සේවා දිවියෙදී එවන් උසස් ජීවාත්ම ඔවුන්ගේ ස්ථාන වලට දෙවරක් හෝ තුන් වරක් බොහෝ අපහසුවෙන් යන නමුත් ඔබ ඔවුන්ට ආරාධනා කළත් නැතත් ඔවුන් ඔබ වෙතට පහසුවෙන් පැමිණෙයි. එබැවින් සුපතල වී ඇති, ආශ්‍රයේ පැහැය, විශේෂ ජීවාත්මයන්ගේ ආශ්‍රය, ඔබට උද්යෝගය ලබාදෙයි. ඔබ ඉතා පහසුවෙන් වාසනාව හිමි කරගන්නා වාසනාවන්ත ජීවයි. නිරතුරුව මෙම ගීතය නොකඩවා ගයන්න අපූරුයි මගේ ශ්‍රේෂ්ඨ භාග්‍යය!' ඔබට හිමිවන ලැබීම්වල ප්‍රතිලාභය වන්නේ නිරන්තරයෙන් පියාසර ස්ථීතියක් තිබීමයි. නතර වන හෝ ඇවිදගෙන යන අය නොව, නමුත් නිරන්තරයෙන් පියාසර කරන අයයි.

2) ඔබ නිරන්තරයෙන් පියාගේ ආරක‍්ෂක පියස යට සිටින බව ඔබ අත්විඳිනවාද? පියාගේ සිහි කිරීම, ආරක‍ෂාවේ පියසයි. ආරක‍්ෂක පියස යට සිටින අය, සෑම විටම ආරක‍ෂිත වෙයි. වහින විට හෝ කුණාටු ඇති විට, ඔබ පියසක් යටතට යයි. ඒ ආකාරයෙන්ම පියාගේ සිහි කිරීම ආරක‍ෂාවේ පියසයි. ආරක‍්ෂක පියස යට සිටින අය, පහසුවෙන් මායා ජයගන්නා අය වෙයි. සිහිපත් කිරීමේ සිටීමට අමතක වීම යනු, ඔබ ආරක‍්ෂක වියනින් පිටතට පැමිණීමයි. පියාගේ සිහිකිරීම සෑම විටම ඔබ සමග තබාගන්න. මේ ආකාරයෙන් ආරක‍්ෂක වියන යට සිටින අයට සෑම විටම අඛණ්ඩව පියාගේ උපකාර ලැබෙයි. ඔවුන්ට නිරතුරුවම දිගටම සෑම බලයකම උපකාරය ලැබෙයි. ඔවුන් කිසිම විටෙක දුර්වල වී මායා අතින් පරාජය විය නොහැක. මායා විටෙක ඔබට සිහිපත් කිරීමේ සිටීම, අමතක කරවන්නේ නැහැ නේද? උපත් 63ක්ම ඔබට නොකඩවා අමතක විය දැන් සිහි කිරීමේ සිටීමේ යුගය වන්නේ සංගම යුගයයි. මෙම කාලයේ අමතක නොකරන්න. අමතක වීම නිසා ඔබ වැටි වැටි, දුක අත්කර ගත්තා. එබැවින් ඔබට දැන් අමතක වන්නේ කෙසේද? ඔබ දැන් සෑම විටම සිහිපත් කිරීමේ සිටින අයයි.

ආයුබෝවන් කියන වෙලාවේ හමුවීමට ඇති කාලය සංගම යුගයයි. ඔබ වැඩියෙන් හමුවන තරමට හමුවීමට ඔබ තුළ ඇති බලාපොරොත්තු වැඩිවෙයි. හමුවීමට තිබෙන පිවිතුරු ආශාව ඇති කරගන්න, මන්ද හමුවීමට ඇති පිවිතුරු ආශාවයි, ඔබව මායා පරාජය කරන්නන් බවට පත් කරවන්නේ. හමුවීමට ඇති මෙම පිවිතුරු ආශාව, නිරන්තරයෙන් පියාගේ සිහිපත් කිරීමේ සිටීමට ඔබට මඟපාදයි. මෙය සිදුකරගන්න. මෙය ඉටු වන විට, සංගම යුගය අවසන් වෙයි. අන් සියලුම ආශාවන් ඉටු වී තිබේ, නමුත් නිරන්තරයෙන් සිහිපත් කිරීමේ මුසුවී සිටීමට ඇති පිවිතුරු ආශාවයි, ඔබට ඉදිරියට යාමට මඟපාදන්නේ. එය එහෙමයි, නේද? එබැවින් ශාරීරික හෝ අව්‍යක්ත ස්වරූපයෙන්, ඔබ නිරන්තරයෙන් නොකඩවා හමුවීමක මේලාව සමරයි. අව්‍යක්ත හමුවීම එයටම අයත් ආකාරයෙන් අසහාය වන අතර ශාරීරික හමුව එයටම අයත් ආකාරයෙන් අසහායයි හමුවීම හොඳයි. අච්චා. උදෑසන කාලය සෑම විටම පිවිතුරු සහ උසස් වෙයි. ඒ මිනිසුන් නිකම්ම කියන්නේ, සුබ උදෑසනක්' නමුත් මෙහි, එය පිවිතුරු මෙන්ම ශ්‍රේෂ්ඨයි. සෑම තත්පරයක්ම පිවිතුරුයි ශ්‍රේෂ්ඨයි. එබැවින් සෑම තත්පරයකටම සුබ පැතුම්. අච්චා.

වරදානය:
ඔබ පියාගේ ආශ්‍රය තුළින් පහසුවෙන් පාරිශුද්ධත්වය යන ආදිතම ධර්මය රකින, මාස්ටර් සර්ව බලධාරියෙක් වේවා.

ජීවාත්මයන්ගේ ආදිතම ධර්මය (ජීවන පිළිවෙත) පාරිශුද්ධත්වයයි, මන්ද අපවිත්‍ර බව, බාහිර ධර්මයකි. තම ආදිතම ධර්මය ගැන ඔබට විශ්වාසයක් ඇති විට, බාහිර ධර්මයට ඔබව චංචල කළ නොහැක. කෙසේවෙතත්, ඔබ නිවැරදිව පියාව හඳුනාගෙන, ඔහුව ඔබ සමග තබාගන්නේ නම්, එවිට ඔබගේ සහකරුවා සර්ව බලධාරියා නිසා, ඔබගේ ආදිතම ධර්මය වන පිවිතුරු බව රැක ගැනීම ඉතාමත්ම පහසු වෙයි. සර්ව බලධාරියාගේ දරුවන් වන මාස්ටර් සර්ව බලධාරීන් ඉදිරියට, අපවිත්‍රභාවයට පැමිණිය නොහැක. ඔබගේ සිතිවිලිවල හෝ මායා පැමිණෙන්නේ නම්, එවිට යම් දොරටුවක් නිසැකවම විවෘතව තිබේ, නැතහොත් ඔබගේ විශ්වාසයේ යම්කිසි අඩුවක් තිබේ.

පාඨය:
තුන්කාලය ගැන දැනුවත්ව සිටින අය, එක කාලයකින් පමණක් කිසිවක් දෙස නොබලයි ඔවුන් සෑම සිදුවීමකම යහපතක් ඇති බව සලකයි.