07.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා පරමාත්ම පරම පියාගේ සිසු දරුවන්ය. ඔබලා රූප් හා බසාන්ට් විය යුතුයි. එවිට ඔබගේ දෙතොලින් පිටවිය යුත්තේ ඥාන මිණිමුතු පමණි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ට නැවත සිහිය ලබා ගැනීමට, බාබා ඔය දරුවන්ට දෙන, ජීවිතය ලබා දෙන ශාකසාර ඖෂධය කුමක්ද?

පිළිතුර:
මන්මනාභව, එනම් පරම පියාව සිහි කරන්න. මෙම කුල්මත් බව පවත්වාගන්න අප දේවතාවන් වීමට, එනම් රාජකීය තත්ත්වයක් හිමි කරගැනීමට, පරමාත්ම දෙවියන් සමඟ මෙම ඉගෙනුම හදාරනවා. ඔබට නැවත සිහිය ලබා දෙන ජීවිතය-දෙන ඖෂධය මෙම අවධානයයි. එවන් දරුවන්ගේ මනෝ ස්ථීතිය කිසිදා මලානික නොවෙයි. ඔවුන් සෑම විටම තමන්ව පරීක‍්ෂා කර බලා, නොකඩවා අන් අයට අනතුරු අඟවයි.

ඕම් ශාන්ති.
මෙය පාසලකි. තම පාසලේ ගුරුවරයා ඉදිරියේ අසුන් ගෙන සිටිනවාය කියා සිසු දරුවන් දැනගෙන සිටිනවා වගේයි. තමන් සමත් වීමට යන විභාගය කුමක් ද කියා ඔවුන් දැනුවත්. ආගමික ග්‍රන්ථ පත පොත කියවනා ආධ්‍යාත්මික හමුවීම් වල කිසිම අරමුණක් නැහැ. ඒ ග්‍රන්ථ ඔබගේ සිහියෙන් ඉවත් වී තිබෙනවා. තම අනාගත උපත් 21ක් සඳහා තමන් දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්වයට පත් වෙමින් සිටිනා බව ඔබලා දන්නවා. ශිෂ්‍යයින් ගෙදර සිටිනා විට හෝ කොහේ හෝ යන එන විට වුවත් තමන් මෙන්න මේ විභාගය කර ඉන් සමත් වෙනවාය යන්න සිහියේ තිබෙනවා. පන්තියේ අසුන් ගෙන සිටිනා ඔබලාත් තම තමන් දේවතාවරුන් වෙන බව දන්නවා. ඔබලා තමන් ශිෂ්‍යයින් කියා සලකනවා, නේද? අපි ජීව වන අතර අපගේ ශරීර හරහා ඉගෙන ගන්නවා. ඔබ ශරීර අතහැර දමා ඉදිරියේදී තවත් නව ශරීර ගන්නා බව ජීවයන් දන්නවා. එවිට ඔබලාට කියන්නේ දේවතාවරුන් කියලයි. ඒ ශරීර පාපකාරී මෙන්ම අපිරිසිඳුයි. පසුව ඔබලා අලුත් ශරීර ලබාවි. මෙම අවබෝධය ඔබලා මේ කාලයේ දී ලබනවා: ජීවාත්මය වන මම ඉගෙන ගන්නා අතර ඥාන සාගරය මට උගන්වනවා. මෙහිදී. ඔබට තම ගෙවල් දොරවල් පිළිබඳ කිසිම කරදරයක් නැහැ. සාමාන්‍ය මනුෂ්‍ය බවින් වෙනස් වන තමන් ඉදිරියේ දී දේවතාවරුන් වෙනවාය යන්න ඔබගේ සිහියේ තිබෙනවා. දේවතාවරුන් සිටින්නේ දෙව්ලොවයි. මේ ගැන නිතර නිතර සිතීමෙත් ඔය දරුවන්ට සතුටු විය හැකි වන අතර ඔබලා උත්සාහයන් දරාවි. සිතිවිලි, වචන හා ක්‍රියා වලින් පාරිශුද්ධ වී ඔබලා සෑම කෙනෙකුටම සතුටේ පණිවිඩය දේවි. බ්‍රහ්ම කුමරුන් රාශියක් සිටිනා අතර ඒ සෑම කෙනෙක්ම ශිෂ්‍ය ජීවිතයක් ගත කරනවා. ඔබගේ අනිකුත් ව්‍යාපාරික කටයුතු ආදීයෙහි නිරතව සිටිනා විට මෙම ජීවිතය අමතක වෙනවා කියා දෙයක් සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස කිවහොත්, මේ කැවිලි වෙළෙන්ඳා පවා තමන් ශිෂ්‍යයෙක් කියා තේරුම් ගෙන සිටිනවා. ශිෂ්‍යයින් කැවිලි හදන්න ඕනේද? මෙහි. ඔබගේ සෑම දෙයක්ම අසහායයි. ඔබ තම ශාරිරික ජීවිකාව සඳහා වැඩපළ කළ යුතුයි. ඒත් සමඟම, තමන් දැන් මේ ඉගෙන ගන්නේ පරමාත්ම පියා. පරමාත්ම ජීවය සමඟ බව යන්නත් ඔබ සිහියේ තබා ගත යුතුයි. මේ කාලයේ සිටිනා සෑම කෙනෙක්ම සිටින්නේ අපායේ යන්නත් ඔබගේ සිහියේ තිබෙනවා. කෙසේවෙතත්, භාරතයේ අපි අපායවාසීන් බවත් ඒ භාරතවාසී අපිම දෙව්ලොව වාසීන්ව සිටි බවත් කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මුලු දවස පුරාවටම ඔය දරුවන් මෙම කුල්මත් බාවයේ සිටින්නේ නැහැ. නිතර නිතරම ඔබට මෙය අමතක වෙනවා. ඔබලා බී.කේ.වරුන්, ඒ වගේම ගුරුවරුන්. මිනිසුන්ව දේවතාවරුන් කරවීමේ හා අපායවාසීන් දෙව්ලොවවාසීන් කරවීමේ පාඩම ඔබට උගන්වනවා. ඒ වුණත්, ඔබට මෙය අමතක වෙනවා. දැන් මේ කාලය වන විට මුලු ලෝකයම යක්ෂ සමාජයක් වී ඇති බව ඔබ දන්නවා. ජීවාත්මය අපිරිසිඳු වන අතර ශරිරයත් අපිරිසිඳුයි. ඔය දරුවන් දැන් පාප දුර්ගුණ අප්‍රිය කරනවා. රාගය හා කෝපය ආදී සෑම දෙයක්ම අප්‍රිය කළ යුතු දේවල්ය. වැඩියෙන්ම අප්‍රිය කෙරෙන්නේ පාප දුර්ගුණයන්ය. සන්නාසීවරුන් ලඟ පොඩි කේන්තියක් තිබෙනවා. මන්ද ඔවුන් කන කෑම අනුව තමයි ඔවුන්ගේ මනසත්: ඔවුන් කන්නේ ගෙවල් වල අය හදන කෑමයි. ඇතැම් අය ඔවුන්ගෙන් කෑම ගන්නේ නැහැ. නමුත් මුදල් ගන්නවා. අපිරිසිඳුතාවයේ බලපෑම ඔවුන් මත තිබෙනවා: අපිරිසිඳු අයගෙන් ගන්නා ආහාර වලින් සිදුවන්නේ ඔබ අපිරිසිඳු වීම පමණයි. ඔබ දැන් පාරිශුද්ධත්වයේ විප්ලවයක් පවත්වනවා. මෙය දිගටම ක්‍රියාත්මක වේවි. සෑම කෙනෙකුටම පාරිශුද්ධ වීමට අවශ්‍ය වෙනවා. මෙය ඔවුන්ගේ හදවත ස්පර්ෂ කරාවි. පාරිශුද්ධ වීමෙන් තොරව ඔබට පාලකවරයෙක් වෙන්න බැහැ. ක්‍රම ක්‍රමයෙන් මෙය සෑම කෙනෙකුගේම සිහියට ඇතුලු වේවි. දෙව්ලොව වාසීන්වීමට සිටිනා අය ඒ තත්ත්වයට පත්වේවි. පාරිශුද්ධත්වයට පත්වී තමන් අනිවාර්යයෙන්ම පාරිශුද්ධ ලෝකයට යනවායි කියා ඔවුන් කියාවි. අපිරිසිඳු ලෝකය පාරිශුද්ධ කරවන කාටත් යහපත සැලසෙන සංගම යුගය මෙයයි. මෙන්න මේ නිසා තමයි මෙයට ඉතාමත් සුබම සුබ වූ යුගය කියා කියන්නේ. මානව ලෝකයට යහපත සැලසෙන මෙම යුගය හිතකාමි යුගයක් වශයෙන් සැලකෙනවා. පරමාත්ම පියා දානපතියා වන අතර ඔහු ඔය දරුවන්ට ද ඒ තත්ත්වයටම පත් කරවයි. ඔහු පැමිණ ඔබට යෝගාව උගන්වා ඔබව මානව බවින් දේවතාවරුන් කරවනවා. මෙය ඔබගේ ප්‍රධාන පාසල බව ඔබ දන්නවා. මෙහි සිටිනා කිසිම කෙනෙකුට වෙනත් කිසිම කටයුත්තක් නැහැ. මෙතැනින් එලියට ගිය පසු ඔබලා තම ව්‍යාපාරික කටයුතු ආදීයෙහි නිරත වෙනවා ඇති. ඒ නිසා එහිදී තමන් ශිෂ්‍යයින් බවවත් අපාය වාසීන්ගෙන් දෙව්ලොව වාසීන් බවට පත් වෙමින් සිටිනා බවවත් මතක් වෙන්නේ නැහැ. වෙලාවක් ලැබුණු විටක පමණයි ඔබ මේ දේවල් පිළිබඳව සලකා බලන්නේ. කාලය සොයා ගැනීමට උත්සාහ කළ යුතුයි. තමෝප්‍රධාන් බවින් දැන් තමන් සතෝප්‍රධාන් වෙමින් සිටිනා බව ඔබ සිහියේ තබා ගත යුතුයි. ඔබ සිහි කළ යුත්තේ එකම එක පරමාත්ම පියාවම පමණයි. රාජකාරි කරන තැනදී වුවත් ඔබට යම් කාලයක් ගත හැකියි. තමන් දේව පියාණන්ගේ සිසුන්ය යන්න සිහියේ තබා ගැනීමට උත්සාහ ගත යුතුයි. ඒ ලෞකික ව්‍යාපාරයයි. මෙය ද ඔබගේ රැකියාවයි. අනාගතය සඳහා වන සැබෑම ආදායම මෙයයි. මේ සඳහා ඔබට ඉතාමත් හොඳ බුද්ධියක් අවශ්‍යයි. තමා ජීවාත්මයක් කියා සලකා තම පරමාත්ම පියා පරමාත්ම ජීවය සිහි කරන්න. ජීවාත්ම වන අප නිවහන බලා යා යුතු බවත් බාබා පැමිණ සිටින්නේ අපව ආපසු ගෙන යාමට බවත් ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. මුලු දවස පුරාම මෙම ඥානය ඔබගේ සිහියේ තිබිය යුතුයි. හරකෙක් කෑ දෙයක් වමාරමින් කන්නාක් සේ ඔබ ද එයම කළ යුතුයි. ඔය දරුවන් දැන් අවිනාශී ධනයක් ලබනවා. මෙය ඔය ජීවමයන් සඳහා වන අහරයි. තමන් දේවතාවරුන් වී රාජකීය තත්ත්වයක් දිනා ගැනීම සඳහා පරමාත්ම පියා පරමාත්ම ජීවය සමඟ ඉගෙන ගන්නා බව ඔබ මතක තබා ගත යුතුයි. ඔබ මෙය මතක් කළ යුතුයි. නමුත් නිතර නිතරම ඔබට මෙය අමතක වෙනවා. එවිට සතුටින් සිටිනවා වෙනුවට ඔබ සිටින්නේ මළාණිකවයි. මේක තමයි ඔබ ලඟ තබා ගත යුතු දිව ඔසුව. ඒ වගේම එය අන් අයටත් දෙන්න. ඔවුන්වත් ප්‍රාණවත් කරවන්න. ග්‍රන්ථ වල දිග කතාන්දර රැසක් ලියා තිබෙනවා. බාබා මෙහි සිට ඒ සියල්ලේ අරුත පැහැදිලි කර කියා දෙනවා. "මන්මනාභව" යනු: පරමාත්ම පියා සිහි කර දෙව්ලොව පාලකවරුන් වන්න. නිතර නිතර මෙය තම හදවතින් විමසමින් විපරම්ව සිටින්න. එකිනෙකාට අනතුරු අඟවන්න. යම් යම් ආරවුල් ඇති වුණු විට, ඔබගේ සිහිය ඒ මතම රැඳී තිබෙනා අතර යමෙක් යම් දෙයක් කීවත් ඔබට