07.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා මෙන්ම දැන් ජීව අවධානයට පත්වන්න. බාබාගේ අසාව වන්නේ දරුවනුත් තමා වැනිම තත්ත්වයට පත්වී ඔහුත් සමඟ නිවස බලා යනවා දකින්නයි.

ප්‍රශ්නය:
දරුවන් බාබාට ස්තුතිවන්ත වන්නේ කුමන පුදුමය දැකීමෙන්ද?

පිළිතුර:
ඔබ දකිනා පුදුමය වන්නේ බාබා තම කාර්යය ඉටු කරනා ආකාරයයි. ඔහු තම දරුවන්ට රාජයෝගා උගන්වා ඔවුන්ව සුදුස්සන් බවට පත් කරවනවා. එවන් වූ මිහිරි පියෙක් වෙත, ඔබ ඇතුලාන්තයෙන් තුති පුද කරනවා. බාබා කියනවා: ස්තුතියි යන වචනය අයිති වන්නේ භක්ති මාර්ගයටයි. දරුවන්ට උරුමයක් තිබෙනවා; ඔහුට මේ සඳහා කිසිම ලෙසකින් ස්තුති වන්ත වීමට අවශ්‍ය නැහැ. නාටකයට අනුව බාබා උරුමය ලබා දිය යුතුමයි.

ගීතය:
දෙවියන්ගේ සහකරුවන්ට, කුණාටුවලට කළ හැක්කේ කුමක්ද?

ඕම් ශාන්ති.
මෙම ගීතය දරුවන් සඳහා වුවකි. ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවය, සර්ව අධිකාරි වූ තැනැත්තා ගේ සහකරුවන් වන අයට මායාගේ කුණාටුවලට කළ හැක්කේ කුමක්ද? ඒ එම භෞතික කුණාටු නොවේ. ඒ, ජීවයේ ආලෝකය නිවා දමන්නා වූ මායාගේ කුණාටුයි. දැන් ඔබව අවදි කරන්නා වූ සහකරුවා ඔබව හමුවී සිටිනවා. මායාට මොනවාද කරන්න පුළුවන්? ඔබට මාහාවීර් යන නාමය දී තිබෙනවා. ඒ මායා හා රාවන් පරයා ජය ලබනා අයයි. ඔබ ජය ලබන්නේ කෙසේද? දරුවන් වන ඔබ මුහුණට මුහුණලා බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. බාබා සහ දාදා, පියා හා වැඩිමහල් සහෝදරයා ලෙස හැඳින්වෙනවා. එමනිසා, ඔවුන් බාප්දාදා වනවා. ඔබ ඒ ආධ්‍යාත්මික පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව දරුවන්ට වැටහෙනවා. ආධ්‍යාත්මික පියා ජීවයන්ට කතාකරනවා. ඉන්ද්‍රිය මාර්ගයෙන් සවන් දෙනවා. ඔවුන් කතාත් කරනවා. දරුවන් ශරිර අවධානයට පත්වීමේ පුරුද්ද ඔබ තුළ නිර්මාණය කරගෙන තිබෙනවා. චක්‍රය පුරාම ඔබට ශරිරය පිළිබඳ ආකල්පය තිබුණා. ඔබ එක් ශරිරයක් අතහැර වෙනත් ශරිරයක් ගන්නා විට, නම් පවා වෙනස් වූවා. කෙනෙක් පරමානන්ද ලෙස හැඳින්වෙන අතර, තවත් කෙනෙක් තවත් නමකින් හැඳින්වෙනවා. බාබා කියනවා: මා සදාකල් සිටින්නේ ජීව අවධානයෙන්, මා ශරිරයක් ලබන්නේ නැහැ. ඉතින් මට ශරිරයක් පිළිබඳ ආකල්පයක් ඇත්තේම නැහැ. මේ ශරිරය අයිති දාදාටයි. මා සදා ජීව අවධානයෙන් සිටිනවා. මා දරුවන් වන ඔබවත් ජීව අවධානයට පත්කරවනවා. මන්ද, ඔබ දැන් මා සමඟ යා යුතු වන නිසයි. ඔබ ශරිර අවධානය අත්හැර දැමිය යුතුයි. මේ සඳහා කාලයක් ගත වෙනවා. ශරිර අවධානයට පත්වීමේ පුරුද්ද ඔබ විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබෙනවා. දැන් බාබා කියනවා: ඔබගේ ශරිරය අතහැර දමා මා වැනි තත්ත්වයට පත්වන්න. මන්ද, ඔබ මාගේ අමුත්තන් වීමටයි යන්නේ. ඔබ මා සමඟ යාමටයි ඉන්නේ. මේ නිසා තමයි මා කියන්නේ: පළමුවෙන්ම තමා ජීවයක් යන විශ්වාසය ඇති කර ගන්න. මා මෙසේ කියන්නේ ජීවයන්ට පමණයි: පියා සිහිපත් කරන්න. එවිට අනික් සියලු දැකීම් අවසන් වෙයි. මේ සඳහා තමයි උත්සාහය අවශ්‍යවන්නේ, මා ජීව වන ඔබට සේවය කරනවා. ඉන්ද්‍රිය මාර්ගයෙන් සවන් දෙන්නේ ජීවයන්ය. මා වන ජීවය ඔබට බාබාගේ හැඳින්වීම ලබා දෙනවා. ජීවය තමා ස්ත්‍රී ද පුරුෂ ද කියා හැඳින්වීමක් කරන්නේ නැහැ. ස්ත්‍රී හා පුරුෂ යන වචන දී තිබෙන්නේ ශරිරයටයි. උත්තරිතර ජීවය බාබාය. බාබා කියනවා: අහෝ ජීවයනි, ඔබ සවන් දෙනවාද? ජීවය කියනවා: ඔව් මා සවන් දෙනවා. ඔබ ඔබගේ පියා හඳුනා ගත්තාද? සියලු ජීවයන්ගේ පියා ඔහුයි. ඔබ ජීවයක් වන්නා සේම මා ඔබගේ පියායි. ඔහුව හඳුන්වන්නේ උත්තරිතර පියා, උත්තරිතර ජීවය ලෙසයි. ඔහුට තමාට කියා ශරිරයක් නැහැ. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර්ට තම තමන්ගේ ස්වරූප තිබෙනවා. ජීවයක් සරළ ලෙස ජීවය ලෙස හැඳින්වෙන නමුත්, මගේ නම ශිවායි. ශරිරයට නොයෙකුත් නම් දී තිබෙනවා. මා ශරිරයක් ගන්නේ නැහැ. මේ නිසා තමයි මට ශාරිරික නාමයක් නැත්තේ. ඔබ පුංචි පුංචි පිළිම වැනියි (සැලිග්‍රම්). ජීව වන ඔබට මෙසේ කියනවා: ඔහෝ ජීවයනි, ඔබ සවන් දෙනවාද? ඔබ තුළ දැන් ජීව අවධානයට පත්වීමේ පුහුණුව ඇති විය යුතුයි. ජීවයක් ඉන්ද්‍රියන් මාර්ගයෙන් සවන් දෙනවා, කතා කරනවා. බාබා මෙහි අසුන්ගෙන ජීවයන්ට විස්තර කර දෙනවා. ජීව බාබාව අමතක කර දමා තිබෙන නිසා, ඔවුන් දැන් අසිහියට පත්වෙලා. ශිවා දෙවියන්ය, ක්‍රිෂ්ණාත් දෙවියන්ය කියා දෙයක් නැහැ. දෙවියන් ගස් ගල් වලත් ඉන්නවා කියා ඔවුන් කියනවා. මුළු ලෝකය පුරාම දැන් මේ වැරදි අදහස ව්‍යාප්ත වී තිබෙනවා. තමා දෙවියන්ගේ, පියාගේ දරුවන් බව බොහෝ දෙනා පිළිගන්නවා. නමුත් වැඩි දෙනෙක් කියන්නේ දෙවියන් සෑම තැනකම සිටිනා බවයි. මේ මඩ වගුරෙන් ඔබ සෑම කෙනෙක්වම ඉවත් කර ගත යුතුයි. මුළු ලෝකයම එක් පැත්තක, බාබා අනෙක් පැත්තේ. පියාගේ ප්‍රශංසනීයත්වය වන්නේ: දෙවියනි, මුළු ලෝකයාම විමුක්තිය ලබා ගන්නා වූ ඔබගේ දිව්‍යමය ක්‍රියාව අසහායයි. විමුක්තිය ලබා දෙන්නා ඒකායන කෙනා පමණයි. විමුක්තිය ලැබීම උදෙසා මිනිසුන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙනවා. මොහු තමයි විමුක්තිය හා ජීවන මුක්තිය ලබා දෙන්නා වූ එකම එක සත්ගුරූ වන්නේ. දැන් බාබා කියනවා: මේ පූජකවරුන් හා ශාන්තුවරුන්ට විමුක්තිය ලබාදීම උදෙසා මා පැමිණිය යුතුමයි. සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙන්නේ මමයි. මා කතා කරන්නේ ජීවයන්ටයි. මා ඔබගේ පියායි. වෙන කිසිම කෙනෙක්ට මෙසේ කියන්න බැහැ: ජීව වන ඔබ සෑම කෙනෙක්ම මගේ දරුවන්. දෙවියන් සෑම තැනකම ඉන්නවා කියා ඔවුන් කියනවා. නමුත් කිසිම කෙනෙක්ට එසේ කියන්න බැහැ. පියා කියනවා: මා භක්තිවන්තයින් හට ඔවුන් කළ භක්තියෙහි ඵලය ලබා දීම උදෙසා පැමිණ සිටිනවා. භක්තිවන්තයින්ගේ එකම ආරක්ෂකයා දෙවියන් බව කියැවෙනවා. සෑම කෙනෙක්ම භක්තිවන්තයෙක්. ඉතින් සත්‍ය වශයෙන්ම දෙවියන් යනු ඔවුන්ට වඩා වෙනස් වූවෙකි. භක්තිවන්තයින් දෙවියන් වූවා නම්, ඔවුන් දෙවියන් සිහි කිරිම අවශ්‍ය වන්නේ නැහැ. සෑම කෙනෙක්ම තම තමන්ගේ භාෂාවෙන් දෙවියන්ව, කුමක් හෝ දෙයක් කියමින් අමතනවා. කොහොමනමුත්, නියම නම ශිවායි. කෙනෙක් තවත් පුද්ගලයෙක්ට අපහාස කරනා විට හෝ නිග්‍රහ කරනා විට, ඔවුන්ට විරුද්ධව නඩුවක් දමනවා. නමුත් මෙය නාටකයයි. මේ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බැහැ. ඔබ අසතුටට පත්ව සිටිනා බව බාබා දන්නවා. ඒ වගේම මෙය නැවතත් සිදු වෙනවා. මෙම ආගමික ග්‍රන්ථය වූ ගීතාව නැවතත් මතුවෙනවා. නමුත් ඒ ගීතා ආදිය නිකම්ම ඉගෙන ගැනීමෙන්ම කිසිම කෙනෙක් කිසිම දෙයක් වටහා ගන්නේ නැහැ. ඒ සඳහා බලය අවශ්‍ය වෙනවා. ආගමික ග්‍රන්ථ කියවන අය කිසිම කෙනෙක්ට මෙසේ කියන්න බැහැ: ඔහෝ දරුවනි, මා සමඟ යෝගා කිරිමෙන්, ඔබගේ පාප සියල්ල නැති වී යනවා. ඔවුන් කරන්නේ නිකම්ම ගීතාව කියවා අන් අයට මතකයෙන් එය කීම පමණයි. ඔබ දැන් අත්දැකීම් වලින් පිරුණු අයයි. ඔබ උපත් 84හි චක්‍රය පුරා යන්නේ කෙසේද යන්න ගැන දැන් වැටහෙනවා. නාටකයේ සෑම දෙයක්ම සිදුවන්නේ ඒ ඒ අවස්ථාවට අදාල වේලාවේදියි. බාබා පවසන්නේ ඔය දරුවන්ටයි, ඔය ජීවයන්ටයි: ජීවයන්ට කතා කරන ආකාරය ඉගෙන ගන්න, මා වන ජීවය මෙම දෙතොල් මාර්ගයෙන් කතා කරන අතර, ජීවයක් වන ඔබ ඔබගේ දෙකන් මාර්ගයෙන් එයට සවන් දෙනවා. මා දෙන්නේ බාබාගේ පණිවිඩයයි: මම ජීවයක්මි. මෙය විස්තර කිරීම ඉතාමත් පහසුයි. ජීව වන ඔබ එක් ශරිරයක් අත්හැර අනෙක් ශරිරය ලබා ගන්නවා. ජීවය උපත් 84ක් සම්පූර්ණ කර තිබෙනවා. දැන් බාබා කියනවා: දෙවියන් සෑම තැනම ඉන්නවා නම් ඔබ මෙසේ පැවසිය යුතුයි: මනුෂ්‍ය උත්තරීතර ජීවය. ඉතින් එසේ නම් ඔවුන් නැවතත් මනුෂ්‍යයින් ගැන කතා කරන්නේ ඇයි? ඔබ කතා කරන්නේ මෙම ජීවයටයි. මගේ සහෝදරයන්ටයි, ජීවයන්ටයි. මීට අවුරුදු 5000කට ප්‍රථම වූ බාබාගේ පණිවිඩය මා කියා දෙන බව ඔබට වැටහෙනවාද? බාබා කියනවා: මා සිහිපත් කරන්න! මෙය දුකින් පිරි දේශයක්. සත් යුගය සතුටේ දේශයයි. අහෝ ජීවයනි, ඔබ සිටියේ සතුටේ දේශයේයි. ඔබ උපත් 84හි චක්‍රයෙහි පුරා යමින් සිට තිබෙනවා. ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන්, සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසුකර ගොස් තිබෙනවා. දැන් අපි ශ්‍රි ක්‍රිෂ්ණා දේශය වෙත යමු. එහිදී ඔබ කුමන තත්ත්වයකට පත්වන්නටද කැමැති? ඔබ අධිරාජ්‍යයෙක් අධිරාජිණියක් වනවාද, වැසියෙක් වෙනවාද? මේ ආකාරයෙන් ජීවයන්ට කතා කරන්න. එම උද්යෝගය ඔබ ඇතිකර ගන්න. කිසිම මනුෂ්‍යයෙක්, දෙවියන් විය නොහැකියි. දෙවියන් යනු දැනුමේ සාගරයයි. ඔහු කවදාවත් අවිද්‍යාවේ සාගරය බවට පත් වන්නේ නැහැ. ඔබ අවිද්‍යාවේත්, දැනුමේත් සාගර බවට පත්වෙනවා. බාබාගෙන් දැනුම ලබා ගැනීමෙන් ඔබ දෙවන දැනුම් සාගර බවට පත්වෙනවා. ඇත්තෙන්ම ඒ එකම පියා පමණයි සාගරය වන්නේ. අනෙක් සෑම කෙනෙක්ම ගංඟා පමණයි. එහි වෙනසක් තිබෙනවා. මේ සෑම දෙයක්ම ජීවයන්ට විස්තර කර දෙන්නේ ඔවුන්ගේ සිහි බුද්ධිය නැතිවී ගිය විටයි. සත් යුගයේදී මේ කිසිවක් විස්තර වන්නේ නැහැ. මෙහිදී සෑම කෙනෙක්ම ඉන්නේ අසිහියෙනි, අපිරිසිඳු බවින් හා අසතුටින්. දිළිඳු අය පමණයි මෙහිදී තේරුම් ගන්නේ. ධනවත් අය තුළ එම ධනවත් බවේ කුල්මත්භාවය තිබෙනවා. කලාතුරකින් හෝ ඒ කිසිම කෙනෙක් මෙහිදී මතුවන්නේ නැහැ. ජනක් රජතුමා සෑම දෙයක්ම දුන්නා. මෙහිදී සෑම කෙනෙක්ම ජනක් රජවරුන්. ඔබ දැනුම ගන්නේ ඒ ජීවන මුක්ති දේශය වෙත යාම සඳහායි. එමනිසා, ඔබලා ජීවයන්ය යන්න ගැන තමා තුළ ස්ථිර කර ගත යුතු වෙනවා. බාබා අප කෙතරම් ඔබට ස්තුතිවන්ත වන්නද? නාටකයට අනුව ඔබ උරුමයක් ලබා දිය යුතු වන අතර අප ඔබගේ දරුවන් විය යුතු වනවා. මෙහි ස්තුති කිරීමට කාරණයක් තිබෙනවාද? අප ඔබගේ උරුමකරුවන් බවට පත්විය යුතුමයි. මෙහිදී ස්තුති කිරීම ගැන ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. බාබා තමා විසින්ම පැමිණ මෙය විස්තර කර දී අපව සුදුස්සන් බවට පත් කරවනවා. ස්තුතියි යන වචනය මතුවන්නේ භක්ති මාර්ගයේ අය ප්‍රශංසා ගීත ගායනා කරනා විටයි. බාබා තම කාර්යය ඉෂ්ට කළ යුතුයි. ඔහු නැවත වතාවක් දිව්‍යලෝකය වෙත වූ මාර්ගය පෙන්වා දීම සඳහා මෙහි පැමිණෙනවා. නාටකයට අනුව රාජයෝගා ඉගැන්වීම සඳහා බාබා පැමිණිය යුතුමයි. ඔහු උරුමය ලබාදිය යුතුමයි. පසුව ඔබ දරණා උත්සාහයන්ගේ තරම අනුව ඔබ දිව්‍යලෝකය වෙත යනවා. බාබා ඔබ එහි යවනවා කියා දෙයක් නැහැ. ඔබ දැරූ උත්සාහය අනුව නිරායාසයෙන්ම දිව්‍යලෝකය වෙත යනු ඇත. මෙහිදී මට ස්තුති කිරීමෙහි අවශ්‍යතාවයක් නැහැ. බාබා දැන් පෙන්වන නාට්‍යය දෙස බලා ඔබ පුදුම වෙනවා. මුලදී අපි මේ ගැන දැන සිටියේ නැහැ. නමුත් දැන් අප ඒ ගැන දන්නවා. බාබා, අප නැවතත් මේ දැනුම අමතක කරයිද? ඔව් දරුවනි, මෙය මගේ බුද්ධියෙන් මෙන්ම ඔබගේ බුද්ධියෙනුත් ඉවත් වී යනවා. පසුව දැනුම දෙන අවස්ථාව පැමිණි කල, එය මතුවෙනවා. මා දැන් නිර්වාණ දේශය වෙත නැවතත් යනවා. පසුව නැවතත් භක්ති මාර්ගයේදී මාගේ කොටස රඟ දක්වනවා. මෙම සංස්කාර නිරායාසයෙන්ම ජීවය තුළ මතු වෙනවා. මා මෙම ශරීරයටම මීට චක්‍රයකට පසුව පැමිණෙනවා. බුද්ධිය තුළ මෙය තිබෙනවා. කෙසේවෙතත්, ඔබ ජීව අවධානයෙන් සිටිය යුතුයි. එසේ නැතිනම්, ඔබ ශරීර අවධානයට පත්වෙනවා. ප්‍රධානම දෙය වන්නේ බාබාත්, උරුමයත් සිහිපත් කිරීමයි. ඔබ ඔබගේ උත්සාහය අනුව චක්‍රයක් චක්‍රයක් පාසා ඔබගේ උරුමය හිමිකර ගන්නවා. මෙය ඉතාමත් පහසු ආකාරයෙන් ඔබට විස්තර කරදී තිබෙනවා. නමුත් තත්ත්වය කරා ලඟාවීමට සූක්ෂම වූ උත්සාහයක් දැරීමට සිදුවෙනවා. ජීවයක් පළමුවෙන්ම පැමිණි කල එය අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයෙන් යුක්තයි. එය