07.08.22    Avyakt Bapdada      Sinhala Murli     18.01.92    Om Shanti    Madhuban


පරම පියා කෙරෙහි සෙනෙහස ඇති බවට සලකුණ වන්නේ පියාට සමාන වීමය.


අද දින අසීමිත පවුලේ අය, අසීමිත මව සහ පියා ඉදිරියේ සිටිනවා. මෙම සමූහය පමණක් නොව, උපරිම ලෙස ආදරණීය සහ අසහාය වන ආදරණීය සහ සහයෝගි දරුවන්ගේ කුඩා බ්‍රහ්මිණ් පවුල, අලෞකික පවුල, පිළිරුවක් තිබෙන අතරම අසහාය සහ පිළිරුවක් නොමැති පවුලද බාබා ඉදිරියේ සිටිනවා. අම්රිත් වේලාවේ සිටම, හමුවක් සැමරීම ගැන සහ ආශිර්වාද හිමි කරගැනීම ගැන, සියලුම දරුවන්ගේ මිහිරි, හදවතට සමීප කතාබහට බාප්දාදා සවන් දෙමින් සිටියා. සෑම තැනකම බාබා දුටුවේ උනන්දුව සහ උද්යෝගයයි සියලු දෙනාගේ මනසේ සෙනෙහස් හැඟීම් සහ සමාන වීමේ ශ්‍රේෂ්ඨ ආශාව ඔහු දුටුවා. අද දින අංක එකේ ශ්‍රේෂ්ඨ ජීවාත්මය, මව සහ පියා වන බ්‍රහ්ම බාබා, දරුවන්ගෙන් වැඩි දෙනෙක් ඉදිරියේ ඉස්මතු විය. අද, සෙනෙහස් සාගරය, බාප්දාදාගේ සෙනෙහස් ස්වරූපය සියලුම දරුවන්ගේ හදවත තුළ සිටි අතර ඔවුන්ගේ දෑස් ඉදිරියේ දිස්විය. සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ හදවත් වලින් බාප්දාදාට සෙනෙහස් ගීත ඇසුණා. ඔබගේ සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙස, ආශිර්වාද පිරිනමන්නා වන පියා, මෙම ආශිර්වාදය ලබා දෙනවා ඔබ සෑම අවස්ථාවකදීම, සෑම ජීවාත්මයක් වෙනුවෙන්, සෑම මොහොතකදීම නිරන්තරයෙන් සෙනෙහසේ ප්‍රතිරුවක් වන්න. ඔබගේ ආදරණීය ප්‍රතිරුව, ඔබගේ ආදරණීය මුහුණ, ඔබගේ ආදරණීය අන්තර් සම්බන්ධතා සහ ඔබගේ ආදරණීය නෑ සබඳතා කිසිම විටෙක අමතක කරන්න හෝ අත්නොහරින්න. එය පුද්ගලයෙක් හෝ සොබා දහම වුණත්, එසේ නැත්නම් ඔබ ඉදිරියට බියකරු ස්වරූපයකින් හෝ ගිණි කන්දක ගින්නක ස්වරූපයෙන් පැමිණෙන්නේ මායා වුණත්, නිරන්තරයෙන් නොකඩවා බියකරු, ගිණි කන්දේ ස්වරූපය, සෙනෙහසේ සිසිලසෙන් පරිවර්ථනය කරන්න. මෙම නව වසරේ කාලය තුළ, විශේෂයෙන් සෙනෙහස පිළිගන්න, එමෙන්ම සෙනෙහස ලබා දෙන්න. ඔබගේ ආදරණීය ද්‍රිෂ්ඨියෙන්, ආදරණීය ආකල්පයෙන් සහ සෙනෙහසින් පිරි ක්‍රියා වලින්, ඔබ ආදරණීය ලෝකය නිර්මාණය කළ යුතුයි. යම් කෙනෙක් ඔබට සෙනෙහස ලබා නොදුන්නත්, ඔය මාස්ටර් ආදරණීය ජීවාත්ම, දානපතියන් වී, අඛණ්ඩව