07.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, උත්සාහ දරා, දිව්‍යමය ගුණධර්ම හොඳින් ධාරණය කරගන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න. කිසිම ආකාරයක රකුසු ක්‍රියාකාරකමක් ඔබ ලඟ නොතිබිය යුතුයි.

ප්‍රශ්නය:
ඔබගේ සැරසිල්ල පළුදු කරන්නේ කුමන රකුසු ගතිද?

පිළිතුර:
ඔබ අතර රණ්ඩු සරුවල් ඇති කර ගැනීම, බුම්මාගෙන සිටීම, ඔබගේ මධ්‍යස්ථානයේ කලබල ඇති කර දුක දීම, ඔබගේ සැරසිල්ල පළුදු කරන රකුසු ගති වන්නේය. පියාට අයත් වීමෙන් පසුවත්, එම රකුසු ගති අත්නොහැර, දිගින් දිගටම වැරදි ක්‍රියා සිදු කරන දරුවන්, විශාල පාඩුවක් අත්විඳයි. ගිණුමක් යනු ගිණුමකි! ධර්මරාජ් සිටින්නේ පියා සමඟයි.

ගීතය:
අවිහිංසක පියා මෙන් අසහාය වෙනත් කෙනෙක් නැත.

ඕම් ශාන්ති.
උසස්ම-උසස් වන්නේ දෙවියන් බව ඔය ආධ්‍යාත්මික දරුවන් දන්නවා. මිනිසුන් මේ ගැන ගීත ගායනා කරන නමුත්, ඔබ මෙය දිව්‍යමය දර්ශනයකින් දකිනවා. ඔහු ඔබට උගන්වන බව ඔබගේ බුද්ධියට වැටහෙනවා. සිරුර තුළින් ඉගෙන ගන්නේ ජීවයයි. සිරුර තුළින් සෑම දෙයක්ම කරන්නේ ජීවයයි. ජීවාත්මයක්, තම චරිත කොටස රඟපෑම සඳහා විනාශ වන සුළු සිරුරක් අරගනී. ජීවාත්මය තුළ සම්පූර්ණ චරිත කොටසක්ම පටිගත වී ඇත. ජීවාත්මය තුළ උපත් 84 ක් පටිගත වී තිබේ. පළමුවෙන්ම තමන් ජීවාත්මයක් බව සලකන්න. පියා, සර්ව බලධාරීයාය. ඔය දරුවන්ට ඔහුගෙන් බලය ලැබෙයි. යෝගාවේ සිටීමෙන් ඔබට බොහෝ බලය ලැබෙන අතර, එම බලයෙන් ඔබ පිවිතුරු වනවා. පියා ඔබට මුළු රාජධානියක්ම පාලනය කිරීමට බලය ලබා දෙයි. ඔහු ඔබට එතරම් විශාල බලයක් ලබා දෙයි. විද්‍යාවේ අහංකාරකම ඇති අය, විනාශය සඳහා බොහෝ දේවල් නිර්මාණය කරයි. ඔවුන්ගේ බුද්ධිය විනාශය වෙනුවෙන් ක්‍රියා කරන අතර, ඔබගේ බුද්ධිය ක්‍රියා කරන්නේ අවිනාශී තත්ත්වයක් හිමි කර ගැනීමටයි. ඔබට විශාල බලයක් ලැබෙන අතර, එම බලයෙන් ඔබ ලෝක රාජධානිය හිමි කරගන්නවා. එහි තිබෙන්නේ මිනිසුන් විසින් මිනිසුන් පාලනය කරන රජයක් නොවෙයි. එහි තිබෙන්නේ රජ සහ රැජිනගේ රාජධානියයි. උසස්ම උසස් වන්නේ දෙවියන්ය. මිනිසුන් ඔහු සිහි කරයි. ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන්ට දේවාල තනා ඔවුන්ට වන්දනාමාන කරන නමුත්, උසස්ම-උසස් කෙනා ලෙස සිහි කරන්නේ දෙවියන්වයි. ලක‍්ෂ්මි සහ නාරායන් ලෝක අධිපතියන් බව ඔබට දැන් වැටහෙනවා. ලෝකයේ උසස්ම උසස් රාජධානිය ලැබෙන්නේ අසීමිත පියාගෙන්ය. ඔබට හිමි වීමට යන්නේ කෙතරම් උසස් තත්ත්වයක්ද! එබැවින් ඔය දරුවන් බොහෝ සතුට අත්විඳිය යුතුයි! ඔබට යමක් ලබාදෙන කෙනෙක්ව ඔබ නිසැකයෙන්ම සිහි කරනු ඇති. මනමාලියක් තුළ ඇගේ ස්වාමියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ ඇය ඔහු වෙනුවෙන් ඇගේ ජීවිතය පුදයි. ඔහු මිය ගිය විට, ඇය බොහෝ සංතාපයෙන් හඬයි. එම කෙනා, සියලුම සැමියන්ගේ සැමියාය. ඔබට උසස්ම-උසස් තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, ඔහු දැන් ඔබව ඉතා හොඳින් සරසනවා. එබැවින් ඔය දරුවන් තුළ බොහෝ කුල්මත්භාවය තිබිය යුතුයි. ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය කරගත යුත්තේ මෙහිදීය. බොහෝ දෙනෙකුට තවමත් රකුසු ගති බොහොමයක් තිබේ. රණ්ඩු සරුවල් කිරීම, බුම්මාගෙන සිටීම, මධ්‍යස්ථානයේ කලබල ඇති කිරීම, රකුසු ගතිය. බාබාට බොහෝ වාර්ථා ලැබුණු බැවින් ඔහු දන්නවා. විශාලතම සතුරා රාගය වන නමුත්, කෝපයද ඊට අඩු නැති සතුරෙකි. මේ-මේ කෙනාට බොහෝ සෙනෙහස දක්වනවා. මට කිසිම සෙනෙහසක් නොපෙන්වන්නේ ඇයි? මේ-මේ කෙනාගෙන් ඔහුගේ අදහස් විමසූවා. මගෙන් විමසුවේ නැත්තේ ඇයි? ඔවුන්ගේ බුද්ධිය තුළ සැකයන් ඇති බැවින් මේ අන්දමින් කතා කරන බොහෝ දෙනෙක් සිටියි. ස්ථාපනය කරන්නේ රාජධානියක්. එවන් අයට කුමන තත්ත්වයක් හිමි වෙයිද? තරාතිරමේ බොහෝ වෙනස්කම් තිබේ. පිරිසිදු කරන්නන් පවා ඉතා හොඳ මන්දිර වල වෙසෙයි. අන් අය හොඳ ගෙවල් වල වෙනත් තැනක සිටියි. ඔය සෑම කෙනෙක්ම තම තමන් වෙනුවෙන්, දිව්‍යමය ගුණදම් ධාරණය කරගැනීම සඳහා, ඉතා හොඳින් උත්සාහ දැරිය යුතුයි. ඔබ ශරීර අවධානයට පැමිණීමෙන්, රකුසු ක්‍රියාකාරකම් ඇතිවෙයි. ඔබ ජීවාත්ම අවධානයට පත් ව, මේ සියලුම දේ හොඳින් ධාරණය කරගන්නා විට, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වෙයි. එවන් දිව්‍යමය ගුණදම් ධාරණය කරගැනීමට, ඔබ එයට