07.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දිවා රෑ දෙකෙහිම පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දෙන්නේ කෙසේද යන්න ගැන සිතන්න. පියා පුතු මඟින් දැකිය හැකි අතර පුතා පියා මඟින්ද දැකිය හැක, ඔබගේ බුද්ධිය මෙම සිතිවිල්ල මත පමණක් නිරත කරවන්න.

ප්‍රශ්නය:
පුංචි හෝ දැනුමේ කරුණක් අපතේ නොයැවෙන මට්ටම ලැබීම උදෙසා ඔබ අවධානය යොමු කළ යුතු වන කරුණ කුමක්ද ?

පිළිතුර:
දැනුමේ ධනය බෙදාදීම උදෙසා ඔවුන් අපගේ බ්‍රහමිණ් වංශයට අයත් වන්නන් ද කියා පරික්ෂා කර බලන්න. ශිව බාබාගේත් දේවතාවන්ගේත් භක්තිවන්තයින්ට දැනුමේ ධනය ලබා දීමට උත්සාහ කරන්න. සෑම කෙනෙක්ම මෙම දැනුම වටහා ගන්නේ නැහැ. ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රහමිණ් බවට පත්වන්නන් පමණයි මෙය වටහා ගන්නේ. ඔබ උත්සාහ දරා මේ එකම එක කරුණ සෑම කෙනෙකුටම කියා දීමට උත්සාහ කළ යුතුයි ගැලවීම ලබා දෙන්නා වන්නේ ඒ එකම එක පියා පමණයි. ඔහු කියනවා අශාරිරික තත්ත්වයට පත්වී මා සිහිපත් කර්න්න, එවිට ඔබගේ ඔරුව එගොඩ කරගත හැකි වනු ඇත.

ගීතය:
ශිවාට ආචාර.

ඕම් ශාන්ති.
පියා මෙහි අසුන්ගෙන දරුවන්ට උගන්වනවා. පියවරුන් දෙදෙනාම පැමිණ සිටිනවා. සමහර විට ඒ පියා උගන්වන විට මේ පියාත් උගන්වනවා. ඉතින් පියා මෙහි අසුන්ගෙන විස්තර කරනවා. ඔබ බාබාගේ සිහියෙහි නිහඬව සිටිනා විට එය නියම සාමය ලෙස හඳුන්වනවා. මෙය නියම සාමය වන අතර එමඟින් ඔබ ක්ෂණික ඵල ලබා ගන්නවා. අනෙක ව්‍යාජ සාමයක් පමණයි. මිනිසුන් තමාගේ මුල්ම ධර්මය කුමක්ද යන්න ගැන දන්නේ නැහැ. තමාම තම උත්තරිතර පියා, උත්තරිතර ජීවය ගැන දන්නේ නැහැ, ඉතින්, සාමය හා බලය ලබා දිය හැක්කේ වෙන කාටද ? සාමය දානය කරන්නා වන්නේ පියා පමණයි. අශාරිරික තත්ත්වයට පත්ව තමා ජිවයක් ලෙස සළකන්න. ඔබ අවිනාශී වු අයෙක්, තම මුල්ම ධර්මය තුළ වාසය කරන්න. කිසිම කෙනෙක් මේ තුළ ජීවත් වෙන්නේ නැහැ. ජීවයක් අනිවාර්යෙන්ම එක් ශරිරයක් අතහැර දමා තවත් ශරිරයක් ලබා ගන්නවා. උත්තරිතර පියා, උත්තරිතර ජිවය එකම එකයි. මේ නිසා තමයි ඔහු ගැන මෙතරම් ප්‍රශංසනීයත්වයක් ගැයෙන්නේ. ඔහු තමා පියා, ඔහු සෑම තැනකම නැහැ. ඔබ මේ එකම එක කරුණ ඔප්පු කර පෙන්නුවොත් ජයග්‍රාහි විය හැකියි. එවිට ගීතාවේ දෙවියන් කවුද