එය අමිහිරි වෙනවා. සිහිය මායා සමඟ කාර්යබහුල නිසා ඒ කනස්සලමයි සෑම විටම තිබෙන්නේ. ඔය දරුවන් සතුටින් සිටිය යුතුයි. පරමාත්ම පියාව සිහි කරන්න. නමුත් ඔබ තමන්ගේම උඟුලේ පැටලී සිටිනවා නම් ඒ බෙහෙත ක්‍රියාත්මක නොවන අතර ඔබ නිතර නිතරම තැන් තැන්වල සිර වේවි. ඔබ එසේ නොකළ යුතුයි. ශිෂ්‍යයෙක් තම ඉගෙනුම නතර කරන්නේ නැහැ. ඔබගේ මෙම අධ්‍යාපනය අනාගතය සඳහා වන්නක් බවත් යම් යහපතක් ඇත්තේ මේ තුළම පමණක් බවත් ඔය දරුවන් දැන ගත යුතුයි. ඔබගේ ව්‍යාපාර කටයුතු කරනා අතරම පාඨමාලාවත් ගන්න. ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේද යන ඥානයත් නිතර තම සිහියේ තබා ගෙන සිටින්න. ස්මරණය දිව ඔසුවයි. එකිනෙකාට මෙය සිහිපත් කර දෙන්න. සැමියා හා භාර්යාව නිතර එකිනෙකාව සිහි කළ යුතුයි. ශිව බාබා බ්‍රහ්ම බාබා හරහා අපට උගන්වනවා. ඔබ ශිව් බබාගේ රථය සරසවන නිසා ශිව් බාබාව සිහියේ තබා ගත යුතුයි. මුලු දවස පුරාම ඔහුව මතකයේ තබා ගැනීම අපහසුයි. ඒ තත්ත්වය ඔබට එන්නේ අවසානයේ දීයි. බලවත් අය කර්මතීත් තත්ත්වයට පත් වන තෙක්ම මායා නොනවත්වාම ඔවුන්ට පහර දේවි. එකිනෙකාට අනතුරු අඟවමින් ඔබ වර්ධනය විය යුතුයි. නිලධාරීන් තමාට යමක් මතක් කරවන්නැයි කියා තමා සමඟ රාජකාරී කරනා අයට කියනවා. ඔබත් මෙම ස්මරණය පිළිබඳව සෑම කෙනෙක්ටම මතක් කර දිය යුතුයි. ගමනාන්තය ඉතා ඉහළයි. පරමාත්ම පියා කියනවා: මා සිහි කිරීමෙන් ඔබ පාරිශුද්ධ වේ. පරමාත්ම පියා ඔබට කිසිම අලුත් දෙයක් කියන්නේ නැහැ. ඔබ මෙම ඥානය සිය දහස් වාරයක් අසා තිබෙනවා. ඉතින් දැන් නැවතත් ඇසිය හැකියි. වෙන කිසිම ආධ්‍යාත්මික හමුවක සිටිනා කෙනෙක් ඔබ මෙය සෑම කල්පයකදීම අසනවා. දැන් අසන දෙය ඔබ නැවතත් අසාවි කියා කියන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක් ඔබ මෙය සෑම කල්පයකදීම ඇසුවායි කියා කියන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: ඔබ කල්ප බාගයක් පුරා භක්ති කරමින් පැමිණියා. මුක්තිය ලැබෙනා ඥානය ඔබට දැන් ලැබී තිබෙනවා. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී යාවි. මෙය අවබෝධ කර ගත යුතු කරුණකි. උත්සාහ දරන්න. විනිශ්චයකාරවරයෙකුගේ හෝ වෙනත් එවන් ප්‍රභූවරයෙකුගේ දරුවෙක් යම් වැරදි ක්‍රියාවක් කළහොත්, ඔහු ඉන් තම පවුලේ නම අපහාසයට ලක් කරනවා. මෙහිදී ඔබ පරමාත්ම පියාට අයිතියි. එමනිසා එවන් කිසිම ක්‍රියාවක් ඔබ නොකළ යුතුයි. නැතිනම්, පරමාත්ම පියා අපහාසයට ලක් වේවි. සත්ගුරුට අපහාස කරන්නන්ට ඉහළ තත්ත්වයක් ලබා ගත නොහැක. ඔබ පරමාත්ම දෙවියන් ගේ දරුවෙක්ව සිටිනා නිසා රකුසු ක්‍රියා කිරීමට ඔබ බිය විය යුතුයි. ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. තමන්ගේම හිතුමතයට වැඩ කිරීමෙන් ඔබ තමාවම රවටා ගන්නා අතර ඔබගේ තත්ත්වයත් පහළ බසිනවා. මම ඔබගේ උපදෙස් නිවැරදිවම පිළිපදිනවා ද? කියා වුවත් ඔබට ඇසිය හැකියි. පරමාත්ම පියාගේ පළමුවනම උපදේශය නම්: පියාව සිහි කරන්න. කිසිම පාපකාරී ක්‍රියාවක් කරන්න එපා. බාබා, මම කරන පව් මොනවාද? ඔබ දන්නවා නම් කරුණාකර මට කියන්න. ඔහු දන්නවා නම් ඔහු ඔබට කියාවි: මෙන්න මේ වැරදි ඔබ කළා ඒ සියල්ල පාපකාරී ක්‍රියායි. ලොකුම පාපය තමයි කාම රාගය. ඒ නිසා මහා සටන් ඇති වෙනවා. ඔය දරුවන් ධෛර්ය සම්පන්නවී මේවා ගැත සිතා බැලිය යුතුයි. මෙන්න මෙසේ කිව හැකි කුමාරින් කණ්ඩායමක් සිටිය යුතුයි: අපි විවාහ වෙන්නේ නැහැ. දැන් මේ ඇත්තේ ඉතාමත් ඉහළම ඉහළ ජීව බවට අපව පත් කරවනා සංගම යුගයයි. ඉතාමත් ඉහළම ඉහළ ජීවාත්මයන් වශයෙන් සලකන්නේ ලක්ෂ්මි හා නාරායනයි. පාපකාරි දුෂිත අයට උසස් ජීව යයි කිව නොහැකියි. ඔබලා දැන් ඉතාමත් ඉහළ ජීවාත්මයන් වෙමින් සිටිනවා. සෑම කෙනෙක්ටම මේ සඳහා අයිතියක් තිබෙනවා. පින් දහම් කරනා අධි පුණ්‍ය මාසයේ දී ඔබට සේවාවන් රැසක් කළ හැකියි. හොඳ පෙනුමට උත්සවශ්‍රීයෙන් සේවය කරන්න. මෙම සංගම් යුගය අපායවාසීන් දෙව්ලොව වාසීන් කරවනා ඉහළම ඉහළ යුගයයි. මෙය සාමාන්‍ය දෙයක්. ඔය දරුවන් ඉතාමත් හොඳින් පැහැදිලි කර කියා දිය යුතුයි. ඉතාමත් උසස් අය සිටින්නේ ස්වර්ණමය යුගයේයි. කලි යුගයේ උසස් අය නැහැ. මෙය අපිරිසිඳු ලෝකයයි. එහි සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. පරමාත්ම පියා මේ සියල්ල ඔය දරුවන්ට පැහැදිලි කර කියා දෙන්නේ පසුව අන් අයටත් පැහැදිලි කර දීමටයි. අවස්ථාවක් ලද සෑම විටකම ඔබ මේවා පැහැදිලි කර කියා දිය යුතුයි. ඔබ මෙහි සිටිනා අතර අශාරීරික පරමාත්ම පියා පරමාත්ම ජීවය අප සිසුන්ට රාජයෝගාව උගන්වනා බව ඔබලා දන්නවා. මෙම ඉගෙනුමෙන් ඔබලා දෙව්ලොව දේවතාවරුන් වෙනවා. ලොකුම පරික්ෂණය නම් මෙම රාජ්‍යය දිනා ගැනීමයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබට මෙය කියා දෙන්න බැහැ. සෑම කෙනෙක්වම ඉහළ නංවන්නේ පරමාත්ම පියායි. ඔහු දෙව්ලොව පාලකවරයෙක් වන්නේ නැහැ. දෙව්ලොව