අදාලව උත්සාහ දැරිය යුතුයි. කිසිම කෙනෙකුට දුකක් ඇති නොකරන්න. ඔබ, දුක නැති කර සතුට පිරිනමන, පියාගේ දරුවන්ය. කිසිම විටෙක කිසිවෙකුට දුක් නොදෙන්න. මධ්‍යස්ථාන භාරව සිටින අයට විශාල වගකීමක් තිබේ. පියා පවසන්නේ දරුවනි, යමෙක් වරදක් සිදු කළොත්, ඔහු සිය ගුණයක දඬුවම් රැස්කර ගනී. ශරීර අවධානයට පත් වීමෙන්, බොහෝ පාඩු සිදුවෙයි, මන්ද ඔය බ්‍රහ්මණයන් සියලු දෙනා නිවැරදි කිරීමට උපකරණ වී ඇත. ඔබ තමන්ව නිවැරදි කරගෙන නැතිනම්, ඔබ වෙනත් අයව නිවැරදි කරන්නේ කෙසේද? විශාල පාඩුවක් සිදුවෙයි. පාණ්ඩව රජයද තිබේ. පියා, උසස්ම-උසස් වන අතර, ධර්මරාජ්ද ඔහු සමඟයි. ධර්මරාජ්ගේ මාර්ගයෙන් බොහෝ දැඩි දඬුවම් ලැබෙයි. එවන් වැරදි ක්‍රියා සිදු කරන විට, විශාල පාඩුවක් අත්විඳින්නට සිදුවෙයි. ගිණුමක් යනු ගිණුමකි, සෑම දේකටම ගිණුම් තැබෙයි! සියලුම ගිණුම් පියා ලඟ ඇත. භක්ති මාර්ගයේ පවා, නියමාකාර ගිණුමක් ඇත. ඔබ කරන සෑම දේකටම, දෙවියන් ගණන් හිලව් තබන බව තවමත් කියයි. මෙහි පියාම පවසන්නේ ඔබ කරන සෑම දෙයකටම ධර්මරාජ් සම්පූර්ණ ගිණුමක් තබාගන්නවා. ඒ වෙලාවෙදී ඔබට කුමක් කිරීමට හැකි වෙයිද? ඔබ කළ දේවල්වල දර්ශන ඔබට ලැබෙයි. එහිදී සුළුවෙන් දඬුවම් ලැබෙන අතර, මෙහිදි විශාල වශයෙන් දඬුවම් ලැබෙයි. ස්වර්ණමය යුගයෙදී ඔය දරුවන් සිරමැදිරියක් වැනි මව් කුසකට නොයයි. එහි මව්කුස මාලිගාවක් මෙනි. එහි කිසිවෙකු පාපයන් ආදිය සිදුකරන්නේ නැත. එබැවින් රාජධානියේ එවන් භාග්‍යයක් හිමි කරගැනීම සඳහා, ඔය දරුවන් බොහෝ ප්‍රවේසම් විය යුතුයි. සමහර දරුවන් ඔවුන්ගේ ගුරුවරයාට වඩා දක‍්ෂ වෙයි. ඔවුන්ගේ ගුරුවරයාට වඩා ඔවුන්ගේ භාග්‍යය උසස් වෙයි. යමෙක් හොඳින් සේවය නොකරන්නේ නම්, ඔහු උපතින් උපතට සේවකයෙක් වන බවත් පියා විස්තර කර ඇත. පියා ඔය දරුවන් ඉදිරියට පැමිණි වහාම ඔහු ඔබගෙන් විමසන්නේ දරුවනි, ඔබ මෙතැන අසුන් ගෙන සිටින්නේ ජීවාත්ම අවධානයෙන්ද? දරුවන් වෙනුවෙන්, පියාගේ ශ්‍රේෂ්ඨ වදන් වන්නේ දරුවනි, ජීවාත්ම අවධානයට පත් වීමට ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඇවිදින සහ එහෙ මෙහෙ සැරි සරන අතර, දැනුමේ සාගරය අඛණ්ඩව