යන්න ගැනත් ඔප්පු කළ හැකියි. ඔබට නොයෙකුත් කරුණු ලැබෙනවා. සික් ආගමේ අයත්, සත් ගුරු අමරණීය වු අයෙක් බවත් ඔහු අමරණීයත්වයේ ප්‍රතිමාව බවත් කියනවා. විමුක්ති දායකයා සැම විටම ගැලවීම ලබා දෙන්නා ඔහු බව ඔවුන් කියනවා. ඔහු පැමිණ සෑම කෙනෙක්ම දුකින් මුදවා ගන්නවා. පාරිශුද්ධකරුවා වන්නේ ඒ එකම එක පියා පමණයි. එවන් වු කරුණු මත ඔබ මෙම දැනුම නැවත නැවතත් මත ගෑ යුතුයි. පියාව අමතක කිරිම හේතුවෙන් සෑම කෙනෙක්ම පරිහාණියට පත්ව තිබෙනවා. දෙවියන් යනු එකම එක තැනැත්තෙකි. එමනිසා, වෙන කිසිම කෙනෙක් දෙවියන් ලෙස හැඳින්විය නොහැකියි. සුක්ෂම ලෝකයේ වාසය කරන්නන් පවා දෙවියන් ලෙස හැඳින්විය නොහැකියි. උසස්ම වු තැනැත්තා වන්නේ ඒ එකම එක පරමාත්ම දෙවියන්ය. මෙහි තිබෙන්නේ මනුෂ්‍යයින්ගේ ලොවයි. ඔවුන් උපත් හා නැවත උපත් ගන්නවා. උත්තරිතර පියා උත්තරිතර ජිවය නැවත උපත් ගන්නේ නැහැ. ඉතින්, එසේ නම් ඒ උත්තරිතර පියා, බළලුන් බල්ලන් තුළත් ඉන්නවා කියා ඔවුන් කියන්නේ කෙසේද ? දවස පුරා පියාගේ පණිවිඩය දෙන්නේ කෙසේද යන ව්‍යාපෘතිය පිළිබඳව ඔබ බුද්ධිය තුළ තිබිය යතුයි. සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වා දිය හැක්කේ කෙසේද යන්න ගැන දිවා රාත්‍රී අවධානයෙන් සිටින්න. අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත්කරන්නන් ඉන්නේ ඒකායන කෙනා පමණයි. එවිට ගීතාවේ දෙවියන් කවුද යන්න ගැන ඔප්පු වනු ඇත. දරුවන් පමණයි ජයග්‍රහණය ලබන්නේ, නමුත් එය ලැබෙන්නේ ඔබ උත්සාහ දැරුවොත් පමණයි. ඇතුන් පිට යන්නන්, අශ්වාරෝහකයන් හා පාබල ආදි සියල්ලම තිබෙනවා. පියාගේ උරුමය ලැබුයේ භාරතය බව දරුවන්ට වැටහෙනවා. එය උදුරා ගැණුනු අතර පියා දැන් එය නැවතත් ලබා දෙනවා. බාබා එන්නේ භාරතයට පමණයි. දැන් තිබෙනා සියලූ ආගම් ආදිය විනාශ වි යනවා. පසුව ස්වර්ණම යුගය එනවා. පීඩිතත්වයෙන් හඬන හැඬුම් වලින් පසු ජයග්‍රහණයේ ප්‍රීති ඝෝෂා අසන්නට ලැබෙනවා. දුක් විඳිනා අවස්ථාවේ මිනිසුන් දෙවියන්ට කෑ ගහනවා, ඔවුන් කියනවා රාමාගේ (දෙවියන්ගේ) නාමයෙන් දානයක් දෙන්න. මේ ගැන කියමන්ද ලියැවි තිබෙනවා. සික් ආගමේ අයත් ඉතාමත් ජනප්‍රියයි, ඔවුන් ඒ අමරණීය වු සිහසුන ගැන කතා කරනවා. දරුවන්ගේ සිහසුන කුමක්ද ? ජීව වන ඔබ අමරණීය වු ප්‍රතිමා