07.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔය පැරණිම බැතිමතුන්ට ඔබගේ භක්තියේ ඵලය ලබා දීමට පරමාත්ම පියා පැමිණ සිටියි. භක්තියේ ඵලය වන්නේ ඔබට විමුක්තිය ලඟා කර දෙන ඥානය වේ.

ප්‍රශ්නය:
ඉදිරියට යන අතර ඇතැම් දරුවන් තම වාසනාව පහළට ඇද දමා ගන්නේ කෙසේද?

පිළිතුර:
පරමාත්ම පියාට අයිති වීමෙන් පසුවත් ඔබ සේවය කරන්නේ නැතිනම්, තමා කෙරෙහි හෝ අන් අය කෙරෙහි අනුකම්පාවක් ඔබට නැතිනම්, ඔබ ඔබගේ වාසනාව පහළට ඇද දමා ගන්නවා. ඔබ ඔබගේම තත්ත්වය විනාශ කර ගන්නවා. හොඳින් ඉගෙන ගෙන ඔබ යෝගාවේ සිටිනවා නම්, වඩාත් හොඳ තත්ත්වයක් හිමි වෙනවා. සේවයට ලැදි දරුවන් සේවය කිරීමට ඉතාමත් ආසාවෙන් සිටිය යුතුයි.

ගීතය:
උදේ පාන්දරින් මෙහි පැමිණියේ කවුරුන් දෝ?

ඕම් ශාන්ති.
ඔය ආධ්‍යාත්මික දරුවන්ට දැන් තේරෙනවා ඔබලා ජීවාත්ම සත්තාවන් මිස ශරීර නොවන බව. පරමාත්ම ජීවය, පරමාත්ම පියාගෙන් ඔබලා මෙම ඥානය ලබන්නේ මෙම කාලයේ දීම පමණයි. පරමාත්ම පියා කියනවා: මා පැමිණ සිටිනා නිසා ඔබලා ජීවාත්ම සත්තාවන්ය යන විශ්වාසය දැන් තබා ගන්න. ශරීරයකට ඇතුළු වන්නේ ජීවයකුයි. ජීවාත්මයන් ශරීර අතහැර දමා තවත් ශරීර වලට ඇතුළු වෙනවා. ජීව වෙනස් වන්නේ නැහැ. ශරීර වෙනස් වෙනවා. ජිවාත්මයන් අවිනාශීයි. එමනිසා, තමන් ජීව සත්තාවන් බව සලකන්න. වෙන කිසිම කෙනෙකුට ඔබට මෙම ඥානය දෙන්න බැහැ. දරුවන්ගේ කන්නලව්ව ඇසී පරමාත්ම පියා දැන් පැමිණ සිටිනවා. මෙය ඉතාමත් සුබම සුබ වූ සංගම යුගය බව වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ පැහැදිලි කරන්නේ: මුලු ලෝකයම ඉතාමත් පරිහාණිකාරී අපිරිසිඳු තත්ත්වයකට පත් වෙලා. ඒ ලෝකය අමරණීය දේශය කියා හඳුන්වනා අතර මෙම ලෝකය හඳුන්වන්නේ මරණීය දේශය කියලයි. මරණීය දේශයේ යක්ෂ ගති ඇති මිනිසුන් සිටිනා අතර අමරණීය දේශයේ සිටින්නේ දිව්‍යමය ගතිගුණ ඇති මිනිසුනුයි. මෙන්න මේ නිසා තමයි ඔවුන් දේවතාවරුන් කියා හඳුන්වන්නේ. මෙහිත් හොඳ ගති ස්වභාවයන් තිබෙනා අය දේවතාවරුන් වැනියි කියා කියනවා. ඇතැම් අය තුළ දිව්‍යමය ගුණධර්ම තිබෙනවා. මේ කාලයේ දී, සියලුම මිනිසුන් තුළ ඇත්තේ යක්ෂ ගතියි: ඔවුන් පංච මහා පාපයන්ගේ පැටලිලා. මෙන්න මේ නිසා තමයි ඔවුන් ගයන්නේ: පැමිණ අපව දුකින් ගලවා ගන්න. මුදවා හැරියේ එක් සීතාවරියක් පමණක් නොවෙයි. බැතිමතුන්ට සිතා කියාත් දෙවියන්ට රාමා කියාත් කියනා බව බාබා කියා දී තිබෙනවා. ඔහු තම බැතිමතුන්ට ඔවුන්ගේ භක්තියේ ඵලය ලබා දීමට පැමිණෙනවා. මුළු ලෝකයම මෙම අසීමිත රාවණ රාජ්‍යයේ පැටලිලා. ඔහු පැමිණ ඔවුන්ව නිදහස් කර ගෙන රාම රාජ්‍යය කරා ගෙන යනවා. ඒ කියන්නේ ක්ෂත්‍රිය වංශයේ රිදී යුග රාම රජු ගැන නොවෙයි. රිදී යුගයේ ඒ රජු දැන් තමෝප්‍රධාන් වෙලා සිටින්නේ සම්පූර්ණ පරිහාණිකාරී තත්ත්වයකයි. ඉණිමගේ පහළටම පැමිණ ඔහු දැන් පතුළටම ඇද වැටිලා. පූජණීය තත්ත්වයේ සිටි ඔහු දැන් පූජා කරන්නෙකුගේ තත්ත්වයට පත් වෙලා. දේවතාවරුන් කාවවත් වන්දනා කරන්නේ නැහැ. ඔවුන් පූජණීය අයයි. පසුව ඔවුන් ක්ෂත්‍රියයින්, ශුද්‍රයින් බවට පත් වුණු පසු වන්දනාව ආරම්භ වෙනවා. පාප මඟට වැටුණු පසු ඔවුන් වන්දනාකරන්නන් වෙනවා. වන්දනාකරුවන් දේවතා පිළිම ඉදිරියේ වැඳ වැටෙනවා. මේ කාලය වන විට එකම එක පුද්ගලයෙක්වත් වන්දනීය තත්ත්වයේ නැහැ. අති උත්තම පරමාත්ම දෙවියන් වන්දනීය වන අතර ස්වර්ණම යුග දේවි දේවතාවරුන් ද වන්දනීය පූජණීය වේ. මේ කාලයේ සෑම කෙනෙක්ම වන්දනාකරුවන්ය. පළමුවෙන්ම, ශිව වන්දනය තිබුණා. ඒ අමිශ්‍ර වන්දනාවයි. පළමුව සතෝප්‍රධාන් වන්දනාව තිබුණු අතර පසුව එය සතෝ වුණා. ඉන් අනතුරුව, ඔවුන් දේවතාවරුන්ගෙන් ඉවත් වී ජල ගංඟා, මිනිස්සු, කුරුල්ලන්, සතා සිව්පාවුන් වන්දනා කරන්න පටන් ගත්තා. දවසින් දවස, නොයෙකුත් වර්ගයේ වන්දනාවන් ඇරඹෙනවා. මේ දිනවල, විවිධ ආගමික සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. ඇතැම් විට ආදී සනාතන ධර්මය, ඇතැම් විට ජෛනයින්, තවත් විටෙක ආර්ය සමාජීන් ගැන. සෑම කෙනෙක්ම තම තමන්ගේ ධර්මය හොඳම දේ වශයෙන් සලකනා නිසා මේ සෑම සම්මන්ත්‍රණයකටම ඔවුන් බොහෝ අයට ආරාධනා කරනවා. සෑම ආගමකම කුමන හෝ විශේෂ ගති ලක්ෂණයක් තිබෙනා නිසා, ඔවුන් තමන් ශ්‍රේෂඨයින් කියා සලකනවා. ජෛනවරුනුත් එක් එක් වර්ගයේ අය සිටිනවා. අඩුම තරමින් වර්ග පහක් හයක්වත් ඇති. ඒ අතුරින් ඇතැම් අය සෑම විටම සිටින්නේ නිර්වස්ත්‍රවයි. නිර්වස්ත්‍ර වෙනවා යන්නෙහි තේරුම ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් කියනවා: නිර්වස්ත්‍ර වෙනවා යනු ඔබ අශරීරික විය යුතු බවත් අශරීරිකව ආපසු යා යුතු බවත්ය. ඉතින් එසේ කී විට