සතෝප්‍රධාන් ජීවයක්. පසුව එය අනිවාර්යෙන්ම පාපකාරී, තමෝප්‍රධාන් ජීවයක් බවට පත්විය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්විය යුතුයි. මා සිහිපත් කරන්න කියමින් බාබා ඔබට පණිවිඩය දී තිබෙනවා. මුළු නිර්මාණයම බාබාගෙන් උරුමය ලබා ගන්නවා. ඔහු තමයි සෑම කෙනෙක්ටම විමුක්තිය ලබා දෙන්නා වූ තැනැත්තා වන්නේ. සැමට කරුණාව දක්වන්නා වන්නේ ඔහුයි. එනම්, ඔහු සෑම කෙනෙක්ටම අනුකම්පා කරනවා. ස්වර්ණම යුගයේ කිසිම දුකක් ඇත්තේ නැහැ. ඇත්තෙන්ම සෑම ජීවයක්ම ගිහින් ඒ සාම දේශයේ වාසය කරනවා. මෙය කර්ම ගෙවන කාලය බව දරුවන් වන ඔබට වැටහෙනවා. දුකින් පිරි කර්ම සියල්ල යෝගා බලයෙන් ගෙවා දැමිය යුතුවෙනවා. පසුව දැනුම හා යෝගා මඟින් ඔබ තම සතුටේ අනාගත ගිණුමට එක් කර ගත යුතු වෙනවා. එය කෙතරම් දුරට කර ගන්නවාද, ඒ තරමට ඔබ සතුට ලබනා අතර, ඒ තරමට ඔබගේ සියලු දුක් ගෙවී යනවා. සෑම චක්‍රයේදීම සංගමයේ දී අප අපගේ දුකින් පිරි ගිණුම් ගෙවා දමනා අතර, අනෙක් අතින් අප යම් දෙයක් ලබා ගැනීමත් කරනවා. මෙය ව්‍යාපාරයක්. බාබා අපට දැනුමේ මිණි මුතු ලබාදී අපව ධනවත් අය බවට පත්කරවනවා. නමුත් ඔබ සෑම කෙනෙක්ම මෙය ධාරණය කර ගන්නා ආකාරය මතටත් මෙය බලපානවා. සෑම මිණිමුතුවක්ම මිලියන ගණනක් වටිනා අතර ඔබ අනාගතයේ නිරන්තරව සතුට හිමිකර ගන්නවා. මෙය නිරන්තර දුකේ දේශයයි. නමුත් එය සතුටේ දේශයයි. දිව්‍යලෝකයේ සතුට හැර වෙන කිසිම දෙයක් නොමැති බව සන්යාසීන් දන්නේ නැහැ. ගීතාවේ දැනුමෙන් භාරතය උසස් බවට පත්කරවන්නේ ඒකායන පියා පමණයි. මිනිස්සු නොයෙකුත් ආකාරයේ ග්‍රන්ථ කියවනවා. නමුත් ලෝකය පැරණි විය යුතුමයි. පළමුව දේවතාවන් ලෝකය පාලනය කළා. දැන් එම දේවතාවන් මෙහි නැහැ. ඔවුන් ගියේ කොහේද? උපත් 84ක් ගත්තේ කවුද? වෙන කිසිම කෙනෙක් ලඟ උපත් 84ක ගිණුමක් තිබිය නොහැකියි. අනිවාර්යෙන්ම දේවතා ධර්මයට අයිති අය තමයි උපත් 84ක් ගනු ලබන්නේ. ලක්ෂ්මී හා නාරායනව දේවතාවන් කියා මිනිස්සු හිතනවා. ඔවුන් කියනවා: මා දකිනා සෑම තැනකම මා දකින්නේ ඔබම පමණයි. හොඳයි, මා සෑම තැනම සිටිනවා යන අදහස නිසා ඔවුන් සතුටට පත්වෙනවාද? මා සෑම තැනම සිටිනවා යන අදහස බොහෝ කාලයක් පුරා පැවත තිබෙනවා. එහෙත්, භාරතය දිළිඳු වූ අපාය බවට පත්ව