ආවර්ජනය කරන්න. මෙම අපිරිසිදු අපා ලෝකයෙන්, සතුටු දේශයට ඔවුන් යා යුතු බව, බොහෝ දරුවන්ට හැඟෙයි. පියා පවසන්නේ ඉතා හොඳ මහාරතීන්ද යෝගාවේ සිටීමට අසමත් වෙයි. ඔවුන්වද උත්සාහ දැරීමට දිරිමත් කළ යුතුයි. යෝගාව නොමැති නම්, ඔබ සම්පූර්ණයෙන්ම ඇද වැටෙයි. දැනුම ඉතා පහසුයි මුළු ඉතිහාසය සහ භූගෝලයම බුද්ධියට ඇතුළු වෙයි. බොහෝ හොඳ දියණියන්, ප්‍රදර්ශන වලදී විස්තර කිරීමට ඉතා දක‍්ෂ වන නමුත්, ඔවුන්ට යෝගාව නොමැති අතර, දිව්‍යමය ගුණදම්ද නොමැත. සමහර දරුවන්ගේ වර්තමාන ස්ථීතිය ගැන බාබා විටෙක පුදුම වනවා! ලෝකයේ බොහෝ දුක තිබේ! මේ සෑම දෙයක්ම ඉතා ඉක්මනින් අවසන් විය යුතුයි. බාබා (බ්‍රහ්මා) සතුටු ලෝකයට විගසින් යාමට බලා සිටිනවා. බාබා, අපට දිව්‍ය ලෝකයට පාර පෙන්වන නිසා, ඇතැම් අය පියාව මුණගැසීමට ඉස්පාසුවක් නැතිව සිටින්නේ, ඇතැම් අය යාමට ඉස්පාසුවක් නොමැතිව සිටින අන්දමින්ය. එවන් පියෙක්ව මුණගැසෙන්නට සමහරෙකුට ඉස්පාසුවක් නැහැ. දිනපතාම මුහුණට මුහුණලා ඔහුට සවන් දිය යුතු බව ඔවුන්ට හැඟෙයි. මෙහි ව්‍යාකූලතා නොමැති බව ඔබට දැන් වැටහෙනවා. ඔබ පිටත ජීවත් වන විට, සියලු දෙනාටම ඔබගේ වගකීම් ඉටු කළ යුතුයි. එසේ නැත්නම් බොහෝ ගැටුම් ඇති වෙයි. මේ නිසයි බාබා සෑම කෙනෙකුටම ඉවසීම ලබා දෙන්නේ. මේ සඳහා බොහෝ අදෂ්‍යමාන උත්සාහයක් අවශ්‍ය වනවා. සිහිපත් කිරීම වෙනුවෙන්, මෙම උත්සාහය දැරීමට කිසිම කෙනෙකුට නොහැක. ඔබ අදෂ්‍යමාන සිහිපත් කිරීමේ සිටින විට, ඔබට පියාගේ උපදෙස් පිලිපැදීමට හැකි වෙයි. ශරීර අවධානයෙන් සිටීම නිසා, ඇතැම් අය, පියාගේ උපදෙස්වත් පිළිපදින්නේ නැත! බාබා පවසන්නේ ඔබගේ වාර්තාව ලියන්න, එවිට ඔබ බොහෝ ප්‍රගතියක් පෙන්වයි. මෙය පැවසුවේ කවුද? ශිව බාබා! ගුරුවරයෙක් ගෙදරවැඩ දෙන විට, ශිෂ්‍යයින් එය කරයි. මෙහි සමහර ඉතා හොඳ දරුවන්ටවත් මෙය කිරීමට මායා ඉඩ නොදෙයි. ඉතා හොඳ දරුවන්ගේ වාර්තාව පියාට ලැබෙන්නේ නම්, එවන් දරුවන් කෙතරම් පියාගේ සිහිපත් කිරීමේ සිටිනවාද කියා ඔහු දැකගනී. ඔබ ඒකායන ආදරවන්තයාගේ ආදරවන්තයින් බව, ඔය ජීවාත්මයන්ට වැටහෙනවා. භෞතික ආදරවන්තයන් සහ ප්‍රේමවන්තයින් විවිධ වර්ග සිටිනවා. ඔබ බොහෝ පැරණි ආදරවන්තයන්ය. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. යම් දෙයක් හෝ තව දෙයක් දරා ගැනීමට සිදුවෙයි. ඔබ එතරම්ම දක‍්ෂ යැයි නොසිතන්න! බාබා ඔබට ඔබගේ අස්ථී දෙන්නට කියා නොකියයි. බාබා පවසන්නේ ඔබට හොඳින් සේවය කිරීමට හැකි වන සේ තමන්ව නිරෝගීව තබා ගන්න. ඔබ රෝගී වුවොත් ඔබට ඇඳේ සිටින්නට වෙයි. සමහර දරුවන් රෝහල් වල සේවය කිරීමට යන විට, සුරංගනාවක් පැමිණ ඇති බව වෛද්‍යවරුන්ට දැනෙයි. ඔවුන් සමඟ ඔවුන් පිංතූරද රැගෙන යයි. එවන් සේවය කරන අය, සානුකම්පිත බව කියයි. ඔබ එවන් සේවය කරන විට, යමෙක් හෝ තව කෙනෙක් මතු වෙයි. ඔබට සිහිපත් කිරීමේ බලය වැඩියෙන් තිබෙන තරමට, වැඩි මිනිසුන් ප්‍රමාණයක් මෙහි ආකර්ෂණය වෙයි. මෙම සිහිපත් කිරීමේ පමණයි, බලය තිබෙන්නේ. පළමුවෙන්ම පාරිශුද්ධත්වය! පළමුව පාරිශුද්ධත්වයත්, ඉන්පසුව සාමයත් පසුව සමෘද්ධියත් තිබිය යුතු බව කියැවෙයි. ඔබ සිහිකිරීමේ බලයෙන් පිවිතුරු වෙයි. ඉන්පසුව දැනුමේ බලය ඇත. සිහිපත් කිරීමේ දුර්වල නොවන්න. බාධක තිබෙන්නේ සිහිකිරීමේය. සිහිපත් කිරීමේ සිටීමෙන්, ඔබ පාරිශුද්ධත්වයට පත් වී, දිව්‍යමය ගුණදම්ද ධාරණය කරගනී. ඔබ දෙවියන්ගේ ප්‍රශංසාව දන්නවා. පියා බොහෝ සතුට ලබා දෙයි! ඔහු ඔබව, උපත් 21 කට සතුට ලබන්නට සුදුස්සන් බවට පත් කරවයි. කිසිම කෙනෙකුට දුකක් සිදු නොකරන්න. ඇතැම් දරුවන් අසේවයක් සිදුකර, තමන්ටම සාප කර, අන් අයටද බොහෝ කරදර ගෙන දෙයි. කෙනෙක් අකීකරු වන විට, ඔහු තමන්ටම සාප කරගන්නවා සේය. අසේවයක් සිදු කිරීමෙන්, ඇතැම් අය බිමටම ඇද වැටෙයි. බොහෝ දරුවන් පාපයන් නිසා හෝ එසේ නැත්නම් කෝප වී, ඉගෙනීම නතර කර දමයි. බොහෝ මාදිලියේ දරුවන් මෙතැන අසුන් ගෙන සිටියි. ඔවුන් නැවුම් වී, මෙතැනින් පිටව යන විට, තම වැරදි වලට ඔවුන් පසුතැවිලි වෙයි. කෙසේවෙතත්, තමා පසුතැවිලි වීමෙන් පමණක් කිසිදෙයකට සමාව ලැබෙන්නේ නැත. පියා පවසන්නේ ඔබ තමන්ට සමාව දිය යුතුයි! සිහිපත් කිරීමේ සිටින්න! මෙය ඉගෙනුමක් බැවින්, පියා කිසි කෙනෙකුට සමාව දෙන්නේ නැත. පියා ඔබට උගන්වන අතර, ඔය දරුවන් තමන්ට අනුකම්පා දැක්විය යුත්තේ ඉගෙන ගැනීමෙනි. ඔබට