වැනියි. කිසිම විටෙක මරණය ඔබ වෙත එන්නේ නැහැ. මෙම ශරිරය විනාශ වී යනවා. අම්රිත්සාර්හි ඒ අමරණීය වු සිහසුන තිබෙනවා කියා ඔවුන් කියනවා. කෙහොමනමුත්, ඒ අමරණීය වු සිහසුන යනු බ්‍රහ්ම ආලෝකය නම් වු මහාභුතයයි. ජිව වන අප එහි වාසය කරනවා. ගීතයක් තිබෙනවා බාබා, ඔබගේ සිහසුන තබා පහළට එන්න. ඒ සාමයේ සිහිසුන සැවොම සඳහා වන නමුත් රාජ්‍යය නම් වු සිහසුන සැමට ලැබෙන්නක් නොවේ. බාබාගේ සිහසුන අපගේ සිහසුනයි. අපි එහි සිට අපගේ චරිත කොටස රඟ දැක්වීම උදෙසා මෙහි එනවා. නමුත් එය අහස අත්හැර පැමිණීමක් නොවේ. බාබාගේ හැඳින්වීම අප කාට, කෙසේ දිය යුතුද යන්න ගැන සෙවීමට දරුවන් තම බුද්ධිය පාවිච්චි කළ යුතුයි. පියා මඟින් පුතු දැක්වෙන අතර, පුතු මඟින් පියා දැක්වෙනු ඇත. අපගේ බාබා කවුද, අප පාලකයන් බවට පත්වීමට යන්නා වු දේශ සීමාව කුමක්ද? මෙය ඔබ බුද්ධිය තුළ තිබෙනවා. ප්‍රධානම දෙය බාබාගේ හැඳින්වීම ලබාදීමයි. සියලු පටලැවිලි ඇති වන්නේ මේ පිළිබඳවයි. මෙම නාටකය පදනම්ව තිබෙන්නේත් මෙම වැරැද්ද මතමයි. රාවණ් තමයි ඔබව මෙම වැරැද්දට පටලවන්නේ. සත් යුගයේදි ඔබ ජීව අවධානයෙන් ඉන්නවා. අප ජීවාත්මයන්. තමා උත්තරිතර පියා, උත්තරිතර ජිවය දන්නවා කියා ඔබ එහිදී කියන්නේ නැහැ. එහි සතුට හැර වෙන කිසිවක් නැහැ. දුකින් පිරි අවස්ථාවකදි සෑම කෙනෙක්ම දෙවියන් සිහි කරනවා. භක්ති මාර්ගය අවසන් වි දැනුම් මාර්ගය ආරම්භ වුවා. ඉන්පසු ඔබ තම උරුමය හිමිකර ගන්නවා, ඒ අවස්ථාවේදි මොනවට දෙවියන් සිහිකරන්නද ? සෑම චක්‍රයකදිම ඔබට උරුමය ලැබෙනවා. කිසිම කෙනෙක් පියා නොදන්නා ආකාරයෙන් තමයි මෙම නාටකය නිර්මාණය වී තිබෙන්නේ. බාබා දැන් ඔබට ඔහුගේ හැඳින්වීම ලබාදි තිබෙනවා. මෙම කරුණු දිවා රෑ ඔබ බුද්ධිය තුළ කැරකිය යුතුයි. මෙය බුද්ධියට ලැබෙන ආහාරයයි. සෑම කෙනෙකුටම බාබාගේ හැඳින්වීම ලබාදිය හැක්කේ කෙසේද ? පියාගේ එකම ශරිරගත වීමක් පමණයි සිහිපත් වන්නේ. අපිරිසිඳු වු අපව පාරිශුද්ධත්වයට පත්කිරිම උදෙසා ඔහු අනිවාර්යෙන්ම කලි යුගයේ අවසානය හා සත් යුගයේ ආරම්භය වු සංගම යුගයේදි පැමිණෙන බව ඔබට වැටහෙනවා. ප්‍රධානම දෙය ගීතාවයි. ඔබට දියමන්තියක් වැනි තත්ත්වයට පත්විය හැක්කේ ගීතාවෙන් පමණයි. අනෙක් සෑම ආගමික ග්‍රන්ථයක්ම ගීතාවේ දරුවන්. එමඟින් ඔබට