ඔවුන් ඇඳුම් ගලවා දමා නිර්වස්ත්‍ර වෙනවා. පරමාත්ම දෙවියන් කියනා දේ ඔවුන්ට තේරෙන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: ඔය ජීව මෙහි පැමිණ තම තමන්ගේ චරිත කොටස් රඟපෑමට ශරීර වලට ඇතුළු වුණා. ඔබ දැන් නිවහන බලා යා යුතුයි. ඔය දරුවන්ට මේ දේවල් තේරෙනවා. ජීවයන් මෙහි පැමිණෙන්නේ තම චරිත කොටස් රඟදැක්වීමටයි. ගස දිගටම වැඩෙනවා. නොයෙකුත් ආගම් වර්ග දිගටම මතු වෙනවා. මෙන්න මේ නිසා තමයි මෙය විවිධ ප්‍රසංගයක් කියා කියන්නේ. මෙය විවිධ ආගම් වල ගසයි. ඉස්ලාම් ධර්මය දෙස බලන්න: එයට අතුරිකිලි රාශියක් තිබෙනවා. මොහම්මද් තුමා පැමිණියේ පසුවයි. පළමුවෙන්ම ඉස්ලාම්වරුන් සිටියා. මුස්ලිම්වරුන්ගේ ජනගහනය දැන් ඉතාමත් විශාලයි. අප්‍රිකාවේ සිටින්නන් ඉතාමත් ධනවත්. ඔවුන්ට එහි රත්‍රං හා දියමන්ති ආකර තිබෙනවා. මිනිස්සු ධනයෙන් පිරි රටකට පහර දෙන්නේ එය ආක්‍රමණය කර ගැනීමටයි. ක්‍රිස්තියානුවනුත් ඉතාමත් ධනවත් වී සිටිනවා. භාරතයේත් ධනය තිබුණා. නමුත් ඒවා සැඟවිලා. රත්‍රං ආදිය බොහොමයක් ඔවුන් රාජසන්තක කරනවා. ජෛන සංගමයේ අය තමන් උතුම් අය කියා සලකනා නිසා නොයෙකුත් වර්ගයේ රැස්වීම් සම්මන්ත්‍රණ පවත්වනවා. සෑම දහමක්ම නොනවත්වාම වර්ධනය වෙනවා. කුමන හෝ මොහොතක දී විනාශය අනිවාර්යයෙන්ම සිදු වේවි. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සෑම ආගමක්ම අතුරින් කිසිම කෙනෙක් දන්නේ නැති ඔබගේ බ්‍රහමණ ධර්මය තමයි ඉහළම ඉහළ ධර්මය. කලි යුග බ්‍රහමණවරුණුත් රාශියක් සිටිනවා. කෙසේ වෙතත්, ඒ නිර්මාණය පාපයෙන් සිදු වෙන්නකි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් සියලු දෙනාම සහෝදර සහෝදරියන්ය. ඔවුන් තමන් බ්‍රහ්මාගේ දරුවන් කියා සලකනවා නම්, ඒ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් විය යුතුයි. එමනිසා,ඔවුන්ට විවාහ විය නොහැකියි. ඉතින් මෙයින් අදහස් වන්නේ ඒ බ්‍රහමිණ්වරුන් බ්‍රහ්මාගේ කටින් උපන් බ්‍රහමිණ්වරුන් නොවන බවයි. ඔවුන් නිකම් නම දමා ගන්නවා පමණයි. ඇත්තටම කියනවා නම් ඔය බ්‍රහමිණ්වරුන් දේවතාවරුන්ටත් වඩා උතුම් වන්නේ ඔබලා ඉහළින්ම පිහිටන්නන් නිසායි. ඔය බ්‍රහ්මිණ්වරුන් මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවනවා. පරමාත්ම ජීවය වන පරමාත්ම පියා තමයි ඔබට උගන්වන්නේ. ඔහු ඥාන සාගරයයි. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඇතැම් අය පරමාත්ම පියා ළඟට පැමිණ බ්‍රහමිණ්වරුන් වී නැවතත් හෙට වන විට ශුද්‍රයින් වෙනවා. පැරණි සංස්කාර වෙනස් කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීමට සිදු වෙනවා. තමන් ජීවයක්, තම පරමාත්ම පියාගෙන් දැන් තම උරුමය දිනා ගත යුතුයි යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි. අධ්‍යාත්මික පියාගෙන් තම උරුමය දිනා ගන්නේ ආධ්‍යාත්මික දරුවන්ය. මායාත් ඔබට බාධක ගෙන එන්නේ එම පිය ස්මරණයේ දීයි. පරමාත්ම පියා කියනවා: ඔබගේ අත් දෙකින් වැඩ කරගෙන යද්දී සිතෙහි පරමාත්ම පියාගේ සිහිය රැඳේවා. මෙය ඉතාමත් පහසුයි. එය හරියට එකිනෙකාව නොදැක ඉන්න බැරි ආදරවන්තයෙකුත් ආදරවන්තියෙකුත් වගෙයි. පරමාත්ම පියා තමයි ආදරවන්තයා. ඒ පරමාත්ම පියා නිරතුරුවම සිහි කරනා සියලුම දරුවන් ආදරවන්තියන් වේ. කිසිම කෙනෙකුට ආකර්ෂණය නොවී සිටින්නේ එකම එක පරමාත්ම පියාම පමණයි. මන්ද ඔහුට ඉහළින් තවත් කෙනෙක් නැහැ. කෙසේ වෙතත්, ඔහු දරුවන්ව වර්ණනා කර භක්ති මාර්ගය ආරම්භයේ පටන්ම ඔබ මගේ ආදරවන්තියක් ලෙසින් සිටියා කියා කියනවා. පැමිණ අපව දුකින් මුදවා ගන්නයි කියා ඔබ කන්නලව් කර කිව්වා. ඔබ සෑම කෙනෙක්ම මනාලියන්ය, මම ඔබලාගේ මනමාලයායි. ඔබ සෑම කෙනෙක්ම යක්ෂයින්ගේ සිරකුටියේ සිර වී සිටිනා නිසා ඔබලාව නිදහස් කර ගැනීමට මම පැමිණ සිටිමි. මෙයට දැඩි උත්සාහයක් අවශ්‍ය වෙනවා. සාපරාධී ඇස ඔබව රවටනවා. ශිෂ්ඨ සම්පන්න දැක්මක් පවත්වා ගැනීමට උත්සාහයක් අවශ්‍යයි. දේවතාවරුන්ට ඉතාමත් උතුම් චරිතයක් තිබෙනවා. එවන් දේවතාවරුන්ව නිර්මාණය කරවීමට අනිවාර්යයෙන්ම කවුරු හෝ කෙනෙක් අවශ්‍ය වෙනවා. සම්මේලනයේ තේමාව නම්: මානව දිවියකට ආගමක අවශ්‍යතාවය. නාටකය ගැන නොදැනීම නිසා ඔවුන් සෑම කෙනෙක්ම පටලැවිල්ලට පත් වෙලා. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙය පැහැදිලි කර දෙන්නත් බැහැ. කිතුණුවන් හෝ බෞද්ධයින් ක්‍රිස්තුන් වහන්සේ හෝ බුදුන් වහන්සේ නැවතත් පැමිණෙන්නේ කවදාදැයි කියා දන්නේ නැහැ. නිවැරදිම කාල වකවානු ගැන ඔබට එක් ක්ෂණයකින්ම කිව හැකියි. ආගමේ අවශ්‍යතාවයක් තිබෙනවා යි කියා ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. පළමුවෙන්ම