හොඳ ආචාරධර්ම තිබිය යුතුයි. වාර්තාව ගෙන ඒමට කියා පියා ගුරුවරුන්ට කියයි. බාබා එක් එක් අයගේ පුවත් ඇසූ විට, ඔහු මඟ පෙන්වයි. ඔවුන්ගේ ගුරුවරයා තමන්ව බාබාට රපෝර්තු කළ බව, ඇතැම් දරුවන් සිතා, ඔවුන් පෙරටත් වඩා අසේවයක් කිරීමට පටන් ගනී. මෙහිදී බොහෝ උත්සාහයක් අවශ්‍යයි. මායා විශාල සතුරෙකි. වඳුරෙක් මෙන් සිට, දේවාලයක ජීවත් වීමට තරම් සුදුසු කෙනෙක් බවට පරිවර්ථනය වීමට, ඇය ඔබට ඉඩ නොදෙයි. උසස් තත්ත්වයක් හිමි කරගන්නවා වෙනුවට, සමහරු ඊටත් වඩා ඇද වැටී, නැගිට ගැනීමට නොහැකි වෙයි ඔවුන් මියැදෙයි. මෙය ඉතාමත් ඉහළ ගමනාන්තයක් බව පියා දරුවන්ට විස්තර කරදෙයි. ඔබ ලෝක පාලකයන් විය යුතුයි. වැදගත් අයගේ දරුවන් බොහෝ රාජකීයත්වයෙන් හැසිරෙයි. තම පියාගේ ගෞරවයට හානියක් නොකිරීමට ඔවුන් සැලකිලිමත් වෙයි. ඇතැම් අය ගැන කියැවෙන්නේ, ඔබගේ පියා බොහෝ යහපත් කෙනෙක් නමුත් ඔබ බොහෝ නොවටිනා කෙනෙක්! ඔබ ඔබගේ පියාගේ ගෞරවය අහිමි කරනවා. මෙහිදී එක් එක් කෙනා, තමන්ගේම ගෞරවය තමන්ම නැති කරගන්නවා. බොහෝ දඬුවම් විඳින්නට සිදුවනවා. බාබා ඔබට අනතුරු අඟවනවා ඔබ ගමන් කරන අතර බොහෝ ප්‍රවේශම් වන්න. සිරකරුවන් නොවන්න. සිරකරුවන් සිටින්නේ මෙහිය. ස්වර්ණමය යුගයේ සිරගෙවල් නැත. කෙසේවෙතත්, ඔබ දැන් ඉගෙනගෙන උසස් තත්ත්වයක් හිමි කර ගත යුතුයි. වැරදි නොකරන්න! කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න! සිහිපත් කිරීමේ වන්දනා ගමනේ යෙදී සිටින්න! ප්‍රයෝජනවත් වන්නේ සිහිපත් කිරීමය. ප්‍රදර්ශන වලදී විස්තර කළ යුතු ප්‍රධානතම දේ වන්නේ පියාගේ සිහිපත් කිරීම තුළින් පමණයි ඔබ පිවිතුරු වන්නේ. සෑම කෙනෙකුටම පිවිතුරු වීමට අවශ්‍යයි. මෙය අපවිත්‍ර ලෝකයයි. සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දීමට පැමිණෙන්නේ ඒකායන පියා පමණයි. ක්‍රිස්තුස් වහන්සේ, බුදුන් වහන්සේ ආදීන්ට කිසිම කෙනෙකුට විමුක්තිය ලබා දීමට නොහැකි විය. මිනිසුන් බ්‍රහ්මාගේ නම සඳහන් කරන නමුත්, බ්‍රහ්මාටවත් විමුක්තිය පිරිනමන්නා විය නොහැක. ඔහු දේවතා ධර්මයට උපකරණයයි. ශිව බාබා දේවතා ධර්මය ස්ථාපනය කරන