උරුමයක් ලැබිය නොහැකියි. සැමට වඩා උසස් වු මැණික වන්නේ ගීතාවයි. ශ්‍රීමත් ඉතා ප්‍රසිද්ධ වුවකි. ශ්‍රී යනු ඉතාම උසස් අදහස දෙන්නකි. ශ්‍රී ශ්‍රී 108 හි රුද්‍රාගේ මාලයක් තිබෙනවා. එය ශිව බාබාගේ මාලයයි. සෑම ජිවයකම පියා ඔහු බව ඔබට වැටහෙනවා. සෑම කෙනෙක්ම දිගින් දිගටම මෙසේ කියනවා බාබා, බාබා. කොහොමනමුත්, මෙම නිර්මාණය බාබා විසින් කරවන ලද්දක් බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. බාබා කියනවා මා ඔබ කිසිම අපහසුතාවයකට පත් කරන්නේ නැහැ. ඔබ වැටෙන්නේ බාබාව අමතක කිරිම නිසයි. ඔබ පසුව හඳුනාගත යුතුයි. අන්න ඒ අඳූරේ සිට ඔබ දැන් ආලෝකය වෙත පැමිණ සිටිනවා. ඔබ දැන් මෙහි නර්ථන රඟ දැක්විය යුතුයි. මීරා භක්තිය නම් වු නැටුම නැටුවා. නමුත් ඔහුට එහි අර්ථය වැටහෙන්නේ නැහැ. ව්‍යාස් යනු දෙවියන් කියා මිනිස්සු කියනවා. නමුත් ගීතාව කියන්නා වු පියා තමයි ව්‍යාස් කියන්නේ. ඕනෑම කෙනෙකුට මෙය ඔප්පු කර පෙන්නන්න ඔබට පුලුවන් මෙහි ඉන්නේ එකම එක බාබායි. අපි ඔහුගෙන් පමණක් අපගේ උරුමය ලබා ගන්නවා. එසේ නැත්නම් භාරතයට දිව්‍ය ලෝකයේ උරුමය දිය හැක්කේ කාටද? පරම පියා හැර වෙන කිසිවෙකුට දෙව්ලොව ස්ථාපනය කළ නොහැකියි. සියලු දෙනාම ගලවා ගැනීම එකම පියාගේ කාර්යයයි. පාප් වහන්සේ පවසනවා ඒකීයභාවයක් තිබිය යුතුය, නමුත් එය විය හැක්කේ කෙසේද? අප සැවොම දැන් අයත් ඒකායන කෙනාටයි, ඉතින් අපි කොහොමද සහෝදර සහෝදරියන් වන්නේ? මෙයද තේරුම් ගත යුතුය. ඒකීය වීම යනු පීතෘත්වය ඇති බවයි. එබැවින්, මෙහි සියල්ලෝම සහෝදරයෝ වෙති. මුළු ලෝකයම කියනවා දෙවියනි, පියාණෙනි, අපට අනුකම්පා කරන්න! ඉතින් ඇත්තෙන්ම. ඉතින්, නිසැකවම, අන්කම්පා විරහිත කෙනෙක් ඉන්නවා. අනුකම්පා විරහිත කවුද කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. අනුකම්පාව තිබෙන්නා වු එකම එක පියයි ඉන්නේ. මිනිස්සු, පුළුස්සමින් සිටිනා රාවණ්, අනුකම්පාවෙන් තොර වු කෙනායි. නමුත් ඔහු පිළිස්සෙන්නේ නැහැ. සතුරෙක් මියගිය හොත් ඔහුව පිළිස්සීමට අවශ්‍ය වන්නේ නැහැ. තමා තනන්නේ කුමක්ද යන්න ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මුලදි, ඔබ සිටියේ අන්ත අඳූරේ යි. නමුත් දැන් ඔබ අඳූරෙන් එළියට පැමිණ සිටිනවා. ඉතින් ඒ එකම එක පියා පමණක් භාරතය සතුටේ දේශය බවට පත්කරවනවා කියා මිනිසුන්ට විස්තර කර දිය හැක්කේ කෙසේද ? බාබාගේ හැඳින්වීම ලබාදිය යුතුමයි. මේ සෑම දෙයක්ම විස්තර කර දිය යුතුයි. නමුත් සියලු දෙනාම වටහා ගන්නේ නැහැ. ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රහමිණ් තත්ත්වයට පත්වීමට සිටිනා අය පමණයි මෙය වටහා ගන්නේ. මගේ භක්තිවන්තයින් හට මෙම දැනුම දීමට උත්සාහ කරන්න. ඔබ දැනුම නම් වූ ධනය අනවශ්‍ය ලෙස අපතේ හරින්න එපා. දේවතාවන්ගේ භක්තිවන්තයින් අයත් වන්නේ දේව වංශයටයි. උසස් වූ තැනැත්තා වන්නේ ඒ එකම එක පියායි. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරනවා. මේ ශිව බාබායි. ඔබ පියාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතුමයි. හොඳ ක්‍රියා කිරිමෙන් පසුව මිය යන අයට වන්දනා කෙරෙනවා. කලි යුගයේ කිසිම කෙනෙක් හොඳ ක්‍රියා කරන්නේ නැහැ. මන්ද, මෙහි තිබෙන්නේ රාවණ්ගේ යක්ෂ වු උපදෙස්ම පමණක් වන නිසයි. සතුට තිබෙන්නේ කොහේද ? බාබා ඉතා පැහැදිලි ලෙස විස්තර කරනවා. කොහොමනමුත්, ඔබ පියාගේ හැඳින්වීම ලබා දුන් විට පමණයි එය ඔවුන්ගේ බුද්ධිය තුළට යන්නේ. ඔහු පියා, ගුරුවරයා හා සත්ගුරු ද වෙනවා. ඔහුට පියෙක් හෝ ගුරුවරයෙක් නැහැ. පළමුවෙන්ම ඔහු මව හා පියා වන අතර පසුව ගුරුවරයා වෙනවා. ඒ වගේම ගැලවීම ලබාදීම උදෙසා ඔහු ගුරූ ද වෙනවා. මෙය පුදුමයක් ! ගුරුවරයා හා සත්ගුරු වන්නා වු ඒකායන අසීමිත පියා පමණයි ඔබට ඉන්නේ. ඒ පියා උසස් වු තැනැත්තා බව ඔබට වැටහෙනවා. භාරතයට දිව්‍ය ලෝක උරුමය ලබා දෙන්නා ඔහුයි. අපායෙන් පසුව දිව්‍ය ලෝකය ස්ථාපනය විය යුතුමයි. අපාය විනාශය සඳහා වු විනාශයේ ගිනිදළු දැන් සුදානම්. හෝලි උත්සවයේදි ඔවුන් සිනාගන්වන මුහණක් සාදනවා, පසුව මෙසේ අහනවා ස්වාමි ජී, මොහුගේ ගර්භයෙන් මතු වීමට යන්නේ කුමක්ද ? ඒ බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් සිදුවී තිබෙන්නේ යාදවයින් එනම්, යුරෝපයේ වැසියන් මාර්ගයෙන් බව පෙනෙන්නට තිබෙනවා. උත්සාහ කර එක දෙයක් ගැන විස්තර කරන්න සැමටම ගැලවීම ලබා දෙන ඒකායනය වන්නේ එකම පියායි. බාබා එන්නේ භාරතයට පමණයි. එමනිසා, උසස්ම පුජණීය ස්ථානය භාරතයයි කියා ඔවුන් කියනවා. නමුත් ඔවුන්ට එය වැටහෙන්නේ නැහැ. ඒ පෞරාණික වු දෙය නැවතත් එම