ආධ්‍යාත්මික සෙනෙහස ලබා දිය යුතුයි. වත්මන් මනුෂ්‍ය ජීවාත්ම, සෙනෙහස වෙනුවෙන්, එනම්, සත්‍ය සෙනෙහස වෙනුවෙන් පිපාසාවෙන් සිටියි. ඔවුන් මොහොතක සෙනෙහස වෙනුවෙන් පිපාසිතයි, එනම්, එක බිඳකට පිපාසිතව සිටියි. සැබෑ සෙනෙහස නොතිබීම නිසා, ඔවුන් අසරණකමින් සැරිසරමින් සිටියි. ඔවුන් සත්‍ය, ආධ්‍යාත්මික සෙනෙහස සොයමින් සිටියි. ඔබ එවන් පිපාසිත ජීවාත්ම වෙනුවෙන් ආධාර ලබා දෙන මාස්ටර් ඥාන සාගරයි. තමන්ගෙන් විමසන්න ඔබව බ්‍රහ්මිණ් පවුලේ කොටසක් වීමට ආකර්ෂණය කිරීමට සහ ඔබගේ පරිවර්ථනයට, විශේෂ පදනම වී ඇත්තේ කුමක්ද? ඔබව පරිවර්ථනය කළේ මෙම සත්‍ය සෙනෙහස, මව සහ පියාගේ සෙනෙහස, ආධ්‍යාත්මික පවුලේ සෙනෙහස ලැබීමයි. ඔබට ඥානය වැටහුනේ පසුවයි, නමුත් ප්‍රථම ආකර්ෂණය වුණේ පවුලේ සැබෑ පරාර්ථකාමී සෙනෙහසය. පදනම වුණේ මෙයයි, එහෙම නේද? ඔබ සියලු දෙනා පැමිණියේ මේ නිසයි, එහෙම නේද? ලෝකයේ බොහෝ කෝටිපතියන් සහ බිලියනපතියන් සිටිනවා, නමුත් ඔවුන් පරමාත්ම දෙවියන්ගේ සත්‍ය සෙනෙහස අයදමින් සිටියි. එයට හේතුව කුමක්ද? කෝටි ගණන් තිබීමෙන් මෙම සෙනෙහස සොයාගත නොහැක. බලන්න, විද්‍යාඥයින් තාවකාලික සතුට වෙනුවෙන් ලෝකයට කෙතරම් උපකරණ ලබා දී තිබේද කියා, නමුත් විද්‍යාඥයින් වඩාත් ශ්‍රේෂ්ඨ වන තරමට ඔවුන් වෙනත් දෙයක් සොයමින් සිටියි ඔවුන් එම සෙවීමේ ගැලී සිටියි. ඔවුන් තෘප්තිය විඳින්නේ නැහැ. ඔවුන් වෙනත් දෙයක් සොයමින් තම කාලය අපතේ හරියි. ඔවුන්ගේ ලෝකය වී තිබෙන්නේ යමක් සෙවීමය. ජීවිතය සෙනෙහසින් පිරී ඇති බව, ඔබ මෙන්, ඔවුන් අත්විඳින්නේ නැත. බලන්න දේශපාලන නායකයන් තම තත්ත්වය ආරක‍ෂ කරගැනීමේ බොහෝ සේ නියැලී සිටින ආකාරය. ඔවුන් හෙට සිදුවන දේ ගැන කණස්සල්ලෙන් සිටින අතර ඔය බ්‍රහ්මිණ්වරු නිරන්තරයෙන් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස් ඔංචිල්ලාවේ නැළවෙමින් සිටියි. ඔබට හෙට ගැන කිසිම කණස්සල්ලක් නැත. ඔබට හෙට (කල්) පිළිබඳව කිසිම කණස්සල්ලක් නොමැති අතර ඔබට මරණය (කාල්) පිළිබඳවද කණස්සල්ලක් නැත. එයට හේතුව කුමක්ද? මන්ද, සිදුවන කුමක් වුණත් හොඳ බවත්, අනාගතයේ සිදුවීමට යන කුමක් වුවද, ඊටත් වඩා හොඳ වන බවත් ඔබ දන්නා නිසා. මේ නිසයි, සියල්ල හොඳ බව පැවසීමෙන් ඔබ හොඳ වී ඇත්තේ.

බ්‍රහ්මිණ් ජීවිතය යනු, නරක දේට සමුදීම සහ සෑම දෙයක්ම සෑම විටම හොඳම බව දැනගෙන සැමරීමයි. ඔබ මෙය සිදුකර තිබේද, නැත්නම් ඔබ තවමත් එයට සමුදෙමින් සිටිනවාද? ඔබ පරණ වසරට සමුදී නව වසරට සුබ පැතුම් ලබා දුන්නා නේද? සුබ පැතුම් කාඩ්පත් බොහොමයක් ඇවිත්. බොහෝ දරුවන්ගෙන් ලිපි සහ සුබ පැතුම් පත් පැමිණ ඇත. බාප්දාදා පවසන්නේ නව වසර වෙනුවෙන් ඔබ බොහෝ කාඩ්පත් එවා තිබේ හෝ ඔබට සිතිවිල්ලක් ඇති විය. කෙසේවෙතත්, සංගම යුගයේ සෑම තත්පරයක්ම අළුත්ය, එහෙම නේද? සංගම යුගයේ සෑම තත්පරයක් වෙනුවෙන්ම සුබ පැතුම් පත් එවන්න එපා කාඩ්පත් බලා ගැනීම අපහසු වෙනවා. කාඩ්පත් එවනවා වෙනුවට ඔබ සෑම තත්පරයක්ම අළුත් බව අත්දුටුවාද කියා, වාර්තාවක් තබාගන්න. සෑම අළුත් තත්පරයකදී ඔබ නව උනන්දුව සහ උද්යෝගය අත්වින්දාද? සෑම නව තත්පරයකදීම තමා තුළ ඔබ අත්වින්දේ කුමන නවතාවයද, එනම්, කුමන දිව්‍යත්වය සහ විශේෂත්වයද? බාබා ඔබට ඒ වෙනුවෙන් සුබ පැතුම් ලබා දෙනවා. ඔය බ්‍රහ්මණ ජීවාත්මයන්ට සෑම මොහොතකම ඇති ශ්‍රේෂ්ඨතම උත්සවය කුමක්ද? උත්සවයක් යනු සතුටේ කාලයක් හෝ සතුටු දවසක්. උත්සවයක උතුම්ම කාරණාව වන්නේ හමුවක් සැමරීමය. හමුවක් සැමරීම යනු සතුටින් සැමරීමයි. ඔබ සියලු දෙනාම පරමාත්ම දෙවියන්ව මුණගැසීම සහ ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ව මුණ ගැසීම සෑම විටම අත්විඳිනවා නේද? ඉතිං, සෑම විටම උත්සවයක් තිබෙනවා, එහෙම නේද? ගයන්න, නටන්න, කන්න - මෙයයි සැමරීම, එහෙම නේද? ඔබ බ්‍රහ්ම පියාගේ බන්දාරාවෙන් (මුළුතැන් ගේ) ආහාර බුදියි. ඔබ සෑම විටම බ්‍රහ්ම භෝජන කන්නේ මේ ලෙසයි. ගෘහයන්වල වාසය කරන අය තමන්ගේම ආදායමෙන් කන්නේ නැහැ. මධ්‍යස්ථානයේ අය මධ්‍යස්ථානයේ බන්දාරියෙන් (මුදල් පෙට්ටියෙන්) කනවා නොවෙයි, ඔවුන් කන්නේ බ්‍රහ්ම පියාගේ මුළුතැන්ගෙයින් සහ ශිව බාබාගේ සම්පත් ගබඩාවෙන්ය. ගෘහය ඔබගේ නොවෙයි මධ්‍යස්ථානය ඔබගේ නොවෙයි. පවුලේ අය සමග නිවසේ ජීවත්වන අතර වුණත් ඔබ භාරකරුවෙකි, පියාගේ ශ්‍රීමත් වලට අනුව ඔබ උපකරණයකි. ඔබ මධ්‍යස්ථානයක සිටියා වුණත්, එය ඔබගේ නොවෙයි, ඔබ සිටින්නේ පියාගේ මධ්‍යස්ථානයේ. ඒ නිසයි එය සෑම විටම ශිව පියාගේ සම්පත් ගබඩාව සහ බ්‍රහ්ම පියාගේ මුළුතැන්ගෙය වන්නේ. මෙම අවධානය තිබීමෙන් ඔබගේ මුළුතැන්ගේ සහ සම්පත් ගබඩාව සෑම විටම පිරී තිබෙයි එය පිටාර ගලමින් තිබෙයි. ඔබට මගේ යන අවධානය ඇත්නම්, මුළුතැන්ගෙය හෝ ඔබගේ සම්පත් ගබඩාව සමෘද්ධිමත් නොවෙයි. කිසිම ආකාරයකින් යම් අඩුවක් (කෝත්) තිබෙයි නම්, එයට හේතුව වන්නේ, බාබාගේ අවධානය වෙනුවට මගේ යන අවධානයේ දුර්වලතාවය (කෝත්) තිබීමය. කෝත් යන වචනයේ අරුත වන්නේ යම් දෙයක අඩුවක් ඇති බවයි. කෝත් හි තව අරුතක් වන්නේ, එයත් සමග යම් අපවිත්‍ර බවක් මිශ්‍ර වී ඇති බවය. මෙවන් කියමනකි රත්රං වල කෝත් (වෙනත් ලෝහ) තිබේ. කෙසේවෙතත්, බ්‍රහ්මිණ් දිවිය යනු සෑම තත්පරයකදීම සතුටින් සැමරීමේ උත්සවයකි. ඔබට වැටහෙනවාද?