නමුත්, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්වත් සිහි කෙරෙනවා. මිනිසුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරනවා. පියා පවසන්නේ ඔහුද ගුරු කෙනෙක් නොවෙයි. සිටින්නේ එක් ගුරු කෙනෙක් පමණක් වන අතර, ඔබලා ඔහුගේ මාර්ගයෙන් ආධ්‍යාත්මික ගුරුන් වනවා. අනෙත් අය ආගම් ස්ථාපනය කරන අයයි. ආගමක් ස්ථාපිත කරන කෙනෙකුට විමුක්තිය පිරිනමන්නා කියා කියන්නේ කොහොමද? මේවා බොහෝ ගැඹුරු කාරණා වන අතර වටහාගත යුතුයි. ආගමික නායකයන් ඔවුන්ගේ ආගම් ස්ථාපිත කරනවා පමණයි. ඉන්පසුව ඔවුන්ගේ අනුගාමිකයන් ඔවුන් පසුපස පහළට පැමිණෙයි. ඔවුන්ට සෑම කෙනෙක්වම ආපසු නිවසට රැගෙන යාමට නොහැක. ඔවුන් පුනරුත්පතියට ඇතුළු විය යුතුයි. මෙම විස්තර කිරීම සෑම කෙනෙකුටම බලපැවැත්වෙයි. එකදු ගුරු කෙනෙකුටවත් විමුක්තිය පිරිනැමිය නොහැක. පියා විස්තර කරන්නේ සිටින්නේ එක් ගුරු මෙන්ම පාරිශුද්ධකරුවා පමණයි. සෑම කෙනෙකුටම විමුක්තිය සහ මුක්තිය පිරිනමන්නේ ඔහු පමණයි. අපට සිටින්නේ එක් ගුරු කෙනෙක් බව සෑම කෙනෙකුටම කියන්න. සෑම කෙනෙකුටම විමුක්තිය පිරිනමා, ඔවුන්ව සාම දේශයට සහ සතුටු දේශයට රැගෙන යන්නේ ඔහුයි. ස්වර්ණමය යුගයේ ආම්භයේ සිටින්නේ මිනිසුන් ඉතා සුළු පිරිසක් පමණයි. එය කාගේ රාජධානියද කියා ඔබ නිසැකයෙන්ම පිංතූර පෙන්වනු ඇත. එම දේවතාවන්ව (ලක‍්ෂ්මි සහ නාරායන්) වන්දනා කරන, භාරතයේ මිනිසුන්, ඔවුන් සැබවින්ම දිව්‍ය ලෝකයේ පාලකයන් වූ බවත් දිව්‍ය ලෝකයේ, එය ඔවුන්ගේ රාජධානියව පැවතුණු බවත් විගසින් විශ්වාස කරයි. එකල අන් සියලුම ජීවාත්ම සිටියේ කොහිද? ඔවුන් අනිවාර්යෙන්ම සිටියේ අශාරීරික ලෝකයේ බව ඔබ කියයි. ඔබ දැන් මෙම දේවල් වටහා ගනී. පෙර කල ඔබ කිසි දෙයක් දැන සිටියේ නැත. චක්‍රය දැන් ඔබගේ බුද්ධිය තුළ බ්‍රමණය වෙයි. භාරතයේ වසර 5000 කට පෙර, එය සැබවින්ම ඔවුන්ගේ රාජධානිය විය. දැනුමේ ප්‍රතිලාභය අවසන් වන විට, භක්ති මාර්ගය ආරම්භ වෙයි. ඉන්පසුව පැරණි ලෝකය පිළිබඳව නිරාශාවක් තිබිය යුතුයි. එපමණයි! අප දැන් නව ලෝකයට යනවා. හදවත්, දැන් පැරණි ලෝකයෙන් ඉවත් වී ඇත. එහි, සැමියා, බිරිඳ දරුවන් ආදි සියල්ලම බොහෝ සේ යහපත් වෙයි. අසීමිත