රජකුමරා වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණයි. බාබාගේ සේවය පරාර්ථකාමීයි. ඔහු කියනවා: මම රජකෙනෙක් වන්නේ නැහැ. මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් කරවනවා. මේ දේවල් වෙන කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ. ධනවත් අය රාශියක් මෙහි සිටිනවා, නමුත් ඔවුන් එහිදී දුප්පත්වන අතර මෙහි සිටිනා දුප්පත් අය එහිදී ධනවත් වෙනවා. ලෝක පාලකවරයෙක් වෙනවා යන්න අසීමිත කරුණක්. ගීතාවේ සඳහන් කර තිබෙනවා: මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් කරවනවා. ඔහු ඔබලාව දෙව්ලොව පාලකවරුන් කරවනවා. තමන් දෙව්ලොව පාලකවරුන් වෙනවාය කියා ඔබලා දන්නා නිසා තමාට උගන්වන්නේත් පරමාත්ම පියා පරමාත්ම ජීවයමයි යන කුල්මත් බව ඔබට තිබිය යුතුයි. ඔබලා දැන් අපායවාසීන් ගෙන් දෙව්ලොව වාසීන් එනම් දේවතාවරුන් වෙමින් සිටිනවා. මෙය සිහියේ තබා ගත් විට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නගීවි. "හොඳම ජීවිතය ශිෂ්‍ය ජීවිතයයි". ඔබ උත්සාහ දරා රජවරුන් හා රැජිණියන් විය යුතුයි. රජවරුන් වී පසුව යදින්නන් වෙනවා කියා ඔබ මිනිසුන්ට නොකිය යුතුයි. එසේ නොකියා ඔවුන්ගෙන් අහන්න: ඔබ කවුරුන් වීමට ද කැමති? ලෝක පාලකවරුන් වීමට කැමතියි කියා ඔවුන් සැනකින් කියාවි. පරමාත්ම දෙවි පියාණන්ට පමණයි ඔබව එසේ කළ හැක්කේ. ඔහු කියනවා: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. තමෝප්‍රධාන් ඔබ සතෝප්‍රධාන් වේවි. මෙය ඉතාමත් පහසු දෙයක්. යමෙක් කෙතරම් දුප්පත් වුවත් ඕනෑම කෙනෙකුට මේ තත්වයට පත් විය හැකියි. මන්ද මුදල් ගනුදෙනුවක් මෙහි ඇත්තේ නැහැ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා දුප්පතුන්ගේ ස්වාමියා කියා කියන්නේ. පරමාත්ම පියා සිහි කර පව් කලස හිස් කර ගන්න. ඔබලා දරණා උත්සාහයේ තරමට ඔබට ලැබේවි. ඉණිමඟ පෙන්වන පින්තූරයෙන් ඔබට තේරුම් ගත හැකියි ඔබ කොයි තරම් දුරකට නැඟ තිබෙනවා ද කියා. ඉහළටම නැඟගත් අය දෙව්ලොව අමෘත රසය විඳිනා අතර බිම වැටෙනා අය තැලී පොඩි වී යාවි. ඔබ පාපයේ වැටී හෝ පරමාත්ම පියාගෙන් වෙන් වුණි නම්, බාබා කියනවා: ඔබ බිමටම ඇද වැටේවි. අගනා දරුවන් හොඳින් උත්සාහ දරා තම ජීවිතය දියමන්තියක් සේ කර ගනීවි. ඔය දරුවන් විශාල උත්සාහයක් දැරිය යුතුයි. යමක් කරන අයෙක් එහි ඵලය විදීවි. මවත් පියාත් අනුගමනය කර අන් අයවත් තමා හා සම තත්වයට