තත්ත්වයට පත්වන බව දැන් ඔබට වැටහෙනවා. ඔබ රාජයෝගා ඉගෙන ගත් අතර දැන් නැවතත් එය අධ්‍යයනය කරනවා. සෑම චක්‍රයකදීම බාබා අපට මෙම දැනුම ලබාදෙන බව ඔබ බුද්ධිය තුළ තිබෙනවා. ශිවාට නොයෙකුත් නම් තබා තිබෙනවා. ඒ වගේම බබුල්නාථ කියා කෝවිලක්ද තිබෙනවා. කටු මල් බවට පත්කරන්නා බබුල්නාථ ලෙස හඳූන්වනවා. ඔබට එසේ අර්ථය විස්තර කර දිය හැකි, නම් බොහෝමයක් තිබෙනවා. ඉතින් පළමුවෙන්ම සෑම කෙනෙක්ම අමතක කර දමා තිබෙන්නා වු පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පළමුවෙන්ම බාබා හඳූනා ගැනීමෙන්, ඔවුන්ට තම බුද්ධිය ඔහු හා සම්බන්ධ කර ගත හැකි වෙනවා. ඔබ බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතුමයි. නිර්වාණ දේශයේ සිට ඔබ ජීවන මුක්ති දේශය වෙත යා යුතුයි. මෙය කරදරයෙන් පිරි අපිරිසිඳූ ජිවිතයක්, බාබා කියනවා දරුවනි, අශාරිරික වන්න. අශාරිරිකත්වයට පත්වී බාබා සිහිකරන්න. මෙය ඔබගේ ඔරුව එගොඩකර ගැනීමට සහාය වනු ඇත. සෑම ජීවයකම පියා ඒකායනය පමණයි. බාබාගේ අණ වන්නේ මා සිහිපත් කරන්න. එවිට මෙම යෝගා මාර්ගයෙන්, ඔබගේ පාප නැතිවී යන අතර ඔබගේ අවසාන සිතිවිලි අනුව දෛවය ලැබෙයි. අප නිවස වෙත යා යුතුමයි. හැකි උපරිම ඉක්මණින් අපි නිවස වෙත යමු. කොහොමනමුත්, එය ඉක්මණින් සිදුවිය නොහැකියි. ඔබට උසස් තත්ත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, බාබා සිහිපත් කරන්න. අප ඒ එකම එක පියාගේ දරුවන්. පරම පියා දැන් කියනවා මන්මනාභව්! ක්‍රිෂ්ණා මෙසේ කියන්නේ නැහැ. ක්‍රිෂ්ණා ඉන්නේ කොහේද ? මොහු තමයි, ජනයාගේ පියා වු බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපන ක්‍රියාවලිය සිදුකරන්නා වු උත්තරිතර පියා, උත්තරිතර ජීවය. ඉතින් ඇත්තෙන්ම ඔහු මෙහි සිටිය යුතුමයි. මෙය තමයි භෞතික වු අපිරිසිඳූ ලෝකය. නමුත් එය පාරිශුද්ධත්වයෙන් පිරි ලෝකයයි. අපිරිසිඳූ ලෝකයේ පිරිසිඳූ මිනිසුන් සිටි නොහැකියි. කල්ප වෘක්ෂයෙහි පින්තුරයේ බ්‍රහ්මා මුදුණෙහිම සිටගෙන සිටිනා අතර පහළ ඔහු තපස්යා කරනා ආකාරයත් පෙන්නුම් කර තිබෙනවා. සුක්ෂම ලෝකයේ ඔහුගේ ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. මොහු ඉෂ්ඨ දේවතාවක් බවට පත්වනවා. මේ මොහොතේදි ශ්‍රී ක්‍රිෂ්ණා අවලස්සනයි. පළමුවන කාරණය විස්තර