පියා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවනවා. ලෝකයේ අධිපතියන් වීමට සිටින ඔය දරුවන්ට ඉතා උසස් සිතිවිලි සහ හැසිරීමක් තිබිය යුතුයි. ආහාර පිළිබඳව, ඔබ බොහෝ අඩුවෙන් කෑම නොගත යුතු මෙන්ම ඔබ තුළ කිසි ගිජුකමක්ද නොතිබිය යුතුයි. සිහිපත් කිරීමේ සිටින අයගේ ආහාර වේල්, ඉතා සියුම් (සැහැල්ලු) වනු ඇත. බොහෝ දෙනෙකුගේ බුද්ධි, කෑම වෙතට ඇදී යයි. ඔය දරුවන්ට ලෝකයේ අධිපතියන් වීමේ සතුට තිබේ. මෙවැනි කියමනක් ඇත සතුටේ පෝෂණය මෙන් වෙනත් පෝෂණයක් නැත. එවන් සතුටක් ඔබ සෑම විටෙකම පවත්වාගන්නේ නම්, ඔබගේ කෑම සහ බීම බොහෝ සේ සැහැල්ලු වනු ඇත. ඔබ වැඩිපුර ආහාර ගන්නා විට, ඔබ බොහෝ බර වන අතර, එවිට ඔබ නිදි කිරා වැටෙනු ඇත. එවිට ඔබ කියන්නේ බාබා, මට බොහෝ නිදිමත දැනෙනවා! ඔබගේ ආහාර අඩු වැඩි නොවිය යුතුයි. හොඳ කෑමක් ඇති විට ඔබ වැඩියෙන් කෑම නොගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි, දුක නැති කර සතුට පිරිනමන්නා වන, පියාගේ දරුවන්ය. අප කිසිම කෙනෙකුට දුකක් ඇති නොකළ යුතුයි. අසේවයේ යෙදී තමන්ටම සාප කර නොගන්න.

2. බොහෝ උසස් සහ රාජකීය සිතිවිලි ඇති කරගන්න. දයාවන්ත වී, සේවයේ කාර්යබහුල වන්න. කෑමට සහ බීමට ඇති ගිජුකම අත්හරින්න.

වරදානය:
නාටකය පිළිබඳ දැනුම තුළින්, ඔබ පදාර්ථ සහ මායා ජය ගන්නෙක් වී, ඔබගේ මනෝ ස්ථීතිය නොසැලෙන එකක් කරගනිත්වා.

පදාර්ථ හෝ මායා තුළින් කුමන ආකාරයේ ප්‍රශ්න පත්‍රයක් පැමිණියත්, සුළු කැලඹීමකටවත් පත් නොවන්න. ඔබට ගැටළුවක් පහර දෙන විට, ඔබට මෙවන් ප්‍රශ්න තිබෙයි නම්, මේ කුමක්ද? මෙය සිදු වුණේ ඇයි? ඔබ අසමත් වෙයි. එබැවින් කුමක් සිදුවුණත්, අභ්‍යන්තරයෙන් මෙම හඬ මතු කරගන්න අපූරුයි මිහිරි නාටකය, අපූරුයි! මෙවන් සිතිවිලි නොතිබිය යුතුයි අහෝ! සිදුවුණේ කුමක්ද? කිසිදු සිතිවිල්ලක චංචලත්වයක් නොමැති අන්දමට ඔබගේ මනෝ ස්ථීතිය පත් කරගන්න. ඔබගේ මනෝ ස්ථීතිය, නිරතුරුව අචල සහ නොසැලෙන එකක් කරගන්න, එවිට ඔබට පදාර්ථ ජය ගත්තෙක් සහ මායා ජයගත්තෙක් යන ආශිර්වාදය හිමි වෙයි.

පාඨය:
සුබ ආරංචි පැවසීම සහ සතුට ලබා දීම, බොහෝ ශ්‍රේෂ්ඨ යුතුකමකි.