පැවතියේ කුමන ධර්මය ද ඉන් අනතුරුව පැමිණියේ මොනවාදැයි කියා ඔබ ඔවුන්ට කියා දිය යුතුයි. ඔවුන්ගේම ආගම් වල අයට පවා මෙය සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ. යෝගාවෙන් තොරව ඔබට ශක්තිය ගන්න බැහැ. කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. සියලු බල ඇත්තා කියා හැඳින්වෙන්නේ පරමාත්ම පියාවම පමණයි. ලෝක පාලකවරුන් බවට පත් වන තරමට ඔබලා සියලු බල ඇත්තන් වී සිටිනවා. කිසිම කෙනෙකුට ඔබගේ රාජ්‍යය පැහැර ගන්න බැහැ. ඒ කාලයේ දී වෙනත් කිසිම රටක් තිබුණේ නැහැ. දැන් රටවල් ගණනාවක් තිබෙනවා. මෙම ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද? මෙය වසර 5000 ක චක්‍රයකි. ඔබට ලෝකය මණින්න බැහැ. මහ පොළොව මැණිය හැකි වේවි. නමුත් මහ සාගරය මණින්න බැහැ. අහසේ හෝ සයුරේ අන්තය සොයා ගැනීමට කිසිම කෙනෙකුට බැහැ. එමනිසා, එවන් ආගමක් අවශ්‍ය වන්නේ මන්දැයි කියා පහදා දෙන්න. මුලු චක්‍රයම රඳා පවතින්නේ ආගම් මතයි. මෙය විවිධාකාර ආගම් වලින් සමන්විත වුණු ගසයි. මෙම ගස (පින්තූරය) අන්ධයින්ට කැඩපතක් වැනිය. ඔබගේ පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. කුණාටු හමනා විට කොළ හැළෙනවා. අනිකුත් ආගම් වල කුණාටු ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් ඉහළ සිට පහළට පැමිණිය යුතුයි. මෙහි ඔබගේ ධර්මයේ ස්ථාපනය ඉතාමත් අපූරුයි. ආරම්භයේ දී පැමිණි බැතිමතුන්ව ආපසු නිවහන වෙත ගෙන යාමේ ඵලය දීමට පරමාත්ම පියා පැමිණිය යුතු වෙනවා. අප ජීවාත්මයන්ව අපගේ නිවහනට ගෙන යන්නයි කියා ඔබලා කන්නලව් කළා. දෙව් ලොව රාජධානියේ වාසනාව පරමාත්ම පියා ඔබට දෙනවායි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සන්‍යාසීන් සතුට ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ සදාතනික මුක්තියයි. සදාතනික මෝක්ෂය උරුමයක් කියා කියන්න බැහැ. ශිව බාබාමත් තම චරිත කොටස රඟදැක්වීමට පැමිණිය යුතුයි. ඉතින් වෙනත් කෙනෙක්ට සදාතනික මුක්තියක් ලැබෙන්නේ කෙසේද? ඔය බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් ඔබගේ ධර්මය ගැනත් අන් අයගේ ධර්මයන් ගැනත් දන්නවා. ඔබ සෑම කෙනෙක්ම කෙරෙහි අනුකම්පා සහගත විය යුතුයි. චක්‍රයේ රහස් පහදා දෙන්න. ඔවුන්ට කියන්න: ඔබගේ ධර්මයේ ස්ථාපනකරු නැවතත් වතාවක් ඔහුට අදාළ කාලයේ දී පැමිණේවි. අන් අයට පැහැදිලි කරනා අය දක්ෂ විය යුතුයි. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් වී පසුව සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසු කර යා යුතු බව පහදා දිය යුතුයි. දැන් මේ ඇත්තේ රාවණ රාජ්‍යයයි. පරමාත්ම පියා ඔබට කියන්නේ සැබෑ ගීතාවයි. පරමාත්ම දෙවියන් වන්නේ අශාරීරික කෙනායි. ජීව අශාරීරික දෙවි පියාණන්ට කන්නලව් කරනවා. ඔය ජීවයන් එහි සිටින්නන්ය. ඔබලාට පරමාත්ම ජීවයයි කියන්න බැහැ. සිටින්නේ එකම එක පරමාත්ම ජීවයකුයි. ඉහළම ඉහළ පරමාත්ම දෙවියන්. පසුව අන් සියලුම ජීව දරුවන් පැමිණෙනවා. සැමටම මුක්තිය දෙන්නේ එකම එක කෙනායි. ඔහුගෙන් පසුව දේවතාවරුන් සිටිනවා. ඒ සෑම කෙනෙක්ම අතුරින් ක්‍රිෂ්ණා අංක එක වන්නේ ඔහුගේ ජීව සත්තාවත් ශරීරයත් දෙකම පාරිශුද්ධ නිසායි. ඔබලා සංගම යුගයේ අයයි. ඔබගේ ජීවිත ඉතාමත් වටිනා ජීවිතයි. බ්‍රහමින්වරුන්ගේ ජීවිත ඉතාමත් වටිනා ජීවිතයි. දේවතාවරුන්ගේ නොවෙයි. පරමාත්ම පියා ඔබලාව ඔහුගේ දරුවන් කරවාගෙන ඔබ වෙනුවෙන් මහත් වෙහෙසක් දරනවා. දේවතාවරුන් එතරම් වෙහෙසක් දරන්නේ නැහැ. ඔවුන් කරන්නේ තමන්ගේ දරුවන්ව ඉගෙනීම සඳහා පාසලට යැවීම පමණයි. මෙහි, පියා මෙහි සිට ඔබලාට උගන්වනවා. ඔහු තමයි පරමාත්ම පියා, පරම ගුරුවරයා, ගුරු ත්‍රිත්ත්වයම වෙනවා. එමනිසා, ඔබ ඔහුට මහත් ගෞරවයක් දැක්විය යුතුයි. සේවයට ලැදි දරුවන් සේවය කිරීමට මහත් උනන්දුවක් දැක්විය යුතුයි. සේවයට දක්ෂව සේවයේ නිරතව සිටින්නන් ඉතාමත් අල්පයි. යුද්ධයට යාමට පුහුණුව ලත් අයව රැකියාවෙන් නිදහස් කරවනවා. ඒ සෑම කෙනෙකුගේම නම් ලැයිස්තුව ඔවුන් ළඟ තිබෙනවා. කිසිම කෙනෙකුට සටන් බිමට යා නොහැකියි කියා හමුදාව ප්‍රතික්ෂේප කරන්න බැහැ. අවශ්‍ය වෙලාවක කැඳවීම කෙරෙනා බව ඔවුන්ට තදින්ම දැනුම් දීලයි තිබෙන්නේ. එය ප්‍රතික්ෂේප කරන්නන්ට නඩු දමනවා. මෙහි එහෙම නැහැ. මෙහි දී වන්නේ හොඳින් සේවය නොකරනා අයගේ තත්ත්වය විනාශ වී යාමයි. සේවය නොකරනවා යනු තමන්ටම වෙඩි තබා ගනිමින් තම තත්ත්වය විනාශ කර ගැනීමයි. ඔවුන් තමන්ගේම වාසනාව නැති කර ගන්නවා. හොඳින් ඉගෙන ගෙන යෝගාවේ නිරත වුවොත් ඉතාමත් හොඳ තත්ත්වයක් දිනා ගත හැකියි. ඔබ, ඔබ කෙරෙහි අනුකම්පා සහගත විය යුතුයි. තමන් කෙරෙහිම ඔබට අනුකම්පාවක් තිබෙනවා නම්, අන් අයටත් අනුකම්පා කිරීම ඔබට කළ හැකියි. පරමාත්ම පියා නිරතුරුවම සෑම ආකාරයේම පැහැදිලි කිරීම් ලබා දෙනවා. බලන්න මෙම ලෝක නාටකය කැරකෙන්නේ කෙසේද කියලා. අධිරාජ්‍යයත් ස්ථාපනය වෙමින් පවතිනවා. ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මේ දේවල් දන්නේ නැහැ. ඔබට දැන් ආරාධනා ලැබෙනවා. විනාඩි පහකින් දහයකින් කොපමණ තරමක් පැහැදිලි කළ හැකිද? පැයක් හෝ දෙකක් දෙනවා නම් යමක් පැහැදිලි කළ හැකියි. ඔවුන් නාටකය ගැන කිසිවක්ම දන්නේ නැහැ. ඉතාමත් හොඳ කරුණු සෑම තැනකම ලිවිය යුතුයි. කෙසේ වෙතත්, දරුවන්ට මෙය අමතක වෙනවා. පරමාත්ම පියා තමයි නිර්මාපකයා. ඔහු ඔය දරුවන්ව නිර්මාණය කරනවා: ඔහු ඔබව ඔහුට අයිති කරගෙන. ඔහු අධ්‍යක්ෂක වී ඔබට උපදෙස් දෙනවා. ඔහු ඔබට ශ්‍රීමත් දී ඥානය දෙමින් රඟදක්වනවා. මේ තමයි ඔහුගේ ඉහළම ඉහළ රඟදැක්වීම. මෙම නාටකයේ නිර්මාණකරු, අධ්‍යක්ෂක හා ප්‍රධාන නළුවාව ඔබ දන්නේ නැතිනම් ඔබගෙන් ඇති ඵලය කුමක්ද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අගනා ජීවිතයේ දී ඔබට උගන්වනා ගුරුවරයා කෙරෙහි ඉතාමත් ඉහළ ගරුත්වයක් තිබිය යුතුයි. මෙම හැදෑරීමෙන් ඉතාමත් දක්ෂ අයෙක් බවට පත් වී සේවයේ නිරතව සිටින්න. තමා කෙරෙහි අනුකම්පා සහගත වන්න.

2. තමාව ප්‍රාණවත් කර ගැනීම සඳහා ශිෂ්ඨ සම්පන්න වන්න. ඔබගේ චරිතය අළුත් කර ගන්න. මිනිසුන්ව දේවතාවරුන් කරවීමට සේවය කරන්න.

වරදානය:
ඔබ තම ඇතුලාන්තය දෙස බලා, සිතිවිලි සහ වචන වල ව්‍යාප්තිය, එහි සාරයට දමන්න.

නිෂ්ඵල සිතිවිලි වල ව්‍යාප්තිය අසුරා දමා, එහි සාරයේ මනෝ ස්ථීතියේ ස්ථාවර වන්න, එනම්, වචන වල නිෂ්ඵලත්වයේ හඬ මුසුකර එය බලවත් කරගන්න, එනම්, එය එහි සාරයට දමන්න මෙය අභ්‍යන්තරය දෙස බැලීමයි. එවන්, ඇතුලත දෙස බලන දරුවනට, ඔවුන්ගේ නිහැඬියාවේ බලයෙන්, සැරිසරන ජීවාත්මයන්ට ඔවුන්ගේ නිවැරදි ගමනාන්තය පෙන්විය හැක. මෙම නිහැඬියාවේ බලයට බොහෝ ලස්සන, ආධ්‍යාත්මික, වර්ණවත් ක්‍රීඩා පෙන්විය හැක. නිහැඬියාවේ බලයෙන් ඔබට සෑම ජීවාත්මයකගේම මනසේ හඬ, ඔවුන් ඔබ ඉදිරියේ පෞද්ගලිකව කතා කරනවා මෙන් ඉතා සමීපයෙන් ඇසිය හැක.

පාඨය:
ඔබගේ ස්වභාවයේ, සංස්කාර සහ නෑ සබඳතාවන්හි සැහැල්ලුවෙන් සිටීම යනු, සුරදූතයෙක් වීමය.