තිබෙනවා. දෙවියන් අනිවාර්යෙන්ම භක්තියේ ඵලය ඔබට ලබාදිය යුතුයි. තමා විසින් ආධ්‍යාත්මික උත්සාහයක යෙදෙන සන්යාසීන් කොහොමද අනෙක් අයට භක්තියේ ඵලය ලබා දෙන්නේ? කිසිම මනුෂ්‍යයෙක්ට විමුක්තිය දානය කරන්නෙක් බවට පත්විය නොහැකියි. මෙම ආගමට අයත් සෑම කෙනෙක්ම මෙහි එනවා. සන්යාසි ආගමට බැඳුණු අයත් බොහොමයක් ඉන්නවා. ඔවුනුත් මෙහි එනවා. මේ සෑම දෙයක්ම ඔබ විසින් තේරුම් ගත යුතුයි. බාබා විස්තර කරනවා: ජීවයක් බවට පත්වීමේ පුහුණුව ඔබ දිගින් දිගටම පවත්වා ගත යුතුයි. ශරිරය ක්‍රියාත්මක වන්නේ ජීවයේ සහය ඇතිවයි. ශරිරය විනාශයට පත්වන නමුත්, ජීවය අවිනාශීයි. සම්පූර්ණ කොටසම ජීවයේ පටිගත වී තිබෙනවා. ඇත්තෙන්ම එය පුදුමයක්. විද්‍යාඥයින් පවා මෙය තේරුම් ගන්නේ නැහැ. ඒ අමරණීය, අවිනාශී වූ කොටස මෙවන් වූ පුංචි ජීවයක් තුළ ගැබ් වී තිබෙනවා. ජීවය අවිනාශීයි. ඒ වගේම තමයි ඔහුගේ චරිත කොටසත් අවිනාශීයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. චක්‍රයන්හි සංගමයේදී, දුකින් පිරි ගිණුම් සියල්ල යෝගා බලයෙන් ගෙවා දමා ඔබගේ නව ගිණුමට එකතු කර ගන්න. දැනුමේ මිණිමුතු ධාරණය කරගෙන ගුණවත් අයෙක් බවට පත්වන්න.

2. මම ජීවයක්මි, මා කතා කරන්නේ ජීවයන්ටයි, මගේ සහෝදරයින්ටයි. මෙම ශරිරය විනාශවන සුළුයි. මෙය පුහුණු කරන්න: මම, ජීවයන්ට, මගේ සහෝදරයන්ට බාබාගේ පණිවිඩය ලබා දෙන්නෙමි.

වරදානය:
ඔබ ඔබේ සුබ පැතුම් සහ උසස් අභිප්‍රායන් සමඟ විජයග්‍රාහින් වී එසේම සියල්ලන්ගේ සෙනෙහසට ද පාත්‍ර වී ජයග්‍රහණයේ මාලයට එකතු වේවා.

යම් කෙනෙකු මත දෙයක් කුමන අදහසක් ඇතිව කීවත්, නැත්නම් ඔබ සමඟ කෙසේ ඇසුරු කරනවා වුවත් කම් නැත. ඔබ ඔවුන් සෑම කෙනෙක් උදෙසාම සෑම විටම සුබ පැතුම් සහ උසස් අභිප්‍රායන් තබාගන්න. මෙයින් ඔබ ජයග්‍රාහීන් වී ජය මාලයේ ඇමිණීමේ උරුමය ලබන්න. සියල්ලන්ගේ සෙනෙහසට ලක් වීමේ මාර්ගය නම් ඔබේ සම්බන්ධතා සහ සබැඳියා තුළ සිටින සෑම කෙනෙක් උදෙසාම උසස් හැඟීම් තබාගැනීම වේ. එවන් උසස් අදහස් ඇති අය නිරන්තරයෙන් සැමටම සතුට දෙමින් සතුට ලබති. මෙයද සේවය කිරීමක් වන අතර සුබ පැතුම් තිබීම ඔබේ මනසින් කරන සේවයට උසස් මඟක්ද වේ. එවන් සේවයක් කරනා අය ජයග්‍රාහී මාලාවේ පබළු බවට පත්වෙති.

පාඨය:
ක්‍රියා තුළ යෝගා අත්විඳීම කර්මයෝගීවරයෙකු වීමයි.