පත් කරවන්නැයි කියා ඔබට කියා තිබෙනවා. වැඩි වැඩියෙන් කරුණාවන්ත වුණු තරමට ඔබ වැඩි වැඩියෙන් තමාට යහපත සලසා ගනීවි. කාලය අපතේ හරින්න එපා, නොනවත්වාම මෙම ක්‍රම අන් අයට පෙන්වා දෙන්න. නැතිනම්, ඔබට එතරම් උසස් තත්ත්වයක් දිනා ගත හැකි වෙන්නේ නැහැ. අවසානයේදී ඔබට දර්ශන ගණනාවක් පහළ වේවි, නමුත් ඒ වෙලාවට ඔබට කිසිවක් කර කියා ගත නොහැකි වේවි. එක් වරක් විභාගය අසමත් වුණොත්. එච්චරම තමයි. අවසානයේදී පසුතැවිලි වීමට ඉඩ තබා ගන්න එපා. අවසානයේ දී උත්සාහ දැරිය හැකි වන්නේ නැහැ. එමනිසා, තමාට හැකි පමණින් තමාටත් අන් අයටත් යහපත සලසා ගන්න. අන්ධයින්ට සැරයටියක් වන්න. සෑම කල්පයකදීම ඔබ දෙව්ලොව ස්ථාපනය කර ඇති නිසා අනිවාර්යයෙන්ම නැවතත් ඔබ එය කරාවි:එය නාටකයේ නියමිතයි. යමක් කරන්නෙක් අනිවාර්යයෙන්ම එහි ඵලය ලබාවි. බාබාගේ ආදරණීය දරුවන්ට සැඟව සිටිය නොහැකියි. තම දෙතොලින් මැණික්ම පමණක් පිට කරන්න. රුප් හා බසාන්ට් මෙන්. රැවටිලිකාරයෙක් වන්න එපා. අන් අයට හානි කරන්න එපා. යමෙක් ඔබට වැරදි දෙයක් කීවා නම් ඔහු රැවටිලිකරුවෙක් බව සලකා ඔහුගෙන් ප්‍රවේසම් වන්න. පරමාත්ම පියාගෙන් තම අසීමිත උරුමය දිනා ගැනීමෙහි ලා මුලුමනින්ම සම්බන්ධව සිටින්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමන්ට සහ අන් අයට සෙතක් සලසා ගන්න. අන්ධයන්ට සැරයටියක් වන්න. යම් කෙනෙක් ඔබට වැරදි දේවල් පවසන්නේ නම්, එම කෙනා ගැන ප්‍රවේසම් වන්න.

2. ඔබගේ සිතිවිලි, වදන් සහ ක්‍රියාවන්හි පිවිතුරු වන්න. මා ශිෂ්‍යයෙක් වන අතර පරමාත්ම දෙවියන් මට දේවතාවක් වීමට මෙම ඉගෙනුම උගන්වනවා. - මෙම සතුට පවත්වා ගන්න.

වරදානය:
ඔබ දර්ශන ලබා දෙන පිළිරුවක් වී, ඔබගේ බලවත් කැඩපතෙන් සියලු දෙනාට තමන්ගේ දර්ශනයක් ලබා දෙත්වා.

ඔබ කැඩපතක් ඉදිරියට ගිය විට, ඔබට තමන්ගේ ඉතා පැහැදිලි දර්ශනයක් ලැබෙයි. කෙසේනමුත්, කැඩපත බලවත් නැත්නම්, එවිට ඔබගේ සැබෑ ස්වරූපය වෙනුවට ඔබ වෙන දෙයක් දකියි. ඔබ සිහින් වුවද, ඔබ මහත බව පෙනෙයි. එබැවින් ඔබ සියලු දෙනාටම තමන්ගේ දර්ශනයක් ලබා දෙන බොහෝ බලවත් කැඩපතක් වෙයි, එනම්, ඔවුන් ඔබ ඉදිරියට පැමිණි සැනින් ඔවුන්ට තම සිරුරු අමතක වී, ඔවුන්ගේ ජීව අවධාන ස්වරූපයේ ස්ථාවර වෙයි. මෙය සත්‍ය සේවය වන අතර මෙය මඟින් ජයග්‍රහණය ඇති වෙයි.

පාඨය:
ඉගැන්වීම්, ප්‍රායෝගික ස්වරූපයකට දමන අය, ඥාන ප්‍රතිමූර්ති සහ සෙනෙහසේ ප්‍රතිමූර්ති වන ජීවාත්මයි.