සාමාන්‍යයෙන් මේ දවසේ, ඔබ ශබ්දය ඉක්මවා ගොස්, ශබ්දය ඉක්මවා සිටින බාප්දාදාව ඔබ ශබ්දය කරා ගෙන එයි. මෙම පුහුණුව ඉතා හොඳයි මොහොතකදි, ඔබ බොහෝ ශබ්ද මැද සිටින අතර වුවද, තවද ඔබ එවන් වාතාවරණයක සාකච්ඡාවක යෙදි සිටියා වුවද, තත්පරයකදි ශබ්දය ඉක්මවා යෑමේ සිතිවිල්ලක් ඇති කරගන්න ශබ්දයට ඔබ්බෙන් සිටින සුරදූතයෙකුගේ ස්ථීතියේ ස්ථාවර වන්න. එක් මොහොතකදි කර්ම යෝගියෙක් වන්න, එමෙන්ම ඊලඟ මොහොතේ සුරදූතයෙක් එනම්, ශබ්දයට ඔබ්බෙන් ඇති අව්‍යක්ත ස්ථීතියේ සිටින්න. වාතාවරණය බොහෝ ශබ්ද ඇති තැනක් නිසා, ඔබට ශබ්දය ඉක්මවා යෑමට කාලයක් ගත වීම සිදු නොවිය යුතුයි. නැහැ, එසේ නොවිය යුතුයි, මන්ද අවසානයේ, බොහෝ මිනිසුන් සහ සොබා දහමේ කැලඹිලි හඬ තිබෙයි. එය අසරණ බවින් විලාප නඟන, කැලඹිල්ලේ වාතාවරණයක් වෙයි. එවන් වෙලාවක, අව්‍යක්ත සුරදූතයෙක් වීමේ සහ එබැවින් තත්පරයකදි අශාරීරික ජීවාත්මයක් වීමේ පුහුණුව ඔබව ජයග්‍රාහී කරවයි. මෙම සිහි කිරීමේ අවධානය ඔබව ජයග්‍රාහී මාලාව තුළට ගෙන යයි. මෙම පුහුණුව දැන් සිටම උපරිම ලෙස අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසයි. මෙය පදාර්ථ ජයගැනීම සහ මායා ජයගැනීම ලෙස හැඳින්වෙයි. අධිපතියෙක් වී දෙතොලින් සංගීතය වයන්න අධිපතියෙක් වී දෙකණින් සවන් දෙන්න, එමෙන්ම ඔබට එය කිරීමට අවශ්‍ය නැත්නම් තත්පරයකදි නැවතීමේ තිතක් තබන්න භාගෙට නැවතීමක් නොවෙයි, නමුත් සම්පූර්ණ නැවතීමක්. බ්‍රහ්ම පියාට සමාන වීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි. සෙනෙහසේ සලකුණ වන්නේ සමාන වීමය. ඔබගෙන් එක් එක්කෙනා පවසන්නේ කුමක්ද? වැඩි සෙනෙහසක් තිබෙන්නේ මටයි. බ්‍රහ්ම පියා කෙරෙහි, වැඩිම සෙනෙහසක් තිබෙන්නේ කාටද, කියා ඔබ යමෙකුගෙන් විමසන්නේ නම්, ඔවුන් මෙසේ කියයි, මට. සෙනෙහස අතින් බලන විට, ඔබ සිතන්නේ ඔබගේ සෙනෙහස සියල්ලටම වඩා වැඩියි, කියාය. තීව්‍ර උත්සාහ දැරීමේදිද එසේම වන්න අංක එක වී, ද්විත්ව පබුළුව ළඟට ඇමිණෙන පබුළුව බවට පත්වන්න. මෙය සෙනෙහසේ ප්‍රතිඋපකාරය ලබා දීම ලෙස හැඳින්වෙයි. ඔබගේ සෙනෙහස නිසා මධුබාන් වලට දිව යාමට ඔබ ඉතා දක‍ෂයි. ඔබ සියලු දෙනාම ඉතා විගසින් මෙහි