කරනා තුරු වෙන කිසිම දෙයක් තේරුම්ගත නොහැකියි. මේ සඳහා උත්සාහ දැරිය යුතුයි. මායා ඉතා ඉක්මණින් බාබා සිහි කරිම ඔබට අමතක කරවනවා. සමහරු දැඩි විශ්වාසයෙන් යුතුව මෙසේ ලියනවා අප අනිවාර්යෙන්ම නාරායනගේ තත්ත්වය හිමිකර ගන්නවා. කෙහොමනමුත්, එසේ තිබියදිත් ඔවුන් අමතක කරනවා. මායා බොහෝ බලවත්, මායාගේ මොන ආකාරයේ කුණාටු පැමිණියත් සෙලවෙන්න එපා. අවසාන තත්ත්වය විය යුත්තේ එයයි. මායා ඉතා බලවත් ලෙස ඔබත් සමඟ දබර කරනවා. ඇය එළුවන් වැනි අයව අසමත් කරවනවා. බිය වන්න එපා. හෝමියෝපති වෛද්‍යවරු කියන්නේත් ඖෂධ ගැනීමෙන් පසු පළමුවෙන්ම අසනීපය උග්‍ර වන බවයි. මායාගේ නොයෙකුත් කුණාටු පැමිණිය හැකියි. ඔබ ස්ථිර තත්ත්වයට පත්වෙන කළ, මායාගෙන් එම පීඩනය අඩුවනු ඇත. ඔබ නොසැලෙන බව ඇය වටහා ගන්නවා. බාබා පැමිණ ගල් බුද්ධියකින් යුතු වු ඔබව දිව්‍යමය බුද්ධියකින් යුතු අය බවට පත්කරවනවා. මෙය විනෝදාත්මක දැනුමක්. භාරතයේ පෞරාණික වු රාජයෝගා මෙහිදි සිහිපත් වෙනවා. ඔබ පමණයි මෙය තේරුම් ගන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අශාරිරික තත්ත්වයට පත්වි පියා සිහිපත් කරන්න. තම මුල්ම ධර්මය තුළ ස්ථාවරව සිටීම පුහුණු කරන්න. දැනුම නම් වු නැටුම නටමින් අන් අයවත් එසේ කරවන්න.

2. මායාගේ කුණාටු වලින් සැළෙන්න එපා බිය වන්න එපා. ස්ථිර තත්ත්වයට පත්වි මායාගේ සියලු පීඩා අවසානයක් කරන්න.

වරදානය:
ඔබ මාස්ටර් සර්වබලධාරියෙකු වී පරම පියාට ඔබේ සියලු වගකීම් බාර දී ජීවාත්මයන් හට සේවය කිරීමේ ක්‍රීඩාවේ යෙදෙන්න.

ඕනෑම කාර්යයක් කරන අතරතුරෙහි සර්වබලධාරී පියා ඔබේ සහකරුවාය සහ ඔබ ද මාස්ටර් සර්ව බලධාරියෙකි යන නිරන්තර අවබෝධයෙන් සිටි කල මොනම වර්ගයේ බරක් හෝ ඔබට නොතිබේවි. කිසියම් වගකීමක් ඔබේ යැයි සිතුවේ නම්, ඔබේ හිසට එය බරක් වෙනවා. මේ නිසා, බ්‍රහමිණ් ජීවිතයෙහි ඔබේ වගකීම් සියල්ලක්ම පරම පියාට භාරකර සේවය කිරීමේ දී ඔබ එම සේවය ක්‍රීඩාවක් ලෙසට අත්විඳීනවා ඇත. ඔබේ මනසට මොනතරම් ලොකු කාර්යයක් වුවත්, එයට කොපමණ අවධානයක් දීමට තිබුණද, මාස්ටර් සර්ව බලධාරියෙකු වීමේ වරම් ලත් ඔබ වෙහෙස නොදැනෙන කෙනෙකු වේවි.

පාඨය:
මුරලිදාර් ගේ මුරලියෙන් තම ශරීරයේ අවධානය අමතක කරන්නන් සතුටේ ඔන්චිලි පදිනා සත්‍ය ගෝපි ගෝපිකාවරුවේ.