ළඟා වුණා නේද? ඔබ මෙම ප්‍රායෝගික ස්වරූපය, දිස්වන ආකාරයකින් පෙන්වා ඇති සේම, බාබාට සමාන වීමේ දිස්වන ස්වරූපයත් පෙන්වන්න. ස්ථානය කුඩා වුණත් හදවත විශාලයි එබැවින් ඔබට ඉඩක් නොතිබුණු බව පවසා ඔබ පැමිණිලි නොකළ යුතුයි. හදවත විශාල වන විට, එවිට එම සෙනෙහස නිසා, සියලු අපහසුතා, අපහසුතා ලෙස නොදැනෙයි. දරුවන්ට කිසියම් හෝ අපහසුතාවයක් ඇති වීම, බාප්දාදා දැකීමට අකැමතිය. ඔව්, ස්ථානය පිළියෙල වන සේ යෝගාවේ සිටින්න. අච්චා.

මෙම ස්මරණ දිනයේ සහ නව වසර වෙනුවෙන්, සෙනෙහසේ ගිලී සිටින මේ දේශයේ සහ විදෙස්වල සෑම තැනකම සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගෙන් බාප්දාදාට බොහෝ සිතිවිලි මගින්, ලිපි මගින් සහ පණිවිඩ මගින් බොහෝ සෙනෙහස සහ ස්මරණය ලැබුණා. ප්‍රතිලාභයක් ලෙස, බාප්දාදා සියලු දරුවන්ට සෙනෙහස සහ සිහිකිරීම ලබා දී මෙසේ පවසයි සුමිහිරි, සුමිහිරි ආදරණීය දරුවනේ. ඔබ දැන් පියාසර කරන අතර නොකඩවා සීඝ්‍ර වේගයකින් පියාසර කරනු ඇත. ක්‍රිඩකයන් ලෙස මායාගේ ක්‍රීඩා දෙස බලන්න. මාස්ටර් සර්ව බලධාරීන් ලෙස සොබා දහමේ සිදුවීම් අභිබවා ගොස් ඒවා ක්‍රීඩා බව සලකමින් නොකඩවා දියුණු වන්න. දිව්‍යමය බුද්ධියක යෝගාවෙන් නිරන්තරයෙන් පරම පියාගේ හස්තය සහ ඇසුර අත්විඳින්න. බලවත් වී නිරන්තරයෙන් නොකඩවා සම්මාන ඇතිව සමත් වන්න. නිරන්තරයෙන් මෙම ආශිර්වාදය සිහියේ තබාගන්න ඔබ සෙනෙහසේ ප්‍රතිරුවක් වේවා. එවන් සියලුම ආදරණීය පිළිරූ වලට, මාස්ටර් දානපති ජීවාත්මයන්ට, මව සහ පියාගෙන් බලයෙන් පිරි සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

බාප්දාදා දාදීන් මුණගැසෙමින්

පරම පියාගේ ඇසුරේ උරුමය වන්නේ විශේෂ බල අත්කර ගැනීමය. මෙම බල වලින් සියලු කාර්යයන් පහසුවෙන් ඉදිරියට යයි. ඔබ සියලු දෙනාම සමීප සහකරුවන්, එහෙම නේද? ඔබ පියා සමග හිඳ ඇත, ඔබ ඔහු සමග ආපසු යයි, එමෙන්ම බාබා සමග රාජධානිය පාලනය කරයි. ඔබ සංගමයේ සමීපයි, ඔබ අශාරීරික ලෝකයේ සමීපයි, එමෙන්ම, ඔබ රාජධානියේද සමීපයි. ඔබ උපත ලද සැනින්, සමීප වීමේ ආශිර්වාදය ඔබට හිමි විය ඔබ එය අත්දකිනවාද? සහකාරිත්වය අත්විඳීම සමීප බවේ සලකුණක්. වෙන්වීම අපහසුයි. ඇසුර ලැබීම ඉබේටම සිදු වෙයි. සමීපත්වයේ සමූහයක් වීමේදි ඔබ සියලු දෙනාම සමීපයි. ඔබ සියලු දෙනාම රාජධානියේ සිහසුන හිමි කරගන්නවා නේද? ඔබ සිහසුන ජය ගනීවි. ඔබ බාබාගේ හදවත දිනාගෙන තිබේ. ඔබ හදවත ජයගෙන ඇති අතර ඒ ආකාරයෙන්ම අංක පිළිවෙලට සිහසුන ජයගනීවි, ඉන්පසුව ඔබ පාලනය කරයි, එහෙම නේද? ඔබ මේ තරමට ජයග්‍රාහි අයයි, එහෙම නේද? ඔබ සියලු දෙනාගේම උනන්දුව සහ උද්යෝගය දැක සියලු දෙනාම දැනට මෙන්ම සෑම විටම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ගමන් කරයි. දරුවන් පියාගේ ආශ්චර්යය ගැන ගායනා කරන අතර පරම පියා දරුවන්ගේ ආශ්චර්ය ගැන ගායනා කරයි. ඔබ පවසන්නේ අපූරුයි බාබා! අපූරුයි! එමෙන්ම බාබා පවසන්නේ අපූරුයි දරුවනේ! අපූරුයි! අච්චා.

අව්‍යක්ත බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්

ඔබ සියලු දෙනාටම වන්දනීය ජීවාත්ම සහ මුතුන් මිත්තන් ජීවාත්ම වීම ගැන බොහෝ කුල්මත් බවක් තිබෙනවාද? ඔබ සියලු දෙනාම අසුන්ගෙන සිටින්නේ ජගත් වෘක‍ෂයේ මුල් වලයි, එහෙම නේද? ඔබ ආදිතම මාණික්‍යයන්, ආදි පිතා (ප්‍රථම පියා)ගේ දරුවන්. එබැවින් ඔබ මෙම වෘක‍ෂයේ කඳද වෙයි මතුවන සියලුම අතු සහ රිකිලි, බීජයෙන් පසුව මතුවන්නේ කෙඳන්ය. ඉතිං, ඔබ සියලු දෙනාම ඒ ප්‍රථම ධර්මයට අයත් ජීවාත්මයි, එමෙන්ම මතුවුණු ඉතිරි සියලු දෙනාම මතු වුණේ පසුවයි, ඔබ මුතුන් මිත්තන් වන්නේ මේ නිසයි. එබැවින් අත්තිවාරම ඔබයි. අත්තිවාරම ශක්තිමත් වන තරමට නිර්මාණය ශක්තිමත් වෙයි. ඔබ එතරම් අවධානයක් තමන් වෙත යොමු කළ යුතුයි. මුතුන් මිත්තන් වීම නිසා, එනම්, කඳ නිසා ඔබට බීජය සමග ඍජු සම්බන්ධයක් තිබේ. ඔබව පරමාත්ම දෙවියන් විසින් ඍජුවම නිර්මාණය කර ඇති බව, ඔබට කුල්මත් බවින් කිව හැක. ලෝකයේ මිනිසුන්ගෙන් ඔවුන්ව නිර්මාණය කළේ කවුරුන්ද කියා විමසන්න, එවිට ඔවුන් අසා ඇති දේ පමණක්, එනම්, දෙවියන් ඔවුන්ව නිර්මාණය කළ බව කියයි. කෙසේවෙතත්, එය නිකම්ම කියනවාට කීමයි, නමුත් ඔබ පරමාත්ම දෙවියන්ගේ ඍජු නිර්මාණයයි. මෙකල ඔවුන් බ්‍රහ්මගේ දරුවන් බව බ්‍රහ්මිණ්වරුන් පවා කියයි. කෙසේවෙතත්, ඔබ ප්‍රායෝගික ස්වරූපයෙන් බ්‍රහ්මගේ දරුවන්. ඉතිං, ඍජු නිර්මාණය වීමේ සතුට ඔබට තිබේ. ඔබ කිසියම් ශ්‍රේෂ්ඨ හෝ ආගමික ජීවාත්මයකගේ නිර්මාණය නොවෙයි ඔබ පරමාත්ම දෙවියන්ගේ ඍජු නිර්මාණයයි. එබැවින් ඍජු නිර්මාණයක බොහෝ සේ බලය තිබේ. ඔහු යම් ස්වරූපයකින් පැමිණෙයි කියා සිතමින් ලෝකයේ මිනිසුන් දෙවියන්ව සොයමින් සිටියි, නමුත් ඔබ පවසන්නේ ඔබට ඔහුව හමුවී ඇති බවයි. එබැවින් ඔබට බොහෝ සතුට තිබේ. ඉතිං, ඔබව දැකීමෙන් ඔවුන්ද සතුටට පත්වන තරම් බොහෝ සතුටක් ඔබට තිබෙනවාද? මන්ද, සතුටින් රැඳී සිටින අයගේ මුහුණු නිරන්තරයෙන් සතුටින් තිබේ.

බාප්දාදා රෝහලේ සේවය කරන සහෝදර සහෝදරියන් මුණගැසෙමින්

අසතුටින් රෝහලට පැමිණෙන සියලු දෙනාම ආපසු යන්නේ සතුටින්ද? දුකින් පැමිණෙන ඕනෑම කෙනෙකුට ඔහුගේ හෝ ඇගේ දුක අමතක වෙන අන්දමේ සතුටු වාතාවරණයක් ඔබට තිබෙනවාද? වාතාවරණයක් නිර්මාණය වන්නේ මිනිසුන්ගේ චිත්ත තරංග වලින්ය. දුකින් සිටින ජීවාත්මයන්ගේ සමූහයක් ඇති විට, එහි වාතාවරණය දුක් එකක් බවට පත් වෙයි. සිනහසෙමින් එහි යන ඕනෑම කෙනෙකුගේ සිනහව නවතියි, එමෙන්ම සතුටින් රැඳී සිටින මිනිසුන්ගේ සමූහයක් ඇති විට, සතුටේ සමූහයක් ලෙසින්, එහි යන ජීවාත්ම කෙතරම් දුකින් සිටියත්, ඔවුන් වෙනස් වෙයි. අනිවාර්ය බලපෑමක් තිබේ. ඉතිං, මෙය සදා සතුටු රෝහලක් නේද? එහි නිරෝගීකම පමණක් නොව, සතුටද තිබේ. සියලු දෙනාම නොකඩවා සිනහමුසු මුහුණින් සිටිමින් සිනහසෙමින් සිටින්නේ නම්, එයින්ම අඩක් සුවපත් වීම සිදුවෙයි. බෙහෙතේ අඩක් වන්නේ සතුටය. එවිට ඖෂධ වලට යන වියදමද ඉතිරි වෙයි, එහෙම නේද? සුළු වියදමකින් ඔවුන්ගේ රෝග වලින් රෝගීන් නිදහස් වූ විට ඔවුන් සතුටට පත් වන අතර රෝහලේ වියදම්ද අඩු වෙයි. වෛද්‍යවරුන්ට අඩු කාලයක් ලබා දීමට හැකි වෙයි. ඔබ සකාර් ස්වරූපය දුටුවා බ්‍රහ්ම පියා ඉදිරියට ගිය අය පැවසූ අත්දැකීම් මොනවාද? ඔවුන් බොහෝ ගැටළු ඇතිව බාබා ඉදිරියට ගියා, නමුත් ඔවුන් පියා ඉදිරියට ගිය විට, සිදුවීම් ඉබේටම විසෙඳයි. ඔබ ඒ අත්දැකීම් ගැන අසා තිබෙනවා නේද? ඒ ආකාරයෙන්ම ඔය වෛද්‍යවරු ඉදිරියට කෙනෙක් පැමිණි විට, ඔවුන් ඔබ වෙතට පැමිණි සැනින් ඔවුන්ගේ රෝගයෙන් අඩක් සුවපත් වෙයි. ඔබ සියලු දෙනාම එවන් වෛද්‍යවරු නේද? පියා අලෞකික වන සේම, කාර්යයට උපකරණ වන පියාගේ දරුවන්ද අලෞකික වෙයි, එහෙම නේද? ඔබ සියලු දෙනාටම තිබෙන්නේ අලෞකික දිවියක්ද නැත්නම් සාමාන්‍ය දිවියක්ද? ඔබගේ තපස්යාවේ ඔබ වැඩියෙන් ඉදිරියට ගමන් කරන තරමට ඔබගේ චිත්ත තරංග වැඩි වේගයකින් ක්‍රියාත්මක වනු ඇත. අච්චා. එය අඩු වියදමක් සහ වැඩි සාර්ථකත්වයක් තිබෙන රෝහලක් විය යුතුයි. වැය වන කාලය අඩු විය යුතු අතර මුදල්ද අඩුවෙන් වියදම් විය යුතු අතර වඩාත් කීර්තියක් (සාර්ථකත්වයක්) තිබිය යුතුයි ශ්‍රේෂ්ඨ නමක් සහ අඩු වැයක්. ඔබ එවැනි අලෞකික සේවාධාරීන් නේද? ඔබ හොඳ පදනමක් නිර්මාණය කර තිබේ. එය දැනෙන්නේ රෝහලක් මෙන්ද, නැත්නම් යෝග භවනයක් මෙන්ද? එය රෝහලක් මෙන් නොව යෝග මධ්‍යස්ථානයක් මෙන්, සතුටු නිවහනක් මෙන් දැනෙන බවට හඬ මතුවෙයි. ලෞකික මිනිසුන් පවා එවන් සතුටු නිවහන් ගොඩනඟයි. එහි යන ඕනෑම කෙනෙක් සෑම විටම සිනහසෙමින් සිටිනු ඇත. කෙසේවෙතත්, මෙම සිනහව, මනසේ එකකි (ඇතුලාන්තයෙන්). අනෙක තිබෙන්නේ කෙටි කාලයකට පමණයි, නමුත් මෙය සදාකාලයටයි. අච්චා. නිරන්තරයෙන් ප්‍රබෝදමත් හැඟීමකින් සිටින්න. කුමක් සිදුවුණත් තම හැඟීම් (පදදා) නරක් කර නොගන්න. කෙනෙක් ඔබට නින්දා කළත් නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටින්න. අච්චා.

වරදානය:
ඔබ සැබෑ සේවාධාරියෙක් වී, කැපවීමේ අවධානය ඇතිව සේවය කර, ඒ අනුව සාර්ථකත්වය අත්කර ගනිත්වා.

සැබෑ සේවාධාරියෙක් යනු, සම්පූර්ණ කැපවීමේ අවධානයෙන් සේවය කරන අයෙකි. සේවයේදි මගේ යන අවධානය සුළුවෙන්වත් නොතිබිය යුතුයි. මගේ යන අවධානය ඇති තැන සාර්ථකත්වය නැත. කෙනෙක් මෙසේ සිතන විට මේ මගේ කාර්යයි, මෙය මගේ අදහසයි, මෙය මගේ වගකීමයි, මෙම මගේ යන අවධානය යනු බැඳීමක් තිබීමය. කෙසේවෙතත්, ඔබ කොහේ සිටියත් සෑම විටම මෙම අවධානය ඇති කරගන්න මා උපකරණයක් වන අතර මෙය මගේ නිවස නොවෙයි නමුත් සේවය කිරීමට ස්ථානයකි. මෙම කැප වීමේ අවධානය තිබීම තුළින් ඔබ නිරහංකාර වී බැඳීම් ජයගෙන සාර්ථකත්වය අත්කර ගනී.

පාඨය:
ඔබගේ ස්ව-අභිමන් අසුනේ නිරන්තරයෙන් අසුන්ගෙන සිටින්න එවිට සියලු බල ඔබගේ අණට කීකරු වෙයි.